ජීවිතේ මහ පුදුමයි..
එකක් තවෙකෙකට වඩා ගොඩක් වෙනස්..
කෙනෙක් තව කෙනෙක්ට වඩා ගොඩක් වෙනස්..
සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි තරම් වෙනස්...
.
“පහනක් පත්තු කරාට ප්සසෙ ඒ දැල්ල පවතිනකම් ආලෝකය තියේවි.. පහනෙන් විය යුතු කාර්ය සිදුවෙන්නෙ පහන දැල්විලා තියෙනකම් විතරයි..
ඒත් ඒත් එක්කම අපි දල්වන හඳුන්කූරෙ දැල්ල නිවිල ගියාම තමා සුවඳ දුම්පිට වෙන්න පටන් ගන්නෙ... දැල්ල නිවුනාමයි හඳුන්කූරක අගය තියෙන්නෙ..! එහෙම නැතිනම් නිකංම්ම මුලු කූරම පිච්චිලා යාවි..
ඒත් අපි අපේ ජීවිතේදි ඒ නොගැලපෙන වෙනස්කම් ගලපගන්න උත්සාහ කරනව..
.
අපි ඉර එලිය වැටෙනවට එහෙමත් නැතිනම් දවල් වරුවක හොදට ඉර එලිය තියෙන වෙලාවට අහසින් ආලෝකය පොලවට වැටෙන වෙලාවට කියනව අවුව පායලා එහෙම නැතිනම් ඉර පායලා කියල...
ඒත් අපි අහසින් වතුර පොලවට වැටෙන වෙලාවට “ වහිනව කියල..“ ඒ වගෙම ඒ වතුර නවතින කොට කියනව වැස්ස පෑවුව කියල..
එතකොට අවුවයි වැස්සයි පායන්නෙ එකම වෙලාවක වෙන්නත් පුලුවන්!
දවල් වරුවක නම් වැස්ස පායනව කිය්නනෙ අවුව පායනව කියන එක වෙන්නත් පුලුවන්..
.
මිනිස්සුන්ට ඇස් දෙක්ක තියෙන්නෙ දකින්න සහ බලන්න.. දකිනව කියන එක මොළය සහ හදවත වෙනුවෙනුත් යොදා ගන්න පුලුවන්.. මිනිස්සුන්ට කණ් දෙකක් ලැබේනනෙ ඇහුම්කම් දෙන්න අහන්න... අහනව කියන මොළය සහ එක හදවතට සම්බන්ධ කරන්නත් පුලුවන්.. දිවක් තියෙන්නෙ රස විදින්න.. ඒකත් හදවතට සහ මොලයත් එක්ක සම්බන්ධ කරන්න පුලුවන්... එහෙම බැලුවාම හදවතයි මොළයයි එක්ක මේ හැම දෙයක්ක ම සම්බන්ධයි.. මොකද ඒ ඓන්ද්‍රියන් වලින් ගන්න සෑම සංවේදනයක්ම සම්බන්ද වෙන්නෙ හදවතට සහ මොළයට නිසා..
හැබැයි.. සමහරු කියනව - කණ තියල බලන්න කියල නැතිනම් අහල.. බලන්න කියල --
.
කඳුල කියන්නෙ දුකේ සංකේතයක් ලු සිනහව කිය්නනෙ සන්තෝෂයේ සලකුණක්ලු .. ඒත් අපි ගොඩාක් හිනා වුනාම අන්තිමට අපිට කඳුුලු පනිනව... ඒ කිය්නනෙ සතුටේ උපරිමය... සතුටේ උපරිමයත් කඳුලක් ..!
මතක තියාගන්න දුකේත් - සතුටේත් උපරිමය “ කඳුල “ බව !!
ඒකයි බුද්ධ කිය්නනෙ මධ්‍යස්ථ වෙන්න කියල
.
මේ එදිනෙදා තියෙන වෙනස් කම් මැද්දෙ අපි අපිට ඕන ලෝකයක් හදාගෙන අපි තනි තනිව ජීවත් වෙන්ව.. යාන්තං හරි අපේ ලෝකෙට ගැලපෙන කෙනෙක් දැක්කාම අපි ඒ කෙනාව අපේ ජීවිතයට ඈඳා ගන්නව නොගැල පෙන්නන් අතාරිනව..
ඇත්තටම මේ ගැලපීම් ගලපගන්නා දරන උත්සාහය ඇතුලෙ මිනිස්සු වයසට යනව.. ඒකට කියනව අපි ජීවත් වෙනව කියල..
.
. මට දකින විදියට ඇත්තමට ජීවත් වුණ එකම මනුස්සයා බුද්ධ විතරයි !!!
.
අපි තාම ජීවත් වෙන්න හදනව.... එක්කො වෙනස් කම් වෙනස් කරන්න හදනව නැති නම් ඒවාට අනුවර්ථනය වෙන්න හදනව.
.
ජීවිතේ වෙනස් දේවල් එක්ක වෙනස් වෙනකොට හරි අපූර්වත්වයක් දැනෙනවා.. අපූර්ව කියල කිය්නනෙ පෙර නොවූ විරු කියන එකට.. ඒ හැගීම් ලැබෙන්නෙ අපි ජීවිතේ ගලප ගන්න ආකාරයට... වෙනස් වීම ගලපගන්න ඕන බාහිර සමාජයෙන් නෙවේ අපි ඇතුලතින්මයි.. මොකද !
“ බිත්තරයක් පිටිතන් බින්ඳොත් එතැන තියේනනෙ මරණයක් - එත් ඇතුලතින් බිඳගෙන එලියට ආවෝත් එතැන ජීවිතයක් .. !!!!
.
එන්න කියවල - බලන්න ජීවිතය - ඒක පුංචි ආරාධනාවක් !
මැරෙන කල් ජීවත් වෙන මිනිස්සුන්ට නෙවේ - මැරි මැරි ජීව්ත වෙන මිනිස්සු්ට සහ ජීවත් වීම වෙනුවෙන් මැරෙන මිනිස්සුන්ට !.
එන්න හුස්ම වැටෙනවට ජීව්ත නොවී ජීවත් වෙන්න හුස්මක් ගමු ..,!!!
-- කුරුළු---
“ බිත්තරයක් පිටිතන් බින්ඳොත් එතැන තියේනනෙ මරණයක් - එත් ඇතුලතින් බිඳගෙන එලියට ආවෝත් එතැන ජීවිතයක්" .
ReplyDeleteඇත්තටම වටිනම කතාවක් මේක.සරලයි ගැඹුරුයි.. අදයි ගොඩ වැදුනේ.. දැන් ඉතින් දිගටම එන්නම් සරල ගැඹුරු අදහස් හොයාගෙන
ස්තුතයි අදහසට
ReplyDelete