Thursday, August 14, 2014

==දහසක් දොම්නස් සිහින පවුරු මැද - තනිවුන ඔබෙ සුසමන්=== =====සෙමෙන් විත් මගෙ සවනත පාරයි.. ===


.
+ මට සනීප නෑ
- ඇයි ඒ මොකෝ..!
+ ඔලුව රිදෙනව
- ඔන්න මම නම් නෙවෙයි ඔන්න අද දවසම මම කතා කලේ නැ හොඳ ලමය වගේ හිටිය..
+ නැ මේ සෙම ට..
- එක් මිසක් දැන් බේත් ගත්තද !
+ නෑ තාම ලමයො.. එහෙම මේ එක පාරටම ගන්නවද ?
- ආහ් හොඳ අයිය.. ගන්නෙපා හොදේ... ඔහොම ඉන්න. ඉදල වැඩි වෙලා අමාරු වෙලා හුස්ම ගන්න බැරි වුණාම එක පාරම ගිහින් ගන්න හොදද.. අද හෙට එහෙම යන්න එපා හොදේ මයෙ අම්ම..
+ හැ හැ හැ හැ හැ හැ.....
- හැ හැ හැ නෙවේ ගිහින් බේත් ගන්නව ළමයො .. වැඩි වෙනකල්ද ඉන්නෙ
+ හරි හරි ගත්ත.. එත් මේ ෆාමසියෙන් ගන්න දුන්න බේත් ටිකක්...
- ඉතින් ඒවත් ගන්න.. ඒවට තමා හොද වෙන්නෙ..
+ කොහෙද අනේ මේ ෆාමසි වැඩක් නැ.. මට ලිස්ට් එක්ක දුන්නට උන් ලග එක බේතක් නැනෙ ෂික්...
- ඒ කිවුවෙ එක බේතක්වත් නැද්ද .. මොකටද අනේ ඔය ෆාමසි. වහල දාන්න කිය්නනකො..
+ නැ මැන්ටලේ.. ඔක්කොම තියෙනව.. එක බේත් ජාතියක් විතරයි නැත්තෙ..
- ආ ඒක මිසක්ක.. මම හිතුව එකක්වත් නැ කියල. එක්ත් ගන්න හොදද..!
+ හා හොඳයි
- දුම් අල්ලන්න.. තෙමෙනේනෙපා.. කෑම සාමාන්‍යයි.. නෑම අගුණයි හොදද
+ මේ මොකො මේ... දොස්තරවත් එහෙම කිවුවෙ නැ..
- මම නෙ කිය්නනෙ...මේ අයියෙ එක් නෙවේ උදවුවක් ඕන..
+ මොකක්ද ?
- මම අර කිවුවෙ දවසක් අපේ යාලුවො නියගෙට අයට වියලි ආධාර දෙනව කියල !
+ මොකක් ! නියගෙට වියලි ආහාර.. දරුවො නිය‍ෙඟෙට දෙන්නෙ වතුර.. ඔන්න දුර්භික්ෂෙකට - ගංවතුර කාලෙට නම් වියලි ආහාර දෙනව..
- අපෝ හරි පණ්ඩිතයිනෙ.. අපි දෙන්නෙ නියං ආධාර... වතුර දෙන්නෙ...අයිය මටත් වතුර දෙන්න ඕන.. ඔයා අරන් දෙන්නකො..
+ හා මගේ ගානෙ වතුර බාල්දියක් ලියාගන්න..
- විහිලු නෙවේ අනේ බොන්න වතුර දෙන්නෙ.,! මට බෝතල් ටිකක් අරන් දෙන්න හොදද මම ඒව දෙන්නම් මම දෙනව වගේ.. හලිනෙ..
+ හ්ම්.. හාකො.. පින් කරන්නෙත් අනුන්ගෙන් ඉල්ලගෙනද ?
- ඔවු ඇයි.. වෙසක් එකට දන්සැල් දෙන්නෙත් අනුන්ගෙන් ඉල්ලගෙන.. ! අපිත් ගහනව ස්ටිකරයක් ප්‍රදේශවාසීන්ගෙ ආධාර ඇතිවව කියල එතකොට හලි..
+ දැන් ඔයාල දේනනෙ බෝතල් වතුරද
- හ්ම්.ඔවු ඇයි..
+ නෑ ඊට පස්සෙ සතියෙ යන්න ඔය ප්ලාස්ටික් එකතු කරන්න දැනටමත් එහෙ ගොඩ ගහල ඇති... කමක් නැ මම අරන් දෙන්නම් හොදේ..
- මගේ හොද අයිය...
+ හා හා මම දැන් ගේට්ටුව ගාව ඉන්නෙ.. ඉක්මණට කියන දෙයක් කියල ඉවරයක් කරන්න..
- ම්... ඉක්මණට අහගන්න.. අර ටික සදුදට ඕනෙ.. ම් තව.. තව...තව.. මතක් වෙන්නෙ නැ අනේ ඉක්මණට..
+ අනේ ඉක්මණට කියනවකො තටමන්නෙ නැතිව..
- ආ.. හිරි.. මා හට ලැබී ඇති කාලය දැන් අවසන් බැවින් මාගේ මේ අද දිනට නියමිත වචන ස්වල්පය මෙතනින් නවතමි.. නැවතත් ඔබ හමුවට හෙට දිනයේත් මේ වේලාවටම පැමිනෙන්මි.. මෙතෙකේ වේලා ඔබත් සමග කතා කල මා.. සුදු නංගීය..!
+ දැන් හරිද .. ඉවරද..!
- ආ මේ තව එකක් අපි යමු අර අලුතින් ඕපන් කරපු ආර්කේඩ් එකට..
+ ඒ ඇයි...
- කෑම සූත්‍ර එකට...අර නිළියක් ඉන්නෙ එයාගෙනෙ.. හරි ප්‍රසිද්ධයි අනේ ඒක
+අහ් .. ඇයි ඒ ඒකෙන් කන්නද !
- දන්වද ඒකෙ නිකං අප්පයක් රුපියල් 100ක්ලු.. බිත්තර ආප්පයක් 200ක් ලු..
+ ඇයි බිත්තරේ දාන්නෙ අයිතිකාරයද ? එච්චර ගණන්.. අනේ මේ..අපි අර බොරැල්ලෙ ආරියබවන් එකට යමු.. ඒ‍ක මම අදුරනව ඉස්කොලෙ යන කාලෙ ඉඳන්.. ඕන්නම් වඩයක් ‍හොරෙන් හරි කාල එතැකි..
- අනේ යනව යන්න කුණා.. මම තියනව.. මේ කුණෝ.. මට අර වතුර බෝතල් අරන් දෙනව හොදද ... පින් කරන්න ලොභ වෙන්නඑපා වු ඇ..
+ හාකො...!
========

සැඳැ අදුර ලොව ගලන වෙලාවට- කවුළු පියන් පත් වැසෙන වෙලාවට //
දහසක් දොම්නස් සිහින පවුරු මැද - තනිවුන ඔබෙ සුසමන්
සෙමෙන් විත් මගෙ සවනත පාරයි..
.
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද - සරණ විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ.. නැගි ඔබ එතෙර වන්න නිබ‍ෙඳේ..
.
නිමල පැතුම් සපුරාගෙන හද තුල- සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණලු නැගෙන පැයේ සුසුම්ක් වෙමි- ජීවන මල් ගොමුවේ..
ඔබෙ ආදර .ජීවන මල් ගොමුවේ..
======== සෝමතිලක ජයමහ මහතා--
--- කුරුළු--

https://www.youtube.com/watch?v=mD5FMNpPNhg

Friday, August 8, 2014

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න== මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න..


මම මහා ගලකැයි සිතා සිටියෙමි..
කිසිවෙකු දුටුවත් කතා බහ කලත් සිත තුලට වැද්ද නොගැනීමේ චේතනාවෙන්ම සිටියෙමි..
එහෙත් - සිත මහ පුදුම තැනකි -
මාත් සුදු නංගීත් අතර ඇත්තේ කුමන ආකාරයේ බැඳියාවක්ද කුමන සසර පුරුද්දක්දැයි මම නිතර සිතන්නෙමි...
ආදරයක් අහිමි වීම ම මෙතුවක් කල් පැවතිය නොහැක.. ආදරය තුරුළු කර‍ මිය යෑමට නොව තුරුළු කරගත් ආදරය ලොවටම බෙදාදීමට තීරණය කලේ මීට වසරකට පමන පෙරය..
- මොනවද බං මල්ලි මේ සුදු නංගියෙක් ගැන ලිය්නනෙ හැම දාම.. ඉතින් උඹට කිසිම කෙල්ලෙක් කැමති වෙයියැ .. උඹ තාම ඒ කෙල්ල ගැන හිතනවා කියල මේ හැම කෙල්ලම හිතාගෙන ඇති. ඒකනෙ එකෙක් වත් උඹට කැමති නැත්තෙ..
+ කවුද දැන් මට කැමති නැත්තෙ..!
- අහ් නැ නැ බං .. උඹට ආදරේ නැත්තේ ඒක වෙන්න ඇති !
+ දැන් කවුද මට ආදරේ නැත්තෙ.. මේ හැමෝම මට ආදරෙයි අයියෙ.. හැබැයි ආදරෙයි කිවුවෙ ලගින් තියන් ආදරේ කරන්න කවුරුත් කැමති නෑ.. දුරින් ඉදන් සුවඳ විඳින්න කැමති ඇති..
- මේ මේ උඹේ සාහිත්‍ය ටෝක් මට එපා... උඹ මේ ලියන දේවල් ගැන ඇත්ත කියහං මිනිස්සුන්ට.. සුුදු නංගි කියන්නෙ උඹට නොලැබුණ එත් උඹ බලාපොරොත්තු වෙන චරිතෙ කියපං...
+ ම්හු.. ඕන නෑ විකියෝ... එහෙම වෙලා බැරි වෙලාවත් මට සුදු නංගි වගේ ම කෙනෙක් ආදරේ කරන්න පටන් ගත්තොත්... මට එ්ක දරාගන්න බැරි වෙයි... මොකද අයියෙ අපි ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වුණාම ඒවට වුණ බාර ඔප්පු කරන්න වෙනව.. ඒ නිසා මෙහෙම හොදයි..
- යකෝ ඔය හිතේ තියෙනව වගේ කෙල්ලෙක්ව උඹට කවදාකවත් ලැබේනනෙ නෑ.. උඹ ඔය ලියන උන් ඉන්නෙ තොගෙ කතාවෙ විතරයි..! අඩුගානෙ උඹේ හිතේ තියෙන රූපෙවත් හොයාගං උලමො.. ඔය හිතන විදියට ගෑනු නෑ බං.. කවුරුත් සියට සීයක් හරියටම නෑ..
+ මම ඒක දන්නව.. මම උඹට කියන්න‍ම්. උඹ කිය්නනෙ අයියෙ සමහරු මාත් එක්ක කතා කරන්න බයයි.. දැන් මම ඔය පොත් එලි දැක්වීම්.. සංගම්.. මීටින් වගේ ඒවට ගියාම මම දැකල තියෙනව ඈත ඉඳන් හොරෙන් බලන කෙල්ලො.. හැබැයි එකෙක්වත් ලගට ඇවිල්ල කතා කරන්නෙ නෑ.. ඊට ප්සසෙ ෆේස්බුක් එකට ඇවිල්ල චැට් කරල කියනව .. බයෙන් හිටියලු කතා කරන්න මම කතා කරයිද දන්නෙ නැති නිසා..
- ඉතින් උඹ දැක්ක නං උඹ කතා කරන්න එපැයි...
+ ඉතින් අයියෙ උම දන්නවනෙ මගේ හැටි... මාත් එක්ක කතා කලොත් මම කතා කරනව.. යාලු වුනෝත් යාලු වෙනව .. එච්චරයි..
- මේ මල්ලි මේ මම කියන්නම්.. තෝ ඕක කරගන්නෙ නෑ.. හොදයි අපිත් හොයන්න්ම්.. ඒ අතර තුර කාව හරි දැක්කොත් අපිටත් කියපිය.. උඹ වෙනුවෙන් අපි හරි කතා කරන්නම් ගිහින්.. බම්බුව..!
+ මම වෙනුවෙන් කතා කරන්න මිනිස්සු ඉන්නව කියල මම දන්නව අයියෙ.. එත් මගේ ආදරේ තේරුම් ගන්න එවුන් නෑ..
- මම කිවුවනෙ ඔය බම්බු නොලිය පොලවට බැහැල වෙන දෙයක් ගැන ලියහන්.. ඔය වගේ ලිවුවාම උඹට වෙන්නෙ අනුන්ගෙ හොටු පිහදාන්න.. ඊට පස්සෙ හොට බිම ඇනෙනකම් ඉඳහන්.. උඹේ ආදරේ දරාගන්න පුලුවන් කෙනෙක් නෑ බං මේ රටේ... කොටින්ම මටත් බෑ.. උඹ ඔය ආදරේ ගැන දක්වන අදහස් අපිට කෙසේ වෙත්ත ගෑනියෙක්ට නම් දර්න බෑ.. ගෑනු හරි ආත්මාර්ථකාමී බං.. උන්ට ඕන තමන්ට විතරක් ආදරේ වෙන්න... ලෝකටෙම ආදරේ කරන්න ඕන නං උඹත් අබිනිෂ්ක්‍රමණය කරහං...
+ හ්ම්.. දැනට නම් අයියෙ මගේ හිත හොලවන්න වත් පුරවන්නවත් කෙනේක නෑ.. මම හිතන්නෙ එහෙම කෙනෙක් හමුවුනෙත් නෑ.. කවද හරි හිත හෙල්ලු‍නොත් මම කියන්නම්..
- රෙද්ද .. ඕක හොල්ල ගනින්කො ඉක්මනට..
+ හිත හෙල්ලෙන්නෙ ආදරෙන් විතරයි අයියෙ.....
*********************
විකියා එසේ පවසා සති දෙකකට නොඅඩුය..
මා සිත මෙතරම් ඉක්මණට සෙලවේවියැයි මා ද සිතුවේ නැත.. එනිසාම මුළු රැයක් සිතා බලා මෙම ‍පෝස්ටුව ලියමි..
.
ඊයේ දිනය මා සිතුවාටත් වඩා කාර්යබහුල විය.. ඒ මා හිත මිත්‍ර Ganendra Mahesh ගේ විවාහ උත්සවයත්.. තිලකසිරි මහතාගේ " තිලක සිත " නම් පොතත් කපිල එම් ගමගේ මහතාගේ අලුත්ම ‍පොතත් එලිදැක්වීම නිසාවෙනි.
මා ඇයව දුටුවේ කපිල මහතාගේ පොත එලදක්වන තැනදීය..
මා එහි යන විට වැඩි පිරිසක් නික්ම ගොසිනි.. එහි වූයේ මා මිත්‍ර රුවන් බංන්ධුජීවත් - චිරංන්තත් - Nuthana Manawaya - Janith Arandara ය.. හා තවත් ගැහැණු දරුවන් කිහිප දෙනෙක්පමනි
කලබලයෙන් ඇතුලට දිව ගියේ කෙසේ හෝ පොතක් ලබා මිලදී ගැනීමේ අරමුණෙණි..
මා ඒ කවුන්ටරය අසල මඳ වේලාවක් රැදී සිටින්නට සිදු විය.
එතැනදී - මා සුදු නංගීව දුටිමි -
ඇ මදක් සුදුය මදක් කලුය.. සුදුම සුදු නැත...
සිටියේ නම් දෙසා හා බර කතාවකමය.. නිහඩවම මට ලැබුණ තත්පර කිහිපයක කාලය තුල මම ඇයව වින්‍‍ෙඳෙමි..
ජීවිතය කොතරම් පුදුමද ! ආදරය කොතරම් ඉක්මන්ද නම්.. මා පොත මිලදී ගන්නා විටත් ඇය කෙරෙහි බැඳී අවසානය..
ඇය හැඳ සිටි‍ේද මා ප්‍රිය කරන වර්ගයේම ඇඳෞමකි.. එහි දේදුන්නක් මෙන් පාට පාට බෝල බෝල බිංදු තිබිණි..
දෙසා සමග කල කෙටි කතා බහින් පසු ඇය නික්ම ගියාය.. විනාඩියක් තරම් සුළු කාලයකි‍.
නැවත මා ඇයව දුටුවේ කපිල මහතාගෙන් පොතට අත්සනක් දමා ගන්නා වෙලාව්දීය..!
- කුරුළු.. උඹත් ආදව බං.. ( කපිල මහතා ඇසුවේය )
+ ඔවු සර්..මට අත්සන් කරල දෙන්නකො..
" කුරුළු "......... නම ඇසුන සැනින් ඇය මා දෙස බැලීය.. ඒ ඇයත් මාත් දෙනෙතින් හමුවූ පලමු අවස්ථාවයි... තත්පර ගණනක් පමණි...
සිනාසුනේවත් නැත.. ඇය යන්න ගියාය..
මා එම පොත ද අත්සන් කරගෙන.. සියල්ලන්ටම සමු දී.. කාරයට ‍ගොඩවීමී... ඒ ඇය ගිය පැත්තවත් සොයා ගැනීමටය...
එහෙත් ඇය අතුරුදහන්ය...
එතැන් සිට ‍නිවස බලා එන තුරු කල්පනාවේම නිග්මවීමි..
කාලයකට පසු මගේ සිත නැවත සෙලැවී ඇතයි සිතුනි...
ඇය ගැන කුමක් ‍හෝ ලිවිය යුතුමැයි සිතීය...
බාගදා- එතැනට ආව අපේ ‍එකෙක්ගේම ආදරය කරන ගෑනු ලමයද දන්නෙ නෑ.. එහෙම වුන‍ොත් මම මුකුත් ලියන එක හොද නැ... උෟ තරහ වෙයි...
අතහැර දැමියද නොහැකිය...
--- එබැවින් මෙසේ ලියමි..
මා සබඳ ! ඇය නුඹගේනම්..
මාගේ ආදරය ඇයට නුඹ පවසන්න.. බොහොම ලෙංගතු සිතින්..
ඇය නුඹේ නොවේ නම්..
මා ඇයට ආදරය බව පවසන්න - ආදරෙන්....
සමහර විටෙක
නැවත කිසි දිනක ඇය මට හමු නොවනු ඇත.. සසර ගමනක කුමක් හෝ දැන හැදින ගැනීමක් විය හැකියි..
බාගදා -
එය අපේ ජීවිත වෙනස් කරාවි.... නුඹට මෙසේ කියමි..
මා ගේ ජීවිතයනම් වෙනස් වී හමාරය... ඒ ඊයෙ සිටය..
සිත ආදරයෙන් පිරී පවතී... ඒ නුඹටත් මටත් නොව- මේ කියවන මා හිත මිතුරන්ට නම් සුබාරංචියක් වන ඇත....
ආදරෙන් ඉන්න --- හැමදාම...!
( නුතනව - දූතයක් කර මහා කාව්‍යක් ලියමි )
========
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න..
.
සඳැස් විඳා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහගුම් බිගු පේලි සැදී නගත මධුර නාදේ
මල් ‍ගොමු තුල නිල් පළු දල යහන් නිබද සැහේ
.
ලවන් දොඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එලි දැල්වේ දෙනුවන් මිනි පානේ
ලඹ තුන් සපු දුනුකේ මැද පිපුණ එකම යායේ
ඇවිදිමු මුතු පබු වැටෙන සිහිලැල් හඳ පානේ..
.
======== විශාරද නන්දා මාලනිය
--කුරුළු--
https://www.youtube.com/watch?v=FYN8ZXlXOCc

Sunday, August 3, 2014

==== ලැබු දිනුමක් ඇත්ද ඔබ මා - මැවූ සුන්දර සිහින මතකය මිසක් ! ==




.
එදා ඉරිදාය.
කළ යුත්තක් නැතිවු හෙයින් මූණු පොත පිරික්සන්නට වීමි....
එක් තැනක සිත නතරවිණි..
- කැදැල්ල- ප්‍රදර්ශනය මෙවරත්...
යලිත් හිත අතීතය අස්සට යනන්ට පටන් ගති.! ඒ වෙන කවුරුත් නිසා නොව නුඹලා ආදරේ කරන සුදු නංගී නිසාවෙනි..!
මීට අවුරුදු කිහිපයකට පෙර මම ඇයත් සමග කැදැල්ලක් සෑදෑම අරමුණු කරගෙන කැදැල්ල ප්‍රදර්ශනය නැරඹිට ගියෙමි...
+ මොනවද අනේ ඔය පිස්සුවෙන් වගේ එකතු කරන්නෙ ( මම ඇයගෙන් ඇසුවෙමි )
- ඇයි ! අපිට ඕන ‍විස්තරනෙ
+ හරි ඉතින් අපිට ඕනවිස්තර විතරක් ගත්තනම් ඇතිනෙ.. බොරුවට කොල ගොඩවල් බදා ගන්නෙ..
- අනේ මේ ඔයා ඉන්න මේ අය නිකං දේනනෙ..
+ නිකං තමා.. වෙලාවට අර ස්ටෝල් එකින් බෑග් එකකුත් දුන්නෙ නිකං.. නැත්තං මට තව බෑග් එකකුත් ගේන්න වෙනව.. මේ ලිමිට් කර ගන්නව හොදද මට තියේනනෙ කාර් එකක් මිසක් ලොරියක් නෙවේ..! එකට දාගන්න පුලුවන් තරම ගන්නව හොදද..
( ඈ විරිත්තුවාය )
ලොව සියලු දෙනා ලස්සන සිනාසෙන විට පමණි එහෙත් මගේ සුදු නංගි මෙසේ විරිත්තුවද ඇඩුවද සිනාසුනද මා හට ලොව ඇති සුන්දරම දැක්ම එය වෙයි...
- මේ අයියෙ අර මම ආසම පෝරුව තියෙනව මම ගිහින් කතා කරල එන්නම්..
මම ඇයගේ අතින් ඇද්දෙමි..
+ මේ මෙන්න මෙහෙ ඉන්නව අනේ .. අපි අද හෙට බදින්නෙ නැනෙ..
- අපෝ තියෙන නපුරු කම... හුහ් ආසවටනෙ ඉතින් මම යන්න හැදුවෙ බලන්න.. කමක් නැ එපානම්...
( ඇ කට ඇද කර ගත්තාය - හෙන හුරතල් ය)
+ ආ එනව එනව දුවල එනව ඉක්මනට අහමු ගිහින්...
සිනාසී පොඩි කෙල්ලක මෙන් ඇ මගේ අතේ එල්ලෙයි.. එන්න යමු...
ඒ පෝරුව ලක්ෂ 2.30කි..
+ ආ ආ ඇද්ද දැං..අහගත්තද.. හොද ගාන නේ ලාබයි නේ..
එතැනින් ලැබෙන කොල මිටියද බෑගයට ඔබාගන්නා ගමන් තව කිහිප දෙනෙකුගේම ඇගේ හැප්පෙමින් පැමිණි ඇ මගේ අතේ එල්ලුනාය..
- අනේ මුන්ගෙ හෙන ගනන් අයියෙ අපි වෙන තැනකින් බලමු..
+ එහෙනම් මාවත් ඇදගෙන ආවෙ..අද මොකටද
- ආහ් මට ගෙදරින් එන්න දෙන්නෙ නැනෙ... ඒ නිසා මේකට එනව කිවුව .. මේ කොල ගත්තෙත් සාක්කියට..අම්මට පෙන්වන්න..
+ ඇයි මම එනව කිවුවෙ නැතිද ? මට එන්න කිවුවෙ මොකටද තනියම ඇවිල්ල බලල යන්න එපැයි..
- ඇයි යකඩො මම තනියෙන්යැ බඳින්නෙ.. බඳින්න ඕන නම් මේවටත් ඇව්ලල රස්තියාදු වේන්න් පුරුදු වෙන්න ඕන තේරුනාද ළමයො...
සිරිමාවෝ බන්ඩාරනායක ශාලාවෙන් එලියට පැමිනි වහාම ඇ එක්වරම ගල් ගැසුනාක් මෙන් නතර වී සිටියාය..
+ ඇයි දැන් මෝක‍ෝ වුනේ....
- ආ..ච්..චා....රු..........
( ඇගේ ඇස් එලියට පැන බෝල ගෙඩි මෙන් දිලිසුණි )
+ ඔවු ඉතින්
- අනේ අනේ අනේ අනේ අනේ සුදු අයියෙ අරන් දෙන්නකො ප්ලිස් ප්ලිස් ප්ලිස් නංගි ආසයිනෙ කන්න .. අරන් දෙන්නකො.. ලෝබ නොවි..අ නේ අනේ..
+ අඅපෝ ඉතින් එක පාරක් කිවුවාම ඇති මම අරන් දෙන්නම් දරුවො...
- මගේ හොද අයිය.. කට්ටිය නැතිනම් දෙනව උම්ම එකක්.‍..
+ අහ් එපා තියාගන්න .. කාර් එකට ගියාම දෙන්න ඇ..
-හොරා.....
** **********************************
මේ ගෙවුනු ඇවුරුදු සිහිවටනය.. මේ වසරේ නුඹ නැත.. මා පමණි.. එහෙත් ප්‍රදර්ශනය නැරඹිමට සිතුවෙමි..!
දහවල් වන විට හැඳ පැළද කාරය එලියට ගත්තත් යලි නුඹව සිහි වීම නිසා නුඹව බලාගෙන ඒ පැත්තෙන්ම යාමට සිතීම.. සෑහෙන වටයක් යාමට සිදුවුනත් එය එසේ කලෙමි..!
අතුරුගිරියෙන් - මහරගමටය- මහරගමින් පිලියන්දල පාරින් පිලයන්දලටය.. අතරතුර නුඹ නිවස ඉදිරිපිට මදක් කාරය වේගය අඩු කර නලාව නාද කලෙමි.. නැවැත්වීමට අවසරයක් නැත්තෙන් පිලියන්ද කරා ගමන් කර.. නැවත හරවා බණ්ඩාරනායක ශාලාව පැත්තට ගියෙමි..!!
ටිකට් එකක් මිලදී ගත්තෙමි..!
ඒ ප්‍රදර්ශන කුටි හරහා ඇවිද ගියෙමි.. සුදු නංගි මෙන් බොහෝ දෙනෙක් එතැන සිටිනවා දුටිමි... එහෙ මෙහෙ ඇවිද කොල එකතු කරන අයය.. එදත් මොවුන් සිටින්නට ඇත.. එහෙත් සුදු නංගි නිසා මේ ලෝකය එදා මට නොපෙනුනි.. එදා මගේ ලෝකය වුයේ ඇයය..
ඒ ප්‍රදර්ශන කුටි වල සිටි කිසි කෙනෙක් මා දෙස බැලුවේවත් නැත.. සුදුනංගි සිටියානම් ඔවුන්ද කොල දිග් කරනු ඇත. මේ තනියෙන් එන එකාට මොන වෙඩින්ද - ඉස්සෙල්ල කෙල්ලෙක් හොයං වර... ඔවුන් කියනවා විය හැක...
සුපුරුදු ලෙස.. ප්‍රදර්ශනය නරඹා එලියට පැමුණිනි.. අච්චාරු කඩය දුටු විගස නැවත නුඹවත් නුඹ හා මම එතැන රණ්ඩු කරමින් අච්චාරු කෑ හැටිත් සිහි විය...
එතැනම එහා පැත්තේ ඉඳන් අච්චාරු කන පිරිසකි..
මොහොතකට මා නැවත ගල් වීමී..
සුදු නංගීය..!!!
නැවත නැවතත් බැලමි... ඒ පඩියක ඉඳ‍ෙගෙන තනිවම අච්චාරු ගිල දමන්නීය...
නැතත් විපරම් කලෙමි.. ! සුදු නංගි තනිවම මෙහි නොඑනාබව දනිමි.. හිතුවා හරිය.. ඇය පැමින ඇත්තේ අම්මලා යෝජනා කල ඒ අලුත් මනමාලයා සමගය.. ඔහු සුදු නංගීටම එහාපැත්තට වී වෙනතක් බලාගෙන සිටි..
දරාගත නොහැකි වූවත් මා ඇය හා දොඩමලු වීමට සිතීමි.. සිතා එදෙසට පියනැගුවෙමි...
ඇය මා දුටාවය... එක්වරම ඇයගේ නෙත ගියේ ඇගේ එහා පැත්තේ සිටි කෙනා වෙතය..
බාගදා ඒ මට පෙනෙනන්ට විය හැක..!
.
කතාව කෙසේ ආරම්භ කර ගන්නේදැයි සිතුවත් ... එයට නිසි රටාවක් සිතට නොනැගුනි..!
කෙසේ වෙතත් ඇයත් මාත් අතර දුර අඩි දහයකට නොවැඩි තරම් ලගටම ගියෙමි...
* මේ ඉක්මනට කන එකක් කනවකො මට පරක්කු වෙනව.. අද නිවාඩු දවස බොරුවට මාව ඇදන් ආව මෙතන..
ඒ අනික් කෙනාය... තවම අනික් පැත්ත බලාගෙන ය.
මා ලං වෙත්ම සුදු නංගි අච්චාරු බෑගයත් සමගම නැගිටවුනි..
අමාරුවෙන් මවාගත් සිනාවක් ඒ දෙතොල් මත විනි.. ඒ ද මට සුන්දරය - ඇතිය ..
මා ඇයට ලගා වත්ම... එක්වරම අප මැදට කෙල්ලක් පිනූය..
= මේ එක්ස්කියුස් මී...
+ ඇයි
= ඔයා කුරුලු නේද..!
+ ඔවු
= පත්තරේටත් ලිය්නනෙ ඔයා නේද ?
+ ඔවු....
= අපි ඔයාගෙ පෝස්ට් බලනව හැමදාම .. හරි ලස්සනයි හොදේ අයියෙ.. අපි ඒ වට ආදරෙයි.. මේ ඉන්නෙ මගේ යාලුවො ! මම මේ ඔයාව දැකල දුවගෙන ආවෙ.. කතා කරන්න....
( මට මැයගෙන් වැඩක් නැත උවමනා වුනේ සුදු නංගි හා වචනයක් හෝ කතා කරන්නටය )
+හා ඇත්තට ගොඩක් ස්තුතියි... මම පොඩි හදිස්සියකට යන ගමන්..
ඇයව මගහැර නංගි පැත්තට පියවරක් තැබුවෙමි... ඇයගේ සිනාව දැන් නැත..
= මේ අයියෙ !
මම නැතවත් පෙර කි ‍ගැහැනු දරුවා දෙසට හැරුනෙමි
= හරි කුරුළු අයියෙ සතුටුයි ඔයාව දැක්කට.. කතා කලාටත් ස්තුතයි.. ඒක නෙවේ.. කෝ ඔයාගෙ "සුදුනංගි " ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..! මතක් කලා කියන්න එයාව.. ! අපිත් ආදරෙයි කියන්න එයාට.. කවදාකවත් ඔයාව දාල යන්න එපා කියන්න..."
( ඇය එසේ පවසා දිව ගියාය..)
මම නැවත හැරුනෙමි...!
සුදු නංගි එතැන නැත... පිටවීමේ දොරටුව ලගින් එලියට යන ඡායාමාත්‍රයක් පමණක් දුටිමි.. !!!!
*********************
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මමත්
ලැබු දිනුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක් !
.
සිහින රැක ගෙන දිවා රෑ ආදරෙන් 
 ඇවිද ගිය හැටි ඔබ මතකද ඉතින්
අට අප නැති හෙට දිනක දුක අරන් 
 හඩා කුමටද නොදරුවන් සේ ඉතින්
.
සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින් 
 සුසම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුබ සිහින විඳ තුන් සිතින්
සදා හමු වෙමු මග තොටේ මඳ හසින්
.--------------- දීපිකා ප්‍රියදර්ශනී
******************
ගෙදරට හොරෙන් කැදල්ල හදන - කැදැල්ල බලන හැමෝටම - ආදරෙන් !!
------කුරුළු-------
song -

Monday, July 28, 2014

=========මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි====== මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි========




.
පූජාව විෂ්ණු දෙවියන්ටය..
මාගේ බාරයක් නිසා කිසිදු පලතුරක් කෑමට මට අවසර නැත එබැවින් එලියේ පන්සලේ මලුවේ අවිදිමින් සිටි පිරිස වෙත පලතුරු වට්ටිය බෙදා දීම සදහා ගියෙමි..
ඇතැම් ආච්චි අම්මලා මා එනතුරු බලා සිටියාක් මෙන් පැමිණ ඇතැම් පලතුරු තෝර තෝරා ගත්හ..
- දෙන්නෙපා මල්ලි ඔය ආච්චිල තෝර තෝර ගන්නෙ කපල නැති පලතුරු ඕව ආයෙ විකුනනව..
එතැන දේවාලයේ අසල සිටි බැතිමතෙක් පැවසීය
+ විකුණල?
-සල්ලි අරගන්නව අරන් මුනුපුරන්ට කැම ගෙනියනව
+හරි ෂෝක්නෙ අයියෙ ! අද මගේ ගානෙ ඒ අයට කෑම කියල හිතා ගන්නමකො... අයිය ඔය කිවුවට පලතුරුත් ගිහින් දෙනව ඇති..
- උඹල වගේ උන් නිසා තමා මේ වගේ ආච්චිලව එලවගන්න බැරි.. උන් හැදෙන්නෙත් නැ උඹල හැදෙන්නෙත් නෑ
+ ඇයි අයියෙ මේ පූජාව දෙයියො කන්නෙ නැනෙ දෙයියොන්ගෙ කොටහ කපු මහත්තය ගත්ත.. අනික මට හැදෙන්න තමා අද පූජාව තිබ්බෙ ඒ නිසා මම හැදෙයි.. මම දෙන දෙවල් කාල හරි විකුණල හරි ආච්චි අම්මත් හැදෙයි.. !! එතකෙට අයිය තමා....
- ආ..හරි හරි...
තව දුරටත් එතැන රැදෙනු අපහසු නිසාවෙන් මළුවට පැමිණි පෙරපාසල් ළමයි පේලිය දිහාවට ඇවිද ගියේ ඔවුනට ඉතිරිය බෙදා දිමටය
+ ආ මල්ලි ල ගන්න ආස දේවල් තියෙනවනම්
වෙන පොඩි උන් වාගේ නොව පේලියට පැමිණි ඔවුහු ඉතිරිව තිබු දෑ එක එක අතට ගත්හ කිසිම කලබලයක් නැත.. ගුරුවරියක් ඇත්තේද මඳක් දුරිනි..
තවත් දරුවන් 8 දෙනෙක් පමණ ඉතිරිව උන්හ.. එහෙත් වට්ටියේ ඉතිරිව තිබුනේ කෙසෙල් ගෙඩි කිහිපයක් හා දොඩම් ගෙඩියක් පමණි..
මම මෙසේ කීමි..
+අ‍නේ දරුවො මදි වෙනව නේද ! මොකෝ අපි කරන්නෙ බෙදාගෙන කමුද ?
එවිටපේලියේ සිටි අන්තිම සිසුවා ඉදිරියට ආවේය.. ඔහු කතා කලේය..
- මේ දැන් පලතුරු ඉවරයි තව ටිකයි තියෙන්නෙ අපි බෙදාගෙන කමු නේද ? අනික් අය ගත්තු ඒව දැන් කනවනෙ ඒ අයගෙන් ඉල්ල එක හොද නැනෙ අපි බෙදාගෙන කමු නේද !
සියල්ලෝම හිස වැනුහ..
මට හිනාය.. මා නිහිඩවම බලා සිටියදී ඔහු එකින් එක දෙදෙනාට බැගින් දුන්නේය.. ඔවුන් කිසිවක් කතා නොකරම ගත්හ දෙදෙනා බැගින් පැත්තකට ගොස් කෙසෙල් ලෙලි ඉවත් කර දෙකට කඩා කෑහ..
අවසානයට ඉතිරි වූයේ දොඩම් ගෙඩිය පමණි.. එයද බෙදා දුන් පෙර කී පොඩ්ඩා සිනාසී මා දෙස බැලිය.. ‍ගොඩක් ස්තුතියි අයියෙ !
හරි මල්ලියො.. ඔයාටත් ගොඩක් ස්තුතියි ... මම යන්නම් එහෙනම්... යන්නට ආපසු හැරැනත් යමක් මතක් වී ආයෙමත් හැරුනෙමි !
+ අනේ මල්ලියො මල්ලියාට නෑ නේද ??
ඔහු සිනාසීය..
- මට ඔනැ නැ අයියෙ .. මේ අය කනවනෙ ඒ ඇති..
මට මං ගැනම දුක සිතුනත් පෙර පාසල් දරුවෙකුගෙන් මෙතරම් ආදරයක් මම බලා පොරොත්තු නොවුනෙමි.. මම ආදරෙන් හිස අතගා මෙසේ පැවසීමි..
+මට සමාවෙන්න මල්ලි.. මගේ ගාව පලතුරු නෑ..
-අයියට පින් අපේ පන්තියෙ අයට කන්න දුන්නට...
එවිටම දෙදෙනෙක් අප දෙසට ආහ..! ඒ කෙසෙල් ගෙඩියක් ගත් දෙදෙනෙකි ! කෙල්ලක් සහ කොල්ලෙකි .. තවම එය ලෙලි ගසා නැත..!
කතා කලේ පෙර කි පොඩ්ඩාය !
-ඇයි නංගියො..
කතා කලේ දෙදෙනාගෙන් කොලුවාය.!
* අයියෙ නංගිට කෙසෙල් කන්න බෑලු..
- ඉතින් මොකෝ කරන්නෙ අපි..
* දොඩම් කන්න ආසයිලු.. මම ගිහින් දොඩම් ගත්ත කෙනාගෙන් ඉල්ලව.. දෙන්න බැ කිවුව..
- හ්ම් හරි මම ගිහින් ඉල්ලන් එන්නම්.. ඔයාල ඉන්න..
‍පොඩ්ඩා ගියේ දොඩ්ම් ගෙඩිය ගත් දෙදෙනා පැත්තටය..
ඒ අවස්ථාවෙන් ප්‍ර‍ොය්ජන ගත් මා පෙර කි කෙල්ලත් කොල්ලත් ඇමතීමි..!
මල්ලියො කවුද ඒ.. ඇයි එයා විශේෂ.. ඇයි එයා කියන දේ අහ්නනෙ ඔයාල.. ඇයි ඔයාලට දෙන්නෙ නැති දොඩම් එයා දෙන්නෙ..! මම එක හුස්මට ඇසීමි..!
උත්තර දුන්නෙ කෙල්ලය..!
= එයා අපේ පංතියෙ නායකයා.. අපි හැමෝම එයා කියන දේ අහනව.. එයා ඉස්සර හරියට ගහ ගන්නව  රණ්ඩු කරනව.. ඉතින් ටීචර් එයාට පංති නායක කම දීල අපිව බලා ගන්න කිවුව.. දැන් එයා ඇරෙන්න අපි සේරොම දග කරනව.. එත් අපි හැමෝම එයාට බයයි .. අපි එයා කියන දේ අහනව.. එයා අපිට ආදරෙයි.. ‍ගොඩා...රියක් ආදරෙයි මට .. මම එයාගෙ නංගි වගේලු.. අයිය දන්නවද දෙයක්.,!
+ නැනෙ
= එයාගෙ තාත්ත නැලු.. අපේ අම්ම නම් කිය්නනෙ එයා එක්ක කතා කරන්න එපා කියල .. ඒත මමත් ආදරෙයි එයා මගේ අයිය වගේ.. මට‍නෙ දොඩම් ඕන කිවුවෙ අයිය ඉල්ලන් එයි.. අපි එතකොට මගේ කෙසෙල් කෑල්ල මම ඒ ලමයට දෙනව..
මම ගොලු වීමි..! ජීවිතයේ මා ගොලු වී ඇත්තේ අවස්ථා කිපයකදි පමණි.. ඒ සියල්ලක්ම මේ මිනිස්සුන්ගේ ආදරය දරා ගැනිමට නොහැකිවය.. මේ දරුවනුත් පාසලේ ගුරුතුමියත් මට අද බොහෝ දේ ඉගැන්වීය...දේවාලයේ පූජාවෙන් අද මම බොහෝ දැ උගතිමි..
ඇත්තය ‍නායක පොඩ්ඩා පැමිනියේ දොඩම් පලුවක්ද රැගෙනය..ඇවුත් මෙසේ කීය..
- නංගියෝ ඔයාගෙ කෙසෙල් කෑල්ල එයාට දෙන්න මම පොරොන්දු වුනා ඒක කඩල දෙන්න මම ඒක ගිහි්න දෙන්නම්..
පොඩි කෙල්ල හිනා වෙලා කෙසෙල් කෑල්ලක් කඩා දුන්නාය.. නායක පොඩ්ඩා එය රැගෙන ගියේ දොඩම් පලුවේ පෙර අයිති කරුට දීමටය.. ඒ අතර තුර කෙල්ල දොඩම් බික් පහකින් තුනක් ගලවා කමට පටන් ගති...
නායක පොඩ්ඩා ආ පසු.
= ආ අයියෙ ඔයා කෑවෙ නෑනෙ මම බලන් හිටයෙ මේ බික් දෙක කන්න ඔයා..
මට තවත් එ‍තැන සිටිය නොහැකිව දෑස බොද වෙනු දැනුනු නිසාවෙන් එතැනින් ඉවත් වීමට තීරණය කලෙමි.. මම මේ දරුවන් තරම් පොහොසත් නැත.
මල්ලිලා නංගියො මම ගිහින් එන්නම් පරක්කු වුනා..
- හා අයියෙ..
ඔවුහු දණ ගසා මට වැන්දහ.. පුදුමය නම් මේ කිසිවක් වන තුරුත් ගුරුතුමිය නොපැමිණිමය.. ඇය සියල්ලොම එකතු කරන් පන්සිල් දෙති.. මේ දරුවනුත් එදෙමට ඇදුනහ.. මම එතැනින් ඉවත්ව නැවත දෙවාලය තුලට පිය නැගුවෙමි...
එතැන තිබු ම‍ගේ බඩු බාහිරාදිය අස් කරගෙන නැවත පැමිණියෙමි..
එහෙත් මා දුටුවේ පෙර කී දැරිය කඳුළු පෙරාගෙන සිටිනුය.. ඇයගේ මව යැයි සිතිය හැකි ගැහැනු කෙනෙක් බනිනු දුටිමි... අතෙහි බෝධියට වත් කරන පැන් කලයෙකි
- ආයෙ එහෙම කන්නෙ නෑ ඕක දෙන ඒව.. මම කොච්චර නම් කියල තියෙනවද කතා කරන්න එපා කියල..මම බෝධිය නාවන්න ගිය ටිකත් ඇති..
ගැහැණිය එක දිගට අර දැරිවියට බනිනු ලබයි.. මම එදෙසට ගියෙමි.. දැරිය මා හදුනා ගත්තාය..
+ ඇයි අම්මෙ මෙයාට බනින්නෙ .. මේ පන්සලේ උඩ මලුවනෙ.. බලන්කො මෙයා ෂෝක් එකට ඉස්සරල හිනා වුනා දැන් අඩනව..
- නැ මල්ලි මම කියලතියෙනව එක එක්කෙනා දෙන ඒව කන්නෙපා කියල.. අහන්නෙ නැ මම බලනකොට දොඩම් කනව.. කවුද දුන්නෙ ඇහුවාව පන්තියෙ නායකයලු දුන්නෙ..
+ අනේ නෑ අම්මෙ මමයි දුන්නෙ.. මගේ පුජාව ඉවර වෙලා මම දුන්නෙ.. ඒ මල්ලියා කලේ මගේ වට්ටියෙන් අරන් දුන්නු එක විතරයි !
- අනේ සමාවෙන්නමම දැනන් හිටයෙ නැ.. ඒත් ඒකා අරන් දෙන්නෙ ඇයි ඔයාට අත නැද්ද ගන්න.. මම කියල තියෙනවනෙ තාත්ත නැති උන් එක්ක කතා ඔන් නෑ.. මොක්කුන්ගෙ දරු‍වොද කියල කවුද දන්නෙ.. චීචර්ලටත් උන් ලොකුයි අපේ එවුන් පැත්තට දාල කෙහෙවත් යන එකෙක් මොනිටර් කරල..
+තරහ වේනනෙපා අම්මෙ.. මම ඇහුවාම ඒ මල්ලිටත් නංගි කෙනෙක් ඉන්නව කිවුව ඒ නංගි මගේමලු මෙයා ඒ නිසයි එච්චර ආදරේ.. මේ නංගි විතරයි ‍නේද ඉන්නෙ එයාට අයියෙක් නැති එකේ .. ඒක කම්ක් නැනෙ.. අනික මේ නංගිත් ආදරෙයි‍..
- අපෝ ඕන නෑ මල්ලි.. අපේ අයට අයියල ඕන නැ මෙයාලට තාත්තල ඉන්නව ඒ ඇතිනෙ..අයියල මොකටද !
+ හ්ම්.. මට තේරෙනව.. හැබැයි දුකයි අම්මෙ.. මේ දරුවො දෙන්න අතරෙ තියෙන අදහස් ඔයාල ලග නැති එකට.. මම කතා කරන්න යන්නෙ නැ මේක ඔබ තුමියගෙ ප්‍රස්නයක් නිසා.. නංගි කෙනෙක් ඉන්න නිසා ඒ දරුවා ද්න්නව අයිය කෙනෙක් නැති නංගි කෙනෙක්ගෙ දුක..!
තාත්ත ඉන්න දන්න නිසා මේ නංගි දන්නව තාත්ත කෙනෙක් නැති දුක..
එත් මට දුක..
ඒ දුකවල් දෙකම වයසින් මොරපු ඔයාලට නොතේරෙන එක.. දවසක් ආවොත් අයිය කෙනෙක් නැති  මේ නංගිගෙ දුක ඔයාට දැනෙන - තාතතෙක් නැති ඒ මල්ලිගෙ දුක දැනෙන අන්න එදාට මේ නංගිටයි මල්ලිටයි ඉඩ දෙන්න එකට ඉඳගන්න..!
අම්මෙ! බෝධිය නාවන්නෙපා බෝධිය දැන් හොදට හේදිල තියේනනෙ.. අම්මගෙ හිත හේදෙන්න නා ගන්න.,!
===========
මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි
මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි
.
දූවිල්ලෙන් සිවුර පිරිල මකුල දැලින් මුහුණ වැහිල
ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා..
.
මහා පොලව සේ නොසැලි ඉවසීමේ ගුණය කියල
දහම් පොතෙන් කියෙවුව හැටි - මේ ඩිගෙදි මං දැක්කා..
.
------------- හර්ෂණ දිසානායක
==================
----- කුරුළු-----