'
- සුදු අයියෙ
+ ඇයි ?
- මට තෑග්ගක් ඕන
+ එක පාරටම
- ඔවු මට ඕන
+ මොකක්ද ?
- හාවෙක් ඕන ..
+ ඔයාට ?
- ඔවු මට හාවෙක් ඕන ඇති කරන්න ගෙදර
+ ඉතින් මාව ගෙනිහින් තියාගන්නකො
- හුහ් මෙන්න වැඩක්.. මට ඕන
චිම්පන්සියෙක් නෙවි අනේ හාවෙක් හාවෙක් ! අර කං ලොකුවට තියෙන්නෙ
+ ඉතින් මං හාවෙක් තමා
- ආ... මේං වැඩක් දැන් එතකොට ඔයා
හාවා .. අනේ විහිලු නෙවෙයි අනේ
+ හම් ඉතින් දැන් බල්ලෙකුත්
ඉන්නවනේද ගෙදර
- ඔවු ! ඉතින් ඒ බල්ලෙක්නෙ.
හාවෙකුත් හිටියනං මොකෝ
+ ඉතින් එහෙම බැනේ බල්ලොත් එක්ක
හාවො තියාගන්න බැ උන්ව හපනව.
- නැ අනේ හාවො හප්නනෙ නැ උන්
අහිංසකයි
+ මී හරකියෙ. හාවව බල්ලා හපයි,
- නැ අනේ අපේ බ්ලැකියා එහෙම නැ
එහෙනං අපිවත් හප්නනෙපැයි
+ ඇයි ඔයාල හාවොද ? සත්තු කැමති නැ එයාලට ලැබෙන ආදරේ බෙදනවට කොහොමත් ඔයා හාවාව හුරතල්
කරද්දි ඌව හපල දායි.
- අනේ යනව යන්න. බැ කිවුව නං ඉවරනෙ
බොරු නොකිය.
+ බොරු නෙවේ.
- නැත්තෙ කොහද අර පල්ලෙහා ගෙදර
අංකල් ඒ නංගිට ගෙනත් දිල එහෙත් බල්ලෙක් ඉන්නෙ ඔය ඉ්නනෙ දෙන්නම ෂෝක් එකට.
+ හම් එක්ත් එහෙමද? එ්ක තමා මෙයාටත් ඕන. දකින දකින දේ ඉල්ලන එක තාම අයින් වෙලා නැ වගේ.
- අනේ මේග හොද සුදු අයියනෙ දෙනව නේද
මට එකෙක් !
+ හම් හා මම ඊලග දවසෙ එනකොට ගේමු.
දෙන්නත් එක්කම යමු ගිහින් ගේමු. දන්නවද ඉන්න තැන්.
- ඔවු.... මම දන්නව.. පොලේ ඉන්නව
කුඩු වල දාල.. මම දන්නව තැන මම එක්කං යන්නං හොදද ඔයා මට අරන් දෙන්න ලස්සන එකෙක්.
මම ඌව තියාගන්නං මගේ ලගින්ම.
+ සුදු නංගි දන්නවද හාවො කරන්නෙ
කනවයි ජරා කරනවයි විතරයි. වෙන වැඩක් නැ ඔයාට ගේ හෝද හෝද ඉන්නවෙයි ?
- නැ නැ කමක් නැ මම ඒව කර ගන්නං. මට
ඕන හවසට ආවම ඌ එක්ක සෙල්ලං කරන්න.
+ එතකොට බ්ලැකියා
- ඌත් ඉන්නව ඉතින් ඌත් එක්ක දැං
සෙල්ලං බැ අප්ප ඌ හෙන ලොකුයිනෙ.ඌ ඉන්නෙ මගේආරක්සාවට.
+ හ්ම් ඒකත් එහෙමද ? හොදයි සුදු නංගි මට පොරොන්දුවක් වෙන්න ඕන හැබැයි.
- මොකක්ද ?
+ හාවෙක් සුදු නංගිට ලැබුනත් කවද
හරි ඌ මැරුනොත් අඩන්නෙ නැ කියල.
- අනේ ඇයි මේ මැරෙන කතා කියන්නෙ ගේන්නත්
කලින්. නැ මම මැරෙන්න දෙන්නෙ නැ මම බලාගන්නව ඌව.
+ මේ අහන්නකො. ඒ සත්තු බල්ලා, ගිරවු, ලවු බර්ඩ්ල, මාළු, හාවො, පුසො සේරොම අපි තරං ජීවත් වෙන්නෙ නෑ. උන් ඉක්මණට මැරෙනව කොහොමත්.
තේරුණාද? ඒ නිසා හාවෙක් නෙවෙයි ඕනම සතෙක්
අපේ ළගට ගන්න කොටම අපි දැනගන්නොන ඒ අය අපිට කලින් මැරෙනව කියල . ඒ අදද හෙටද
අවුරුද්දකින්ද දෙකකින්ද කියන එක නෙවෙයි වැඩේ. කොයි වෙලාවෙ හරි මැරෙනව කියල අපි
දැනගෙන ඉන්න ඕන. අපිත් එක්ක ඉන්නකං හොඳට බලාගත්තාම ඇති. තේරුණාද ?
- හ්ම්..
+ සත්තු විතරක් නෙවෙයි සුදු නංගි.
මාත් මැරෙනව කවද හරි ඔයත් මැරෙනව. සුදු නංගි කවදා හරි හිතුවද සුදු නංගිගෙ අම්මයි
අප්පචිචිත් මැරෙයි කියල.
- නෑ
+ ඒකනෙ. ඒ අයත් මැරෙනව. අපේ සීයල
මැරුණා. එතකොට සීයගෙ තාත්තව මම දැකල නැ එ ්කිය්නනෙ ඊට කලින් එයාල මැරිල. ඒ වගේ අපේ
අම්ම අප්ච්චිත් අපිව දාල යනව. කවදා හරි දවසක අපි දෙන්නත් යයි. අපිත් එක්ක ඉන්න කං
හොදින් හිනා වෙලා ආදරෙන් ඉන්න එක තමයි අපි කරන්නොන. අම්මට තාත්තට කිලන් අපි
මැරුනොත් අපිට දුකක් නැතත් එයාලට ගෙඩක් දුක හිතෙනව. ඒත හරි නම් පිළිවෙලකට අපි
හැමෝම මැරෙන්න ඕන.
- සුදු අයියෙ. අම්මයි අප්පච්චියි
මැරෙයිද ? බ්ලැකිත් !
+ හහ් හහ් හහ ්හහ් හහ්.. ඉතින් මම කිවුවෙ
දරුවො. අඩු ආයුෂ තියෙන අය ඉක්මනට යනව. වැඩිපුර තියෙන අය වැඩිපුර ඉදල යනව එච්චරයි.
එකම දේ නං අපි දෙයක් ලං කරගන්නකොටම දැන ගන්නෝන මේ දේ කවද හරි අපිව අතහැරල යනව කියල
සුදු නංගි මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නැ. මමත් මැරෙයි දවසක ඔයාව දාල.
- අනේ එහෙම කිය්නනෙපා මම තනිවෙයි..
+ අන්න දැක්කද ඕක තමයි නංගි අල්ලා
ගැනීම කියල බුදු සාදු කිවුවෙ. ඔයා බය ඔයා තනිවෙනවට මිසක් අපි මැරෙනවට නෙවෙයි.
නිවන් යන්න ඕනි නම් අල්ලා ගැනිම නවත්තවන්න. ගිහි ගෙයි ඉන්නවනම් අවබෝධයෙන් ඉන්න.
සුදු නංගි ආසාවෙන් අරංගිය බැග් එක පෑන , ගෙදර කොප්පෙ
පිගාන ඇඳ, ඇඳුම් කෝචචර ආස වුනත් කී පාරක්
වෙනස් කරන්න ඇතිද ? ආසාවෙන් ලං කරගත්තුව ඔයාට වදයක්
වලා විසික් කරන්න ඇතිද ? හැම දේම ඒ වගෙයි සුදු නංගි. ලං
නොකර ගෙන හිටියහම ඇති. ඇතින් ඉදන් බලල සතුටු වෙන්න පුලුවන් නං ඒක වටිනව
- හ්ම්. සුදු අයියෙ...
+ ඇයි..
- මට අර හාවා එපා..!
+ ඇයි ?
- නැහැ කමක් නැ. දුකක්නෙ බැරිවෙලා
හරි බ්ලැකියා එයාව හැපුවොත්. ඊට පස්සෙ මට බැලැකියත් එක්ක තරහ හිතෙයි. ඕන නැ. සුදු
අයිය කිවුව හරි. මම පල්ලහා ගෙදර හාවාට හැමදාම මොනව හරි අරං ගිහින් කවල එන්නං. එ්
ඇති.
+ හොදටම විස්වාසද ඕන නැ කියල.
- හ්ම්.. ඔවු. මම තේරුම් ගත්ත සුදු
අයිය කිවුව දේ..
+ හා එහෙනම් මම තියන්නම් බුදු
සරණයි.
- සුදු අයියෙ.. එත් ..
+ එත් මොකද ?
- සුදු අයිය මාව දාල යනව කියල මට
කියන්නෙපා මට දුකයි. මම අඩනව.
+ දැන් ඔය අඩන්නෙත් ආශාවන්
අල්ලාගත්තු නිසාන් නංගි. එහෙම නෙවෙි අපි ජීවිතේ තේරුම් අරං ජීවත් වෙමු. එතකොට අපිට
ජීවිතේ ලේසි වෙයි.
- හා මං ආදරෙයි ...
+ ආදරෙන් ඉන්න සුදු නංගි...
======================
මේ ප්‍රේම කථා
නවතා මොහොතක්.....
අපි අවට බලමු
ඇස් ඇරලා.....
නැති බැරි කම්
හතර අතේ....
පාවෙනවා සුලඟ
වගේ....
.
නැති බැරි කම
ජය ගන්නට වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා
ඔරුවක් වෙමු ජීවන ගග පැද යන්නට
.
අවුල් තැවුල්
පිරුණු ලොවක අසරණ වූ මිනිස්සුට
අපි දෙන්නා
පලසක් වෙමු දෙපිය නගා ඇවිදින්නට
.---------- රඹුකන සිද්ධාර්ථ හිමි ( රචනය )
===============එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
-- කුරුළු--
Song - https://www.youtube.com/watch?v=ZvmEJxghGww



