- හෙලෝ සුමනෙ
+ හෙලෝ හෙලෝ .. ශිලා කෝමද ඔයාට..
- වරදක් නැ සුමනෙ.. මම හොදින් ඉන්නව ඔයාට
කොම්ද..
+ මටත් වරදක් නැ ශීලා දන්නැද්ද ඉති්න්
වැඩ තමා වැඩි..
- එත් වැඩ වැඩ කියල ඇයි සුමනෙ ඔයා මට
මෙහෙම කරන්නෙ දුක නැද්ද මං ගැන.
+ ඇයි ශීලා මම මොනවද කලේ..
- ඔයා මාව දාල ගියානෙ සුමනෙ...
+ මම ?? මම නෙවේ ඔයානෙ ශිලා අර සිරිදාස එක්ක පැනල ගියේ.
- ඒ ඉතින් ඔයා මාව දාල ගිය නිසානෙ
සුමනෙ.. ඒ කෝම වුනත් මගේ ආදරේ තාමත් ඔයාට එහෙමමයි සුමනේ.. මට ඒක දරාගන්න බැ
අයියෝ..
+ බෑ ශීලා මම දැන් හිත හදාගෙන ඉවරයි..
ඔයත් දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දෙන්න ගැන හිතන්න ශීලා
- බෑ සුමනෙ බැ මට මම එනව ඔයා ලගට ළමයි
දෙන්නවත් අරන් ඔයා මාවයි මගේ ළමයි දෙන්නව ආදරෙන් බලාගන්නව නේද සුමනෙ
+ බෑනේ ශිලා මාත් දැන් වෙනකෙනෙක් බදින්න
යන්නෙ.. මම එයාට වචනෙ දීල ඉවරයි ශීලා දැන් ඔයා පරක්කුයි රත්තරන්.
- ඇයි දෙයියෝ මාව පණපිටින් මරන්න හද්නනෙ.
ඇයි මට මෙහෙම දුක් දෙන්නෙ.. මම ඔයාට
කොච්චර ආදරේද
+ වැඩක් නැනෙ දැන් ඔයා කොච්චර කිවුවත්
ඔයාට ඒ දවසවල පිට මිනිස්සු ලොකු වුනානෙ ශීලා. ඔයා මාව ගනන් ගත්තෙ නැනෙ..
- අනේ නැ රත්නෙ..
+ රත්නෙ ?? කවුද යකෝ ඒ මම සුමනෙ..
- ආහ් සොරි සොරි පොඩ්ක් චරිත පැටලුනා ඇ..
ඒක කපා හරින්න හොද අයියනෙ..
+ හ්ම්
- ඔන්න ආයෙ ටේක් එක ඇ..අනේ නැ සුමනෙ මම
දෙමපියො කිවුවදේනෙ කලේ. ඒ නැත්තං මම ඔයාට කොච්චර ආදරේද ඔයා දන්නවනෙ.. අන්තිමට මට
සිද්ද වුනේ දරුවො දෙන්නත් එක්කපාරට බහින්න සුමනෙ. ඒ මිනිහ මාව දාල ගියා සුමනෙ..
+ යකෝ ඒකට දැන් මම පලිද ?
- මට උදවු කරන්න සුමනෙ ඔයා මට ආදරේ නැද්ද
පොඩ්ඩක්වත්.
+ හ්ම් .. මම ඔයාට ආදරෙයි ශීලා ගොඩාක්. ඒ
වෙනුවෙන් මම මට කරන් පුලුවන් උපරිම දේ කලා..
- ඒ මොක්කද
+ මම ආදරේ මගේ ආදරේ ගැන සින්දුවක් ලිවුව
ශීලා..
- මොකක් ? මොනවද අප්ප ආදරේ වෙනුවෙන් සින්දුවක් ලියන එකද වටින්නෙ කෝ දැන් ඒක.
+ මම රට යන්න කලින් ඒක ගෘෘප් එකකට දුන්න
ඒ අය ඒක ෆිල්ම් එකකට දැම්ම...
- කෝ වදේ ඉතින්
+ ඇයි අනේ අර තියේනනෙ ශීල .. ශීල.. හේ..
ශීල ශීල හෝ.. කියල සින්දුවක් අන්න ඒක
- මොනවද අනේ ලියන එකේ ලස්සන එක්ක
ලියන්නෙපැයි හරක් එලවනව වගේ එකක් ලියන්නෙ. ඔවු ඉතින් අපි ගැන තමා ලියවෙන්නෙ
නැත්තෙ.
+ අනේ නැ මම ඔයා ගැන හිතල මයි ලිවුවෙ ඉතින්....
- අයියෝ.. බැනේ සුදු අයිය. ඔයා මගේ මූඩ්
එක කැවනෙ මේ සින්දුවක් කියල. බලන්න මම කොච්චර ලස්සනට ඇක්ට් කලාද ශීලා විදියට නේද ?
+ ඇයි මම ? කොච්චර හොදද සුමනෙ විදියට..
- මම කියන්නද අපි දෙන්න ඉස්සර අර ඔයා කලා
වගේ රේඩියෝ වැඩසටහන පටන් ගමු..
+ මොකකද් ? “ සුමනේ ඇන්ඩ් ශීලා“ කියලද ?
- ඔකනෙ ඉතින් ඔයාට විහිළු හැමදෙයක්ම ඔන්
නැ.
+ හා දැන් මොකෝ මේ නිවාඩු දවසෙ එක පාරටම
ශීලෙක් පටන් ගත්තෙ.
- මෙහෙමනෙ සුමනෙ. මම බලන්නෝන ඔයාව මට ගැල
පෙනවද කියල. ඉතින් මගේ මේ තියෙන පොඩි පොඩි මොංගල් පාට් වලට සෙට් වෙනවනම් විතරනෙ මම
ඔයාව බදින්නෙ. නැත්තං ඊට කලින් ඩිවෝ්ස් එක දෙනව.
+ ආහ් දැන් මොකෝ ශීලා ගැලපුනාද ?
- අන්න ඒකනෙ අවුල අප්ප . මම කරන කරන ගොං
වැඩේ ඔයාට තේරිලා ඔයා ඒ විදියට ඇක්ට් කරනවනෙ. ඒ නිසා දැනට මම කැමතියිලු.
+ හ්ම් මොනව කරන්නද ඒක ඉතින් මගේ ගොං
කමනෙ..
- හරි මම තියල ආයෙ ගන්නව.. ඒතකොට චරිත
දෙක වෙනස් ඇ. බලමු ඔයාට පුලුවන්ද කියල ඒකත් රගපාන්න මාත් එක්ක..
+ හ්ම්.. උඹ කෝමත් මාව නටවන එක තමා
කරන්නෙ...
- හරී... ටටා..... බායි.. ආදරෙන් ඉන්ඩ
ඇ...
================================
බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ
මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ලොවම නැවතිලා නිහඬයි වාගේ..
තනිකම පාළුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී..
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ
මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ
දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම්
ලැබේද මට.. )
ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි
වෙන්න එපා..
ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ
කුමාරී...
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ
මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි
ඒවීදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා
හෝ.. (මා සැමදා තනිවේදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඒවීදෝ මාගේ කුමාරී...
=========== ගායනය - ජය ශ්‍රී
-- කුරුළු----