Sunday, January 24, 2016

නමක් නැති ! 01



== අවසන එය ලිවීම ඇරඹීමි. මෙයින් මතු මා කොයිබට දිවේදැයි නොදනිමි. නමුත් අවබෝධ වූ දෑ ලිවිය යුතු යැයි සිතමි ====
.
දෑස් අඩවන්ව පද්මාසනයෙන්  හිඳගත් අයුරින්ම හෙතෙම පසුවිය.
ගෙවෙන්නා වූ  මිනිස් ලොව පැය පිළිබඳව අවබෝධයක් නොවුනත් ගතකරන කාලය තුල ම ජීවත් වන්නා සේ දැනුනි.
මෙතෙක් රැස් කරගත් වෙර වීරියෙනුත් පාරමිතා ශක්තියෙනුත් ධ්‍යාන බලයෙනුත් ක්‍රමයෙන් සසර මග විමසන්නට පටන් ගති.
සසර ගමන ප්‍රථම වතාවට පැහැදිලි ව දැනේනනට පටන් ගති.
සතත්වයා ක්ලේෂයන් නිසා වරින් වර ඉපැදීමත් ඉපැදීම කරණ කොට ගෙන ජරාවට පත් වීම ව්‍යාධිය ද ඉන් පසු මරණයට ගොදුරු වීමද ඒ ඒ සිදු කරන කුසල් අකුසල් පෙර දැරිව වඩාත් සුදුසු ස්ථානයක නැවත ඉපැදීම සිදු වන බවත් පැහැදිලි විය.
සසර ගමනේදී සතත්වයාට කුසල් ය අකුසල්ය ලෙස ගුදම් දෙකක් ලැබේ. ඉන් තමා විසින් කුසල් ගුදම පුරවන්නේද අකුසල් ගුදම පුරවන්නේද යන්න සතත්වයාගෙ කාර්යයකි. පෙර විසූ බුදුවරු මුණ ගැසී සසර පුරුදු ඇත්තවුන් කුසල් යනු කවරේද යන්න අවබෝධයෙන් ඒ සඳහා වෙහෙසෙන බවත් පෙනෙන්නට විය.
තමාද ඒ තණ්හංකර , මේධංකර, සරණංකර ,දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස,
ඵුස්ස, විපස්සි,සිඛි, වෙස්සභු, කකුසන්ධ, කොනගමන, කස්සප විසි හතක් බුදුවරුන්ගෙන් බණ අසා විවරණ ගෙන පෙරුම් පුරණා බෝසතුන් වහන්සේ කෙනෙකු බවත් කෙලෙසුන්ගෙන් මිදීම ඉතාම ආසන්න බවත් අවබෝධ වන්නට පටන් ගති.
සියළු සතත්වයන් පෙරුම් පුරන්නෝය යම් දවසක නිර්වාණාවබෝධය ලබති. යම්කිසි පෙරුම්පරන්නෙකු තම කුසල් ගුදම සම්පුරණයෙන් පුරවාගත් පසු ඔවු නිර්වාණාවබෝධය ලැබුවා නම් වනු ඇත. ඒ එලෙස කුසලයන්ගෙන් පුරවා ගැනීම ඒ තරම්ම අසීරු කටයුත්තක් වන බැවිනි. තමාද සාරාසංඛෙයිය කල්ප ලක්ෂයකටත් ඉක්මවූ කාලයක් පෙරුම් පුරමින් මේ සසර ගමන කුසල් ගුදම පුරවා ගෙන ඇති බව හෙතෙම අවබෝධකරගත්තේය.
සියළු සතත්වයෝ ලෝභයෙන් අල්වාගැනීමත් ද්වේශයෙන් බැහැර කිරීමත් නිසාම මේ සසර ගමන දිග් කරගන්නෝ වෙති. සිත නම් ඓන්ද්‍රිය මනාව නොහික්මවී ම මෙයට හේතු වන බව පැහැදිලි වන්නට විය. මෙය මිනිස් ලොව සියළු සතත්වයන්ට පැහැදිලි කල යුතුය ඒ සඳහා අවශ්‍ය බුද්ධත්වය තමා ලැබූ වේ තම සිත තුල හෝ වේවා සසර තුල හෝ වේවා වූ කුසල් ගුදම පුරවා ගත්නිසාවෙන් බව හෙතෙම අවබෝධකොට ගති.
මෙයින් මතු උපතක් නැත. සියළු කෙලෙසුන් ප්‍රහීන කලෙක්මි නමුත් සතත්වයන්ගේ සිත සුව පිණිස නැවත පෙනී සිටිය යුතුය දහම වැපිරිය යුතුය සත්‍යගවේශනයේ අවසන මේ මහා ධර්මය සතත්වයා හමුවේ දේශනා කල යුතුය. එයෙහින් නැවතත් උපතක් සිදුවිය යුතුය. එය හුදෙක්ම කුසල් පිරීමක් නොව වීර්යයයෙන් හා ධෛර්යයයෙන් යුතු පරමාදර්ශීව බුද්ධතත්වය කරා යන ගමනක්ම විය යුතුය. එය කියවා බලා දේශනා කරන්නාවූ දහම අවබෝධයෙන් බොහොමයක් සතත්වයන් නිර්වාණාවබෝධය ලබනු ඇත. සසර ගමන එකට සිටි සියල්ලන්ගේද අවසාන උත්පත්තිය එය වනු ඇත.
හෙටින් පසු සියල්ල සැලසුම් කල යුතුය. අධිෂ්ඨානය එය විය යුතුය. එය සප්ත ලොවටම ශාන්තියක් වේවා... !!!!
.............. හෙතෙම සෙමෙන් දෑස් හැරියේය. මනු ලොවින් පිටවූ වෙලාවක් නොදැනින. තුසිතයේ ඇස් හැරීය. බුදු මඟ සැළසුම් කිරීමට කදිම ස්ථානයකැයි සිතුණි. තුසිතයේ ආයු කාලය දිව්‍ය වර්ෂ හාරදහසකි නැතහොත් එක් දිනක් යනු මනුශ්‍ය වර්ෂ හාරසියයකි. ඒ අනුව බැලු කල මනු ලොවට දිගු කාලයකි.
දිව්‍ය සැප විඳීමේ කැමැත්තක් නැත නිර්වාණ මාර්ගය තිබේ. සියල්ල සැලසුම් කල පසු මෙයින් නික්ම යා යුතුය. උපත සඳහා කාලය දීපය දේශය කුලය සහ මව , නිමිති බැලිය යුත්තේ ඒ උපත හුදෙක් සකල සතත්වයා කෙරෙහි නිර්වාණාවබෝධ මාර්ගය හෙලි පෙහෙලි කරනු පිණිස වන උපතක්ම වන හෙයිනි.
සදෙවු ලොව වැසියන්ද මෙලාව වැසියන්ද කැඳවිය යුතුය, විශ්ණු, මුරුගන් , ගණේෂ , විභිසණ, මහා බ්‍රහ්ම, ආදී සියල්ලන්ද රාවණයන්ද කැඳවිය යුතුය.
බුදුවීම අවබෝධ කරන්නාවූ මාර්ගය සැකසිය යුතුය. තුසිතයේදී ශවේත කේතු නාමය වූවත් මතු උත්පත්තියේදී සිද්ධාර්ථ නාමය ම විය යුතු බවට හෙතෙම තිර අධිෂ්ධානයක් කලේය......... !!
--කුරුළු-

( මෙය හුදෙක් කොටස් වශයෙන් ලියන්නට වෙර දරන ප්‍රභන්ධයක් , මනංකල්පිතයක් වන අතර කිසිදු අකාරයේ නිග්‍රහ කිරීමක උත්සාහයක් නොවේ )

Wednesday, January 6, 2016

== මේ ප්‍රේම කථා නවතා මොහොතක් - අපි අවට බලමු ඇස් ඇරලා ==


'
- සුදු අයියෙ
+ ඇයි ?
- මට තෑග්ගක් ඕන
+ එක පාරටම
- ඔවු මට ඕන
+ මොකක්ද ?
- හාවෙක් ඕන ..
+ ඔයාට ?
- ඔවු මට හාවෙක් ඕන ඇති කරන්න ගෙදර
+ ඉතින් මාව ගෙනිහින් තියාගන්නකො
- හුහ් මෙන්න වැඩක්.. මට ඕන චිම්පන්සියෙක් නෙවි අනේ හාවෙක් හාවෙක් ! අර කං ලොකුවට තියෙන්නෙ
+ ඉතින් මං හාවෙක් තමා
- ආ... මේං වැඩක් දැන් එතකොට ඔයා හාවා .. අනේ විහිලු නෙවෙයි අනේ
+ හම් ඉතින් දැන් බල්ලෙකුත් ඉන්නවනේද ගෙදර
- ඔවු ! ඉතින් ඒ බල්ලෙක්නෙ. හාවෙකුත් හිටියනං මොකෝ
+ ඉතින් එහෙම බැනේ බල්ලොත් එක්ක හාවො තියාගන්න බැ උන්ව හපනව.
- නැ අනේ හාවො හප්නනෙ නැ උන් අහිංසකයි
+ මී හරකියෙ. හාවව බල්ලා හපයි,
- නැ අනේ අපේ බ්ලැකියා එහෙම නැ එහෙනං අපිවත් හප්නනෙපැයි
+ ඇයි ඔයාල හාවොද ? සත්තු කැමති නැ එයාලට ලැබෙන ආදරේ බෙදනවට කොහොමත් ඔයා හාවාව හුරතල් කරද්දි ඌව හපල දායි.
- අනේ යනව යන්න. බැ කිවුව නං ඉවරනෙ බොරු නොකිය.
+ බොරු නෙවේ.
- නැත්තෙ කොහද අර පල්ලෙහා ගෙදර අංකල් ඒ නංගිට ගෙනත් දිල එහෙත් බල්ලෙක් ඉන්නෙ ඔය ඉ්නනෙ දෙන්නම ෂෝක් එකට.
+ හම් එක්ත් එහෙමද? එ්ක තමා මෙයාටත් ඕන. දකින දකින දේ ඉල්ලන එක තාම අයින් වෙලා නැ වගේ.
- අනේ මේග හොද සුදු අයියනෙ දෙනව නේද මට එකෙක් !
+ හම් හා මම ඊලග දවසෙ එනකොට ගේමු. දෙන්නත් එක්කම යමු ගිහින් ගේමු. දන්නවද ඉන්න තැන්.
- ඔවු.... මම දන්නව.. පොලේ ඉන්නව කුඩු වල දාල.. මම දන්නව තැන මම එක්කං යන්නං හොදද ඔයා මට අරන් දෙන්න ලස්සන එකෙක්. මම ඌව තියාගන්නං මගේ ලගින්ම.
+ සුදු නංගි දන්නවද හාවො කරන්නෙ කනවයි ජරා කරනවයි විතරයි. වෙන වැඩක් නැ ඔයාට ගේ හෝද හෝද ඉන්නවෙයි ?
- නැ නැ කමක් නැ මම ඒව කර ගන්නං. මට ඕන හවසට ආවම ඌ එක්ක සෙල්ලං කරන්න.
+ එතකොට බ්ලැකියා
- ඌත් ඉන්නව ඉතින් ඌත් එක්ක දැං සෙල්ලං බැ අප්ප ඌ හෙන ලොකුයිනෙ.ඌ ඉන්නෙ මගේආරක්සාවට.
+ හ්ම් ඒකත් එහෙමද ? හොදයි සුදු නංගි මට පොරොන්දුවක් වෙන්න ඕන හැබැයි.
- මොකක්ද ?
+ හාවෙක් සුදු නංගිට ලැබුනත් කවද හරි ඌ මැරුනොත් අඩන්නෙ නැ කියල.
- අනේ ඇයි මේ මැරෙන කතා කියන්නෙ ගේන්නත් කලින්. නැ මම මැරෙන්න දෙන්නෙ නැ මම බලාගන්නව ඌව.
+ මේ අහන්නකො. ඒ සත්තු බල්ලා, ගිරවු, ලවු බර්ඩ්ල, මාළු, හාවො, පුසො සේරොම අපි තරං ජීවත් වෙන්නෙ නෑ. උන් ඉක්මණට මැරෙනව කොහොමත්. තේරුණාද? ඒ නිසා හාවෙක් නෙවෙයි ඕනම සතෙක් අපේ ළගට ගන්න කොටම අපි දැනගන්නොන ඒ අය අපිට කලින් මැරෙනව කියල . ඒ අදද හෙටද අවුරුද්දකින්ද දෙකකින්ද කියන එක නෙවෙයි වැඩේ. කොයි වෙලාවෙ හරි මැරෙනව කියල අපි දැනගෙන ඉන්න ඕන. අපිත් එක්ක ඉන්නකං හොඳට බලාගත්තාම ඇති. තේරුණාද ?
- හ්ම්..
+ සත්තු විතරක් නෙවෙයි සුදු නංගි. මාත් මැරෙනව කවද හරි ඔයත් මැරෙනව. සුදු නංගි කවදා හරි හිතුවද සුදු නංගිගෙ අම්මයි අප්පචිචිත් මැරෙයි කියල.
- නෑ
+ ඒකනෙ. ඒ අයත් මැරෙනව. අපේ සීයල මැරුණා. එතකොට සීයගෙ තාත්තව මම දැකල නැ එ ්කිය්නනෙ ඊට කලින් එයාල මැරිල. ඒ වගේ අපේ අම්ම අප්ච්චිත් අපිව දාල යනව. කවදා හරි දවසක අපි දෙන්නත් යයි. අපිත් එක්ක ඉන්න කං හොදින් හිනා වෙලා ආදරෙන් ඉන්න එක තමයි අපි කරන්නොන. අම්මට තාත්තට කිලන් අපි මැරුනොත් අපිට දුකක් නැතත් එයාලට ගෙඩක් දුක හිතෙනව. ඒත හරි නම් පිළිවෙලකට අපි හැමෝම මැරෙන්න ඕන.
- සුදු අයියෙ. අම්මයි අප්පච්චියි මැරෙයිද ? බ්ලැකිත් !
+ හහ් හහ් හහ ්හහ් හහ්.. ඉතින් මම කිවුවෙ දරුවො. අඩු ආයුෂ තියෙන අය ඉක්මනට යනව. වැඩිපුර තියෙන අය වැඩිපුර ඉදල යනව එච්චරයි. එකම දේ නං අපි දෙයක් ලං කරගන්නකොටම දැන ගන්නෝන මේ දේ කවද හරි අපිව අතහැරල යනව කියල සුදු නංගි මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නැ. මමත් මැරෙයි දවසක ඔයාව දාල.
- අනේ එහෙම කිය්නනෙපා මම තනිවෙයි..
+ අන්න දැක්කද ඕක තමයි නංගි අල්ලා ගැනීම කියල බුදු සාදු කිවුවෙ. ඔයා බය ඔයා තනිවෙනවට මිසක් අපි මැරෙනවට නෙවෙයි. නිවන් යන්න ඕනි නම් අල්ලා ගැනිම නවත්තවන්න. ගිහි ගෙයි ඉන්නවනම් අවබෝධයෙන් ඉන්න. සුදු නංගි ආසාවෙන් අරංගිය බැග් එක පෑන , ගෙදර කොප්පෙ පිගාන ඇඳ, ඇඳුම් කෝචචර ආස වුනත් කී පාරක් වෙනස් කරන්න ඇතිද ? ආසාවෙන් ලං කරගත්තුව ඔයාට වදයක් වලා විසික් කරන්න ඇතිද ? හැම දේම ඒ වගෙයි සුදු නංගි. ලං නොකර ගෙන හිටියහම ඇති. ඇතින් ඉදන් බලල සතුටු වෙන්න පුලුවන් නං ඒක වටිනව‍
- හ්ම්. සුදු අයියෙ...
+ ඇයි..
- මට අර හාවා එපා..!
+ ඇයි ?
- නැහැ කමක් නැ. දුකක්නෙ බැරිවෙලා හරි බ්ලැකියා එයාව හැපුවොත්. ඊට පස්සෙ මට බැලැකියත් එක්ක තරහ හිතෙයි. ඕන නැ. සුදු අයිය කිවුව හරි. මම පල්ලහා ගෙදර හාවාට හැමදාම මොනව හරි අරං ගිහින් කවල එන්නං. එ් ඇති.
+ හොදටම විස්වාසද ඕන නැ කියල.
- හ්ම්.. ඔවු. මම තේරුම් ගත්ත සුදු අයිය කිවුව දේ..
+ හා එහෙනම් මම තියන්නම් බුදු සරණයි.
- සුදු අයියෙ.. එත් ..
+ එත් මොකද ?
- සුදු අයිය මාව දාල යනව කියල මට කියන්නෙපා මට දුකයි. මම අඩනව.
+ දැන් ඔය අඩන්නෙත් ආශාවන් අල්ලාගත්තු නිසාන් නංගි. එහෙම නෙවෙි අපි ජීවිතේ තේරුම් අරං ජීවත් වෙමු. එතකොට අපිට ජීවිතේ ලේසි වෙයි.
- හා මං ආදරෙයි ...
+ ආදරෙන් ඉන්න සුදු නංගි...
======================
මේ ප්‍රේම කථා නවතා මොහොතක්.....
අපි අවට බලමු ඇස් ඇරලා.....
නැති බැරි කම් හතර අතේ....
පාවෙනවා සුලඟ වගේ....
.
නැති බැරි කම ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු ජීවන ගග පැද යන්නට
.
අවුල් තැවුල් පිරුණු ලොවක අසරණ වූ මිනිස්සුට
අපි දෙන්නා පලසක් වෙමු දෙපිය නගා ඇවිදින්නට
.---------- රඹුකන සිද්ධාර්ථ හිමි ( රචනය )
===============එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී

-- කුරුළු--
Song - https://www.youtube.com/watch?v=ZvmEJxghGww

Wednesday, December 16, 2015

== ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා ===


.
= දැන් පොඩි නම මොකක්ද අදහස් කරන් ඉන්නෙ
- මෙහෙමයි හාමුදරුවනේ
= කොහොමයි
- දැන් අපේ විහාරේ බණ මඩුව ගරා වැටිල. විහාර ගෙයිත් එක පරාලයක් තියෙන්නෙ අර ආලවක යක්සයාගෙ උරහිස උඩ. කොයි වෙලේක හරි උපාසක මහත්තයෙක් ගෙ ඇගට වැටෙනව .
= හ්ම්.
- ඉතින් ලොකු හාමුදුරුවනේ මම කල්පනා කලා සම්මාදමක් කරන්න
= සම්මාදමක්
- එහෙයි. මම අපේ පිරිවෙනේ හාමුදරුවොරු එක්ක කතාකලා. උන්නාන්සෙලා කැමතියි වැඩේට. උන්නාන්සෙලත් තම තමන්ගෙ පන්සල් හදාගෙන තියෙන්නෙ එහෙමයි.
= ඒ කොහොමයි
- මෙහෙමයි දැන් අපි හාමුදරුවනේ හැමදෙනාම ආධර එකතු කරන්න ටිකට් මුද්‍රණය කරල ගෙයින් ගෙට යනව. කිසිම බල කිරීමක් නැ කැමති නං ගත්තු දෙන් නැත්තං නිකා උන් දෙන්.
= හ්ම් ඒකත් එහෙමද ?
- එහෙමයි. අපි දහ දෙනෙක් යනව ගම් දහයකට ඊළගට තවත් දහයකට. මම ෆේස්බුක් එකෙත් ගෘෘප් එකක් හදල තියේනනෙ මේකට
= ගම් දහයෙන් දහයට යනව කිවුවෙ. මේ අපේ ගම් පලාතෙන් නෙවේද පොඩි නම මුදල් සම්මාදම් කරනන් හිතන් ඉන්නෙ.
- මොන ! මේ තියෙන්නෙ හාමුදුරුවනේ ප්ලෑන් එක මේ බලන්නන. මේ වගේ විහාර මළුව තියෙන්නෝන .. මේ තියේනනෙ තනිකරම රත්තරන් පාටට දිලිසෙන්නෝන. චෛත්‍ය හදන්නෙ දෙවැනි තට්ටුවෙ ඒක තමා උඩම. පන්සල් ඉඩමට ඇතුලු වෙන තැනම ලොකු ඇත්තු ඉන්න මකර තොරණක්. එතකොට අළුත් බණ මඩුවක්.ආවාස ගෙයක්. එතකොට හාමුදුරුවනේ අපේ අර පහල වෙල තනිකරම සුද්ධ කරල අපි නෙළුම් මල් වවනව. ලස්සනට තියේවි එතකොට.
= දැන් පොඩි නම මොනවද බලාපොරොත්තු වෙන්නෙ මේව හදල
- ඇයි හාමුරුදවෙනේ බලන්නකො අර ටවුන් වල පන්සල් වල ලස්සන. මමත් මේ ළගදිත් එකක් දැක්ක ඉන්ටර්නෙට් එකේ. ලොකුම පිලිමෙ තියේනනෙ එහෙලු දැං. අපිත් මේ පන්සල දියුණු කරල ගත්තහම සුද්දො හිටං එයි බලන්න.
= සුදු ඇත්තො මොකටද ගෙන්න ගන්නෙ. කීයක් විතර වියදම වෙනවද
- මම හිතන්නෙ ලක්ෂ හැට හැත්තාව පනිවි
= එහෙමද ? පොඩි නම. අමනාප වෙන්නෙ නැතිනං මං දෙයක් කියන්නද ?
- හාං ..!
= හොදයි පොඩි නම දැන් ඔය කියන විදියට මේ පන්සල දියුනු කලා කියමු. එත් මේ දැන් තියෙන විහාරේ බණ මඩුව පිලිමගෙයි සුද්ධ පවිත්‍ර නොකරන, අලුත් වැඩියා නොකරන, පන්සලට දානෙ වේල ලැබුනද නොලැබුනාද කියල හොයන්නෙ නැති මේ ගමේ ඇත්තො ඔය අලුත් පන්සල ගැන හොයල බලාවිද ? බුදුන් වහන්සේගෙ ධර්මය කියල කියන්නෙ ගොඩනැගිලි වලට නෙවෙයි පොඩි නම, වෙහෙර විහාර සෑදිය යුතුයි ඒක පිං කටයුත්තක් එහෙත් ඒ ඵලදායී කාරණාවක් විය යුතුයි.
ඊට වඩා නරකද පොඩි නම අපි මේ ගොඩනැගිලි හද හද පන්සල ලොකු කරනවට වඩා පොඩි නමට පුලුවන් නං අර කිවුව දහයක් හාමුරුවරුත් වඩම්මවගෙන මේ ගම ගෙවල් වලට වැඩම කරල ධර්ම කාරණා තේරුම් කරල දෙන වැඩපිලිවෙලක් හැදුවොත්. ඒ ඒ ගෙවල් වල ඉන්න ළමා ළපටින්ව දහම් මාර්ගයට යොමු කලොත්.
සුදු මහත්තරු එන එක හොදයි. ඒත් ඒ ඇත්තන්ට කලියෙන් අපි අපේ ගම හදාගත යුතුයි පොඩි නම. අපේ ගමේ ඇත්තොන්ට පන්සල අමතක වෙනකොට පිට ඈයොන්ට ටිකට් විකුනල මොකට කරදර කරනවද ? ඕන්නං ඒ ඇවිල්ල මේක හදල වැඩිදියුනු කරයි නොවැ. දානය හිත ඇතුලෙන්ම පැන නැගිය යුතුයි.
- හ්ම්. එත් හාමුදරුවනේ. මේක කඩා වැටුනොත් අපි කොහේ කියල යන්නද ?
= සිදු නොවුනු දේවල් ගැන සිතමින් දුක් විය යුතු නැහැ නොවැ, සිදු වූ දේවල් ගැනත් දුක් විය යුතු නැහැ. සිදු වෙමින් පවතින දේ ගැන සිතන්න පොඩි නම. එවැනි කරදරයක් සිදු වුවහොත් අප වනවාසී වෙමුද ? නැතිනම් වෘක්ෂමූලික වෙමු ? පොඩි නම බය .. මහ පාරටද  ? පන්සල නැති වෙනවටද ?
- දෙකටම
= බුද්ධ ප්‍රත්‍රයින්ට කොහොමත් පිඩුසිඟා වැඩිය හැකියි. මමය මාගේය කියා කිසිවක් නැහැ පොඩි නම. ඉතින් අපේය කියා විහාරයක් කෙසේ පවතින්නද ? අපේ සිරුරවත් අපිට ඕනැ ආකාරයෙන් පවත්වාගන්න බැරිකොට පොඩි නම මේ බාහිර දේවල් කොහොම විස්වාස කරන්නද?
පොඩිනම කැමති නම් හෙට ඉඳන් විහාර අලුත් වැඩියාව තමන්ම අරඹන්න. ඉදලක් කොස්සක් දැල් කඩනයක් දැනටමත් පන්සලේම තියෙනවා නොවැ. බාගදා දායක ඇත්තොත් එක්කාහු වේවි. දිලිසිය යුත්තේ ,පන්සල නොව ධර්මයයි රන්වන් පැහැ විය යුත්තේ පන්සල නොව ධර්මයයි විහාර දොරකඩ සිටිය යුත්තේ මැටියෙන් තැනූ ඇතුන් නොව හෙට නැගෙන සිංහයක් බඳු නුඹ වැන්නන්ය. පහල වෙල සුද්ධ කර නෙළුම් වලින් පිරවීමට ප්‍රථම නුඹ නෙළුමක්ව පිපෙන්න එවිට මේ පන්සල විතරක් නොව මුළු ගමම එලිය වේවි.
බාගදා මුළු රටම නුඹ ගැන කතා කරාවි. පන්සලේ ගොඩනැගිලි තිබුණත් නැතත් නුඹත් සද්ධර්මයත් මුල් බැස ගනීවි.
- එහෙමයි
= සිදුහත් කුමාරයා රම්‍ය සුරම්‍ය සුභ අතහැරල වනගත වුනානම් ඇයි පොඩි නම මේ හැටි දොමනස් හිතක් ? බුදුන් වහන්සේට ආරාම පූජා කලේ ධර්මය ගැන පැහැදිලා මිසක බුදුන් වහන්සේගේ අණකට නෙවෙයි. පොඩි නම ටිකට් වලින් රුපියල් සියයක් එකතු කරාවි. එත් පොඩි නම මිනිසුන් තනන්න, එක්කාහු කරන්න පටන් ගන්න. සිල්වත් වෙන්න, රහසින්වත් පවු නොකරන්න, ගුණවත් වන්න, ඥාණවන්ත වන්න, හැකිනම් ධ්‍යාන වඩන්න.
මාගේ උපදෙස නම් එයයි. ඉන් එහාට නුඹගේ කැමත්තක් වේවා.
- ලොකු හාමුදුරුවනේ, අවසරයි මට සැතපෙන්න යන්ට.
= සුවපත් වේවා. මට පන්සල හදන්න උවමනා මේ මහ පොළවෙ නෙවයි පොඩි නමගෙ හිතේ.
- අවසර, හෙට උදේම සවලටයි උදැල්ලටයි මම මිටක් කපන්නං.හාමුදරුවනේ මට පරණ සිවුරක් තියේ නං දෙන්න හෙට වැඩ කරනකොට ඇඳගන්න.
===============================
මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි
මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි
.
දූවිල්ලෙන් සිවුර පිරිල මකුල දැලින් මුහුණ වැහිල
ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා..
.
මහා පොලව සේ නොසැලි ඉවසීමේ ගුණය කියල
දහම් පොතෙන් කියෙවුව හැටි - මේ ඩිගෙදි මං දැක්කා..
============ හර්ෂණ දිසානායක
----කුරුළු---

ගීතය -