Monday, January 27, 2014

== ගඟට තනියට සඳක් එහි ඇත..!! ==



ඉදින් පිංවත!
ඉවුරු අද්දර
බොහොම පෙම්වත්
යුගල ඇවිදිත

හෙළ රජුන් කල
ගලින් නිම කළ
මහා පැරකුම් පිලිරු
දැන් නැත

තැනින් තැන ඇති
යෝධ ගස් වල
අතුපතර ගිම්,
නිවන කුටි ඇත

වටින් විට ඒ
තුලට වී හිඳ
බවුන් වඩනා
පෙම්වතුන් ඇත

ඉවුරු අද්දර
සෙමින් ඇදෙනා
සුළඟ මේ දෙස
බලන්නෙත් නැත

ලැගුම් කුටි
ඡායාව කරමත
තියන් ගඟ බිම
බලන් ඇවිදිත

දවල් වරුවට
එතැන යන එන
කිසිම කෙනෙකුන්
රෑට එහි නැත

දුකක් නම් නැත
දසත ගී නද
නිබඳ පතුරන
සකුන් එහි ඇත

මහා මූසල
වුණත් කළුවර
ඉවුරු අද්දර
රෑට තනි නැත

ගඟත් නිදි නැත
හෙමින් සක්මන
ගඟට තනියට
සඳක් එහි ඇත..!!
--කුරුළු-

Sunday, January 26, 2014

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 06 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---




දෑස් වසා තිබූ දැත් ඉවතට ගෙන මහා ඉන්ද්‍රජාලිකයෙකු දෙස බලාසිටින්නියකු මෙන් ඇය හෝම්ස් දෙස බලා සිටියාය..
දෙයියනේ.........ඔබ කොහොමද මේ ඔක්කොම ගැන දන්නෙ...?

හහ්....හහ්......හා..... මහත්මිය මගේ නම නිකම්ම නිකං ෂර්ලෝක් හෝම්ස් නෙමෙයි... ලෝකප‍්‍රසිද්ධ
රහස් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස්.....
සමීර නැති එකේ දැන් මට මොනව වුනත් එකයි..................
මම ඒකගෙ කථාවලට ,බොරු වලට රැුවටුණා....තවත් හංගල වැඩක් නෑ, එ......එයා දිල්ෂාන්....එයා තමයි මේ ඔක්කොටම මුල...මේ සේරෝම එයාගේ සැලසුම්...මම සමීරත් එක්ක විවාහ වුණාට ආදරේ කළේ දිල්ෂාන්ට..
එයා නිකන්ම නිකන් රස්තියාදු කාරයෙක් වුණාට එයාට මගේ හිතේ තිබුණෙ පුදුමාකාර ආදරයක්...
මායි සමීරයි විවාහ වුණාට පස්සෙත් එයා මට නිතර බලපෑම් කළා එයත් එක්ක එන්න කියල.... ඒ වුණාට සමීර ඉ`දිද්දි මට ඒ ේද කරන්න බැරි බව මට වගේම එයාටත් තේරුම් ගියා..සමීරට දේපල වල උරුමය ලැබුණට පස්සෙ  සමීරව මරමු කියල එයා යෝජනා කලා...ඒ වචන වලට මම අවනත වුණේ හරියට පොඩි ළමයෙක් වගේ..අපි සෑහෙන් කාලයක් බලාගෙන හිටිය..පෙරේද තමයි ඒ දවස උදා වුණේ ... දැං ඒ ඔක්කොම ඉවරයි ...මං වගේ මෝඩ ගෑනියක්.....

බොහොම හො`දයි... ඒ විස්තරත් මටම කියන්න නොදී ඔබම කියපු එක....ගජධීර මහත්මයා...මේ ඉන්නෙ සමීරගෙ මිනීමරුවො...ඔබ ඇස් දෙකින්ම දැක්කනෙ...දැං ඉතිරි හරිය ඔබේ රාජකාරිය....
හරි....හරි... දැං කාංචනා නම් ඉන්නව ඒත් කෝ මේ දිල්ෂාන් කියන හාදය...

ආහ්.... එයා අර එළියෙ ඉන්නව ඔයගොල්ල එයාව හ`දුනන්නෙ මහේෂ් කියල..ඔබ එයාවත් අත්අඩංගුවට ගන්න මම පස්සෙ වාර්ථාවට  ඕන විස්තර කියන්නම්...... හෝම්ස් ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසීය.....
මළගමට පැමිණි සියළු දෙනාටම ප‍්‍රශ්නාර්ථයක් ඉතිරි කර මහේෂ්වත්, කාංචනාවත්, රැුගත් පොලිස් රිය කැලණි පොලිස් ස්ථානය බලා පිටත්ව ගියේ ගජධීර මහත්මයා සවස තේ පානයට අප නිවසට පැමිණිමට පොරොන්දු වීමෙන් අනතුරුවය...
              ⋆               ⋆                 ⋆                   ⋆    

ඇත්තටම හෝම්ස් මහත්මයා කොහොමද ඔයා මේක විස`දුවේ..? මේක පැහැදිලිව ස්වභාවික මරණයක් කියලනෙ ඔප්පු වුණේ.....?

හහ්....හහ්....හා අන්න ඒ පැහැදිලිකම තමයි මගේ සැකයට හේතු වුණේ...

ඉතිං හෝම්ස් ඔබ කොහොමද කාංචනාමයි මේකට සම්බන්ධ කියල කියන්නෙ?
මමද ඔහුව දිරිමත් කළෙමි....

ඔරලෝසුවෙන් වොට්සන් ....ඔරලෝසුවෙන්... ඔබට මතකද සමීරගෙ අතේ තිබුණු ඔරලෝසුව ?
ඔරලෝසුවෙන්.....? ඔරලෝසුවෙන් කොහොමද ඒක කියන්නෙ ?
ඔබට මතක ඇති අකිලගෙ කට උත්තරේදි එයා කිවුව එයා ගෙදර යනකොට වෙලාව එකොළහයි තිහයි කියල..., එතකොට කාංචනා කිවුව ඈ සමීරව අවදිකරන්න ගියෙ පාන්දර පහට කියල,...එහෙමනම් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නෙ ? එකොළහයි තිහයි පාන්දර පහයි අතර කාලයක...
අන්න එතැන්දි මට මේ ඔරලෝසුව පිහිට වුණා....මේක වැඩ කරන්නෙ ශරීර උෂ්නත්වයට..මම ඒක එදා හවසම පැළඳගෙන බැලූව, ඔබ දකින්න ඇති... නැවතිල තිබුණ ඔරලෝසුව ආපහු ක‍්‍රියා කරන්න පටන්ගත්ත. මම ඔරලෝසුව ගලවල බැලූව...ඒක හරියටම විනාඩි පහලොවකදී නතර වුණා...ඒ කියන්නෙ සිරුරෙ උෂ්නත්වය නැතිව මේ ඔරලෝසුව වැඩ කරන්නෙ විනාඩි පහලොවයි.. ඊට පස්සෙ නවතිනව..ඉතිං වොට්සන්  මේක සමීරගෙන් ගලවගන්නකොටත් නතර වෙලයි තිබුණෙ..
ඒ කීයට ද කියලද හිතන්නෙ ?

කීයටද ..... ?

පහයි දහයට.....ඒක අනිවාර්යයෙන්ම පාන්දර වන්න  ඕන..ඒ වෙනකොට මේ මිනී මැරුම සිද්ධ වෙලා පැය තුන හතරක් ගතවෙලා...මොකද වොට්සන් දන්වනෙ මළ සිරුරක වුණත් පැය තුන හතරක් උෂ්නත්වය ර\ පවතිනවනේ....ඔරලෝසුව ක‍්‍රියා කරන අමතර වෙලාවත් එකතු කරපුවහම අපිට ලැබෙනව මරණ සිදුවුණු වෙලාව....ඒත් හරියටම ? එකට එක හමාරට විතර..
ඒලොවෙ ගෙදර හිටිය එකම එක්කෙනා කාංචනා විතරයිනෙ , මගේ හිතවත් වොට්සන් ඒ නිසා මගේ ඇඟිල්ල නිකම්ම ඇය දිහාවට එල්ල වුණා.....
උත්කෘෂ්ටයි හෝම්ස් ...... ඔබේ තර්ක ඥානය නම් විශිෂ්ටයි...
උද්දාමයට පත් මම පැවසුවෙමි..

ඒත් හෝම්ස් මෙතරම් නීරෝගී මනුෂ්‍යයෙක්ව කොහොමද එක පාරටම මරා දමන්නෙ කිසිවක් භාවිත නොකරම...

වොට්සන් ...මට මුල ඉඳලම තිබුණ මේ ගැන සැකයක්...හොඳට හිටපු මනුස්සයෙක් කොහොමද එක පාරටම මෙහෙම මැරෙන්නෙ.....

හොඳම උදාහරණය හෘදයාබාධයක්.... ඉතිං මේක උපයෝගී කරගෙන තිබුණ මිනී මරුවත් මේ ඝාතනයට...එයා ඇතිකලා කෘත‍්‍රීම හෘදයාබාධයක් එන්නත් කිරීම මගින්...
ඒත් හෝම්ස් මරණ පරීක්‍ෂණ වාර්තාවටඅනුව ලේ වලට  වෙලා තිබුණෙ නිදි බෙහෙත් විතරයිනෙ... නිදි බෙහෙත් වලින් කොහොමද හෘදයාබාධයක් ඇතිකරන්නෙ...?
හහ්....හහ්....හා.. ඔබ නම් අපරාධයක් කරන්න සුදුසු නැහැ වොට්සන්.
මම කිවුවද ඇය නිදි බෙහෙත් හරි වෙනත් බෙහෙතක් මිශ‍්‍ර කළා කියල ? නැහැ වොට්සන් ඇය එන්නත් කලේ නිකන්ම නිකන් පිරිසිදු වාතය විතරයි.. අමතක කරන්න එපා වොට්සන් ඇය වෛද්‍යවරියක්...ඇය දැනගෙන හිටිය මිනිස් සිරුරෙ ධමනියකට හරි ශිරාවකට හරි දරාගත නොහැකි වායු ප‍්‍රමාණයක් ඇතුල් වුණාම හෘදයාබාධයක් ඇතිවෙන බව..රුධිරය ශරීරය පුරා ගමන් කරල නැවත හෘදයට පැමිණියහම තැන අර වායු ගුලිය නිසා හිඩසක් ඇතිවෙනව..එහෙම වෙන්නෙ වායුව නිසා රුධිර ගමනාගමනයේදී වන අඩාල වීම සමබර කරන්න යෑමෙන්..මේ සරළ ක‍්‍රමය මිනීමැරුමකදි වඩාත් ආරක්‍ෂාකාරීයි වොට්සන්....මොකද කිසිම දෙයක් ශරීර ගතවෙන්නෙ නැහැ. හදිසි හෘදයාබාධයක් කියල නිකන්ම ඔප්පු වෙනව. ඉතිරි වෙන්නෙ එන්නත් කරපු පැල්ලම විතරයි..ඒකත් සියුම් නිසා මඟ හැරුණොත් , ඒක දැක්කත් හිතාගන්න අමාරු නිසා ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ....

අපූරුයි හෝම්ස් ..අපූරුයි...ඔබේ දැනුම නම් විශිෂ්ටයි......
මෙතෙක් වේලාවක් නිහඬව සවන් යොමු කරමින් සිටි ගජධීර මහත්මයා  පැවසීය..

එතකොට හෝම්ස් කාංචනා නිදි බෙහෙත් දුන්නු බව දැනග්තෙ කොහොමද ? සමීරම නිදි බෙහෙත් පාවිච්චි කළා වෙන්න බැරිද ?
ඒක වෙන්න බැහැ වොට්සන්...සමීරට එතරම් මානසික පීඩනයක් තිබුණ බවක් අපිට දැන ගන්න ලැබුණෙ නැහැනෙ..අනික අපිට ඒ කාමරයෙ තිබිල නිදි පෙති ලැබුනෙත් නැහැනෙ...එන්නත් සලකුණ දැක්ක වෙලේම මගේ හිතට ආවෙ නින්දෙදි එන්නත් කළානම් අනිවාර්යයෙන්ම නිදි බෙහෙත් මේකට සම්බන්ධ බව..මරණපරීක්‍ෂණ වාර්තාවෙ ඒ ගැන සඳහන් වුණාම මගේ සැකය හරි ගියා ..නිදි බෙහෙත් තිබුණෙ සමීරගෙ කෑම එකේ...ඒ කියන්නෙ අකිල හවස ගෙදර ආපු වෙලාවෙම සමීරව මරන්න සැලසුම ක‍්‍රියාත්මක වෙලා ඉවරයි.....

----------------------------- කුරුළු ය--------------------------------------


දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 05 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---





මා බලෙන් ඇදගෙන මෙන් බයිසිකලයට නැගුණු හෝම්ස් එය පණ ගන්වන ගමන් පැවසීය.
හෝම්ස්සුත් මමත් සමීරගේ නිවසට යන විට ගජධීර මහත්මයා එහි පැමිණ සිටියේය...සමීරගේත් ,කාංචනාගේත් නෑදෑයන් ,දෙමව්පියන් හා අසල්වැසියන්   කිහිපදෙනෙකත් අකිලත් එහිවිය...
ඇයි මොකද හෝම්ස් මහත්මයා මොකක්ද ප‍්‍රශ්නෙ... ඇයි මට එන්න කිවුවෙ...
අපිට ඒක ඉක්මනටම දැනගන්න ලැබේවි..
" ගජධීර මහත්මයා කෝ කාංචනා මහත්මිය ඉන්නවද ?
ඔව් අර ඉන්නෙ සමීරගෙ සිරුර ලඟ.."
මට තියෙනව ඇයත් එක්ක පොඞ්ඩක් කථා කරන්න..සිරුර තියල තියෙන්නෙ විසිත්ත කාමරයෙ නිසා අපිට මේ කාමරයෙ නිදහසේ කථාකරන්න පුළුවන් වේවි..කරුණාකරල ඇයට එන්න කියමුද ගජධීර මහත්මයා ?
හොඳයි ...ඔබට  ඕනෑ නම් ඒ වුණත් අනේ මංද?
කාංචනා මහත්මියට දැනුම්දීමට ගජධීර මහත්මයා ගිය පසු හෝම්ස්සුත් මමත් ඉදිරිපස ඉස්තෝප්පුවට  මුහුණ ලා තිබුණු කාමරයට  ඇතුළු වුනෙමු..විසිත්ත කාමරයේ තිබූ පුටුද මේ කාමරයට අස් කර තිබුණෙන් පුටු දෙකක් ගෙන ඉඳ ගතිමු...
ගජධීර මහත්මයා කාංචනා මහත්මිය කාමරයට කැඳවා ගෙන ආ පසු  හෝම්ස්,
කාංචනා වාඩිවෙන්න, ගජධීර මහත්මයා කරුණාකරල ඔබත් ඔය දොර වහල ඇවිත් ඉඳගන්න.
මඳද වේලාවක් නිහඬව සිටි හෝම්ස් කාංචනා දෙස එක එල්ලේම බලා සිට,

කාංචනා මහත්මිය මට කියන්න , සමීර නරක හැසිරීම් තිබුණු කෙනෙක්ද ?
ඒ කියන්නෙ......කාංචනා මහත්මිය ඇසීය
ඒ කියන්නෙ..සිගරට්...,මත් කුඩු , මත්පැන් වගේ දෙයකට ඇබ්බැහි වෙලා හිටියද ? නැත්නම් වෙනත් පේ‍්‍රම සම්බන්ධයක් එහෙම ?
මො...මොනවද හෝම්ස් මහත්මයා ඔබ මේ අහන්නෙ.. මගේ සමීර දාහකින් හොයා ගන්න බැරි ස්වාමි පුරුෂයෙක් .... මට නම් එහම කියන්න කිසිම වැරැුද්දක් එයාගෙ තිබුණෙ නැහැ...

" එහෙමනම්............................මට කියන්න.............ඔබ කාගෙ කීමටද සමීරව මැරුවෙ.....?"

 එක් වරම ගල්ගැසුණු කාංචනා මහත්මිය ................
මම මැරුව .. මට නම් හිතෙන්නෙ ඔය මහත්මයාට ලොකු වැරැද්දක් වෙලා.... මම මේ වෙහෙසට පත් වෙලා ඉන්න වෙලේ කරුණාකරල මාව තවත් අසරණ කරන්නෙපා......
"
"ඇත්තටම හෝම්ස් මහත්මයා ඔබ මොනවද මේ......"
පොඞ්ඩක් ඉන්න ගජධීර මහත්මයා......පොඞ්ඩක් ඉන්න,
” හොඳයි කාංචනා මහත්මිය , මම මුලින්ම කැමැත්තෙන් හිටියෙ ඔබම මේ සිදුවීම කියනවනම්...ඒත් ඔබ ඒකට අකමැතිනම් මං ම කියන්නම් අඩුපාඩු තිබුණොත් නිවැරදි කරන්න...."

එදා අකිල පිට වෙලා ගිහින් පැය දෙකකට පස්සෙ හරියටම ? එක හමාරට ඔබ ගියා සමීර හිටපු කාමරයට ඒ වෙනකොට ඔබ සමීරගෙ කෑම එකට එකතු කරපු නිදි බෙහෙත් ටික හො`දට වැඩ කරලයි තිබුණෙ...සමීර තද නින්දෙ හිටපු නිසා ඔබට පහසු වුණා එන්නත් කරන්න...ඊට පස්සෙ කාමරය වහල ආපහු ඔබ හිටපු කාමරයට ගියා නිදා ගන්න.....නෑ.....නෑ..අර සිලින්ජරය විනාශ කළා එහෙම නේද ?......
ඊට පස්සෙ නිදා ගන්නෙ නැතිව ඉඳල පාන්දර පහට ගියා ආපහු සමීරගෙ කාමරයට... එතකොට ඔහු මිය ගිහිල්ල හිටියෙ .....ඔබ පරීක්‍ෂා කරල බැලූව ඔබේ වැඬේ සාර්ථකද කියල... එහෙමනේ මං හරි නේද කාංචනා මහත්මිය.... ?
වරදක් කර එය වැඩිහිටියෙකුගේ අතට හසු වූ පසු පොඩි දරුවෙකුගෙන් පළවෙන අයුරේ බැල්මක් ඇය තුල විය.
හෝම්ස් නිෂ්ශබ්දව ඇය දෙස බලා සිටියේය.....

ක්ෂේෂ්පියර්ගේ නාට්‍යයක් නරඹන රසිකයන් දෙදෙකු මෙන් මමත් ගජධීර මහත්මයාත් තුෂ්නිම්භූතව බලා සිටියෙමු.
දෙවියන් වහන්සේ මට සමාව දෙන සේක්වා...හි`ද සිටි පුටුවෙන් බිමට බැස දණ ගැසූ කාංචනා මහත්මිය දෑස් වසාගෙන හඬන්නට විය.....
මට සමා වෙන්න සමීර මං ඔයාට ද්‍රෝහි වුණා....ඔයා මට කොච්චර නම් ආදරය කලාද ...ඒ වුණත්.. ඒ වුණත්....මම.....මට සමාවෙන්න...........
කාංචනා මහත්මිය තමාටම මුමුණමින් හඬන්නට විය....
හෝම්ස් මහත්මයා මම දන්නෙ නැහැ ඔබ කොයි ලෝකෙන්  මේව හොයා ගත්තද කියල.. මම පිළිගන්නව මමයි වැරදිකාරිය..... මම හිතුව කාටවත් ඒක හොයාගන්න බැරිවයි කියල...ගජධීර මහත්මයා කරුණාකරල මට දඬුවම් කරන්න..මගෙ සමීරට ද්‍රෝහි වුණාට මම දැන්  ඕනම දඬුවමක් විඳින්න ලෑස්තියි...
නැහැ....නැහැ... එහෙම බැහැ ඔයාට කියන්න වෙනව මේකට සම්බන්ධ අනෙක් පුද්ගලය ගැන ... ඔයාට සැලසුම දීපුකෙනා ගැන... කෙටියෙන්ම කියනවනම් ... ඔබේ ආදරවන්තය ගැන...

------------------------------------------ කුරුළු ය ------------------------

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/06.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 04 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---


මට තේරෙනව අකිල , ඔබ මේ වෙලාවෙ බොහොම කලබල වෙලා ඉන්නෙ... ඔබට බොහොම ස්තූතියි..අපිට මේ විස්තර කිවුවට.. අපි ගිහිල්ල එන්නම්...
             ⋆             ⋆                ⋆              ⋆       
කොහොමද හෝම්ස් මහත්මයා සාර්ථකද ? ගජධීර මහතා ඇසීය.
විශේෂ කරුණු නම් මුකුත් නැහැ.....
කමක් නැහැ..කමක් නැහැ....දැං ඒ සැක ඔක්කොම දුරු වේවි.. මෙන්න සමීරගෙ මරණ පරීක්‍ෂණ වාර්ථාව ඇවිල්ල.ඒකෙ තියෙනව සමීරගෙ මරණය සිදුවෙලා තියෙන්නෙ හදිසි හෘදයාබාධයකින් බව.. ඒ වගේම ඔහුගෙ ලේ වල නිදි බෙහෙත් ඇරෙන්න වෙන මුකුත් විසක් එකතු වෙලා නැතිලූ..ඒ වුණාට මම නම් හිතනනෙ නෑ නිදි බෙහෙත් එච්චර ගණන් ගත යුතු දෙයක් කියල, මොකද අද කාලෙ ව්‍යාපාරිකයො ගොඩ දෙනෙක් නිදි පෙති පාවිච්චි කරනවනෙ....
ඒ වගේම මට සමා වෙන්න හෝම්ස් මහත්මයා , වොට්සන් මහත්මයා , ඔබ දෙපලට නිකරුණේ කරදර කිරීම  ගැන..මේ ලස්සන උදෑසන.....
ආ...ඒකට කමක් නෑ ...මොකද මමත් ආසයි මේ වගේ අවස්ථාවන් ලැබෙනවනම්...අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියිලූනෙ...
එහෙනම් අපි ගිහිල්ල එන්නම් අපි යමුද වොට්සන් ?...
හො`දයි එහෙමනම් අපි යමු.... උදෑසන සිටම මුනිවත රැුකි මම පැවසුවෙමි.
ඒක නෙමේ අකිල දැන් නිදහස් වෙනව නේද ?..... බයිසිකලයට නගින ගමන් හෝම්ස් ඇසීය....
ඔව් ... ඔහු නොකරුව වරදකට වරුවක්ම සිර කූඩුවෙ හිටිය.. ඔහු අහිංසකයෙක් මට මුලදිම හිතුන..
හොඳයි... හොඳයි..අපි එහෙමනම් ගිහින් එන්නම්.......

         ⋆                ⋆                  ⋆                ⋆      

හ්ම්.......අද උදේ සිද්ධිය ගැන ඔබ මොකද වොට්සන් හිතන්නෙ....
රාත‍්‍රී ආහාරයෙන් පසු හෝම්ස් සමීරගේ ඔරලෝසුව පිරික්සමින් මගෙන් ඇසීය....
අනේ මංදා හෝම්ස්... හරිම සැක කටයුතු විදිහට පෙණුනත් කිසිම අභිරහසක් නැතිව ප‍්‍රශ්නය විස`දුනා... ඒ වුණාට සමීර වගේ හො`ද සෞඛ්‍ය සම්පන්න තරුණයෙකුට කොහොමද හෘදයාබාධයක් ඇතිවුණේ කියන එක නම් මට ප‍්‍රශ්නයක්....අනේ මංද හෝම්ස් මේක හිතන්න හිතන්න ආපහු පැටලෙනව...
පෙනුමෙන් හෘදයාබාධයක් වුණාට මරණ පරීක්‍ෂණයෙ අර විදිහට තිබුණට මේකෙ නොගැලපෙන තැන් කිහිපයක්ම තියෙනව වොට්සන්... අද හවස් වරුවෙම මම සමීගෙ ව්‍යාපාර ගැන හොයල බැලූව ...ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්.... තරහකාරයොත් කවුරුත් නෑ...
මොනව ඒ කියන්නෙ ඔබ පිලිගන්න සූදානම් නෑ මේක හදිසි හෘදයාබාධයක් කියල...ඔබ කියන විදිහට මේක මිනී මැරුමක් නම් කවුද ඝාතකයා ?
හහ්...හහ්... වොට්සන්.... දැං වෙලාව රාත‍්‍රී දහයයි.... මිනිහෙක් අවම වශයෙන් පැය අටක්වත් නිදාගන්න  ඕනලූ.... ඔබ අනවශ්‍ය ප‍්‍රශ්න ගැන නොහිත නිදා ගන්න....මමත් යනව මගෙ කාමරයට.. ඔබට සුභ රාත‍්‍රියක්.....

ඔබටත් එසේමයි......
ඔහු එසේ පැවසූවත් මා නාන කාමරයේ සිට නිදන කාමරයට ගියාට පසුත් හෝම්ස් ඔහුගේ කාමරයේ එහා මෙහා සක්මන් කරනු ඇසිණ...අද උදෑසන සිදුවීම ඔහුගේ ක‍්‍රියාශීලී මනසට බලපෑම් කර ඇතිවාට නිසැකය........
පසු දින මා අවදි වන විටත් හෝම්ස් නිවසින් බැහැරට ගොස් සිටියේය...ඔහු මා ස`දහා සටහනක් ලියා විසිත්ත කාමරයේ ටීපෝව මත තබා තිබුණි....

 " ඊයේ දිනයේ සිදුවීම පිළිබඳව වැඩිදුර සෙවීමට මහනුවර යමි. ආපසු පැමිණෙන විට සවස් වේවි."
                                                                                        - හෝම්ස්
ලෙස එහි ස`දහන් විය..ඔහු එනතුරු කාලය ගෙවා දමන්නට දවසේ පුවත් පත් කියැවීමට තීරණය කලෙමි. ඊයේ දිනයේ සිදුවීමද අද පුවත් පත් වල ස`දහන්ව තිබුණි...මරණය ස්වභාවික වුවද සමීර වැනි අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ සිත් තුල කැළඹීමක් ඇතිකිරීමට මෙම සිද්ධිය සමත් වේ යැයි මට සිතේ..
එදින හෝම්ස් ආපසු එන විට සවස හයත් පසු වී තිබුණි..ගමන් වෙහෙසත්, එක දිගට නොනවත්වාම වැඩ කිරීමත් නිසා ඔහුගේ මුහුණෙහි වූය් දැඩි වෙහෙසට පත් පෙනුමකි.....නිවෙසට ගොඩවූ ගමන් තම කාමරයට වැද ගත් හෝම්ස් ව මට නැවතත් දක්නට නොලැබුණි.... දින දෙක තුල සිදු වූ හා ලබාගත් තොරතුරු එක්රැුස් කරමින් උපකල්පන ගොඩනගනවා විය යුතුය.... තනිවම ? කෑම ගත් මම නිදා ගැනීමට මගේ කාමරයට ගියෙමි.

            ⋆                 ⋆                    ⋆                 ⋆
නැගිටින්න වොට්සන් අද අපි ගමනක් යන්න  ඕන...
පසුදින උදෑසන හයයි තිහට පමණ මාව අවදි කරමින් හෝම්ස් පැවසීය..
යමු ඉක්මන් කරන්න මම ඔබට පෙන්වන්නම් ශ්‍රී ලංකාවෙ සැලසුම් සහගතම අපරාධකාරයො..ඉක්මන් කරන්න..

------------------------------------ කුරුළු ය -----------------------------------
 දොස්තර බිරිඳ 05 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/05.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 03 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---
.


ඔව්... මොකද මෙහෙට වෙන කවුරුත් ආවෙ නැහැනෙ...ඊයෙ ? අකිල ගියෙ කීයටද කියලවත් මම දන්නෙ නෑ...සමීරටත් කිසිම අසනීපයක් තිබුනෙ නැහැ... හදිසියෙම මේ වගේ හෘදයාබාධයක් ඇතිවුණාම සැක හිතෙනවනෙ....
හෘදයාබාධයක්... ? ඔබ ඇයි එහෙම කියන්නෙ... තවම මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබුණෙත් නැහැනෙ....

නැහැ මහත්මයා මමත් වෛද්‍යවරියක් ...සිරුරෙ ලක්‍ෂණ අනුව මට ඒ බව කියන්න පුළුවන්....
බොහෙම අගෙයි....ඒ වගේම බොහොම ස්තූතියි... ඔබේ සැකය සාධාරණයි.....මට පේන විදිහට මේක සාමාන්‍ය සිද්ධියක් නේද වොට්සන්.....
මා දිහා බැලූ හෝම්ස් උපහාසාත්මක සිනාවකින් යුතුව ඇසීය...

ඒ වුනත් මම කැමතියි අකිල එක්කත් ටිකක් කථා කරන්න
හො`දයි..... හැබැයි ඒකට අපිට පොලිස් ස්ථානයට යන්න වෙනව......
කාංචනා මහත්මියට සමු දුන් අප තිදෙන කැලණි පොලිස් ස්ථානය බලා යාමට එළියට බැස්සෙමු...නිවසේ දකුණු පස දොරකඩම වූ බල්ලාගේ කූඩුව දෙස හෝම්ස් මඳවේලාවක් බලා සිටියේය. එහි වූයේ බොක්සර් වර්ගයේ සුනඛයෙකි.. ඌ මේ වනතුරුත් තද නින්දේ පසුවිය...

නැවත කාංචනා මහත්මිය ඇමතූ හෝම්ස්...
මේකා නියම බොක්සර් පැටිකිරියෙද ?
ඔව් මහත්මයා.....අපට සමු දීමට පැමිණ නිවසේ දොර ලඟ නතර වී සිටි කාංචනා මහත්මිය අප දෙසට එමින් පැවසුවා ය...

අපෙ විවාහයේදි මගේ මාම කෙනෙක් තමයි දුන්නෙ පිටරටින් ගෙන්වල....

ඇත්තට.... මමත් ආසයි මේ ජාතියෙ බල්ලෙකුට... ඒ වුණාට මෙහේදි හොඳම වර්ගය හොයා ගන්න නැහැනෙ.. ඔබ වාසනාවන්තයි.....

ආපෝ උගෙ පෙනුම වගේම හරිම වසයි..දවසක් ලියුම් බෙදන මනුස්සයවත් හැපුව..මම නම් ලඟට වත් යන්නෙ නෑ.. සමීර තමයි කෑම දෙන්නෙත්.....

ඒකත් එහෙමද ? .. කමක් නෑ.. අපි එහෙනම් ගිහින් එන්නම්....
බොක්සර් වර්ගයේ ඒ සුනඛයා දෙසට නැමී විනාඩි ගණනක් කල්පනා කරමින්  සිටි හෝම්ස් එතැනින් ඉවත්ව මෝටර් සයිකලය දෙසට පිය නැගීය....

ගජධීර මහත්මයා ඔබට හො`දටම විශ්වාසද මේ ජනෙල් පියන් වලින් කවුරුත් ඇතුල් වෙලා නෑ කියල?
ඔව්මහත්මයා සියයට සියයක්ම.....ජනෙල් වලට ඇතුලින් කම්බි සවි කරල තියෙනව.. දොරවල් ගේ ඇතුලින් වහපුවාම පිටින් අරින්න බැහැ..
එතකොට මේ ගරාජයේ තියෙන වාහනය කාංචනාගෙ වෙන්න ඇති...දොස්තරලට නිකුත් කරන වාහන අවසර පත‍්‍රයකුත් තියෙන්නෙ...
නැහැ...නැහැ... ඒක කංචනාගෙ නෙමෙයිලූ...ඒක ඔය එහා ගෙදර ඉන්න දොස්තර මහේෂ්ගෙ.... එහෙ ඉඩ නැති නිසා හැමදාම වාහනේ මෙහෙ
 තමයිලූ නවත්වන්නෙ.අර ඇතුලෙ හිටපු සුදු උඩු රැුවුලක් වවපු තරුණයා... ඔබ දැක්කෙ නැද්ද ?
ඔහ් හෝ.... ඔහු දොස්තර කෙනෙක්ද ? මට නම් එහෙම පෙනුනෙ නෑ....

ඔව් මම ඔහුගෙ විස්තරත් ගත්ත..ඔහු හො`ද අසල් වැසියෙක් වගෙයි..ඔහු නිවාඩු හවස් වරුවට මේ දෙන්නත් එක්ක එකතුවෙනවලූ පාළුව ම`ග හැර ගන්න... ඔහු තනිකඩයෙක්...ඉන්නෙ කුලියට.. ඊයෙ ඔහු එනකොටත් සමීර මියගිය කාමරේම කථා කර කර ඉන්නව දැක්කලූ..ඔහු කියනව සමීර ඔහුට කථා කලාලූ.. දවස පුරාම මහන්සි වෙලා හිටපු නිසා සමීරයි අකිලයි එක්ක කථා කර කර ඉන්නෙ නැතිව ඔහුගෙ ගෙදරට ගියාලූ...ඊට පස්සෙ අද උදේ තමයි මේ සිද්ධිය දැනගෙන තියෙන්නෙ..

ඔබ නම් හරිම දකක්‍ෂයෙක් නෙ...මට කියනවද කීයට විතරද ඔහු ඇවිල්ල තියෙන්නෙ..?
ඊයෙ ? නමයට විතර තමයි ඇවිල්ල තියෙන්නෙ.....

” ? නමයට විතර ” පුදුමයට පත් වූවකු මෙන් හෝම්ස්  ඔහුගේ මෝටර් රථය දෙස බලා සිටියේය..
කමක් නෑ අපි යමු අකිලව මුණගැහෙන්න....
            ⋆                ⋆               ⋆               ⋆          
අකිල ප‍්‍රභාසර... මම හරි නේද? ඒක නෙද ඔහේගෙ නම.....?
ඔව්... ඒ  මම..
මගේ නම සමහර විට ඔබ අහල නැතිව ඇති...මම ෂර්ලොක් හෝම්ස්.... පෞද්ගලික රහස්පරීක්‍ෂක...මේ මගේ මිත‍්‍රයා වොට්සන්... කරුණාකරල මට කියනවද ඊයෙ සිදුවීම විස්තර සහිත... මට කියන්න තියෙන්නෙ පොලීසියට කියපු දේ මයි....
කමක් නෑ මම ආපහු කියන්නම්... ඒකෙන් හො`දක් සිද්ධ වෙනවනම්....සමීරයි, කාංචනායි, මම යි ඉස්කෝලෙ යන කාලෙ ඉ`දලම හො`ද යාළුවො...ඒ දෙන්න විවාහ වුණේ දෙමවුපියන්ගෙ පූර්ණ අනුමැතිය ඇතිව....සමීරලට ඔය ගේ හොයල දුන්නෙත් මම මයි. මම කොහොමත් සමීරව මුණගැහෙන්න ගියා  සතියකට වරක්වත්.....ඒත් ඊයෙ ගියෙ මාසෙකට විතර පස්සෙ....අපි වෙනද වගේම ? කෑම අරගෙන ඔය කාමරයට වෙලා කථා කර කර හිටිය...මම එහෙ ගිය හවස සමීර ගෙයි , කාංචනාගෙයි වෙනසක් තිබුණෙ නෑ....අපි කථා කලෙත් මේ රටේ දේශපාලනයයි , අපේ ව්‍යාපාර ගැනයි....කථා කර කර ඉඳල මම ? එකොළහයි තිහටවිතර ගෙදරින් පිට වුණා.... විසිත්ත කාමරයට තිබුණ දොර හැරියොත් කාංචනා ඇහැරෙන නිසා අපි හිටපු කාමරේම ඉස්සරහ කාමරයට ගිහිල්ල එතැන දොර ඇරල මට පිට වෙන්න දුන්නෙත් සමීරමයි....ඒ වෙලාවෙත් සමීර හො`ද සනීපෙන් හිටිය කියල මට සහතික වෙන්න පුළුවන්..... අද පාන්දර තමයි කාංචනා මට මේ සිද්ධිය කථා කරල කිවුවෙ..
එතකොට වෙලාව කීයට විතර ඇතිද ?
එතකොට මට මතක හැටියට වෙලාව පාන්දර පහ හමාරට විතර ඇති.....
හොඳයි ඔබ එහෙට යන්කොට කාංචනා හිටියෙ මොන තත්වයෙන්ද ?
ඇය බොහොම ශාන්තව ඒත් හ`ඩමින් හිටිය..ඇය මේවගේ දෙවල්  ඕන තරම් දැකල ඇති..ඒ වෙනකොට තව අහල පහල අය කීපදෙනෙක්ම ඇවිල්ලයි හිටියෙ..කාංචනා පොලීසියටත් කියල තිබුණ.... ඇයටත් සැක මාව....මොනව කරන්නද ? ඇයගෙ සැකය සාධාරණයි...ඒ වුණාට හෝම්ස් මහත්මයා මම කොහොමද මගේ යාළුවාව මරන්නෙ ?
මරන්න...... කවුද කිවුවෙ සමීරව මැරුව කියල ? ඒක බොහෝ දුරට හෘදයාබාධයක් වෙන්න පුළුවන්නෙ?
ඒ ප‍්‍රශ්නයෙන් මඳක් පසු බෑ අකිල , මඳක් නිහඬව සිට...,
ඔව් ඒ වුණත් ඒකට හේතුවත් මම ය කියල කාංචනා කියයි....
-------------------------------------------------- කුරුළු ය -------------------------------

දොස්තර බිරිඳ 04 කොටසට මෙතැනින් !

http://sankalpana-kurulu.blogspot.com/2014/01/04.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html