Saturday, December 6, 2014

===== සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා ==== මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා ====




.
- ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ
+ මේ කතා කරන්නෙ
- නැ එක් නෙවේ දැන් ඇයි මාත් එක්ක වැඩිය කතා කරන්නෙ නැත්තේ
+ හේතුවක් ඇතිව
- මොකක්ද ?
+ දන්නවනෙ ප්‍රශ්නෙ. ඔයාලගෙ ගෙදරින් හොයන විදිහෙ කෙනේක නෙවෙයි මං
- එත් මං හොය්නනෙ ඔයා වගේ කෙනෙක්ව ?
+ නංගි දන්නවගෙ මල් ගසුයි වල් ගසුයි එකට තියේනනෙ නැති වග. අයිති කාරයො වල් ගස් ගලවල මල් ගස් රැක ගන්නව..
- එත් ඒ දෙකම හැදේනනෙ එක පොලවෙනෙ
+ එත් අනුන්ගෙ වතු වල බලෙන් වල් පැල වලට පැල වෙන්න තහනම් නංගි ! ඔයා දන්වනෙ ඒ වල් පැල ගලවන එක ම්ල පැල වලින් ඈත් කරන එක තීරණය කරන්නෙ ඒ පැල අයිති කෙනො
- අයියෙ වල් පැල වලට වඩා විස මල් පැලත් තියෙනවනෙ . ඇයි ඒක තේරුම් නොගන්නෙ.
+ කරන්න දෙයක් නැ සුදු නංගි වල් පැල හිතල උපදින්නෙ නෑ.. ඒවා ඉබේ බිහි වෙන්නෙ. ඒත් මල් පැල එහෙම නෙවේ ඒව පරිස්සමින් ඉන්දනව මේ පොලවෙ..
- එතකොට අයියෙ වල් පැල වලට ජීවත් වෙන්න අයිතියක් නැතිද ?
+ තියෙනව, හැබැයි මල් පැල එක්ක ඉන්න බෑ .. එක්යි නීතිය..
- දැන් ඔයා කිය්නනෙ මම මල් පැලයක් ඔයා වල් පැලයක්ද ?
+ ඒක මම දන්නෙ නැ එත් ඔයලගෙ පාත්තියක පිපුන මම වල් පැලයක් වෙන්න ඕන.. ඔයා මලක් . ඒ නිසයි මේ මාව ගලවල දාන්න මෙච්චර ඔයාලගෙ දෙමවුපියො දගලන්නෙ.
- අපරාදෙ මටත් වල් පැලයක් වෙන්න තිබුනෙ...
+ හ්ම මට මතක් වෙන්ව බන්ධුගෙ කවියක්.. !
" සහෝදර තුරු වැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ ඵල
පසෙහි මුසුවී තිබුන වස විස
උරා බොන්නැති නියගලා වැල " ! - රුවන් බන්ධුජීව -
- එතකොට අයියෙ වල් වලට විතරක් නෙවේ - මල් වර්ග වලටත් අයිතියක් නැද්ද ජීවත් වෙන්න..
+ හ්ම් ඒකත් තීරණය වේනනෙ ඒ ඒ කෙනා අනුව මගේ සුදු නංගි..!
- ඒ කිය්න‍ෙ අයියෙ ඔයා දැන් මාව දාලයනවද ?
+ අනේ මට එහෙම කරන්නෙ නැ.. එත් මම ඔයාට යන්න ඉඩ දෙනව.. !
- බෑනෙ මට යන්න බෑනෙ.. මට ඔයා ‍ඔනෙ .. මේ අඩවන්නෙපා හරිද මාව..
+ හිනාවුනත් අන්තමට කදුලු එනව නංගි - ඇඩුවත් කදුලු එනව වෙනසක් නෑ..
- අනේ අයියෙ ඇයි ගලක් වගේ කතා කරන්නෙ.. සුදු නංගිව එපාද !
+ .......
- අයියෙ ඇයි කතා නොකරන්නෙ. අයියෙ.. මොනව හරි කියන්නකො.. මාව දාල යන්නෙපා හොදද
+ ........
- හරි මම තියන්නම්. මට නපුරු වෙන්නපා අයියෙ.. මගේ අතින් වැරැද්දක් වුනානම් සමා වෙන්න.. එත් දාල යන්නෙපා මට ඔයා නැතිව ඉන්න බෑ.. මට පිස්සු හැදෙයි...
+ සුදු නංගි ! පිස්සොන්ට බේත් තියෙනව .. බය වෙන්නෙපා.. බුදු සරණයි ආදරෙන් ඉන්න.. !...
==========
කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා
.
කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා
.
සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා
.
===============මිල්ටන් මල්ලවාරච්චි මහතා
-- කුරුළු--

Song -

Sunday, November 23, 2014

==== හැමදාමත් යාලුවේ - මම ඉන්නෙමි පාලුවේ === මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ ===

.
මට මෙවෙලාවකට හිතෙනව ඇත්තටම මම වයසට ගිහිල්ල කියල..
ඉස්සර ඉරිද දවස්වලට කරන්න කොච්චර නම් දේවල් තිබුණද ?
යාලුවො කොච්චර හිටියද උණ්ගෙ ගෙවල් වල යන්න ෆල්ම් එක්ක බලන්න යන්න හවසට බීච් යන්න.. ඒත් දැන් හැමෝම බිසි.
ඉදල හිටල පාරෙදි හම්බවෙන ඉස්කොලෙ එකෙක් උගේ පුතාට කියන්නෙ මෙන්න කුරුළු අංකල් කියල.. ජීවතේ අපට හොරා අපි අංකල් වෙලා..!
එත් එක්කම මේ ලගක් වෙනකම් එකට හිටිය උන්ට කෝල් එකක් දුන්නාම උන් ගෑනිත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින්..
ඒකට ඉස්සර..
ඉස්සෙලාම ටිකට් එක බුක් කෙරෙන්නෙ මගේ නමට !. හ්ම්...
මිනිස්සු වෙනස් වෙනව.. ඒ වෙනස් වීම අත් විඳිනකොට මහ පුදුමයි..
ජීළුතේ එක වෙලාවකට මහම මහ පාලුයි.. මේ වෙලාවෙ මගේ හොඳම යාලුවෙක් පිටකොටුවෙ බැලිබන් වීදියෙ වෙඩින්කාඩ් තෝරනව..
මිනිස්සු මිනිස්සුන්ව අතාරින්නෙ හිතල නෙවෙයි. එක්  ඒ ඒ කාලෙට ඒ අයට කරන්න් සිද්ධ වෙන දෙයක්.. ඒ වෙනසට මුහුණ දෙන එක අමාරුයි ..!
සතියෙ දවස් වලට හෝ ගාල චැට් කරන මේ බුකියෙ ගැනු දරුවො අද එයාලෙගෙ පිරිමි ලමයි එක්ක ඇවිදින්න ගිහිල්ල.. අද කතා කරන කෙනා හෙට නෑ..
එක්කෝ කාලයක් චැට් කරල හරි වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලාම අතහරින්‍ෙනෙ මාව.. කුරුළුව ...
සතිය පුරාම අඩන පිරිමි ලමයි ගෑනු ලමයෙක් හා කිවුවාම උන්නාද මලාද කියල හොයාගන්න විදියක් නෑ..
මේ සේරොම තියෙන්නෙ ආදරේ උඩ.. ආදරේ තියේනනෙ ජීවිතය උඩ..
මිනිස්සු එන්නෙ තමන්ගේ ප්‍රශ්න විසඳගන්න.. අනික් කෙනාගෙ තත්වට ඒ අයට වැඩක් නෑ තමන්ගෙ ප්‍රශනයට උත්තර ලැබුනෝත හෝ නොලැබුනත් ඒ අය අයනව.. ඒක මම මේ අවුරුදු 6කට වඩා කාලය තුල අත් විඳි දෙයක් ..!!!
------
මම දන්න කියන හැමෝටම කෝල කරල බැලුව අද කොහේ හරි යන්න.. හරිම පුදුමයි මම ඇරෙන්න හැමෝටම  ජීවිතේ විඳින්න දෙයක් තියෙනව..
මම දන්නව පුංචි කාලෙ ඉඳන් මට ‍තේරුණ දෙයක් තියෙනව මගේ ජීවතේට ලං වෙන්න හදන ගොඩ දෙන්ක මට නොතේරිම මගේ ඇගිලි අස්සෙන් ලිස්සල යනව.. එක් මගේ හැටි..
මේක මම තෝර ගත්තු ජීවතේ එහෙමත් නැත්තං සමාජය විසින් මට තෝරල දීපු ජීවිතේ..
දුක් වෙලා වැඩක් නැ කියන දේ මට හිතුණ..
මිනිස්සු වෙනස් වෙනව.. මිනිස්සු පොහොසත් වෙන්න වෙන්න මිනිස්සු වෙනස් වෙනව..
පොහොසත් වෙනව කිවුවෙ සල්ලි වලින් විතරක් නෙවේයි . ආදරෙන් මිනිස්සු පොහොසත් වෙනව, බලයෙන් පොහොසත් නෙව්, රූපයෙන් පොහොසත් වෙනව , දැනුමෙන් පොහ‍ොසත් වේනව, අත්දැකීම් වලි්න පොහොසත් වෙනව...
ඔවු මිනිස්සු එහෙම පොහොසත් වෙන්න වෙන්න වෙනස් වෙන්න පටන් ගන්නව..
ඒත තේරෙන්නෙ වෙනස් නොවී ඉන්න කෙනාට..
ගෙදර සුරතලා වෙනද වගේ සෙල්ලම් කරන්නෙ නැතිවුනාම අපිට ඌ වෙනස් වෙලා කියල හිතේනනෙ අපි වෙනස් වෙලා නැති නිසා..
ඌ සෙල්ලම් කරන්න ආවාම අපි තරහින් නම් පයින් ගහල එලවනකොට ඌටත් ඒ වෙනස දැනෙන්ව ඇති..
මේ වන විටත් මා සතු සියලු දෑ හැකි පමණ දන් දී අවසානය. තව තවත් දන් දෙමි ඒ මුදල්ම නොව සිත තුල ඇති ශක්තිය හෝ විය හැක. අනුන් වෙනුවෙන් මා කැප කරන කාලයද වි හැක.. ! ඔවුන් ලෝකය දිනනු ඇත.. එවිට මා සතුටු වන්නෙමි..
මමත් මෙච්චර කාලයක්‍ වෙන්ස් නොවී ඉන්න උත්සාහ කලෙමි .. තව දුරටත් උත්සාහවන්ත වන්නෙමි.
.
== මගෙන් දුරින් හිඳ- මගෙන් එලිය ගෙන ==
== මා දිහා නොබලමින් - දිලිහෙමින් හිනැහෙමින් ==
== නටන තරු දෙස බලන් - සිනාසෙමි තනිව මම !! ==
.
---- මම මේ තනිකම ගැන මිතුරෙක්ට කිවුව..
* ඕක ඉතින් උඹ කලින් ගත්ත තීරණ වල ප්‍රතිඵල..!
හ්ම් ඇත්ත..
අපි ගොඩක් වොලවට හිතනව අපි මීට ටික කාලෙකට ගත්ත කලින් තීරණ වැරදියි කියල. ඒ තීරනේ නොගත්තං අද අපිට මෙහෙම වෙන්නෙ නැතිව ඇති කියලත් හිතනව..
එත් ... එත් මට සමා වෙන්න යාලුවා.. මම එහෙම හිතන්නෙ නෑ..
මොකද යම් දවසක මම යම් තිරණයක් ගත්තනම් ඒ , ඒ වෙලාවෙ මගේ හිතට ආව හොදම තීරණේ. මොකද මම අද ගන්න තීරණ වලට මම පස්සෙ පසු තැවෙයිත ඒත් මම අද මේ ග්නනෙ මගේ හිතට එන හොඳම තීරණ කියල මම හිතනව.. අපි ඒ කාලෙන් කාලට ගන්න තීරණ වලට අපේ හිත විතරක් නෙවේ අපිට වටෙන් එල්ල වෙන සමාජයේ බලපැමත් එකතු වෙනව.. ඒ නිසා මම මේ ඉන්නෙ මම ගත්තු හොදම තීරණ නිසා..
-----
ඉදින් මම ආසයි මේ තනි කමට - හුදෙකලා වෙන්න ආස නෑ.. තනි මනුස්සයෙක්ට පුලුවන් ලෝකය වෙනස් කරන්න.. ඔවු හුදකලා වෙච්ච මනුස්සයෙක්ට බෑ ලෝකයක් වෙනස් කරන්න... කැලේදි වුනත් බය තනි අලියට..
මේ ලොකෙ හැම වෙලේම වෙනස් කලේ තනි මනුස්සයෙක්..!
මිනිහෙක්ට දෙයක් නැති වුනාමයි මිනිහ දෙයක් හොයන්න පටන් ගන්නෙ.. මනුස්සයෙක්ට යම් දෙයක අඩුව ගොඩාක්ම දැනුනාම තමා අනේක දේවල් හොයන්න පටන් ගන්නෙ.. මම හිතන්නෙ සිදුහත් කලෙත් ඒ දේ.. !
විද්‍යාඥයො - ඉංජිනේරුවො කරන්නෙත් ඒදේ...
තනි්යෙන් බුදු වුනා කියල සිදුහත්ට බැන්නට මොකද බුදු දහ‍ෙමේ මුල ඉදන් අගට යනකම්ම තියෙන්නෙ අත්හැරීම ගැනත ඉතින් මුල ඉඳන්ම තනි වීම හැරෙන්න වෙනත් මාර්ගයක් මොකටද ?
---
ඉදින් මේ තනිකම සුන්දරව විඳින්න හිතා ගත්තා... බොහෝ වෙලාවට මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ තමන් ආසම කරන දේවල් පිටුපස්සෙ හඹා යන්න පටන් ගත්තාම .. ඒ දේ මමත් අත් විඳල තියෙනව ..!!

මතක තියාගන්න මම,
" මිනිස්සුන්ගෙ දෙවියෙක් නෙවේ - දෙයියොන්ගෙ , මනුස්සයෙක් !! "
---
හැමදාමත් යාලුවේ - මම ඉන්නෙමි පාලුවේ
මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ
.
පිපි කුසුමෙහි රන් මුව රද වෙත එන බිගුසේමා
නිති ගෙඋයන වැද රගදුන් වැනි සමනල සේනා
සපැමිණ ‍ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ..//
.
සවුසිරි සැප මා අතහැර අද වෙතක ඇදිලා
පින් මගෙ තනිකම තනියට මගෙ පැල තුල රැදිලා
බිතු සිතුවම් රෑ වැනී ඔබ කොතැනද මිතුරනී.. //
---
ආරාධනා කරනව ගීතයේ අරුත හොදින් බලන්න .. නුඹටත් ..!
---
ඉඳහිට රිදුම් දෙන දකුණු ඇසද ? දකුණු උරහිසද හිසේ දකුණ පැත්තද කවදා හෝ නැවතී අකර්මණ්‍ය වන තුරු ලියන්නෙමි... ඒ මා ලිවීම තෝරාගත්තේ සුවෙන් සිටීමට බැවිනි..
කවදාක හෝ ‍මාගේ මේ ලිවීම් නතර වුවහොත් මා දුකින් බව පමණක් මතක තමා ගන්න.. !
--කුරුළු--

song -
https://www.youtube.com/watch?v=aTZOceIqo3w

Thursday, November 20, 2014

== හිත නොහොද නෝක්කඩු කරදරද ගොන්නක් .. යහනේ නැ නින්දක් === රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත් .. මේ තනිකම මහ ගින්නක්====


.
+ හෙලෝ.. ඇයි මේ උදේ පාන්දර..
- ගර්......
+ හෙලෝ..
- ගර්..... බර්..... ග්ර්රෝ.....
+ මො මෝකෝ ගොරවන්නෙ..
- ගොරවනව නෙවේ අනේ බය කරනව.. ගර්... බර්.. බ්වුවාා්්්්හ්්්......
+ මේ තාම උදේ 6.00යි මොකෝ දැන් ගොරවන්නෙ කියනව මට නිදාගන්න දෙන්නෙත් නැතිව
- අයියෝ බය වෙන්නකො මම ‍බය කරනව එයාව .
+ ඔයා තාම දන්නෙ නැත්ද අනේ ඔයාට මම බය නැ කියල..
- හ්ම්.. වැඩක් නැ අප්ප ඔයා දන්නවද අද කවදද කියල..
+ නෑනෙ ..
- අද හොලෝවීන් ඩේ අනේ...
+ අහ්..
- ආහ් නෙවේ අද අපේ කට්ටයත් පාටියක් දානව හොල්මන් විදියටම ඇදගෙන.. අද එක එක්කෙනා බය කරන දවස අනේ..
+ ඉතින් ඔයාට නම් අවුලක් නැ.. ඔය විදිහටම මූණ හොද්නනෙ නැතිව ඉන්න රෑට පාටියට යන්න.. එතකොට කස්ටිය නිකම්ම බය වෙයි..
- අනේ මේ යනව යන්න .. මදැයි මම උදේම එක්කෙනෙක් බය කරන්න හැදුව.. චැහ් අසාර්ථකයි අප්ප මට බය කරන්න බැරි වුනානෙ..!
+ හ්ම්.. ඉතින් මේ පාන්දර ඇහැරගෙන මොකෝ.
- ආ අද අපේ අම්මල ගියා අර මම කිවුව අපේ මාමලගෙ ගෙදර ඒ අයිය රට යන නිසා එයාපෝට් යන්න..මම යි ආච්චි අම්මයි විතරයි තනියෙම.. අද ඉතින් මම තමා ලොක්කා ගෙදරට.. දවල් වෙනකම්
+ ආහ් ඇත්තද එහෙනම් හොදයි... මේ සුදු නංගි ඒක නෙවේ අද කවදද..
- දන්නැ එත් අද හොල්මන් දවස..
+ ආහ් ඒක තමා.. මම අහල තියෙනව හොල්මන් වැඩි පුරම එන්නෙ උදේට කියල හරියටම පාන්දර 3යි 6යි අතරලු...
- ඉතින්
+ ඔ්යා් දන්නවද කලු කුමාරයා
- ඔවු ඔවු අනේ කලු කුමාරයා ඉතින් ඔයානෙ..
+ නැ මැට්ටි එයා එන්නෙ ගැනු ලමයි තනියෙන් ඉන්න තැන්වලටලු... අද වගේ දවස් වලට එයා විසේසෙන් ගැනු ලමයින් ඉන්න කාමර වලට එනවලු ජනේලෙන්..
- අනේ අයියෙ නවත්වන්න මම තනියෙන් ඉ්නනෙ අනේ මෙතැන..
+ ඔයා බයවේනනෙපා ආච්චි ඉන්නවනෙ
- නෑ අනේ ආච්චි ඉස්සර හ මම කාමරේ
+ ආ එහෙමද.. හරි හරි හැබැයි කලු කුමාරය කලු වුනාට කැමති සුදු කෙල්ලන්ටලු.. ඔය අවුදුරු විසි ගනන් වල පොඩි කෙල්ලො ඉන්න ැතන් වලට එනවලු නිකං බඩු මුට්ටු පෙරලනව දොර රෙදි හොලවනව වගේ දේවල් කරල බය කරනවලු...
- අනේ නවත්වන්නකෝ... මම බය වෙයි අනේ..
+ මේ ඔ්යා්ගෙ අල්මාරිය කොහෙද
- තියෙනව මෙතැන
+ එ්කෙ දොරේ කණ්ඩියක් තියෙනවද ?
- ඔවු
+ එහෙනම් එක දිහා බලන්නෙපා හොදද එයා එකෙන් තමාලු බලන් ඉන්නෙ..
- බුදු අම්ම‍ෝ මට බැරියෝ... ආච්චිී......
+ කෑගහන්නෙපා අනේ.. නිකං මිනිස්සු බය වෙයි.... ‍මේ සුදු නංගි ..
- නැ නැ මම සුදු නැ මම කලුයි............අනේ සුදු නංගි කිය්නනෙපා.. බයයි
+ හරි හරි මේ නංගි.. පොඩ්ඩක් කැ ගහන්නෙ නැතිව ඉන්න..
- ඇයි
+ මට සද්යක් ඇහුන නිකං මොනවද පෙරලෙනව වගේ ඔයාගෙ පැත්තෙන්.. පොඩ්ඩක් කැ නොගහ ඉන්න.. ඔ්ය  ඔය ආයෙ ඇහුණා..
- අ‍නේ අයියෙ නවත්තවන්නකො මාව වෙවුලනව වගේ අනේ ප්ල්ිස්.. මම බය වෙලා ඉ්නනෙ...
+ බය වෙන්නෙපා අනේ ම ඉන්නවනෙ..
- බැ බැ බැ අනේ බැ මම යනව දැන් ආච්චි ලගට මට බයයි... ඔයා මාව ඇඩේවුවවා මාව වෙවුලනව දැන්..
+ හ්ම හරි මම තියන්නම්..
- අනේ එපා  එපා එපා තියන්න එපා ඔහොම ලයින් එකේ ඉන්න මම ආච්චි ලගට යනකම් .. මම දොර ලොක් කරල අනේ ඉන්න ඉන්න තියන්න නම් එපා හොදේ..
+ බැ බැ.. මම තියනව මට නිදි මතයි... හුහ් ආව මෙැතන මාව බය කරන්න.. බවුවා....හ් බුවා...හ්.... හම්................හ්ම........... ඕං......
- අනේ.. එපා දෙයියනේ මගෙ පපවුත් හරිවෙනව..
+ හරි හරි යනව යනව ලයින් එකේ ඉන්නම මම ..දුවල යනව ඉස්සරහට මහ ලොකු චන්ඩි.. අනේ මන්ද ‍මේකලව බැඳ ගතත්තොත් අපට තනි රකින්න වෙයි..
- ආ එතකොට අවුලක් නැ.. කලු කුමාරයො දෙන්නෙක් ඉන්නෙ නෑනෙ..
+ අම්මට සිරි කට මේකිගෙ මම තියනව.. දුවපිය...
...
==========
හිත නොහොද නෝක්කඩු කරදරද ගොන්නක් .. යහනේ නැ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත් .. මේ තනිකම මහ ගින්නක්
.
කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
හිත පිරුණ සෙනේ පුසුඹත් අහවර නම්..
මම කාට කියන්නද මේ අවනඩුවත්
.
බත ඉදෙන තුරාවට නොවදෝ ගෙපැලේ
මේ හැටි විරසක කම්
හඳ පාන ගෙනෙනෙන්නම් අමාවකෙත් මං
හොඳ බිසවු වගේ මනාපයෙන් ඒනම්
.
===========
-- කුරුළු--

Sunday, October 19, 2014

== නව ලොවක මුල් අනු වෙන්න - මිල නොවන පෙම් කවිය පබදින්න == මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ - පිනි බින්දු මල් වෑහි අරන්. ==


.
- වැඩක් නැ අයියෙ !
+ එහෙනම් වැඩක් හොයාගමු !
- එහෙම නෙවේ මම කිවුවෙ. ඔයා වැඩක් නැ කියල..!
+ එහෙනම් වැඩක් තියෙන කෙනෙක්ව හොයාගන්න..
- අනේ මැ‍ට්ටො.. මම කිවුවෙ ඔයත් එක්ක බෑ කියල.
+ හ්ම්. එහෙනම් කාත් එක්කද පුලුවන්..
- මේ. කරුණාකරල මම කියන දේ අහනවද ? පැන පැන උත්තර දෙන්නෙ නැතිව..
+ බෑ දැන් පොඩි වැඩක්.
- බෑ පොඩි වැඩේ පස්සට දාගන්න. මේක ලොකු කතාවක්.
+ එහෙම බෑනෙ..
- මොනවද අයියෙ ඔයාට මාත් එක්ක කාත රකන්න පොඩි හරි වෙලාවක් නැද්ද ?
+ තියෙනව මම රෑට කොල් ගන්නම්ද ?
- අපෝ ඔවු. රෑට යක්කු ගස් නගින වෙලාවට ගත්තාම මම නිදි.. එහෙම බෑ... අහන්නකො මම පවුනෙ.. මම කියන ඒව කවුරුත් අහන්නෙ නෑ.. කුවරුත් නෑ අනේ මට කතා කර කර ඉන්න.
+ ආ දැන් මේ එ්කද මට කතා කරන්නෙ එතකොට ?
- නැත්තං ඉතින් එක්ටනෙ මිනිහෙක් ගන්නෙ.. මනුස්සයෙක්ව බැඳගන්නෙ කම්මැලි වෙලාවට කතා කරන්න, වද දෙන්න, ටොකු අනින්න, සීතලට බදා ගන්න
+ අපෝ ඇති ඇති.. මම නම් ඉතින් ගෑනියෙක්ව ගන්නෙ මගේ ඇදුම් හෝද ගන්න, කන්න හදවගන්න, මාව බලාගන්න
- මොකා....ක්.. එහෙනම් වැඩකාරියෙක් ගන්නවකො .. ඇයි වදේ.. මාව ගන්නෙ ! මම වැඩකාරියෙක් කියලද හිතන්නෙ..
+ නැත්තං.. දැන් බලන්න සුදු නංගිත මගේ යාලුවො ගෙදරට ආවම මම ඔයාව පෙන්නල කියනව " බලපං මචං මගේ වයිෆි හෙන වැඩ කාරියක් කියල "
- අපෝයි ඔවු.. මම දැලි නාල, කුනු ඇදුම් ඇදන් වැඩ කරන කොට ඔයා කියන්න ඕන නෑ ඒ අය දැන ගයි ඔයා සලකන විදිය..
+ ආ නැ නැ ඉන්නකො මම මේ උදේ හවා මල් තියල වදින්න හිතන් ඉන්නෙ..
- අපෝ ඔයා එක්ක බෑ මම කියන්න හදපු දේ අමතක කෙරුවනේ අනේ. කොහෙද ඉතින් මම කතා කරනකොට ඔයා එක එක දේවල් කියවනවනේ..
+ ම් ඉතින් දරුවො එක එක දේවල් නොකිය එකම දේ කිවුවෝත ඔයාට එපා වෙයිනෙ.. ඒ නිසයි මම එක එක දේවල් කියන්නෙ..
- අයියේ................... බෑ අප්ප ඔයා එක්ක.. මම හිත්නනෙ ඔයා එක්ක ඉන්න මම ඉවසන තරම හොදටම වැඩියි මගේ ඔලුව ගිනි ගන්නව වගේ ඔයා එක්ක කතා කරන්කොට..
+ හා එහෙනම් බැන්දම මගේ පපුව උඩින් ඔලුව තියාගන්න එතකොට අඩු වෙයි..
- ඇත්තද...... මගේ හොද අයිය ...
+ හැබැයි මගේත් ඔලුව ගිනි ගන්නවනෙ එතකොට මම ඔයාගෙ පපුව උඩින් ඔලුවතියන්නම්..
- අම්මද බොල.. මම බැලුව මේක මේ කවදාකවත් නැතිව මොකෝ මට ඔලුව තියන්න කිවුවෙ කියල එක්ත් මෙයාගෙ වාසියට..
+ නැත්තං ඉතිං සුදු නංගි මතක තියාගන්න " තමන්ට වාසියක් නැත්තං , කිසිම පිරිමියෙක් උදවු කරන්න ඉදිරිප්ත වෙන්නෙ නෑ "
- හ්ම්.. මම දනන්ව ... එක් නෙවේ අයියෙ.. මට මොනව හරි කරන්නෝන..
+ ‍මොනවද ?
- මොනව හරි .. ජොබි එකකට යන්නබෑ.. මොකද බැන්දම ඔයාව බලාගන්න එපැයි..ඒනිසා බිස්නස් එකක් තමා
+ හම් මොන වගේ බිස්නස් එකක්ද ? මම උදවු කරන්නම් ! ඔයා හිතල කියන්න
- ඒව හිතල ඉවරයි මේ කෙල්ල ඉතින්..
+ මොනවද ?
- අපේ අක්ක කෙනෙක් මෙහෙට ෆැෂන් අයිටම්ස් ගේනව , බැන්ගල්ස් නෙක්ලස් යර් රින්ග්ස් වගේ ඒව මම බැලුවෙ ඒව ගෙනල්ල විකුණනන්.එයා තොග දේනනෙ
+ හොද ඒවද ?
- ඔවු ! ඔක්කොම ට්‍රස්ටඩ් ස්ටෝන්ස් ..! මේ ම එහෙම කඩයක් දැම්මෝත් අයියගෙ ඔය ඉන්න යාලුවෝනට කියනවද මගෙන් බඩු ගන්න කියල ??? ඔය කෙල්ලො ඉන්නෙ අනේ ඒ අයට කිය්නන කො.. ඒ අය ඔයා කිවුවොත් ගනී අ‍නේ .!
+ අම්මට සිරි මෙන්න වැඩක් - යකො පිරිමි නෙවේ -- දැන් බැලුවාම " ගෑනුනෙ උදවුවක් බලාගෙන උදවු කරන්නෙ " .. ඒක නම් වෙන්නෙ නෑ පුතේ මම ආස නැ මගේ යාලුවන්ට බල කරන්න.. හොද නම් ගත්ත දෙන්..එච්චරයි.
- හ්ම හාකො..හාකො දැන් කිවුවෙ නම් කෝමද - ඔයා පටන් ගන්න මම උදවු කරන්නම් කියල ?
එත් එක උදවුවයි ඉල්ලුවෙ. මෑන්ස් මාරු..අන්න කොල්ලො
+ අනේ මේ යනව යන්න.. යාලුවො විකුණන්නෙ නෑ. වෙන උධවු කරන්නම්.. මේ දැන් ඔකෙ මොනවද තියෙන්නෙ. අර මම දාන ජාතියෙ බැන්ගල් තියෙනවද "ටයිගර් අයි " ස්ටෝන්ස් එහෙම
- ඔවු සර්. සර් මොන වගේ එකක්ද බැලුවෙ. අපි ගාව ඒන විදියක ඒව තියෙනව.. සර්ට ඕන මොන සයිස්ද ?
+ ම් ඔයාල ගාව තියේනනෙ මොන සයිස්ද කියන්නකො මිස් !
- මෙහෙමයි සර් අපි ගාව වළලු තියෙනව..
+ ඒක හොදයි මටත් ගන්න ඕන වළලල්ක් !
- එහෙනම් සර් ඇවිල්ල තියෙන්නෙ හරිම තැනට, අපි ගාව තියෙනව හොදම වර්ගයේ වළලු, කලර් ෆේඩ් නෙවොන හොද වර්ගෙ එකක් දෙන්නම් සර්ට රුපියල් හාරදාහකට..
+ මොකක් !!!! හාරදාහක් වැඩියි වැඩියි ඊට අඩුවෙන් එලියෙ ගන්න තියෙනව. අනික දැන් සියිස් එක මොකක්ද ඕකෙ..
- ම් ගාන අඩුවට වෙන තැන්වල ඇති සර් එත් කොලිටි එක අඩු ඇති අපි සර්ට සහතිකයක් පවා දෙනව මේක ගැන. සයිස් එක නම් සෙන්ටිමීටර් 10 තමා රවුම..
+ අපෝ මදි මදි මට ලොකු වලල්ලක් ඕන
- ඊට වඩා ලොකු වළලු නම් නැ සර් කියවල හදල ගන්න වෙයි.. අතට දාන්න ලොකුයිනෙ සර්ගෙ අත ඊටත් ලොකුයිද
+ නෑ නෑ මිස් . අතට දාන්න නෙවේ .. මට මේ පොල් ගස් නගිනකොට කකුලට දාගන්න වළල්ලක් මම බැලුවෙ. මිස් ල ගාව තියෙනවනේ ..!
- අනේ මේ.... විහිලුවකට ගත්තද මාව.... ! ඔන් නෑ තරහයි.. යනව යන්න .
+ මොනවද මිස් දැන් කිවුවෙ ඕන ජාතියක වළලු තියෙනව කියල දැන් මට බනිනව..
- ඔන් නෑ.. කාත කරන්නෙ නෑ මම. මාව ගණන් ගැන්න‍ෙ නෑ.. මම තියනය බායි..
+ හ් හ් හ් හ් හ් හ් හ් හරි හරි මම උදවු කරන්න්ම් සුද නංගි අපි මොනව හරි කරමු . ආදරෙන් ඉන්න..
=====================
ඉගිලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී

මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගි ලෙන්න ඔබ එක්ක...

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නෙදෙන
ඈතට වෙලා තෑනෙන පිනි වෑහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගිලෙන්න ඔබ එක්ක...//
=============කසුන් කල්හාර
--කුරුළු--

song -
https://www.youtube.com/watch?v=5MHA2ElmQvs

Saturday, October 18, 2014

==== ඩිංගක් විහිළු කලා ඇයිමේ තරහ වෙලා =====




.
+හෙලෝ මේ සුදු නංගිද ?
- .......
+ හෙලෝ මේ සුදු නංගිද ?
- .............
+ මොකෝ සද්ද නැත්තෙ කටේ පිට්ටුද ?
- ...................
+ හා කමක් නැ කතා නැති වුනාට මට දැනගන්න පුලුවන්ද අද හතර වෙනකම් පන්ති තියෙන ළමය රැ දහය වෙනකල් කතා නොකලෙ මොකෝ කියල..
- .................
+ හෙලෝ....කෝ මේකි..හෙලෝ...
- ........
+ හරි එහෙනම් මම තියෙනව ආයෙ ගන්නෙ නැ..බායි..
- මම ඉන්නව.
+ ආ ඉන්නවද. ඇයි කතා නැත්තෙ.
- කතා කරන්නෙ නැ තමා.
+ ඇයි ඒ.. හදිස්සියක් කියල කොල් කරන්න කියපු නිසයි කොල් කලේ මම දැන්.. මොකක්ද හදිස්සිය.
- හදිස්සිය.. අනේ අම්මපා මේ මනුස්සයනම්... ඒ මීඨ දවස් දෙකකට උඩදි .. මම කිවුවෙ කොල් කරල හදිසිසියක් කියල මට කෝල් කරන්න කියල.. එත් නිකංවත් ගත්තද කෝල එකක්. මං මලත් ඔච්චර තමා. මගේ ෆෝන් එකේ සල්ලි නැති නිසයි එහෙම කිවුවෙ එවෙලෙ.
+ ආ ආ හරි හරි බොරුවට දගලන්නෙපා. මම එවෙලෙ හිටියෙ ට වඩා හදිස්සියක.
- ඇත්තට දවස් දෙකම හදිස්සිය තිබ්බද දන්නෙ නැ මෙයාට.
+ අනේ නැ රෑ ඇවිල්ල මම ගන්න කියල හිටයෙ එත් මේ වෙන මොකක්ද නිසා මට අමතක වුනා..
- පෙනේද මෙකගෙ තියෙන නපුරු කම. අමතක වුනාලු මේ සුදු නංගිව. හරි අමතක වුනා කියමු ඒත තින් මූණටම ඔහොම කියනවද ?
+ ඉතින් මං ඇත්තනෙ කිවුවෙ ආයෙ බොරු කියන්න ඕනයැ..
- අපෝ ඔයානං ආදරේ කරන්න ද්නනෙ නැඅනේ.
+ හ් වේනන ඇති " මම ආදරේ කරන්න දන්නෙ නැතිව ඇති තමා"
- අයියො ්එච්චර හිතට ගන්නෙපා මෙයා මම උගන්වන්නම් සිම්පල්..
+ හරි දැන් කියන්නකො හදිස්සිය.
- ඒක නම් දැන් මතක නැ දැන් දවස් දෙකක්නෙ.
+ හරි දැන් අද ක්ලාස් ඉවර වෙලා මේචචර වොල මොකෝ සද්ද නැත්තෙ.
- නැ මම හිටයෙ ඔයා කතා නොකලොත් ආයෙ කතා කරන්නෙ නැ කියල හිත‍ාගෙන.
+ ඉතින්.. ඉන්න පුලුවන්ද ඔයාට.
- පුළුවන් ද බැරිද කියල බලන්නත් එක්ක තමා මම හිටියෙ. ඇයි යකඩො මම අඩ අඩ හිටියට වැඩක් නැ මෙයා ඉන්නෙ හෙන ජොලියෙ ඉතින් මාත් හිටිය. හුහ්. ඇත්තමයි ඔයා කතා කලෙ නැත්තං අයියෙ මම ආයෙ කවදාකවත් කතා කරන්නෙ නැ .
+ ඇත්තමද ?
- ඔවු ඇත්ත තමා. මම කිවුවොත් කිවුව.
+ චැහ් අපරාදෙ මගෙ චාන්ස් එක.එහෙනම් සුදු නංගි අපි මෙහෙම කරමුද? මම කතා කලේ නැ කියල හිතා ගමුද.?
- මේ........... මගෙ යකා අවුස්ස ගන්නෙපා හරිද ? දැන් කතා කලානෙ ආයෙ ඔට්ටු නැ.
+ චැහ් කෝම වුනත් අපරදෙ.. ඉතින් ඉතින් හුග දවසකින්.
- ඔවු අනේ කෝමද ඔයගෙ ෆේස් බුක් එහෙම.. මම දැක්ක ගල් බමුණ වගේ පින්තුරයක් දාල තියෙනව. හැටි විතරක්.
+ ආ ඒක ලස්සනයිලු නලුවෙක් වගේලු
- හැක් හක් හැක් හැක් අයියට කවුරු හරි විහිලුවට කියන්න ඇති අයිය ඇත්තටම හිතුවද ?
+ මේ එන්නෙපා හරිද
- දැන්‍ මොකෝ මේ රුවල කෝනඩෙ වවාගෙන.
+ මොනව කරන්නද නංගි . මගේ කෙල්ලගෙන් මට ප්‍රශ්න අප්පා.දන්නැත්ද ඉතින්
- අනේද කිය්නනෙ උන්නද මලාද කියලවත් බලන්නෙ නැති කොට තව ‍මොන ප්‍රශ්නද ?
+ මේ එක් නෙවේ කට්ටියක් කියනව රැවුල කපන්නලු කට්ටියක් කියනව එපාලු මොකෝ කරන්නෙ.
- අම්මා...මෙයා දැන් රැවුල් කපන්නෙත් ෆේස් බුක් එකෙන් අහලද න්නවකො මම හොද වැඩක් කරන්න ඕකෙ එකියොන්ට..හුහ්.. නැ අර රස්ත අයිය පින්තුරයක් දැම්ම වගේ බාගයක් කපල දාල බාගයක් වවන් න්නව එත‍කොට හරි.
+ අපෝ එතකොට විජය රජ්ජුරුවො වගේ හිටියි. එහෙම ලුනෙ එයාව පිටුවහල් කලේ.රස්තත් ඒ එහෙම කාලෙක තමා ඒ කට් එක කපල හිටියෙ..
- මෙයාටත් එක් තමා කරන්න තියෙන්නෙ. අයින් කරන්නෝන මගේ ස්වාමිපුරුෂ කමින්.
+ අනේ මේ අහගන්නෙපා හරිද මුකුත්.
- හරි අයියෙ මම තියනව දැන් ඇග‍සෝදගන්නනෝන.. අයියෙ වෝල එක හිස් මොනව හරි ලියන්න හොදද? පාලුයි බලන්න නැතිව...මට බැනල හරි ලියන්න අනේ.. ඔයාට ලියාගන්නම දෙයක් නැත්තං මට කෝල එකක් දෙන්න..මම කියල දෙන්නම්.
+ ආ හොදයි මගේ නංගි පං ඇ.. දැන් ඇග සෝදනව කිවුව නේද ..එපා අනේ.. බර අඩු වෙයි.
- ඒ මොකෝ
+ ඇයි ඉතින් දැන් අවුරුදු ගාණක කුණු ඇතිනෙ එකතු වෙලා
- අනේ මේ ඒ ඔයාගෙ තමා. රුවලයි කොන්ඩෙයි වවං හපුට්ටා වගේ ඉන්නෙ..
+ හා හා දැන් යනව මට ලියන්න තියෙනව.
- හරි එහෙනං සුදු නංගි ඇග සෝදන් එනකොට බලන්න ලියල තියන්න මොනා හරි ටටා බායි.. බුදු සරණයි.. ආදරෙන් ඉන්න..
+ හරි බුදු සරණයි.
- මේ ඒක නෙවේ මම බොරු කිවුවෙ හොදේ මට ඉන්න බැ අනේ මම උපරිම ට්‍රයි කලා. කොල් නොකර ඉන්න ෆොන් එක දහ පාරක් අතට අරන් බැලුව. හවස මගේ කාඩ් එක ඉවර වෙලා මම හෙට උදේට කෝල කරන්නමයි හිටියෙ. කමක් නැ ඔයා කොල් කලානෙ මම දිනුව..
+ හ්ම් හා .. ආදරෙන් ඉන්න .. යන්න යන්න දුවන්න දැන්...
=========

තරහෙන් අහක බලා - ඔබ නොදොඩා යනවා

හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා

දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී ‍දොඩනා

ඒ වදනේ මා බැදිලා - තව ආදරේ වෙනවා

-

පෙම් හසරැල් සඳවන් මුහණේ නැගෙනා මොහොතේ ඔබගේ

මා සැනසුම් සුසුමන් හෙලුවා ඔබ හා බැඳිලා රහසේ

ඩිංගක් විහිළු කාල ඇයිමේ තරහ වෙලා

.

ලං වුනොතින් මොහොතක් ඔබගේ සුවඳේ රැඳිලා මසිතේ

දුක් වියවුල් නිවෙමින් දැණුනා සහනේ ඔබගේ සෙනෙහේ

ඩිංගක් විහිළු කාල ඇයිමේ තරහ වෙලා

========= අතුල අධිකාරි මහතා.
---කුරුළු----


song-