Tuesday, December 17, 2013

==බුදු හිමියන්ටත් කලි යුගයගේ දෙවියන්ගේ පිහිටයි== ==බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි......==



පසුගිය දිනෙක මමද කතර ගම ගියෙමි.. ඒ ස්කන්ධකුමාරායණක්ව දැක වැදපුදා ගැනීමටය.. මාගේ වාහනය අනතරුකට ලක්වන්නට පෙරදීවත් මා එයින් කතරගම ගියේ නැති නිසා බොහෝ දෙනාගේ මතයකට ගරු කිරීමක් ලෙස එහි යෑමට තීරණය කලෙමි...
බොහෝ විට නිවසේම කාලය ගත කරන මා හට මෙවැනි දුර බැහැර වීම් ඉතා කටුකය..
එළැඹි යුත්ත කල යුතු නිසා වෙන් එහි ගියෙමි..
මූලික අරමුන අනෙක්ක වුවත් මේ මිනිසුන් හඳුනාගැනීම යටි අරමුණක් කර ගතිමි...
කතරගමදී ප්‍රධන වූ සිද්ධින් කිහිපයකට මගේ හිත යොමු විය... ඒ වා මේ වනතුරුත් මා සිත තැන්පත්ව ඇත්තේ එබැන් යැයි යලි යලිත් සිහිපත් වන නිසා මෙසේ ලියා තබන්නෙ.. මා එහිදි දෙවියන් නොදුටුවත් දෙවියන් ලෙසින් පෙනිහිටි කිහිප දෙනෙක් දුටු නිසාවෙනි...
..
පළමු සිදුවීම... පූජාභාන්ඩ කඩෙනි..
- මල්ලි මේ වට්ටියට සල්ලි ග්තතෙ නෑනෙ.. මට ආයෙ එන්න බැරි වෙයිද ?
= සල්ලි නම් ගත්තෙ නෑ අයිය වැදල එනකොට අරන් එන්න ඒඇති..
- මල්ලි මම මේ ආව පලවෙනි පාර.. මේ තියෙන කඩ ගොඩ හැටියට මට හොයාගන්නවත් බැරිවෙයි උඹව
= හහ්.. බය වෙන්නෙපා අයිය මේ කතරගම් දෙවියන්වහන්සේගෙ අඩවිය.. අයිය වැදල ‍එන්න දෙයියන්ගෙ පිහිටෙන් .. අයිය මේ කඩේටම එයි වට්ටිය දෙන්න..
- කෝමද එහෙම කියන්නෙ එහෙනම් ඉතින් මේ පලතුරු වලට වට්ටියටත් ඒක අරන් ඇති..
= අනේ අයිය එහෙම හිතනවනම් වට්ටිය අරන් යන්න මට එපා... අපි දෙවියන්ව විස්වාස කරන මිනිස්සුන්ව විස්වාස කරනව අයිය.. අයිය එන්න ඇත්තෙ හොදක් ප්‍රාර්තනා කරගෙන එහෙම ඇවිල්ල කාටවත් නරකක් කරන්නෙ නෑ..
** හරිම පුදුමයි.. මා දන්නා එක්තරා බෞද්ධ පන්සලක වට්ටියට පමණක් නොව පොල්තෙල් බෝතලයට පවා මුදලක් ඇප ලෙස තබා ගනිති... එත් මෙතැන ?? ***
.
මේ දෙවැන්නය -
. - පු‍තා අපරාදෙ අපිට සෙරෙප්පු කාර් එකේ දාල එන්න තිබුන... මේච්චර දාස්ගානක් සෙනග අස්සෙ දාල ගියෝත නැති වෙයි .. අපරාදෙ..
ඒ අම්මාය..
= අර මිනිස්සු දාල ගිහින් තියෙන්නෙ අපිත් දාල යමු අම්මෙ අපිට මත තියෙන තැනක..
- අපො ්හොදට තියෙයි.. එයාලගෙනම් බාටා. මගේ මේ හොද දෙකක්..
* එහෙනම් අපි අර වෙලෙන්දෙක් ලගින් තියල යමු කීයක් හරි දෙන්න බැරි යැයි..
( අවසානයේදී එය අවසන් තීරණය වූ නිසා එයිනුත් වඩාත්ම නැති බැරි යාචකයා තෝරාගෙන ඇය ලගට ගොස් සෙරෙප්පු තැබීමට සිතා ගතිමු.. )
මම ඇයව ඇමතුවෙමි..
- අම්මෙ සෙරෙප්පු බලා ගන්නවද ?
= ( ඇය මගේ මුහුන දෙස බැලුවාය.. ) ඔවු පුතේ..
- කුට්ටමකට කීයද ?
= ( ඇය සිනාසුනාය ) මම උස්සගෙන ඉන්න එකක්යෑ.. පුතාල මෙහෙන් තියල යන්න .. යනකොට ගන්න.. සල්ලි එපා.. මේ මිනිස්සු තියල ගිහින් තියෙන්නෙ ඕන තරම්.. කැමති නම් යනකොට මගෙන් මේ පොල් ගෙඩිය්ක අරන් යන්න ගණ දෙවියන්ට...
- අපෝ එත් අම්‍මෙ නැති වුනෝත.. වෙන කවුරු හරි දාගෙන ගියෝත..
= පුතේ මේක ස්කන්ධ දෙයියන්ගෙ අඩවිය මෙහෙ හොරු නෑ... පුතාගෙ සෙරෙප්පු ගන්න කාටවත් උවමනාවක් නෑ...
- කුට්ටමට අංකයක් දෙන්නෙ නැද්ද..
= අර මොකටද? පුතාට අදුරන්න බැරිද පුතාගෙ සෙරෙප්පු..
- මට පුලවන් , ඉතින් වෙන කෙනෙක් ඇවිල්ල මගේ සෙරෙප්පු පෙන්නුවොත් අම්ම දෙයිනෙ ?
= හොදයි පුතා ආවාම පුතා වෙන කෙනේකගෙ ‍සෙරෙප්පු දෙකක් මගෙන් ඉල්ලගෙන දාගෙන යනවද ?
- නෑ මම වෙන අයගෙ දේවල් ගන්නෙ නෑ අනික මට මගේ සෙරෙප්පු දෙක තියෙන්නෙ ?
= අනික් මිනිස්සුත් එහෙමයි පුතා.. මිනිස්සුන්ව විස්වාස කරන්න ඒ ඇත්තො හරි හොදයි...
**** මම නිරුත්තරව බිම බලා ගතිමි.. ඇගෙන් පොල්ගෙඩියකුත් මිලදී ගෙනම ඉහලට ඇදුනෙමි..
( මා දන්නා විහාරස්ථානයක මහ පෝයට පවා පාවහන් පරිස්සම් කර දෙනු ලබන සංගමයක් ඇත.. එයින් කුට්ටමට රැපියල් 5 සිට රුපියල් 20 දක්වා මුදලක්ද අයකරති.. එසේ නැතිව නිකරුනේ තැනක දමා ගියහොත් සෙරෙප්පු නැතිව ගෙදර ඒමට සිදුවේ.. )
මුදල් පසුම්බි හා පාවහන් සොරුන්ගෙන් ප්‍රවේසම් වන්න යැයි බොහො විහාරස්ථාන වල පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැක ඇත්තෙමි.. ඒ අප තුල ඇති හැදියාව යැයි සිතමි..
.
මේ තුනය.
.
සෙල්ල කතරගම කෝවිලේ වැද පුදා අවසන් කර සෙරෙප්පුත් දමාගෙන මැණික් ගග හරහා යන පාලම පසු කරන විටම වම් පැත්තෙහි තබා තිබෙන විසිතුරු බඩු තට්ටුව ලග නතර වුනේ මල්ලි මිතුරන් සදහා අතේ ගැට ගසන නූල් මිලදී ගැනීමට අවශ්‍ය යැයි පැවසූ නිසාය..
තට්ටුව ලග නතර වී වට පිට බැලුවෙ වෙලෙන්දෙකු නැති නිසාවෙනි.. අනෙක් පස කුටියට යාමට සැරසුන විට කුඩා දැරිවියක් දිව ආවාය..
- ගන්න අයියෙ මොනවද ඒන..
= ඇය තවම පාසල් වියේ පසුවන්නියකි.. 4 හෝ 5 වසරේ විය යුතුය.... මොනවද තියේනනෙ
- මේව තමා අයියෙ.. ඇය තට්ටුවට ඇගිල්ල දික් කලාය..
= නංගි මම මේ දාගෙන ඉන්නව වගේ රැද්‍රාක්ෂ නැතිද ?
- මේ තියෙන්නෙ අයියෙ මේ ටික තමා තියේනනෙ...
= මේවයෙත් මූනු 5නෙ තියේනනෙ මට ඕන මූනු 18ක් 21ක් වගේ..
- ඉන්න අයියෙ බලන්න තව පෙට්ටියක තිබුන..
( ඇය ඉතා උනන්දුවෙන් තට්ටුව යට තිබු පෙට්ටියක් ඇද්දාය.. මද වේලාවක් සෙවූ ඇය මට රැද්‍රා කිහිපයක් අතට දුනි.. ඒවාද මුනු 5 සහ 6ය )
= මේවත් ඒවනෙ..
- අනේ එහෙනම් මගේ ලග නෑ අයියෙ.. ඒව ඉන්දියාවෙ වෙලෙන්දො නෙ ගෙන්නෙ මෙහෙ නෑ..
= හ්ම්.... කමක් නෑ අපිට එහෙනම් මේ අතේ බදින කලු නූල් 10කුයි රතු නූල් 10 කුයි දෙන්න... තව මේ නාග දරණ ටිකකුත් දෙන්න..
- ආ අයියෙ.. ( ඇය ඉිත පරිස්සමින් එකින් එක ඒ තට්ටුවෙන් ගලවා දුන්නාය )
= කීයද ගාන..
- 300යි අයියෙ ( ඇය අමාරුවෙන් ඇගිලි එකතු කර ගන්න සෑදුවාය)
= ආ මෙන්න ගන්න..
- ඇය දුව ගොස් අම්මාගෙන් ඉතිරි මුදල අරගෙන ඇවිත් මට දුන්නාය...
= නංගි ඉස්කොලෙ යනවද ?
- ඔවු අයියෙ..
= අද ගියෙ නැත්තෙ..
- අද සෙන‍ගනෙ මල්ලි ඉන්න නිසා අම්මට තනියෙන් බෑ.. තාත්ත ගියා වෙන වැඩකට..
= හොදයි හොදයි හැමදාම ඉස්කොලෙ යන්න ඕන හොදද මම ගිහින් එන්නම්...
- ආ.. අයියෙ.. එහොම ඉන්න.. මේ නූල් දෙකත් අරන් යන්න...
( ඇය අර නූල් අතරන් තවත් 2ක් ඇද මා අතට දුන්නාය)
= එපා දරුවො ඔය දෙක ඔයා විකුන ගන්න මේ ඇති මට...
- නෑ නෑ අයිය ගන්න.. මට තාත්ත කියල තියේනනෙ ගොඩක් ගත්තොත් නිකං කීයක් හරි දෙන්න කියල.. නැතිනම් තාත්ත මට බනියි හවසට..
= හ්ම් ඒකත් එහෙමද එහෙනම් ඔයාට ගොඩක් පින් අපි ගිහින් එන්නම්...
( එතැන් සිට වාහනය දක්වා අපෙ ්කතා බහ වු‍යේ ඒ කුඩා දැරිවිය ගැනය... කොතරම් දුෂ්කරතා මැද වුවත් ඇයට හොද ගති ගුන ඉගැන්වීමට ඇගේ පියා උත්සහ දරමින් සිටිති... ලොකු බිස්නස් කරුවන් හා තරග වදින මට මේවා ඉති සංවේදි සිද්ධින් විය.. ඒ මේ වාගේ කුඩා දුප්පත් මිනිසුන් අනුන් ගැන සිතත්දී තවත් කෙනෙක් කපාගෙන හෝ ඉදිරියට යන මා ඇසුරු කරන සමාජය දකිත්දීය...... )
.
පූජා කඩේ මල්ලීත් - පොල් විකුකනන අම්මාත් - මේ දැරිවියත් දෙවිවරුය...
.
සැබැවින්ම මම දෙවියන් දුටිමි... මට ඒ ඇතිය...
.
බුදු හිමියන්ටත් කලි යුගයගේ දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි......
.
පරවුන මල් දැක නිවුනු පහන් මැද බුදු හිමි තනිවිය බුදු කුටියේ
මල් දම් පලතුරු අගිල් කපුරු මැද දෙවු රජු වැජඹෙයි දෙවු මැදුරේ
.
යදියන් පුද දෙන රුපියල් සත ගෙන රුපුන් නසාවි රැකවරනේ
දෙවියන් උපයන මුදලින් සුරැකේ බුදුන් දහම් සග තුන් සරනේ..
.
-කුරුළු-

==මලේ මලේ නොබනින් අපෙ අම්මාට - උඹත් මාත් දුන් දේ නැත උන්දෑට == ==මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට - බුදුන් වදින ලෙස වැදපන් අම්මාට.===



.

මොනවද අප්ප මේ උයල තියේනනෙ....මල ජරාව.. කතෑකිද මේව....
( කෑම මේසයට වාඩි වූ මම කෑ ගැසුවෙමි ) ඒ අම්මාටය
- ඇයි මොකො වෙල තියේනනෙ....
+ මොකෝ..! මොනවද අනේ මේ හදල තියේනනෙ.. කතෑකිද මෙවුව...
හැමදාම මල්ලීගේත් මගේත් ගෝරණාඩුව මේකය... අම්මා උයන දේවල් පිලිබඳව මැවිසිලි නැගීම අප දෙදෙනාගේම රාජකාරියයි...
බාගදා ඒකට හේතුවක්ද නැත.. ඇය ඇයට හැකි පමණින්න අපට තම්බ තම්බා ගිල්ලවයි..
ඒහෙත් අප දෙදෙනාටම කිවහැකි කුමක් හෝ හැමදාම ඉතිරි වෙයි...
* අද අම්ම පරිප්පු තෙල් දාල.. ෂික් මම ආසාවෙන් හිටියෙ හොදි කන්න..
- හැමදාම හොදි කනවනෙ පුතේ අද මෙහෙම කමු...
* බෑ... මට නිකං බත් දෙන්න...
( ඒ මල්ලීය )
+ ඔන්න බලන්නකො අදත් මස්... මස් කාල කාල ඇති වෙලා අප්ප තියේනනෙ..
- ඉතින් පුතේ හැමදාම කනව තමා.. අප්පච්චි ආසයිනෙ... එහෙනම් මම හාල්මැස්සො ටිකක් බදින්නද / ඔයා මාලු ක්නනෙත් නෑනෙ...
- නැ දැන් එපා... ඊලග දවසෙ හදන්න..
( ඒ මමය - හැබැයි ඊලග දවසේ මසුත් හාල්මැස්සෝත් දෙකම ලැබෙයි... )
ඇත්තෙන්ම අම්මා හදන කෑම වල වරදක් නැත... අප එලියට ගිය දවසට කොහෙන්වත් දවල් ආහාරය නොගන්නෙමු.. ඒ අම්මා උයන කෑම ටික ගිලීමට කීයට හෝ ගෙදර පැමිනිමේ බලාපොරොත්තුවෙනි... කඩෙන් බුරියානි කෑවත් ඒ අම්මාගෙ සුවඳ එහි නැත..
අප්පච්චි කියන විදියට අම්මා බැඳන් ගෙදර ගෙනා දවසේ නම් පරිප්පුවක් වත් හදා ගන්නට බැරිය... මගේ සීයා සියල්ල උගන්වා ඇත...
ඒකටත් එක්ක දැන්..
පවුලේ නෑදැයෝ සියලුම දෙනා ප්‍රිය කරන්නේ මගේ අම්මාගේ කෑම වලටය...
ඊටත් හපන් තේ එක...
අපේ ගෙදරට එන සියලු දෙනා අප්පච්චිගේ මිතුරන් මගේ සහ මල්ලිගේ මිතුරන් හැමෝම අම්මාගේ තේ එක වර්නනා කරති....
බනින්නේ අප දෙදෙනා විතරය..... නොබැන්නොත් කෑ නොගැසුවොත් අපිට නොකෑව වාගේය.... ඒත අපේ ආදරේත් අඩුවක් නැත...
ඊයේත් ඒහෙම්ම විය..
දහවල් දෙකත් පසු වී කෑම මේසයට වාඩි වීමි...
හොදටම බඩගින්නේ සිටියෙමි.. මල්ලීද මේසයට වාඩි වී ඇත...
අම්මාට බත් බෙදන්න ඇයි මා අණ කලේ මා නාන්න යන විටය
තාම බෙදා නැත.....
+ දැන් මම ඔයාට කීයටද කිවුවෙ බත් බෙදන්න කියල මට බඩගිනි...
- හරි හරි ඉන්න ඉන්න ඉක්මනට ගේන්ව මේ තාම හොදි ලිපේ...
+ මොනවද අප්ප බඩගිනි වෙලා එන දවසට කන්න නෑ.. ‍මොනවද කරන්නෙ ඕක විතරනෙ ඔයාට කරන්නතියෙන්නෙ...
- ඔවු උඹලට පේනනෙ නම් එහෙම මම එපැ ඇදුම් හෝදන්න ගෙවල් අස් කරන්න... සේරොම කරන්න උමල හිටියට මකුලු දැලක් වත් කඩනවද ?
 +ඒව පවු වැඩ මම ඒව කරන්නෙ නෑ ඉක්මණට ගේන්න..
මා එසේ පැවසූ පසු අම්මා බත් පමණක් බෙදා අප දෙදෙනාටම පිගන් ගෙනවිත් දුනි.. -ඉන්න මම හොදි ගේන්නම්....
* ඉක්මනට අනේ බඩගිනියි ( ඒ මල්ලීය )
අම්මාට කෑ ගැසීමට මටත් එවේලෙ හිතුණත් අම්මා හොදි බාජනාව ගෙනවිත් මේසයෙන් තබා ගියාය.. එවෙ‍ලේ මා දුටු වක් නිසා මා කටට ආ වචනය ගිල ගතිමි...
ඉන් පසු අම්මා වරින් වර කෑම ජාති ගෙනවිත් තබන්නට වූවත් ඒ වාට වාඩ මාගේ හිත ගියේ මා දුටු ඒ අම්මාගේ අත් දෙන වඩාත් හොදින් බලා ගැනීමටවය...
මා දුටු හරිය ඇතිය...
එදානම් ම කිසිවක් නොකීවෙමි.. බත් පවා ගිල්ලේ අමාරුවකිනි උගුරේ මොනවාදෝ හිර වෙනවා වගේ දැනුනි......
අම්මාගේ අත් දෙක හොදටම බලාගැනීමට මට උවමනා විය.....
අද උදේ මගේ අත තිබු මුද්ද මම ගැලවුවෙමි....
+ අම්මේ මේ මුද්ද මට ලොකුයි.. හැමවෙලේම වැටෙවනව මේක අම්ම ගන්න...
- මට එපා ඔය පිරිමි මුදු..
+ මේකෙ එහෙම වෙනසක් නෑ.. කෝ අත මම ම දාන්නම්...
අම්මාගේ අත දැක්කේ එවේලෙහිය...
එහි නොකැපුනු තැනක් නැත.... හැම ඇගිල්ලක්ම හැම පැත්තටම කැපී තිබිනි.... අල්ලද ඉරි තලා ගොසිනි... කිසි දිනක ඈ ඒ ගැන  අපට කියා නැත දොස් නගා නැත...
සමහර තැන් අතට හසුවන තරමටම කැපී ගොසිනි...
මට ලැබුන විදියට මම ඒවා අතගා බැලීමි......
මින් පෙරදී අම්මාට කෑ ගැසු දේවල් එක වෙලේම මා හිස මත කඩා වැටුනි....
වැටෙන්නට ගිය කඳුල වත්තං කරගනු පිනිස.. මම කුස්සියට ගියෙමි....
කාටවත් නොපෙනේන මූහුන සෝදමින් හැඩුවෙමි......
අදින් පසු කිසි දිනක අම්මාගේ කෑම ක අඩුවක් නොවනු ඇත...
ඒසේ නොවන්නේ නම් මට කෑමට අයිතියක් නැත....
අම්මාගේ ඒ කැපුනු අතැගිලි පවා අපි ගිලින්න ඇති.. එත් අප ඇයට දොස් නගා තිබුණි...
කල හැකි දෙයක් නැත..
ගෙවුනු දෑ අතීතයයි... කලකිරෙමි.... මෙවැන්නක් ලියා දුක තීනි කර වේලා ගත නොහැක... එහෙත් නුඹලාට දැන ගැනීම පිනිස ලියමි...
" දෙවිවරුන්ට සෑම තැනකම සිටය නොහැක - ඒ නිසා මෙලොවට මවුවරු මැවුහ "
අපට හොඩියේ අකුරු කියවන්නෙ බහ තෝරන්න පවා මුලින්ම කියා දෙන වචනය අම්මා ය......
අවාසනාව අපිට තරහ යන වෙලාවට පමණක් අම්මා මතක් වීමය...
අම්මා අම්මා මය - ඒ හා සමාන දෙයක් මට නැත....
මම හඬමි.....
========
කිරි මදු වැල් කිරි මදු වැල් කිරි අම්මේ
අපිත් කිරට හඩනා ලමයින් අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉදන් මට අඩගහපන් අම්මේ...
.
මලේ මලේ නොබනින් අපෙ අම්මාට...
උඹත් මාත් දුන් දේ නැත උන්දෑට
මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට
බුදුන් වදින ලෙස වැදපන් අම්මාට..
.
දරට ගිහින් අම්මා දැන් හුගක් වෙලා
මල්ලි අඩයි රස කිරි ටික මතක් වෙලා
පැල පිට වැටෙන බිම් කලුවර වලක්වලා
අම්මා එන්න හද පානේ හඳක් වෙලා..
--- (නන්දා මාලනිය )
================
-- කුරුළු--