Sunday, July 8, 2012

මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න....







අපි හුඟක් දෙනෙක් ටයිටැනික් බලල තියෙනව...

ඒකෙ jack සහ Rose ඉස්සෙල්ලාම මුණ ගැහෙණ තැන මතකද ඔයාලට....

අමතක නම් ආයෙ බලන්න...මතකනම් කල්පනා කරන්න.... පිස්සු හැදෙයි...

'තමන් අකමැති පිරිමියෙක් එක්ක විවාහ වෙන්න කරන බල කිරීමට විරුද්ධ වෙන Rose ඒ මහා නැවෙන් මහ මුහුදට පනින්න හදනවා..

ඒ වේලේ කොහේ දෝ ඉඳන් ආපු දුප්පත් තරුණයෙක් Rose ට කිට්ටු වෙනව, පස්සෙ ඒ දෙන්න අතරෙ සංවාදයක් ගොඩ නැගෙනව...

ජීවිතේ මීට කලින් කිසි දිනක මුණ නොගැසුණු දෙන්නෙක් ඒ වෙලේ මුණ ගැසෙනව...

jack තමන්ට පුළුවන් තරම් දේවල් කියනව Rose ව ඇතුලට ගන්න... ඒත් Rose පනින්න අන්තිම අඩියත් තියනව...

අන්න එතනදි තමයි මම කියන හදවතේ පිපිරීම සිද්ද වෙන්නෙ,
ඔයාලට මතක නම් ඒ වෙලේ jack ගෙ දෙබස..

" ok , when you jump, then i jump."


Rose නතර වෙනව... ඒ නතර වෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි..

ජීවිතේ කිසිදාක කලින් කොදැක්ක , මුණනොගැසුණු කෙනෙක්, තත්පර කිහිපයක් හඳුනාගත්තු කෙනෙක් ?

තමන් වෙනුවෙන් මුහුදට පනින්න සූදානම් වෙලා,

ඔයා පැන්නොත් මාත් පනිනවා’..
මොකක්ද දෙන්නගේ ඒ වෙලේ වෙනකොට තියෙන හැඳුනුම් කම.......?

ආදරේ මහ පුදුම දෙයක්.... අන්තිමට ඒ දෙන්නා
අසීමිතව ආදරේ කරනව....

විතරක් නෙවෙයි චිත‍්‍රපටියෙ අන්තිමට අසීමිතව ආදරේ කරන 
දුප්පත් කොල්ලෙක් ආදරේ වෙනුවෙන් මිය යනව... 
ඒවගේම දුප්පතෙකට ආදරේ කරන පෝසත් කෙල්ලෙක් තමන්ගෙ ඉතිරි මුළු ජීවිත කාලෙම ගෙවනව තමන්ගෙ ආදරවත්තයා සිහිකරමින්....

"ආදරේදි කවදාකවත් සල්ලි ඉස්සර කර ගන්නත් එපා
කවදාකවත් සල්ලි පස්සෙ යන්නත් එපා"

ඒත් ඇත්තටම ඒ දෙන්න ආදරේ කළේ කොච්චර කාලයක් ද?...

ඕව වෙන්නෙ ෆිල්ම් වල විතරක් නෙමෙයි....

ඔයාට මම කියන දේ තේරෙනව ඇති....

නුඹට ලියන කවි පද මගෙ පෙනෙනවද?
Like නොදා එක එක නුඹ බලනවද?
තාම මගේ කවි වල රහ දැනෙනවාද?
තරහ නොවී මට request කරනවද?


--------------කුරුළු-----------------------

Wednesday, July 4, 2012

ඒ දුක නිමක් නැති..එනමුදු කමක් නැති - යලි හිත හදා ගමී - සදහට පතා එමී- හඹා එමී.. සදා ඔබව පතමී....




නංගි

ඔයා තරුවක්ද?

හ්ම්.................................

ඔව් ඔයා තරුවක්.....මට ගොඩාක් ඈතින්.....
ගොඩක් දෙනෙක් ආස කරන කාටවත්ම
 ලංවෙන් බැරි තරුවක්...
තරුවල හැටි එහෙමයි කියල අපේ අප්පච්චි මට කිවුව......
තරු වලට ගොඩ දෙනෙක් ආස කලාට කාටවත් ලැබෙන්නෙ නැතිලූ...
 
ඔයත් එහෙමද නංගි.....

මතකදඉස්සර අපි ගෝල්ෆේස් එකේ ඉන් ගෙදර එනකොට
ඔයා තරු දිහා බලාගෙන මගේ අතිකින් අල්ලගෙන දිගටම දිගටම එන හැටි....

අයියෙ අයියෙ දක්කද අර අර...

කෝ කෝ.. මොකක්ද... පිස්සුද ළමයො කෑ ගහන්නෙ මෙතන මිනිස්සු බලයි පිස්සුදකියල
?

අර අර .... අර ඈත තියෙන තරුව කවුද දන්නවද
?
 
නෑ

ඒ මම නේ.. බලන්නඒකෙ ලස්සන....

අර ඊට එහා පැත්තෙන් ඉන්නෙ කවුද දන්නවද
?

ඔයාලගෙ බොස් වෙන්න ඇති,
මිනිහගෙ මේසෙ ළඟමනෙ ඔයාගෙ මේසේත්...


අනේ මේ යන්න....

ඒ තමා ඔයා......


බලන්න ඒ තරුදෙක ලගින් තියෙන ලස්සන
හැමදාමත් ඔයත් ඒ වගේ මගේ ලගින් ඉන්න
ඕන හොෙ`ද්.....
හා......


මේ එක නෙමේ අයිය ඒ තරු රණ්ඩු වෙන්නෙ නැතිද දන්නෑ නේද
?
නැතුව ඇති නංගි, මොකද ඔයාට වගේ කටක් නෑනේ... අනේ ඒ තරුව නම් බේරිල ඇති
අනේ මේ.. ඔන්න මං රණ්ඩු වෙනවා......

.............................................
, ඒ දවස්වල ඒත් දැං...
ඒව මත්ක වෙනකොටත් නිකං පිස්සු වගේ,
වගේ නෙමෙයි පිස්සුම තමා....

යූත් එකේ ඉඳන් ගෙදර එනකොට පුරුද්දට වගේ
ගෝල් ෆේස් එකට ගියා... එතැනින් එනකොට
නිකමට වගේ අහස දිහා බැලූනම

ඔයා හිටිය.. ඔයා ගෙ තරුව........
අනිත් තරුවත් ඒ ලඟින්ම එදා වගේමයි...
ඒත් අපි..........

මම ඔයාගෙ තරුව දිහා බලාගෙනම පයින්ම
පිට කොටුව පැත්තට ආව...
.ඒ තරුවත් මම යන යන
තැනට ආව පස්සෙන්ම.....
හරියට මගේ ලගින්ම....
මම කොහේ ඉ
`දන් බැලූවත් ඒ තරුව ඒ තැනට මාත් එක්ක ඇවිත් තිබුණ.......
අන්තිමට මම බස්එකට නැගල ජනේලෙන්
බැලූව.....
මම දන්නව
මම ගෙදර ගිහින් බැලූවත් මේ තරුව මගේ පස්සෙන්ම එයි.....
ඒක තියෙන්නෙ මගේ හිතේ විතරයි....
ඔයත් එහෙමද?
මගේ හිතේ විතරද?

අර තරු දෙක ලඟින් තියෙන විදිහට අපිත් ඉමුයි කියන කථාව
තේරුණේ මට දැනුයි නංගි...

ඒ තරු ලගින් තියෙන විදියහට
අපිට පේනව විතරයි
ඇත්තටම ඒ තරු දෙක තියෙන්නෙ ගොඩාක් දුරින්....
අපිට හිතා ගන්න බැරි තරම් දුරින්..එත් අපිට පේන්නෙ ලගින් වගේ.


දැන්නම් ඒ තරුත් හරියටම අපි වගේමයි.........
නංගි...

අපේ ජීවිත ඔක්කොම
" බොනිකරම තරුවක් " නංගි


සොදුරු හිත කොයිතරම්
ආදරෙන් පිරෙනවද?
ආදරෙන් පිරෙන හිත
මගෙයි එය, පෙනෙනවද?
සොඳුර තව නුඹට, මම
ආදරෙයි දැනෙනවද ?
" ආදරෙයි කුරුලු, මම"
එක වරක් කියනවද?
-------කුරුළු-----


Monday, July 2, 2012

මැනිකෙ මම අයෙ ගෙදර එනවා - මට හරි කේන්ති යනවා...




පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?
දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහුවෙ 
අහම්බෙන් වගේ.....
ඔව් මාත් උත්තර දුන්න....
ඇත්තද ඒක ? පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?

එකට ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියන්න පුළුවන්....
ඒ කිව්වෙ,එක්කෙනෙක් කියයි...,

නෑ කුරුළු එහෙම වෙන්නෙ නෑ .. 
එහෙම වුණත් ඒක හරි ආදරයක් වෙන්න බෑ...

ඇයි ?’

ඒ කෙල්ලව හරි කොල්ලව හරි දැක්ක ගමන් කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...
එයා කොහොම කෙනෙක්ද? එයා දැනටමත් යාළු වෙලාද ? එයා අපිට ගැලපෙනවද?
එයා මට කැමති වෙයිද?

ඔන්න ඔහොම ගත්තම තව ගොඩාක් ප‍්‍රශ්න තියෙනව කුරුළු,
තව කෙනෙක් කියනව,

"වෙනව කුරුළු... දැක්ක ගමන් ආදරයක් ඇති වෙනව..
ඒක නෑයි කියනවනම් බොරු? ඕනම ආදරේකට වටින්නෙ පළමු දැකීම...
එතෙන්දි කෙල්ල හරි කොල්ල හරි දකින විදිහට තමයි පස්සෙ ආදරේ ඇති වෙන්නෙ....
අනික බං ඔය හතර කේන්දරේ බල බල ලව් කරන්න බෑ බං "

කියල බලපං... පස්සෙනුත් පලයන්...
ට‍්‍රයි පාරක් දාපංකෝ.... පස්සෙ බැරියෑ අනික්වා බලන්න...

ඇත්තටම හරි මොකක්ද?

ඇයි මෙහෙම වෙන්න බැරිද?

පළමු දැකීම වැදගත් ම ද?

දකින්නෙ නැතිව දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද ?

පුළුවනි.. පිටරට දි පෑනේ මිතුරො පෑනේ මිතුරියො විවාහ ගිවිස ගන්නව...
රූපෙ කවදාකවත් දැකල නැති කෙනෙක්ට ආදරේ 
කරන එක / ජීවිතේ කවදාකවත්ම දැකල නැති කෙනෙක් එක්ක 
විවාහ ගිවිස ගන්න එක හරි පුදුමයි... 
ඒත් ඒ දේවල් මේ අපි ඉන්න ලෝකෙම සිද්ධ වෙන දේවල්....

ඔයාල හිතයි නෑ බොරු කියල..
ඒත් දන්නෝ දනිති...

අදහස් වලින් ගැලපෙන නිසයි එහෙම වෙන්නෙ... (මං හිතන්නෙ)

ඉතින් ඉස්සෙලම දැක්ක ගමන් ආදරේ හිතෙන එකත් ,  
ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන් එකත් විහිළුවක් ද ?

ආදරේ, දිග - පළල - ඝනකම මන්නන ඕන නෑ ආදරේ අදුන ගන්න ඒ ඇති...

අපි දන්න ඇත්තක් තියෙනව... පළමු දැක්මෙන් ආදරේ ඇති වෙනව වුණත්,

හිතන්න, කීයෙන් කී දෙනෙක් ගැනද අපිට එහෙම හිතෙන්නෙ කියල,
මගතොටේදී, පන්තියෙදි, ඔෆිස් එකේදී, පන්සලේදී, පල්ලියේදි, බස් හෝල්ට් එකේදී
කී දෙනෙක් නම් අපිට දවසකට හම්බු වෙනවද?

එතැනින් ආදර් කියාගෙන, ආදරේ කරගෙන අපේ පස්සෙන් එන්නෙ කීයෙන් කී දෙනාද ?
ඇයි හිතන්නෙ නැත්තෙ.....

ඒ එන කෙනාටත් අපි බනින්නෙ ඇයි, අඩුතරමෙ හිනා නොවෙන්නෙ ඇයි,
මොනව කරන්නද?  

නංගි,

ආදරේ කියන්නෙ ලෙඩක් නෙමයි...,
හැගීමක්
සිපගන්න බයයි හිත
වේගයෙන් ගැහෙනවා
ආදරෙන් පතන දේ අපි
අහිමි වීම ම විඳිනවා..

නොපෙනනා දුරක හිඳ
විඳ ගන්න හිතනවා
නොකියාම නුඹ ඇවිත්
මගෙ හිතට එබෙනවා

රිදෙන විට හැ‍ඩෙන බව
නුඹ හොඳට දන්නවා
අපි අපේ නොවන බව
මුළු ලොවම  දන්නවා
-කුරුළු-

Saturday, June 30, 2012

ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්..




සංකල්පනා ඉස්සර ලිවුවෙ
ආදරේ හිතේ පුරෝගෙන..
ඒත් දැන් පුරෝගෙන වැඩිද මන්ද?

දවසක් මුතු මගෙන් ඇහුව
‘‘ඇයි දැන් සංකල්පනා පරක්කු
කියල,’’

සංකල්පනා පරක්කු නෑ..
සංකල්පනා ඉක්මන්,
එයා මටත් කලින් ගොඩක් දුර ගිහින් මුතු
මම කිවුව...

ඉතින් කුරුළු ඔයා ලියන්නකො
ජීවිතය - ආදරේ - ගහ කොල - සොබාදහම
ගැන - මුතූ ආයෙත් මට කිවුව..

මම එවෙලෙ හිනා වුණා.
මොකද...
මට මුළු ලොවම ඔබයි

"අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක්
ගහක් කොළක් ගෙයක්
නොමැති කාන්තාරයක්"

හ්ම්..........
= ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්... =

මේලෝකෙ හරි පුදුමයි මුතූ

බලන්න,
ඇයි ඉබ්බන්ට පිහාටු නැත්තෙ
ඇයි අස්සයොන්ට අං නැත්තෙ

එහෙම වුනොත් මේලෝකෙ සමතුලිත නෑ
ඉබ්බො විතරක් ඉදියි - නැත්නම් අස්සයො.
ඒක උන්ට ගාණක් නෑ...
මොකද ඒක නැති හිංද?

ඒත් මුතූ
අත්තටු තිබිලත් ඉගිල්ලෙන්න
නැත්තම්,

ඒ මොනතරම් දුකක්ද?

අපිට ආදරේ දැනිලත්
ඒක ලබාගන්න බැරිනම්.....

කන්න ජීවත් වෙන මිනිස්සු ඉන්න රටේ
ජීවත්වෙන කන මිනිස්සු කොච්චර ඉන්නවද?

හුස්ම ඉබේ වැටෙනව වෙනුවට - ජීවත් වෙන්න ඔන් නිසා
හුස්ම ගන්න අපිට සිද්දවුණානම් මේ හුස්ම කොච්චර අපිට
බරක් වෙයිද කවුද දන්නෙ...

මේලෝකෙ සමහර මිනිස්සු
ජීවත් වෙන්න බයේ මැරෙනව
ඒත් අපි
මැරෙන්න බයේ ජීවත් වෙනව...

එත් මට සිද්ද වෙලා තියෙන්නෙ
ආදරේ කරන්න ජීවත් වෙනව වෙනුවට
ජීවත්වෙන්න ආදරේ කරන්න..
මොකද ඇත්තටම සමහැ වෙලාවට මට
ජීවත්වෙන්න හොඳ හේතුවක් හොයාගන්න බෑ
" ආදරේ " හැරෙන්න....


--------------කුරුළු-----------------------

කොයි තරම් සොඳුරුයිද මේ
ඉර බහින හැන්දෑව -
හඳ මවෙත ගෙනෙනා
පරිගණකයක්
අන්තර්ජාල පහසුකම
මූණු පොත සහ මම
ඒ අතරට
ඉඳහිට....
දුම් දමන අළු බඳුන සහ
හිස් වෙන අසෝක වීදුරුව


ඉදින් සේකර
දැන්නෙ ඉන්න තිබුනෙ...

ඉස්සර වගේද
කවදාකවත් නොදැකපු
මිතුරු කැල

- කුරුළු

Monday, June 25, 2012

පිපෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නෙ - හමන සුළගකින් අහන්න ඇයිද කියා හමන්නෙ..... ඇයි අපි විතරක් ආදරයට හේතු නුඹට කියන්නෙ....




මතකද මම මගේ වෝල් ඒකේ ලිවුව
කුරුළු ' loving star ’ කිය

ඒක නිසා මම ලගකදි හොද කථාවක් අහගත්ත, 
අපේ කෞෂික අයිය ගෙන්

මම B26 ය් එකෙක්,ඒ කියන්නෙ
මහරගම යූත් එකේ ජනසන්නිවේදන පන්තිය,
ඒක ගැන දන්න උන් B 26 කිවුවම දන්නව මොකක්ද කියල....

කොහොම හරි පහගිය සෙනසුාදාවක මම යූත් ගියාම
අපේ පන්තියක හිටපු කොෟෂික අයියව හම්බුවුණා......
මිනිහ මටඩා ගාඩක් උඩින් ඉන්න කෙනෙක් 
සෞන්දර්යය නිර්මාණ විෂය අතින්.
මාව දැක්ක ගමන්,

ඒයි කුරුළුමෙහෙ වරෙන්
මොකක් යකෝ තෝ අර වෝල් එකේ ලියගෙන ඉන්නෙ ලවින් ස්ටාර් කියල ? ඒ උඹද? ඒකේ හිටියෙ ගෑණූ වගයක්නෙ බං

හරි කෞෂි අයියා මම ඒක නිකං දැම්මෙ,

ඈ බොල බූරුවො තොට මම කිවුව නේද 
ඔය ස්ටාර්ල වෙන්න ද`ගලන්න එපා කියල..
මල්ලී දෙයියො අපිට දෙයක් දීල තියෙනව...
දැං බලපං අපි දෙන්නගෙ වෙනස මොකක්ද?

මමත් පිරිමි උඹත් පිරිමි... එතකොට ගෑණු දෙන්නෙක් ?ඒත් සමානයිනෙ මල්ලි....

දැනගනින් මේ ලෝකෙ හැම මිනිහම පෙනුමෙන් එකයි..
උඹ පිරිමියෙක්නම්
, උඹට තියෙන ඒවමයි මටත් තියෙන්නෙ,
අපි හැමෝටම එහෙමයි
,
ලස්සන
,කැත,සුදු,කළු ඒව වැඩක් නෑ මල්ලි.
අපි ඔක්කොම ඇදුම් නැතිව හිටියොත් එකයි බං..


මොකෝ උඹ හිනා වෙන්නෙ

නෑ හිනා ගියා අයියෙ...

අහ් යවපු එක හොදයි හිර කරන් ඉන්නෙ නැතිව.....

උඹට හිනා ගියෙ අපි ඇඳුම් ඇදන් ඉන්න නිසානෙ...
මල්ලි
මීට ගොඩක් කාලෙකට කලින් 
මිනිස්සු ඇඳුම් නැතිව හිටියා... 
එතකොට ඒ කාලෙ උන් ඇඳුම් ඇන්ද උන්ට හිනා වූණා.....
 ඒත් දැන් අපි ඔක්කොම ඇදුම් අදිනව....
අදිනනෙ නැති එකාට හිනා වෙනව..

මේ අතරෙ සමහරු ඇඳු
ම් ගලවන් නටනව..


සමහරුන්ට ඒක විහිළු සමහරුන්ට ඒක මැජික්..
. හැබැයි අපි ඇඳුම් නැතිවම හිටියනම් හොයි..බන්... 
එහෙනම් අපි මීට වඩා තේරුම් ගන්නව අපි ඔක්කොම එකයි කියල....

හබැයි පුතේ අපි වෙනස් වෙන තැනුත් තියෙනව?
අන්න ඒක තමා වැදගත්...

උබේ හදවත මට නෑ.. ඒ කියන්නෙ උඹ වගේ ලියන්න
 ආදරේ කියල දෙන්න හිනාවෙන්න මට බෑ...  
මට පුළුවන් දේ උඹට බෑ විදයාඥයාට පුළුවන් දේ අපිට බෑ 
අන්න ඒක තේරුම් ගණින් අපට දීල තියෙන දේ 

ප්රයෝජන ගණින්
"ප්‍රසිද්ධ වෙයන් - ජනප්‍රිය  වෙන්න එපා ""

 එහෙම වුනොත් උඹ මුණු පොතේ ඉන්නකන් චැටි කරනකම් උඹ ඉදීවි.. 
එක සතියක් නොලිය ඉඳපන් උන්ට උඹව අමතකයි...
එහෙම වැඩක් නෑ බන්..
හැබැයි මම දන්නව උඹ දැන් හෙණ ප්රසිද්දධයිලු
මගෙනුත් කීප දෙනෙක් ඇහුව උඹ ගැන
මම අකමැති අර ස්ටාර් කන්සෙසප්ට් එකට

මල්ලි මතක තියාගණ්න පුංචි කාලෙ කවිය

"එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු"

කොච්චර තරු පෑවුවත් වැඩක් නෑ බං - 

මේ ලංකාවට- කලින් පායපු තරු කෝ,  
ලොකෙට ඔන හඳක් පුළුවනි නම් ට්රයි කරපන්... 

තරු හිටපු ගමන් පොලවට කඩා පාත් වෙනව

එහෙනම් මම යනව පස්සෙ සෙට් වෙමු.....
-------------------------------------ස්තූතියි කෞෂික-----
(පස්සසෙ මම දැනගත්ත ගිය සැරේ මීනා කුමාරි(සිරස සුපර් ස්ටාර්) ට සිංදුවක් ලියල දීල ඒක ගොඩක් ප්රසිද්ද වුණා ජය කෞෂි----

 

ආදරේ සුවඳ - මදිවදෝ දැණුන
ඇයි ගියේ දුරට මා දමා

කියනුයේ කොහොම - නොදනිමියි නුඹව
ජීවිතේ මතක - නුඹ නිසා

කවුරුදෝ නුඹව - ගෙනගියේ දුරට
ආදරන් උන්න - අප බෙදා

ආදරේ අරුත - නැතිවදෝ හැඳින
දුක නැතිද තවම - මම නිසා

ආදරේ පාට - මාරුවුණ එකම
කොයිතරම් දුකද - " නම " නිසා

තරුවක්ව දිලෙන - නුඹ මගේ නොවෙද
තරුවරම් ලැබෙන - තුරු එදා

ඇයිද මේ වෙනස - නුමට පෙම් බැන්ද
කුරුළු වෙමි තවම - නොහඳුනා

නුඹ සොයා දසත - පියඹලා වෙහෙස
ගිනි අරන් "සිරස" - ඇති මෙමා

ඇති නේද හිටිය - දුර ගිහින් රැඳිල
එනතුරා හැරිල - ඉමි බලා

(ශලනිට සෙනෙහසින්)
-------------------කුරුළු------------------