Thursday, March 27, 2014

=== ජීවිතයම එක රැයක දුටූ - සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ...===

අද ලිව්වේ අනුත්තරා කථාවෙ හත්වෙනි දවස
.
(මේ කොටස කලින් කියවලා තියෙනවා වගේ දැනෙයි.කමක් නෑ.අමාරුවෙන් කියවන්න.තව එකයි)
හරියටම තව එක දවසයි තියෙන්නේ අනුත්තරා ඉවර වෙන්න...මොකද මම කිවුවනේ මේක පටන් ගන්නකොටම අනුත්තරා කියන්නේ නව කෙටි කතාවක් ය කියලා...
අනුත්තරා ලියන්න පටන් ගත්ත දවසෙ ඉදන් මගේ මේ ජිවිතේ පුංචි පුංචි සිද්ධි වුණා..
අනුත්තරා මම හිතපු නැති තරම් හිට් එකක් වුනා...ඇත්තට හරි බොරුවට හරි මේ කතාව කියවන ගොඩාක් දෙනක් මට පුදුම විදිහෙ හයියක් දුන්න...
සමහරු මේක එනකං බලන් ඉදල තිබුණා..
කට්ටිය මට කොල් කරල ඇහුවා...
මැසේජ් එවලා තිබ්බා...තව සමහරුන්ට අපූරු වැඩත් වුනා..ඒ තමා..
තමන් දන්න අදුනන අයට මේ අනුත්තරා කථාව ෆෝවඩ් කරල...ඒ අය කියෙව්වට පස්සේ  මට වද කලා ඉක්මනට ලියන්න කියලා..
කෝම හරි ගොඩාක් පිං...
කවියක් කථාවක් ලියන ඕනම කෙනෙක් ආසයි ඒක බොරුවට හරි අගයනවට...මමත් ආසයි..කවි ලියන අය දන්නව ඒක...සමහරුන්ට  කියල මම බලෙන් කමෙන්ට්ස් දා ගන්නව...
මට මතකයි මම පලවෙනි කවිය ලිවුව දවසෙ කවුරුත් කියෙව්වේ නෑ..කමෙන්ට් කලේ නෑ......හැබැයි දැන් නම් එහෙම නෑ..දෙයියන්ගේ පිහිටයි...
‘ආදර බැලුම්‘ කවිය පෝස්ට් කරල නිදියල ඇහැරෙන කොට විශ්වාස නොටිෆිකේෂන් 56ක්...ඔක්කොම කවි වලට.......
ඒ අතරෙ මට හමුවුණා ලයික් එකක් කොමෙන්ටුවක් ඉල්ලගෙන පස්සෙන් එන උදවියත්. මම බොහොම කාරුණිකව කිවුව “ මට හිතෙන ඒවට මම අදහස් දක්වනව අනික් ඒවට මම නිහඩව ඉන්නව කියල “
ඒත් සමහරු මාව බ්ලොක් කරල....
අනේ කරුණාකරල තමන් ලියන දේ හරි වුනත් වැරදි වුණත් මිනිස්සු කියන දේවල් දරන්න බැරිනම් නොලිය ඉන්න එක හොඳයි !
අපි ලියන හැමදේම හොඳ නෙවෙයි... අනික් අතකට ඒවා අගය කිරීම වගේම විවේචනය කිරීමටත් බලන අයට අයිතියක් තියෙනව.. ඒ වගේම තමන් ලියන දේ ගැන තර්ක කරන්නත් තමන්ට අයිතියක් තියෙනව !

නිර්මාණකරණයේදී .... නිහතමානී වීම තමා වැදගත් කියල මම හිතනව...
මම අදහස් නොදක්වා ඉන්න කොට - ලයික් නොකර ඉන්නකොට “ අනේ උගෙ ලොකු ඔලුව ! හිතන් ඉන්නෙ මහ පඬිය කියල සහරු කතා වෙනව “
මට කමක් නෑ ඒකට මොකද මම එහෙම නැති නිසා...! හොඳ අගය කල යුතු දේ අගය කරනව නොහොඳ දේ අගය නොකර ඉන්නව එච්චරයි !!

කාටවත් කාගෙන්වත් බලෙන් “ ලයික් - කමෙන්ට්ස් ගන්න බෑ “ !!
කරුණාකරල ලයික් ගාණ ගැන ගැන ඉන්න නම් - නිර්මාණ කරන්න එපා... !!!

ඒ අතරේ පොඩි දුක් සීන් එකකුත් වුණා..මේ මගේ කවි ..කථා..ෆේස්බුක් ..එක නිසා..ආදරේ කරන්න පටන් ගත්තු දෙන්නෙක් රණ්ඩුවෙලා...
හේතුව -කුරුළු...
ඒ කොල්ල කිවුවලු ඒ කෙල්ලට මීට පස්සේ කුරුළුගේ කවි බලන්න...කමෙන්ට් දාන්න...චැට් කරන්න එපා කියලා...ඒක නම් ටිකක් අප්සට්...
එකක් මතක තියාගනිනං කොල්ලෝ...කෙල්ලෝ...කෙනෙක් තමන්ගෙම වෙනකං නීති දාන්න යන්න එපා...ආදරේ පවතින්නේ නීති උඩ නෙවෙයි...
හිතට ගනින්...
අපි පාරු පදින කොට හබල් ගහන උණ බටේ ට ඔනවට වඩා අත තද කලොත් දෙකට කැඩෙනවා..ඔනවට වඩා බුරුල් කලොත් අත ඇරෙනවා..දෙකින් කෝක වුණත් අන්තිමට වතුරෙ...
ගානට පැද ගත්තොත් ගොඩයතෑකි...





අනුත්තරා නැති හත්වෙනි දවස

..

මතකද මම ඔයා ගැන අහන්න ඔයාලගේ ගෙදර ආපු දවස...
එදා ඔයාගේ අම්මල මට කිව්ව ඔයාව මට දෙන්නේ නෑ කියල..ඒත් ඒ ඇයි කියල නම් මම තාම දන්නේ නෑ..මට තාම හිතා ගන්නවත් බෑ..
    ඒ වෙන කොටත් සමීරව ඔයාට කථා කරලයි තිබුනේ..අම්මල  ඔයාට කියලා නෑ ...ඔයාගේ අම්ම ඉල්ලුවා ඔයාගෙන් ඈත් වෙන්න කියලා...ඔයාගේ අම්මත් අපේ අම්ම වගේමයි අනුත්තරා..එයාට එන වුනේ දරුවෝ සතුවින් ඉන්නවට....හැම අම්මම  එහෙමයි...මට අම්මට බැහැයි කියන්න බැරි වුනා...
මට සමාවෙන්න අනුත්තරා...
කොයි අම්මත් හදන්නේ තමන්ගේ දරුවට හොදක් කරන්න..අන්තිමේදි මම කැමති වුනා..මම පොරොන්දු වුනා..ඔයාගෙන් ඈත් වෙන්න..ඒ නිසයි මම..
‘ඔයාට  සමිරව බැන්දම මගෙත් එක්ක ඉන්නවට වඩා සැපෙන් ඉන්න පුළුවන් අනුත්තරා...එක අතකට මොනවද මගේ ළග තියෙන්නේ...මට ඔයාට මොනවද දෙන්න පුලුවන්...දුක විතරයි..මාත් එක්ක තියෙන්නේ දුප්පත් කම විතරයි...සමහරවිට මම වගේ චිත්‍ර අදින එකෙකුට තමන්ගේ දුව දෙන්න එයාගේ අම්ම කැමති නැතිව ඇති..අනුත්තරා..එක අතකට ඒකත් හරි..අනුත්තරා..ඔයා සමීරව බදින්න...‘ කියල ඔයාට කිව්වා..
‘විකාර කියවන්න එපා අයියේ ...සැපෙන් නෙමෙයි සතුටින් ඉන්නයි මට එන...මම හැමදාම මගේ අයියත් එක්ක ඉන්නවා...කොහේවත් යන්නේ නෑ මං..‘
‘අනුත්තරා සැප තියෙනව නම් ටික කාලයකදි සතුටත් එතැන්ට නිකම්ම එනවා...ඒත් ...සතුට විතරක් තියෙන තැනට ඉක්මනට දුක එනවා...ඒකයි ඇත්ත...‘
‘බැ අයියා.... මට බෑ...‘
‘එහෙම නෙමෙයි අනුත්තරා...මගේ මූණ දිහා බලන්න..මට පොරොන්දු වෙන්න ඔයා එයාව බදිනවා කියලා.. ඔයාගේ අම්මලට දුකක් දෙන්න එපා ප්ලීස්...‘
ඔයා ඇඩුවා ඔයාට මතකද අනුත්තරා...
ප්ලීස් අනුත්තරා ඔයා මට ආදරේ නම් මම කියන දේ අහනවා නේද...මට පොරොන්දු වෙන්න...ඔයාගේ අයියා කියන දේ කරන්න...
‘ඕන්නෑ මම යනවා..ඔයා නරකයි අයියා...මට තවත් මෙතන ඉන්න බෑ...මම යනවා..‘
‘යන්න ඔයාට ඕන තැනක යන්න..දැන් ඔයා නිදහස්..මම තවත් ඔයාව අල්ලගෙන ඉන්නේ නෑ..‘
එදා ඔයා බස් එකට නැගල යනවි මම එහෙම්ම ම බලාගෙන හිටියා...මම එහෙම්ම ම කොච්චර වෙලාවක් හිටියද කියල මම දන්නේ නෑ අනුත්තරා..
    ගෙදර ඇවිත් කාමරේට වෙලා ඇඩුවා...හොදටම ඇඩුවා..මට මැරෙන්න හිතුනා...ඒත් මම මැරුනොත් ඔයත් මැරෙනවා කියල මම දන්නවා...ඒ නිසා මම ජීවත් වෙනවා..ඒත් ඔයාට පේන්න නෙවෙයි...ඔයාට ඈතින්...ඔව් හුගක් ඈතින්...මම ඉන්නව කියලා විතරක් ඔයා දැනගෙන හිටියම ඇති...
ලෝකේ මිනිස්සු කවද කේරුම් ගනිවිද පිරිමින් ආදරේ කරනවා කියලා..කවද හරි දැන ගනීවි..එතකම් දැහැමිලා තවත් උපදින්න නරකයි...
............................................................................
මා ආදරය දුටු බව නෙමෙ හැගුනාවේ...
මා නැති කලෙක උන් සුවදක් දැනුනාවේ.

=================
සෙනෙහස දෙවොලකි පුදනු හැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමී
ආයාචනයට මසිත ගැයූ
ඔබ ‍දෙසවන් ඇයි අගුලු වැටී ..,!
..
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ආදරට හිමි කඳුළු බිඳූ සාගරයට මුසු වේද මතු..!
.
කඳුලකට සුසුමට ලෙංගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී//
ජීවිතයම එක රැයක දුටූ
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ...
.
========
http://www.youtube.com/watch?v=ePytJGqFr40
--- කුරුළු---

Wednesday, March 26, 2014

= සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම් - දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා = = සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම් - කවියන්ගේ දෑසේ රස සීමා පනිනා ==

කුරුළු
ඇයි මේ මොකද වෙන්නේ ඈ...අනුත්තරා පරක්කු මෙච්චර...අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියවන්න...
ඇයි එහෙම පරක්කු වෙන්නේ...
අනුත්තරා කථාව පරක්කු වුන නිසා කීප දෙනෙක්ම මගෙන් එහෙම ඇහුවා.ඒත් මොනව කරන්නද අප්පා මටත් වැඩනේ..අනුත්තරා ලිය ලිය හිටියම කෝමද මං කන්න බොන්න කීයක් හරි හොයා ගන්නේ..එහෙම වුණාම මට මගේ සංකල්පනා නැති වෙනවනේ...
ඒ හිංදා අනේ ඔක්කෝමල්ල මට සමාවෙන්න මං මගේ පුළුවන් උපරිමයෙන් තමයි මේ ලියන්නේ...
අනික අපි පෑනකුයි කොලේකුයි අරන් වාඩි වුණාට ...කවි කතා ලියැවෙන්නේ නෑ..ඒකට හොද වෙලාවකුත් ඕන..හිත නිවෙන්න ඕන...
නැත්තෙත් ඒක...ගොඩාක් මට කියනවා ඒ අයට කවි ලියන්න බෑලු...
ඇත්ත වෙන්න බෑ..ලියන්න පුළුවන්...අපි උත්සහ කරන්නේ නෑ...
බලන්නකෝ ...අපිට චිත්‍ර අදින්න පුළුවන්ද?
මම විශ්වාස කරනවා අත් දෙක හොදට තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම චිත්‍ර ඇදල ඇති කියල...ලස්සන වෙන්න ඕන නෑ...චිත්‍ර කියන්නේ චිත්‍ර...
සින්දු කියන්න පුළුවන්ද?....
පුලුවන් බැරි නෑනේ...බැරි නම් බැරි...අපි නාන කැමරේදි හරි සිංදු කියනවානේ...ඇයි බොරු කියන්නේ...
නටන්න පුළුවනිද?..
පුලුවන් අපි ඔක්කොටම පුළුවන්...කවුරුත් පේන්න නැති වෙලාවට අපිම තනියෙන් නටල නැත්ද? තියෙනවනේ නිකං ඇවිදින ගමන් හරි...ඒකනේ..
ඇයි එහෙනම් අපිට කවි බැරි...
බැරි නෑ ඒකත් පුළුවනි...
පද හතරයිනේ අප්ප ඕනේ..
ලියන්න...ලියන්න...ලියන්න...
අද පටන් ගන්න...හෙට ඔයා කවියක් ලියනවා සත්තයි...

අනුත්තරා නැති හයවෙනි දවස
.



ඔයාට මතකද.....
අපි ඉස්සෙල්ලම තනිවෙච්ච දවස..යූත් එකට ආපු දවසෙ කට්ටිය අපිට විහිලු කරපු හැටි...පාටි ඉල්ලපු හැටි..මම ආපුවහම අපි දෙන්නව එකට තියල ෆෝටෝ ගත්තු හැටි..ඔයාගේ ඇස් වලට කදුළු ආපු හැටි..බංකුවෙ මට ඈතින් වාඩිවෙලා ලැජ්ජාවෙන් බලං හිටපු හැටි...
    ඊට පස්සෙ දවසක සර්ල අපිව දැක්කම බයවුන හැටි...ඒ හිංද මම බැනුම් අහපු හැටි...පස්සේ අත් අල්ලගෙන තුරුළු ‍වෙලා ඇවිද්ද හැටි...
ඔයාට මතකද...
මම ඔයාව ඇරලවන්න ඔයාගේ ගෙවල් ළග හන්දියට ආපු හැටි..ඒත් ඒ එක දවසයි...එදායින් පස්සේ ඔයා මට එන්න දුන්නේ නැහැනේ..මමත් කැමති වුනේ නෑ ඔයාට කවුරුත් නරකක් කියනවට..
අපි කොච්චර නං තැන්වල ඇවිද්ද ද?...
මතකද...
    සත්තුවත්තේ දී ඔයා පඩියකින් ලිස්සල වැටෙන්න ගිහින් මම අල්ල ගත්ත...කකුල තුවාල වෙලා බෙහෙත් දැම්ම...
මතකද...
    ගෝල්ෆේස් එකේදී එක මනුස්සයෙක් හේතුවක් නැතිව බැන්න...අපි හිනා වුණා..එතකොට...
    විහාර මහා දේවි පාර්ක් එකට ඔයා එන්න බෑ කියපු හැටි...ඒකෙ ජෝඩු ඉන්න පැත්තට ඔයා ලැජ්ජවුන හැටි..
දෙයියනේ ඔයාට ඒක මතක නැද්ද අනුත්තරා...
මතකද...මතකද...මම දවසක් ඔයාට කිව්වා....
අනුත්තරා කවද හරි අපි දෙන්න ඈත් වුනොත් ඔයා රෑට එලියට ඇවිත් මට කියන්න තියෙන ඔක්කොම හදට කියන්න.හද ඒ ඔක්කොම අහගෙන ඉදිවී..අහගෙන ඉදලා මට කියාවී..
‘එහෙම කියන්න එපා දැහැමි අයියේ අපි කවදාවත් ඈත්වෙන්න හොද නෑ‘
    මට නම් ඔයාගේ ඒ වචන අද වගේ මතකයි අනුත්තරා...
ඊට පස්සේ අවුරුදු කීයක් අපි එකට කාලෙ ගත කලාද...හැම සතියකම මුණ ගැහුණ ...කථා කලා...ආදරේ කලා..වෙලාව යනවා අපිට දැනුනේ නෑ...දවසම ඔයත් එක්ක ඉදල හවසට ඔයාගෙන් සමු අරන් යන කොටම හැමදාම ඇතිවුනේ දරාගන්න බැරි දුකක්..
ඔයාටත් එහෙම වුණා කියල මම දන්නව අනුත්තරා...
මට කේන්ති යන එකම හේතුවයි මේ ලෝකේ තිබුනෙ...
ඒ ඔයාගේ ෆෝන් එකට වෙන අය කෝල් කරන එක...මතකද...
    ඔයා දෙවැනි මනමාලි වෙලා හිටපු මධු අක්කගේ මගුල් ගෙදරදී ඔයාගෙ නම්බර් එක අරගෙන කොල්ලෙක් ඔයාට කෝල් කර කර කරදර කරපු හැටි..ඔයා උගේ නොම්බරේ දුන්නහම මම බැනල යවපු මැසේජ් එක වැරදිල ඔයාට එවපු හැටි....
මතකද....
    කවුදෝ කුමාර කියල කෙනෙක් ඔයාගේ නොම්මරය කොහෙන්දෝ ඉල්ලගෙන රී ලෝඩ් කරකර මැසේජ් කරපු හැටි...මට කේන්ති යන නිසා ඒ නොම්මරය මට දුන්නේ නැතිව හංගපු හැටි...
    ඔයාට මතකද ඔයාගෙ ඔලුව රිදෙන කොට මගේ උරහිසට හේත්තු වෙලා නිදාගත්ත හැටි...මම ඒ උනුසුමට ආදරේ කලා..
අනුත්තරා...ඔයාට මතකද ? ඒ ලොකේ කොච්චර සුන්දරද කියල ..? ඔයයි මමයි විතරම විතරයි ඒලෝකේ හිටියේ...
    ඒත් ...අද  ඒ ලෝකේ මම විතරයි....
‘නුඹ සිටියා
මම ආවා
නුඹ ගියා
මම සිටියා...‘
අපේ ත්‍රිමාණ නොටිස් බෝඩ් එකේ අමිල මල්ලි ලියපු කවියක් එක පාරටම මගෙ මතකෙට ආව...

=============
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා
සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
හීනෙන්  රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිණනා
.
වාත්තු කර ඇති දේහ තලාවට
 හේත්තු වෙන්නද හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත ගිනි දැල්වේ...
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා මත් කල
අරුමැසියයි මෙලොවේ
.
වීණා බද වට කැරකෙන වරලස
අණදෙන හෘදස්පන්ධනයනේ
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘතග්ජන සිතිවිල්ලෙන්
හොර රහසේ හොරහිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගේ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ..
===
http://www.youtube.com/watch?v=X0d_l_CpMuQ
---- කුරුළු--

Tuesday, March 25, 2014

=== ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ === දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමුවේවි ===

කුරුළු
අපි ගොඩාක් මහන්සිවෙලා පස්සෙන් ගිහින් ට්‍රයි කරල කට්ට කාලා කාලා සිරා කෑල්ලක් දා ගත්තට පස්සේ හිතෙනවා බං අපරාදෙ කියලා...
ඒකි කැමති වෙන්න කලින් අර අපි පස්සෙන් යන කාලෙ...කට්ට කන කාලේ...ඒකි ගස්ස ගෙන අහක බලන කාලේ..ඒකි‍ගේ පන්ති ඉවර වෙනකම් බස් හෝල්ට් ගානෙයි පන්ති ළගයි හිටන් හිටපු කාලේ..එහෙම කන කට්ට අපේ සෙට් එක එක්ක කිය කිය හිනා වුණ කාලේ...ඒතිගේ අම්මට බයේ දුවපු කාලේ...ඒකිගේ තාත්තා මාව හොයාගෙන පන්ති ගානෙයි ගෙවල් ගානෙයි රස්තියාදු වෙච්ච කාලේ වගේ නෙවෙයි කුරුළු කෙල්ල හා කිව්වාම....
ඒ ඔක්කොම ඉවරයි...
ඊට පස්සේ ඉතිං. කෙල්ල පන්ති ඇරිල එනකම් ඔහේ බලන් ඉන්නව. මොකද කීයට හරි එනව කියල දන්නවනේ. අනික කෙලින්ම එන්නෙ මං ගාවටනේ..ඒ ආවම ඒකිගේ යාලුවෙක් එක්කවත් මට කතා කරන්න බෑ..ඔරවනවා..
ඊට හතයි අපේ ගෙදර මිනිස්සු උන්ගේ ගෙදර ගියාට පස්සේ...ගෙවල් වලින් කතා කරල කැමති වුනාට පස්සේ..එයාව දැන් වැඩිය එවන්නේ නෑ මාව හම්බවෙන්න....මමපන්තිය ගාවට ගියත් වෙනදට ආපු නැති අම්ම එනව එක්කන් යන්න..මම ඉස්සර වගේ දුවන්නේ නෑ..පැත්තක ඉදන් දෙන්නගෙම මූණ බලලා හිනා වෙනවා..ඊට වඩා හොදයි එතන පස් කනවා..ඉස්සර නම් පන්ති ඇවිත් පොඩි කට් පාරක් දාලා කොහේ හරි ඇවිදින්න යනවා..එයත් එදාට පරක්කු වුනොත් ගෙදරට මොකක් හරි බොරුවක් කියල ෂේප් කලා..දැං එහෙම බෑ කුරුළු...
එයා කියනවා ගෙදරට බොරු කියන්න බෑලු.ඉස්සර හොදයි දැං..නරකයි..අනික දැං නිකං  හරි පත්තු වුනොත් මාට්ටු වෙන්නේ මාව බං...මාත් එක්ක කොහේ හරි ගියා කියල හිතනවලු..
යාලු වෙච්ච මුල් කාලේ අපි නිතරම හම්බ වුනත් අපි ගැන ගෙවල් වලින් දැන ගත්තට පස්සේ අපිට හම්බුවෙන්න තිබුන ඉඩකඩ ගොඩක් නැති වුනා බං...
මාව හම්බවෙන්න කියල ආවත් ගෙදරින් අවසර දෙන්නේ පැයයි..මම කෝල් කළත් බනිනවලු හැම තිස්සෙම ෆොන් එකේ එල්ලිලා කියලා..ඒත් අපේ ගෙදරින් කථා කළාම හොදට හිනා වෙලා කථා කරනවා බං...ඉතිං බලපන්...උඹටත් දවසක තේරේයි..

කෙල්ල හා කිව්වොත්....



අනුත්තරා නැති පස්වෙනි දවස



Onna ehenam illanawa …mata mulu jeebitha kalema oyage nangi wela inna ida denna…ethakota oyata nangiyekui malliyekui dennekma innawane…
    ඒ S.M.S .එක දැක්කම මගෙ හදවත ටිකකට නර වුනා .මං කොහොමවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඔයා මගෙන් ඉල්ලන්නේ..දැන් මට මේක නොදිත් බෑ..මං මුලින් පණ්ඩිතකම් කියන්න ගියානේ..මම කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ ෆෝන් එක දිහාම බලන් හිටියා.ඔයා  එතකොටම ring කලා ....මාව වෙව්ලුවා..මට හිතුනා ෆෝන් එක පොළවේ ගහන්න..ටිකක් වෙලා කල්පනා කලා..
ඔයාට දුක හිතෙයි කියල මම අන්තිමේදි මැසේජ් එක ටයිප් කලා..
“Kamak na anuththara…adin passey mage nangi vidihata hithannam..monawa karannada..oya kemathi nethnam.oyata ehema inna kota sathutui nam mata ae athi.hemadema oya sathitin inna oney.. mata one echcharai…mama nohitha kiyanneth na..kiuwata passé aegana hithanneth na.. oya magema nangi kiyala hithannam..ayeth mataka tiyaganna oyata pana wage adare karapu ayya kenekuth hitiya kiyala…”
    මැසේජ් එක සෙන්ඩ් කරල ටික වෙලාවක් හොල්මනක් වගේ බලා ගත්ත අත බලාගෙනම හිටියා...ජිවිතේටම ආදරය කරපු එකම එක කෙල්ලත් ඒ මැසේජ් එකෙන් නැති වෙනවා නේද කියලා මටම හිතුන..කමක් නෑ අනුත්තරා ඔයා හොදින් ඉන්න ඕනේ.
ටික වෙලාවක් යනකං ඔයාගෙන් රිප්ලයි එකක් නැති නිසා මං බය වුනා මම තව මැසේජ් එකක් වයැව්ව...
“Oya illapu hindai anuththara oyata mama meaka dunne mama poromdu wuna oya illana de denna mama porondu kada karanne nethi nisa matath sidda wuna oyata eaka denna.ayeth ae hithakin nemey..oyata puluwan nam ea ottuwa cancel karanna..pls”
Reply :
“ epa..onne..ayya oya mata adare ne.nathnam mama illapu gaman deela daida? Oyata one magen ayeth wen wennane…oya mata oya kiyana tharam adare ne.ara ottuwa oya kiyapu nisa cancel karannam..”
    ඔයාගේ ඒ S.M.S. එක දැක්කහම මට ඇතිවෙච්ච ඔයාට කියන්නද අනුත්තරා...මම එවෙලෙ දැනගත්තා ඔයා මට ගොඩාක් ආදරේ කියලා .ඒ වුනාට ඒක කියන්න ඔයා බයෙන් හිටියේ..ඒත් මං දැන් දන්නවා  ඔයා මට ආදරේ කියලා..ඒත් එතනින් එහාට මට මැසේජ් කරන්න බැරි වුනා මගේ ෆෝන් එකේ සල්ලි නැති වුන නිසා..
    මගෙන් මැසේජ් නැති නිසා ඔයා දවසම දුකින් ඉදල රෑ මැසේජ් එක මගේ ෆෝන් එකේ save කරල තියනව .අදත් මම ඒක කියවන්නේ හරිම සතුටෙන් ඒක කියවන හැම මොහොතකම මම ආදරේ කරන කෙනෙක් ඉන්නව කියල මට හිතෙනවා..
“oya thama mage ninda nethi kale.oya nida ganna..oya mata adare karanawata wadiya mama oyata adarei..eakai oyage podi wenas weemakin mata duka…aaye ehema karannepa..Ilove you so much…

=======
බිඳුන පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්ඳා
.
සරාගික වූ නෙතින් ගිලිහි ජීවිතෙන් පිදු ආදරේ....
නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුණා - දැවී ගිනි ගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා...
.
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමුවේවි
කඳුල නුඹ නාඩන් .... දුරස් වන්නේ නැතේ
නුඹ මා කඳුල නුඹ නාඩන්
==========
http://www.youtube.com/watch?v=Ra-bdKeY-EM
---කුරුළු----

Monday, March 24, 2014

=== අරා සිරි යහන් - නිදා වැතිරෙමින් - සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින් ==සුරා මල් පැණින් පොගා යුග ලවන් - පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්==

අනුත්තරා නැති හතරවෙනි දවස

.
ඔයාට මතකද අනුත්තරා දවසක් ඔයා මගෙන් ඇහුවා...
‘ඔයාව මට කොච්චර වටිනවද කියලා‘
‘මටත් වඩා ඔයාව වටිනව මං කිව්ව..‘
‘ඇයි එච්චර මාව වටින්නේ.‘
අනේ මංද සමහර විට ඒ ආදරේ නිසා වෙන්න ඇති, ‘මං හැමදාම කිව්වේ මම ඔයාට  ආදරෙයි කියල...

එත් ඔයා හැමදාම කිව්වේ..
‘මට තනියෙන් ඉන්න ඉඩදෙන්න , මම තනියෙන් ඉන්නවා මුලු ජීවිත කාලෙම‘
‘ඔයාට පුලුවන්නම් මට මොකද බැරි .,මමත් ඉන්නම් එතකොටවත් ඔයා පිළිගනී නේද මම ඔයාට ඇත්තටම ආදරෙයි කියලා‘ මමත් කිවුව
‘ඔයා තනිවෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද?‘කියල මම ඇහුවට ඔයා කිව්වේ..
‘නැහැ‘ කියල
ඒ වුනාට මං ඉරේෂගෙන් ඇහුවහම ඔයා කලින් යාලු වෙලා හිටපු කෙනා ඔයාට කරදර කරනවා කියල.මම එවෙලෙම කොල් කරල ඒක ඇත්තද කියල ඇහුවම ඔයා පිළිගත්ත.ඔයාම ඒක මගෙන් හැංගුව නිසා එදා මට ටිකක් දුක හිතුනා...මොකද මම ආදරේ කරන කෙල්ලගේ අතීතයෙන් මට වැඩක් නෑ.මොකද එයාගේ වර්තමානයයි අනාගතයයි දෙකම මම හින්ද..
එයා ඔයාගේ පින්තූරයක් තාත්තට පෙන්නනවා කිව්වම ඔයාට මතකද.
    මම එන්න හැදුවේ ඒ ප්‍රශනේ විසදන්න ඔයා ඉඩ දුන්නේ නැහැනේ..
මතකද....
    මම ආදරේ ගැන හැම පාරම ඔයා මට කිව්වේ....මම ඔයාගේ නංගි...මම අයියට වගේ ඔයාට ආදරෙයි කියලා...
මම හිනා වුනා ඒ දුකට, ඒත් ඔයා මට එහෙම හරි ආදරෙයිනේ කියල හිත හදාගත්ත...
අනුත්තරා ඔයාට මතකද...අපේ ඔට්ටුව...අළුත් අවුරුදු ලබපු ජනවාරි පළවෙනිදා...
ඔයාමයි ඔට්ටුව දැම්මේ මතකද?...ඉස්සර වෙලා අලුත් අවුරුද්දට සුභ පතන කෙනා ඉල්ලන දේ අනික් කෙනා දෙන්න ඔනේ...
මම එදා මුලු රෑම පන්සලේ ඉදලා හරියටම එකොලහයි පනස් පහට මගේ ඔරලෝසුව වෙලාව විනාඩි පහක් ඉස්සරහට  කරකවල එස්.එම්.එස්. කලා..
‘dan dolahai suba aluth awuruddak weawa’’’!’
කියලා...ඒත් මැසේජ් එක ඩිලිවර්ඩ් වුනේ පහුවදා , ඔයා මට එවපු එක එවෙලෙම මට ලැබුනා...‘
මතකද
මම හරියට දොලහට කෝල් කලා...ඔයා කිව්ව බාප්පත් එක්ක නිලා පත්තු කරනවා කියලා...මම එතකොටත් පන්සලේ...දින්නේ මම කිව්වට ඔයා පිළිගත්තෙම නෑ..මට ඕන වුනේ ඔට්ටුව දිනල ඔයාගෙන් ආදරය ඉල්ල ගන්න .කොහෙද  , ඔයා කිව්ව නේ දින්නේ ඔයා කියල , ඉතිං මං කට වහ ගත්ත...
    ඔයා දිනපු එකට තෑග්ග ඉල්ලුවේ හුගක් දවස් පහු වෙලා මතකද...ජනවාරි 9 වෙනිද....එදා ඔයා මගෙන් ඇහුව..
Aiya dinna nam monawada oney
...කියලා..ඔයා එතකොට.,
Mata one adare
කියලා..ඔයා එතකොට,
“Ne..ne.. adare nethiwa wena deyak illanna..”
මම - “ne..epa mata oyagen one adare withrai..denna berinam wena deawal epa..”
“oyata monada one ottuwa dinnata?”
ඔයා - “Hari  ayiya mama illana one deyak denawada?”
මම - “denawa..mama illanna kalin dena kenek misak dunnata passey illana kenek nemei…illanna ona deyak.”
ඒක අදටත් ඇත්ත නංගි
“ මම ඉල්ලන්න කලින් දෙන කෙනෙක් මිසක් !
 දුන්නට පස්සේ ආයෙ ඉල්ලන කෙනෙක් නෙමේ.. !

ඉල්ලන්න ඕන දෙයක්.. !
=====

පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්
හද සන්තනේ සදා සරණා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
.
නියාලුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොය එමි සිතින්
.
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින්
සුරා මල් පැණින් පොගා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්
.
==== http://www.youtube.com/watch?v=ecqqEzxVgjM
---- කුරුළු ---

Sunday, March 23, 2014

====== හිතන්නෙපා .. හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට ======මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට.. ========


-------අනුත්තරා නැති තුන්වෙනි දවස------
'
ඉරේෂා පුලුවන් හැම විදියටම මට උදව් කලා..
ඔයා දන්නවනේ,ඔයාගෙ හෑන්ඩ් ෆෝන් නම්බර් එක මට දුන්නෙත් එයා..දීල මට කිව්ව කතා කරන්න කියලා.....
මම කතා කලාට ඔයා උත්තර දුන්නේ නෑ..එස්.එම් .එස් කලා විතරයි.ඒ වුනාට ඔයා මට සැලකුවේ අයියා කෙනෙක්ට වගේ...මට ඊට එහා ආදරයක් ඔයාගෙන් ඕන වුනා...
දවසක් හිමාලි ඇවිත් ,
‘එයා ඔයාට කැමති නෑ.එයාට එක්කෙනෙක් ඉන්නවා..‘
කියල කිව්වහම මට දරාගන්න බැරි දුකක් ඇති වුනා.මම ඒක පෙන්නුවේ නැති වුනාට ඒක එහෙමයි...
දුකේදි හිනාවෙන්නේ, හිත ඇතුලෙන් අඩන මිනිස්සු කියල මේ ලෝකේ තාම තේරුම් අරන් නෑ..
ඒ වුනාට මම ගෙදර ඇවිත් ආපහු හිතුව..මම ෂාරුක් ඛාන් යැ..එක පාරටම කැමති වෙන්න පස්සේ හරියයි..කොල්ලෙක් ඉන්නව කියල කියන්න ඇත්තේ මගෙන් බේරෙන්න හිතාගෙන වෙන්න ඇති කියල මට හිතුනා..
ක්ලාස් එකේ අන්තිම දවස එයාට මතකද අනුත්තරා..අපේ කට්ටිය විභාගේ ඉවර වෙලා සින්දු කියන කොට ඔයා ඇවිත් මගේ ඉස්සරහම පුටුවක වාඩි වුනා..එදා සාරියක් ඇදල හරි ලස්සනට ඔයා හිටිය හරිම චාම්..මම ඒ චාම් ගතියට ආස කළා..
එදා ඔයාගේ සමරු පොතේ ලියන්න දීපු වෙලේ මම ලියන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි අනුත්තරා, සමරු ලියන්නේ වෙන්වෙන අයට.. මට ඔයාගෙන් එහෙම වෙන් වෙන්න බැරි නිසයි පොත ආපහු දුන්නේ..ඒත් ඒකට ඔයා තරහ වෙලා කියල ඉරේෂා කියපුවහම මම හොරෙන් අරන් නවි දෙකක් ලියල ආපහු දුන්නේ..මට සමාවෙන්න මම ඒ වෙලාවේ හිත රිද්දුව නම්..
අනුත්තරා ඹයාට මතකද ඒ කවි දෙක...
සදක් සේ ඔබ අහස් ගැබ මත
දෙනෙත් දල්වා සිටිනවා
පුංචි තරුවක් වී එදා මම සදට
ආදරේ කරනවා
ඔබේ දෙකොපුල සිඹිනවා...
සිහිනයක් වී ඇවිත් ඔබ මගෙ
දෙනෙත් අබියස මැවෙනවා
දරාගනු බැරි හදේ තනිකම
මොහොතකට හෝ නි‍වෙනවා
----------------
අද මගේ වෙලා මා ළග
නවතින්න සදවතී
මතකද එදා මං ඔයාගේ පස්සෙන් කතා කරන්න හිතාගෙන ගේට්ටුව ලගට ආව.ඔයා එතකොට කතා කරල කියපු දේ මට අද වගේ තාමත් මතකයි...
‘අයියා....මං ඔයාට ආදරෙයි..ඒත් මගේ අයියා කෙනෙක්ට වගේ ඔයාට මම සලකන්නේ..එතනින් එහාට මුකුත් නෑ ඔන්න...
මතකද...!!
ඔයා කියාගෙන කියාගෙන කියාගෙන ගියා...මම ඔහේ අහගෙන හිටියතමම එවෙලෙත් හයියෙන් හිනා වුනා.ඒ පස්සේ මහ හයියෙන් අඩන්න හිතාගෙන..
එහෙම කියල ඔයා ගියාට පස්සෙ මගෙ යාලුවො ඔක්කොම ටික මට විහිලු කලා...ඒත් මං ඔයාට, බනින්න නම් ඉඩ දුන්නේ නෑ..
කමක් නෑ අනුත්තරා...ඔයාට මාව ගැලපෙන්නේ නැතුව ඇති මට ....පිං නැතුව ඇති ඔයාව ලබා ගන්න ඒත් මං එස්.එම්.එස්. කරනවා ඒක නවත්තන්නේ නෑ..මං හිතා ගත්ත..
හිතන්නෙපා ..
===============
හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට..
.
මොන ගහේ පිපී තිබුණත් මල සුවඳයි නම් මට
එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට
ඇති අවසර තරමට...
.
උඹ කොහේ ඉඳන් පැතුවත් මගෙ උනුහුම බිඳකට
මද පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට..
සියොලඟ දැවටෙන්නට...!
==================
http://www.youtube.com/watch?v=zWZ8lhBAPA8
---කුරුළු---