Thursday, July 5, 2018

===== දසිස් 22 =====

.
( විසිඑක් කොටස හා සබැඳි )
==============================
+ මුචලින්ද නා රජු ගැන නම් තතු දත්තෙමි වාසුකී හා ශේෂ නාග යනු ?
– ඒද මුචලින්ද සේම නා රජවරුන්ය.. ඒ හා සැබැඳි කතාන්දරද බොහොමයකි..! එපමණක් නොව මහා කාලී , විශ්ණු, ශිව ආදීන් පමණක් නොව ඔබ වහන්සේ දන්නා නොදන්නා බොහොමයක් දේවතාවුන් වහන්සේලාගේ රූපයන් ගෙන බලන්න නාගයන් හා සමීප සබඳතාවන් පවත්වති.
+ එසේය එසේය සැබැවකි..
– රජුනි මා පෙර පැවසූ කුණ්ඩලීනියේද සංකේතය නාගයෙකි.. අප තුල උදරයට මදක් පහතින් සිටන නිදා ගත් නාගයා කෙමෙන් අවදි කොට අප සිරසට ඉහලින් පෙන ගොබය විහිදුවා දරණය කොට නැගී සිටීම කුණ්ඩලනීය අවධී වීමයැයි සංකේතවත් කරනු ලබයි. ඒ විට නාගයා රකින්නාවූ නා ග මානිඛ්‍යද අප සිරුරේ රැස් විහිදේන්නාක් මෙන් සිරැරට ඉහලින් තේජස විහිදවමින් විදහා දක්වනු ලබයි…
+ ඔහ්… ගෞතම බුදුන් සත් සතියේදී මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා සේක්ද අභය…
– නිවැරදිය.. එසේනම් ගෞතම බුදුන් මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා යැයි සංකේතවත්ව දක්වන්නේ කුමක්දැයි ඔබ වහන්සේට දැන් පැහැදිලි විය යුතුය…
+ ඔහ් ඒ කුණ්ඩලීනි ශක්තිය ය…!
—————————————– අද එතැන් සිට
- එසේය .. එසේම මේ නාගයන් මනු ලොව හා නිබඳව බැඳී පවතින්නෝමය. මා පෙරපැවසූවාක් මෙන් සෑම රුද්‍රාවක් සමගම සතත්තව ලෝකයක් බැඳී පවතී. එයින් ඇතැම් ලෝක හා සමගාමීව මනුලොව ගෝත්‍ර නම් කර ඇත්තේද රාවණාකාලයේදීමය. නාග වානර මකර ගරුඩ සෛන්ධව ව්‍යාග්‍ර මහිෂ කුරුලු ගෝත්‍ර සමහරකි බාගදා කිහිපයක් හෝ අසා ඇතැයි සිතමි.
+ එසේය ලකෙහි තැන් තැන්හි ඒ ඒ ගෝත්‍ර කුඩා කණ්ඩායම් ලෙසින් අදටත් ජීවත් වන බව දනිමි.
- එයිනුත් නාග ගෝත්‍රයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඒ මනු ලොවට ඉතා නුදුරේම පිහිටි ලොව වන නිසාවෙනුත් ඈත අතීතයේ පටන් දෙලොව අතර සුහද සබඳ කම් පැවතුනු බැවිනුත්ය.
+ සුහද සබඳකම් යනු ?
- ඒ ඒ ලෝක ඒ ඒ ගෝත්‍ර හා බැඳී පවතී. දෙලොව හා ගමන් කිරීමට හැකි අදහස් හුවමාරු කර ගත හැකි ශක්තීන් හුවමාරු කර ගත හැකි අයවලුන් දෙපිරිස තුලම සිටිත්. එයිනුත් මහා බලගතු පුද්ගලයන්ට ඒ ඒ ලොවින් මනු ලොවට පාතීර්භූත කිරීමත් මනු ලොව සිට ඒ සතත්ව ලොව වෙත දූරිංභුත වීමත් කල හැකිය. අප මහා භරණ මෙකල නා ලොව පුරුකයි. ඔහු නිබඳ ඒ හා සබඳකම් පවත්වයි . ඒ හැර අනෙකුත් යෝදයන් අට දෙනාද එසේම ලෝක අටක් හා සබඳකම් පවත්වයි.
+ ඒසේ නම් නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්ටත් එසේ මවා පෙන්නිය හැකිද
- මාවා පෙන්වීමක් නොව පාතීර්භුත කිරීමකි , මෙහි ගෙන්වීමකි..
+ ඔය ලෝක තල කොහේ වේද?
- ඒ නිසංසලේ අප මනු ලෝ ලෙසම පවතී..
+ ඔබ පැවතූ තුන් ලෝකයට අයත්ද ?
- එසේය තුන් ලෝකයට අයත් කාම ලෝක තුලත් රෑප ලෝක තුලත් වෙත්
+ හොදමයි.
- රජුනි සියළු සතත්වයන්ට කරුණාව දක්වන්න ඔවුන්ට ඔවුනගේ ලෝක ඇත. මනු ලොව ඒ සියලු සත්තව ලෝක වල සම්මිශ්‍රණයකි. අප වද ගැනෙනෙුයේ සතත්වන් ගනයටය. එකම වෙනස වන්නේ මනුලොව පාලනය කරනුයේ මනු සතෙකු වීමය..
+ අන් ලෝක ඒ ඒ සත්ත්වයන් පාලනය කෙරෙත්ද ?
- ඉතා සරලය, කුහුඹි ගුලක් , මී වදයක සිට ගව රෑනක් , ඇත් රැලක් , පක්ෂින් රෑනක් ගෙන බලන්න .. පාලනය ඔබ අත නැත.
+ හහ් හහ් හහ් හහ්...... ! එසේනම් සියල්ලන් සමගම මිත්‍රව සිටිය යුතුමය..
- එසේය එසේය රජුනි මා උපදෙසක් දෙන්නෙමි..
+ කියව
- රාවණයින්ට යුධයට යම් බාදාවක් වුයේ නම් ඒ නාග ගෝත්‍රික මලණුවන් වූ විභීෂනගෙන් පමණි,
+ දනිමි
- එහෙත් ඔබ වහන්සේ නාග ගෝත්‍රික කාන්තාවකට දාව උපත ලැබූවෙකි. නාගයන්ගේ සහය නිබඳවම ලැබෙන්නේය.
+ හොදමයි
- එහෙත් මේ මා කියන්න හිතේ කොටා තබා ගන්න, ඔබවහන්සේගේ මරණයද සිදුවන්නේ මේ නාගයන් නිසාවෙනි එබැවින් ප්‍රවේසම් වන්න..
+ඔහ් මා උදෙසාද කුමනත්‍රණයක්ද ?
- නැත ඔබ වහන්සේ ඒ හා ඇලෙන්නෝය.. ! පෙර නා ලොව විසූ ඔබ වහන්සේගේ ජන්මයෙහි පුරුද්දකි, ඔබ වහන්සේ එයින් චුතව මෙහි නාග ගෝත්‍රික විහාර දේවින්ට දාව ඉපදුනද එහි ඔබ හා විසූ වන් ඔබ බැහැ දැකීමට තව නෙබෝ කලකින් රට එක්සෙසත් කොට බුදු දහම පිහිටවූ පසු මේ හෙලයට බසින්නෝය.. ඔවුන් හා නොඇලෙන්න..
+ හොදමයි මා එය සිහියේ තබා ගන්නම්. ඒ ඇරත් ඒ කලටත් මා සිහියේ පිහිටු වීමට අභය සිටිනවානේ
- නැත ඒ කල්හි අප නැත. අපගේ කාර්යය ස්වර්ණමාලී නම් මහා චෛත්‍යය ඇරඹුනු පසු අවසන්ය.
+ අහෝ... ඔබ කොහි යන්නහුද
- අවසර මා පැවිදි වෙස් ගනිමි.. තේරපුත්තාභය නම් වෙමි.
+ පැවිදිව මෙහි අවටම විසිය නොහැකිද ? මා රාජාන්‍රගහයෙන් අරමක්ද ඉදි කරන්නම්
- රජුනි ! අනුග්‍රහය අගයමි.. ඇලීමෙහි , නොඇලෙමි.
+ හ්ම්...
--------------- කුරුළු -------------
======================
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/06/07/dasis-22/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 21 =====

( විසිවන කොටස හා සබැඳි )
==============================
– හොදමයි, මින් පෙර මෛත්‍රී බුදුන් පහලවනු දැන සිටි ඔබ වහන්සේ, නිවන් අවෙබාධයටත් රැචිව සිටින ඔබ වහන්සේ.. මෛත්‍රී බුදුන් සමයෙහි මනුෂ්‍ය පුත්‍රයෙකු වීමට සිතා යම් කුසලක් රුස් කලේද ? නොඒ සේව චුන්ද කරමාකාර විය හැකිය, සතත්වය වීද එක්ල්හි දිවි ගෙවිය හැක..
+ අහෝ ඒ ගැන නොසිතුවෙමි..
– එයයි රජුනි එයයි…. මේ හෙල වැසි සියල්ලන්ම බුදු දහම වැළද ගත්තද මෙතේ බුදුන් දැක නිවන් දකිම්හයි පැතූවද ඒ මෙතේ බුදුන් කල්හි ධර්මාවබෝධය ලැබිය හැකි ප්‍රාණියකු වීමට කුසල් නොවඩත්..!
+ සත්‍යකි අභය..
– අප ඒ මග එලි පෙහෙලි කර සසර ගමන පිළිවල කර දිය යුතුය..ඒසේ කර දීමෙන් ඔබ වහන්සේද මහත් ඵල මහත් ආනිසංස්යක්ම ලබන්නොය..
+ ඒ කිමේකද අභය..
– මතු , මෛත්‍රී බුදුන් කල ඔබ අගසවු තනතුරම පතා සසර ගමන් කරන්නොය…
+ සාධු සාධු සාධු..
– එය එසේම වේවා ..රජුනි ඔබ ඊට කුසල් රැස් කරන්නෝමය … !
—————————————– අද එතැන් සිට
+ එසේ නම් මා මිත්‍රය මෙතැන් පටන් මාගේ එකම පැතුම එයය ..!
- එය ?
+ එසේය.. මේ හෙල ද්වීපයටත් හෙළ වැසියන්ටත් ගෞතම බුදු දහමටත් මා කරන්නා වූ යම් සේවාවක් , කුසලයක් වේ නම් ඒ අරඹයා මා මෛත්‍රී බුදුන් සමයෙහි උන්වහන්සේගේ අගසවු වී මතු නිවන් අවබෝධ කොට තව තවත් දැහැමියන් හට නිවන් මග එළි පෙහෙලි කරන්නට ලැබේවා..
- ඒකාන්තයෙන්ම .. පතන්නක්ම වේවා .... !
+ ඉදින් පවසන්න රුද්‍රාව ගැන
- අහා.. රුද්‍රාවක මධ්‍ය ලක්ෂය අප මුහුණට පෙනෙන ලෙසින් අල්ලා බැලු විට එතැන් සිට අනේක් පස මධ්‍ය තෙක් දිවෙන රේඛා හෙවත් පියලි පිහිටා ඇත. ඒ එක් එක් රෙඛාවෙන් බෙදිනු එක අංශයක් මුහුණක් ලෙසින් හදුන්වයි. ඇතුලතින් ගත් කල ඒ රේඛා දිගේ කුඩා කුටීර ලෙස බෙදී ඒ එක් එක් කුටීරයක එක් කුඩා බීජ ඵල බැගින් පිහිටා ඇති බවකුත් මා ඔබට පැවසූවා.
එසේම - මහා රාවණයන් අප නව දෙනා ශක්තීන් නවයකට බෙදා වෙන් කරද්තී ඒ හා සමගම රුද්‍රා නවයක්ද සිද්දි කරන ලදබවත් ඒ එකෙහි සිට නවය දක්වා වූ රුද්‍රාවන් බවත් කීවා. දස වන රුද්‍රාව පෙර රුද්‍රාක්ෂ නවයම පාලනය කරන්නාවූ බලය හසුරවන්නාවූ මහා බලගතු රුද්‍රාවයි. ඒ එක් එක් මුහුණු අනුව එක එක බලයන් බෙදී ඇත. එපමණක් නොව ඒ එක් එක් රුද්දෙ‍රාවන්නුට ලබන – රැක ගනු ලබන – දේව මණ්ඩලයක්ද සිටින බවත් මා පෙර පැවසූවා.
+ එසේමයි.. !
- ඒ රුද්‍රා නවය නියෝජනය කරන්නුයේ අප නව දෙනායි , අප නව දෙනාගේ ශක්තියයි..
+ රැද්‍රාක්ෂ වල එතරම් බලයක් රැදෙනුයේද අභය
- එසේය ඒ සිව ශක්තියයි.. එනම් පිරිසිදු ශක්තියයි.. රැද්‍රාක්ෂ නම් ගක ඵලයකි ඒ නිල් වෙරලු ලෙස හෙලයේද ඇත. ගසක් ඵල දැරීමට අවුරුදු ගණනාවක් ගත වේ. එයිනුත් ශක්තිය හෙවත් ජීව ගුණය පිරි එක් බීජයක් හට ගැනීමට වසර සියයටත් එහා කාලයක් ගත වේ.
+ එතරම්
- එසේය. රැද්‍රා වෘක්ෂ වසර සියයක් ගෙවුනත් හටගන්නා රැද්‍රා බීජ දහසකින් ඵලැති බීජ ලෙස එකෙහි සිට දහය දක්වා එක බැගින්ම පමනක් හට ගනී අනෙක් සියල්ල බහුතරය මුහුනු පහ හෝ හය ය.
+ ඵලැති බීජ යනු ශක්තිය රැදි බීජයන්ද
- එසෙය අනෙක්වාගේද නැත්තේම නැත. එහෙත් මා පෙර කි ග්‍රහයන්ගේ දෙවියන්ගේ බැල්ම ආකර්ෂණ ශක්තිය වැඩිම පිලිවෙලක් තිබේ ..!
+ බැල්ම හා ආකර්ෂණය ලැබීමෙන් යහපත්ක් පමණක් සිදුවෙද ?
- නැත නරක වුවද සිදුවිය හැක,රජුනි කුණ්ඩලීනිය ගැන අසා ඇතැයි සිතමි
+ නැත
- හොදයි ඒ මා පසුව විස්තර කරන්නම්. කුණ්ඩලීනිය යනු මනු සිරුර තුල සැගවී ඇති අසීමිත ශක්තිය පිටතට ගැනීමයි. එයට යෝගී ක්‍රම වැඩිය යුතුය. මේ රුද්‍රාක්ෂ යන් ඒ චක්‍ර අවධියට අවශ්‍ය චක්‍ර පිලවෙල / නාඩි පිලිවෙල / බ්‍යාමප්‍රභාව අනුව ශක්තිය ඉපැද්දවීම, රැස් කර ගැනීම, පවත්වාගැනීම, මුදා හැරීම වැනි විශේෂ කාර්යයක් ඉටු කරන්නෙය. ඉදින් ඔබ වහන්සේ ඔබගේ භ්‍රහ්ම ප්‍රභාවට අයත් රුද්‍රාව වෙනුවට ඊට හානි කරවන ර්‍රැදාවක් පැළදීමෙන් ඔබ තුල පවත්නා වූ ශක්තියද හීන වී යා හැකිය.
+ ඔහ්.. එසේද
- එසේය.. ඒ එක් එක් රැද්‍රාවට අදාලව ශක්තීන් වෙන වෙනම දක්වා ඇත. ඔබ දැන හෝ නොදැන මේ යෝධයන් නව දෙනා ඒ එක් එක් රුද්‍රාවට හිිමකම් කියන්නෝය, උරුමක්කාරයෝය, ඔවුහු ඒවා පැළද සිටිත්. ඒ ශක්තිය ඔවුන්ගෙන් මෙතුවක් කාලයක් පැවතෙන්නෝමය.
+ මා දැක ඇත්තෙමි එහෙත් කිසි දිනය විමසා නැත
- හොදමයි.. එකින් එක මා පහදන්නම්..
--- ඒක් මුක්හි රුද්‍රාව එනම් මුහුණු එකක රුද්‍රාව..
මෙම වර්ගය සිවා දෙවියන් හෙවත් සූර්යයාම සංකේතවත් කරයි. මේ රුද්‍රාව සාමාන්‍යයේන් අඩ සදක හැඩයක් ගනී. සියලුම ලෞකික ආශිර්වාදයන් භුක්ති විඳීමට සහ උත්තරීතර බලය සඳහා කැපවෙන්නට කැමති ඕනෑම කෙනෙකුට මෙය උත්තරීතර රුද්‍රාවක් වේ. මෙම රුද්‍රාක්ෂ පැළඳ සිටින පුද්ගලයෙකු බියකරු එනම් කිසිවකින් පසුුබට නොවන්නෙකු වන වන අතර ඍණාත්මක බලයක බලපෑමක් හෝ සතුරුකමක් ඔහුට නැත. ඔහුගේ ලෙයහි සාන්ද්‍ර බලය වැඩි වන අතර, ඔහුගේ බොහොමයක් පව් විනාශ වී ඇත. මෙම රුද්‍රාක්ෂය භාවිතා කරන්නා ලෞකික කාරණා වලින් වෙන්වීම ඔහුගේ අභිප්රාය ලෙස සලකයි. සෞඛ්‍ය සම්පන්න බව හා සන්තෝෂය සපයන මුහුණු එකේ රුද්‍රාක්ෂය පළදින්නෙකුට වන්දනා මාන කරන්නෙකුට එය ආත්මික වර්ධනයට හේතු වේ.
මේ මුහුනු එකෙහි රුද්‍රාව පාලනය කරන ග්‍රහලෝකටය සූර්යයා ය .
මේ පැළද සිටින්නා ඔබ වහන්සේට සිහියට නැගෙන්නේද ?
+ එසේය ඒ "මහා භරණය " අඩ සදක් වන් රුද්‍රාව ගෙලෙහි තිබෙනු දැක ඇත්තෙමි.
- නිවැරදිය .. එසේනම් තවත් රහසක් පවසන්නමි.. මේ රුද්‍රාක්ෂ නවය හා බැඳුනු සත්ත්ව ලොක නවයක්ද වෙයි.
+ ඒ කිමක්ද ? ලෝක ?? සත්ත්ව.. ?
- එසේය ඒ ඉතා ගැඹුරු දෙයකි.. ඒක මුක්හි රුද්‍රාවට හිමිකම් කියන්නේ නාගයන්ය ..! භරණ ට ඇවැසි විට නාග වෙස් ගත හැකිය.. සත්‍ය නම් නා වෙස් ගැනීම නොව නා ලොව සිටින්නා වූ නාගයන් මනු ලොවට පාතීර්භූත කිරීමය. නැතහොත් අඩගැසීමය මැවීමය...
+ ඔහ් ..... එසේද ? ඇතැම් දින වල මා මේ කවුළු හැර නිදද්දී කවුළුවෙන්
සුදෝ සුදු නාගයෙකු එනු දැක තිබේ එහෙත් පෙර දැක ඇතිවාට වඩා විශාල නිසාවෙන් ඒ සිහිනයන් යැයි සිතා කිසිවෙකුටත් නොකියා සිටිමි. ඒ හැර මාලිගයේද බොහෝ තැන් වල නාගයන් දැක තිබේ. කැළබුණ මනස නිසාවෙන් ඡායාමාත්‍ර යැයි සිතා ඒද නිහඩ ව සිටීමි.
- හ්හ හහ් හහ් නැත රජුනි . සිහියට නගන්න බොහෝ වෙලාවට එසේ දකිනුයේ ඔබ වහන්සේ තනියම සිටිනා වෙලාවල් වල විය හැක.
+ එසේය එසේය.. පෙන්වීමටවත් ිකිසිවෙකුත් ලගක නැත..
- ඒ භරනගේ වැඩය.. ඒ ඔබ වහන්සේ ඔහුගේ දෑස් මානයේ නැති විට ආරක්ෂාවට පත් කර ඇති ආරක්ෂකයෝය.
+ එසේද එහෙත් දිනක් මා මැණියන්ට ඒ සුදු පැහැති නාගයා ගැන කීවා මතකය. එහෙත් ඇය සිනහ වී.. සැබැවින් දුටූවද හානියක් නොකරන මෙන් අණ කලා පමණි
- ඇය රහස දන්නීය..
+ ඒ කෙසේද
- රජුනි අමතක නොකරන්න ඇය නාග ගෝත්‍රික කුමරියකි. නාගයන් හා ලෙයින්ම බැඳී සිටින්නියකි.
+ ඔහ්හෝ.. එයය මේ.. එසේනම් ඔබ පවසනුයේ භරන ඔහු රැකවලෙහි නැති වෙලාවට නාගයන් මා රැකවලෙහි තබා යන බවද ?
- එසේය.. ඒ නාගයන්ටද කැමති විට කැමති වෙස් පෙරලා ගත හැක.
+ මනු වෙසත් ??
- එසේය.. බිය නොවන්න යම් කුමන්ත්‍රණයක් සිදු වී ඔබ උගුලකට හසුවන්නට ගිය හොත් ඔබ වහන්සේගේ රුවෙන් පෙනී සිට ඒ උගුලට පැනීමට පවා ඔවුහු අණ ලැබ සිටින්නෝය ...
+ ඒ.. ඒ.. ඒ කාගෙ අණද ?
- භරණගේ අණය ..! විශ්නු දේව ගේ ශේෂනාග නම් නාර රජුගේ අණය ශිවගේ වාසුකී නම් නා රජුගේ .,! මුචලින්ද නාග රාජයාගේ අණය ! මේ රාවණයන්ගේ අණයි , රජුනි ..
+ මුචලින්ද නා රජු ගැන නම් තතු දත්තෙමි වාසුකී හා ශේෂ නාග යනු ?
- ඒද මුචලින්ද සේම නා රජවරුන්ය.. ඒ හා සැබැඳි කතාන්දරද බොහොමයකි..! එපමණක් නොව මහා කාලී , විශ්ණු, ශිව ආදීන් පමණක් නොව ඔබ වහන්සේ දන්නා නොදන්නා බොහොමයක් දේවතාවුන් වහන්සේලාගේ රෑපයන් ගෙන බලන්න නාගයන් හා සමීප සබඳතාවන් පවත්වති.
+ එසේය එසේය සැබැවකි..
- රජුනි මා පෙර පැවසූ කුණ්ඩලීනියේද සංකේතය නාගයෙකි.. අප තුල උදරයට මදක් පහතින් සිටන නිදා ගත් නාගයා කෙමෙන් අවදි කොට අප සිරසට ඉහලින් පෙන ගොබය විහිදුවා දරණය කොට නැගී සිටීම කුණ්ඩලනීය අවධී වීමයැයි සංකේතවත් කරනු ලබයි. ඒ විට නාගයා රකින්නාවූ නා ග මානිඛ්‍යද අප සිරුරේ රැස් විහිදේන්නාක් මෙන් සිරැරට ඉහලින් තේජස විහිදවමින් විදහා දක්වනු ලබයි...
+ ඔහ්... ගෞතම බුදුන් සත් සතියේදී මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා සේක්ද අභය...
- නිවැරදිය.. එසේනම් ගෞතම බුදුන් මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා යැයි සංකේතවත්ව දක්වන්නේ කුමක්දැයි ඔබ වහන්සේට දැන් පැහැදිලි විය යුතුය...
+ ඔහ් ඒ කුණ්ඩලීනි ශක්තිය ය...!
-------- කුරුළු -----------
===============
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/06/04/dasis-21/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 20 =====


.
( දහයකුත් නවයක් වන කොටස හා සබැඳි )
==============================
අවසන පරනිර්මිත වසවර්තිය ද
අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය, මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය. එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නොමැත. මෙහි ආයුෂ දුව්‍ය වර්ෂ 16000 කි. මිනිස් වර්ෂ 1 600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කොටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදීමට මෙහි වැසියන්ට හැකිය.
ජයගනු ඇත
+ මගෙ දෙවියනි එතරම් ආයුෂයක් ????
– අැලීම නම් එයය රජුනි.. නුමුත් එසේ ඉදිරියට යන්නා එයින් නොනවතී අපාය සතරටද යා හැකිය, එහි සැපයක් නැත ඇත්තේ දුකකි යි සදහන්ය.. නමුත් දූරියං මතකැයි සිතමි. සැප වැඩි වූ විට ද දුකය..
සතර අපායක් ලෙස දහමේ සදහන් වන්නේ පවු කරන්නවුන් ඒහි ඉපදීම වූවත් , රජුනි සිතන්න,
බුදු දහමේ ඉගැන්වීම නිර්වාණ මාර්ගයයි, මේ එක තැනකින්වත් නිර්වාණයට මගක් නොලැබේ. ඉතින් ඒ එකක හෝ ඉපදුහෝත් නැවත මනු ලොව මනුශ්‍යකු වීමට කොතරම් කල් බලා සිටීමට මුනු ලොව වසර ගතවේදැයි සිතන්න.. එවිට ඒ සැපය දුකක් ම වනු ඇත.. !
+ අවබෝධ වුනි නුඹට පිං අභය..
—————————————– අද එතැන් සිට
- සැපය හා බැඳුනු කරුණු එසේය . රජුනි. මේ සක්වල සිටින වුන් යුධ කර ජය ගැනීමට තනන්නේ මුතු මැණික් දේශ සීමා අදී දේ නොවන බව ඔබ සිහියේ තබා ගත යතුය,
+ එසේනම් කිම
- සක්වල යුද්ධ පවතිනුයේ කාලය දිනා ගැනීමටය රජුනි , මේ ඔවුන් සොයන්නේ ජීවත් වීමට වැඩි කාලයකි.
+ ඔහ් හෝ දිව්‍ය තලයෙන් දිව්‍ය තලය ජය ගෙන වැඩි කාලයක් ජීවත් වීමද
- එසේය මේ මනු ලොව අප ද ආයුෂ බෝ සෙයින් ගෙවා දැන් හීන වන එසේත් නැතිනම් හැකිලෙන කාල වකවානුවක ජීවත් වන්නෙමු. කාලය සේම සිරුරුද කුඩාවෙමින් පවතී, අනාගතෙය් මේ ආයුෂයන් අවුරුදු 10 කට වඩා අඩු වේ..
+ ඔහ් ඒ කෙස්ද
- රජුනි එකල්හි ඉපදීම වැඩිවියට පත්වීම ඉගෙනීම ආවාහ විවාහ වීම දරුවන් ලැබීම මහළු වීම මරණය යන සියල්ලම අවුරුදු දහයකටත් අඩු කාලයක් තුල සිදුවේ.
+ හ්ම්..
- එවන් වකවානුකය මේ මා දැන් පැහැලි කලාවූ කාලය නම් වස්තුව මනුෂ්‍යාට වැදගත් වන්නේ. එක් රැස් කර ගන්නා ධන ධාන්‍ය , අත් පත් කොට ගන්නා දේශ සීමා , තනතුරු සියල්ල භුක්ති විඳීමට නම් ඒ හා සමාන කාලයක් ජීවත් විය යුතුය. එහෙත් මෙ මේ මනු ලොව යනු ආයුෂ අඩුම ලොවයි..
+ පැහැදිලියි.. එමා නිසාවෙන්මයි බුදුන් වහන්සේ , නිවන් අවෙබාබෝධයට මනුෂ්‍ය භවයක්ම ලැබිය යුතු යැයි පවසන්නේ..
- ඔබ නිවැරදිය. දිව්‍යලෝක සය මනු ලොවට ඇති දුර අනුව ආයු කාලය දිගු වේ, එනම් මෙහි ලෝක සයක් නොව සතක් බවය ඒ මනු ලොවද එකතුවය... එහිදී දිගු වන්නා සේම යමෙක් අනෙකුත් සෙදවු ලොව සිට මනු ලොව දෙසට ගමන් කිරීමේදී ක්‍රමයෙන් ආයුකාලය අඩුවේ,
+ හරියට හරි
- එනම් ලෞකික සුව විඳිමට ඇති ආයු කාලය අඩුවේ ! ඒ නිසාවෙන්ම සැපය කෙරෙහි ඇති බැඳීම අඩුවේ.. නිවනට ඒ මහත් රුකුලකි.
+ එසේය එසේය
- රජුනි ඔබ සතුව යම් භාණ්ඩ දහසක් වේ නම් ඔභ සතුව බැඳීම් දහසකි එනම් දුක් දහසකි, භාණ්ඩ සියයක් වේ නම් ඔබ සතුව බැඳීම් සියයකි එනම් දුක් සියයකි,
භාණ්ඩ දහයක් වේ නම් ඔබ සතුව බැඳීම් දහයකි එනම් දුක් දහයකි,
ඔබ සතුව භාණ්ඩ එකක් හෝ වේ නම් බැඳීම් ද එකකි එනම් එක දුකකි,
ඔබ සතුව කිසිත් නැතිනම් බැඳීමක් නැත - දුකක්ද නැත..!
+ දැනට මා සතුව ඇති බැඳීම නම් මේ රජකමය.. කවදා හෝ මෙය නිමා කොට රට එක්සේසත් කල පසු මාද නිවන් මගට යොමු විය යුතුය අභය.
- රජුනි ඒ නුඹට කල හැකිය. එහෙත් ..!
+ එහෙත් ,,,, කිමද ?
- අප එකිනෙකා සසර මග ගෙනා කුලසාකුලයන් වෙති ඒ අනුව ඒ පල දීම් නොදීම්ද වෙයි. මේ ඔබ වහන්සේගේ යුතු කමය. මෙ සිදු කල පසු ඔබ වහන් සේ බුදු දහම සුරැකීමටත් එය නඟාසිටුවීමටත් කටයුතු කරන්නෝමය. එයින් මතු ඔබ ශ්‍රී නාමය මේ හෙලය තුල සදා පවතින ලෙස ලියවෙන්නෝය..
+ ඉදින්..
- රට වැස්සෝ ඔබ පුදන්නෝය , මරණින් පසු ඔබ වහන්සේ දිව්‍ය පුත්‍රයෙකුව උපදින්නෝමය..
+ අහෝ....... මටද නැවත මනුශ්‍යකුවත් විය නොහැකිද ?
- රජුනි දුක් නොවන්න, මෛත්‍රී බුදුන් සමයේ ඔබ මනුශ්‍යකුව උපදින්නෝම. එතෙක් ඔබ සසර ගමන ලියා අවසන්ය.
+ එය ඇසීමත් සතුටකි අභය... එසේනම් මා බුදුන් සමයෙහි මනුෂයෙකුව සිටිත්ද ?
- එස්ය රජුනි, මේ නුඹ එළැබී සිටින යුද්ධයෙන් පසු කල යුතු වැදගත් කාර්යයක් තිබේ
+ එ කිමෙක්ද ?
- රජුනි මතු උපදින මෛත්‍රීය බුදුන් ය, උනවහන්සේගේ මවු පිය, අග සවු , ගිහිකල නම, ගිහිකල බිසව , බුදුවන කාලය , බෝධිය ආදී සියළුම කරුණු මේ වන විට ඔබ ද දන්නෝය..
+ එසේය ...! උන්වහන්සේ මෙලාව පහල වන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය. එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැබ්ගන්නා බව අසා ඇත්තෙමි.
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය.
- හහ් හහ් එසේය එසේය ....
ඔබ පවසනුගේ උගත් දෑය - ලිය වුන දෑය..
+ එසේය..
- හොදමයි, මින් පෙර මෛත්‍රී බුදුන් පහලවනු දැන සිටි ඔබ වහන්සේ, නිවන් අවෙබාධයටත් රැචිව සිටින ඔබ වහන්සේ.. මෛත්‍රී බුදුන් සමයෙහි මනුෂ්‍ය පුත්‍රයෙකු වීමට සිතා යම් කුසලක් රුස් කලේද ? නොඒ සේව චුන්ද කරමාකාර විය හැකිය, සතත්වය වීද එක්ල්හි දිවි ගෙවිය හැක..
+ අහෝ ඒ ගැන නොසිතුවෙමි..
- එයයි රජුනි එයයි.... මේ හෙල වැසි සියල්ලන්ම බුදු දහම වැළද ගත්තද මෙතේ බුදුන් දැක නිවන් දකිම්හයි පැතූවද ඒ මෙතේ බුදුන් කල්හි ධර්මාවබෝධය ලැබිය හැකි ප්‍රාණියකු වීමට කුසල් නොවඩත්..!
+ සත්‍යකි අභය..
- අප ඒ මග එලි පෙහෙලි කර සසර ගමන පිළිවල කර දිය යුතුය..ඒසේ කර දීමෙන් ඔබ වහන්සේද මහත් ඵල මහත් ආනිසංස්යක්ම ලබන්නොය..
+ ඒ කිමේකද අභය..
- මතු , මෛත්‍රී බුදුන් කල ඔබ අගසවු තනතුරම පතා සසර ගමන් කරන්නොය...
+ සාධු සාධු සාධු..
- එය එසේම වේවා ..රජුනි ඔබ ඊට කුසල් රැස් කරන්නෝමය ... !
- ----------කුරුළු---

======================
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/05/22/dasis-20/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 19 =====

( දහයකුත් සතක් වන කොටස හා සබැඳි )
==============================
” බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් ” වන ගෞතම බුදු දහම කලගුණ සැලකීම අනුව යමින් තම ගුරුවන් සොයා බලා ඊලගට තම උපස්ථායකටන් ඇතුලු පිරිස නිවන් මග ගමන් කරවා තවුතිසා දිව්ය ලෝ තලයට වැඩම කොට බුදු දහම එහි පතුරුවා ඉන් අනතුරුව දඹදිව පුරා හැට නමක් පිටත් කර හැර…
මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඊලගමූලික කාර්යය ලෙසින් තොරාගත්තේ මේ හෙළ ද්වීපයයි. බුදුන් වහන්සේ මේ හෙල ද්වීපයට වැඩම කරන්නෙ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ..
නවය එතනත් විශේෂයි රජුනි..එතනත් විශේෂයි
ඉදින් මේ හෙළයට , ලකට කාශ්යතප බුදුන්වහන්සේගේන් පමණක් නොව ගෞතම බුදුන්ගෙන් පවා අගය කිරීමක් ලැබුනා රජුනි..
ධර්මය තෝරා බේරාගෙන අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසිය හැකි විශාල පිරිසක් මේ ලක තුල එදත් සිටියා අදත් සිටිනවා..!!!
+ ඉතාමත් විශ්මය ජනකයි ථේරපුත්තාභයනි !!!! මේ හෙල දෙරණත් ගෞතම බුද්ධ ශාසනයත් රැකීමට මා හට සිතේ පෙරට වටා ශක්තියක් භක්තියක් ගොඩ නැගී තිබේ..! නුඹට පිං ..!
—————————————– අද එතැන් සිට
- හොඳමයි රජුනි මා පෙර කී දෑ නැවත විචාරන්නම්. අප රාවණ මහ නිරිදුන් දෙවැනි වන්නේ බ්රසහ්ම විශ්ණු ඊශ්වර ත්රි මුර්තියට පමණකැයි අසා තිබේ. එහෙත් රාවණ නිරිදුන් දෙවියෙකු ලෙස වන්දනා මානා නොකරන්නේ ම ය. මා දන්නා අයුරින් මේ මහා දෙවි ත්‍රිත්වයටම ඇතැම් අවස්ථාවල අභියෝග කිරීමට , කරදරයක් වීමට පවා රාවණා තේජස විහිදුනි. බ්‍රහ්මස්රයත් විශ්ණු චක්‍රය හෙවත් සුදර්ශන චක්‍රයත් ඊශ්වර ත්‍රිෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමක්මය. එපමණක් නොව බොහෝ දෙවු ලොව දෙවි නමස්කාර පවා ලැබූ අසුරයෙකි. අප රාජ පරම්පරාවේ පළමු රජු වන මහා සම්මත මනු රජු ගේ නමින්ම සදෙවු ලොව වැසියන් හදුන්වන ලබන මේ මනු ලොව ඉපිද මේ ලෝ වැස්සන් සසර දුකින් එතෙර කරනු සිතා බුද්ධත්වය නොපතා සක්විති රජකිමන් ඒ කරෙමියැයි අදිටන් කර ඒ අනුව එදා පටන් මේ වනතුරුත් තම ශක්තිය කැප කරමින් සිටිනා මහා මනුෂ්ය යෙකි..
+ එසේය කරුණු පැහැදිලිය අභය. ඔබ පවසමින් සිටියේ රැද්‍රාක්ෂය ගැනයි.
- අහ් ඒසේය. ඔබ වහන්සේ සතුව ඇත්තේ මුහුණු දහයක රුද්‍රාව බව ඔබ කීවා.
+ මුහුණු
- එසේය. රුද්‍රාවක මධ්‍ය ලක්ෂය අප මුහුණට පෙනෙන ලෙසින් අල්ලා බැලු විට එතැන් සිට අනේක් පස මධ්‍ය තෙක් දිවෙන රේඛා හෙවත් පියලි පිහිටා ඇත. ඒ එක් එක් රෙඛාවෙන් බෙදිනු එක අංශයක් මුහුණක් ලෙසින් හදුන්වයි. ඇතුලතින් ගත් කල ඒ රේඛා දිගේ කුඩා කුටීර ලෙස බෙදී ඒ එක් එක් කුටීරයක එක් කුඩා බීජ ඵල බැගින් පිහිටා ඇත.
+ පැහැදිලි නැත
- දූරියං නම් පලතුර ගැන අසා හො දැක ඇතැයි සිතමි.
+ රසවත් ගුණවත් ආහාරයකි මා ප්‍රියතම පලතුරකි අභය ඒ.
- ඇතැමුන්ට ඒ තම් පිළිකුල් දුගදක් තවත් නැත රජුනි.
+ ඒ පිනැත්තවුන්ටය. නාසය වසාගෙන හෝ එක් මදුලක් කා බලව... පිනා යනු ඇත.
- සුවඳ වැඩි තැන දුගදය, හොඳ වැඩි තැන නොහොඳය, ඕනවාට වඩා ඕනෑම දෙයක් ඕනැ නැත රජුනි, ඔනෑවට වැඩි ඕනැම දෙයක් නරකට පෙරෙලේ.. කාමේසු මිච්චාඡාරා නම් එයයි, කාමයෙහි නොවරදවා හැසරිය යුතුය, ඒ නම් වරද මේ යැයි දැන නොඇලී පසුවිය යුතුය.. ඕනෑවට වඩා නොයා යුතුය..
+ කදිම නිදසුනකි...
- රුද්‍රාක්ෂයද එසේමය. රුද්‍රාව ඇතුලතින් පිටතින් පිහිට රෙඛාවන් දිගේ කුටීර බෙදී ඇත, දූරියං මදුලු සේ ඒ ඒ රේඛා - මුහුණු ප්‍රමාණයට ඇතුලත බීජ ඇත.
+ අහා
- එසේ බෙදනා මුහුනු එකෙහි සිට විස්ස විසි එක දෙක ආදී දක්වා විහිදේ. නමුත් මහා රාවණයන් අප නව දෙනා ශක්තීන් නවයකට බෙදා වෙන් කරද්තී ඒ හා සමගම රුද්‍රා නවයක්ද සිද්දි කරන ලදී. ඒ එකෙහි සිට නවය දක්වා වූ රුද්‍රාවන්ය. දස වන රුද්‍රාව පෙර රුද්‍රාක්ෂ නවයම පාලනය කරන්නාවූ බලය හසුරවන්නාවූ මහා බලගතු රුද්‍රාවයි. ඒ එක් එක් මුහුණු අනුව එක එක බලයන් බෙදී ඇත. එපමණක් නොව ඒ එක් එක් රුද්දෙ‍රාවන්නුට ලබන - රැක ගනු ලබන - දේව මණ්ඩලයක්ද සිටිති.
+ ඒ ඇයි..?
- රජුනි .. රුද්‍රාව ගසක බීජ්යක් වුවත් ඒ ගසකින් " ඵලැති " ඵලයක් හට ගැනීමට අවුරුදු සියයකටත්වඩා ගතවේ. මේ රුද්‍රාක්ෂය මහා දේව සිව ගේ කඳුලු බින්දුව ලෙසද හදුන්වයි නැතහොත් නළලත මැද පිහිටි තෙවන ඇස ලෙසද හඳුන්වයි.
+ සිව ද ශිව ද ?
- රජුනි ත්‍රිමූර්තියේ ශිව යනු මේ වන විට ඇදහිල්ලකි නමුත් රාවණා නිරිඳුන් වන්දනා මාන කලේ සිව නම් දේවත්වයකටය. එනම් සූර්යයාය. මේ සියළු ශක්තීන් ගඩා කරගන්නෝ සුර්යයාය , විනාශ කරන්නෝද සූර්යයාමය.. සූර්ය නමස්කාරය ඉතා ඉහලින් අගය කොට සූර්ය දෙවොලක් පවා මෙහි ඉදි කරන ලද්දේ ඒ නිසාවෙනි..
+ සූර්ය දෙවොලක් ? මෙහි මේ හෙලයෙහි ?
- ඒසේය පසුවට ඒ විස්තර මා පවසන්නම්. රජුනි මේ වන තුරු නුඹ දන්නා නොදන්නා මේ මනු ලොව විසූ බොහෝ මනුෂ්‍ය ශිෂ්ටාචා - ගෝත්‍ර - පරම්පරා අදහන ලද්දේ සුර්යය දෙවියන් වය. අපද එසේමය.
මක් නිසාද ඒ ලොව අනේකුත් ශක්තීන්ට ඇතිවීම පැවතීම නැතිවීම ලගා කරන ලෝක පාලන ත්‍රිමූර්ති යම වන නිසාය.
+ ඔහ් එසේය
- පසු කාලීනව මිසර - ඉන්කා - මායා - ඉන්දු නිම්න - මකර - හෙල ලෙසින් හදුන් වන ශිෂාටාචාරද අනාගතයේ ඊජිප්තු බැබිලෝනියා මෙසපොතේනියා චීන ඉන්දියා ඇසටෙක් ෆිනීෂියානු ආදී සියලුම වර්ගයා ගේ ප්‍රදාන දේව ඇදහිල්ල සූර්යයා ය. ලඝු කොට කිව හොත් ඈත අතීතයේදී අප සියල්ලෝම සූර්යය වංශිකයෝ ය.
+ එසේද විය හැකිය අපද බක් මස හෙල උත්සවය පවත්වන්නේ සූර්යයා මුල් කරගෙනය ඒ සියළු නැකත් ක්‍රමද ඇත්තේ සූර්යයා මූලිකවමය.
- එසේය බොහෝ සූර්යය වංශික ගෝත්‍ර මේ වන විට මේ පොලවින් නැතිවී ගොස් හමාරය. අප හා මකර අධිරාජ්‍යන් පමණක් ඉතිරි වී සිටින්නෙමු.
+ එසේ නැති වීම වන්නේ කෙසේද ?
- ඒ අබිරහසකි එසේ පැවති සියලුම සූර්යය ගෝත්‍ර තම අති දියුනු දැනුම හා අබිරස් සියල්ල ම සමග එක් වරම මේලොවින් අතුරුදහන් වී තිබේ.. ඒ ඔවුන් සතු කිසිම දැනුමක් මතු පරම්පාරාවට ඉතිරි නොකර ය.
+ එසේ වන්නෙ කෙසේද හිටි හැටියේම මුළු ගෝත්‍රයක්ම නැති වී යා හැකිද ඒ සියළු දැනුම සමගම..
- රජුනි මා විශ්වාස කරන්න ඒ සියල්ලෝම අනේකුත් සදෙවු ලෝකයත් අපාය සතරත් එහා ගිය තුන් ලෝකයම සමග ගනුදෙනු කලේ වෙති. සක්වළ යුද්ද ගැන ඔබ අසා නැතිවා ඇති එහෙත් ඒ වාද පවතින්නේමය..
+ සක්වල යුද්ධ ??
- එසේය ඔබ වහන්සේගේ මේ යුද්ධය හෙලය බේරා ගැනීමටය, තවත් බෙහෝ යුද්ධ ඇත්තේ වස්තුව, ධනය , දේශ සීමා අල්ලා ගැනීම ටය ඒ අල්ලා ගත් පසු ලෝකයම යටත් කර ගැනීමට යුද්ධ වේ, ඉන් නොනවතී එක් ඒක සක්වල අතර ඒ පාලනය නතු කර ගැනීමට යුද්ධ වේ, රජුනි වස්තුව - භූමිය - බලය යනු ඉතා කුඩා මට්ටමේ අල්ලා ගැනීම්ය එහෙත් ඔය සියල්ල කෙටි කාලයකට පමණි, ඔබ වහන්සේ රජකම් කරන්නේ ද කෙටි කාලයකට පමණි බාගදා මේ යුද්ධයෙන් පසු ඔබට නොමැරී තවත් කල් ජීවත් ව්න්නට සිතෙනු ඇත, එසේ දේවත්වයට පත් වුන තැනේදී මනු ලොව ආයුෂ නහුත ගනනින් ගෙවා දැමීමට හැකි වනු ඇත,,
+ එතරම්..??
- එසේය එහෙත් දෙවියෝද පෘතග්ජුන වේ . ඒසා ආයුෂත් මදිවේ ඒ සැප සම්පත් විඳිමේ කෙලවරක් නැති නිසාය, මේ ලොව විශාලම යුද්ධය ඇති වන්නේ එතැනදීය..!
+ නොතේරුනි
- මෙසේය, ඔබ මනු ලොව වැසියෙකි , යම් හෙයකින් ඔබ නොමැරී චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය ජය ගතහොත් එහි රජවරු හතර දෙනෙක් පාලන කටයුතු බාරව සිටියි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවරුදු 50 කට සමානය. ඒ අනුව චාතුර් මහා රාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොවේ වර්ෂ වලින් වර්ෂ අනු ලක්ෂයකි. එනම් ඔබ නොමැරී මිනිස් ලොව වර්ෂ අනූ ලක්ෂයක් දෙවු ලොව සැප විදිමින් ජීවත් වනු ඇත..
ඒද මඳ තැන්හී ඔබ , තාවතිංසය ජය ගතහොත් ,
එය පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකය ට එපිටිනි . එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. එහි දිනක් මිනිස් ලොව අවරුදු 100 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවරුදු තුන් කොටි හැට ලක්ෂයකි . දෙව් ලොවට අදිපති ශක්‍රයා සිටිනුයේ තව් තිසාවෙහිය . එනම් ඔබ ශක්‍රයා ජයගත යුතුය,
එ ්අනුව පිළිවෙලින් ඔබ ලෞකිකත්වයේත් දේව සැපයේත් ඇලී දිගින් දිගටම ගමන් කලහොත් ,
යාමය ද
යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විදිති . එහි එක් දිනක් මිනිස් ලොව වසර 200 ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කොටි හතලිෂ් ලක්ෂයක් ජීවත්වීමට යාමයෙහි වැසියන්ට වරම් ඇත.
තුසිතය ද
තුසිතයේ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් "සන්තුසිත" දෙව් ලොවට එම නම ලැබුනේ එකෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිටිනුයේ මතු ෛමත්‍රි නමින් බුදු වන ෛමත්‍රි බෝසතුන් එහි වැඩ සිටින බැවිනි.තුසිතය තුල ඇති දාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙව් ලොව ඉපදීමට රිසිව පින් කරනු ලැබේ . මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කොටි 60 ලක්ෂයක් පරමායුෂ විදිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය.
නිර්මාණරතිය ද
මෙය සුවිශේෂී දෙව් ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැප සම්පත් නිර්මාණය කල හැක. එබැවින් එහිදී විදිය හැකි සැප සම්පත් වල සීමාවක් නොමැත, මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000 කි. මිනිස් වර්ෂ 800 එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කොටි 40 ලක්ෂයකි. ("මනාප කායික" නම් වූ දේව විශේෂයක් නිර්මාණ රතියෙ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සදහන්ය. )
අවසන පරනිර්මිත වසවර්තිය ද
අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය, මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය. එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නොමැත. මෙහි ආයුෂ දුව්‍ය වර්ෂ 16000 කි. මිනිස් වර්ෂ 1 600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කොටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදීමට මෙහි වැසියන්ට හැකිය.
ජයගනු ඇත
+ මගෙ දෙවියනි එතරම් ආයුෂයක් ????
- අැලීම නම් එයය රජුනි.. නුමුත් එසේ ඉදිරියට යන්නා එයින් නොනවතී අපාය සතරටද යා හැකිය, එහි සැපයක් නැත ඇත්තේ දුකකි යි සදහන්ය.. නමුත් දූරියං මතකැයි සිතමි. සැප වැඩි වූ විට ද දුකය..
සතර අපායක් ලෙස දහමේ සදහන් වන්නේ පවු කරන්නවුන් ඒහි ඉපදීම වූවත් , රජුනි සිතන්න,
බුදු දහමේ ඉගැන්වීම නිර්වාණ මාර්ගයයි, මේ එක තැනකින්වත් නිර්වාණයට මගක් නොලැබේ. ඉතින් ඒ එකක හෝ ඉපදුහෝත් නැවත මනු ලොව මනුශ්‍යකු වීමට කොතරම් කල් බලා සිටීමට මුනු ලොව වසර ගතවේදැයි සිතන්න.. එවිට ඒ සැපය දුකක් ම වනු ඇත.. !
+ අවබෝධ වුනි නුඹට පිං අභය..
------ කුරුළු ---
======================
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/05/19/dasis-19
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 18 =====

( දහයකුත් සතක් වන කොටස හා සබැඳි )
==============================
සත්‍යයෙහි දෙකක් නැත ඇත්තේ එකකි !! විසි අටක් වූ බුදුන් වහන්සේලාගේ සියළු දහම විසි අටක් නැත. ඇත්තේ එකකි . බුදු වරු සියල්ලෝම එකම දහමක් දෙසත් ..!
+ සාධු සාධූ 
- මෛත්‍රී බුදුන් පහල වන සමයේම ඉපැදීමටත් , ධර්මය අවබෝධ කර ගත හැකි භවයක් එ වන විට ලැබීමටත් අප කුසල් වැඩිය යුතුය. නැතහොත් සුදොවුන් රජුගේ ගුරු අසිත තවුසාණන් සේ බ්‍රහ්ම ලොවක සුව විදිය හැක. එහෙත් බුදු බණ නැසේ.... මේ කල්පයේදී බුදුවරු පස් දෙනෙකු පහල වේ.. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මෛත්‍රී ලෙසය ඒ. දැනටම ත් සිවු දෙනකෙු පහල වී අවසානය. ඉතිිව ඇත්තේ එක් අයෙකු පමණි. අප අතර අටවිසි බුදුවරුන්ගෙන් ම ධර්මාවබෝධය ලැබීමට නොහැකි වූවෛා් සිටිති. මේ ලකෙහි ඉපිද ගෞතම ධර්මය අනුව යමින් ඒ පිලිපදිමින් නොපමාව කුසල් රැස් කරන්න රජුනි රට වැස්සාටද ඒ වපුරන්න...!
අපට ලඟම ඇත්තේ මෛත්‍රී බුදු සමයයි ..!
+ අහෝ... මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨය.. ඒ නිසි මගට යොමු කල යුතුය.. මා හිතාදර ථේරපුත්තාභයනි බුදු දහම මේ ලකෙහි වැපිරීමට මා හට ශක්තිය දෙන්න..
—————————————– අද එතැන් සිට
- ලැබේවා රජුනි පතනාකාරයෙන්ම ලැබේවා. මා සිතනාකාරයට බුදු දහම ගැනද ඔබ තව දත යුතුය ඒ ඔබ රකින්නට යන්නාවූ දේපිලිබදව මනා අවබෝධයක් ලැබීම මැනවැයි මා සිතනා නිසාවෙනි
+ එසේය එය මැනවි වඩා වැඩදායක විය යුතුමය. දැනුවත් කරන්න ඒ ගැන
- මේ විදයාවන් නවය ගැන නිරතුව සැගවුන ඉගි ඔබට ලබා දී තිබේන්නෙ බුදු සමයද ඇසුරෙන්මය. ඒනම් ධර්මාශෝක රජුන් ජම්බුද්වීපය තුල ධර්ම ප්‍රචාරය කිරීමට අප නව දෙනා උපයෝගී කරගත්තා මෙන්ම එතුමා වෙනත් රටවල් වලටද ධර්මය ප්‍රචාරය කිිරීමේ උනන්දු වීයත ඒද අප අනුදැනුම ඇතිවය.
+ අසා ඇත්තෙමි අපටද බුදු දහම ලැබුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි
- නැත මේ ලක ට බුදු දහම ගෙනආවෝ ගෞතම බුදුන් වහන්සේමය.. ! ඊට ප්‍රථම රාවණයන් ට දහම් දෙසීමට කාශ්‍යප බුදුන් වැඩම කලෝය.. මා පෙර පැවසුවාක් මෙන් සත්‍ය නම් එකක් මය , බුදු වරු එක් සත්‍යයක්ම දේශනා කරති.
+ එතකෙට මිහිඳු මා හිමියන්?
- උන් වහන්සෙ සිදු කලේ ධර්මය රැකීමකි. ඒ හැරත් මහියංගනය - නාගදීපය කල්‍යානය - ශ්‍රී පාදස්ථානය අැතුළු සොළොස්ස්ථානයකට වැඩම කර ධර්මය දෙසීමෙන් ඒ අසා ලකෙහි විසු ජනයා සෝවාන් ළුූ බව නුඹ අසා නැතිද ?
+ අසා ඇත්තෙමි, නාගදීපයේ පමණ් අසූ කෙලක් නාගයනින් සෝවාන් වූ බව අසා ඇත්තෙමි, කල්‍යානි ස්තූපයේ අගනා මැණික් පුටුවක්ද නිදන් කල ඇති බව අසා අත්තෙමි, එපමණක් නොව සුමන සමන් දෙවි අඩවියේ පා සලකුණද ඇති බව දනිමි.
- එසේනම් ඒ දහම වැළද ගත් සියළු දෙනාම මේ වසර පන්සියයකට ආසන්න කාලය තුල වැනසී යත්ද ? සෝවාන් වූවන් එය පවත්වා ගත නොහීද ? විමසන්න රජුනි තිස්ස රජු තම නාමයෙන්ම ආමන්ත්‍රනය කරන්නෝ කවුරුනදැයි බැලු කල කසා වත් පොරවා ගත් ශ්‍රමනයන් දැක දැමුනු හැටි.. එය එසේ නම් බුද්ධ පුත්‍රයන් හදුනා ගැනීමේ හැකියාවක් තිස්ස රජු තුල තිබිය යුතුය ඔහු ඉන් පෙර දැක තිබිය යුතුමය.
+ ඔහ් ඒ මට කල්පනාවට ආයේ නැත.. අනෙක් අතට මා කුඩා කල සිටම මලය රටේදීද යම් යම තොතුරු කතා වෙනවා ඇසීමි. ඇතැමෙක් මේ ධර්ම ප්‍රචාරණයක් නොව ධර්ම ආක්‍රමණයකැයි කියූහ.
- රජුනි ඒ ඇතිය. නුඹ අවබෝධයෙන් කටයුතු කරන්න සිතීම නුඹට බාරය. කේසේ වුවත් වී ඇත්තේ යම් තාක් දුරට හොදක් යැයි සිතන්න. බුදු දහම වුව සදා කාලික නැත. ඒ සදා කාලික වූ වානම් අපට අට විසි බුදු වරුන් ගැන අසන්නට ලැබෙනුයේ නැත. එක් බුදු වරයෙකුගෙන් පසුව කාලයක් අවැමෙන් සත්‍යා සැගවේ.. ඉන් පසු තවත් බුුදු වරයෙකු පහල වේ.
+ හ්ම් එසෛ්ය
- ගෞතම මුනිදුන්ගේ ධර්මය ද ක්‍රමයෙන් පිරිහී යන්නට වෙයි. එය අතීතයේ සිටම වේ වන තුරුත් මින් ඉදිරියටත් වෙමින් පවතින්නකි. එසේ ඉදිරියට ඉදිරියට ගිය තන්හි ගෞතම බුදුන්ගේ දේශානා මේ යැයි සොයා ගැනීමට උගත ගැනමට පවා අපහසු වන තරමට වල් වදිනු ඇත. ඇතුමන් යම් යම් ධර්ම කොටස් කඩා ගෙන ගොස් වෙන වෙන ධර්ම නිකායවල්ද ? නිර්වාණ අවබෝධයේ මග දුරක් සාක්ෂාත් කර ගත්තවනු් තවත් දුරටත් උත්සාහ කරමින් සිටින්නාහ.
එවන් කාලයක මෛත්‍රී බෝසතුන් පහල වන්නාහ.
එතුමන් එකල ලොව පවතින ධර්මයන් උගන ගනු ඇත. උන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු එකල මිනිසුන් පෙර පැවති ධර්මයට මිත්‍යාදෘෂ්ටීන් යැයි කියනු ඇත. දෙසටැක් මිත්‍යාදෘෂ්ටි යයි හදුන්වන්නේ බුදු කෙනෙකුන් සත්‍ය ලොවට හෙලි කල පසුය.ඊට පෙර ඒවා අනුගාමිකයන් සහිත ශාස්තෘෘවරයෙක් සහිත ආගම්ය.
සිදුහත් බෝසතානන් ද බුද්ධත්වයට ප්‍රථම උගත් දෑ ද අනෙකුත් ධර්මතාද සමහරක් ප්‍රතික්ෂේප නොකර තමන්ගේ ධර්මය තුල තිබීමට ඉඩ හැරීය.
“ උපනිෂද් “ ධර්මය බොහෝ සෙයින් ගෞතම බුදු දහම තුල යෙදී ඇත්තේ ඒ නිසාවෙන් යැයි සිතමි. බාගදා ඒ උපනිෂද් යනු කස්සප බුදුරදුන්ගේ දහම කලෙක වල්බිහිවූ පසුවිය හැකිය.
මහා මායා දේවීයද පන්සිල් සමාදන්ව සිටි බවක් ඔබ වහන්සේ දන්නවා ඇති
+ දනිමි, ඇ සිල්වත් කාන්තාවකි
- එසේනම් ඒ ගෞතම බුදුන්ට පෙර දෙයකි
+ හැබෑවටම
- ඒ මිත්‍යා දෘෂ්ටීන් අතර ගෞතම බුදුන් දේශනා කර පසු කලෙක වල් වැදුනු බුදු දහමද තිබෙනු ඇත. නමුත් එය පිරිසිදු සත්‍යම නොවනු ඇත.
මෛත්‍රී බෝසතුන් ඒ සියලු ධර්මයන් අධ්‍ය්‍යනය කොට තම බෝධි මූලයෙහි අවසන මෙනෙහි කරමින් සත්‍ය මේ යැයි අවබෝධ කොට ගෙන “ මෛත්‍රී බුදු දහම “ දේශනා කරනවා ඇත. එයට කැමති නමක් එකලට ජීවත් වන්නන් යොදාගන්නවාද ඇත.
මෛත්‍රී බුදුන්ද ඒ ලෙසින්ම ගෞතම බුදන්ගේ හෝ වේවා මේ වර්තමානයේ පවතින ධර්මයන් ගෙන් සත්‍ය දෑ එලෙසින්ම තිබෙන්නට ඉඩ තබනු ඇත.
+ පැහැදුනෙමි චේරපුත්තාභයනි පැහැදුනෙමි ....
- ඒ කෙසේවතේත ඔබ වහන්සේ අවධාරණය කල යුතු කාරණා කිහිපයක් නැවත මතු කරන්නම් ..!
* විජය රජුන් මෙරටට එද්දි කුවේණිය කියන්නෙ අපේ රටේ රැජින නිකං නෙවෙයි යක් පරම්පරාවක මන්ත්‍ර දන්න තමන්ගේ වේශය වෙනත් එකකට මාරු කරන්න පුලුවන් බල සම්පන්න යක්ෂ රැජිනක්.
* එතුමිය හිටියෙ කපු රෙදි වියමින් ඒ කිය්නනෙ ලකෙහි සියල්ල වස්ත්‍රයෙන් සැරසුන මිනිස්සු.
*එපමණක් නෙවයි විජය හරවා යවන්න උපුලන්වන් විශ්නු දෙවියන් විජය ඉදිියට ගියා ඒ මේ ලකට වන විනාශය වලක්වන්න.
*කුවේණිය විජය එක්ක පැමණිය අනෙකුත් හත්සියයක් දෙනාවම හිරකරගනු ලැබුවා. ඔවුන් නිදහස් කලේ යම් එකග තාවයකට පසුව මිස පරාජයකට පත්ව නොවයෙි.
*විජය රජුගේ මිත්තණිය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. ගැමුනු රජුනි සිංහයෙකු සමගින් විවාපත් වීම ගැන ඔබගේ අදහස විමසන්න. විජය රජුගේ මිත්තනිය කැලැය තුල යමින් සිටියදීයි මේ සිංහයාට හසු වන්නේ.. ඒ සිංහයකු ම විය හැකිද නැතිනම් සිංහයෙකු මෙන් මිනිසෙකු විය හැකිද ? ඒසේ නම් රජුනි සිංහ මිනිසුන් සිටියෝ කොහිද ?
* ඊට පරෙ බුදුන් වැඩි සමයේ පැහැදිලිවම යක්ෂ නාග - රාක්ෂ- දේව ලෙසින් මහියංගියනය - නාග දීපය - කලයානය - සමනොල ලෙසින් ගෝත්‍ර සිටිය බව සිතට ගන්න
* ඔවුන් ඉතා දියුනු කොටස් බවත් නාග රජුන් දෙදෙනා මැනික් ඔබ්බවා වැඩදැමූ ආසන පවා භාවිතා කල බව සිහියට ගන්න
* බුදුන් වැඩිය පසු ඒ සිහි වීමට ස්තූප ඉදි කල බවත් ඒ සදහා ආවශ්‍ය තාක්ෂණයත් තිබුන බවත් සිතට ගන්න
* එපමනක්ද නොව අපි උපතින් හෙළයො – හෙලයොන්ගෙත් යක්ෂ නම්..
ඒ හැර දේව රාක්ෂ නාග ගෝත්‍ර වලත් වෙන්නත් පුලුවන්.
මුලින්ම යක්ෂ ගෝත්‍රිකයන් සිටිය මහියංගනයට. එහිදි තමයි සමන් කියන දේවතාවා සෝවාන් වුනේ …
ඊටත් පස්සේ නාගයො හිටිය ස්ථාන ද්විත්වයක් නාගදීපය සහ කැලණිය සිවුවෙනියාට දේව ගෝත්‍රය ජීවත් වුනාකියන ශ්‍රිපාදය ට …. !!
ගෞතම කියන්නෙ උන්වහන්සේගේ නාමය..!!
බෞද්ධ බෝ සත් කියන්නෙම බුද්ධිමත් – අවබෝධයට පත් කියන එක, බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් ……
-------------
හොදින් විමසා බලන්න ප්‍රඥාවන්ත වන්න රජුනි..!
බුදුබව ලබන්නේ වෙසක් පුර පසලොස්වකයි,
පොසොන් ඇසල දෙමාසයකට ආසන්න කාලයක් සත් සතියය යැයි අප අසා ඇත්තෙමු. නිකිණි මස වස් කාලය ආරම්භයයි. තෙමසක් එනම් නිකිනි බිනර වප් මාස තවුතිසාවේම වැඩ සිට සංකස්ස පුරයට නැවත වැඩම කරන ලදී.
ඉල් පොහොයේදී ප්‍රථම රහත් හැට නම ධර්ම ප්‍රචාරය ආරම්භ කරන ලදී ඒ උදුවප් පොහොය දක්වාම දිගින් දිගටම පවතිත්දී තවත් දහම් දේශනාව කල යුතු ස්ථාන තිබිය හැකි වුවත්
" බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් " වන ගෞතම බුදු දහම කලගුණ සැලකීම අනුව යමින් තම ගුරුවන් සොයා බලා ඊලගට තම උපස්ථායකටන් ඇතුලු පිරිස නිවන් මග ගමන් කරවා තවුතිසා දිව්‍ය ලෝ තලයට වැඩම කොට බුදු දහම එහි පතුරුවා ඉන් අනතුරුව දඹදිව පුරා හැට නමක් පිටත් කර හැර...
මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඊලග මූලික කාර්යය ලෙසින් තොරාගත්තේ මේ හෙළ ද්වීපයයි. බුදුන් වහන්සේ මේ හෙල ද්වීපයට වැඩම කරන්නෙ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ..
නවය එතනත් විශේෂයි රජුනි..එතනත් විශේෂයි
ඉදින් මේ හෙළයට , ලකට කාශ්‍යප බුදුන්වහන්සේගේන් පමණක් නොව ගෞතම බුදුන්ගෙන් පවා අගය කිරීමක් ලැබුනා රජුනි..
ධර්මය තෝරා බේරාගෙන අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසිය හැකි විශාල පිරිසක් මේ ලක තුල එදත් සිටියා අදත් සිටිනවා..!!!
+ ඉතාමත් විශ්මය ජනකයි ථේරපුත්තාභයනි !!!! මේ හෙල දෙරණත් ගෞතම බුද්ධ ශාසනයත් රැකීමට මා හට සිතේ පෙරට වටා ශක්තියක් භක්තියක් ගොඩ නැගී තිබේ..! නුඹට පිං ..!
====================== කුරුළු ===

දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/29/dasis-18/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app