Monday, February 10, 2014

=== සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවු හරණක් == භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබේ .. ඔබේ බුදු වදනක් ==




තැන මට නුඹට කිව නොහැකිය...
මට කී කෙනා කීවාක් මෙන් ම හමිදිරියෝම එහි පිටත් වීමි.. ගන මීදුම අතරින් ඇදුනු මෝටර් රථය එම ස්ථානයට මඳ දුරින් වූ මෝටර් රථ ගමනේ අවසානයට ලගා විනි.. කිසිවෙකුගේ අනුදැනුමකින් තොරවම මා හඳ සිටි සුදු පැහැති ඇදුමෙන් පවා මටම මේ ගමන මදක් ගුප්ත බවත් හැගවුනි....
ගල් තලාව මැදින් වනය තුලට ඇදුනු අඩිපාරේ ගමන් කළ මා තැන් තැන් වල නැවතී නියමිත මග සලකුණු පිරික්සුවේ මග නොවරදිනු පිණිසය..
එය - මහ වනය මැද පිහිටි කුඩා පැලකි.. පොල් අතු හෙවිල්ලා තිබුනු කුඩා කුටිය පිහිටා තිබුනේ කැලය එලි පෙහෙලි කල ඉඩම් ප්‍රමාණයක මැදට වන්නටය.. කොහෙන්දෝ මන්දා මෙතැනට පිටින් ගෙනැවිත් සුදු වැලි අතුරා තිබුනි... වැල්ල කොතරම් සියුම්ද යත් පුලුන් පිරවූ මෙට්යක ඇවිදිනවා හා සමාන සුවයක් දැනුනි.. පියවරක් පියවරක් පාසා මම යටි පතුල බැලුවේ, එහි දැවටෙන රැදෙන වැලි ගැසීමටය. එහෙත් එකදු වැලි දුහුවිල්ලක්වත් එහි නොවිනි..පෙනෙන්නට කිසිවෙකුත් එහිනැතත් මිනිස් පා සලකුනු නම් බොහොමයක් විය.. විමසිල්ලෙන් බැලු විට ඒවා සක්මන් කරන පුද්ගල පා සටහන් බව පෙනුනි...
කුඩා කුටිය අසල තවත් බුදු කුටියක් විනි... පැහැපත් මනා ලෙස නිර්මාණය කල බුදු රුවක්, මල් පීරිසියක්,පහනක් එතුල විය... සුවඳකූරු දල්වා තිබුනේ හරියටම එතැන බිම ය... ඉන් නැගුනු සුගන්ධය මීදුම් දුමාරයට එක් වී පරිසරයම සුවඳ වත් කලේය...
සිදු වන දේ කල යුතු දේ නොදත්  මම හරියටම ඒ කුටි දොර ඉදිරි පිට නැවතුනෙමි...
එතුලින් මතුවුයේ වයොවෘද හිමිනමකි... ඇගලා සිටීමට පවා අපහසු ලෙස ගොරහැඩි වී තිබුනු සිවුර සකසමින් සුහද සිනාවක් මවෙත දැක්වීය..
- ආ එහෙනං ආවද මාව බලන්න ?
* එහෙමයි හාමුදුරුවනේ...
- මම ඒත් බලං හිටිය පරක්කු මොකෝ කියල...
එයින් මම විස්මයට පත් වීමි.. ඒ මා මෙහි එනබවක් කිසිවෙකුටත් නොදැන්වූ නිසාවෙනි... මා මෙහි පැමිණියේ කෙනෙක්ගේ කීමට වුවත් ඔහු ජීවතුන් අතර සිටියෙකු නොවේ...
* පරක්කු....? හාමුදුරුවො දන්නවද මම අද එනව කියල ?
සියුම් මදහසක් දෙතාලග රැදින...
- අද එනව කියලනම් දන්නෙ නෑ  .. හැබැයි දැන් එන්න කාලෙ හරි කියලනම් දන්නව...
* හරි පුදුමයිනෙ හාමුදුරුවනෙ මම දන්න තරමින් මම මීට කලින් මෙහෙ ඇවිල්ල නැ පොඩි කාලෙත්.... අපෙ අම්මල අප්පච්චිලවත් ඇවිල්ල නෑනෙ... අනික මම කාටවත් කිවුවෙත් නෑනෙ මෙහෙ එනව කියල.. තනියෙන් හොයාගෙන ආවෙ...
- පුතේ... මම කිවද පුතා මෙහෙ ආව කියල ? පුතාවත් පුතාගෙ අප්පච්චිවත් මෙහෙ ඇවිල්ල නෑ.. හැබැයි පුතාතෙ සීයගෙ අප්පච්චි මෙහෙ ඇවිල්ල තියෙනව..
* ඉතින් මගෙත් එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ?
- මේන් මෙහෙ ඇතුලට ඇවිල්ල වාඩි වුනානම් පුතේ...
කොතරම් සිතේ හයියක් තිබුනත් මෙවේලෙහිනම් හීන් බයක් මා සිතට ඇතුලු වෙමින් පැවුතුනේ ‍මෙතෙක් සිදු වූ සියල්ල මා කිසිසේත්ම බලා පොරොත්තු නොවූ නිසාවෙනි..
-කෝ හදහන ගත්තනං බලන්න....
පුදුමයකි..! මා හදහන රැගෙන ආබව හාමුදරුවන් දන්නෙ කෙසේද ?
සත්‍යකාරණාව නම් මා මෙහි පැමිනියේ පෙරිදින මා හට සිහිනයකින් පෙනී සිටි ඒ අමුත්තා කියූ පරිදිය... ඒ කිසිවක් නොකියාම හදහන හාමුදරුවන්ට දුන්නෙමි..
උන්නාන්සෙ එය දිග හැර ගති...
- මම බලං ඉදල ඉදල බැරිම තැනයි පනිවිඩයක් යැවුවෙ....
* පණිවිඩයක් ? කාටද ? මට ලැබුනෙ නෑනෙ හාමුදුරුවනෙ..
( නැවතත් සිනා සුනා පමණි )
- ලැබුනෙ නැතිනම් මේ ආවෙ කොහොමද ?
( එකත් එකටම මේ පවසන්නේ මා දුටු සිහිනය විය යුතුය.. මා සිහිනයෙන් දැක ඇත්තේ මේ හාමුදුරුව්නගේ පනිවුඩය ද ? )
* සමාවෙන්න හාමුදරුවනේ මට තේරෙන්නෙ නෑ කිසි දෙයක් ... ? හාමුදුරුවො මාව දන්නෙ කෝමද ?
- මම පුතාව දන්නනෙ නෑ පුතේ පුතාගේ සීයගෙ තාත්තවනම් දන්නව... උන්නැහෙ මහ දක්සය.. සූරය... බොහොම කලාකාමියි.. හොද නිර්මාන කාරය... පන්සල් චිත්‍ර ගොඩක් ඇන්ද ඉස්සර... අපි ඒ දවස් වල කොච්චර නිර්මාන කලාද.. කැටයම් කොච්චර නම් කලාද ? එවුව කොච්චර මේ රටේ දැන් පිලිගත්තු නිර්මාණද... වෙලාවකට පුදුම සතුටක් පුතා දැනනේන‍....
* ඒක හරි ඒත හාමුදුරුවනේ මාව දන්නෙ කොහොමද ?
- පුතාගෙ පවුලෙ මියගිහින් තියේනනෙ කවුද ?
* ම් මට මතක නෑ මට මතක විදියට මගේ සීය විතරයි ඒකත් මේ ලගදි.... ආහ් ඒ ඇරෙන්න ඉතින් සීයගෙ තාත්ත මිය ගිහිල්ල හැබැයි ඒ අයව මම ද්නනෙ නෑ....
- පුතාගෙ මේ හදහන බැලුවාම කියන්න පුලුවන් මට පුතා අදටත් කලාව ආශ්‍රිතව නිර්මාන වල යෙදෙනව ඒව බොහොම ජනප්‍රියයි එහෙම නේද ?
* එහෙමයි.. ටිකක් විතර !
- පුතාගෙ ඔය කලා හැකියාව කොහෙන්ද පුතාට...
* උපතින් .. මගේ අප්පචිචි කියන විදියට නම් අපේ පවුලෙ වෙන කාටවත් මේ කලා හැකියාවල් තිබිල නෑ මගේ අප්පච්චි හැරුනු කොට අප්ච්චිගෙ තාත්තටත් නෑ... අප්ච්චිගෙ අනික් සහෝදර සහෝදරියන්ටවත් ඒ අයගෙ දරුවන්ටවත් නෑ.... මගෙ අප්ච්චිට තියෙනව - ඊට පස්සෙ මට ඊට පස්සෙ මගෙ මල්ලිට..
- හොදයි මම කිවුවොත් පුතාගෙ තාත්තට ආවෙ පුතාගෙන් කියල..!
* ඒක වෙන්න බෑනෙ හාමුදුරුවනෙ..
- ඒක එහෙමයි පුතා ඒක එහෙමයි... මම මෙච්චර වෙලා කියන්න හැදුවෙත් ඒකමයි.. පුතා, වෙන කවුරුත් නෙවේ.. පුතාගෙ සීය ගෙ තාත්ත.. ඒ කිය්නනෙ මගේ මිත්‍රයා... ඒ මිත්‍රයාට තිබුන හැකියාව එයාග පුතාට නැතිව පුතාගෙ පුතාට පිහිටුනා ඒ ඔයාගෙ අප්ප්චිට.. ඉට පස්සෙ ඔයා ආයෙ ඉපැදුනා පුතෙක් වෙලා... මේ හැකියාව වෙන කාගෙවත් නෙවේ ඔයාගෙමයි... ඒක දායාදයක්...
( මට මේ කියන කිසි දෙයක් නොතෙරුනත් බිරාන්ත වී අසා සිටියෙමි )
- පුතා තමා මේ පරම්පාරාව ගෙනියන පුරුක... මින් ඉදිරියටත් ‍එහෙමයි.. පුතා පුතාගෙ පරම්පරාව ගෙනියන්න ආයෙ ඇවිල්ල.. මම දනන්ව මගේ මිත්‍රයා ආයෙ එනව කියල.. මොකද එයාට මේ සාස්තරේ කියල දුන්නෙ මම .. මේ වරම දුන්නෙ මම... එයා උපදින හැම වාරයකම මාව මුනගැහෙන්න එනව පුතා... හැබැයි ඒ පුරුක පොඩ්ඩක් හෙලවුනා අතර මගදි ඒ නිසා මට සිද්ද වුනා පුතා ලගට පනිවුඩ කරුවෙක් එවන්න....
* එ.. එතකොට හාමුරුදුවො කවුද !
- කවුද කියල - නමක් නැහැ පුතේ... නමක් වැදගත් වෙන්නෙ නෑ... හොදයි මම පුතාට එන්න කිවුවෙ කාරණා කීපෙයකට... මේ ගෙවෙන කාලය පුතාට ටිකක් නරකයි... තව මාස කිහිපයකින් පුතා ඉහලට ගමන් කිරීම පටන් ගන්නව.. අවුරුදු දෙකකින් පුතා මුදුනටම ලගා වෙනව කාටවත් ලගා වෙන්න බැරි... ඒ අතරතුර නව නිර්මාන රාශියක් පුතා කරාවි... කලාවටත් මහා දියුනුවක් ලබාවි.. ඒත් මේ මේ මාස කිහිපය පරිස්සම් වන්න... පුතාට පුලුවනි නම් මම තැනක් කියන්නම්... ඒකෙ තියෙනව ... පිළිමයක්.. ඒකට බාරයක් වෙන්න... ඒ පිළිමෙත් නෙලුවෙ පුතාමයි ඒ දවස්වල...
* එතකොට හාමුදුරුවනේ මගෙ හදහනේ ඔය සේ‍රොම තියේනනෙ..
- හ හ හ හ නෑ දරුවො... පුතා මේ මා ගාවට ආවෙ දොලොස් වෙනි වතාවට මයෙ හිතේ...
* ඒ කිවුවෙ හාමුදුරුවොනේ
- ඒ කිවුවෙ මම දැන පුතාට කිවුවෙ පුතා ගැනයි පුතාගෙ සීයගෙ අප්පච්චි ගැනයිනෙ.. පුතා ඊට කලින්ුත් මා ගාවට ඇවිල් තියෙනව.. මේ වගේම... ඒ ගැන මම කිය්නනොන නෑ දැන්මම !.. හැම වාරයකදිම මේ වගේ තාම පුතාගෙ ජීවතේ ගෙවෙන්නෙ... පුතා කරන කුසල් අනුව එන්න එන්න හොද වෙනව එච්චරයි වෙනස... අපි හැමෝම ආයෙ අයෙ මේ ලෝකෙ උපදින එකම විදියට එකම ගොඩේ...

පුතේ... පුතාගෙ මරණය ඊලග උපත තීරණය කරනව, පිලිසිද ගැනීම උපත සිදු වෙන දවස තීරණය කරනව, උපදින දවස සහ වේලාව එතැන් පටන් ජීවත් වෙන ආකාරය සහ මරණය තීරණය කරනව.. ඕක වෙනස් කරන්න මහ බ්‍රහ්මයටවත් බෑ... එකම ක්‍රමේ නිවන් අවබෝධයයි....
* ඒ කිය්නනෙ හාමුදරුවො කෝමද මේව දන්නෙ.. එච්චර කල් හාමුදරුවො ජීවත් වෙලා හිටියද ? හාමුදරුවන්ගෙ වයස කීයද ?
- කාලය කිය්නනෙ බොහොම සුලු දෙයක් පුතා... හෙමින් ගමන් කරන කෙනේකට යම් දුරක් යන්න යන වෙලාවට වඩා වෙනස්නෙ වේගෙන් යන කෙනේකට... මෙහෙම හිතන්නකො.. අපි දෙන්න ක්‍රිඩාංගනයක් වටේ වට 10ක් දුවන්න පටන් ගන්නව... මම දුව්නනෙ ගොඩක් හෙමින්... පුතා වේගෙන් දුවනව.. ඉතින් පුතා වටයක් දුවල මාව පහු කරනව... වට දෙක්ක පහු කරනව.. බාගදා පුතා මාවව වට 9ක් පහු කරනකොට මම එක වටයක් දුවාවි... එතකොට මම පුතා එක වටයක් යනකොට අපි දෙන්න 9 වතාවක් මුන ගැහෙනව... මේ ගමනත් ඒ වගේ පුතා ... අපි එකට දුවන පිරිසක් ... එකම වටයක්.. එකිනෙකාගෙ මූනු මතක නැති එකයි ගැටලුව.. මගේ ගමන ගොඩාක් හෙමින්.. ඒ නිසා මට ඔයාලව මතකයි..
* ඒ.. ඒකියන්න‍ෙ ඔබ වහන්සෙ දෙවියෙක්ද ?
- හ හ හ හ ඒ නමත් හොදයි නේද ? අමුතු ගැලපීමක් තියෙනව.. මම කලිනුත් කිවුවනෙ නමින් වැඩක් නෑනෙ... හොදයි පුතාට දැන් යන්න වෙලාව හරි... ආයෙ ඕන වුනොත් එන්න මාව මුනුගැහෙන්න... නැති න්ම මම කතා කරන්නම්
* හා හොදමයි හාමුදරුවනේ.. මගේ නොම්බරේ.......
- නොම්බර මොකටද දරුවො මට... ඒවා වෙලාවට සිද්ධ වේවි... බලමු මේ ඉන්න කාලෙ පුතාට මම අලුත් දැනුමක් දෙන්න්ම්.. එතකොට මේක ඉලග දවසක ආයෙ උදවු වේවි....
( දොරෙන් එලියට පැමිනි මම උන්වහන්සේට වැද නමස්කාර කලෙමි... )
- බුදු සරණයි ගිහින් එන්න...
* හාමුදුරුවනේ.... මට ප්‍රහ්නයක් ආව... හාමුදුරුවො කිවුව විදිහට මම ගොඩක් කාලයක් මෙහෙට ඇවිල්ල තියෙනව ඒත් මට බැරිද හාමුදුරුවො වගේ වෙන්න..
- පුලුවනි..!
* ඒ ‍කොහොමද ?
- ඔය වැලි මලුවෙ තියෙනව නේද මිනිස් අඩි පා සටහන්... ඒව පුතේ කවුරුත් සක්මන් කරපුව නෙවෙයි.. පුතාම මෙහෙට ආ‍ගිය අඩි සටහන්.... පුතාට පුලුවනි නම් දැන් ටිකකට කලින් පුතා ආව අඩි සටහන් ටික මට බේරල වෙන් කරන්න මට පුලුවනි පුතාව මම වගේ කරන්න...
 මම කිසිත් නොකියා නැවත වාරයක් දණ ගසා වැඳ එතැනින් පිටත් වීමි....
සිදුවුනු දෑ - ඇසූ දෑ සියල්ල සිහිනක් මෙනි... සියල්ල දොංකාර දෙනු දැනේ... පියවර 30ක් පමණ ඇවිද ආ මම නැවත එක වරක් හෝ ඒ කුටිය සහ හිමි නම දකිනු රිසියෙන් හැරී බැලුවෙමි....
..... දසත ගන මීදුම ය ........
==========
සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවු හරණක්
භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබේ .. ඔබේ බුදු වදනක්...
.
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ 
සෙයා යන මං නොදැන මේ අඳුරේ //
යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
ඔබේ බුදු සිහිලක් !
.
මහා කරුණා නුවන් දිය ගැඹරේ 
ගිලී සැනහී නිවා ගිනි සසරේ //
පහන් වැට සේ සොයා ආයෙමි  හිමියනි ඔබේ
ඔබේ නෙතු කැල්මක්..
.
----කුරුළු--
http://www.youtube.com/watch?v=VuIUxD9S0gU

Sunday, February 9, 2014

== දිව්‍යලෝකෙට තමයි ඒ මල ! ==



මදාරා මල් වුණත් ඉඳහිට
පිපෙනවා කුනු කාණු වතුරක
නෙලන්නට එන ඕන කෙනෙකුට
බහින්නට වෙනවමයි වතුරට... !
.
කවුරු හරි දෙවි කෙනෙක් මිහිමත
ඉන්නවා ඇති ඉදරිපත් වෙන
මලේ පෙති යට සැගව වදදෙන
කාණු කොකු පණුවන්ට බැට දෙන.. !
.
උන්ට වටිනව තමයි ඒමල
ඒක වෙන්නැති රැක්කෙ හැමතැන
මලට හිත ඇති වුණත් පණු කැල,
දිව්‍යලෝකෙට තමයි ඒ මල !
-කුරුළු-

Thursday, February 6, 2014

=== සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ - පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා ==



අපි ආදරේ කරනකොට පොඩි පොඩි හිත් රිදවීම් ඇතිවෙනව...
මම ආස නැති දෙයක් ඔයා කලාම මගේ හිත හුගක් රිදෙනව...
ඔයා ආස නැති දෙයක් මම කලාම ඔයාටත් රිදෙනව ඇති..
ඒ දේ හැබැයි මහා ලොකු දෙයක් නෙවෙයි...
ඔයාගෙ මම ඒ අකමැති දේ ඔයා පොඩ්ඩක්වත් ගනන් නොගන්නා දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ඒ දේ මට දැනෙනව...
ඉතින් ඒ දේ ගැන අපි කතා කල යුතුයි....
නංගිට මතකද මම මේ ගැන ඔයාට කියල දුන්න,
ඔයා මෙහෙම හිතන්න...
ඔයා අල්පෙනිත්තක් අරන් මට අනිනව...
පුංචි ලේ බිංදුවක් එනව.... ඔයා හිනාවනෙව..
මම කොච්චර කිවුවත් එයාට එයා අහන්නෙම නෑ..
එයා ආයෙ ආයෙ අල්පෙනිත්තනේ ඇනල මගේ ලේ බිංදු බලල හිනා වෙනව...
හැබැයි නංගි මතක තියාගන්න...
මට ඔහොම ඇනල ඇනල බිංදු බිදු ලේ ගිහින් දවසක මළ මිනියක් වෙයි...
අනිනවනම් එක පාරටම ඇනල මරන්න..
පොඩි පොඩි තුඩු  වලින් අනින්නෙ නැතිව...
නංගි දන්නවද..
“ කිඹුල කන එක ඉවසන්න පුලුවන් මාලු කොටන එක ඉවසන්න බෑ..“
ඔයා මම මැරුණ දවසකට සමහර විට මාව බදාගෙන අඩාවි...
එත් ආයෙ මේ ආදරෙට මණ එන එකක් නෑ..
ඒක මට විතරක් නෙවේ ඔයාටත් එහෙමයි...
ආදරයක් පවතින්නෙ..
වැරදි නොකරන දෙන්නෙක් අතරෙ නෙවේ...
වැරදි හදා ගන්න කැමති දෙන්නෙක් අරතයි
==============
සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා
.
ගමේ නාඩ ගම් පොලේ කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත් ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා
.
වෙල් දෙනි ඕවිටි පුරා තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා..
**** ගායනය - ජානක වික්‍රමසිංහ
===============
--කුරුළු---

Tuesday, February 4, 2014

== තිබුණත් මොනව කරමිද කවි ලියනු මිස ? ==


සඳරැස් ගලන විට වලකුල් වලින් පෙරා
අමතුම සුන්දරකි මගෙ ගේ බිත්ති පුරා
අතු ඉති නටයි සීතල මඳ සුළග උරා
තනිකම දැනෙනවා මගෙ මුලු හිතම අරා

බස්සෙක් හිදියි අත්තක උඩ හොදට නිදී
ගෙම්බෙක් නිදිමතේ කම්මැලි සුසුම් අදී
මීයෙක් හොරෙන් මුලුතැන්ගෙය තුලට වැදී
මොන ‍මොනවදෝ හොයමින් බඩු මුට්ටු අදී

ලා සඳ තිබෙනවා පින්නක් දෙකක් ඇත
සුළගත් සමග සීතක් අත් බැඳන් ඇත
තනියට කවිය මිස නුඹවත් ළගක නැත
හිත හිත ලියන එක හැර අන් මගක් නැත

පැමිනෙන තුරා ඉර සේවෙට කිරණ ඉස
නටනව සුරගනන් මෙතැනට බිමට බැස
නින්දත් නොනින්දත් අතරක මගේ ඇස
තිබුණත් මොනව කරමිද කවි ලියනු මිස ?
---කුරුලු--

Monday, February 3, 2014

= " නුඹ" එනවද සබඳ හෙට ! ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට.. =



ජීවිතෙ කොයි තරම් බරදැයි නුඹට මට
විමසන එවුන් හට කියලම ගෙවිල කට
යනකොට නිදහසේ අවුරුදු හයක් හැට
අපටත් නොදැණි බිම ඇණිලද අපගෙ හොට
.
නිදහස කොයි තරම් දැනුනද හිතට මට
ආපසු හැරිල බලමුද අපි පසුව " හෙට "
ඉඳහිට හන්දි වල තාමත්  කාසි කැට
හොළවන එකට හේතුව නුඹ කියන් මට
.
මොනවම වුණත් මේ පල්ලට ගියපු රට
අල්ලට සිඟන තරමට යා නොදී වැට
බඳිනට කවුද ? " නුඹ" එනවද සබඳ හෙට !
ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට..
--කුරුළු--

පින්තුරෙ නෙට් එකින්