Saturday, February 9, 2019

==== දසිස් 37 =====



( තිස් හයවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
උතුරු වඩුන්නාවේ ගොවියෙක් සිය හරකුන් සෙවීමට වනයට යද්දී හමුවූ භික්ෂුව ඉදිරියේ පන්සිල් සමාදන් විය. මහ වනයේදී ඔහු පිඹුරෙකු වෙළාගති . ඔහුගේ අතේ මන්නයක් විය ඉන් ගසා පිඹුරා මැරීමට සිත් වූ නමුත් පන්සිල් බිදීමට අකමැත්තෙන් එසේ නොකළේය . තෙවැනි වරටද එම සිතුවිල්ල එද්දී දිවිහිමියෙන් පන්සිල් රකිමියි සිතා මන්නය ඈතට විසි කළේය. මෙවිට පිඹුරාට දැණුනේ තමා ගිණිගෙන දැවෙන ගසක් වෙළාගෙන සිටින සෙයකි. පිඹුරා වහා පළා ගියේය. මෙය සීල බලය දක්වන කතාවක් වුවත් සමාධි විප්ඵාරිත සෘධ්ධියකි. තමා රකින ශීලය අරක්ශා කර්මියි සිතන විට ප්රීතිය හටගනී. ස්තිර වූ ශීලය සමාධියට මහෝපකාරි වන්නකි. ගොවියා නොදැනම පළ කළේ සෘද්ධි ප්රාතිහාර්යයකි.
+ හොදයි සයවෙනුව ?
—————————————– අද එතැන් සිට
- සය වැන්න අරියිද්ධි නම් වෙයි.
ආර්යයන් වහන්සේලා වෙතින් පානු ලබන සෘද්ධීන් මේවාය. උන් වහන්සේලා සතරවන ධ්යානයෙන් තොරව සිටින විටද මේවා පළ වේ . පෘථග්ජනයන්ට ලෝභය ඇතිවන දේ ගැන උන් වහන්සේලා මදහත් වේ. රහතන් වහන්සේ නමක් අබියස කොතරම් සුන්දර ස්ත්රීන් කාය සන්සර්ගය අපේක්ශාවෙන් කුමන ආකාරයකින් සිටියද උන් වහන්සේට ඒ ගැන චින්තා මාත්රයක් වත් පහල නොවේ. අනාගාමි උතුමෙකුට කොතරම් නින්දා අපහාස කළද ද්වේෂ මාත්රයක්වත් ඇති නොවේ. මෙවැනි අද්භූත දෑ ආර්ය සෘද්ධි නම් වේ . නිරෝධ සමාපත්තියේ සිටින රහතන් වහන්සේගේ ශරීරයට කිසිදු ආකාරයකින් හානියක් සිදු නොවේ.
+ අභය .. අභය...
- රජුනි !
+ සෘධි පෑම යනු මේ අයුරින් බලනා කල ඒදිනෙදා අප සිදු කරන දේද.
- රජුනි ඒදිනෙදා සිදු කරන්නාවුදේම වඩා විෂ්මයාර්ථයකින් සිදු වීම සෘධියයි. ඒ් හැරත් මේ සෘද්ධි සියල්ලම බැදී පවතින්නේ අප සිත සම්බන්ධවයි. ඒ් නිසාවෙනුයි භාවනාවෙන් පමණක් මේ සෘද්ධි පහල කර ගත හැකි වනුයේ. කය වෙහෙසවා ලැබෙන සෘද්ධි යක් නැත.
+ හොදමයි සත්වැන්න
- සත්වැන්න කම්ම විපාකජ ඉද්ධි නම් වේ.
පක්ෂීන්ට පියෑඹිය හැක. මසුන්ට පිහිනිය හැක . නමුත් එය මිනිසාට නොහැක. මිනිසා සතු ඇතැම් හැකියා ඔවුන්ට නැත. ඒ අයුරින් විවිධ හැකියා ඇති වන්නේ කර්මානුරූපවය. පක්ෂීන්ගේ කාර්යේන්ද්රිය පියාපත් බවට පත් වේ මිනිසාගේ ඒවා අත් වේ.අත් වලින් වාතය ඝටා තල්ලු කළ නොහැක නමුත් පියාපත් වලින් හැක. පක්ෂි ශරීරය සැහැල්ලුය. මේ නොදත් අයට පක්ෂියා පළ කරන්නේද ප්රාතිහාර්යයකි. දෙවියන්ද එසේය . දෙවියන් අතරද විවිධ වර්ග සිටී . කර්මානුරූපව ඔවුන්ට මිනිසුන්ට නොහැකි වූ බොහෝ දේ කළ හැකිය. සිත් කියවීම , අහසින් යාම අදිය කළ හැකි බොහෝ අමනුෂ්යයො වෙති.


අටැන්න පුඤ්ඤිද්ධි නම් ය
පුණ්ය සෘද්ධීන් යනු පින් බලයෙන් කළ හැකි ප්රාතිහාර්ය වේ. සක්විති රජුට වෙනත් මිනිසුන්ට කළ නොහැකි ප්රාතිහාර්ය පෑ හැකිය. සක්දෙව් රජුටද දෙවියන්ට නොහැකි ප්රාතිහාර්ය පෑව හැකිය. සීවලී මහරහතන් වහන්සේගේ පිනේ ආනුභාවයෙන් උන් වහන්සේ සමග පිඩුසිගා යන අන් අයටද නොයෙක් සූප ව්යන්ජනයන් ලැබේ. බෝධිසත්වයන්ගේ දානාදි පාරමිතා බලයෙන් භික්ෂූන් වහන්සේලාට නොයෙකුත් ප්රණීත ආහාර වර්ග අදත් ලැබේ.


නමවැන්න විජ්ජාමය ඉද්ධි නම් වේ
විද්යාවෙන් හා දැනුම උපයෝගි කරගෙන කරන ප්රාතිහාර්යයන් වේ. නූතනයේ විද්යාවෙන් ඉතා කුඩා දේ ලොකු කර බැලිය හැක. දුර ඇතිදේ ළන් කර බැලිය හැක. ජනපද සුණු විසුණු කළ හැක.ග්රහයන් කරා යා හැකිය. භයානක රෝග සුව කළ හැක. මේ කිසිවක් ධ්යානාදි මාර්ග වලින් ලත් බලයන් නොව දැනුමේ බලයයි. අතීතයේ මේ විජ්ජාමය ඉද්ධි ඉතා බලවත් විය ඒලෙසින්ම මනු ලොව යුගයෙන් යුගයට මේ ඉද්ධි ක්රමය වෙනස් වේ. නොයෙක් දැනුම් වලින් බොහෝ ප්රාතිහාර්යයන් කළ හැකි අය විසූහ.


දසවැන්න සම්මප්පයොග පච්චයා ඉද්ධි යයි
යහපත් ප්රයෝග භාවිතයෙන් ප්රාතිහාර්ය පෑව හැකිය. අර්හත්වය සාක්ෂාත් කිරීම මෙවැනි ප්රාතිහාර්යයකි. මිනිසුන්ට නොදැනෙන ප්රයෝග වලින්ද ප්රාතිහාර්ය පෑව හැකිය , ඉන්ද්රජාල ඇස්බන්දුම් ඒවාය.
(සෘධි ප්රාතිහාර්යය පිළිබද දත්ත උපුටනය දිටඨි විසුද්ධි බ්ලොගයෙනි )
+ ඒසේනම් අභය අරහත් වීමත් පෙලහර පැමක්...
- පූරණයෙන්ම රජුනි. මේසේ මා මේ විස්තර කරා වු සෘද්ධි බල දහය ගෙන නැවත බලන්න. අැතැම් දෑ ඉතා සරලව පෙනුනත් ඒ් සරල සේ පෙනෙනා තරමටම ගැඹුරුයි.
සතරවන ධ්යානයේදි සමාහිත වූ සිත ප්රාතිහාර්ය පෑමේ හැකියාවෙන් යුතුවේ. තමාට ඕනෑ අන්දමට පෙළහර පෑමට හැක්කේ සිව්වන දැහැනේදී පමණි. සතරවන ධ්යානය ලද පමණින්ද පෙළහර පෑ නොහැකිය. සිත වශීකෘත කිරීමෙන්ම සිතෙන් වැඩගත හැකිවේ.
+ ඒය ඒසේද ?
- ඒසේය. මේ සෘද්ධී පෑම් නිවන් මගට උපකාර නොවන නිසාවෙනුත් සෘධි බල ලදුවත් ඒ් උපයෝගී කොට ගෙන දහම වෙත නැඹුරු කර ගැනීමත් බුදු දහමට අනුව නොකල යුතු දෑය.
+ හ්ම් වශී කිරීම් අැස් බැන්දුම් ඉන්ද්රජාල සියල්ල තාවකාලකයැයි සිතමි. යම් කිසිවෙක් අවබෝධයෙන් මේ ගෝතම දහම වෙත හැරෙන්නේද නැඹුරු වන්නේද හෙතෙම ඒය දිවි හිමියෙන් රකින්නේය පිළිපදින්නේය නිවන් මාර්ගයට පිවිසෙන්නේය. ඒසේ නේද අභය.
- ඒසේය මා රජුනි..
+ මේ යුද්ධය දිනීමෙන් පසු මෙ ලක තුල මා වෙහෙර විහාර සිය දහස් ගනනින් ඉදි කරවන්නෙමි. සංඝයා වහන්සේලාට අැප උපස්ථාන කරන්නෙමි. අහස් කුස සිඹින රන්වනින් බබලන මහා සෑ , බුද්ධ මන්දිර ඉදි කරන්නෙමි.
- ගැමුණු රජුනි,
මිනිසුන් ධර්මය කෙරෙහි නැඹුරු කිරීමට අවශ්ය සුපැහැදිලි ධර්ම දේශනා මිස අහස් කුස සිඹින රන්වන් මාලිගාවන් වැනි ඉදිකිරීම් නොවේ. ඔබ වහන්සේ කල යුත්ත පමණක් සිදු කරන්න
+ කල යුත්ත පමණක්..
- ඒසේය මෙවේලෙහි අවැසි වන්නේ යුද්ධය දිනිමය වැසියන්ගේ සිත් යුධ බියෙන් මුදා ලීමය..
+ ඒසේනම් බුදු දහම..
- රජුනි යුධයෙන් පසු රට වැසියා තනන්න, ඔවුනට අවශ්ය ධාන්ය බෝග වගා කිරීමට , වෙළහෙලදාම් කිරීමට ඔවුනගේ කර්මානතයන්ගේ නියැලීමට ඉඩ සලසාදෙන්න ඒ් ඒ් කරුනු සදහා රාජ්ය අනුග්රහය දෙන්න. යුද්ධයෙන් පසු බිද වැටී අැති ස්ථාන, අලාභානි වී අැති ස්ථාන ප්රතිසංස්කරණය කරන්න.
+ ඒහෙත් බුදු දහම ?
- රජුනි යුධ බිය සිතේ අැති වැසියන්ට ධර්මය ගැන සිතීමට නොහැක්කාක් මෙන්ම කුස ගින්නෙන් දැවෙන විටත් ධර්මයෙන් ඔවුනට පලක් නැත . ධර්මයට රාජ්ය අනුග්රහය ලැබිය යුත්තේ හුදෙක් ගොඩනැගිලි ඉදි කිරීමට පමණක් නොව වැසියන්ද නගාසිටුවීමටය. රජුනි අතක පයක වේදනා දෙන පැරුණු තුවාල අැති පුද්ගලයෙකු ගැන සිතන්න ඔහුට කොතරම් ධර්මය දේශනා කලද පලක් නැත පලමුව කල යුත්තේ ඔහුගේ තුවාලය සුව කිරීමයි..
+ ඒය නම් සැබෑවකි.
- ශරීරයේ තුවාලය අපට බැල්මකින් අදුනාගත හැකිවුවත් වැසියන්ගේ සිත් තුල වූ තුවල අදුනා ගත හැකි වන්නේ ඔබ වහන්සේ ප්රඥාවන්ත වූවොත් පමණි..
+ ඉදින් අභය බුදු දහම ඉන් රැකේද ?
- මා ගැමුනු රජුනි . යුද්ධයෙන් පසු මා කීවාක් මෙන් කර බලන්න. මිනිසුන්ගේ කුස පුරවන්න, බාහිර තුවාල වලට පිලියම් කරන්න..
+ ඒවිට
- ඒවිට ඔවුනට ධර්මය අවෙබා්ධය කරගැනීමට තරම් සැහැල්ලු පැහැදිලි මනසක් ලැබෙනු අැත. ඒතැන් පටන් ඔබ වහන්සේගේ මැදිහත් වීමකින් තොරවම ඔවුන් විහාරස්ථාන වෙත අැදෙනු අැත. ඔවුන් ඒ්වා ගොඩ නගනු අැත රකිනු අැත.. ප්රතිසංස්කරණය කරනු අැත.
+ නුඹට පින් අභය, පැහැදුනිමි..
- රජුනි මිනිසුන්ට ජීවත් වීමට නම් අාගමක් අවශ්ය ම නැත. අාගමක් අවශ්ය වන්නේ ඔවුන්ව යහමගට ගැනීමට ය.
ඒහෙත් අාගමක් ජීවත් කරවීමට නම් " අපට මිනිසුන් අවශ්ය මය "
-------------- කුරුළු --------
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )


දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk


- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 36 =====



( තිස් පස්වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ හොදමයි
- ඒහෙත් රජුනි මේ සෘධි ප්රාතිහාර්යය පෑ අවස්ථා ගැන සදහන් වනුයේ අප දහම තුල පමනක් නොව ඉන් පසු බිහිවූ යුදෙවුව්න්ගේ යේසුස් දහමේද, කුරාන දහමේද සදහන්ය.
+ ඒසේය..
- ඒහෙත් නැවත පවසමි ඒ් මවා පෑම් , ඉන්ද්රජාල කිසිවක් නිර්වාණයට හෝ පිරිසිදු දහමේ අවබෝධයට හේතු නොවේ.!
—————————————– අද එතැන් සිට
+ පැහැදිලියි අභය
- ඒසේනම් පලමුවැන්න,
අධිට්ඨානිද්ධි නම්ය
සිව්වන දැහැනට වේගයෙන් සමවැදීමටත් වේගයෙන් ඇහැරීමටත් ප්රගුණ කල යෝගියා සතර සෘධ්ධිපදයෙන් එක්තරා ඉද්ධිපාදයක් අරමුණු කළ කල්හි මෙය ප්රකට වේ. ඇතමෙක් නොපෙනී යනු කමති වේද ඡන්දය හේතුවෙන් අන් අයට නොපෙනේ . වායෝ කසිණාදි ධ්යාන ලැබූ යෝගියා තම ශරීරය වීර්යයෙන් යුතුව නොපෙනෙන්නා වූ වායෝ ධාතුව ප්රකට කරවා එය පවත්වා ගැනීමෙන් නොපෙනී යයි. තවෙකෙක් නොපෙනී යේවායි අධිෂ්ටාන කෙරේද ඒ හා සමග නොපෙනී යයි. ප්රාර්ථනා ඉෂ්ට කිරීමේ ආනුභාවයක් සතරවන ධ්යානයේ ඇත්තේය.
ඒ අනුව අහසින් යාම , දිය මත ඇවිදීම , පර්වත විනිවිද යාම, සිරුරින් ගිනි ජලය වාතය පිටකිරීම ආදිය මේ ආකාර සෘද්ධීන්ය. අතීතයේ බලවත් සෘෂිවරු ජනපද ආරණ්ය භෂ්ම කිරීම සාගර ගංගා වියළා දැමීම ඉර සද තාරකා කරා ළගාවීම යනාදියද, මුගලන් මහරහතන් වහන්සේ ශක්ර භවන කම්පා කිරීම ආදියද තථාගතයන් වහන්සේ උරුවේල් දනව්වේ පෑ පෙළහර හා යමා මහ පෙළහරද මේ වර්ගයේ වේ.
" දෙවැන්න විකුබ්බනිද්ධි නම්ය ""
තම ශරීරය වෙනත් ආකාරයකින් දැක්වීම. මෙය අදිෂ්ඨාන සෘද්ධියෙන් වෙනස් වුවද සතර ඉඩ්දිපාදයන්ම මූලික වේ. සෘද්ධිමතුන්ට තම ශරීරය නාගයෙකු, දෙවියෙකු, බ්රහ්මයෙකු ලෙස වුව දැක්විය හැක්කේය, තම ශරීරය මහත් කිරීමටද කුඩා කිරීමටද හැක්කේය.
තම ශරීරය මෙන්ම වෙනත් දේද විශාල කිරීමේ කුඩා කිරීමේ හා පරිවර්තනය කිරීමේ හැකියාවද සෘද්ධි ප්රාතිහාර්යයකි. ගන්ධමාදන පව් වැසි පසේ බුදුන් බොහෝ අවස්ථාවල තමා ලද ස්වල්ප වූ දානය පන්සියයක් සමග බෙදාගෙන වළදයි. මහා කාශ්යප තෙරුන් වරක් පණහක් පමණ වූ දායකයන් තම්මට ගෙනා බොහෝ වූ දානය ඔවුන් සැම සනසවමින් තම එකම පාත්රයෙන් කුඩා කර පිළිගත්තේය. පිළින්දි වච්ඡ තෙරුන් වරක් දැරියකගේ හිස මත තණ දරණුවක් තැන්පත් කර එය රත්රන් බවට පත් කළේය. වරක් මාරයා තථාගතයන් වහන්සේට ලෝක රාජ්ය කරන ලෙස ඉල්ල සිටිමින්,
" ඔබ වහන්සේගේ අධිෂ්ඨානයෙන් හිමාලය වුවද රන් බවට නොහැරේද ඔබ වහන්සේගේ රාජ්යයේ දිළින්දන් නොමැත. සක්විති රාජ්යය කළ මැනවයි " ඉල්ලා සිටියේය.
+ අහා අගනා විස්තරයක් ඉද්ධීන් ගැන
- තෙවැන්න මනෝමය ඉද්ධි නම්ය..
මෙය සුවිශේෂී හැකියාවකි. මෙය අෂ්ට විද්යාවන්ගෙන්ද එකක් වන නිසා බුදු රජාණන් වහන්සේ මෙහි අපරිමිත ප්රාගුණ්යයක් දැක්වූ බව දැනේ. බුදුන් හැර මෙහි ඉහළම දස්කම් පෑවේ චුල්ල පන්ථක මහරහතන් වහන්සේය. තමා සේම වූ වෙනත් ශරීර මවා පෑමේ හැකියාව මෙන්ම සියළු මැවීම් කිරීමේ හැකියාව මේ සෘද්ධියයි. තම මනෝ කාය පිටතට ගැනීමේ හැකියාවද මීට අයත් වේ. ඛේමා බිසවට පෙන්වූ ප්රාතිහාර්යයද මෙසේය.
මේ ප්රාතිහාර්ය විෂයෙහි මුගලන් තෙරුන්ද ප්රතිභාවක් දක්වූ බව සදහනක් අැත. ඒ් නම්,
"ස්වාමිනී . මම තවත් පෘථිවියක් මවා මෙහි සිටින සියළු සත්වයන් ඒ පෘථිවියෙහි පිහිටවා මේ මහ පොළොව කණපිට ගසා යටගියා වූ රස පෘථිවිය මතු කරමි. ඉන් පසු සියලු සතුන් යළි මෙහි පිහිටුවමි. " යැයි දෙසූහ, ඒහෙත්මෙවන් ප්රාතිහාර්යයක් දකින සත්වයෝ බියටම මියයන හෙයින් මෙය පෑමට බුදුරදුන් අවසර නොදුන්හ.


සිවුවෙනුව ඤාණ විප්ඵාරිතද්ධි යයි
ඤාණයන් පළ කිරීමෙන් සිදුකරන ප්රාතිහාර්යයන්ය. සාමාන්ය ජනයාට කිසියම් දෙයක අග මුල සොයා ගැනීම අපහසුය . නමුත් නුවණ වැඩි අයට එය විෂය වේ. අත පය බැද ගගකට දැමූ කල්හි සාමාන්ය මිනිසෙකු මිය යන නමුත් නුවණැත්තාට එයින්ද ගැළවී යාමට හැකිය . මෙය බහුතර ජනයාට ප්රාතිහාර්යයකි. මහෝසධ පඩිතුමා කිසිවෙකුට විසදිය නොහැකි අග මුළ නොපෙනෙණ ගැටළු විසදීම නුවණ මෙහෙයවීමෙන් කරන ප්රාතිහාර්ය නම්වේ..


පස්වෙනුව සමාධි විප්ඵාරිතද්ධි ය..
සතරවන දැහණෙන් පරිබාහිර පහල සමාධි නිසාද නොදැනීම පෙළහර සිදුවේ. වරක් තේජෝ කසිනය වඩන හිමි නමක් තමාට හිරිහැර වූ ශ්බ්දයක් කෙරෙහි සමාධියේ සිටියදී ගැටුණි . එහි ප්රථිඵලය ලෙස ලැව්ගින්නක් හටගති.නිතර මෛත්රී වඩන විශාඛ ස්ථවිරයන් වාසය කළ වනයේ එකිනෙකාට සතුරු යක්ෂයන් ප්රිය මිතුරන් වූහ. කොටියන් හා මුවන් මිතුරු වූහ , නයින් සහ මුගටින් ද මිතුරු වූහ.


උතුරු වඩුන්නාවේ ගොවියෙක් සිය හරකුන් සෙවීමට වනයට යද්දී හමුවූ භික්ෂුව ඉදිරියේ පන්සිල් සමාදන් විය. මහ වනයේදී ඔහු පිඹුරෙකු වෙළාගති . ඔහුගේ අතේ මන්නයක් විය ඉන් ගසා පිඹුරා මැරීමට සිත් වූ නමුත් පන්සිල් බිදීමට අකමැත්තෙන් එසේ නොකළේය . තෙවැනි වරටද එම සිතුවිල්ල එද්දී දිවිහිමියෙන් පන්සිල් රකිමියි සිතා මන්නය ඈතට විසි කළේය. මෙවිට පිඹුරාට දැණුනේ තමා ගිණිගෙන දැවෙන ගසක් වෙළාගෙන සිටින සෙයකි. පිඹුරා වහා පළා ගියේය. මෙය සීල බලය දක්වන කතාවක් වුවත් සමාධි විප්ඵාරිත සෘධ්ධියකි. තමා රකින ශීලය අරක්ශා කර්මියි සිතන විට ප්රීතිය හටගනී. ස්තිර වූ ශීලය සමාධියට මහෝපකාරි වන්නකි. ගොවියා නොදැනම පළ කළේ සෘද්ධි ප්රාතිහාර්යයකි.
+ හොදයි සයවෙනුව ?


(සෘධි ප්රාතිහාර්යය පිළිබද දත්ත උපුටනය දිටඨි විසුද්ධි බ්ලොගයෙනි )
------ කුරුළු------
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් අැතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )

==== දසිස් 35 =====



(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
( තිස් හතරවන කොටස හා සබැඳි )
+ බුදුවරයකු දමනය කරන්නේ ??
- රජුනි බුදුවරයකු දමනය කරනුයේ ඔබගේ කය නොව ඔබගේ සිතයි. අප දන්නේ කය අවනත කර ගැනීම පමනි. සිත දමනය කිරීම දන්නේ බුදුන්ය. ඒද පෙර කී ආහාර පාන පුහුණු වීම් ආදී කමටහන් ලබා දීමෙනි මිස බලහත්කාරයෙන් නොවේ.
+ ඔහෝ.. සිත දමනයටත් ආහාර පාන පුහුණුවීම් තිබේද ?
- එසේය රජුනි, එසේය දෙආකාරයටම ව්යායාම තිබේ,
එහෙත්,
" කය තැනීමට කය වෙහෙසිය යුතුය... සිත තැනීමට නම් සිත එක්තැන් කොට නිෂ්චල කල යුතය"
-- සිතට ව්යායාමය භාවනාවයි --
—————————————– අද එතැන් සිට
+ භාවනායි ... සත්යකි ඒයින් නොසැහෙන සුවයක් සිතටත් ගතටත් ලැබේ
- රජුනි භාවනා විධි ක්රම හා යෝගී ක්රම පැවතෙන්නේ රාවණ නිරිදුන්ටත් පෙර අතීතයේ සිටය.
+ ඒසේය ඒ් අසා අැත්තෙමි . සිදුහත් තවුසානන් වහන්සේද අාලාරකාලාම උද්දකරාම පුත්ත වැනි ගුරුවරුන්ගෙන් ඒ් උගත් බව කියවා අැත්තෙමි. ඒ් නිසාම භාවනා ක්රම බුදුන් වහන්සේටත් ප්රතම විය යුතුය.
- ඒසේය අටවිසි බුද්දෝත්පත්තියත් පෙරය.යෝග අභ්යාස ගැන අසා අැතැයි සිතමි.
+ යෝග අභ්යාස නොව යෝග භාවනා ක්රමද දන්නෙමි. මා රාවණ නිරිදුන් හා මාගේ දස මහා යෝධයන් ගැන විස්තරය දුටුයේ සිහිනයෙන් නොව භාවනාවන්ම බව දැන් සිතමි.
- ඒසේය රජුනි ඒ් සිදු කලේද මා ය. මා ඒ් වන විට මාගේ කුටියේ භාවනායෝගීව පසුවීමි. ඔබ වහන්සේ පෙර සිට භාවනාව වඩා අද දිනයේ ඒක් සංධිස්ථානයක් අභිබවා ගියේය.
+ ඒ් කුමක්ද මා නොදන්නෙමි.
- ඒනම් ඔබ වහන්සේ ප්රථමෙයන් මූලාධාර චක්රයත් දෙවැනිව ස්ව අධිෂ්ඨානය චක්රයත් තෙවැනිව මණිපුර චක්රයත් සිවුවෙනුව අනාභාත චක්රය ත් ජයගත් බවයි.
+ මිත්ර අභය, මා යෝග අභ්යාස උගත්තේ මාගෙ සිත ඒක් තැන් කරගනීම පිණිසය. මලය රටදී ඒ් කියා දුන්නේ හිමි නමකි.
- රජුනි මා කුණ්ඩලීනි යෝගය ගැන නුඹනේ අැසුවා මතකැති.
+ මතකයි
- ඒලෙසම ඒ් ගැන පසුවට විස්තර පවසන බවත් පවසා සිටියා
+ ඒසේයි
- මේ ඊට කාලයැයි සිතන්නෙමි.
+ හොදමයි
- රජුනි යෝග අභ්යාස යෝග භාවනා අදියෙහි මේ යෝග යන්න ගැන විමසා බැලුවේද
+ නැත
- යෝගය යන්න ඒකට ඒකතු වීමයි, ඒකට මුසු වීමයි. ජේයා්තිෂයේදී යෝගයක් යනු රාශීන් ඒකට ඒකතු වීමකි, නැතනම් ඒක්ව ග්රහ පිහිටීමකි. යෝගී භාවනාව යනු අප සිරුර ඒක් තැන් කිරීමකි. ඒසේ නම් ඔබ වහනසේ ඒකත්පස් වීම ගැන අසා අැති
+ ඒසේය ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනාවට ප්රථම ඒකත්පස්ව සිටන ලෙස පවසයි.
- ඒකත් පස් වීම යනු පහ ඒකක් කීරීමයි, අප සිරුරේ අංග පහ ඒනම් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය - අැස , කන, නාසය, දිව, ශරීරය යන අංග පහ ඒක් තැන කොට මනස හා මුසු කිරීමයි. ඒවිට අප නිසොල් මන් වී අසන්නා වු දෑ දකින්නා වු දෑ දැනෙන්නාවූ දැ හැගෙන්නා වූ දෑ සියල්ල ම ඒකක් වෙයි. ධරමතා අවබෝධයත් ධර්මය ධාරණය කර ගැනීමටත් ඒකත්පස් වීම සිදු විය යුතුය මය. නොඒ්සේවීනම් අපගේ කන ඒක තැනකට අැස තව තැනකට මනස තව තැනකය.
+ හහ් හහ් හහ් හහ් හහ් පැහැදුනෙමි අභය මින් පසු ඒය ඒසේම සිදු කරමි.
- ඒකත් පස් වීමත් යෝග යකී. යෝගී වරුන් යනු ඒසේ අංග , රාශීන්, බොහොමයක් ඒකට කල තැනැත්තවුන්ටය. කුණ්ඩලීනියත් යෝගයකි.
+ අහා ඒ්සේ නම් කුණ්ඩලීනිය යනුත් බොහෝ අංග ඒක් වු ශක්තියක් විය යුතුය.
- ඒය ඒසේමය. කුණ්ඩලීණිය යනු ශක්ති ගබඩාවකි. ඒ් අප සිරුර තුල අැති අධ්යාත්මික ශක්තිය හා මානසකි හක්තිය සම්බන්ධ කරන්නකි. අප තුල දරණ ගසා නිදා සිටින්නා වූ නාගයා අවදි කර අප සිරසට ඉහලින් පෙන ගොබය ඔසවා ශක්තිය පිට කිරීම වෙත සංකේතාත්මකව රැගෙන යයි.
+ ඔබ මින් පෙරත් ඒ් ගැන පැවසූවා මතකයි
- ඒසේයි. කුණ්ඩලනී ශක්තිය මේ මේ යැයි විස්තර කිරීමට පවා තරම් අසීරු ඉතා ප්රභල ශක්තියක්. ඒමෙන්ම ඒ් යෝගය ලැබීමට ගිහි ගෙය හැර යාමක් , මහණ දම් පිරීමක් අවැසි නොවේ. ඒහෙත් පිලි පැදිය යුතු වත් පිලිවෙත් තිබේ.
සිරුර තුලනය කල යුතු වේ.
+ බුදුන් වහන්සේටත් කුන්ඩලනීය තිබුනේද ?
- ඒසේය, බුදු දහමට අනුව ප්රාතිහාර්ය වර්ග තුනකි. ඒනම් සෘද්ධි ප්රාතිහාර්ය , ආදේශන ප්රාතිහාර්ය සහ අනුශාසනා ප්රතිහාර්ය. නම් වේ. මෙයින් ගෞතම බුදුන් විසින් භික්ෂූන් උදෙසා අනුදැනවදාලේ අනුශාසනා ප්රාතිහාර්යය පමණි.මෙහිදී සෘද්ධි ප්රාතිහාර්යය උදෙසා සතර ඉද්ධි වැඩීම අවශ්ය්ය කරුණකි. අාදේශන ප්රාතිහාර්යය යනු යමෙකුගේ සිත කියවා බලා ඒ් අනුව සිතැගි වලට කියවමින් ධර්මය දේශනා කිරීමය. ඒහෙත් ඒ් ක්රම දෙකම භික්ෂූන්ට තහනම්ය. .
යමෙකුගේ වචනය ශ්රවණය කිරීමෙන් සිතේ හටගත් රාගය ප්රහාණය වේද , ද්වේෂය ප්රහාණය වේද , මෝහය ප්රහාණය වේද ඒ ශ්රී සද්ධර්මයෙන් පමණි. ඒ ශ්රී සද්ධර්මය මැනවින් යමෙක් දේශනා කරයිද එය ප්රාතිහාර්යයක් ලෙස තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. ඒ ශ්රී සද්ධර්මය පමණි. ඒ් උන්වහනසේ අනු දැන වදාල අනුහාසනා ප්රාතිහාර්යයි.
+ හ්ම්. ඒහෙත් බුදුන් වහන්සේ සෘධි ප්රාතිහාර්යය පෑවා
- බුදුන් වහන්සේගේ ට ඊට අදාල වූයේ නැත. මේ නියමයන් පනවා අැත්තේ මා පෙර කීවාක් මෙන් යෝග භාවනා කොට කුන්ඩලනීය යම් පමණක් වඩවා සෘද්ධී යක් ලද්දවුන් කසාය වස්ත්ර දරමින් දහමත් මිනිසුන් නොමග යමින් අධර්මයම වපුරුමින් ලාභ සත්කාර ලබා ගැනීම වැලැක්වීම සදහායි. ඒ් හැරත් අවබෝධයෙන් තොරව හුදෙක් ඉන්ද්රජාල දැක නැමෙන්නවූ පිරිසක් තුල අැත්තේ සැදැහැවත් වීමක් නොව පිනා යෑමක් පමණි.
+ ඒය නම් ඒසේමය.. සෘද්ධි ප්රාතිහාර්යය ගැනත් කුණ්ඩලීනිය ගැනත් විස්තර දැන ගැනීමට කැමැත්තෙමි.
- මුලින්ම ඉද්ධි ගැන පවසන්නිමි...
මෙයින් සෘද්දි ප්රාතිහාර්ය සදහා සෘද්ධි අවශ්ය වේ. මේ සදහා සෘද්ධි පාද වැඩිය යුතුය.ඉද්ධිපාද සතරෙකි.
පලමුව ඡන්ද : බලවත් කැමැත්ත.
දෙවැනුව විරිය : බලවත් උත්සාහය
තෙවැනුව චිත්ත : බලවත් අධිෂ්ඨානය
සිවුවැනුව විමන්ස :බලවත් ප්රඥාව -- මේ ඉද්ධිපාද නිර්වාණ සන්වර්තනික වූ ධර්මයේ දක්වා ඇත්තේ නිවන් දැකීම පිණිසය. නමුත් මෙලොව යමෙක් සෘද්ධි ප්රාතිහාර්ය දක්වයිද ඒ බලවත් වූ සෘදිපාදයන් මගින්මය. වෙනස ඔවුන් එය නිවන් මගට යොමු කිරීමට අදක්ෂ වීමයි. ඉදු පෙළහර දක්වන්නා සත්යලෙසම ඉදු පෙළහර දක්වයි නම් හේ සතරවන ධ්යානය ලැබූවෙක් වේ .ප්රථම ,ද්විතීය හෝ තෘතීය ධ්යානයන්ගෙන් ඉදු පෙළහර දැක්විය නොහැක. ලෝකෝත්තර වූ සෝවාන් , සකෘදාගාමි , අනාගාමි හෝ අර්හත් ඵල සාක්ෂාත් කළ පමණින්ද කිසිදු ඉදු පෙළහරක් දැක්විය නොහැක. ඉදු පෙළහර දැක්වීමේ දක්ෂතාව සතරවන ධ්යානයේ වැඩුණා වූ ශක්යතාවටම අනුලෝම වේ. සිව්වන දැහැනේ දැහැන් කෙළියට ඇති ව්යක්ත භාවයම අයෙකුගේ ප්රාතිහාර්යයෙන් පිළිබිඹු වේ. කුණ්ඩලිිය නම් ඒයයි.කුණ්ඩලීනිය කිසිවිටෙකත් නිවන් දොර විවර නොකරන්නේමය. ඒය ලෞකිකත්වය හා බැදී පවතී. ඒහෙත් නිවන් මග කරා යන්නා වූ යෝගී වරයෙකුට කුණ්ඩලනී ශක්තීය බාවනාව මගින් ඉබේ ලැබෙන්නේය.


සතරවන ධ්යානය අභිඥා පාදක වේ . අභිඥා යනු උසස් වූ ඤාණයන්ය. අභිඥාවෙන් පාන්නා වූ ප්රාතිහාර්යය බලවත් වූ සෘද්ධි ප්රාතිහාර්යයකි. සම්පූර්ණයෙන් වැඩුණා වූ අභිඥා තථාගතයන්ට පමණක් ඇත. සියළු රහතුන්ට ආසවක්ඛය ඤාණැය ඇති නමුදු ඉන් පෙළැහර පෑමට නොහැක. අභිඥාලාභීන්ගේ අභිඥා පෙළහරු පානු පිණිස නොව සසර ක්ෂය කිරීම පිණිස වඩනු ලබයි.සෘද්ධි ප්රාතිහාර්ය වර්ග දහයක් වේ. මිනිස්දමින් කරන ප්රාතිහාර්ය මෙසේ විස්තර කරන්නෙමි .
( සෘධි ප්රාතිහාර්යය පිළිබද දත්ත උපුටනය දිටඨි විසුද්ධි බ්ලොගයෙනි )
+ හොදමයි
- ඒහෙත් රජුනි මේ සෘධි ප්රාතිහාර්යය පෑ අවස්ථා ගැන සදහන් වනුයේ අප දහම තුල පමනක් නොව ඉන් පසු බිහිවූ යුදෙවුව්න්ගේ යේසුස් දහමේද, කුරාන දහමේද සදහන්ය.
+ ඒසේය..
- ඒහෙත් නැවත පවසමි ඒ් මවා පෑම් , ඉන්ද්රජාල කිසිවක් නිර්වාණයට හෝ පිරිසිදු දහමේ අවබෝධයට හේතු නොවේ.!