Saturday, February 9, 2019

==== දසිස් 43 =====



( හතලිස්  දෙවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඒ් අවයව මොනවාද ?
- පෙනහල්ල , හදවත , හෘදයාංශය, උරහි සිට අතැගිලි දක්වා වු බාහුව, කුඩා බඩවැල, මහා බඩවැල,ප්ලීහාව,වෘක්ක, අක්මාව, පිත්තාශය, මුත්රාශය, හා උදරය නම් ය.
+ සත්යක් නොවේනම් ... ඒ් වා රෝගාතුර වීම යනු ඉතා බරපතල රෝගාබාධ අැතිවිය හැකි නෙවේද ?? අප හෙල වෙද කමේත් මේ සියල්ලටම ඔෟෂධ තිබේ..
- ඒෙස්ය රජුනි... අප වෙදකමේ දි ඔවුන් මෙන් සිරුර සිදුර කරන්නේ නැත. පටතින් හෝ අැතුලතින් සුවපත් කරන්නෙමු.. සිරුර කැපීමෙන් විදීමෙන් පවා අප සිරුරේ අැති "බ්රහ්මප්රභාව" ට හානියක් වන නිසාවෙනි.
—————————————– අද එතැන් සිට
+ මේ සියල්ල සිදු කරනුයේ අප බ්රහ්ම ප්රභාව ශක්තිමත් කර ගැනීම උදෙසා නෙව්ද අභය
- ඒසේය යන්ත්ර මන්ත්ර තන්ත්ර පමණක් නොව කුණ්ඩලීනිය පවා ඒයටය. චී " ශක්තියද ඒ් වෙනුවෙන්ය. සියල්ලෙන්ම සිරුර නිරෝගීව තබා ගැනීම සිදු කරයි. මානසිකවත් ශාරීරිකවත්.
+ ඒසේය ඒෙස්ය
- මේ ශරීරාංග හා ලෙඩ රෝග මුසු වී පවතින බවට ඔබ වහන්සේත් දැනුවත්.
+ ඒසේයි
- ඔබ වහන්සේ සිතනවාද මේ ශරීරාංග රෝග වීමත් අප සිත රෝගාතුර වීමත් අතර සම්බන්ධයක් අැති බවට, නැතහොත් අප සිත රෝගාතුර වු විට අභ්යන්තර අවයවද රෝගතුර වන බව සිතුවාද ?
+ නැත.. මා සිතනුයේ අභ්යන්තර අවයව රෝගාතුර වූ විට ඒ්වායින් නැගෙන රිදුම් හා වේදනාවන් නිසා සිතද මනසද රෝගාතුර වන බවයි.
- රජුනි ඒය අනුලෝමවත් ප්රතිලෝමවත් යෙදේ?
+ කෙසේද ?
- අප සතුව දෙවැනි මොලයක්ද අැත, අප හිස තුල අැති මොළය නැමති කොටසින් සිදු වනුයේ අපගේ අවයව හා ක්රියාකාරකම් නිසි ලෙස පාලනය කිරීමයි. අප දැනුවත්වත් නොදැනුවත්වත් සිදු කරන ක්රියාවලි ගනනාවක් සිරුර තුල තිබේ.
+ ඒසේය අප ශිල්ප දැක්වීම් දැන කරන ක්රියා ලෙස දකිිමි අාහාර දිරවීම වැනි සිරුර තුල ක්රියාකාරකම් අප නොදැනුවත්ව සිදු කරන ක්රියාවලි ලෙස දකිමි.
- ඒසේය ගැමුනු රජුනි, අප ට බොහෝ වට පාලනය කල හැක්කේ දැන කරන ක්රියාවන්ය, නොදැන කරන ක්රියාවන් ඒසේ පාලනය කල නොහැක. ඒහෙත් අප හැගීම් උපද්දවනුයේ ඒ්වා ගබඩා කරනු ලබන්නේ කොහිද ?
+ මනසේ ද ?
- නැත රජුනි, ඒ් අප සිරුර තුල වූ මේ අවයවයන් තුලමය..
+ හහ් හහ් හහ් හහ් අභය ඒය විය නොහැක්කකි.. අවයවයන් තුල හැගීම් හට ගනුයේ කෙසේද ?
- රජුනි අසනු මැනව, අපහට අාදරය අැතිවනුයේ කුමන අවයවයින්ද ?
+ හදවතිනි ..
- රජුනි සිතා පිලිතුරු දෙන්න , හදවත යනු අවයවයකි, හදවතින්ද නැතිනම් වෙනත් තැනකින්ද ?
+ දන්නා තරමින් අාදරය අැත්තේ හදවතෙහිය.. ඒසේ බැලුකල නම් ඒ් අවයවකින් හට ගන්නකි
- සැබෑවකි රජුනි , අාදරය හට ගන්නේ හදවත නැමති ඒෙන්ද්රය තුලයි, ඒපමණක් නොව කරුණාවද ඒහිය, නුමුත් චීන යින්ග් සහ යෑනග් හි මෙන් හොද හා නරක දෙකම ද මෙහි වේ, ඒනම් අාදරය සේම විරහවද, වෙෙරයද හට ගන්නේ හදවත තුලයි,
" මනුශ්යයින් හදවතින් අාදරය කරන අතරම හදවතින් වෙෙර කරයි."
+ සැබෑවකි අප ජනවහරේද යෙදී අැත්තේ ඒලෙසනි අභය
- ඒසේය රජුනි ඔබ වහන්සේ අාහාර දිරවීම ගැන කතා කල නිසාවෙන් ඒයම මා කරණකොට ගන්නමි. අාහාර දිරවීමට බොහෝ අවයවයන් වල සහයෝගය අවැසිය. ඒය ඉතා දීර්ග හා සංකීර්ණ ක්රියාවලියකි. ඒ් වෙග්ම ප්රධානතම ක්රියාවලියකි.
+ ඒසේයි
- ඒහිදී අක්මාව තුල තරහව හා ඊර්ෂ්යාව, ඉච්චඡාභංගත්වය තැන්පත් වේ, වකුගඩු තුල භය තැන්පත් වීම අාදි වශයෙන් බෙදී පවති.
+ විශ්වාස කල නොහැකිය
- රජුනි යින්ග් සහ යැන්ග් තුල අඩුංගි වන්නේ සමතුලිතයයි, මේ දැක්ෙවන්නේද ඒ් තුලිතයයි, අප විසින් මේ සියල්ල තුලිත කල යුතුය. යමෙකු මේ හැගීම්වලින් අන්තගාමී වන්නේද ඔහු ඒ් තුලම ගිලි පවතිනු අැත්තා සේම ලෙඩ රෝගද බහුලය.
+ හ්ම්
- සිතන්න නිතරම දුකින් සිටිනා පුද්ගලයෙකුගේ හදවත ක්රියාකිරී වීම අඩුය, මානසික අාතතයි හො ්නිතරම කල්පනා කරමින් ගැටලු වලම සිටින්නෙකුගේ උදරයතුල වායු නිපද වේ ඒ් භය නැමැති හැගීම වැඩිවීමෙන් අැති වකුගඩු ක්රියාකාරීත්වය අඩු වීම නිසාවෙනි. ඒවිට අාහාර දිරවීම නිසි අාකාරයෙන් සිදු නොවේ, ඊර්ෂ්යාව හෝ බලාපොරෝත්තු බිද කණස්සල්ලෙන් නිතරම ක්රියා කරන්නෙකුගේ අක්මාවේ ක්රියාකාරීත්වය අවම වේ .. මේ සියල්ලෙන් බිදි යන්නේ අාහාර දිරවීම හා ලේ ගමනා ගමනයයි. ඉදින් මොළය රෝගාතුර වීම අාරම්භ වේ ඉන් පසු අප අරමුණු අැතුලට ගන්නා වූ පංචේන්දුයන් දුර්වල වන්නට පටන් ගනී, ඒයින් පසු සිත හා මනසද දුර්වල වීම නැවතිය නොහැක..
+ ඒසේනම් ඔබ පවසන අයුරින් තුලිත කර ගත යුත්තේ අප හැගීම් නෙවේද ?
- ඉතින් රජුනි අප ගෞතම බුදු දහමේ ඉගන් වීමත් ඒයම නොවේද ??
සම බර කල යුතුය, හැගීම යටපත් කල යුතුය ඒවිට සියළු අවයව නිසිඅයුරින් ක්රියාත්මක වීම අාරම්භ වේ.. ක්රමයෙන් පංචේන්ද්රයත් සිතත් මනසත් ක්රමානුකූල වේ , ක්රණ්ඩලීනි ශක්තිය ද ඉන් පසු තවත් පාලනය කිරීමෙන් නිර්වාණයත් ලබා ගත හැක.
+ පැහැදිලි අභය, ඒ් නිසාවෙන් විය යුතුයි අත්ථකිලමතානුවත් කාම සුඛල්ලිකානුවත් අතැර මධ්යම ප්රතිපදාව අනු දැක අැත්තේ
- ඒෙස්ය රජුනි , මධ්යම ප්රතිපදාව යනු තුලිත කිරීමය. නැතනම් හරි මැද සිට ගැනීමයි...
+ අභය හැගීම් පිලිබදව ඒසේනම් , සිතුවිලි යනු මොනවාද ඒ්වා උපදිනුයේ කොහිද ?
- රජුනි ඒ් මනස හා සිත සම්බන්ධය, අවයව අප සිරුර තුල අැත්තා සේම සිත , මනස අප හිසට මදක් ඉහලින් තිබෙනු අැති.
+ ඒ්ද පිලිගත නොහැකියි..
- ඒසේය රජුනි ධ්යානය හා අධ්යනයේ අැති වෙනස මෙයයි ඔබ වහන්සේට ධ්යානය තුලින්ම මේ අවබෝධ කර ගත හැකි වනු අැත.
+ හ්ම්
- අපට සිතුවිලි පැමිනෙනුයේ කොහි සිටද ඒ්වා යේ අාරම්භය කොතැනකදැයි අපට මතකයක් නැත. මෙසෙ ්සිතන්න ඔබ වහන්සේ යම් කිසි දෙයක් ගැන සිතිමට පටන් ගන්නේ ඒ් ගැන අල්ප මාත්ර සිතුවිල්ලක් හෝ සිත තුලට කා වැදුන පසුය, මා කතා කරනුයේ ඒ් අල්ප මාත්ර සිතුවිල්ල ගැනය. ඒ් අා තැනක් හෝ ඒන ගැන ඔබ වහන්සේට කිව හැකිද ?
+ නැත ..
- රජුනි , ඒයයි වෙනස, මනුෂ්ය සිරුර තුල සිතුවිලි ගබඩා කොට අැති මල්ලක් හෝ අවයවයක් නැත. ඒ්වා අැති වෙනවා සේම නැති වී යති. යම් යම සිතුවිලි කුමන සිතුවිලි ද වත් අපට අවබෝධ වීමටත් ප්රථම ඒ් අමතකව ගොස්ය.
+ හහ් හහ් හ්හ ඒය නම් සත්යකි. නැවත කොතරම් සිතුවත් ඒ් සිතුවිල්ල නොඒ්.
- ඒසේය ඒ් සිතුවිලි පැමිනෙන්නේ මේ විශ්වය තුලින් ය. ඒය අප සිරුර තුලම වුවානම් අප වෙෙද්යවරුන් මේ වන විටත් ඔසු මගින් සිතුවිලි බලෙන් හෝ උපද්දවා නිර්මාණ සිදු කරනු අැති.. ඒවැනි යන්ත්රයක් සාදා ගතහොත් සාහිත්යමය නිර්මාණ පමණක් නොව සෑම අංශයකම නිර්මාණ ශීලීත්වය මීටත් වඩා දෙගුණ තෙගුන වනු අැත. ඒහෙත් ඒය ඒසේ නොවේ..
+ ඒසේනම් අභය අපට අවශ්ය වන්නේ කුමක්ද ඒ් ගැන ඔසු මගින් සිතුවිලිල්ක් පහල කරවා නව නිර්මාණ අවැසි තරම් බිහි කල හැකියි.. ඒසෙ නෙෙව්ද ?
- ඒසේය. ඒහෙත් ඒ් අයිති වන්නේ සිරුරින් බැහැර දෙයකටයි රජුනි. අප හට මේ විශ්වය තුල සිට පැමිනෙන සිතුවිලි ග්රහණය කරගන්නා ග්රාහකයක් හිසට ඉහලින් පිහිටා අැත.
+ නොපෙනේ ?
- ඒය අදෘශ්යමානය, ඒයින් ග්රහණය කරගන්නා සිතුවිලි අප හිස තුල අැති මොලය නම් ඒෙන්ද්රියට ලබා දෙයි. ඒහි තුල අැති ගබඩා කර ගැනීමේ කුටීරය හා විශ්ලේෂය කරන්නාවු කුටීරය මගින් ලැබුනා වූ සිතුවිල්ල වර්ධනයට හෝ මර්ධනයට පෙළැබේ. නැතහොත් අප මතක ගබඩාවට ඒය ගෙනගොස් හාරා අවුස්සා අඩු වැඩි සකසා නව නිර්මාණයක් ලෙසින් අපට ලබා දෙයි. නැතිම් ඒෙන්ද්රියන් මගින් නිපද වන හැගීම් හා මුසු කර දමයි.
+ ඒසේනම් අභය මේ සියළු සිතුවිල නව නිර්මාණ නව සිතුවිලි වර්ධනයට කුමක් කල යුතුද ?
- රජුනි ඒකක් කියා නොමැති. විශ්වය තුල අනන්ත සිතුවිලි විසිර පවති. අලුත් සිතුවිල්ලක් යනු අනාගත ලෙස මා දකිමි.
ඒනම් ඒ්ය යමෙකු අනාගතයෙන් සොරා ගන්නා ලද දෙයකි. මක් නිසාද නිර්මාණකරුවා ඒ් ඉදිරිපත් කල පසු ඒතැන් පටන් ඉදිරිය නිර්මාණය වන්නේ ඒ් නව නිර්මාණය මත වීමය.
රජුනි සරලවම ඔබ අැතැති මුදුව ගැන සිතන්න, ඒ් සිදු කල රන් කරුවා හට මේ මෝස්තරය ගැන සිතුවිල්ල පැමිනියේ කොහෙන්ද ?
+ විශ්වයෙන්ද ?
- ඒසේයි, ඔහු හට මුල්ම සිතුවිල්ල පැමිනෙනුයේ අනාගතයෙනි. ඔහු මේ නිර්මාණ සිදුකල කාලය වර්තමානය ලෙස සිතන්න. සිදු කිරීමට පෙර අතීතය ලෙස ගනින්. ඒසේනම් මේ දැන් ඔබ වහන්සේ පැලද සිටින කාලය ඒ් හා බැලු කල අනාගතය නෙෙව්ද ??? 
+ පැහැදිලියි සක් සුදට ! ඒසේනම් රන් කරුවා මා මෙය පැළද සිටිනු අනාගතයෙන් ලද පනිවඩයකින් මේ නිර්මාණය කලා.. ෂාහ්....
- මා රජුනි , සෑම මනුශ්යකුටම පෙර කියු ග්රාහකයක් පිහිටයි නමුත් ඒක් ඒක් සිරුර තුල පවත්නා මා පෙර කි හැගීම් හා ශරීර ශක්තීන් හා ශරීර ප්රමාණ, කුණ්ඩලිනී ශක්තීන් , අාහාරපාන අාදිය නිසා වෙන් සිතුවිලි ග්රහනය කර ගැනීමේ විවිධ මට්ටම් පවතී. ඒ් නිසාවෙන්මයි ඒක් ඒක් මනුශ්යයන් ඒක් ඒක් පැති හරහා ඉදිරියට පසුපසටත් ගමන් කරනුයේ.
+ ඉතින් කල යුත්තේ කුමක්ද ?
- කල යුත්තේ සිරුර නිරෝගි කිරීමයි, සිත සුවපත් කිරීමයි.. මිනිසුන් වඩ වඩාත් ධ්යානය කෙරෙහි යොමු කිරීමයි...
+ හ්ම්
- මා පෙර පැවසුවාක් මේ බුදු දහමේ ඉගැන්වෙන්නේද මෙය මයි, සිතන්න රජුනි ගතත් සිතත් නිරෝගි මිනිසුන් වෙසෙන්නා වු රාජ්යයක කොතරම් නම් නව සිතුවිලි නව නිර්මාණ පහල වේද කියා..
+ ඒසේය ඒ් සියල්ලම යහපත් දෑ විය යුතුමය..!
- රජුනි සමබර තාව රැකිය යුතුය... නිරෝගී වීම යනු සමබර තාවයෙන් සිටීම මය ..!
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

==== දසිස් 42 =====



( හතලිස් ඒක් වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ වටිනා සලකුනක්
- ඒම සංකල්පය හින්දුන්තුලත් තිබෙනවා රජුනි. ඔවුන් ඒය නීල වර්ණයත් ලෝහිත හෝ මාංජෂ්ට වර්ණ වල මුසුවකින් පෙන්වනවා..
+ ඒසේ බලනා කල අපි සියල්ලම අදහන්නේත් විශ්වාස කරන්නෙත් ඒකම දෙයක් විය හැකිය..
- ඒසේය ඒය ස්වාභාව ධර්මයයි.ස්වාභාව ධර්මයේ ශක්තියයි, ස්වාභාවධර්මයේ නීතියයි. ඉන් පිටත දෙයක් නැත.
රාවණා ශක්තියයි ඒයමයි..
—————————————– අද එතැන් සිට
+ ඒසේයි අභය ඒසේයි.. නිසැකයෙන්ම
- ඒසේයි රජුනි, මේ රාජ්යේ වැසියන් "චී " ශක්තිය අප කුණ්ඩලිනිය සෘධිබලය විශ්වාස කරන්නාක් සේම ඒය අවධි කර ගැනීමට වෙහෙසෙනවා. ඒසේම ඒය මේ යින්ග් සහ යෑන්ක් නම් සලකුණ අශ්රිතව සිදු කෙරෙනවා.
චී නම් අභ්යන්තර ශක්තිය අවධි කර ගැනීම යින් යැන්ග් හි ප්රතිඵලයක් ලෙසත් ඔවුන් දකිනවා.
+ හ්ම්..
- ඒ් සදහා ඔවුන් ප්රධාන වශයෙන් ක්රම කිහිපයක් ප්රයෝජනයට ගන්නවා. වඩාත්ම ප්රචලිත ක්රමයක් වනුයේ ඉදිකටු තුඩටත් වඩා සිහින් අප හිසකේ ගස් වැනි කූරු රත් කර ඒ් මිනිස් සිරුරේ නිල හා චක්ර පද්ධති වලට අැතුලු කර ඒ්වා නිදහස් කිරීම , හිර කිරීම, මාර්ගය වෙනස් කිරීම, අවහිර කිරීම, මද වේලාවක නවතා ලීම යන ක්රමය..
+ ඒ් කෙසේද ?
- අප චක්ර පද්ධති වලට බාහිරින් සිදු කරන බලපෑම් නිසා ඒ් වෙනස් කල හැකියි. යම් කෙනෙකු ගේ චක්ර අවධියට ඒ් පුද්ගලයාගේ සිරුරේ පවතින අැතැම් අක්රමවත් ශක්තිය ගලා යෑම් ගැටලුවක් විය හැකියි ඒ් නිසා මේ ක්රමයෙන් ඔවුන් ඒ් නිසි පරිදි ක්රියාකරවීමට සලස්වනවා.. ඒය බොහෝ දුරට අපගේ අංගම් සටන් කලාවේ නිල ස්පර්ශය හා සමානයි.. අප විසින් කරනු ලබනුයේ පිටතින් ඒ්ඒ් නිල පද්ධති තෙරපීමයි, ඔවුන් ඒ් වෙනුවට ඉදිකටු වැනි තුනි ලෝහ කූරු සිරුරට අැතුලු කරනවා.
+ අහා..... ඒයද අප දේශයට කැදවිය යුතුයි. ඉතා වටිනා ක්රමයක් යැයි සිතේ.
- ඒසේයරජුනි ඒය භාවිත වනුයේ චී ශක්තිය අවධි කරීමට පමණක් නොවේ
+ ඒසේනම්
- ඒය වෙද ක්රමයකි. සිරුරේ පවතින ලෙඩ රෝග අක්රිමික තා කල් පවත්නා දෝෂ දුරු කරන්නා වූ අගනා වෙද කමකි. ඒ් බොහෝ දුරට අප නිල වෙද කම වැනිය.
+ ඒසේ නම් ඒ් ගෙනා යුතුමය අභය..
- ඒක්තරා අයුරකින් බලනා කල රජුනි සිරුරක් රෝගාතුර වීමත් මේ කටු ක්රමයෙන් ඒ් සුව කිරීමත් " චී " ශක්තිය වර්ධනයත් ඒකක් යැයි සිතමි. මක් නිසාද අප සිරුර රෝගාතුර වනුයේ " චී " ශක්තියේ වරින් වර දුර්වල වු විට බව ඔවුන්ගේ විශ්වාසයයි ඒ් හැරත් චී ශක්තිය පතන්නෙකුට තම සිරුර ත් මනසත් නිරෝගීව තබා ගත යුතුමය
+ ඒ්ත් කුණ්ඩලීනි භාවනාවට සමානයි ඒසේ නම්..
- ඒසේය චිත්ත ශක්තියත් කායික ශක්තියත් ඒක් තැන් විය යුතුමය.. නොඒසේනම් සිරුර සමතුලිත විය යුතුය නති නම් කුණ්ඩලීනිය , චී ශක්තිය අවධි කර ගත නොහැක. මක්තිනසාද ඒ් හා ශක්තියක් දැරීමට නම් චිත්තයත් කයත් නිසි ලෙස පැවතිය යුතුය
+ අභය.. ඒ් නිසාවෙන්මද අප ගෞතම බුදු රජාණන් වහන්සේ දුෂ්කරක්රියාව අතහැර මධ්යම ප්රතිපදාවට ඒලැඹීයේ...
- ඒය ඒසේ විය හැක රජුනි. දුරවල සිරුරකට ශක්තිමත් මනසක් පවත් වාගැනීම අපහසුය.. ඒ් නිසා ඒ් දෙකම සමතුලිත කල යතුමය..
+ පුදුමයි අභය මේ ඒකි නෙක පිලිවෙලට ගැලපෙන අපූරුව..
- මා රජුනි , මනු සිරුර සෑදී අැත්තේ මූල ධාතු පහකින් බව මකර අධිරාජ්යයෝ විශ්වාස කරති .
ගින්දර හෙවත් උනුසුම, පොලව හෙවත් පස , වායුව හෙවත් සුළග සීතල , ජලය හෙවත් දියර , ලෝහ ඒ්වා නම් වේ
+ ඔහ් හෝ අභය.. පඨවි , අපෝ , තේජෝ, වායෝ යනු සතර මහා ධාතූන් ද ඒ්වා නෙවේද ?
- හහ් හහ් හහ් හ්හ ඒසේය රජුනි ඒපමණක් නොව අප පංච මහා භුතයන් ගැන අසා නැතිද
+ ඔහ් මට ඒ් අමතක වුනි... අසාඅැත්තෙමි
- වායෝ හෙවත් වාතය ,
ආකාශ හෙවත් හිස් අවකාශය ,
තේජෝ හෙවත් ගින්දර
පඨවි හෙවත් පොළොව
ආපෝ හෙවත් ජලය
.........සහජයෙන් , උත්පත්තියෙන් ලබාගත් ශක්තිය පුද්ගල ප්රකෘතිය ලෙස හැඳින්වේ .


" පිත්ත ඵංගු කඵඃ ඵංගු
පංගුවො මල ධාතු වඃ
වායුනා යත්රනීයන්තී
තත්ර ගච්ඡන්ති මේඝවන්"
------------------( ස්ලෝකය අන්තර්ජාලයෙනි )
" ශරීරයේ පවත්නා පිත, සෙම, මල කොටස් සහ ධාතු යන මේවා කොරුන් වැනිය. අහසේ පවත්නා වැහි වළාකුළු වාතය විසින් මෙහෙය වන්නේ යම් සේ ද ශරීරයේ පවත්නා වා, පිත් , සෙම්, මල සහ ධාතු මෙහෙය වන්නේ ද ශරීරයේ පවත්නා වාතයයි."

==== දසිස් 41 =====



( හතලිස්වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඒ් කිමද අභය..
- රජුනි මා අවසානයට මේ කුන්ඩලිනිය විස්තර කෙල්නම් මේ මුලු කතාන්තරය තුලම තිබෙන්නා වූ ශක්තීන් නුඹ වහන්සේට ඒකිනෙක පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකි වෙනවා... ඒ් හැරත් ඒය අත් හදා බැලීමෙන් අත් විදීමෙන්ම අවබෝධයක් අැති වෙනවා.. " රජුනි , "දැනුම නොව අවබෝධය ම යි වැදගත් "
+ ඒය නම් සැබැවක්මයි ථේරපුත්තාභයනි..
" සිය වරක් අැසීමට වඩා ඒක් වරක් දැකීම සැපයි " ....
—————————————– අද එතැන් සිට
- කුණ්ඩලිනි ශක්තිය මේ යැයි පවසා අවසන් කල නොහැක්කක්.
+ හ්ම්
- මේ විවිධ රාජය්යන් තුල විවිධ ජාතින් තුල විවිධාකරයෙන් හදුන්වනවා දේම පැතිරී පවතිනවා. මකර අධිරාජ්ය තුල මෙය " චී " නම් ශක්තිය ලෙසින් හැදින්වෙනවා. ෂාඔ්ලින් නම් බෞද්ධ විහාරය පිළිබදව අසා අැති.
+ ඒසේයි. ඒහි බෞද්ධ භික්ෂුන් සටන්කාමීන් බව ත් අසා අැත්තෙමි
- සටන් කාමීන් නොව රජුනි සටන් කාමීන් ලෙසින් හදුන් වන්නේ නම් ඔවුහු සටනට ගිජු වූ වන් විය යුතුයි. ඒහෙත් ෂාඔලින් විහාර හිමියන් රණ ශුරයින්.
+ ඒ් අැයි..
- ඒ් ද ඉතා දීර්ඝ කතාන්තරයක්. මා කෙටියෙන් පවසන්නම්. ඒය සැබැවින්ම සුන්දර විහාරස්ථානයක් කදුගැටයක පිහිටා තිබෙන. ඒ්වගේම ඒහි විසු භක්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ අාහාර සදහාත් සියලුම දැ වගා කලා. ඔවුන් අවට ගම්මාන වලට පිඩු පිනිස වැඩම කලෙ කලාතුරකින්. මුලු කාලයම භාවනා කිරීමත් බුදු දහම උගෙන ගැනීමත් මෙනෙහි කිරීමත් කලා. ඒ් නිසාම ධ්යාන ලාභින් බොහොමයක් ඒහි වාසය කරනවා. ඒ නමුත් කාලයාගේ අැවැමෙන් දැඩි දුර්භික්ෂ කාලයක් ඒලැඹුනා. ඒනමුත් ගබඩාකර ගත් බව බෝග නිසා මේ විහාරයට කිසිදු අඩුපාඩුවක් වුයේ නැහැ. නමුත් ගම්මාන වල සොර සතුරන් නිතර නිතර මේ විහාරය කඩා බිද දමන්නටත් භික්ෂුන්ට හිරිහැර කරන්නටත් පටන් ගත්තා. අැතුම් අවස්තාවල විහායට ගිනි තැබුවා.
+ අහෝ
- ඒ් අවස්තාවන් වල දී පලා ගොස් සැගවුනු භික්ෂුන් තමන්ගෙ ්අාත්මාරක්ෂාව උදෙසා ඒම විහාරය තුලදීම සටන් ක්රම පුහුණු වුනා. ඒ් හුදෙක් අාත්මාරක්ෂාව සදහා පමණයි. ඒ් වගේම ඒ් සටන් ක්රම ෂාඔලින් විහාරයටම පමණක් අාවේනික ශෙෙලින් වුවා.
+ ඒසේද ?
- ඒයට හේතුව නම් ඔවුන් තම සටන් ක්රම සදහා යොදාගත්තේ සතත්ව ලෝකයේ විවිධ සතත්වයන්ගේ සෙලවීම් - පහරදීම - අාරක්ෂා වීම - හුරු පුරුදු අනුකරණයයි. ඒහිදි ඔවුන් මකරා ප්රධාන තැනහි තැබුවා.. ඒ් සත්තවයන් කිහිපදෙනෙකුගේම ඒකතුවක් ලෙසින් සලකන අදටත් ඒ් අධිරාජ්යයේ සලකුන වන මහා බල සම්පන්න සතත්වයෙකු නිසා.
නාගයා, කොටියා, වලසා,වදුරා, අාදීන් ද කොකා, උකුස්සා අාදී පක්ෂීන් ද පමණක්ව නොව වන්දා අාදී කුඩා සතුන්ගේද අනුකරණ ඔවුන් උපෙයා්ගී කර ගත්තා. මකර - කොටි - කොක් - වදුරු - නාග යන සතත්ව ඉරියවු අැසුරින් නිර්මාණය වුන අාත්මාරක්ෂක සටන් ශෙෙලීන් පහට අදටත් මුල් තැන ලැබෙනවා.
+ හරි පුදුමයි අබය ඒතැනත් සතත්වයන්..
- හහ් හහ් හහ් හහ්.... මාගේ රජුනි .. ඔබවහන්සේට පැහැදිලිද මෙහි අැති සම්බන්ධය..
+ ඒසේයි... ඔබ පවසනායුරින්ම අප දස මහා යෝධයන් වෙනත් සතත්ව ලෝක හා ඒක්ව ඒ් හා මුසුව ඒ්වායේ ශක්තීන් හා ගනු දෙනු කරනවාක් මෙන්ම , මේ ෂා ඔලින් අාරාමයේ භික්ෂුන් වහන්සේලාද ධ්යාන ලාභිව සතත්ව ලෝක හා සම්බන්ධව ඔවුන්ගේ හා කෙරෙන ගනුදෙනමගින් මේ සටන් ශෙෙලීන් නිර්මාණය කලා යැයි මට සිතේ
- සැබෑවකි රජුනි.. සැබැවකි.. සිහියේ තබා ගනු මැනව. මේ සතත්ව ලෝක රකිනුයේ " බුදු දහමයි " ඒ් ඔවුන් ඊට ගරු කරනා නිසාවෙනි , ඔවුහු අනුගාමිකයෝය, සැදැහැවත්හුය, පැහැදුනෝය. ඉදින් ඒ් ෂා ඔලින් අාරාමයේ ධ්යානලාභි සිල්වත් හිමිවරුන්ට හිංසා පීඩා පැමිනෙත්දී ඒ් ඒ් සතත්ව ලෝක වල පිරිස් ඔවුනට උදවු කලා විය යුතුමය.
+ අපටත් ලැබී තියෙන්නේ ඒයමයි.. ඒසේ නේද ?
- ස්වාභාව ධරමයා සියල්ලන්ටම සලකනුයේ ඒකම සාළුවකිනි රජුනි.
+ ස්තුති වේවා
- ෂාඔලින් අාරාමයේ හිමිවරුන් මේ සටන් ක්රම උගත්තා පමණක් නොව ඒ් "චී " ශක්තිය සමගද මුසු කල භාවිතා කලා. චී ශක්තිය නම් විශ්වයේ ශක්තියයි. නොඒසේනම් සිරුරේ අභ්යන්තරයේ අැති සැගවුන ශක්තිය ඒලියට ගැනීමයි..
+ ඒ් ඒනම් කුණ්ඩලිනියමයි..
- ඒසේමයි.. චී ශක්තිය අවධිකරගත්පසු සටන් කරන්නාගේ සිරුර කඩුතුඩකින් හෝ හී තුඩකින් වත් සිදුරු කල නොහැකියි. ඒතරම් ඒය ශක්ති සම්පන්න ය. රජුනි මේ ලොව හොද හා නරක ලෙසින් ශක්තීන් දෙකක් අැත බව මා පෙරත් පැවසුවා. ඒමෙන්ම හොද සමගම නරකත් උපදින බවත් විස්තර කලා.
+ ඒසේයි.
- බොහෝ ජාතින් අතර මෙන්ම මේ මකර අධිරා්යයේද මෙය පැහැදිලි කරන සලකුනක් තිබෙනවා. ඒ් ඔවුන් ඉතා ඉහලින් පිලිගනු ලබන්නක්. ඔවුන් ඒය යින්ග් සහ යෑන්ග් ලෙසින් හදුන්වනවා..
+ යින්ග් යැන්ග් ?
- ඒසේයි.. ඒය රවුමක්.. ඒහෙත් ඒය දෙකට බෙදී තිබෙනවා සුදු සහා කලු වර්ණයෙන් ඒ්ත් ඒ් සෘ්ජු තිරස් රේඛාවකින් නෙවේ යම් ලාලිතයකින් යුතු වක්ර රේඛාවකින්. ඒමෙන්ම ඒහි සුදු වර්ණය අැති කොටසේ කලු වර්ණිත කුඩා වෘතයක්ද කලු වර්නය අැති කොටසේ සුදු වර්නිත තවත් කුඩා වෘතයක්ද සලකුනු කර තිබෙනවා..
+ ඒ් සමබර තාවය පෙන්වීමටද අභය..
- ඔබ නිවාරදියි රජුනි.. සුදු පැහැයෙන් පිරිසිදු , හොද , ගුණාත්මක අගයන් පෙන්වන අතර කලු පැහැයෙන් අපිරිසිදු, නපුරු, නුගුණ නරක අගයන් විදහා දක්වනවා. ඒහෙත් පෙර කී කුඩා වෘත්ත දෙක වර්ණ පෙරලා සලකුනු කිරීමෙන් ඔ්නෑම හොදක , ගුණක වුවත් නරකක් නුගුනත් යම් ප්රමාණයක් තිබිය හැකි බවත් ඔනෑම නරක නුගුනු නපුරු දෙයක වුවත් හොද ගුණාත්මක අගයක් වුවත් තිබිය හැකි බවත් පෙන්වනවා..
ඒයින් ලොව තුලිත වනවා..
+ වටිනා සලකුනක්
- ඒම සංකල්පය හින්දුන්තුලත් තිබෙනවා රජුනි. ඔවුන් ඒය නීල වර්ණයත් ලෝහිත හෝ මාංජෂ්ට වර්ණ වල මුසුවකින් පෙන්වනවා..
+ ඒසේ බලනා කල අපි සියල්ලම අදහන්නේත් විශ්වාස කරන්නෙත් ඒකම දෙයක් විය හැකිය..
- ඒසේය ඒය ස්වාභාව ධර්මයයි.ස්වාභාව ධර්මයේ ශක්තියයි, ස්වාභාවධර්මයේ නීතියයි. ඉන් පිටත දෙයක් නැත.
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --