Monday, February 17, 2014

=== හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි... ! ====


.
හෙට එනම් 2014-02-18 දින සවස 6.00 ට ටවර් රඟහලේ " විසේකාරියෝ " වේදිකා ගතවෙයි.... මා ඊට යාමට සූදානම්ය.. සැබැවින්ම මා ආදරය කරන BIRD ද එහි වෙයි.. මේ ඇ මුණ ගැසුනු පසු අප අතර සිදු වේ යැයි මා සිතු කතාවයි....
====
= සුභ පැතුම් ජෝනා ... උඹේ සත්තු වගේම මේකත් එල..
- ස්තුතයි කුරුළු අයියෙ..
වෙනද ව‍ගේම ඌ මාව බදා ගත්තෙ මාර ආදරෙන්...
- වරෙන්කො අයියෙ මේ නාට්ටියෙ අනික් අයටත් උඹව අඳුන්නල දෙන්න...
මේ... ඉන්නෙ .....යා... මෙයා ... මෙයා... මෙයා....
ජොන් එසේ එකිනෙක  " විසේකාරියන් " හඳුන්වා දෙමින් යද්දී එක් විසේකාරියක් හුඟක් දැක පුරුදු බවක් දැනුනි...
- කුරුළු අයිය මෙයාවනම් දන්නව ඇති  මෙයාට අපි කාඩ් එකට කියන්නෙ BIRD කියල... මෙයාගෙ නම නම් වෙන එකක්.. එත් කිරිල්ලියක් වගේ කොයි වෙලෙත් කච කච ගාන නිසා අපි කිය්න්නෙ බර්ඩ් කියල...
( හ්ම්.... මේ දෛවයත් අපිව කොහාටදෝ මන්දා ගෙන්නල කරකවල කරකවල අතාරිනව සිහි නැති වෙන්න ) නුඹලාට මතකනම් ම විසින් ‍දෙවැනි වතාවට ජොන්ගේ සත්තු වත්ත නැරඹු දිනට පසු දින ලියා තැබුවේ ඇය ගැනය... කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට නැවතී කාලය කා දැමුවේ ඇය වෙනුවෙනි...! දැන් ඇය මගේ ඉදිරිපිට සිනා සී අතට අත දීමට බලා සිටී.. එහෙත් මා ගොළුය...........
..
+ මොකෝ මේ ගොලු වෙලා.. මම බර්ඩ්....
= ( කියා ගත යුතු දෙයක් කල්පනා නොවූ යෙන් ගොත ගැසීමී. ආදරේ ගැන පොර ටොක් දෙන ආදරේ ගැන පම්පෝරි දෙන ආදරේ උගන්වන කුරුළු - ගොලු වී ඇත ) අහ් ඔයාටත් තියෙන්නෙ මගේ නම මයිනේ.. !
+ ඒ කිවුවෙ ??
= මගේ නම කුරුළු.. මම ජෝන්ගෙ යූත් එකේ යාලුවෙක් !...
+ කුරුළු කිවුවෙ ! කුරුළු නිස්කලංකද ? (ඇය මා දෙස බලා එරෙවුවේය )
= ඔවු ඇයි ! ඒ මම..
+ අහ් අල්ල ගන්න තමා මම මේ හිටියෙ
= ( දැන් ඉතින් ඉන්න‍ෙ මේ ලග අල්ල ගන්න එකනෙ ඇත්තෙ.. කියන්න සිතූවත් )
අඩේ අප්ප ඒ මොකෝ... !

+ මො‍කෝ ! මොකෝ තමා ඔයා මේ BRID ට ආදරේ කරනව කියල ෆේස් බුක් ඒකෙ ලියල ඒක හැම තැනම ෂෙයා වෙලා මට කැම්පස් එකේ ඉන්නත් නැති වුනානෙ..
= අනේ සමා වෙන්න මම හිතලමයි එහෙම කලේ ..!
+ හිතලමයි කලේ !
= ඔවු.. මම ඔයාට ආදරේ කරනවනෙ..
+ ඒක මාර කතාවක්නෙ..... ඒක වෙන්නෙ කෝමද ?
= ඒක වුනේ මෙහෙමයි..
ජොන්ගෙ සත්තු වත්ත ඉවර වෙලා කැලනියෙ ධර්මාලෝක ශාලාවේදි මම ඌට සුභ පතන්න ආව ස්ටේජ් එක උඩට.. ඔයා කොහේදෝ ඉඳන් මොකාද වගේ පැනල ජොන්ව බදා ගත්ත.. අන්න ඒ වෙලේ තමා මම ඔයාව දැක්කෙ .. එවෙල ඉදන් ආදරෙ හිතුණ..

+ එහෙම ආදරේ හිතෙන්නෙ කෝමද දෙයියනේ...
= මේ හිතුනේ එහෙනම්.. එදා ඇදන් හිටියෙ තද කොල පාට ගවුමක් ... දණහිස ලගට වගේ.. කොණ්ඩෙත් ගොතල තනි කරලට , මම එලියට එනකොට එතැන හෝල් එක ලග ඔයා ඩේ එකක් උඩ නැගල යාලුවො එක්ක හෙන කතාවක්.. මම කීප පාරක්ම හැරිල බැලුව එත් ඉතින් අපි මොක්කුද ඔයැයිලට නේ...!
+ හයියෝ..... මාව පටලන්න එපා අනේ....
= ඔයාට බොරුනම් අහන්න මාත් එක්ක කාර් එකේ හිටි අයගෙන් .. මම ගෙදර යනකම් කියෙවුවෙ ඔයා ගැන..
මම හෙදර ගිහිල්ල ත් කල්පනා කලා.. එත් මට ඔයා ගැන අහගන්න විදියක් තිබුනෙ නෑ... මම එවෙලෙම ජොන්ට කොල් කලා .. කොහෙද ඒකා ෆොන් එක උස්සන එකෙක්යෑ..... අන්තිමට මම වොල් එකේ කවියක් ලිවුව.. ඒක ඔයාට...

" මට දැනෙනා මේ සිතිවිලි - ඇයටත් එලෙසම දැනේද ?
මගේ සිතට මේ දැනෙනා - සිතිවිලි ආදරේ නේද ? "
== අවාසනාව ඔයා ෆේස් බුක් නැ කියල දැනගත්තෙ පහුවදා .. මට පහුවදා ඔයා ගැන සේරොම වගේ විස්තර ලැබුන.. මම ඒ ගැන ලියල තිබුන ඒක තමා ඔයා කියවල තියයෙන්න... මම ඒකෙ නොලියපු දෙයක් තිබුන..
+ ඒ මොකක්ද ?
= ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්න විත්තිය ..ලොකු සල්ලි කාරයෙක්... !
+ අහ් ඔවු..
= හ්ම්... ඉතින් මම අයින් වුනා.. මම පස්සට ය්නනෙ ආදරේදි නෙවේ සල්ලි වලදි ... දුර ඉදන් බලන් ආදරේ කරන එක කොයි තරම් සුන්දරද .. ජොන් කියනව වගේ මම සම්බන්ධ කමක් හදාගත්ත " ඔයාට තියෙන ආදරේ එක්ක" එදා ඉදන් මම ඔයාට කවි ලිවුව සංකල්පනා ලිවුව... හැබැයි ඔයා ඒව දකින්න නැතිව ඇති...
" මම ඇයට ආදරේ
බව හොඳට දැන දැනත්
ඇයට කවි ලියන එක
හොඳද මේ වෙන අයත්
ඇගෙ හිතේ ආදරේ
මගෙ නමට නැති වුණත්
දැන ගනින් ඇයටමයි
මගෙ කවිය, හෙට මළත් ! "
== මේකවියත් ඔයාට ලිවුවෙ.. ඇත්තටම ඒක පුදුම ආදරයක්... මම ඔයාට කරදර කලේ නැ.. හැබැයි ආදරේ කලා.. අදවෙනකම්..
+ ඔයා පුදුම කෙනෙක්නෙ කුරුළු.. ඉතින් ඇයි දැන් මට මේක කිය්නනේ..
= හහ් "ආදරේ හංගගෙන හොඳ මිනිහ වෙනවට වඩා හොඳයි - ආදරෙයි කියල නරක මිනිහ වෙන එක " ඔයා මට ආදරේ කරන්න ඕන කියල මම කිය්නනෙ නෑ..  එත් මම අදාරෙයි .. මට ඒ ඇති... දවසක ඔයාට ම හිතුනොත් මට ආදරේ කරන්න.. මම ඉන්නව..
" සොඳුර නුඹ මට අයිති නැති බව
ටිකෙන් ටික දැන් දැනෙනවා
නුඹට හිත ඇති අරුම ලොකවකට
නුඹ සෙමෙන් පා තියෙනවා
නොදැන නුඹ යන ගමන ගැන මට
හිතට බියකුත් හැ‍ඟෙනවා
නුඹෙ සිතට බිය දැනුන මොහොතක
සත්තකයි නුඹ හැරෙනවා
හිටපු තැන මම ඉන්නවා ""
මේ කවියත් ඔයාට ලියපු එකක් BIRD ''''
=== කොහොම වුණත් අද ඔයාගෙ රඟපෑම් නම් මරු සුභ පතනව ආයෙමත් " විසේකාරියෝ " කොහෙ තිබුණත් " කුරුළු " එනව බලන්න... ගිහින් එන්නම් බුදු සරණයි.. -- ආදරෙන් ඉන්න ---
+ හම්.. හා..
( ඇය මුන ගැසුණ විට මම ගොලු වීමි.. දැන් ඈ ගොලු ය.. ඇය කිසිත් නොකියා මා අතිව් අප්ප සමු දුනි.. ඒ පෙරට වඩා ලෙංගතුවය.. ! මා මෑත් වූ පසුත් වෙනදා මෙන් නොව ඇය නිහඩවම බිම බලා ගනු දුටුමි.... ආදරයෙන් තව කෙනෙක් රිදවූවාදෝයි පසුතැවීමක් ඇති විය ... )
මම යලි හැරුණෙමි....... එත් සත්තයි - මම ආදරෙයි!
පියමං කරනට නව මං ලොවකට
කාලයමයි මේ නුඹට, මටත් !
එනු මැන සබැඳිය,සොඳුරුයි දිවියම
අදට වඩා හොඳ වේවි හෙටත්.. !
-කුරුළු-

=====================================
මේ කිසිවක් තවම සිදු වී නැත..
එහෙත්..... !!!
මා ඇයට මේ ටික නොකියමි.. මගේ හඳ දිහා බිම ඉදන් බලනකොට ලස්සනට පෙනේවි... එත් හඳ අයිති අහසට.... !

======
බැබලීම වගෙම බැස යාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි... !
.
රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙන දන්න කෙනෙක් ලොව - මට හමු වෙලා නැතී
.
හිමි වන්න කියා හමුවන්න හිතක් නැතී
පින් වන්ත හිතේ විඳවන්න දුක්ක නැති
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළගම ඇතී...

ගීතය -
http://www.youtube.com/watch?v=UUwfNMRltZs
======
එන්න එතැනට ! ටවර් හෝල් එකට හෙට  කුරුළු එනව හරියට 6.00 ට BIRD ව බලල විසේකාරියො දකින්න..
---කුරුළු---

Sunday, February 16, 2014

====මාලිගාවක රජ කෙනෙක්වත් යනව‍දෝ කැඳවා==== වාසනාවන් එම සැදෑවට මා ඇවිත් යනවා=====




.
මීට බොහොම කාලයකට පෙරදී මට උවමනා වුනේ කූඩුවක් සෑදීමටය..
එය තනිව කල නොහැක්කකි..
ර්‍ඒ නිසා උදවුවට කැමති කෙනෙකුන් සොයා දසත සැරි සරූවෙමි..
අහම්බයකින් මට - නුඹ මුණ ගැසුනි...
මම නුඹට ඒ අදහස පැවසූවෙමි..
මුලදී අකමැති වූවත්.. තෙමාසයක් ඇතුලත මම නුඹව කැමති කරවා ගතිමි....
ලොවට හොරා කූඩු ව තැනීම ඇගේ අදහසකි...
කෙසේ වෙතත් අවසානයේදි සියලු දෙනා හට කිව යුතු බව දන්නා නිසා මම ඇගේ අදහසට එකග වුනෙමි..
ඇගේ නිවසේ කූඩුවක් ැතනිය නොහැක.. ඒ ඇගේ දෙමවු පියන් එ ්තරමටම සැපරුෂ වූ නිසාය..
ඉදින් අප දෙදෙන දෙමවුපියන්ටත් හොරෙන් කූඩුව සෑදීම ඇරඹුවෙමු...
ස්ථානය මගේ කාමරය ය..
බොහෝ අමාරුවෙන් ඇයත් මමත් අවුරුදු ගණනාවක් මහන්සි වී බට පතුරු කැපූවෙමු..
කූඩුවේ සැකිල්ල මගේ නිර්මාණයකි.. එය අටපට්ටමක් විය...
අප දෙදෙන එක් වී නිම කරන ‍කූඩුවෙන් සමාජයට ලෝ දහම මැනවින් විදහා දැක් විය යුතු යැයි මගේ අදහස විය..
නුඹද එයට එකග විය...
හතරැස් කොටු බැදීම සහ ඒවා එකලස් කිරීම ඇයගේ උදවුවෙන් සිදුවුනි...
මේ කූඩුවට පැටියෙක් දෙන්නෙක් එක් කිරීම ඇගේ අදහස විය..
එහෙත් මම මදකට පසු බෑවෙමි..
ඒ සාදන ලද මේ කූඩුව සැරසිලි කිරීමට පවා මා අත මුදල් නැත. ඒ ඉල්ලා ගත යුත්තේද අප්පච්චිගෙනි...
‍තවත් පැටවු එක් කලහොත් තත්වය බරපතල වන බව මම ඇයට පහදා දුනිමි..
කෙසේ හෝ පෙරෙත්ත කිරීමෙන් කූඩුව ප්‍රදර්ශනය කල පසු පැටවු එකතු කිරීමට මම එකග වුනෙමි..
කූඩුව සැරසිලි කල යුතු කාලය එලැඹුනි.. අප්පච්චිට නොකියාම බැරිය..
මෙතෙක් කල් කාමරයේ හංගාගෙන හිටි ‍අපේ කූඩුව ගැන අප්පච්චිටත් අම්මාටත් කීවෙමු.,
ඇයත් ඇගේ දෙමාපියන්ට පැවසුවාය.. ඔවුන්ද කූඩුව බැලීමට අපේ ගෙදරට පැමිණ මගේ අප්පච්චි එක්ක මොනවදෝ කියනු දුටිමි...
අප්පච්චි කාමරයට විත් මගේත් ඇගේත් මුහුනු දෙස බලා කූඩුව දෙසත් බලා සිනා සුනා මිස කිසිත් නොකීය...
එසේ වෙතත් දෙමාපිය ආශිර්වාදය මැද කූඩුව ඇරසීමට අපට හැකියාව ලැබුණි...
දෙදෙනාගේම හිත්තුලට මහා නිදහසක් දැනුනි... ඒ සමාජයට පෙන්වීමට කලින් දෙමාපියන්ගේ අවසරය ලැබුනු නිසාවෙනි...
කූඩුවේ වැඩ බොහෝ දුරට නිම වුනි...
එය ප්‍රදර්ශනය කිරීමට තිබෙන්නේ තව මාස කිහිපයකි.. අවුරුදු 5ක පමණ අප දෙදෙනාගේ වෙහෙස මහන්සිය ආදරය මත ඉදිූ කූඩුව නුඹලාට පෙන් වීමට තිබුනේ තව සුලු කාලයකි....
තව දුරටත් කාමරය තුල සැරසිලි කිරීමට ඉඩ නොතිබුනෙන් කූඩුව සාලයට ‍ගෙනඒමට සැරසුනෙමු...
අවාසනාවකි.....
අප නොපතනා දෙයක්ම සිදුවිණි
කාමරයේ දොර කුඩාය... අප දෙදෙන මෙතෙක් කල් කාමරය තුලට වී සැදූ කුඩුවේ පරිමාණය ඉතා විශාල වී තිබුනි ...
අප දෙදෙන දෙපැත්තට වී හැඩූ වෙමු.... සති ගනන් මාස ගනන් හැඩුවෙමු...
කල හැක්කක් නැත.. නිසි පිළියමක් ද නැත.. ඇත්තේ කූඩුව කඩා දැමීම පමණි..
දෙමාපියන්ද කිසිත් නෙකීවෝය..
අවසනදී සිය‍ල්ලනගේම යෝජනාව වූයේ කූඩුව කඩා දැමීමටය...
ඇයත් මාත් හඩමින් අප ආදරයෙන් තැනූ කූඩුව කැබලි කර දැමූවෙමු...
දැන්..
නැවත ඇයටත් - මටත් කූඩුවක් තැනීමට දෙමාපියන්ගෙන් අවසර නැත....
ඇය පිටත්ව ගියාය..... මම තවම කාමරය තුල ගුලිවී ඉතිරි වූ සවුකොල තෙත් කරමින් හඩන්නෙමි...
කෙසේ වෙතත් මාගේ අදහස පිලිගෙන කූඩුවක් තැනීමට ඇගේ මුලු කාලයම අවුරුදු 5ක් කැප කල ඇයට මම ස්තුති කරමි....
නුඹට හැකි නම් නුඹේ අදහස අනුව මගේ සැකිල්ල මතකයේ තබාගෙන වෙන කෙනෙකුන් හා එක්ව කූඩුවක් තනන් - පැටවුනුත් සමග !!
එය ලොවට පෙන්වන දාට මමත් එන්නම්...
සුභ පතන්න.....!!!
== මා නිසා ඔබ නොපිරූ පිරුම් - මා නිසා ඔබ නොපැතු පැතුම්
ඒ සිනා ‍මැද ඉටු වේවිනම් - ආයෙ නාවත් කම් නෑ ඉතින් ...==
.
කෝ එදා ඔබ අත පැලැන්දු මුදුව කෝ කොයිදෝ
නෑ මගේ සිත අන් කෙනෙකු ගැන කීවදෝ නැතිදෝ.....!!
.
මාලිගාවක රජ කෙනෙක්වත් යනව‍දෝ කැඳවා
වාසනාවන් එම සැදෑවට මා ඇවිත් යනවා
.
-කුරුළු--

=== මා හඳුනන මගෙ හදගත් කලණිය මට සොඳුරුයි සුරඟනට වඩා..===



= අයිය අපි බඳිමුකෝ...
+මොකක් !!
= මොකැක්... හුහ් මොකැක් නෙවේ අපි බඳිමූ...
+ මේ මොකෝ එක පාරටම හැදුණු පිස්සුව..!
= හප්පෝ ඔවු මෙයාට බඳිමු කිවුවාම පිස්සුලු... අනේ අපි බඳිමුකෝ අයියේ..!
+ බෑ..
= බෑ.... ඇයි බැරි .. මේ මේ මේ මාව අමාරුවෙ දාන්න ද හදන්නෙ.. !
+ අමාරුවෙ දානන්.. ! ඇයි මම මොනවද කලේ ඔයාට අමාරු වෙන්න.. හුහ්..
= නැ නැ.. දෙයියනේ.. අපි බඳිමු ඉතින් ජොලියටත් එක්ක..
+ මේක මාර රටක්නෙ යකඩො.. ජොලියට බඳින්න ..
= අපෝ හරි හරි.. එහෙනම් කැමති දවසක බඳිමු.. මම තරහයි..
+ නැ එහෙම නෙවේ නංගි අහන්නකො.. ඔයා වචන 10ක් කතා කලොත් 12ක් කියන්නෙ අපි බඳිමු කියලනේ..
= හෑ.. මෙන්න වැඩක් 10ක් කතා කලොත් 12 ක් ??
+ ඔවු ඔයා ඉතින් වැඩිපුරත් එකක්ත් කියනවනෙ...
= හම්.. හරි හරි.. අපෝ ඔයා බඳින්න බයයිනෙ බය ගුල්ල හු හු හු..
+ බඳින්න බය නෑ... ඊට පස්සවෛන දේවල් වලටයි බය..
= හෑ... හනිමූන් එකටද බය ???
+ නැ ඊරියෙ .. කැමතිනම් වෙඩින් එක නොගෙන හනිමුන් එක ගමු ..
= ඕං කිවුව ඉතින්.. මමයි කට වරද්ද ගන්නෙ..
+ නැ මම කිවුවටෙ පස්සෙ ජීවත් වෙන්න හදන්න ඕනනනෙ ඔයාට දුකක් දෙන්න බෑනෙ මට දරුවො.. !
= හ්ම්.. කවුද කිවුවෙ අයිය ගාව මට දුකයි කියල.. මට අයිය ගාව සැපයි..
+ හ්ම් දැන්නම් එහම කියයි.. මම එපැයි පිටි පැකට් නැ කියනකොට ළමයි අඩනකොට දුවන්න..
= නෑ අයිය ආදරේට බයයි..!
+ හ්ම් ..... ඉන්න බලන්න... ඔවු වෙලාවකට ම බය ඇති....
ආදරේ කියන්නෙ ඔය හෙම්බිරිස්සාව උණ වගේ දෙයක් නෙවේ හැදිල හොඳ වෙන.. ආදරේ කිය්නනේ ඒඩ්ස් වගේ මාරාන්තික රෝගයක් !
ඒක එක පාරක් හැදුනොත් හොඳ කරන්න බෑ නංගි... වෙනසකට තියෙන්නෙ.. ලගට එන අයට බෝ වෙනව... ඒක මාරාන්තිකයි... මට ඒ ආදර ලෙඩේ වැළඳුණ එක පාරක් තව කෙනෙකුට එක් දෙන්න මම ආස නැ නංගි...
= ඇයි අයිය ඒ සමහැ වෙලාවට වෙන කෙනෙක්ට පුළුව්න වෙන්න අති ඒ ඔයාගෙ ලෙඩේට බේත දෙන්න..
+ සමාවෙන්න නංගි.. මම ඔයාට කිය්නනෙ මට ආදරේ කරන්න එපා කියල.. මොකද මම වගේ තව කවුරුත් මේ ලෝකෙ ඉන්න හොඳ නෑ...
= නෑ හරි අයිය මට ආදරෙත් නැතිනම් අයිය මාව බඳින්නෙත් නැති නම් මම ජීවත් වෙන්නම් අයිය වෙනුවෙන්.. අයිය දිහා බලාගෙන... සත්තයි..
+ හහ් ඔහොම අය හිටිය ගොඩක් මගේ වටේ... ඒත් ඒ අය දැන් නෑ... මම වගේ දෙන්නෙක්ට මේලෝකෙ ඉඩ නෑ නංගි ඔයා වෙන කෙනෙක් හොයා ගන්න... මම ආස නෑ ඔයා අඩනවට මම නිසා.. ඔයාගෙ හිනාව නැතිවුනෝත ඒක මේ ලෝකෙට සෑහෙන පාඩුවක් හිනා වෙලා ඉන්න දරුවො...
= හුහ්.. මහ ලොකුවට ආදරේ ගැන ලියන්න නම් දන්නව.. එත් ආදරේ කරන හිතක් තේරුම් ගන්න බෑ... මහ නපුරුයි කුරුළු අයියෙ ඔයා නම්..
+ වෙන්න ඇති ඔයට හිතෙන දෙයක් හිතා ගන්න .. ඒක මට අදාල නෑ..
= අපෝ ඔය ඔය නපුරු කම තියෙන..
+ මගේ ආදරේ මට ලැබුනෙ එක්කෙනෙක්ගෙන් විතරයි මේච්චර කාලෙකට.. ඊට ප්සසෙ මම ආදරයක් දැක්කෙ නෑ... මම හොයන්නෙත් නෑ... මම කිවුවනෙ ඔයාට මේක ඒඩ්ස් වගේ... මහ පිළිකාවක්...
දුරින් ඉන්න.. කවි බලන්න.. කතා කියවන්න.. ලයික් කරන්න.. කමෙන්ට් කරන්න.. හැබයි ළගට එන්නෙපා ඒක අනතරු දායකයි... අනික මම ඔයාට කිය්නනෙ කිසිම දේකට හදිසි වෙන්නෙපා ජීවිතේදි....
අනික මතක තියාගන්න මම මේ ලියන දේවල් ඇතුලෙ මම නෑ.. මේවයින් මගේ හදවත මනින්නෙපා මගේ හදවත වෙනස්.... තේරුණාද.. දුරින් ඉඳන් සුවඳ විඳින්න හැබැයි සිප ගන්න තහනම්..
=අනේ අයිනේ මොනාද අප්ප මූදෙ ඉන්නෙ එක මාලුවද අනේ...ඔයා මේ හාල්මැස්සෙක් ගැන කතා කරනව අප්ප චැහ් අපි වගේ ඩොල්පින්ල ඉදැද්දි...
+ එත් නංගි මුදු යන්නෙ මං විතරද ??? අනික මට මගේ හාල්මැස්සි නැති නම් ඩොල්පින්ල වැඩක් නෑ... අර
= අනේ මේ.. ඔයා හදිසි නෑ.. ඔයා දැන් පරක්කුයි... අනේ කුරුළු අයියේ අපි බඳිමුකෝ.. හෙට හරි..... ඒ මේ.. මොකෝ කියන්නෙ.. ඔය කියන සුදු නංගිගෙ චරිතෙ මට එහෙම් පිටින්ම තියෙනව.. මට ඊට වඩා හොදට පුලුවන්.. මම ලස්සනයි නේ.. සුදුයි.. කොණ්ඩෙ ක්‍ර්ල්.. මේ බලන්න හිනාවෙනකොට ලස්සන.. මම ක්‍රිඩා වලටත් කප් ගහල තියෙනව.. මට පීනන්න පුලුවන්, නටන්න පුලුවන්, මැහුම් පුලුවන්.. , ම්... තව... තේ හදන්න පුලුවන් රහට.. මම උයල දෙනන්ම් , කවන්නම්කො, ඇඳුම් හෝදල මැදල දෙන්නම්... ළමයි බලාගන්නම්... ඒ මේ ෂ්... මිස්ට කුරුළු.... මොකෝ කිය්නනෙ.. ලිමිටඩ් ඔෆර් එක්ක ආ.... බඳිමුද !
+ හපොයි අයෙ පටන් ගත්ත.... දුවපියෝ....
==============
නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා...
.
සුරඟන රෑ සිරි තුටින හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගේ හදගත් කලණිය
මට සොඳුරුයි සුරඟනට වඩා..
.
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රෑ සිරු කුමටද
හද දුටු ජනපද කලන නිසා
-- සෝමතිලක ජයමහ මහතා --

----කුරුළු------

ගීතය.. ( මේ ගීත උදෙසාම ලියු අදහස් නොව.. අදහස ලියා ගීත එකතු කිරීම් ය )
http://www.youtube.com/watch?v=375hWvYIO18

Wednesday, February 12, 2014

--- හිරුසඳු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ..----




පිරිමි ළමයෙක්ට ගොඩක් ආදරේ කරපු ගෑනු ලමයෙක් ඉන්නව හැබැයි මෙයාට කවදාකවත් ඒ ආදරේ ලැබුනේ නෑ.. බාගදා ඒ ආදරේ නැති නාසාම නෙවේ..
ඒ පිරිමි ළමයගෙන් ඉඩක් නොලැබුන නිසා වෙන් පුලුවන් එමෙත් නැතිනම් කේන්දරයවත් හරස් වෙන්න ඇති,
ඉතින් මෙයා විවාහ වෙනව... ඒ වෙන කෙනෙක් එක්ක..
එත් අර ආදරේ කරපු තරුණයත් මෙයාව දාල යන්නෙ නෑ...
මෙයා දෙලොවක් අතර තනිවෙනව

 = රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි

=පෙම් රැහැනින් බැද සිතුම් වසගකල ආදරයි
.
ආදර ලෝක දෙකක් මැද මේ ළමය තනිවෙනව......
මේ අදාරේ ලග තියාගෙන ඒවා විදිමින් ගොඩාක් දුර යනව..
හැබයි ප්‍රශනයක් එනව සමාජීයව.. විවාහක නිසා තමන්ගෙ ආදරේට ඉඩක් ලබා දන්න මෙයාට බෑ..
හැබැයි මේ දරුව හිත ඇතුලෙන් ඒක විදිනව....
සමහර වලාවට මෙයා ගොඩාක් ඒ ගැන කල පනා කරනව හෙම්බත් වෙලා..
.
=කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි
= දෑල විදා හල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
= හිරුසඳු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ..
.
ඇය දෙන්නාටම පෙම්බදිනව.. ඉරත් හඳත් ඉර නම් විවාහක සැමියා හඳ නම් තම්නගේ ආදරේ.. දෙකම දෙපසින් තිබුනත් තමන්ට ආලෝකය ලැබුණත් ඇයගේ මුලු ආතමයම මහා ගණ කලුවරකින් වෙලිල. හේතුව ඇය දෙන්නටම ආදරය කරනව..
ඇය සඳට ආදරෙයි හැබැයි ඉරෙත් ප්‍රශ්නයක් නෑ ඇයට එලිය දෙනව ඇයව රැක බලා ගන්නව..
ඇය ඉරටත් සඳුටත් ආදරෙයි හැබයි සමාජ තත්වය අනුව එක වර දෙකටම නැගිය නොහැකියි...
.
= කනාටු සළගේ දුහුල් මලකි අද වල් මත් වී පාවෙන්නේ
= ඔබගෙන්දො ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...
.
ඇය මලානිකව ඔහේ යන එන හැම පැත්තකටම පාවෙනව..
සිත ස්ථාවර කර ගැනීමට විදිහක් නෑ..
මොකද තාමත් ඇය ඇයට නොලැබුන ආදරේට ආදරෙයි..
ඒ වගෙම  ඇයට ලැබුන ආදරේ දැන් ඇයව වෙලාගනිමින් තියෙනව..
ඇයට ප්‍රශ්නයක්..
.

ප්‍රේමයට ස්වයං වරයක් නැති වුනාම - අපිට වුනත් දොලොවක් අතර තනි වෙන් වෙන අවස්ථා එනව
මම එහෙම කිවුවෙ ඔයාට.........

Tuesday, February 11, 2014

=== අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් ===


කවුරුන් හෝ මාගෙන් ලංකාවේ ධනාත්මකය ගීතය කුමක්දැයි ඇසුවොතින් ..
ඒ මා දන්න පරිදි නම් " සුනිල් එදිරිසිංහ " මහතා ගායනා කරන
.
-- සොර දෙටුවෙක් කස තැලුම් කකා --- යන ගීය යැයි නම් කරමි..
එහි අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... ! ලෙස තිබුණත් වත්මන ධනාත්මක වීම දෙස බලන කල මෙය ඉතාම ධනාත්මකව මට පෙනේ.. !
අනේ සත්තයි මට තාම එච්චර ධනාත්මක වෙන්න බැරි වුණා..
හරිම සරළ වුණත් - මට පට්ට බරයි ඒ වචන ටික...
.
ඒ වගේම මට ඊට වඩා ධනාත්මක සිතුවිලි තියෙන ගීයක් හොයාගන්නත් බැරි වුණා..
ගීතය මෙහෙමයි..
සොර දෙටුවෙක් කස තැලුම් කකා - දංගෙඩියට ගෙනයන ගමනේ
වධක බෙරේ දැක සොරාගන්න එය - කදිමයි ලොබ සිතුවාලූ...
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- මරණයට නියම වුන සොරෙක් ගෙල සිඳලන්න දං ගෙඩියට ගෙනියන වෙලාවෙ එතැන වාදනය කරන වධක බෙරය දැකල ඒක හොරාගන්න ඇත්නම් කොච්චර දෙයක්ක කියල හිතුවාලු.. සොරෙක් සොරකම් කරන්නෙත් ජීවත් වෙන්න.. ඊටත් මේ වධක බෙරේ හොරකම් කරන්න තරම් හිතක් !!
.
බුදු පුතෙකුන් පිඬු සිගා වැඩියහොත් - දෙන්න වේයැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී - පැණි කොමු පිස කෑවේලූ..
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- අප දන්න ආකාරයට දැනට රහතන් වහන්සේලා නොමැති නිසා බෞද්ධයන්ට දිය හැකි උසස්ම දානයක්විදිහට බුද්ධ පුත්‍රයින් වහන්සේලාට දෙනු ලබන දානය නම් කරනව. මහත් ඉසුරු සැප සම්පත් ඇත්තෙක් පැණි කැවුම් කන්න ඇති වුණ ආසාව නිසා තනිව පැණි කැවුම් හදාගෙන කනවලු..මේ මනුස්සය කිසිම කෙනෙක්ට කිසි දෙයක් දෙන කෙනෙක් නේවේ.. එත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වැඩම කලොත් දෙන්න වෙනව .. ඒ නිසා ඒකත් නැති කරගන්න නිවසේ උඩු මහලට වෙලා පැණි කැවුම් හදාගෙන කෑවලු.... මට නම් ඒ ක මාර ධනාත්මකයි තමන්ගෙ ධනය රැකගන්න...
.
සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී - මහපොළවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත සුළං රැලි - අහෝ සැපයි කීවාලූ..
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- හොඳට හරි නරකට හරි බීමතින් සුරාවෙන් මත් වුන පුද්ගලයෙක් මහා ගල් පර්වථයකින් පහලට ලෙස්සට පාවෙලා බිමට වැටෙන්න එනකොට ඒ මනුස්සයට අතර මගදි හිතෙනවලු.. අනේ මේ මගේ ඇගෙ වදින සුළං රැලි කොච්චර නං සනීපද කියල... ඊලගට තමාට අත්වෙන මරණය ගැන නොහිත අන්තිම මොහොතෙත් සැපයක් ගැන හිතන්න තරම් කොච්චර හිතක්ද !!!!
.
මේ ගීතය ගැන මෙහෙම කීවාම සමහරුන්ට හිතෙන්න පුලුවන් මේ අල්වා ගැනීම ලෝභය තන්හාව කියල.. ! නෑ මට නම් මේක ධනාත්මකයි..
මොකද බෞද්ධයො වුණාට අපි බුදු වෙන්නෙ නෑ.. නිවන් යන්නෙත් නෑ...
අපි ඒතරම් එක එක දේවල් වලට බැඳීල..
මගේ ඇඳ - මගේ කෝප්පෙ - ම‍ගේ පිඟාන විතරක් නෙවේ සමහරුන්ට ගෙදර වැසිකිලිය තරම් වෙන කොහෙවත් නිදහසක් නැ..
ඔට්ටුයි.. ! උඹල එකෙක් වත් නිවන් යන්නෙ නෑ... බුදු දහම එච්චරට ගැඹුරුයි !,,,
අපිට එක සතේක දෙයක් අතාරින්න බෑ... හිතල බලන්න නුඹ ට වෙන්නු වුනු අතෑරගන්න බැරි කොච්චර පොඩි පොඩි දේවල් තියෙනවද කියල..
ඒව හෙන ධනාත්මකයි - ජීවත් වෙන්න ....
නිවන් යන්න නෙවෙයි..... !!!
පුළුවන් නම් මට කලින් නිවන් පලයල්ල.. ඒක ඔට්ටුවක් !
--කුරුළු----
ගීතය --
http://www.youtube.com/watch?v=T6-lDihGoHQ