Sunday, March 2, 2014

=== සිල් ගත් මහ රජ මහ වෙහෙරට - මල් පුදනා මහ වෙහෙරට ===== පියාණනේ නුඹ නොපෙනෙනවා ======


.
සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..
අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..
ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙ‍නුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )
මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !

අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...
අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ
ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..
ම් මුකුත් නෑනෙ සීයෙ..
තොගෙ වයස කීයද කන් ඇහෙන්න‍ෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙැතන ඉදන් ගම පේනවා..
අහපන් පංසලේ පීකරේ එන කවි බණ සද්දෙ... මට පේනව සුදු ඇදපු මිනිස්සු පන්සලේ පිිල මල් අරන් තෙල් අරන් එහා මෙහා යන හැටි තව සමහරු වදින හැටි... ඒතකොට ටිකක් වම් පැත්තට වෙන්න උඹට ඇහේනනෙ නැද්ද මොහිදින් බෙග් මහත්තයගෙ බුදුනේ සින්දුව. ඒ එකත් එකටම හන්දියෙ දන්සලේ.. ඕක පටන් ගත්තෙ අපි උඹලටත් වඩා පුංචි කාලෙ.. ඒ දවස්වල වගේ ඇති අදත් සෙනග පොර කනව ඇති.. මට ඇහුන ඩෝං සද්දෙ පටන්ගත්තු... එකෙක් පොලිම් හදනව ඇති.. තව උන් බත් බෙදනව ඇති.. එතැන එකම යුද්ධයක්නෙ තියෙන්නෙ වෙසක් පෝයට...
තව දැන් ටිකකට කලින් කොල්ලො දෙන්නෙක් මෙැතනින් බට පතුරු වගයක් උස්සන් ගියා එකත් එකටම ඒ කූඩු හදන්න.. මාත් එහෙමයි බං පොඩි කාලෙ අන්තිම මොහොතෙ තමා වෙසක් කූඩු හදන්නෙ අප්පච්චිගෙන් බැනුම් අහල ඉවරයක් නෑ අන්තිම මොහොතෙ බදාගෙන... එක දවසක් මම කූඩුවක් හදල හැමෝටම හොරෙන් ගෙයින් එලියට ගන්න බෑ දොරට වඩා ලොකුයි...හරි සුන්දරයි කොලුවෙ ඒ කාලෙ...
උඹට පේනවද අර ගස් වලට උඩින පේන බෞද්ධ කොඩිය..
ආ ඔවු ඔවු
ඒ තබා මං හන්දියෙ තොරණ.... වෙනදටනම් ඉතින් අපි ඒක ලගමයි.. යමරෙට වැඩ.. මට මතකයි මම්ත ඕකෙ බල්බ් හයි කලා මේ පාර සාන්තිවාදි ජාතකයලු තියේනනෙ.. මට කොල්ලෙක් කිවුව..
මට මේ වගේ මුලු ගමේම දේවල් කියතැකි...
ඇත්තටම මා හට විසාල දුකකුත් පුදුමයකුත් ඇති වුනි.. ඒ මේ දේවල් දැකීමට තරම් මා පොහොසතෙකු නොවීමත් මෙතරම් වියපත් වීත් මනසින් ඒවා දැක සතුටු වීමට තරම් හයියක් සීයා තුල තිබීමත්ය..
සීයා මාරයිනෙ මුලු ගමම දකින කිවුවෙ එහෙමයි එකොට..

ඔවු පුතේ දැන් මට ඉස්සර වගේ ගම ව‍ටේ යන්න බෑනේ කාගෙ හරි වාරුවක් ඕන...
ඇයි සීයෙ සීයගෙ පුතාල කෝ.. මම දැක්කනෙ මාමල ඊයෙත් ඉන්නව කෝ මාමගෙ පුතා එහෙම..
උන්ට වැඩ පුතේ... උදේම පිටත් වුනා ට්‍රිප් එකක් යනව කියල අතරමග දන්සල් වැඳගෙනම..
ආහ් මම හිතුව දන්සල පැත්තෙ ඇති කියල..
කොහෙද බං උන්ට ඒවයෙ වටිනාකම්ක් .. ගමේ දන්සලට උදව් වෙන්න යන්නෙ ණෑ.. උන් ගමේ නැති නිසා කොළඹ පදිංචි නිසා ගමේ උන්ව අදුරන්නෙ නෑලු..ඒ නිසා බෑ කිවුවෙ.. හැබයි බං දන්සලකට උදවු කන්න එහෙම දැනගන්නම ඕන නෑ...
එතකොට සීයෙ අර දන්සලේ අය ආවෙ නැද්ද සීයව එක්කන් යන්න සීයලනෙ පරණ අය ඒක කරපු..
පුතා මේ පළාතට අලුත්ද ?
ඔවු මම ඇවිල්ල මාල 6ක් ඇති..
ඒක තමා..අනේ නෑබං අපි දැන් වයසයි.. විවෘත කරීම් දෙකට විතර එන්න කිවුව ඒ ගොඩක් කලින් අවුරුදු වල දැන් අපිට එන්න කිය්නනෙ නෑ බං දැන් එන්නෙ මන්තිරිල.. අනික එතැන ඉන්න උන ්අපිව දන්නෙ නෑ..පෝලිම් වල ඉන්න අමාරුයි බං දැන් අපිට..
ඉතින් දන්සල් බත් එකක් එවැන්න එපැයි ගෙදරට
හැමෝටම වැඩනෙ පුතේ... ! හා ඒක නෙවේ යමුද කහට එකක් බොන්න ඇතුලට..
හාකො යමු සීයෙ.....
ගේ ඇතුලට යනකොටම වයසක ආච්චිඅම්මා කෙනෙක් අතේ තේ දෙකක් රැගෙන පැමිණියාය...
මම මේ එලියෙ කතා කර කර ඉන්න නිසා ඇතුලට එන්න කියන්න හැදුවෙ...
මේ මොකෝ සීයෙ මේ.. සාලෙ පුරා සවුකොල... කුවද කූඩු හදන්නෙ දැන් කවුරුත් නෑ කිවුව නේද ගේ..

ඔවු පුතේ මමයි හදන්නෙ.. පුතාලටයි උන්ගෙ පුතාලටයි කූඩුවක් හදන්න වෙලාවක් නෑ..
එත් හවහට ගේ හිස් කරල තියන්න බෑනෙ.. මම මේ ගමේ කුරුට්ටෙක් අල්ලන් හැදුව පොඩි කූඩු දෙකක්..ඒක අලවන්න පාප්ප හදන්න පාං පිටි නෑ.. පොඩි එකාව යැවුව කඩේට ඒ යවල තමා මේ ගේට්ටුව ලග හිටියෙ....
එවේලෙහිම පොඩි එකෙක් රිම් එකක නැගී බ්රූම් ගා ගේ ඉදිරි පිට නැවැත්තුවේය.. පාන්පිට ඔතා තිබු කඩදාසිය විසිකර පොල්කට්ටකට පාප්ප සාදා ගත් ඌ මා ැන කිසිම ගාණකට නොගෙව සීයා ලගින් වාඩි වී කූඩුව අලවන්නට විය...
කොලුලො උඹත් කහට එකක් බොනවද ?
එපා සීයෙ මම කඩේ ගාව දන්සලෙන් සරුවත් එකක් බිවුව..!
මද වේලාවක් කල්පනාවේ නිග්ම මා තුල හටග් ප්‍රස්න සදහා පිලිතුරු සෙවීමට උත්සාහ ගතිමි...
පුතා මේ කොහේ යන ගමන්ද එතකොට..
මම මේ යන්න කියල අද .... පන්සලේ ‍පොඩි වැඩක් කරනවා අපි කට්ටිය එකතු වෙලා අපි ඉස්සර හිටයෙ එහෙ පදිංචි වෙලා ඉතින් අදුරන අය ඉන්නෙ එහෙ...
අනේ හොදයි.... පුතා කූඩු හැදුවද...?
මට ඉස්මොල්ලේ පැන්නේය... ඔ..ඔවු සීයෙ...
ආන් හොදයි......
හරි එහෙනම් සීයෙ මම යනව මට ටික් පරක්කු වුනා.. දඩිබිඩි ගා හුස්මට කහට උගුරු බී මම පැවසුවෙමි
හදිසියෙම හාකො හාකො දැන අදුන ගත්තට සතුටුයි ආයෙ දැක්කොත් කතා නොකර යන්නෙපා ..
අනේ නෑ සීයෙ මම අප්පච්චිටත් කියන්නම්කො සීය එක්ක කතා කරන්න කියල..

අප්පච්චි.. ? පුතාල කොහෙද... !
අපි නුවර..
හ්ම් ඒක තමා මම මේ බැලුවෙ මාත් එක්ක නතර වෙලා කතා කරන්න තඑම් වෙලාවක් තිබුනෙ කෝමද කියල !
සීයටත් ආච්චිටත් සමුදුන් මම ගේට්ටව දක්වා පැමිණියෙමි.. යා යුතු වන්නේ පාර පැත්තට වුණත් දෙවරක් නොහිතම ආපසු නිවෙස දිසාවට හැරුනෙමි....
මා අපේ නිවසේ ගේටුටව හැර හොරෛක් මෙන් එබී දොර හරහා සාලය දෙස බැලීමි..
හිතුවා හරිය .... ! අප්පච්චී තනියම සාලයේ මැද ඉද කූඩු අලවයි.....
මම බිම බලා ගතිමි......!!!

==========
පලංචියේ වැඩ ඉඳගෙන මහ සෑයේ හුණු තවරණ පියාණෙනී
හුණු බදාම ඔසවා දෙන නුඹෙ අත් දෙක රිදෙනවාද - පුතණුවනේ..
.
සිල් ගත් මහ රජ මහ වෙහෙරට
මල් පුදනා මහ වෙහෙරට
පියාණනේ නුඹ නොපෙනෙනවා
.
ඇල්මෙන් අකුරට යන විට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා.....
.
රන් ඉනිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අපි සිරසට රන් කොත වෙනවා
.
සල් මල් පෙති පරවීගිය
මල් ආසනයේ පාමුල
නුඹෙ දාඩිය සුවඳ තියෙනවා....
-- ගුණදාස කපුගේ ශූරීන්..
http://www.youtube.com/watch?v=kzAUwGYFlqI
================
---කුරුළු---

Sunday, February 23, 2014

ගලවා විසි කලත් හදවත - හිතට මදී...!



ඇත්තයි නුඹව හීනෙන් දැක්කාට මදී
මන්දැයි කරන්නේ හිත හැමතැනම වදී
හෙමිහිට ඇවිත් නුඹ ආදර වදන් දිදී..
සත්තයි මගේ හිත එක පැත්තකට අදී

නුඹ ගැන පෙමින් මගෙ හිත හොදටෝම මිදී
ගල් වී තිබෙනු දැක ඇස්දෙක සුසුම් අදී
මොනවා කරන්නද සොදුරිය නුඹට‍ නොදී
ගලවා විසි කලත් හදවත - හිතට මදී...!
-කුරුළු-

Thursday, February 20, 2014

== දිවි අරනේ මධු මල් පිපෙනා බිඟු රැවු නැගෙනා == මේ ප්‍රථම වසන්තයයි...! =====


'
අයියා.. මට සනීප නෑ..
ඇය බොහෝ වේලාවල් වලදී මාගේ අවධානය දිනාගැනීම උදෙසා මෙසේ කියනා බව මම දනිමි..
හා ඇත්තද හොදයිනෙ..
හොදයි !!!
ඔයා අපෝ වැඩක් නෑ ඔයා නම් කෙනෙක්ට අසනීපයක් නම් හොදයි කියනවද..!
නැත්තං .. හොදයි තමා එතකොටනෙ අපි දන්නෙ ඒ මනුස්සය ඉස්සෙල්ල ඉදල තියෙන්නෙ හොදින් කියල.. එහෙම නැතතං දැන් එයාට පුලුවන් හොද වෙන්න. එහෙම නැතිනම් ඔය දෙයියොන්ගෙ ලෙඩ එහෙමනම් එක පාරක් හැදෙන එක තමා හොද !
හුහ්.. ! මදැයි මම මේ මිනිහට කිවුව අසනීප..
හරි හරි දැන් මොකක්ද අසනීපෙ කියන්න බලන්න..!
බෑ කිය්නනෙ නෑ.. ඔන නෑ..
එහෙනම් දැන් ඉස්සෙල්ල මැරෙන්න හැදුවෙ..
ඒ ඉස්සෙල්ල දැන වෙනස්.. කිය්නනෙම නෑ මං
ඒ මොකෝ කියන්නෙ නැත්තෙ
ඒ මට ඕන නිසා.. නැත්තං ඔයා ඕකත් ලියයි වොල් එකේ "සංකල්නා"වක් විදියට..
එතකොට කෙල්ලො ලයික් කරයි කොමෙන්ට් කරයි එපා එපා..
මොන බම්බුවක්ද මේ ! මට පිස්සු නෑ මේ ලෙඩ ගැන ලියන්න...
තමුසෙට කියන්න බැරිනම් නිකා ඉන්නව..මට බෑ මේ නාකි ගෑනු හුරතල් කරන්න..
හුහ් ඔවු ඔයාට මාව තමයි නාකි ගෑනු.. අර ෆේස්බුක් එකේ ඉන්න උන් හුරතල් කරන්න හොදයි !
මේ .......... මගෙන් අහගන්නෙපා හරිද...
අපෝ . අපෝ .. ඔන්න මගේ මහත්තයට තරහ ගියා.. ඒකනෙ මම ඔයාට ආදරේ..
ආදරේ.. යකෝ මාරු ආදරයක්නෙ මේක කෙන්ති ගස්සන එකද ආදරේ...
හරි හරි ඉතින් .. මට උණයි හෙම්බිරිස්සාවයි..
හෙම්බිරිස්සාව කෝමද ? තෙමුණද ??
ඇයි මම කිවුවෙ මාව පරණ ඔෆිස් එකට මාරු කලා කියල .. ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක නෑ .. පවු මේ නංගි බස් එකේ යනව.. කොහෙද අපිව ඉතින් කාර් වල එක්කන් යනනේ නෑනෙ..
ආ...... මේ මම ඩ්‍රැයිවර් කියල හිතුවද ඔහෙව ඔෆිස් එක්කන් යන්න.. ඒකනෙ මම කිවුවෙ මුලදිම ඔෆිස් වෑන් එකක යන්න කියල.....
මේ අයිය ඒක නෙවේ.... මට ඔයාට ආදරේ කරන්න ‍ඕන... ඔයාගෙන් ආදරේ ලබන්න නම් මොනවද කරන්න ඕන ඔයා හැමදාම මට බනිනවනේ මා එක් රන්ඩු වෙනවවනේ මගේ හොද අයියනේ මට ඔයාට ආදරේ කරන්න ඕන ආදරේ හිතෙන්නම...
හ්ම්..... එහෙනම් පෝලිට එකතු වෙන්න ගිහින්...
පෝලිම්... ??
ඔවු.. මට ආදරේ කරන්නත් මගෙන් ආදරේ ලබන්නත් පොලිමේ ඉන්නව.. යන්න ගිහින් පොලිමට එකතු වෙන්න..
ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඔයා හරී නරකයි.... මටත් පොලිමට එකතු වෙන්න කිවුවා..... මාව වටිනනෙ නැද්ද.. දුක නැතිද ඔයාට මේ නංගිව පෝලිම් වල තියන්න..
නෑ මගේ ආදරේ හරි ගණන්...
හුහ්... ඒකත් එහෙමද ??? බලා ගන්නව...ඊ....ර්ර්ර්..ර්.ගර්..ගර්..ගර්..
මොකෝ බොල ගොරවන්නෙ..
මට ඔයාව මරන්න ඕන...?
මරන්න..?
ඔවු මේ දැන් බෙල්ල මිරිකනව ලග හිටයනම්..
හා හා නංගි කලබල වෙන්න එපා ... ඒකටත් පොලිමක් තියෙනව.. ගිහින් ඒකට එකතු වෙන්න..
හි හි හි හි හි හි හරී.. ජෝක්ලු ඈ මගේ අයිය.... අනේ මේ... මෙයා දැන් ඔන්වට වඩා වැඩියි කෙල්ලො ගැන කියවනව අහුවෙනවකො..
ඇයි අහුවෙන්නෙ වැරදි කලොත්නෙ.. මම වැරදි කරනවනම් මෙලහකටත් ආරංචි වෙලානෙ..
නංගියො මම එකක් කියන්නම් මම මේච්චර ඔයාට ආදරෙයි කියල "කියලම තියෙදද්දි" ආයෙ ආයෙ ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ඒන්න එපා... මොකෝ මම වෙනස් වෙයි කියල හිතුවද මගේ ආදරේ වෙනස් වෙයි කියල හිතුනද ...!

මට බයයි අයිය..ඒකයි... හරි හරි අයිය වැඩ කරගන්න මම දොයියනව.. මේ මට උණ නෑ හොදේ.. හෙම්බි. විතරයි....
ආ.. එහෙමද... ලග හිටියනම් මිරිකව තොගෙ....
බෙල්ලද.. ?
නෑ.....ඒව වැඩක් නෑ. කොත්තම්ල්ලි ටිකක් බීල නිදියන්න සුදු නංගි..
මේ අයිය..තරහ නැතිව එක පාරක් කියනවද " ආදරෙන් " මට ආදරෙයි කියල...!!
හ්ම්.. මම ආදරෙයි සුදු නංගි...... !!
===============
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරනේ මධු මල් පිපෙනා බිඟු රැවු නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි...!
.
තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සදක් සේපායා
පහන් රැයක් වී ආවේ...
.
සිත පවස දරා මිරිඟුව අතරෙ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් වී පාවී..
වසන්තයක් වී ආවේ....
--ගීතය -- http://www.youtube.com/watch?v=7HEyvXkgTvk
================
-----කුරුළු---

Wednesday, February 19, 2014

== සඳේ ඔබ ඇයිද මේ යාමේ ===




මම ඒක මෙහෙම කියන්නම්....,
එක්තරා පෙම්වතියක් එක්තර තරුණයෙකුට පෙම් කරනව අසීමිතව.. ඒ තරුණයා ටිකක් ජනප්‍රිය කෙනෙක්.. මේ තරුණිය ගැන නොසලකුවට මේ තරුණයාට වෙනත් තරුණියෝ බොහෝ ප්‍රමාණයක් පෙම් බැන්ද ඒ වගේම ළං කරගෙනත් හිටිය....
එත් මේ තරුණිය සෑහෙන කාලයක් ඔහු වෙනුවෙන් බලන් ඉඳිනව..
එහෙත් ඔහුගෙන් කිසිම පිළිතුරක් හෝ සහනයක් නැති තැන ඇය වෙත් කෙනෙක් වෙත හැරෙනව.. තමන්ගෙ ආදරේම නොවුනත් එකතරා විදියක ආදරයක් පිළිගන්වනව... ,
ඊට ටික කාලෙකට පස්සෙ
අර කලින් පෙම් කල තරුණයා මේ තරුණියට ආදරේ කරන්න පටන් ගන්නව..
ඒ දරුවා අහන්න පටන් ගන්නව....
.
සදේ නුඹ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
හිතේ දුක හිරු නිවා දැමුවේ නැතිවද නුඹ දන්නේ
.
... මම නුඹව කොයි තරම් නම් සෙවුවද? මම නුඹව සොයන විට නුඹ මගේන් ගොඩක් දුර ඉදන් අනික් අයව ලං කරගෙන සතුටු වුනා නේද...... මම නුඹව ඉල්ලා නුඹ ළග හඩා වැටුනත් නුඹට එය දැනනේ නෑ නේද.. හඩමින් මා රෑ කීයක් නම් නොනිදා එළි කරන්නට ඇත්ද ?
ඔබ තරු වට කර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදා දුක වැලපෙන මා හට ඔබගෙන් කිමද පලේ
.
කවදා හරි නුඹව මට ලැබෙයි කියල මම නුඹව හිතේ තියන් කොයි තරම් හීනයන් දැක්කද? නුඹ දුරින් හිටයත් මට ඒක සතුටක් වුනා.... එත් දැන් මම වෙන කෙනෙක්ට ආදරේ කරනව.. ඒ මම බලාපොරොත්තු වුන ආදරේ නෙවෙයි.. සමහර වෙලාවට මට ඒක දරා ගන්න බෑ මාව පිච්චෙනව.. ඒත් දැන් මට එක් අමතක කරල ආයෙත් නුඹ ගාවට එන්න බෑ....


.
සද දෙස බල බල මා පැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ...
.
ගිනි හිරු පායා සොමිසද බැසලා මගෙ ලොව එලිය වෙලා......
සමාවෙන්න මට.....
.
මේ ගීතය අහන හැම මොහොතකම මට අසංකාරිකව හරි සසංකාරිකව හරි ඇයව සිහිවෙනව.....
--කුරුළු--

Tuesday, February 18, 2014

== වසත් සි‍යොත් කැල ගැයුවද ප්‍රේමයේ කවී == අපේ හදේ වස්සානය තවම නිම නැතී.. ==


. දින කිහිපයක්ම අමනාපෙන් සිටි මම ඇය වෙනුවෙන්ම යොදා ගෙන තිබුණ දුරකථන නාදය ඇසෙනු ඇසී... දුරකථනය වෙත දිව ගියේ තේ කෝප්පයද බිමට හලාගෙනය...
= හෙලෝ...
- හෙලෝ..... මිස්ට කුරුළුද ???
= නෑ මාස්ටර් කුරුළු , මිස්ට වෙන්න බැරි වුනා කෙල්ල පැනල ගියානෙ..
- හානේ.. පවූ..... ඔයා ඒ කෙල්ලට දුක් දෙන්න ඇති....
=නෑ ඒ කෙල්ලට සැප වැඩි වුනා එක්යි... දැන් ඇයි කතා කලේ..
- ආ... කතා කලේ.. පවුනෙ කියල ඉතින් අප්ප.. දුකෙන්නෙ ඉන්න ඇත්තෙ. අඩ අඩ ආරංචියක් ආව.. හරී.. දුකෙන් කුරුල්ලෙක් අඩනව කියල මේ නංගි නැතිව..
= කවුද ? මම ? හික්ස්.. කියපු කෙනාට වැරදිල අපි ජොලියෙන් ඉන්නව අනේ..
- ආ.. ඒක වෙන්න ඇති දැන් මම කොල් කරනකොට කර කර හිට වැඩෙත් එහෙමම දාල පෙරළගෙන දුවගෙන ආවෙ..
= ( ගෑනුන්ට ඉවද මන්ද පෙන් කියන්න වගේ කිය්නනෙ චැහ් ) ක..කවුද මම? මොනව පෙරල්න්නද අනේ.. ඇයි දැන් කතා කලේ..
- ඒ..මේ ..ෂ්.... ඒක නෙවේ... BIRD ව බලන්න ගියා කියල ආලංචියි..
= හික් හික් හික් හික්.. අනේ මෙහෙමත් ගෑනු.. මම එත් බැලුව මේ තකහනියක් කතා කලේ ඇයි කියල දවස් ගානකට පස්සෙ... ඉලිෂියාව නංගී... ඉලිෂියාව...
- අනේ මේ.. මට ඇති ඉරිසියාවක් නෑ... කියනවකො ඉතින් හම්බුනාද ඔයාගෙ මහ ලොකු බර්ඩ් ව.. !
= ඔවු..
- ඉතින් කතා කලාද ?
= නෑ යන්තං මිරිකල ආව...
- මොකක් !! කොහෙද ??
= අත.. මම අතට අතදීල සුභ පැතුව ඒකි මාව අදුර ගත්තෙ නෑ..
- හූ... ඈ.. පවූ........ මම අහන්නම්කො අක්කගෙන්..
= මොකක් ? ඔයාකොහොමද අහ්නනෙ..
- මම අහන්නම් මම අදුරනව ඒ අයව..
= ඔයා මට කියල නෑනෙ....
- මේ මිට්ට කුලුලු ඔයාට විතරක් නෙවේ අදුරන අය ඉන්නෙ හරිද ? ජොන් අයියවත් මම දන්නව හොදට මම ඒයාට ආදරේයි හූ ඈ...
= අහ් ජොන්ට ඉතින් කවුරුත් ආදරෙයිනෙ..
- නෑ මම ඊට වඩා ආදරෙයි ! එයා මගේ ගුරා..
= යකෝ මේව මම දන්නෙ නෑනෙ.... මම අහන්නම්කො ජෝනගෙන් ඊලග දවසෙ....
- හු හු හු හු.. පවු පවු....
= කොහොමද ජොන්ව දන්නෙ කැම්පස් එකෙන්ද ?
- ඔවු..
= කැලනිද..
- අනේ නෑ සුදු අයියෙ “ කිලිනොච්චියෙ “...
= ඔයා කැම්පස් ගියෙන් නෑනෙ....
- නෑ තමා.. මම ඒකෙ ටොයිලට් හේදුවනෙ...
= අපෝ ඒක තමා කට මේ.. ජොන් ගුරා වෙන්නෙ උත් ඒකද කලේ.. ! මම අහන්නම්කො..
- තරහා......යි.... ඌරා.... කතා කරන්නෙ නෑ මම ආයෙ....
= එපා, කතා කරන්න.. මට ඔයා එක්ක කතා නොකර බෑ..
- හෑ.. අනේ... ඔහොම කිය්නනෙපා .. ආදරේ හිතෙනව අයියේ..
= ඒ නිසා තමා කිවුවෙ... හොඳද.. ඇතිනෙ තරහ වෙලා හිටිය...
- ඇති... හරි හරි මම යනව අද මට පන්ති.. ඒ මේ.. ෂ්.. අද මම යන්නෙ ජොන්ව හම්බුවෙන්න .. හූ...ඈ...
= මොකා.......................ක්..........
=========================
මේ අහස මේ වගේ ගන නිල් සළුවකින් එතී
සැරසුණ එක් වසන්තක හමුවුනා අපී//
ගහ කොළද මල් පිපී සැරසී සුළගෙ දඟ වෙවී
ඔබයි මමයි ළං කල හැටි සිහිනයක් වැනී...
.
ඒ අතීතයේ ඔබ මිමිනූ වදන් යලි යලී
රාව නගන විට දෙනුවන් බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙලී
නටබුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී..
.
ඒ අහස මයි යලිත් අද නිල් සළුවකින් එතී
වසන්තයක මල් පිපෙනව සුළගෙ දඟ වෙවී
වසත් සි‍යොත් කැල ගැයුවද ප්‍රේමයේ කවී
අපේ හදේ වස්සානය තවම නිම නැතී..
..
ගීතය - http://www.youtube.com/watch?v=_GuMaohcxag
==========================
----- කුරුළු ----