Saturday, March 12, 2016

== රුවන් තැල්ල බඳින තුරා - තනිකම දුක නොදීයන් ==



.
+ හෙලෝ
- හලො හලෝ තමා ගෙම්බො.. කොහෙද ගියේ උදේ ඉඳන් ආගිය අතක් නැ.. මොකො සිල් ගත්තද ?
+ අනේ නැ පන්සල පැත්ත පලාතෙ ගියේ නැ
- එහෙනං.. ?
+ අද දවසම වැඩ කලා අප්පහ්..
- ඒ හොදයි දැන්ම පුරුදු වෙන එක. නිවාඩු දවස් වලට වැඩ කරන්න.
+ ආ ඇත්තද ? නැ මං මේ දැන් ලස්සනට තියාගත්තාම එන කෙනාටත් සිද්ධ වෙනව ඒ විදියටම පවත්වාගෙන යන්න. නැති නං මම කැතට තියාගෙන හිටියොත් එන කෙනෙත් එහෙම්මම තියයි.
- අපෝ කට්ටයා. කියමු බලන්න දැන් මොනවද කරපු වැඩ
+ අද මං සරවුන්ඩඩ් සවුන්ඩ් සිස්ටම් දෙකක් හයි කලා. හප්පා එපා වුණා උඩ නැගල ඇණ ගගහ හම්මෙහ්.
- තව
+ තව ජනෙල් සේරොම වැලි කොලනේ මැදල පොලිෂ් ගෑව. ග්‍රිල් වල කලු පාට ගැව.
- තනියම ?
+ හම් ඔවු ඉතින්
- තව මොනවද ?
+ මගේ බාත්රූම් එකයි ටොයිලට් එකයි හේදුවා.පණ ගියා අප්පා ටයිල් ටික මැදලම.
- ඒ මොකෝ හදිස්සියෙම
+ නැහ් කිසිම හදිසයික් නැ මේ ඉතින් අවුරුදු ගාණකට පස්සෙ මයෙ හිතේ.
- අපෛා් ගඳයා. හොඳන්න අනේ ඒවා සතියකට පාරක්වත් නැත්තං විසබීජ
+ මෙහ් මගුලක් කතා කරනව. මම මේ අද හෝදල පණ ගිහින් ඉන්නෙ..
- ආහ් මේ එහෙම කියන්නෙපා හොඳද අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙන්නෙ ටොයිලට් හෝදන අය ඊලග ආත්මෙ ලස්සන වෙලා උපදිනවලු.
+ මොකක් ?
- ඔවු අනේ. දැන් ඉතින් ඔයා මට වඩා ලස්සන වෙලා උපදියි ඊලග ආත්මෙ නේද. හුහ්.
+ අනේ මේ මම කල්පනා කලේ එතකොට සුදු නංගි ගිය ආත්මේ එක ටොයිලට් එකක් වත් හෝදල නැති ව ඇති නේද කියල ?
- අනේ මේ. ඇයි මම කැතද ? යනව යන්ඩ ඌරා. මගේ මේ ලස්සනේ හැටියට මම හැමදාම හෝදන්ඩ ඇති.
+ හරි හරි කොහොම හරි අම්ම මෙයා ලවා සේරොම වැඩ අරගෙන වගේ ඒකත් හොඳයි . මොකද මෙහෙ ආවමත් වැඩ තියෙනවනේ.
- අනේ මේ යන්ඩ යන්ඩ හිතේ ඇති ලස්සන වෙයි කියල. තමන්ගෙ ටොයිලට් හේදුවට ලස්සන වේනනෙ නැ ගොන්ටො අනුන්ගෙ ටොයිලට් හෝදන්න ඕනලු. ඔය අපේ දිහා ආව වෙලාවක කැමතිනං හෝදල දෙන එකයි ඇත්තෙ.
+ ආ ඒකත් එහෙමද ? එහෙනං ඔහෙ ආවම ටූත් පේ්ස්ට් ටිකයි දත් බුරුසුවකුයි ලැස්ති කරල තියන්න
- ඒ ඇයි
+ ඔයාගෙ දත් ටික මදල දාන්න. ඒක්ත ඉතින් අර වගේනේ.
- අනේ මේ මගෙන් අහගන්න තමා ඉතින් ඔය නටන්නෙ. හ්ම හා දැන් කොහෙද යන්නෙ මේ කාර් එකේ.
+ ටවුමට යනව බඩු ටිකක් ගේන්න..සුදු නංගි මොකො කරන්නෙ
- අහ් මම මේ අර මල් මල් අයිසින් දාපු පොඩි බිස්කට් ටිකක් කනව අනේ මට බිස්කට් බඩගින්නක් ආවනෙ.
+ ආහ් දැන් කෑම ජාතිය දැනගෙනමද එන්නෙ බඩගින්න.
- මෙහ් සුදු අයියෙ ඔයා දැකල තියෙනවද අර පාරවල් අයිනෙ දාගෙන ඉන්න පළතුරු තට්ටු
+ ඔවු
- ඔහෙත් ඒවා තියෙනවද ?
+ ඔවු ඇයි
- අනේ ඔය යනගමන් බේබි නාරං ගන්නකො ප්ලීස් මම ආසයි
+ හාං.. ආහ් මෙන්න එකක් තියෙනව ඉන්න අහල බලමු ඇ
- ආ ෂෝක් ෂෝක්...
************************
+ අයියෙ නාරං තියෙනවද ?
= නැ මල්ලි ?
+ නැද්ද හා හරි යන්නං එහෙනං ?
************************
- මොනවද මැට්ටො කරන්නෙ
+ ඇයි
- ඔයා ඇහුවෙ බේබි නාරං යෑ.නාරංනෙ
+ අහ්. මම හිතුවෙ ඔයා බේබි කිවුවෙ මට කියල ?
- අනේ මේ යනව යන්න මොට්ටයා.
+ දැන් හරවන්න කම්මැලියි. පස්සෙ ගමු..
- හ්ම් හා. එහෙනං පරිස්සමින් බඩු අරන් එන්න. බුදු සරණයි
+ ආදරෙන් ඉන්න සුදු නංගි..!
====================
රුවන්වැල්ල මං යනකොට 
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි
පවන් රැල්ල ගෙන එනවා
ගතට සුවය සැනසිලි
නැවුම් නිල්ල පොබයනවා
රහසෙම පෙම් සිතුවිලි
නදී රැල්ල අතුරනවා
ටිකිරි පයට පියවිලි
හිනා රැල්ල නැංවෙනවා
හඳපානේ දිලි දිලි
මං එතකොට තනිවෙනවා
හදත් සමග කෙඳිරිලි
රුවන්වැල්ල මං යනකොට.....
රුවන්වැල්ලෙ රුවන් සිනා
මා වටකොට වෙලීයන්
පවන් රැල්ල සිහිලස දී
සුවඳ මුසුව ඇදීයන්
සිනා රැල්ල සදාකල්ම
මා වටකොට සරාපන්
රුවන් තැල්ල බඳින තුරා
තනිකම දුක නොදීයන්
රුවන් කෙල්ල ලැබෙන තුරා
ගංගාවේ ගලාපන්
රුවන්වැල්ල මං යනකොට...
=========== ගායනය - සේනානායක වේරලියද්ද
--කුරුළු---

ගීතය -

== කඩුතුඩු මත සැතපෙන්නෙමි - ඔබ සැනසේ නම් ==




- ආයුබෝවන් කුමාරයාණෙනි !
+ කුමාරයා !
- එසේය.. සුභ උදෑසනක් වේවා. දැන්ද අවදි වුණේ..
+ මේ මොන කෝලමක්ද උදේ පාන්දර..
- කෝලමක් නොවේ කුමාරයාණෙනි මේ කොරියානු නාටකයයි
+ අහ් හරි හරි.. තේරුණා.. ඉතින් කෙස්ද සේවිකාව. නුඹ මා ගේ උදෑසන තේ කෝප්පය පිලියෙල කලාද
- සේවිකාව ! හුහ් මම කුමාරි අනේ. හිතේ ඇති මාව සේවිකාවට ගන්ඩ. දෙන්නෙ ටොක්කක්..
+ හා හා හා හා හා සරදමක් කලේ කුමරිය මා..
- අහා.. කුමරැන් දක්ස හැඩයි සරදමට. ඉතින් අද දිනයේ රාජ්‍යයේ තතු කෙසේද? පිය රජුන් හා එක්ව සේවා සථානයට නොයන්නේද ?
+ නැත කුමරිය. අද මට මදක් අසනීප ගතියයි. දිගටම නිවසේ නැත නැත මාලිගයේ රැදි සිටින්නයි මාගේ අදහස
- කදිමයි ඇත්තටම එය කදිමයි කුමරාණෙනි.. මා සමග කතා බස් කරමින් අපට නිදහසේ සිටය හැකියි එවිට.
+ මොනවද අනේ උක්තය ආක්‍යාතය මාරුකරල වාක්‍යෙය් මුල මැද අග පටලවල කියන්නෙ..
" ඔයා මොනවද අද කරන්නෙ කියල අහන එකට - මොනවද ඔයා කරන්නෙ අද ? " කියල අහුවාම හරියනව ඊරි
- එහෙම තමා මැට්ටො කොරියන් කතා වල හුහ් එහෙම නැති වුනාම නිකං අපේ රටේ රජ කතාවක් වගේ එනවනෙ නිකං. අර තොරණ වල කියනව වගෙ වෙසක් එකට..
+ එක්ත් එහෙමද ? හාකෝ හාකෝ !
- නුඹ මාලිගයට තිබේද විදුලිය කුමරානෙනි
+ නැත, නුඹට තිබේද ඇයි ! වැටුනු වැස්සෙන් ඊයේ රාත්රියේ සියලුම විදුලි සේවා වී ඇති හැඩියි අඩපණ
- මේ ගොං විදියට වාක්කය වෙනස් කරන්නෙපා හරිද . කැතයි එතකොට. මගෙන් ඉගෙන ගන්ඩ අනේ.
+ හරියෝ..
- හහ් හහ් හහ්හ හ්හ හ්හ කාරණාවක් එය නම් මගේ සතුටට. දෙවියන් වහන්සේ කන් දී ඇති හඩයි මා හට. නුඹලාට පලමුව අපට ලැබි ඇත විදුලිය
+ සිතන්නේ එසේද නුඹ. දෙවියන් කන් දුන්නේ මාගේ ඉල්ලිමටයි. සුදු නංගි කුමාරිය වෙත පලමුව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ මාය.
- අහා... සත්‍යක්ද ඔබ පවසන්නේ.. එසේනම් ඇහුම්කන් දුන්නාද නුඹට, දෙවියන්,
+ ඒ බවකුයි පෙනෙන්නේ... මා හට ලැබෙන්න යයි කියා නුඹ පැතුවේ නැතිද කුමරිය..
- පැතුවා කුමරානනි මාද ? විදුලිය නැත්තේ ඇයිද තවම නුඹට. හැබැයි.. හැබයි.. මා පැතුවේ කුමරාණන් මා හට සත්්‍ය වශයෙන්ම ප්රේම කරන්නේනම් පමණක් ලබාදෙන ලෙසයි විදුලිය..
+ කුමක්ද පවසන්නේ. එය එසේනම් දැන්ම පැණිය යුතුයි..
පැමිණියා පැමිණියා අපිටත් විදුලිය.... හුරේ.. ඒ කියන්නේ මගේ පේ‍ර්මය සත්‍යක්..
- හ්ම්... අනේ අනේ ඩෝ ජුන් කුමරානෙනි ඉන්න පනින්නෙ නැතිව උඩ. මා පැතුවේ සවසයි ඊයේ. අදයි ලැබුනේ විදුලිය නුඹට. පරක්කුව ඇයි ද ?
+ එය නුඹගේ දෙවියන්ගෙන් අසව... මේ මොකක්ද අර නම් කිවුවෙ ! ඩෝ ජුන් !
- ඔවු එය නුඹගේ නමයි. ඩෝ ජුන්
+ මොකක්ද අනේ කිසිම කමකට නැති නමක්නේ දානවකෝ ලස්සන එකක්..
- හැහ් හැහ හැහ හැහ්.. කුමරානෙනි සමාවන්න. මෑණියන් මා කැදවනවා මා සිතන්නේ මා හට යාමට අසු කරත්තය සූදානම්.. යා යුතුයි දැන් මා.. නගරයට ගොස් පැමිනෙන තෙක් ඉවසන්න. වෙදැදුරැ තුමා හමුවී අසනීපයට ප්‍රතිකාර ගන්න..
+ මෙ මේ යන්න කලින් අර නම වෙනස් කරල යනව ඒකෙ කැත..
- බැ බෑ බෑ හු හූ හූ.. දැන් වෙලාව නැ කිය කිය ඉන්න. අකුරු දෙක මාරු කරල බලනව " ඩෝ ජුන්" කුමරානෙනි..
+ ආ ඇත්තද ? අහුවෙයන්කො අවාම..
ආදරෙන් ඉන්න......
==============
මියුරු කල්පනා
නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද
සිතත් හිනැහුනා
වරෙක නැලැවුනා
වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද
සිතක් මැලැවුනා
මියුරු කල්පනා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා...
පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි //
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා //
============== වික්ටර් රත්නායක
--කුරුළු---

අපි ජීවිතේ වරදුනාද වරද්ද ගත්තාද

* මගේ ජීවතේම කඩා වැඩුන වගේ දැනෙනව අයියෙ. මම හිතන්නෙ මට වැරදුනා වගේ
+ ඇයි නංගි එහෙම හිතන්නෙ
* නැ මට එහෙම හිතෙනව අනේ මන්ද මගේ අාදරේ මාව දාල ගියා අයියෙ බාගදා මමත් වැරදි වෙන් ඇති කොහොම හරි මට සේරොම නැති වුන එකයි අන්තිමට වුනේ
+ ඉවසමුද ටිකක්.....අපි ඉවසලා බලමුද
* ඉවසලා ඇති අයියෙ දැන් . මම ගොඩක් ඉවසුවා. හැමදාම අඩනව ගෙදර ඇවිල්ල වැඩට යන ටිකේදි විතරයි ටිකක් හිනා වෙලා ඉන්නෙ
+ ඉතින් හවසටත් ගෙදරදි වැඩ කරන්න 
* බැ අයියෙ මතක් වෙනව මට 
+ හ්ම් නංගි කැමති නම් මම දෙයක් කියන්නම් අහන්න පුලුවන් නං
* හරි අයියෙ
+ නංගි මෙහෙමයි. ගැහැනු ගොඩක් ඉවසනව. ඒ වගේම පිරිමි අපි තේරුම් නොගන්න එක තැනක් තියෙනව ඒ තමා ගෑනුන්ගෙ පීක් පොයින්ට් එක එහෙමත් නැත්තං ඉවසීමේ කැපවීමේ උපරිමය.
* හ්ම්
+ ඕනම ගැහැනු කෙනෙක් තමන්ගෙ උපරිමයටම ඉසවසන කල් බලනව. හැබැයි ඒ උපරිමය කෙනාගෙන කෙනාට වෙනස් වෙනව. පිරිමි අපි දැනගන්නොන තමන් ආශ්‍රය කරන ඒ කෙනාගෙ ඉවසීමේ උපරිමය , කැපවීමේ උපරිමය කොතැනද කියල. මොකද ඒ තැන හරියට දැන නොගත්හම ප්‍රශ්න ඇතිවෙනව. හරියටම මෙන්න මේ වගේ උදාහරණයක්, 
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් කොච්චර එනවද එත් කෙල්ලො එක පාරටම කැමති වෙන්නෙ නැ සමහරු සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙක තුනක් ඒ කොල්ලට තමන් වෙනුවෙන් බලන් ඉන්න සිද්ද කරනව එත් එක සීමාවක් තියෙනව නංගි ඒ කෙල්ලට අර කොල්ලව දරන්න බැරි අන්න ඒ අවස්ථාවට ආවම අර කෙල්ල කැමති වෙනව කොල්ලට එහෙම නැත්තං ආදරේ කරන්න පටන් ගන්නව. මතක තියාගන්න අර ගැනු ළමය ආදරේ කරන්න පටන් ගත්ත තත්පරය වෙනස් වෙන්න තීරණය කරපු මොහොතෙ ඉඳන් අර පිරිමි ළමය අවුදුරු කීයක් ආදරේ කලාද ඊට වඩා දහස් ගුණයකින් ආදරේ කරන්න පටන් ගන්නව. ඒ වෙනුවෙන් ජීවතේම කැපකරන්න පටන් ගන්නව. හැබැයි කොල්ල ගැනු ළමය ගේ උපරිමය නොදැන අතරමැද දාල ගියානම් කවදාකවත් එයාව ලැබේන්නෙ නැ. 
* හ්ම්
+ ඒ වගේම තවත් දෙයක් තියෙනව. හිතන්නකො ආදරේ කරල කාලයක් ගියාට ප්සසෙ එක කඑ ප්‍රශ්න ඇති වෙලා දුර දිග ගිහින් ගැනු ළමය පිරිමි ළමයගෙ පස්සෙන් එන්න පටන් ගන්නව කියල. සමහර විට අඩාගෙන වැටීගෙන පස්සෙන් එනව. වැඩ කරන තැන් වලට හොයාගෙන යනව එහෙම නැත්ත එපා වෙනකං කොල් කරනව ගෙවල් වලට කතා කරනව. කකුලෙ එල්ලීගෙන බදාගෙන ප්සසෙන් එයි, හැබැයි නංගි එක මොහොතක් එනව ඒ ගැනු දරුවා තමන්ගේ උපරිමයට එන අන්න ඒ වලොවට එයා අනික් පැත්ත හැරෙනව, එයා ඒ මොහොතෙ තීරණය කරනව ආයෙ අර පිරිමි ළමයගේ පස්සෙන් යන්නෙ නැහැ එයා දිහා බල්නනෙත් නැ ආදරේ කරන්නෙත් නැහැ කියල අන්න ඒ මොහොතෙ ඉදන් වෙන්නස් වෙන්න පටන් ගන්නව එදායින් පස්සෙ අර පිරිමි ලමය ආයෙ කොච්චර කරදර කලත් වැටි වැටී පස්සෙන් ආවත් ගැහැනු ලමය හැරිලවත් බලන්නෙ නැ.. ඒ නිසා පිරිමි ගොඩ්ක වරද්දගන්න තැන තමයි අර කැපකරන ඉවසන සීමාව නොදන්න එක.
* ඔයා හරි අයියෙ
+ ඉතින් නංගි මම මේක කිවුවෙ ඔයාට ඔයාට දැන් නැති වුනානම් ආදරේ එයාට එපානම් ඔයා වුනත් දුක් විඳල තෙරුමක් නැනෙ. ඉතින් ඔයා කැමතිනම් අද එලි වෙනකම් හරි අඬල ඔයාගෙ උපරිමයට යන්න. කොයි හරි වෙලාවක ඔයාට හිතේවි දැන් අැති තවත් අඩල වැඩක් නැ කියල අන්න එවෙලෙට ඔයාට සහනයක් දැනෙයි. නිදහසක් දැනෙයි. 
* හ්ම් ඔවු අයියෙ මාත් කල්පනා කලා
+ මේක ආදරේට විතරක් අදාල නැ නංගි. මුළු ජීවිතේටම අදාලයි. ගැනු දරුවෙක් තමන්ගෙ ගෙදරටම විරුදධ වෙලා රණඩු කරල කොල්ලෙක්ට ආදරේ කරන්න ඕනමයි කින තීරනේ ගන්නෙත් එහෙමයි ඒ වෙලාවට එයා ලැස්තියි ඕන කෙනෙක් එක්ක සටන් කරන්න ඒ වෙනුවෙන්. සමහර වෙලාවට කියනව පිරිමි ආදරේදි ඕන දෙයක් කරනව කියල එත් මම හිත්නනෙ අර උපරිමත්වයට පත් වෙල ගැහැනියෙක් ගන්න තීරණයක් ඊට වඩා බලවත්. කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න හිතාගෙන ඒ කෙනාවම විවාහ කරගන්නා ගැහැණියක් ගෙදර පන්සිල් අරගෙන සිල්වත්ව හැදුණ කෙනෙක් වුනත් තමන් විවාහ වුන මනුස්සයා කසිප්පු පෙරන කෙනෙක් නම් දෙන්නගෙ පවුල රැක ගන්න කියල හිතල ඊලග දවසෙ බූලිය අතට අරන් එලයට බහින්න පුළුවන්. මනුස්සය එක් තැන් වුනාම, ගෙවල් සින්න වේගෙන යනකොට දරුවන්ට කන්න බොන්න දෙන්න නැති වෙනකොට තමන්ගෙ ඇඟ විකුණල හරි පවුල රකිනව කියල තීරනයකට එන්නෙත් අර උපරිම අවස්තාව තමයි. 
* හ්ම්
+ අවසානවට ගැහැනු මිනිස්සු දන්නෙ නැ තමන්ගෙ උපරිම අගය කීයද කියල පිරිමින්ට ඒක තේරුම් ගන්න උවමනාවකුත් නැ. හැමෝම තේරුම් ගන්නෙ සියල්ල සිදු වුනායින් පස්සෙ. ඒ නිසා කිසිම දෙයකට ඉක්මන් වෙන්නත් එපා පරක්කු වෙන්නත් එපා. මම හිතන්නෙ මම කියන දේ තේරුන්න ඇති ඔය දරුවට
* ඔවු අයියෙ පිං. මට තේරුණා මම හිත හදාගන්නම්.
+ හදාගෙන මදි නංගි ! හදාගන්න හිත හොඳට බලාගන්න..බුදු සරණයි ආදරෙන් ඉන්න !!
-කුරුළු-

Sunday, January 24, 2016

නමක් නැති ! 01



== අවසන එය ලිවීම ඇරඹීමි. මෙයින් මතු මා කොයිබට දිවේදැයි නොදනිමි. නමුත් අවබෝධ වූ දෑ ලිවිය යුතු යැයි සිතමි ====
.
දෑස් අඩවන්ව පද්මාසනයෙන්  හිඳගත් අයුරින්ම හෙතෙම පසුවිය.
ගෙවෙන්නා වූ  මිනිස් ලොව පැය පිළිබඳව අවබෝධයක් නොවුනත් ගතකරන කාලය තුල ම ජීවත් වන්නා සේ දැනුනි.
මෙතෙක් රැස් කරගත් වෙර වීරියෙනුත් පාරමිතා ශක්තියෙනුත් ධ්‍යාන බලයෙනුත් ක්‍රමයෙන් සසර මග විමසන්නට පටන් ගති.
සසර ගමන ප්‍රථම වතාවට පැහැදිලි ව දැනේනනට පටන් ගති.
සතත්වයා ක්ලේෂයන් නිසා වරින් වර ඉපැදීමත් ඉපැදීම කරණ කොට ගෙන ජරාවට පත් වීම ව්‍යාධිය ද ඉන් පසු මරණයට ගොදුරු වීමද ඒ ඒ සිදු කරන කුසල් අකුසල් පෙර දැරිව වඩාත් සුදුසු ස්ථානයක නැවත ඉපැදීම සිදු වන බවත් පැහැදිලි විය.
සසර ගමනේදී සතත්වයාට කුසල් ය අකුසල්ය ලෙස ගුදම් දෙකක් ලැබේ. ඉන් තමා විසින් කුසල් ගුදම පුරවන්නේද අකුසල් ගුදම පුරවන්නේද යන්න සතත්වයාගෙ කාර්යයකි. පෙර විසූ බුදුවරු මුණ ගැසී සසර පුරුදු ඇත්තවුන් කුසල් යනු කවරේද යන්න අවබෝධයෙන් ඒ සඳහා වෙහෙසෙන බවත් පෙනෙන්නට විය.
තමාද ඒ තණ්හංකර , මේධංකර, සරණංකර ,දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස,
ඵුස්ස, විපස්සි,සිඛි, වෙස්සභු, කකුසන්ධ, කොනගමන, කස්සප විසි හතක් බුදුවරුන්ගෙන් බණ අසා විවරණ ගෙන පෙරුම් පුරණා බෝසතුන් වහන්සේ කෙනෙකු බවත් කෙලෙසුන්ගෙන් මිදීම ඉතාම ආසන්න බවත් අවබෝධ වන්නට පටන් ගති.
සියළු සතත්වයන් පෙරුම් පුරන්නෝය යම් දවසක නිර්වාණාවබෝධය ලබති. යම්කිසි පෙරුම්පරන්නෙකු තම කුසල් ගුදම සම්පුරණයෙන් පුරවාගත් පසු ඔවු නිර්වාණාවබෝධය ලැබුවා නම් වනු ඇත. ඒ එලෙස කුසලයන්ගෙන් පුරවා ගැනීම ඒ තරම්ම අසීරු කටයුත්තක් වන බැවිනි. තමාද සාරාසංඛෙයිය කල්ප ලක්ෂයකටත් ඉක්මවූ කාලයක් පෙරුම් පුරමින් මේ සසර ගමන කුසල් ගුදම පුරවා ගෙන ඇති බව හෙතෙම අවබෝධකරගත්තේය.
සියළු සතත්වයෝ ලෝභයෙන් අල්වාගැනීමත් ද්වේශයෙන් බැහැර කිරීමත් නිසාම මේ සසර ගමන දිග් කරගන්නෝ වෙති. සිත නම් ඓන්ද්‍රිය මනාව නොහික්මවී ම මෙයට හේතු වන බව පැහැදිලි වන්නට විය. මෙය මිනිස් ලොව සියළු සතත්වයන්ට පැහැදිලි කල යුතුය ඒ සඳහා අවශ්‍ය බුද්ධත්වය තමා ලැබූ වේ තම සිත තුල හෝ වේවා සසර තුල හෝ වේවා වූ කුසල් ගුදම පුරවා ගත්නිසාවෙන් බව හෙතෙම අවබෝධකොට ගති.
මෙයින් මතු උපතක් නැත. සියළු කෙලෙසුන් ප්‍රහීන කලෙක්මි නමුත් සතත්වයන්ගේ සිත සුව පිණිස නැවත පෙනී සිටිය යුතුය දහම වැපිරිය යුතුය සත්‍යගවේශනයේ අවසන මේ මහා ධර්මය සතත්වයා හමුවේ දේශනා කල යුතුය. එයෙහින් නැවතත් උපතක් සිදුවිය යුතුය. එය හුදෙක්ම කුසල් පිරීමක් නොව වීර්යයයෙන් හා ධෛර්යයයෙන් යුතු පරමාදර්ශීව බුද්ධතත්වය කරා යන ගමනක්ම විය යුතුය. එය කියවා බලා දේශනා කරන්නාවූ දහම අවබෝධයෙන් බොහොමයක් සතත්වයන් නිර්වාණාවබෝධය ලබනු ඇත. සසර ගමන එකට සිටි සියල්ලන්ගේද අවසාන උත්පත්තිය එය වනු ඇත.
හෙටින් පසු සියල්ල සැලසුම් කල යුතුය. අධිෂ්ඨානය එය විය යුතුය. එය සප්ත ලොවටම ශාන්තියක් වේවා... !!!!
.............. හෙතෙම සෙමෙන් දෑස් හැරියේය. මනු ලොවින් පිටවූ වෙලාවක් නොදැනින. තුසිතයේ ඇස් හැරීය. බුදු මඟ සැළසුම් කිරීමට කදිම ස්ථානයකැයි සිතුණි. තුසිතයේ ආයු කාලය දිව්‍ය වර්ෂ හාරදහසකි නැතහොත් එක් දිනක් යනු මනුශ්‍ය වර්ෂ හාරසියයකි. ඒ අනුව බැලු කල මනු ලොවට දිගු කාලයකි.
දිව්‍ය සැප විඳීමේ කැමැත්තක් නැත නිර්වාණ මාර්ගය තිබේ. සියල්ල සැලසුම් කල පසු මෙයින් නික්ම යා යුතුය. උපත සඳහා කාලය දීපය දේශය කුලය සහ මව , නිමිති බැලිය යුත්තේ ඒ උපත හුදෙක් සකල සතත්වයා කෙරෙහි නිර්වාණාවබෝධ මාර්ගය හෙලි පෙහෙලි කරනු පිණිස වන උපතක්ම වන හෙයිනි.
සදෙවු ලොව වැසියන්ද මෙලාව වැසියන්ද කැඳවිය යුතුය, විශ්ණු, මුරුගන් , ගණේෂ , විභිසණ, මහා බ්‍රහ්ම, ආදී සියල්ලන්ද රාවණයන්ද කැඳවිය යුතුය.
බුදුවීම අවබෝධ කරන්නාවූ මාර්ගය සැකසිය යුතුය. තුසිතයේදී ශවේත කේතු නාමය වූවත් මතු උත්පත්තියේදී සිද්ධාර්ථ නාමය ම විය යුතු බවට හෙතෙම තිර අධිෂ්ධානයක් කලේය......... !!
--කුරුළු-

( මෙය හුදෙක් කොටස් වශයෙන් ලියන්නට වෙර දරන ප්‍රභන්ධයක් , මනංකල්පිතයක් වන අතර කිසිදු අකාරයේ නිග්‍රහ කිරීමක උත්සාහයක් නොවේ )