( හතලිස් අටවන කොටස
හා සබැඳි )
මෙය බුද්ධිමය
දේපල නීතියේ ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
+ අහ් කච්ච දේව...
දේව නේද ඔහුගේ උපන් නාමය
- එසේය කච්ච යැයි
එකතු වුවේත් ඔහුගේ පාදයක කොරය නිසාවෙනුයි.
+ ගවරෙකු මෙල්ල
කිරීමට ගොස් කුඩා කාලයේදි ඇති වු කොරයක් බව ඔහු පැවසුවා මතකයි...
- හහ් හහ් හහ්
එසේයි කුඩා කාලයේදි නම් සැබැවක්. ආන්න ඒ ගවරා ම තමා මම ඔබවහන්සේටත් මෙල්ල කරන්න
යැයි ආරාධනා කලේ..
+ ඒ කිය්නනේ කච්ච
දේව ඒ ප්රාතීර්භුත කල
ගවරා මෙල්ල කරන ලද්දේ කුඩා කලදීද ??????
—————————————– අද එතැන් සිට
- එසේය රජුනි කච්ච
දේවයන් තරුණ වියට පැමිනෙන විටත් ඔහු ඉතා කාය ශක්තියක් පෙන්වා සිටියා. ඔහුගේ නකුල
නාග ග්‍රාම ප්‍රෙද්ශයට ගවරුන් මෙල්ල කිරීමට ඔහුට
වඩා හපනෙකු සිටියේ ම නැහැ.
+ හ්ම් ඔහු ගැන
ඉතිහාස පුවත් අසා ඇත්තෙමි ඔහු පමණක් නොවේ මේ දස දෙනා ගැනම මම යම් තරමක් දනිමි. මා
පියාණන් විසින් මේ යෝධයන් රැස් කර තිබෙන්නෙම මා වෙනුවෙනුයි හැගේ
- එසේයි ඔබ
පියාණනන්ට ඒ සදහා ආරාධනා කලේ මායි
+ මොනවා අභය ඔබ
පවසන්නේ මා ගැනත් මේ රාවණ දස බලයන් ගැනත් දස මහා යෝධයන් ගැනත් කාවන්තිස්ස රජුන්
දැන සිටිය බවද ?
- එසේයි යම් තාක්
දුරට දැන සිටියා. මා ඒ බව පැවසුවා .
+ එසේ නම් මා හට
යුද්ධ කිරීමට නොදී සිටියේ ඇයිද ?
- නිසි කාලය එළැබෙන
තුරුයි. කාවන්තිස්ස රජුන් ඔබ වෙනුවෙන් සියල්ල සම්පාදනය කලා . ඔබ යුද්ධ කරන බව ඔහු
හොදින් දැන සිටියා ඉදින් ඔහුගේ ඇවෑමෙන් ඔබට යුධ කිරීමට අවශ්‍ය සියලු දේ සම්පාදනය කලා. ලකෙහි
බොහොමයක් ප්‍රෙද්හ තමන් සමග
මිත්‍ර කර ගත්තා.
සේනාව සංවිධාන කලා . සේනාවන් බදවා ගත්තා ඒ අතරතුර ඔබ මැණියන්ගේ උදවු ඇතිව ඔබ
වහන්සේව මාගමට යවා ලැබිය යුත යුධ පුහුනුව මෙන්ම රජෙකු විසින් පුහුනු කල යුතු දැන
ගත යුතු කරුනු විදයාවන් ඔබට ඉගැනුනවා
+ ඒ සේ නම් පිය
රජතුමන් මා දිහා බලාගෙන හිටියා මා මාගම සිටිනා විටත්
- ඔවු කිසිවිටකත්
නොබලා සිටියේ නැ ගැමුනු රජුනි. ඔහුගේ සිහිනය වුයේ ඔබ වහන්සේ මේ රට එක්සේසත් කරනවා
දැකීමයි. මා ඊට මග පෙන්වුවා දස බලයන් එකතු කරමින්.
+ මට මතකයි අභය මා
රැගෙන යාමට කණ්ඩුල සමග මාගමට නුඹ ඇතුලු පිරිස පැමිනි දිනය යෝධයන් කිහිප දෙනෙකුත්
සමග.
- එසේය රජුනි ඒ
වනවිටිත් අනෙක් යෝධයන් ඔබ වහන්සේ සමග ජීවත් වීමට මාගමට මා යවා තිබුනේ. එහිදි ඔබ
වහන්සේ ඔවුන් සමගම පුහුනු වනවා අප දැන සිටියා.
+ හහ හහ් හහ් හහ්
මා තනිවි සැගවී සිටියා යැයි සිතා උන්නෙමි අභය
- නමුත් ඒ ග්‍රාමයේ නුඹ වහන්සේ ගැන දැන සිටියේ
නුඹට විද්‍යාවන් කියා දුන්
තැනැත්තා පමණයි ඔහු නිතර ඔබ ගැන සෝදිසියෙන් හා රැකවලේන් සිටියා.
+ හ්ම් ඔහු සැබැ
දක්ෂයෙක් අභය.
- ඔහු ගැන දිනයක මම
ඔහු ඉදිරියේම පවසන්නම් රජුනි..
+ හොදමයි.. ඉදින්
කච්ච දේව ගවරෙකු වලගෙන් අල්ලා ඔසවා පොලවේ ගසනා බව අසා ඇත්තෙමි.
- එසේයි එසා
ශක්තියක් ඔහු සතු වුනා එහෙත් දැන් ඔහු ඒ සිදු කරන්නෙ නැහැ.
+ ඒ ඇයි.
- හහ් හ්හ් ඒ රජුනි
ඔහු දැන් ගවරුන්ගේ පාලකයා නිසා. මේ ලොව වසන්නා වූ මහිෂ කුලයේ පාලකයා නිසා ..දැන්
ඔහුගේ එකායන බලාපෙරොත්තුව ගව ගෝත්‍රය රැකබලා ගැනීමයි.
+ එසේ නම් මුලදී
පොලවේ ගැසුවේ ඇයිද
- රජුනි රාවණ දස
බලයන් උපති්ත් රැගෙනාවත් ඒඒ භවයන් අනුව මතක ස්මරණය වෙනස් වනවා. මනුශ්‍ය භවයකදි පසුගිය භවයන් තුල පවතින්නා වූ කාය ශක්තීන්
හැකියාවල් එලෙසින්ම මේ භවයට ගෙන ආ හැකි වෙනවා වාගේම ඒ ශාරීරික හැකියාවල් කුඩා කල
සිටම පවතිනවා නමුත් මතකය - දැනුම - අබෝදය - විදයාවන් වැනි මානසික දැ සිහියේ
පවති්නනේ ඉතා අඩුවේන.
+ හ්ම් එසේද
- එසේයි කුඩා කල ම
සිවු අවුරුදු පමණ වන තුරු මනස තුල ඒවා ක්‍රියාත්මක වුවුත් මේ භව උත්පත්තිය අනුව කෙමෙන් ඒ මැකි යනවා. රජුනි
මනා පාලනයකින් තොරවු වු ශක්තීන් ඉතා විනාශකාරීයි. දේව යන් හට නකුල ග්‍රාමයේදී සිදු වුයේ එයයි. තමා උගත්
දැනුම හා විදයාවන් වලින් තොරව ඔහුගේ ශක්තිය පාලනය කල නොහැකිය. එය මහා ඊෂ්වරයන්
විසින් ලබා දෙන ශක්තියක් නිසා පිටත කිසිවෙකුටත් ඔහුව පාලනය කල නොහැකියි.ස්වයං
පාලනයකට ලක් විය යුතුයි.
+ හ්ම් ..
- රජුනි මා මේ සිදු
කරන්නේද ඔබ වහන්සේට ශාරිරිකව ශක්තින් ලබා දීමට ප්රරථම මානසික ශක්තින් ලබා දිමට දැනුවත් කිරීමයි.
අපට මොන තරම්
ශක්තික් හිමි වුවත් ඒ පාලනයකින් තොරයි නම් ඒ ශක්තිය මේ විශ්වයටම විනාශකාරී විය
හැකිය.
මහා ශක්තීන්
පාලනයට මහා විදයාවන් දැන සිටිය යුතුමයි. නැති නම්ස්වාභාවික ශක්තියක් ම අවදි වී ඒ
නාසලනවා ලොව තුලිත කරීමට.
+ හ්ම් ඉතින් කච්ච
දේව අරඹයා කුමක්ද ?
- දේව යන් කුඩා කල
සිටම අසීමිත ශක්තියකින් යුක්ත වුවා ඔබ වහන්සේ පැවසුවාක් මෙන් ගවරුන් වලගයෙන් අල්ලා
පොලවේ ගැසීම ඔහුගේ විනෝදාංශයක් ම වුවා. තමාට මෙල්ල කල නොහැකි හෝ ඔහුගේ වචනයට මෙල්ල
නොවන ඕනැම ගවරෙකු ඔහු පොලවේ ගැසුවා.
+ අහෝ..
- එවිට ස්වාභාව
දහමේ ශක්තිය ඉදිරියට පැමිනියා. ඔහු නොැදැනුවත්වම මහිෂ ගෝතත්රෙය් සිටිනා බලගතුම ගවරා ප්රාතීත්භුත වූවා ඔහු නසා ලීමට.
+ ඉතින් ඉතින් අභය
- රජුනි ඔහුට ඒ
ගවරා නුදුරු ගම්මාන වලට වැදි වගා පාලු කරමින් ගෙවල් බිද දමනින් යන බව සැල වූ වහාම එහි ගොස් ගවරා මෙල්ල කිරීමට
පිටත් වුවා. නමුත් එදින ඔහු තම පාලනයකින් තොරව දැනුමක් නොමැතිම ශක්තියෙන් පමණක් ප්රාතීර්භුත වූ ගවයා මෙල්ල කිරීමට
සැරසුනේ නම් ඒ කාත්නයෙන්ම “ කච්ච දේව “ ගේ වීරත්තවය එතැනින් අවසන් වනව.
+ එසේ නොවුනේ .. ?
- එසේ යන අතර මගදි
මා ඔහුව මුණ ගැසුනා රජුනි
+ අහෝ අභය ඔබ
නම්.....
- මා පෙර දින
භාවනාවෙන් ඒ දැක සිටියා ඉතින් මා පිටත් වුනා හිමිදිරියේම ඔහුව වලක්වන්න.
+ එසේ නම් කච්ච
දේවයන්ගේ දිවි රකුයේ නුඹයි. නුඹ දස දෙනා ගැනම එසේ බලා සිටියාද
- එසේයි රජුින
මුලින්ම ලක පහල වන්නේ මායි ඉන්පසුවයි අනෙකුත් නව දෙනා පහල වන්නේ ඔවුන් සිටින්නේ
කොතැනකද කරන්නේ මොනවාදැයි මා හොදින් දැන සිටියා සැබවින් ම කියනවා නම් ඔවුන් උඵද්ද
වන්නේ පාතිර්භුත කරන්වන්නේ මමයි.
+ මා මිත්‍ර ථෙරපත්ථාභයනි නුඹට ස්තුති
වේවා....
- එදිනත් අතර මගදි
මා දේව යන් මුන ගැසි ඔහුට ඔහු ගැන පවසා අවබෝධ කරදුන්නා. එදිනමයි මා ඔහුට ඔහුගේ
පස්වැනි රුද්‍රාව ලබා දුන්නේ.
+ හොදිය එදින ප්රාතීර්භුත වුයේ කවුද
- ඉතිහාසගතව
පවසන්නේනම් ඔබ වහන්සේ අසා නැතිව ඇති ග්‍රීක නම් වැසියන් විසින් අදහනු ලැබුවා “ මිනටෝර් “ නම් මේ ගවරාව. ගවයෙකුගේ විශාල
කුලුහරකෙකුගේ උඩු කයක්ද මින්සෙකු මෙන් දෙපා හිමි එහෙත් ඒද ගව කුර සේ පිහිටියාවුද
දෙපැත්තෙහිම ඉතා තියුනු තල ඇති දෙපැත්ත කැපෙන පොරෝ තලයක් සහිත ඔහුටම විශේෂ වුන
ආයුධයක් ඇති අයෙක්.
+ ඉතින්
- මිනටෝර් පෙනි
සිටින්නේ ඔහුගේ සාමාණ්‍ය ස්වරෑපයෙන්
එහෙත් සටන සංකීර්ණ වත්ම ඔහු ඔහුගේ සැබෑ ස්වරූපය ආරූඩ කර ගන්නවා එවිට මෙලොව
කිසිවෙකුටත් මෙල්ල කල නොහැකියි. ශිව නන්දි ඔහු හා බැදී සිටිනවා..
+ ඉතින් ඔබව අප
දේවයන්ට කියාදුන්නා මෙල්ල කරනා හැටි..
- මා නම් කියා
දුන්නා එහෙත් ඔහු මුලි්න් ඒ ගැන තැකුවේ නැහැ. මනුශ්‍ය භව යේ ස්වාභාවය අනුව තම ශක්තිය පිළිබදව ඒනැවටත් වඩා මදයින්
උන්මාදව පසුවුවා....
+ ඉිතින්..
- ඉන් ලැබුන ත්‍යාගය තමා ඔය කකුලක කොරය..... !
+ හහ් හහ් හහ් හහ්
හහ්... අනේ මගේ කච්ච දේව... ඔබ හරිම බලවතෙක් නොවැ.
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්‍ය
විදයා / ඉන්ද්‍රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ
දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය
ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ
පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර
ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්
No comments:
Post a Comment