Wednesday, March 19, 2014

=== මාලිගාවක රජ කෙනෙක්වත් යනවදෝ කැන්දා.. == වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා... ===


.
ඉතිං ජය සිරි මංගලම් මම ඔය දෙන්නට සුභ පතනවා මුලු ජිවිත කාලයටම එකට ඉන්න ලැබෙන්න කියලා...අනුත්තරාටත් සමීරටත් සුබ පැතු‍වෙමි...
සමීර මචං එක දෙයක් කියන්න ඕන..
‘ අදින් පස්සේ අනුත්තරා උඹගේ..එයාට පොඩ්ඩක් වත් රිද්දන්න එපා..එයිට ඉක්මනටම රිදෙනවා....එයාව අඩවන්නේ නැතුව බලාගන්න ඕන..
    ‘මොකද අදින් පස්සේ මම අනුත්තරා ගැන බලන්නේ නෑ.මට වෙන ලොකු වැඩක් තියෙනවා..සමීර උඹ වැඩට ගියත් දවසට දෙතුන් පාරක් අනූට කොල් කැපං..අඩුම ගානේ මැසෙජ් කරපං..නැත්නම් මෙයා අඩනවා..අනූ කැමති  එයා ආදරේ  කරන කෙනා හැම තිස්සෙම එයා ළග ඉන්නවා නම්..‘
‘අනුත්තරා...
ඔයාට මතකද මම ඹයාට කිව්වා මං පොරොන්දුවක් වුනොත් ඒක ඉෂ්ට කරනවා කියලා.. මම ඔයාට වෙච්ච අන්තිම පොරොන්දුවත් ඉධ්ට කරන්නයි යන්නේ.ඔයාට මතක ඇති මම කිව්වා ඔයා වෙන කෙනෙක් ළගට ගියොත් මම මහණ වෙනවා නැත්නම් රටින් යනවා කියලා.
‘අනේ ..දැහැමි අයියේ මොනවද මේ කියන්නේ..‘
‘ නෑ අනු වෙච්ච හැම පොරොන්දුවක්ම මේ වෙනකං මම ඉෂ්ට කලා..‘
දැන් මේ අනිතිම පොරොන්දුවත් ඉෂ්ට කරන්න මට ඉඩ දෙන්න..ඔයා දන්නවානේ මේ ලොකේ මම ආදරේ කලේ ඔයාට විතරයි.ඉතිං ඒ ආදරේ කරපු ඔයාව නැති වුනාම ආයෙ වෙන කෙනෙක්ට ආදරේ දෙන්න මට බෑ..මම මගේ හදවතට සීල් තිබ්බා.ආයේ කාටවත් ඒක ඇතුලට එන්න බැරිවෙන්නම..
    ආදරෙන් නොලැබීම නිසා මහණ වෙන්න කියල මම හිතන්නෙ නෑ.. හැබැයි කලින් ඉඳන්ම ඒක ැන පැහැදීමක් මගේ හිතේ තිබුණ ඒක නැති වුනේ ඔයා නිසා... බය වෙන්න එපා මම දැනට මහණ වෙන්නෙ නෑ...මම ලබන් මාසේ 00 වෙනිදා මගේ උපන් දිනේ දවසෙ, මම රටින් යනව., ඊට පස්සෙ මේ ඔක්කොමගෙන් දුරට යනවා.මට යන්න බැරිව තිබුන එකම බැදීම ඔයා විතරයි.අද ඔයා සමීරගේ වුනාම ඒතක් ඉවරයි..‘
කොහොම වුණත් ඔයාල දෙන්නට සුභ පැතුම්..

මම පුළුවන් වුනෝත යන දවසට කෝල් කරන්නම් හොදේ.. !
‘අනේ ප්ලීස් ..අයියේ මාව අඩවන්න එපා..දැන් ඔයාමනේ සමීරට කිව්වේ මම පොඩි දේටත් අඩනව කියලා මට කියන්න මේක විහිළුවක් කියලා ..කියන්නකෝ...‘

මම ඉස්සර විහිළු කරද්දි ඔයා හිතුව එක් ඇත්ත කියල.. දැන් ‍මම ඇත්ත කියද්දි ඔයා හිතනව ඒක විහිළුවක් කියල... ! හොඳින් ඉන්න ...!
‘මචං දැහැමි මොනවද උඹ කියවන්නේ..උඹ බිව්වද ? පිස්සු කියවන්නේ නැතුව ඉදපං.උපුල්..උපුල්..මේ බලපං බං මේ දැහැමි...‘
‘නෑ සමීර .. මං මේ කියන්නේ ඇත්ත, අනුත්තරා මම ඒ දවස් වල විහිලු කලා තමා ඒත්..ඒත්.. අද.. ඒක ඇත්ත උනා.. මම මගේ ජීවිතේ  වෙන කෙනෙක්ව බඳින්න හිතන්නෙ නෑ...
මතකද අනුත්තරා ඔයා කිවුව මම නැතිවුනොත් තිනියෙන් ඉන්න පුලුවන් කියල...
ඔයාට පුලුවන් නම් ඇයි මට බැරි !!!!
‘අනූ...මිනිහෙක් උපදින්නේ එක පාරයි.මැරෙන්නෙත් එක පාරයි.ආදරය ඇති වෙන්නෙත් එක පාරයි..‘
ඉතා අමාරුවෙන් වගේ හැඩීම නවත්වා ගත් මා යූත් ඒකේ මිතුරන් සිටින මේසය වෙත පියනැගුවෙමි.ඔවුන් ඒ වන විටත් විවිධ දේශනා කති කරමින් සිටියහ.ඒ විවිද දේ අතර මමද එක් මාතෘකාවක් බව දත්තෙමි..
‘ආ ..වරෙං ..වරෙං උඹ ගැන තමයි මේ අපි කතා කර කර හිටියේ..වාඩිවෙයං..‘
‘මොනවද උඹලට මං ගැන කතා කරන්න තියෙන්නේ..?‘
‘ඇයි යකෝ මේ බදින්නේ උඹේ කෙල්ලනේ..ඉත්ං උඹ හිනා වෙලා  ඉන්නකොට අපිට පුදුම නැද්ද‘
‘නෑ මචං මං අනුත්තරාව මගේ හිතින් අයින් කලා..‘
‘ඒක නම් වෙන් බැරි දෙයක් දැහැමි අයියේ..මගේ කෙනා ඹහොම කිව්වනං මං විශ්වාස කරනවා.ඒත් ඔයා ඔහොම කියනකොට මට විශ්වාස නෑ..‘
‘ නෑ ඇත්ත නංගි‘
‘වෙන්න බෑඑයාව අමතක කරල කොහොමද ඔයා ජීවත් වෙන්නේ.‘
‘එයා විතරක් නෙමෙයි මං ඔක්කොම අමතක කරල ඉන්නේ‘
‘ ඒ කිව්වේ..?‘
‘ මං ලබන මාර්තු 31 වෙනිදා රට යනව..‘
‘මොනවා ..උඹට පිස්සුද? විකාර නැතුව මෙතනිං වාඩිවෙයන් අදම සෙට් කරගමු වෙන එකක්..‘
‘නෑ උපුල් මම තීරණය කරලා ඉවරයි.මම ඔක්කොම ලෑස්ති කලා..ඒක මම අනුත්තරාට වෙච්ච පොරොන්දුවක්..‘
‘අනේ මේ ..මගේ යකා අවුස්සන්න එපා බං..මුහුදේ එක මාළුවද ඉන්නේ නිතං පිස්සෙක් වෙන්න එපා බං.‘
‘හහ්.. මූදේ මාලු ගොඩාක් හිටිට මට මගේ මාලුවා නැත්නම් තල්මහෙක් දුන්නත් වැඩක් නෑ උපුල්..‘
‘මං දන්නවනේ උඹත් කාලයක් අනෝමා හින්ද මූඩ් ගහල හිටපු හැටි .සමහර විට මාව දෙයියො එවල තියෙන්නේ මේකට වෙන්න ඇති.. මාව අයිති මෙතැනට නොවෙන්න ඇති.. මම හැමෝගෙන්ම ඇත් වෙන්න තීරණය කලා උපුල්...
එවිට ...අනුත්තරා සමීරත් සමග එතැනට පැමිණ උපුල්ට හේතු දක්වන්නට වුවාය.
‘බලන්න උපුල් අයියේ දැහැමි අයියා පිස්සු නටනවා මං කිව්වට අහන්නෑනේ.‘
‘ඒකනේ අනුත්තරා කියන්නේ. හරි මං බලාගන්නම්...අපි ඉන්නකං ඌට රට යන්න දෙන්නේ නෑ.‘
‘නෑ උපුල් මං සේරම ලෑස්ති කරලා ඉවරයි කිව්වනේ..ඔය කතාව මෙතනින් නවත්තමු.තවත් කතා කලොත් මං මෙතනින් යනවා ආයේ මාව උඹලට දකින්නවත් නැතිවෙයි.. පුළුවනි නම් මම යන දවසට එයාර්පෝට් එකට වරෙන්...
එවිට ,හඩමින් දුවගෙන ආ අනුත්තරා මා බදාගෙන හඩන්නට පටන් ගත්තාය..

අනුත්තරාටයි සමීරටයි එයාලගේ වෙඩින් එකේදිම
මට මේවා කියන්න හයියක් ආවෙ කෙහෙන්ද දන්නේ නෑ
එත් එදාම කියලා ඉවර කරපු  එක ගැන මම සතුටු වෙනවා...

“ නංගි,
කෙනෙක්ට ඉෂ්ට කරන්න බැරි නම් පොරොන්දු දෙන්න එපා.. ඒ වගේම පොඩි හරි පොරොන්දුවක් වුනෝත අනිවාරයෙන්ම ඒක ඉෂ්ට කරන්න..
......
====
මා නිසා ඔබ නොපිරූ පෙරුම් - මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනා මැද ඉටු වේවි නම් -  ආයෙ නාවත් කම් නෑ ඉතින්..
..
කෝ එදා ඔබ අත පැළැන්දූ මුදුව කෝ කොයිදෝ...
නෑ මගේ සිත, අන් කෙනෙක් ගැන කීවදෝ නැතිදෝ..
.
මාලිගාවක රජ කෙනෙක්වත් යනවදෝ කැන්දා..
වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා...

========
Jab tak hai jaaan ----
http://www.youtube.com/watch?v=cx_R9BKosAE
---------------------කුරුළු--------------------


( මේ කතාව මම ලිවුවෙ 2006දි යූත් එකේ ඉන්න කාලෙ.. ගොඩක් වෙලාවට මේක තමා මම ලියපු පලමුවෙනි කතාව... කොටස් 7ක් 8ක් තියේවි.. බොළඳ වුණත් ආරාධනා කරනව කියවන්න ..)

Monday, March 17, 2014

=== පිපෙන්නට තව බොහෝ කල් ඇති පොහොට්ටුටත් පෝ දාට පුප්පති... ====



පිපෙන්නට තව
බොහෝ කල් ඇති
පොහොට්ටුටත්  පෝ
දාට පුප්පති...
..
බලෙන් මෙන් කට තුලට
රිංගා, ඇගිල්ලෙන් පෙති
ඈත් කරවති..
...
එන්න නියමිත
දාට කලියෙන්
බඩ පලා ලදරුවන්
අරගති...
..
පිපෙන්නට තව
බොහෝ කල් ඇති
පොහොට්ටුටත්  පෝ
දාට පුප්පති...
...
අනේ කිසිවක්
නොදත් ඒ මල්
අදත් බුදු හිමි බලා
හිනැහෙති.. !
.
සුව කැමැත්තෙන්
පිපෙන්නට කිසි 
මලක් වෙත අපි
ඉඩක් දී නැති.
.
-- කුරුළු---

Tuesday, March 11, 2014

==============සබඳ එතැනට යන්න එනවද========= =======කවුරුත් නොකලට ගරු=====


'
බොහෝ විට දිය සිඳුණු පසු ගඟ
පතුල තුල සැඟවී තිබූ
පෙර දිනක එහි ගිලී මියදුණ
පෙම්වතුන් යලි වෙයි මතු
.
උඩට එන ඇට කැබලි පිසදා
පෙම්වතුන් ගැන නොම සිතූ
අයෙක් ලොවටම බලන්නට
සරසයි එයින් කෞතුක බිතු

පෙමින් වෙලි කල උන්ගෙ යහපත
කිසිම විටකත් නොම පැතූ
ඉඳහිටල ඇතැමෙක් තබා යති
මල් වැලක් එකිනෙක එතූ

පෙමින් වෙලි පෙම් වතුන් යුවලක්
ඊයෙ හවසත් උන් සතූ
කඳුලු හෙලනා හැටි දුටිමි ඇට
 සැකිලි ගැන  කියමින් ගතු

බිත්තියේ සැරසිල්ල මවනා
පෙම්වතුන් තම ඇට අතූ
වන වනා මොනවදෝ පවසයි
යනෙන මිනිසුන් වෙත තතු

පණ තිබුණ කාලයේ නොදැනුන
මොවුන් ගේ ආලය මතු
පරපුරට දැන ගන්න හැකිවෙද
දෙස බලා පණ නැති කටූ

ප්‍රේමයට නිසි ඉසිඹු ලද නැති
නිසා දුටුවත් උන් මරු
සබඳ  එතැනට යන්න එනවද
කවුරුත් නොකලට ගරු

හරියටම හෙට, හඳට - ඉර ඉඩ
දෙන වෙලා වට එහි යමූ
රෝස මල් දෙකකුත් අරන් අපි
ලංවෙලා ආලෙන් ඉමූ

දිය සිඳුණු පසු ගඟ පතුල තුල
ඇට කැබලි මතුවී තිබූ
ගිලී මියදුණ පෙම්වතුන්
අප හට කියයි ප්‍රේමයෙ තතූ !
-- කුරුළු--

Monday, March 10, 2014

====කුරුළුත් එක්ක ආදරෙන් ====




=============කුරුළුත් එක්ක ආදරෙන් ======
මේ මම මීට අවුරුද්දකට විතර ඉහතදි බස් රේඩියෝ කණ්ඩායමේ ඉදැද්දි බස් රේඩියෝවේ කල වැඩ සටහනක්.. මම මේ වැඩසටහන් කොටස් වශයෙන් නුඹලාට දෙන්නම්..
මේ වැඩසටහන් පටිගත කිරීමේදී මට උදවු වුණ නෙරංජි සහ අයිෂ් සහෝදරියන් දෙදෙනාට පින්..
ඒ වගේමයි .. මලිති...
මලිති නිසා තමා මේ කුරුළුත් එක්ක ආදරෙන් වැඩසටහන මෙච්චර ලස්සනට නිර්මාණය වුනේ..
මේ ලස්සනට කුරුළුත් එක්ක ආදරෙන් කියල කියන්නෙ මලිතියා...
ඒ වගේම ඒ කාලයේ මාත් එක්ක එකට හිටි මගේ හැම සහෘදයෙක්ටම තුති... !!!

වෙලාවක් තියෙන අය අහල බලල කමෙන්ටුවක් දෙන්න...!. කට හඩනම් අවුල් ඇති ඒත් වැඩ සටහන ගැන බලන්න.. !..


කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 01

කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 02
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 03
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 04
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 05
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 06

Tuesday, March 4, 2014

===නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ====


ඒ ගිය අවුරුද්දෙ නොවැම්බර් 20 වෙනි බදාදාවයි..!
මවිසින් භාර ගත් පරිදි දළඳා මාලිගාවේ තේවාව වැඩම වීම සඳහා උඩු වියන් පූජාවට
උඩු වියනද අතැතිව කරඩුව විවෘත කරන තුරු ඉදිරිපස සිටගෙන සිටියෙමි..!
ඒ වියන ගැනද නුඹට කිව යුතුමය..
මාගේ සීයාගේ අභාවයෙන් පසු මා හට සිහිනෙන් අවුත් කල ඉල්ලීමක් ලෙස දළදාමාලිගාවට උඩු වියනක් පූජා කිරීමට බාර ගතිමි.. එද අහම්බයකි..
මාගේ නෑදැයින් මාර්ගයෙන් කෙසේ හෝ මා හට ඉතා දුර්ලභ අවස්ථාවක් ලැබුනි. ඒ කෙම්මුර දින වල දානය වැඩම කරවන උඩු වියන පූජා කිරීමටයි.. උඩු වියන් පූජා කිරීමට පොරකමින් බලා සිටින පොහාසතුන් අතර මට මෙවැනි අවස්ථාවක් ලැබීම ඉතා භාග්‍යගක් කොට ගතිමි.. එදින් ඒ කටයුතු ඉතා උවමනාවෙන් ඉටු කිරීමට යුහුසුලු වුනෙමි..
මාද මාගේ පවුලේ - පරම්පරාවේ සියලු දෙනාගේ මහත් කැපවීමෙන් අවසනදී අප විසින්ම තැනු වර්ණවත් උඩු වියනක් නිම කිරීමට අපට හැකි විය.. මා ඒ පූජා කිරීමට මේ දැන් බලා සිටින්නේ දළදා වහන්සේ මහජනයාට විවර කරන තුරුය...
මා එසේ සිටගෙන සිටියදී..
ආරක්සක නිලධාරියකු පැමිණියේය..
- මල්ලි මොකෝ මෙතැන..
+ මම මේ උඩු වියන පූජා කරන්න ආවෙ අයියෙ..
- හ්ම්...
ඉන් පසු පැමිණියේ නිලමේ ඇදුමකින් සැරසුන රාජකාරි නියුතු අයෙකි..
* ඔබතුමා ඇයි මෙතැන..
+මේ උඩු වියනක් බාරයක් ඔප්පු කරන්න කියල...
* මල්ලි මෙතැනට ඔය වගේ ගොඩක් එනව අපිට ඇතුලට ය්න දෙන්න නම් බෑ..
අනික මල්ලිගෙ ඇදුම පාට වැඩියි බේලලෙ මාලෙත් දිලිසෙනව වැඩියි..
+ අයියෝ මාමෙ මේකෙ නිල් ඉරි විතරයි තියේනනෙ.. අනික ම මේ දාගෙන ඉන්නෙ රුද්‍රාක්ෂයක්නෙ...
* මොක වුනත් මට වැඩක් නැ ඔහොම ඇතුලට යන්න දෙන්න බෑ...
ඒ ඇසු මගේ අම්මාගේ මුන දුක් බර විය.. ඉන් පසු අප්පච්චිට ඇඳ ගැනීමට තිබු සුදු කමීසය මගේ නිල් ඉරි කමිසයට උඩින් ඇන්දවිණිත..
+ දැන් හරිද මාමේ
* එතකොට මාලේ
+ අනේ මාමෙ ඒකනම් ගලවන්න බෑ මම ඒක ආරක්කසාවට දාගෙන ඉන්‍ෙ
එහෙනම් ඇතුලට යන්න දෙන්න බෑ
එවිටම දළදා වහන්සේ වැඩ සිටි මාලිගාවේ දොර හැරගෙන හාමුදුරුනමක් මා සිටි දෙසට වැඩියහ.. උන්වහන්සේ කෙලින්ම මා ලගට පැමින නතර විය
කවුද මෙතැන දැන් වියන්ක් අරන් ඇවිල්ල ඉන්නෙ කොළඹ ඉදන් ??
සියල්ලන්ටම ඇසෙන පරිදි උන් වහන්සේ ඇසූහ
+ මම අපේ හාමුදුරුවනේ....
- හ්ම් මෙහෙන් එනව හොදයි !...
උන් වහන්සේ මාව ඇතුලටම කැදවාගෙන ගියහ . විය දළාදා වහන්සේ ලග තමා කරඩුව ට දණ ගසා වැඳිමටත් මට කැමති කාලයක් ඒ දෙස බලා සිටිමටත් හැකි විය..
මා හට බැන වැදුණ සියල්ලන්ටම ප්‍රශ්නයකි....
+ බොහොම පින් හාමුදුරුවුනේ .. මට තව ටිකෙන් ඇතුලට එන්න වේනනෙ නෑ...
- ආ ඒව හිත්න්නෝනන නැ පුතා ලොකු කුසලයක් කර ගත්ත කියල හිතන්ටකො බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඈ... ගිහින් එන්නට
වියන පූජා කර මා එලියට පැමැනියෙමි.. අත්ත්ම්මා මා පිලිගැනිමට බලා සිටියාය..
* මොකෝ පුතේ කිවුවෙ
+ මුකුත් නැ මම වැදල ආව
* පුදුමයිලු මේ හැමෝම කතා වුනා ඔය හාමුදරුවො කාටවත් ඇතුලට යන්න දෙන්නෙ නැලු.. මුරට හිටිය අයත් පුදුම වුනා පුතාව හොයලම අරන් යන කොට..
+ ඒක පුදුමයිනෙ හාමුදුරුවො කෝමද දන්නෙ මම කොළඹ ඉදන් එන බවක්....
කාරණා කෙසේ වෙතත් මම මාගේ සියලු නෑයන් සමග මුලු දළදා මාලිගාවේම ඇවිද්දෙමි.. පුදුම සතුටකි... මගුල් මඩුව, පත්තිරිප්පුව, ආදි ස්තාන නරඹා රාජා ඇතාගෙ අනුරුවද නරඹූවෙමි..
රාජාට පින්ය.... මහත් සේවයක් සිදු කල තැනැත්තෙකි....
 "එතැන සිටි වයසක සීයා කෙනෙක් මා හට ලගට කතා කර පුතා දන්නවද රාජා ආයෙ ඉපදිලාලු .. මේ ඇඩරුවම තියෙනවලු ලගදිම මාලිගාවට ගෙනෙයි.."""
පවසා පඩි පෙල බැස ගියේය.....
රාජාගේ අනුරුව ඇති ස්ථානයට එහායින් ඇත්තේ රජ මාලිගාවයි.... අන් කිසිවෙකුට ඒ වුවමනා වුනේ නැතත් එය බලා ගැනිමට මට උවමනා විය... මම තනිව ඒ පැත්තට පිය නැගීමි......
නැවුම් හැගුමක් ඇතිවිය.. ඒ කාලෙ රජාත් යන්න ඇති මෙැතන මෙහෙම කොච්චර නම් යන්න ඇතිද එහෙ මෙහෙ..
එහි දොර දෙපස මුර කුටි දෙකකි.. රාජපුරුෂයොනුත් ඉන්න ඇති...
ප්‍රධාන දොරටුවෙන් එලියට බැසීමි..... කෙලින්ම පේන්නෙ මහා විසාල වීදියකි.. පෙරහැර ගමන් කරන්නේද මැතැනිනි...
විටෙක මම මහ රජා මෙන් හාත් පස බලා ඒ රසය හිත ඇතුලෙන් තවත් විඳ ගැනීමට සිතා මඳක් එතැන පඩිපෙල උඩ හිඳ ගතිමි......
- අහ් පුතා මම එත් බැලුව කෝ කියල.....
( හිමි නමකි මට පසුපසින් විත් ආමන්ත්‍රණය කලෙන් තිගැස්සි ගියෙමි )
+හුන් තැනිනන් නැගිට්ටෙමි .. ආහ් හාමුදුරුවනේ දැක්කෙ නැ මම .. සමා වෙන්න... දණ ගසා වැන්දෙමි
- සුවපත් වේවා ! කාරියක් නැ.. පුතා ඔය පඩියෙ ඉන්න ම මෙතැන වාඩි වෙන්නම්...
+ හාමුදුරුවො මාව දන්නවද ? මාව හෙවුවයි කිවුවෙ !!!
- පුතාව දන්නවද ?... හ්ම ්ඒක නම් බැරෑරුම් ප්‍රශන්යක් කොලුවො... අද නම් මම පුතාව දැක්කෙ අර වියන පුජා කරන්න ඉන්න කොට..
+ අහ් ඔවු අර ආරක්සක අය කැ ගැහවනෙ මට යන්න දන්න බෑ කියල..
- එත් පුතා ගියානෙ.... ඇතුලට නේද ?
+ ඔවු ඇතුලෙන් ආපු හාමුදුරුවො එක්කන් ගියා..
- හ්ම්..... ඒ ආරක්සක ඇත්තො එහෙම තමා ඒ කාලෙ ඉදන්ම...
+ ඒ කාලෙ ඉදන්ම කිවුවෙ.. ???
- කාලෙ තමා පුතේ හැම දේටම මුල.... මම මේහෙම කියන්නම්.. පුතේ... පුතා දන්නවද දළදා වහන්සේව ආපදා වලින් ආරස්සා කරන්න ඉස්සර රජ කාලෙ ඉදන් මිනිස්සු වෙහෙසුනා.. මඩේ හංගල ගස් බෙන වල හංගල තැන් තැන් වලට අරන් ගිහිල්ල මිනිස්සු මේක රැක්ක.. තමන්ගෙ දිවි හිමියෙන්.. ඒ බුදුන් වහන්සේට තිබුන ගෞරවේට...
+ ඔවු.. මම ඒ ගැන අහල තියෙනව..
- ඒ කවුරුත් නිවන් දැක්කෙ නැනෙ පුතේ... ඒ ඇත්තො තාමත් සසරෙ මේ දළදා වහන්සේව රකින්න දළාදා වහන්සේ එක්කම ඉන්නව... මැරි මැරි ඉපදි ඉපදි..
+ මොකක් එතකොට හාමුදරුවො කිය්නනෙ ඔය ඉනනෙ ඒ දවස් වල හිටි ය හේවායො කියලද ???
- නැත්තං පුතේ... ඔය ආවතේව කරන්නෙත් එහෙම අය.. කාලෙන් කාලෙට දළදාව බලා ගත්තු උදවිය ආයෙ බුදු කෙනෙක් පහල වෙලා ධර්මය අවබෝධ වෙලා නිවන් දකිනකම් මේ ගමන යනව.. පුතා හිතට ගන්න... මෛත්‍රී බුදුන්ගෙ කාලෙදි ඉස්සෙල්ලාම නිවන් අවබෝධ කරන්නෙ මේ උදවිය.. දළදාව විතරක් නෙවේ මේ හෙළයේම ධර්මයට ගරු කරන පිරිස එහෙමයි...
+ හ්ම් ඒක මම මෙච්චර කල් හිතුවෙ නැතිකාරණයක් . හාමුදුරුවො කොහොමද දන්නෙ....
- දන්නෙ ???? ඒක පුතාට තේරේවි... පුතා අද වියන අරන් ආවෙ අහම්බෙන්ද ?
+ ඔවු මට වියනක් පුජා කරන්නලැබුන එක පුදුම අහම්බයක්....
- නෑ මයෙ පුතේ ඒක පුතා හැම භවයම කරන දෙයක්.. පුතා ඉස්සරත් එහෙමයි මට මතකයි අද දුන්න වගේ ලස්සන විල්ලුද නැත්ත පුතාට තිබුන පඩු රෙද්දක් පුතාගෙ අතින්ම සකස් කරල පුතා පූජා කලා දළාදාවට... ඒ කාලෙ..
+ මට මතක නැනෙ කොයි කාලෙද ??
- හැහ්.. මයෙ පුතේ කාලෙ තමා ප්‍රස්නෙ.... පුතා ආයෙ එයි මේ වගේම වියනක් අරන් ආයෙ.... පුතාට ඇතුලට යන්න ලැබෙනව කාටවත් බැ එක්ට බාධා කරන්න.. පුතා හිත්න්න මේ නුවර කොයිතරම් පොලිස් නිලදරුවො ඇතිද ? මිනිස්සු ඇතිද එත් මේ දළදාවට ආවතේව කරන්න ලැබෙන්නෙ එහෙමත් පිරිසකට.. ඒක අහම්බයක් නෙවේ මම අර කිවුව වගේ බොහොම ඉස්සර දළදාව රැකපු උදවිය.. ඒ අය දිගටම ඒක කරනව..
+ හරි පුදුමයි හාමුදරුවනේ බුදුන් වහන්සේ කිවුව සසර ගමන ඇත්ත නේද එතකොට..
- හැහ මම තව දෙයක් කියන්ම් පුතාට.. රාජා ඇතා.. ! පුතා දැන් බලල ආවෙ.. ආං ඒ ඇත්තත් එහෙමයි.. ආයෙ ආයෙ එනව මේ දළදාව කරේ තියන් යන්න ඒක ඒ ඇත්තගෙ රාජකාරිය..
+ ඔවු ඔවු මට සිය කෙනෙක් කිවුව රාජා ඇතා ආයෙ ඉපදිලා කියල
- එක්නෙ .. එයාට එන්නෙ නැතිව ඉන්න බෑ .... පුතා දන්නවද ඒ කවුද කියල.. !
+ කවුද ? රාජා ඇතාද ? නෑනෙ...
- ඒ තමා " දන්ත ".. දඹදිව ඉදන් හෙළයට දළදාව වැඩම්වුවා ඒක එයාගෙ රාජකාරිය වුනා.. ඒක අදටත් එහෙමයි කරපිටින් දළදාව වඩම්මනව නිවන් අවබෝධයට යනකම්..
+ එතකොට දැන් රාජා නෑ.. දැන් කරඩුව වඩම්මන්නෙ... !
- හ්ම් ඒ " හේම මාලා කුමරිය " ඒ දෙන්න මාරුවෙන් මාරුවට දළදා වහන්සේව වඩම්මනව... ඒකයි එච්චර ආඩම්බර විදියට යන්නෙ පෙරහැරේ.....
+ අනේ මන්ද හරි පුදුමයි.... හාමුදරුවො කවුද.....
- මමද ?? මට නමක් නෑ... පු‍තේ.... මම දැන් යන්නෝන මම ආවෙ පුතාගෙ උඩු වියන් පූජාවට පුතාව ඇතුලට ගන්න උදවු කරන්න.... ආහ් තව දෙයක් ඔය පුතාගෙ බේලලෙ තියෙන රුද්‍රාව ගලවන්නෙපා කවදාකවත් .. ඒත ඔයාව රකීවි....
+ ඔවු හාමුදරුවනේ මම ඒක ආසාවෙන් දාගෙන ඉ්නනෙ...
මා එසේ පව සන විටත් හාමුදුරුවන් ඒ මාලිගාවේ ඇතුලට වැඩම කර හමාරය..
+ හාමුදුරුවනේ නම වත් කිවුව නම්.. මට මගේ අප්පච්චිටත් මේ විස්තරේ කියන්න තිබුන...
- පුතා මාව දන්නව..  හොදට... මගේ නම " මුණ්ඩ ".. මගෙත් රාජකාරිය බුදුන්ව රකින එක.. නිවන් දකින කම්.....
( මාලිගාව ඇතුලෙන් දෝංකාරයකුත් සමග හාමුදුරුවන්ගේ කට හඩ පමණක් ඇසිණ )
++ මු... මුණ්ඩ ? " මම දන්නෙ " දැඩිමුණ්ඩ" විතරයිනෙ.....
මම වහා නැගිට මාලිගාව ඇතුලට දිව ගියෙමි...... වම් පැත්තෙහිවත් දකුණෙහිවත් හාමුදරුවන් නැත.. එතැන පුරා වස්තු විස්තර කරන ඒ නිලධාරියා පමණක් පුටුවේ ඉදගෙන සිටියේය...
+ අංකල් ! අර දැන් මෙතැනින් ගිය හාමුදුරුවො කොයි පැත්තටද ගියේ !!!
** දැන් පැය බාගෙක වෙලේ ඉදන් මෙතැනට ආවෙ ඔය පුතා විතරයි නෙ !.....
***** " මොන ! හාමුදුරුවෙක්ද  !!!! *****
====================
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති බණත් අහන්නැති
ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
.
දෙවුරම් වෙහෙරට
යන්න එන්න ඇති බුදුන් වදින්න ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
.
අපිත් එක්ක සිටි අපේම යාලුවො
නිවන් දකින්නැති ඒ කාලෙ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසා‍රේ..
..
http://www.youtube.com/watch?v=FCuaiSfTcgc
-----කුරුළු------