Monday, June 18, 2012

ආදරේ වැඩී... වෙනදටත් වඩා- පාළුවේ හැඟුම් හදට දැණුනෙ දැන් තමා...




"කෝල පිණි පොදේ පෑයු සඳ වතේ නීල නෙතු යුගත් යාවේ..
මගේ ආදරේ වාගෙ සාගරේ ඊට මායිමක් නෑනේ..."

 ඉස්සර ඔයා හිනා වෙලා මගේ ඉස්සරහින් වාඩි වෙනව
සද්ද නොකර ටික වෙලාවක් මගේ දිහා බලන් ඉන්නව
අයිය මේ අහන්නකො...
(ඔන්න පටන් ගන්නව)

එතැන ඉඳං පුංචි ළමයෙක්ගෙ
කථාවකට කන් දෙනව වගේ අම්මෝ මෝ මෝ ...............
වටේ පිටේ දේවලූයි, කාපුවයි, බීපුවයි
එහා ගෙදර ඒවයි, බලූ පැටිය ගැනයි, ටී.වි එකේ ගිය ඒවයි

ඉවරයක් නෑ...
මම ඉතින් කෝච්චියට අහුවෙච්ච රුපියල වගේ  
කනෙන් කනට ෆෝන් එක මාරු
කර කර ඉන්නව.....

කොච්චර බැන ගත්තත්
ෆෝන් එක තියෙනකොට

‘‘අනේ අයිය ආදරෙන් මොනව හරි
කියල ෆෝන් එක තියන්නකො
’’
 
ඔයා කියනව..

‘‘ඇයි දෙයියනේ දැං මෙච්චරල කථාකළේ ආදරෙන් නේද? ආයෙ තව මොනවද? මම අහනව...

‘‘ අනේ අනේ මගෙ හොඅයියනේ මට ආදරෙන් කියන්න මට ආදරෙයි කියල.. එක පාරක්.....’’

මමත් ඉතින් බේරෙන්න බැරිම තැන
‘‘ මම ආදරෙයි මගෙ සුදු නංගී’’
කිවුවම...

ඇති යාන්තං ඔයා නිදියනව....

මගෙ අම්මෝ ෆෝන් එක තිබ්බ තැන මගෙ කන රත් වෙලා......

ඒ දවස් වල ඔයා මගේ ෆෝන එකට නිතරම රින්ග් කරනව..
මට වැඩක් කරන්නත් නෑ කන්නත් නෑ.. ටොයිලට් යන්නත් නෑ
මුණ හෝදන්නත් නෑ..

මට වඩා ඒක අපේ ගෙදර මිනිස්සුන්ට ඒක වදයක් වෙලා තිබුණෙ..
දන්නවනෙ ඉතිං...

ඒ හිංදම මම දවසින් දවස රින් ටෝන් මාරු කළා...
දවසක් මම කකා ඉන්නකොට ඔයා රින් කළා
අප්පච්චි... මට ෆෝන එක ළට ගෙනත් දුන්න හිනා වෙලා.....
 
ඔයා කෝල් කරල ඉවර වුණාට පස්සෙ
මගෙන් අහනව,
‘‘කවුද? අර ළමය නේද කථා කලේ’’

‘‘ඔව්’’ මම කිවුව,
 
උඹ සද්දෙ මාරු කරන්නෙ අපිට
නොතේරෙන්නද?

අනේ අනේ මිනිහෝ.....
‘‘ සද්දෙ වෙනස් වුණාට ගඳ එකයි ’’ ඒක ඔළුවට ගනිං....

අප්පච්චි කිවුව එකට හිනා යන්න අවත් කට තද කරන් හිටිය,  
මොකද කථාව ඇත්ත.
 
ඒ විදියට ආදරෙන් හිටුපු අපි දෙන්න
අද
?............................

 
නෙත
නිදි නැති

නෙක
කවි ඇති

නුඹ
ලඟ නැති

සිත
වැල පෙති

=====කුරුළු=====

Sunday, June 17, 2012

නුඹට නොහැ‍ඟෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් - පුදුම වෙයි නුඹ නම්.....




ඒ දවස්වල ඔයා කිවුව වෙන කෙනා 
අද ඔයාට හම්බවෙලා
දැං ඇත්තටම මම කෝල් වේටින් එකේ.. නැත්නම් එන්ගේජ්...

දැං ඔයා ගාව මම අරන් දීපු මොබිටෙල් සිම් එක නෑ
අළුත් ඩයලෝග් එකක් තියෙන්නෙ..මම දන්නව මම දීපුවගෙන් ඔයාට
දැං වැඩක් නෑ.....කෝකටත් කියල මම පරණ මොබිටෙල් නොම්බරේට දවසක්
රින්ග් කළා.. වැදගත් නොම්බරයක් ඒක

ෆෝන් එක ගත්තෙ වෙන ගෑනු ළමයෙක්...

‘‘ කනගාටුයි ඔබ අමතන දුරථනයෙන්
ප‍්‍රතිචාරයක් නැමැත
, කරුණාකර පසුව අමතන්න’’කිවුව.


මමත් හා කියල ෆෝන් එක කට් කලා

මම දන්නව ඉස්සර වගේ ඔයා මට ප‍්‍රතිචාර දක්වන්නෙ නෑ කියල,
ඒක දැං ඒ ළමයත් දැනගත්ත
 
හැබැයි මම ඒ ළමය කිවුව 2වෙනි එකට මම කැමතියි,
පසුව අමතන්න
, ඒ කියන්නෙ ආයෙ ට‍්‍රයි කරන්න කියලනෙ......


ඊයෙ ? මම ඔයාගෙ අළුත් ඩයලොග් එකට රින්ග් කළා..

ඔයා වෙන කෝල එකේ....

‘‘ඔබ ඇමතූ ඩයලොග් දුරකථනය වෙනත් ඇමතුමක් හා සම්බන්ධවී ඇත,
කරුණාකර පසුව අමතන්න’’
අර ළමයම ආයෙ කිවුව....

ඒකත් මම දන්නව..
ඔයා දැන් වෙන අමතුමක් එක්ක සම්බන්ධයක් 
තියෙනව කියල ඒකනෙ මේ ප‍්‍රශ්නෙ

අනික මට හිතෙන්නෙ අර පසුව උත්සහ කරන්න කියන එක
මට විතරක් නෙවි ඔයාට කථා කරන්න හදන හැමෝටම කියන එකක් වගෙයි..

සමහරු කියනව මම කොහෙවත් යන එකියක් නිසා මැරෙන්න හදනවලූ..


හහ්....ඔයා හිංද මම මැරුණනම් මැරිච්ච තැන් වල හැදිච්ච ගසුත් දැං මොරටුවෙ..........

ගහට ගහක් කවද හරි මොරටුවෙදි එකතු වෙනවලූ......අනේ අපිටත් පුළුවන්නම්.....

ඒත් ඒ හම්බෙන්නෙ ගස් දෙකේ අන්තිම දවස් කීපෙදි..
මොකද මොරටුවෙදි ගස් වලට වෙන දේ ඉතිං කියන්න ඕන නෑ නේ....

අපිත් කාසියේ දෙපැත්ත වගේලූ,
ඇත්ත... එක තැන එකට ඇලිල ඒත් කවදාවත්
මූණට මූණ බලන්න ලැබෙන්නෙ නෑ හැමදාම එහෙමයි......

ඒ කොච්චර වුණත් මම ආසයි ජීවිකේට එක සැරයක් හරි
ඔයාව


"""
බ ලා ග න් න """

වැඩියෙන්ම කැමති

ඒ වචනේ මුල් අකුරු දෙක

මාරු වෙනවට ......

 
 
නුඹෙ සිත හඬනවද මේ හැටි කඳුළු පෙරා
මහ වැසි දකින විට හිතෙනව හිතට හොරා
හැකිනම් ගන්න මා ලියනා කවිය කිරා
වැස්සයි කවියි එක බරමයි - ස‍ඳේ , සරා
  -----කුරුළු-----------------