Thursday, July 5, 2018

===== දසිස් 16 =====


( දහයකුත් පහක්වන කොටස හා සබැඳි )
==============================
– රැද්‍රාවක ට මුහුණු ඇත. ඒ එකෙහි සිට විසි එකක් දක්වා තිබේ.එ හෙත් එකෙහි සිට දහය දක්වා මහා බලයක් පිහිටනු ලබයි. බොහොමයක් රුද්‍රාවන් දුලබය. එක් එක් මුහුණකින් ඒ ඒ රුද්‍රාවෙහි බලය කියැවේ..
+ ඔහු එසේ නම් මා සතුව… ගැන බලන්නෙමි… දහයකි..! හරියටම මුහුණු දහයකි..!
– මා සිතූ සේමය…. ! නව ගුන වැල පිළිබදව නුමට මතකැතැයි සිතමි.. අප නව දෙනා දොසොස් වතාවක් මෙලොව පහල වන්නාහුය ඒ සිද්ධි කිරීමට පහලවීම් ගුණාකාර අනුව එකසිය අටක රුද්‍රාමාලාවක් රාවණය්න් නිපදවීය. එහි සැබැවින්ම රුද්‍රාවන් එකසිය අටක් නොව නවයකි. එනම් එකසිය අට එකතු වන තැන අලලා ඒ සියල්ල එක් කොට ඇති බලගතු රුද්‍රාවයි. ඒ නුඹට ලැබී ඇත..! ඉදින් අප ශක්තීන් සියල්ල එක් කිරීමේ ශක්තිය නුඹට ලැබී ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. නුඹ විසින් සිදු කල ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.. එය එසේම වේවා ..!
+ එසේනම් ඒ පැමිණියේ කවුරුන්ද ?
– අන් කවරකුත් නොව ත්‍රි මූර්තියේ මේ ලොව නිර්මාණකරු ලෙස හදුන්වන්නා වූ දසිස් රාවණ මහ රජාණන් වහන්සේගේ මුත්තනුවන්ගේ පියා වූ ද මහා බඹුන් ම ය ..!
—————————————– අද එතැන් සිට
+ මහා බ්‍රහ්මයන් වහන්සෛ්ද ? එ් භාවනාවත් හින්දුන්ගෙන් පැවතගෙන ආවක් තමා. සැබැවින්ම තේරපුත්ථාභයනි මේ ලෝකයෙහි ඇතිවීම පැවතීඹ නැවතීම තීරණය කරන්නුයේ ත්‍රිමුර්තිය වන මහා බ්‍රහ්ම - විශ්නු - ඊශ්වරයන් විසින්මද ?
- රජුි ඒ තමා දුරට මාගෙ අවබෝධයක් නැත එහෙමත් මෙපමණක් දනිමි එනම්, සමාජයක පාලනය විවිධාකාරව බෙදී පවතී. මුලින්ම පවුලක පාලනය, කුඩා ගම් මට්ටමින් ප්‍රාදේශිය වද , නගර පාලනය, රැහුනු මායා පිහිට පලාත් පාලනය ගැන උඹ දතැයි සිතමි ඉන් එහාට ඔබ වහන්සේ පතන්නා වු හෙලය ඒකත් ඡත්‍ර කිරීමෙන්ද එකම පාලනයකට යටත් වේ, ඊට අමතරව මේ ලෝකයම එක අණකට ගෙන චක්‍රවර්තී / සක්විති පාලනය ද, ඉන් එහාටත් ගියහොත්, මහා සම්මත මනු, හිරන්‍ය කාෂ්‍යප භිම කාශෂ්‍යප, බලි තරු රාවණ ආදී තුන් ලොව පාලනය කල පාලන ක්‍රමයන්ද තිබේ..
+ එසා විසාලව නොසිතුවෙමි.. ඒ ලෙස බැලු කල්හි රාවණයන් තරම් වීමට සීතිමට පවා බිය විය යුතුය. තුන් ලොව පාලනය යනු මනුස්ස ලෝකය දිව්‍ය ලෝකය හා අපාය යන්නද ?
- වන්නෙද නැත නොවන්නෙද නැත. ඒ විවිධාකයෙන් හදුන්වයි. ගෞතම බුදු දහමේ අයුරින් ගත් කල සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි .. එය තව දුරටත් හදුන්වන්නේනම්..
කාම ලෝක එකොලහකි.
මිනිස් ලෝකය
තිරිසන් ලෝකය
නිරය
ප්‍රේත ලෝකය
අසුර ලෝකය
චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය
තාවතිංස දිව්‍ය ලෝකය
යාම දිව්‍ය ලෝකය
තුසිත දිව්‍ය ලෝකය
නිම්මානරති දිව්‍ය ලෝකය
පරනිම්මිතවසවර්ති දිව්‍ය ලෝකය
ඔබ වහන්සේ දන්නා ලෝක අයිති වන්නේ මේ ලෝක වලටය. එහෙත් ඒ සියල්ලම එකම කුලකයක් ලෙස දැක්වේ . ඊට අමතරව තමත් ලෝ කුලක දෙකක් ඇත.

රූප ලෝක දහසයයිකි
බ්‍රහ්මපාරිසජ්ජය
බ්‍රහ්මපුරෝහිතය
මහාබ්‍රහ්මය
පරිත්තාභ
අප්පමාණභ
ආභස්සරය
පරිත්තසුභ
අප්පමාණසුභ
සුභකිණ්ණ
වෙහප්ඵල
අසඤ්ඤසත්තය
අවිහ
අතප්ප
සුදස්ස
සුදස්සී
අකනිටිඨ

එමෙන්ම ,
අරෑප ලෝක හතරයකි
ආකාසානඤ්චායතනය
විඤ්ඤාණඤ්චායතනය
ආකිඤ්චඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
+ හහ්.. හහ් .. හහ්.. හහ්.. හහ්.... මා මිතුරු ථේරපුත්ථාභයනි නුඹ නම් දැනුම් ගබඩාවකි. එහෙත් මට මේ ටිකත් දැන්ම බර වැඩියැයි සිතමි. මේ රෑ බෝ සේ දිගු වේ යැයි සිතමි..
- අසන්න ඔබ මාගෙන් විමසන ලදුයේ බ්‍රහ්ම විශ්නු ඊශ්වර ගැනය ඔවුන් මේ තුන් ලෝකයටත් ඉහලින් මහා චක්‍රාවාට පරිමාණයෙන් පාලනය කරන්නෝ යැයි සිතමි.
+ ඒ කෙසෛ්ද තවත් පාලනයක් ? පෙර කී කාම ලෝක තුල ඇතුලත් දිව්‍ය ලෝක වල මේතුන් දෙනා නොසිටිත්ද ?
- නැතැයි සිතමි ඒවායෙහි පවතින්නේ මොවුන්ගෙන් පවතින්නන්ය. මා හැදින්වුවාක් මෙන් රාවණ නිරිදුන්ගේ මුත්තා වන පුලස්ති රිෂිතුමාගේ පියා වන්නේ මහා බ්‍රහ්මයි. එපමණක් නොව පුලස්ති ඍෂි හැරුනු කොට ඔහුට තවත් පුතුන් විස්සක් පමන සිටි බවට අසා ඇත්තෙමි.
+ එසේනම් පුලතිසි ඍෂි ගෙන් විශ්‍රව යන්ද රාවණයන්ද ආදී කොට ගෙන අප බිහිවුවාක් මෙන් අනෙක් පුතුන්ගෙන් අනේක් පිරිස් බිහි වූ බවද ඔබ පවසන්නේ..
- ඒ මේ මනු ලොව පමණක් නොව පෙර කී තුන් ලොව වසන සියළුම සතත්වයන් ගේ ඇතිවීමද විය හැකිය.. බාගදා තවෙකක් විය හැකිය,
+ තවෙකක් ,
- එසේය, මේ අප වැන්නවුන් සේම මේ ලොව හෝ වෙන යම් ලොවක ඉපිද මේ ඔබ වහන්සේ හෙලය එක්කොට පාලනය කරීමට වෙහෙසනවා සේම පිලිවලින් ගොස් තුන් ලෝකයත් අභිබවා ජය ගත් තිදෙනුකු විය හැකිය. ඔබ වහන්සේද මේ හෙළය එක්ඡත්‍ර කල පසු බුදු දහම වපුරන්නෝය, යහපත වපුරන්නෝය, නුඹ යටතේ සිටින්නාවූ සියලුම ජාති, කුල වලට අයත් මනුෂ්‍යන් සේම සත්ත්වයන්ද රැක බලා ගන්නාහුය දුකට පිහිටවන්නාහුය. ඔවුනගේ රැක වලා වීම ඒ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන්ම ඔබ වහන්සේද කැප වන්නේය. ඒ එලෙසින්ම ඊට ඉහලින් සිතන්න. තුන් ලෝකයටත් ඉහලින් සිට ඒ දිනා ගත් පසු ලෝකය පාලනය කරන්නාවු තිදෙනෙකු ගැන. ඔවුනට අනෙක් සියල්ලෝම ඔවුනගේ දරුවන්ය.
+ මහානිකුම්භිලා දේවී ???
- මැනියන් ගැන පැහැදිලි අවබෝධයක් හෝ ඇය සිටියා යැයි පැවසෙන කාල නිර්නයක් නැත. මාගේ අදහස නම් මේ ත්‍රිමූර්තියේ ශක්ති ප්‍රභවය ඇයයි. ඇගේ දරුවන් තිදෙනාට මේ බෙදි ගියා විය හැකියි. එයින් පසු මේ චක්‍රාවාට දිනූ වා විය හැක. නැති නම් මවගේ පසු මේ තුන් ලෝකය තුල හටගත් විෂමය නැති කර දැමීමට බ්‍රහ්ම විශ්ණු ඊශ්වර ඉදිරිපත් වී දින්නා ද විය හැකිය..
+ ඔවුන් තිදෙනා දීනුවෙක් නැතිද ??
- අප රාවණ මහ නිරිදුන් දෙවැනි වන්නේ බ්‍රහ්ම විශ්ණු ඊශ්වර ත්‍රිමුර්තියට පමණකැයි අසා තිබේ. එහෙත් රාවණ නිරිදුන් දෙවියෙකු ලෙස වන්දනා මානා නොකරන්නේ ම ය. මා දන්නා අයුරින් මේ මහා දෙවි ත්‍රිත්වයටම ඇතැම් අවස්ථාවල අභියෝග කිරීමට , කරදරයක් වීමට පවා රාවණා තේජස විහිදුනි. බ්‍රහ්මස්රයත් විශ්ණු චක්‍රය හෙවත් සුදර්ශන චක්‍රයත් ඊශ්වර ත්‍රිෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමක්මය. එපමණක් නොව බොහෝ දෙවු ලොව දෙවි නමස්කාර පවා ලැබූ අසුරයෙකි.
+ හ්ම්... බ්‍රහ්ම ඇති කිරීමත් විශ්ණු පවත්වාගනෙ යාමත් ඊශ්වර නැති කිරීමත් යැයි අසා ඇත්තමෙි. ඇති කිරීම හා රැකීම ගැන සිතිය හැක එහෙත් නැති කිරීම? ඒ පාලනයද ??
- රජුනි හොද සේම නරකත් එකම කාසියක දෙපැත්තය. නැති කරනුයේ නරකයි.. මවන්නේ චිත්ත පරම්පරාවකින් යුතු සතත්වයන් සමූහයකි.
එහෙත් ඒ ලෝක න්‍යායන් අනුව හොද හා නරක ලෙස බෙදී ජීවත් වේ. පැවැත්මට හොද හා නරක දෙකම අවශ්‍යය. විසක් නැසීමට විසක්ම උවමනාය. හොද වැඩි වීමත් නරකක් විය හැක . යම් කිසිහෙයකින් නරක ම ඉස්මතු වී හොද යටපත්ව යා නම් ඒ ද අප වැනි රාවණ බලයන්ටත් පාලනය කර ගත නොහැකි තත්වයක් නම් ත්‍රිමූර්තිය එලි බසින්නෝය.
+ එසේනම් ත්‍රිමූර්තිය යනු රාවණයන්ට ඉහලින් සිටි පාලනාධිකාරියකි..
- ඉහලක් පහතක් නැත.. ඊට සමාන වූ එකම තැනැත්තා රාවණයන් පමණකි. හෙතෙම මනුෂ්‍යයෙකි. කිසි විටකත් දේවත්වයක් නොපැතූවෙකි. නිවන් මග පැතූවෙකි..
+ ඔහ්...... රාවන නිරිදුන්ද නිවන්මාර්ගය පැතුවේද මා ඒ ගැන නොදනිමි..!
- එසේය .. එහෙත් ඒ මේ තුන් ලෝ වැස්සන් සියළුම දෙනා නිවන් දුටු පසු අවසානයට තමන්ට නිවන් අත්වේවායි ඒ පැතුමයි. ඒ අවසාන සත්තවයා තෙක්ම හෙළය රැකීමේ පරම අදිටනයි.
+ ඒ නිසයි එතුමා කාෂ්‍යප බුදුන් වහන්සේ ගෙන් ධර්මය අසා නිර්වාණවබෝධය නොලද්දේ..?
- එසේය .. මතු බුදු බව ලැබීම පත්න්නා සේම ඒද සාදු චේතනාවකි. !
ත්‍රිමූර්තිය වන බ්‍රහ්ම විශ්ණු ඊශ්වර හා උසක් පහතක් නැත එහෙත් මහා දසිස් රාවණයන්න පිදිය යුත්තන් පිදූ මහා මනුශ්‍යයෙකි ..!
-----------------කුරුළු ------
.
දසිස් විඳන්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/26/dasis-16/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 15 =====

( දහයකුත් හතර වන කොටස හා සබැඳි )
==============================
+ පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්යාවව සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්රද ඇතුලත් මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්රප – අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි කී නව වන විදයාව විය හැක.

-අට වැන්න බුද්ධෝ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්යබ තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

නව වැන්න භගවා නම් ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.
+ පැහැදුනි ථේරපු්තථාභයනි පැහැදුනෙමි
—————————————– අද එතැන් සිට
+ මේ නවයක් වූ විද්‍යාවන් පිළිබදව යම් පමණක අවබෝධයක් ලැබූවෙමි. මහා නිකුම්බිලා දේවියන් පිළබදවද – රාවණයන් පිළිබඳවද – ගෞතම බුදුන් වහන්සේ ගැනද – අශෝකයන් පිලිබදවද පෙර තිබුනාට වඩා අවබෝධයක් මා හට දැන් ඇත. හොදයි මේ විද්‍යාවන් මා දැන ගන්නෙ කෙසේද
– ඒ සදහා පළමුව ඒ මොනවාදැයි දත යුතුය
+ ඇයි ඒ පෙර සදහන් කල දැ නොවේද
– ශක්තීන් නවය එක එක කාලයන් තුල වෙනස් ආකාර ගනිති. මෙවර ඒ භාවිතාව සදහා ඒ හැසිරෙන්නාවු ආකාරය ගැන උගත යුතුය.
+ හොදයි මා කෙසේද ඒ හදනා ගන්නේ
– අප නව දෙනා අනුදක්නා විද්‍යාවන් නවයත් ඒ ශක්තීන් තුල නියෝජනය කරන්නාවු වෙනත් බලවේගත් සංකේතත් තිබේ. නුඹ ඒ සියල්ල දත යුතුය. වන්දනා මාන කල යුතුයි පිලිගත යුතුය.
+ ඒවා කිමෙක්ද ?
– රුද්‍රාක්ෂ ගැන කුමක් දනිත්ද ?
+ අසා තිබේ
– ගැමුණු රජුනි ඔබ සතුව ඇති රැද්‍රාව කොහින් ලැබුනක්ද ?
+ ඒ මා මලය රටදී ලැබුණකි
– කාගෙන්ද ?
+ ඒ මා නොදනිමි භාවනාව පුහුණු කල කාලයේදීයි. ඒද මා සිතුවේ සිහිනයක් සිතායි නමුත් භාවනාව අවසන්ව දෑස හරිත්දී රුද්‍රාව මා ඉදිරියේ විය.
– හොදමයි සිහිනය කුමක්ද ?
+ ම්.. භාවනාවෙන් සිත සැහැල්ලු වන ආකාරයක් පලමු වෙනි වතාවට දැනුනේ එදිනයි. සුදු පැහැති ආලෝකයක් තිබුනු සෞම්‍ය ලෝකයකට පිවිසුනාක් මෙන් දැනුනා. ගතින් නම් නොවෙයි සිතින්.. මනසින්. වළාකුල් වලටත් ඉහල් අහසෙහි සිට නොපෙනෙන පොලව දෙස බලා සිිටියා මතකයි. එවේලෙහි මා දෙස තවෙකුන් බලා සිටිනු මා දුටුවා.
– හ්ම් කවුරුන් වාගේද
+ මින් පෙර දැක නැති අයෙක්. වයෝවෘද වුවත් දෑස් ත්‍රීව්‍රයි. අතෙක පැන් කෙන්ඩියක් තිබෙනු දුටුවා අනෙක් අතෙහි නව ගුණ වැලක් බඳු මාලයක් තිබුනා මතකයි. එහෙත්..
– ඇයි එහෙත් ..
+ එහෙත් ටික වෙලාවකින් පැන් කෙන්ඩිය තිබුන අතෙහි තිබුනේ සියපතක්.. අනෙකෙහි කුමක් හෝ පුස්තකයක්. ඔවු ඒ වා මාරුවෙමින් තිබුනා. ඒ නිසාවෙනුයි මා ඒ සිහිනයක් යැයි වඩාත්ම සිතා ගත්තේ
– එයින් පසු ?
+ එයින් පසු ඔහු මා සමීපට පැමිනියා. මුහුනෙහි සුදු රැවුලක් තිබුනා .. අහා ඒම සිහිනය.. ඔහු හිස සොලවත්දී මා දැක්කේ හරියටම ඉස් හතරක් වගේයි හතර දිශාවට යොමු වුන. යෝගී වරයෙක්. නැති නම් තපස්වරයෙක් විය යුතුයි. මා භාවනාවෙන් යම් කිසි තලයකට පැමිණ ඇතැයිද සිතුනා එහෙත් දකින සියල්ල සිහිනයක් මයි.
” කුමරුනි නුඹට අවශ්‍ය කුමක්ද ” ඔහු මගෙන් අසා සිටියා.
– අසා සිටියා … !
+ නැත නැත වදනුකුදු පිට කලේ නැත එහෙත් සිතුවිලි වලින් අප අතර කතාබහක් තිබුනා..
– ඉදින් ඔබ ඉල්ලුවේ කුමක්ද ?
+ සැබැවින්ම මාගේ සිතෙහි තුබුනේ එකම බලාපොරොත්තුව රට එක්සේසත් කර ගැනීමයි.. ඉදි්න් එය පැවසුවා..
” මා හට අවශ්‍ය වන්නේ මාගේ මේ හෙළය ඒකඡත්‍ර කොට බුදුදහම නැවත නගා සිටුවීමටයි. ඒ හැර මාගේ ජීවිතයේ වෙනත් කිසිදු ප්‍රාර්ථනාවක් නැත”
– ඉන්පසු
+ ඔහු සිනාසී..! එය එසේම වේවා යි පතන්නෙමි දරුව ….!යි පවසා අතෙහි වු රුද්‍රා මාලගේ ගැටය ලිහිල් නොකටම එහි ඇට එක් කොට තිබුන ප්‍රධාන ම රුද්‍රාව මා හට ත්‍යාග කලා.. එය ගෙලෙහි පළදින ලෙසත් සිව නම් දෙවියකු මූලිකව විශ්වාසය තබන ලෙසත් පැවසුවා..
– මා ඔබට පැවසුවක් මෙන් .. ම…
+ ඔහ් හෝ… දැන් මට පැහැදිලියි ථේරපුත්තාභයනි.. දැන් මට පැහැදිලියි ඔබ පැවසුවාක් මෙන් හරියටම රුද්‍රාක්ෂ එකසිය අටක් වූ මාලයයෙහි ඒ එකසිය අට එකට අමුණා ගැට ගසනා ප්‍රධාන රැද්‍රාව ….! ඔවු ඒය තමා මා හට දුන්නේ..
– හ්ම්. ඒ පැමිණියේ කවුරුන් කියාද සිතන්නේ.. තවමත් සිහිනයක්ද රජුනි.
+ නැත මා පෙර පැවසුවක් මෙන් ම , මා එහිදී දෑතින්ම වැද එය පිලි ගතිමි. එහෙත් සිහිනයකැයි සිතා දෑස් හැර බැලීම්.. රුද්‍රාව මා ඉදිරියෙහි විය.
– මුහුණු කීයක රුද්‍රාවක්ද ?
+ මුහුණු ??
– ඔබ නොදනිත්ද එය.
+ කුමක්ද ? නොදනිමි
– රැද්‍රාවක ට මුහුණු ඇත. ඒ එකෙහි සිට විසි එකක් දක්වා තිබේ.එ හෙත් එකෙහි සිට දහය දක්වා මහා බලයක් පිහිටනු ලබයි. බොහොමයක් රුද්‍රාවන් දුලබය. එක් එක් මුහුණකින් ඒ ඒ රුද්‍රාවෙහි බලය කියැවේ..
+ ඔහු එසේ නම් මා සතුව… ගැන බලන්නෙමි… දහයකි..! හරියටම මුහුණු දහයකි..!
– මා සිතූ සේමය…. ! නව ගුන වැල පිළිබදව නුමට මතකැතැයි සිතමි.. අප නව දෙනා දොසොස් වතාවක් මෙලොව පහල වන්නාහුය ඒ සිද්ධි කිරීමට පහලවීම් ගුණාකාර අනුව එකසිය අටක රුද්‍රාමාලාවක් රාවණය්න් නිපදවීය. එහි සැබැවින්ම රුද්‍රාවන් එකසිය අටක් නොව නවයකි. එනම් එකසිය අට එකතු වන තැන අලලා ඒ සියල්ල එක් කොට ඇති බලගතු රුද්‍රාවයි. ඒ නුඹට ලැබී ඇත..! ඉදින් අප ශක්තීන් සියල්ල එක් කිරීමේ ශක්තිය නුඹට ලැබී ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. නුඹ විසින් සිදු කල ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.. එය එසේම වේවා ..!
+ එසේනම් ඒ පැමිණියේ කවුරුන්ද ?
– අන් කවරකුත් නොව ත්‍රි මූර්තියේ මේ ලොව නිර්මාණකරු ලෙස හදුන්වන්නා වූ දසිස් රාවණ මහ රජාණන් වහන්සේගේ මුත්තනුවන්ගේ පියා වූ ද මහා බඹුන් ම ය ..!
====================
– කුරුළු -

===== දසිස් 14 =====

( දහතුන් වන කොටස හා සබැඳි )
==============================
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
----------------------------------------- අද එතැන් සිට
+ සාධු ථේරපුත්ථාභයනි සාධූ... එසේනම් මේනව විදයාවන් යනු පරම පිරිසිදු හක්තීන් පිළිබඳව එක් තැන් වුන දැනුමයි. ඒ යුද්ධයට බාවිත කිරීම කෙසේද ?
- එය නුඹ නුදුරේම උගෙනු ඇත. එහෙත් ඒ ශක්තීන් සියයට සියයක් සම්පු්ණ වහයෙන් ඔබට නොලැබෙන්නෙමය. මක් නිසාද ඒ දැරිය නොහැකි තත්වයකි. දැරිය හැක්කෙ මහා නිකුම්බිලා දේවීන්ටත්. දසිස් රාවණයන්ටත් පමනි..
+ එසේනම් බුදුන්
- බුදුවරයෙකු මේ විදයා නවය කිසිවිටෙක අනුන් උදෙසා යුද්ධයකට නොයොදයි. තමන් තුල යක්ෂයා ජය ගැනීමට පණක් යොදවයි.
+ නවයක් වූ විද්‍යා ඇවෑමෙන් දසිස් නම්.. ඒ සදහා නුඹලා විදයා නවයක් එක් කොට අශෝක සමයේදී ග්‍රන්ථ රචනා කලේත් නම්.. ඒ ඒ ලෙසම බුද්ධත්වයේත් හැදින්වේද ? නැතහොත් ඒ නවයක් වු ශක්තීන්ට වෙනත් නම් යෙදේද ?
- රජුනි මෙවර අප නන්දිදමිත්‍ර, සුරනිර්මලය, මහාඝොණය, ගොඨයිම්බරය, භරණය, වේළුසුමණක, එසේම ඛඡ්ච දේව, ථූස්ස දෙවය, ලභිය වසභය ලෙසෙින පහල වී සිටින්නෙමු, කලෙක අප සතර වරම් දෙවි වරු ලෙස පහල වූවෙමු, අශෝක සමයේදි නමක් නැත.විදයාවන් නවයට නමක් දීම ඒ ඒ කාලයට අනුව සිදුවන්නෙකි. නාමය කෙසේ වුවත් ශක්තිය නොසිදි පවතින්නෙමය.
+ හොදයි බුදුන් වහන්සේ සතු ඒ නවයක් විදයාවන් එසේත් නැත්නම් නවයක් ශක්තීන් කෙසේ හදුන්වමුද
- ඒ නවයක් වූ ගුණ හෙවත් " නව අරහාදී බුදු ගුන " නම් වේ.. !
+ අසා ඇත කියා ඇත, වැඩි දුර විස්තර දැනගත හැකිද ?
- මේ අරහං - සම්මා සම්බුද්ද - විජ්ජාචරණ සම්පන්න -සුගත - ලෝක විඳු - අනුත්තරෝ පුරිස ධම්ම සාරථී - සත්තා දේවමනුන්සානං - බුද්ධෝ සහ භගවා නම් වන නව අරහාදි බුදු ගුණයන් මා පෙර පැවසූ අප විසින් එක් කොට ලියා තබන්නාවූ නවයක් විද්‍යාවන් දැනුම අනුව සසඳා බල්න්න රජුනි. මා මේ ගුන නවය විස්තර කරන්නම් එකින් එක. යම් යම තැන් වල වෙනසක් පවතින්නේ
බුදුන් වහන්සේ තුල ඇති මේ විදයාවන් තමන් තුලටම එල්ල වූ දැකීමක් බැවින් යැයි නැවත කියමි.
+ එහෙමයි
- අරහං
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

දෙවැන්න සම්මා සම්බුද්ධෝනම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

තෙවැන්න විජ්ජාචරණ සම්පන්නෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සිවුවැන්න සුගතෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

පස්වැන්න ලෝක විදූ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

+මේ ලෝක තලයෙත් ඉන් එපිට සක්වාතලයෙත් යා කරමින් අදහස් අත් දැකීම් දැනුම හුවමාරු ක්රටම අයත් සන්නිවේදනය නම් න්රකඹ විසින් පස්වෙනියට මා හට විස්තර කල විදයාව යැයි සිතමි...

- සයවැන්න අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

+ ජනයා එක් කිරීම ඇමතීම පණිවුඩ නිසියාකාරව ගෙනයාම විධිමත් ක්ර මෝපාය හා මානසික විද්යාාව සමග යුධ උපක්රම සමඟ කටයුතු කරන ආකරය පිලිබද දැනුම එක්රැස් කිරීමයි. ඒ “සියලු විද්යාරවන්ගේ වඩාත් භයානක වන්නේ මහජන මතයේ හැඩගැස්වීමි ඇතුලත් . මුළු ලෝකයම පාලනය කිරීමට යමෙකුට ඉඩ සලසන්නා වු ලෙස ඔබ විසින් මා හට පවසන ලද ප්රාථම විද්යාාව නම් යැයි සිතමි.

- සත්වැන්න සත්ථා දේවමනුස්සානං නම්ය
භාග්ය වත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්ර තිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

+ පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්යාවව සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්රද ඇතුලත් මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්රප – අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි කී නව වන විදයාව විය හැක.

-අට වැන්න බුද්ධෝ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්යබ තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

නව වැන්න භගවා නම් ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.
+ පැහැදුනි ථේරපු්තථාභයනි පැහැදුනෙමි
====================
- කුරුළු -

===== දසිස් 13 =====

( දොලොස් වන කොටස හා සබැඳි )
==============================
- " බුදු වරයෙකු ලොව පහල වන්නේ සියළු සතත්වයන්ගේ පිනට ය යහපතටය..බුද්ධත්වය ලඝු කොට නොගන්න.. මේ අප විසින් ඒ සදහා සකස් කලේ මාර්ගයක් පමණි... බුද්ධත්වය " නිර්වාණ මාර්ගය " අවබෝධ කර ගැනීම තනි උත්සාහයකි ...! අප පමණක් නොව බුදු වරයෙකුගේ ලොව පහල වීමට මේ සොබාදම් මෑණියන් ගේ පවා සදෙවු ලොව දෙවි ජනයාගෙන්ද බ්‍රහ්ම ලොවින්ද මා පෙර කී සියළු සතත්ව ලෝක සහය ලැබේ. අප සියල්ලෝම ඒ මාර්ගයේ කොටස් කරුවන්ය ...
" මනු ලෝ වැසියෙකුටම පමණක් අවබෝධ කර ගත හැකි ඒ "උතුම් ධර්මය අවබෝධ කොට " නැවත අප වැන්නවුන් සඳහා දේශනා කර සකල විශ්වයම තුලිත කිරීම බුදු වරයෙකුගේ පැවැත්මයි ... !! ඒ සියල්ලටම උතුම්ය ..!
+ එතකොට ඔබ සිවු දෙන ?
- රජුනි බෝසතානන් වහන්සේ සමීපයේ නිතුරුව රැකවලෙහි සිටි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් යක්ෂ යෝ අපය ..!!! අසුරයෝය .. සතර දිසාවේ අණ සක පතුරවමින් සදිසාව එක් සේසත් කොරීමට උතුම් වූ බුද්ධත්වට ශාක්ෂාත් කිරීමට කැපවන්නා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෙමු..!!!
------------------------------------------- එතැන් සිට
+ සාධු සාධූ සාධු ඔබ කල සේවයද අගයන්නෙමි .. වඳින්නෙමි..
- ඔබට බුදු බලයයි ..
+ සතර වරම් දෙවියන් යනු සැබැවින්ම යකුන්ද
- ඒ පසුකාලීන බෙදීමකි..යක්ෂ ගෝත්‍ර වන්නෙමු. රැද්‍රා මාලයහෙි රුද්‍රා 108 ගැන මම නුඹට පැහැදිලි කලෙමි. ඒ සිද්ධි වන සෑම විටම අප බලවත් වන්නෝමය. නම් තැබීමට බමුනන් එකසිය අට නමක් කැඳ වීමද එවැන්නකි, ඒ හැර බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් , වැඳ පිදීම්, දෙවියන් උදසා නම් තැබීම්, ආදී බොහෝ දැ එකසිය අට වරක් සිද්ධි වීම් ය.!
+ පැහැදුනි. එසේනම් පිටත ඇති වන්නා වූ ධර්ම යුද්ධය දිනවීම සඳහා නවයක් වු විද්‍යා එකට එක් වීම නම් රාවණ ය ... ! ඇතුලතින් නැගනෙ ධර්ම යුද්ධය දිනීම උදෙසා නවයක් වූ විද්‍යා එකට එක් වීම බුදු වීමයි.
- හුදෙක් නවයක් විද්‍යා අවබෝධයම පමණක් නොව රජුනි, සමා වන්න දසිස් රාවණයන් ගැන මා හට මේ මේ යැයි යම් තාක් දුරට පැහැදිලි කල හැකි වූවත් බුද්ධත්වය නම් මේ නව විිද්‍යාවල එකතුව පමණක් යැයි කිව නොහැකිය.. බුද්ධත්වය , නිවන යනු තමා විසින්ම අවබෝධ කර ගත යුතු දෙයැකි. ඒ දැනීම අන් කෙනෙකුට ලැබිය නොහැක. ලැබීමට නම් ඒ කෙනාද නිර්වාණවබෝධය ලැබිය යුතුය. බුද්ධත්වය යනු ඊටත් එහා දෙයැකි
+ බැරෑරුම්ය...
- බැරෑරුම් වන තරමටම ඒ සරළය. මමත්වය අතහැර මමත්වය දිනවීමයි.
+ නොතෙරුණි
- බුදු දහමේ දළ හරය මමත්ය අත හැරීමයි.. එහෙත් එය අතිශය තමා මූලික කාරණාවක් මිස අනුන් මූලික නොවේ. බුදුවන්නේ තනිවමය .. එය කන්ඩායම් වශයෙන් කල නොහැක. ඉති්න් ඒ මමත්වය අත හැරීම තුලින් මමත්වය දිනීමැයි සිතන්නෙමි.
+ අභය, ගෞතම බුදුන් පෙරුම් පුරනා කාලයේදී පෙර බුදුවරුන්ගේන් විවරණ ලද බව අසා ඇත්තෙමි. දීපංකාර බුදුන්ගේ විවරණයෙන් පසු තැන් සිට ඔබලාද ඒ සමග සිිටි බව සිහි කෙරුනි. නොතේරෙන යමක් අසන්නෙමි. අප බොදු වැසියන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්ම්හ යි සිතා පින් දහම් කරන්නෝය. එක් බුදුවරයෙකුගෙන් බණ අසා නිවන් ලැබිය හැකි නම් ඒ සා විසාල බුදුවරුන් මුන ගැසී විවරණ ලබා ගැනීම පමණක් සිදු වූයේ ඇයි ද ?
- හ්ම්........................... රජුනි. නිවන සහ බුද්ධත්වය පටලවා නොගන්න. බුද්ධත්වය පතන්නා ඒ විවරණ ලැබිය යුතුය. ඔබ වහන්සේට සරළවම මෙසේ කියන්නෙමි. නිවන් අවබෝධයට සියල්ල අත හැරිය යුතුමය... සියල්ල යනු සියල්ලමයි.. සියලු ආශාවන්ය.. බැඳීම්ය ...
+ ඉතින් ..!
- රජුනි ..., බුදු බව පැතීමත් ඇලීමකැයි සිතමි. ඒ නිසාවෙන්ම සසර ගමන දිගුවන්නේයැයි සිතමි. එහෙත් ඒ ලෞකික ආශාවන් ගණයට නොගැනේ. ඒ සාධු චේතනාවකි.. !
+ ඒ කෙසේද ?
- රජුනි බුදු වරයෙකු පහල ව සිටින තැනේදී ඒ බුදුවරයාණන් වහන්සේගෙන් බණ අසා නිවන් දැකීමේ පින ඇත්තවුන් නිවන් අවබෝද කරන්නෝය. ඒ මග යන්නෝය. ඒ බුදුවරයෙකු පහලව සකල ලෝවැසි දුක නිවන මග දේශානා කරමින් සිටිත්තී තවත් අයෙකුට නිවිීමට තරම් දුකක් මේ වැසියන් තුල ඉතිරිව නැතියි සිතමි. එහෙත් ඒ බුදු බණ අසමින් හිද මාද මතු භවයක ඉපැද බුදු බව ලබා ඒ කල වැසියන්ගේ දුක නිවින ධර්මය දෙසන්නෙමැයි පෙරම් පිරීම ඉතාමත් අහඹු චේතනාවකි..
+ පැහැදිලියි.. මාගේ අවෑමෙන් හෝ මතු කවරදාක හෝ මා වැනි රජේක් වීමට පෙරුම් පුරන්නාක් මෙනි.. මා රාවණයන් මෙන් විසිමට පෙරුම් පුරන්නාක් මෙනි
- රජුනි ලඝු කොට නොගන්න.. ලොෟකිකයෙහි ඇලීමත් ලෝකෝත්තරයෙහි ජීවත් වීමත් දෙකකි.. ! මම පෙරද පැවසුවෙමි බුද්ධත්වය මේ යැයි අපට කිව නොහැක එසේ අයිතියක් ද නැත . අප ද්නනෙ කරුනු පමණකි.
+ පවසන්න..
- දීපංකර බුදුන්ද විවරණ ලබාගත්තෙකි. අට විසි දෙනෙකු ගැන සදහන්වේ. ගෞතම බුදුන් විවරණ ලබන කාලයේදී දීපංකර බුදුන් වහන්සේගෙන් මෛත්‍රී බුදුන්ද විවරණ ගත යුතුය. එසේනම් ඔය කියනාකාරයට පලමු දෙවැනි තෙවැනි ආදී බුදු වරුන්ට ඊට පසු බුදුවන්නාවු පෙරුම් පුරන්නාවූ සියලුම බෝධිසත්වයන් වහන්සේලා ද මේ වන විට බුදු බව පතමින් සිටින්නාවූ දෙවි දේවතාවුන් වහන්සේලාද මුණ ගැසිය යුතුය. ඉදින් යම් මතු දිනක මා බුදු වේවායි සාදු චේතනාවෙන් නිත්‍ය වෙර දරන්නෙකු දකින සියලුම බුදුවරු ඔවුනට විවරණ දෙති.
ඒ හුදෙක් ඒ සියලුම දෙනාගේ චේතනව මේ ලෝවැස්සන්ට සෙතක් ඉටු කිරීම පමණක් වීමය.. ඒ සදහා ඔවුහු සසර ගමන් කරති. පෙරුම් පුරති
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
================
- කුරුළු -

===== දසිස් 12 =====

( එකොලොස් වන කොටස හා සබැඳි )
==============================
+ එසේනම් නුඹගේ විස්තරයට අනුව තවත් මේ විද්‍යාවන් ගේ දැනුම සොයාගත් පුද්ගලයින් මෙලොව සිටියා..
- එසේමැයි..
+ ධර්මාශෝක නෙවේ නම්.. ඒ ඊට පෙර කෙනෙකුන් විය යුතුයි..
- එසේමැයි.. රජුනි නුඹ දන්නෙහිය
+ මා දන්නා කෙනෙකු ??? කවුරුන්ද ??
- ගිහිකල හේ කිඹුල්වත සිද්ධාර්ථ නම් විය ය ..!
+ කු...කු....කුමක්ද අභය ...!...
- එසේය රජුනි.. මෑතදී මේ ස්වාභාවධර්මයේ පවතින්නා වූ සියලු විද්‍යාවන් සියලු දැනුම අතෙහි වූ ඇඹුලක් සේ දත් එකම පුද්ගලයා ඔහුය.. ! මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෑන්වහන්සේ උන්වහන්සෙය....
" සිද්ධාර්ථ ගෞතම " නම් විය ...!
-------------------------------------------- එතැන් සිට
+ එසේ නම් ඔබ පවසන්නේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ත් මේ දස විද්‍යාවන් දැන සිටි බවක්ද ?
- එය සේමයි.. දැන සිටි බව නොව අවබෝධ කොට ගත්හ. රජුනි..
මේ නවයක් වූ ලෝක සත්‍ය ඇතුලත් විදයාවන් ශක්තීන් යනු මේ මනුශ්‍ය ලෝකයෙහි පමණක් නොව සකල ලෝක ධාතුවෙහිම පවත්නා වූ පරම ශක්තීන් වේ. ඒවා කිසිවෙකුටවත් අයිති ද නොවේ ..!
+ රාවණ ?
- ඔවු.. ! භාවනා යෝගී හෝ ධ්‍යාන වඩවන ඔනෑම කෙනෙකුට එක්තරා මොහොතකදී මේ නවයක් වූ විද්‍යාවන් පිළිබව අවබෝධය විශ්වීය ශක්තිය ලැබෙනු ඇති. ඒ සිතනායුරින් ලේහෙසි නැත. මේ ලෝ ශක්තීන් පළමුවෙන්ම අවබෝධකොට ගත්තේ මහා නිකුම්භිලා මෑනියනුයි. නමුත් මේ හෙළයට පැමිනි ආක්‍රමණ නිසාවෙන් හෙල යකුන් පිදු ඒ අසුර පරපුරේ මෑනියන්ගේ නාමය වෙනස් කොට මේ වන තුරුත් මින් පසුවටත් දුර්ගා මැනියන් - කාලි මෑනියන් ආදී ප්‍රධානකොට නාමයන් 108 කින් හදුන්වනු ලබන්නීය..
+ ඔහ් මහා කාලී... යක්ෂ කාලී....
- හ්ම්.. මේ වන විටත් කාලි මෑණියන් රටවැසියා අදුන්වනු ලබන්නේ සාප කිරීම් බිය වැද්දීම් පලි ගැසීම් සඳහා පමණක් උපකාර කරන්නාවු මෑනියන් වහන්සේ කෙනෙකුන් හැටියටයි
+ ඒකනේ..
- ආ....ං ඒ හේතු ධර්මය නිසාමයි රාවණයන් මේ නව විද්‍යාවන් වලට පාලනයක් සදහා අපව පත් කරන ලද්දේ. පසු කාලීනව කාලි මැනියන් වැද පුදමින් යෝගී මාර්ගයේ ත් ධ්‍යාන මාර්ගයේත් පැමිනි ඇතැමුන් හට මෙහි එකක් හෝ දෙකක් විද්‍යාවන් අවබෝධවූ තැන්හී ඒ යොදාගෙන නරක ක්‍රියා - පලි ගැසීම් ආදී සිදු කරීම නිසාවෙනුයි මැනින්ට අපකීර්තියක් ඇති වූයේ ..!
+ අප කීර්තිය නැවැත්තවය නොහැකිද ?
- නොහැකියි.. නව විද්‍යාවන් භාවිත කරන්නවුන්ට අතීතයේ සිටම හිමි වූයේ අපකීර්තියයි.. රජුනි හොද හා නරක එකම කාසියක දෙපැත්ත බව මම නුඹට කීමි. යම් තැනක හොද උපදින්නේද ඒ සමගම ඒ සමගාමීව නරකද උපදින්යෙ..... දස විද්‍යා මෑනියන් අපකීර්තියට පත් කලා මිනිසුන් ... අශෝක - චන්ඩාශෝක ලෙස අපකීර්තියට ලක් වුවා.. ඔබ වහන්සේත් ගැමුනු - දුට්ඨ ගාමිණී වනු ඇත. එය වැලැක්විය නොහැකියි..
+ ඔබ එසේ පැවසුවත් එයටත් ක්‍රමයක් ඇති...
- සත්‍යයි.. ක්‍රමයක් තිබේ..
+ කුමක්ද ?
- ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ක්‍රමයයි... මේ නව විදයාවන් පිටත යුද්ධ සඳහා නොව තමන් ඇතුලත දැවෙන මමත් ය සඳහා වන යුද්ධය පරාජය කිරීම සදහා යොදා ගැනීමයි... ඒ සොබාදහම් නීතියයි.. තුලිතයයි
+ පෙර බුදුවරුත් එසේද ?
- එසේම යි. ලොව තුලිතය සදහා මිනිසුන් මුලාවෙන් මුදවාලීමට බුදුවරු පහල වෙති.. ඒ බුදුන්ගේ ධර්මය රැකීමට - ආරාක්ෂාකිරීමට අප පහල වන්නෙමු.
+ හොදමයි.... නවයක් වූ විද්‍යා එක් වූ තැන්හී රාවණයන්ද ඇතුලුව දසිස් වන බව පැවසුවා..
මා හටද නවයක් වූ විද්‍යා හා මා මුසුවූ පසු දසිස් රාවණ උපදින බව පැවසූවා .. එසේනම් බුදුන් ..!
- මහ රජ තුමනි.. මේ මාර්ගයන් දෙකකි.. බුදුන් වහන්සේ එක් පසෙකය... අප වැනි ලෞකිකයෝ තවත් පැත්තකය.. !
" නව විද්‍යාවන් සිද්ධාර්ථයන් සමග එකතු වූ තැන්හි, විශ්වීය දැනුම අවබෝධ කොට ගත් තැන්හී..දසිස් ලෙස නොව " බුද්ධ " යැයි හදුන්වන්නෙමු... තෙසැත්තෑ ඥාන ඵල ලබන්නෝමය., ප්‍රාතිහාර්යය බල ලබන්නෝම., ලෝක ධාතුව පිළිබද අවබෝධය ලබන්නෝමය..... නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්නාහුය.. ඒ මේ දසිස් රාවණ මාර්ගයෙන් වෙනත්ම පැතිකඩකි.
අසුරයෝත් - සුරයෝත් - නාග - වානර - රාක්ෂ - වාමන - ගන්ධබ්බ ආදී සියළු ලෝක සතුන් උන් වහන්සේ නමස්කාර කරති.
+ සාධු සාදු සාධූ.... එසේනම් සිදුහත් කුමරුන් බුදුවන තුරු ඔබ නමදෙනා උන්වහනසේව ආරක්ෂා් කලේත් ද ? දැනුම ලබාදුන්නේත්ද ?
- එසේය
+ කොතනදීද කථාන්තරය දන්නෙමු.. නුඹලා ගැන නොදන්නෙමි..
- බලයන නවයත් චක්ෂූ නම් වූ මමත් දස දනොම එකවර පහලවන්නේ බුදු දහම රැකීමට පමණකි.. බුද්ධත්වය ලබාගැනීමට අපට උදවු උපකාර කල නොහැක. බුද්ධත්වය යනු කාගේ හෝ උපකාරයෙන් ලබා ගත හැක්කක් නොව රජුනි ඒ තමන් විසින්ම අවබෝධ කරගත යුතු දෙයකි..
අපට කල හැක්කේ බුදුවරැන් ආරක්ෂා කිරීම පමණි..
- එසේ කලේද ?
+ සැබැවින්ම. අප බෝසතානන් වහන්සේ ආරක්ෂා කරන්නේ උන්වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබූ මොහොතේ සිටය . අප නව දෙනාට එකවර පහල වීමට අවසර නැත. සිවු දෙනෙක්ට පමණනක් නිරතුරුව රැකවලෙහි සිටින්නෙමු..
බෝසතානන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීමේදී පවා ඇඳත් සමඟ මහාමායා රජදේවිය ඔසවාගෙන හිමවතට ගෙන ගොස්, සැටයොදුන් මනෝසිලාතලයේ සත්යොදුනක් විසාල මහ සල් ගසක් යට තැබීමු. ඉක්බිති රජදේවිය අනෝතත්ත විලට ගෙනගොස් මිනිස් කිලිටි ඉවත් කිරීමට නාවා දිවවස්ත්‍ර හඳවා දිව සුවඳ ගැල්වූහ.... ඒ අප වන්නෙමු.. ඉන්පසුය බෝසතානන් වහන්සේ සුදු ඇත්පැටවෙකුගේ සිහිනයෙන් මවු කුසට අතුළුවන්නේ..
+ සාධූ.. සාධූ.... සාධූ......
- කුමාරෝත්පත්තියේ සිටම අප උන්වහන්සේ අසලම සිටීයෙමු. ඒ මාර්ගයට අප මග පාදන්නෝ වන්නෙමු.. ඒ මහා විශ්වීය බලයයි..
+ ජීවිතය අතර තුර ??
- සිද්ධාර්ථ කුමරුට නම් තැබීමට බමුණන් 108 ක් ම ගෙන්වන්නේ ඇයිදැයි සිතුවේද ??? කොඤ්ඤණ්ඩ නම් කවුරුන්ද යැයි සිතුවේද ? රජුනි වප්මගුල අතුර තුර කුමරුන් අහසෙහි ඵලක් බැඳ භාවනා කරන්නේ කේසේද ?? සතර පෙර නිමිති පෑ සතර දෙනා කවුරුන් යැයි සිතුවේද ? අනෝමා ගං තරණයට එක පිම්මෙන් සිදු කල කන්ථකද අපගේ නවයක් වූ ශක්තීන්ගේ එකකි .. ! රැදුරු වන මැද තවුස් දම් පුරත්දී දිවා රෑ රැකවල් ලා සිටියෙමු.. පාරිලෛයිය ඇත් රජුන් කවරෙකුදැයි සිතන්නේද ? සර්වමිත්‍ර, ආලාරකාලම , උද්දකරාම පුත්ත යනු කවරුන්දැයි නුඹ සිතන්නේද ?
+ එසේ නම් ඔබ නව දෙනා ???? මේ සියල්ලටම අවස්ථාවන් වල පෙනී සිටයේද ??
- " බුදු වරයෙකු ලොව පහල වන්නේ සියළු සතත්වයන්ගේ පිනට ය යහපතටය..බුද්ධත්වය ලඝු කොට නොගන්න.. මේ අප විසින් ඒ සදහා සකස් කලේ මාර්ගයක් පමණි... බුද්ධත්වය " නිර්වාණ මාර්ගය " අවබෝධ කර ගැනීම තනි උත්සාහයකි ...! අප පමණක් නොව බුදු වරයෙකුගේ ලොව පහල වීමට මේ සොබාදම් මෑණියන් ගේ පවා සදෙවු ලොව දෙවි ජනයාගෙන්ද බ්‍රහ්ම ලොවින්ද මා පෙර කී සියළු සතත්ව ලෝක සහය ලැබේ. අප සියල්ලෝම ඒ මාර්ගයේ කොටස් කරුවන්ය ...
" මනු ලෝ වැසියෙකුටම පමණක් අවබෝධ කර ගත හැකි ඒ "උතුම් ධර්මය අවබෝධ කොට " නැවත අප වැන්නවුන් සඳහා දේශනා කර සකල විශ්වයම තුලිත කිරීම බුදු වරයෙකුගේ පැවැත්මයි ... !! ඒ සියල්ලටම උතුම්ය ..!
+ එතකොට ඔබ සිවු දෙන ?
- රජුනි බෝසතානන් වහන්සේ සමීපයේ නිතුරුව රැකවලෙහි සිටි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් යක්ෂ යෝ අපය ..!!! අසුරයෝය .. සතර දිසාවේ අණ සක පතුරවමින් සදිසාව එක් සේසත් කොරීමට උතුම් වූ බුද්ධත්වට ශාක්ෂාත් කිරීමට කැපවන්නා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෙමු..!!!

================
- කුරුළු -