Thursday, December 10, 2015

== පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ - මොණරිය වාගේ ආඩම්බරයි == ( බස්සියො නෑ හරී ) ==============


.
+ හෙලෝ
- හෙලෝ... හෙලෝ නෙවෙයි. මොකෝ උදේ ඉඳන් ෆොන් බිසි..! දැන් වෙන කෙල්ලෙක්වත් ඉන්වද දන්නෙ නැ.
+ අනේ නැ අනේ මට කොයින්ද එච්චර වාසනාවක්.
- එහෙනං බිසි
+ මම බ්ලොක් කලා
- කාවද ?
+ ඔයාව
- මොකෙන්ද ?
+ මගේ ෆොන් එකෙන්, ඔයාගෙ නම්බරේ බ්ලොක් කලා
- ඇයි ඒ.
+ මම වැඩ නිසා..
- ආපෝ හරි නපුරුයිනෙ ඔයා ඕන නැ මම තියනව. ඔහොම මිනිස්සු මට එපා
+ නැ මේ අහන්නකො
- නැ නැ ඕන නැ අයෙ කතා නැ ඔයා එක්කල. ඇයි දැන් බ්ලොක් එක අයින් කලේ
+ අහ් දැන් වැඩ අඩුයි
- ඉතින් බ්ලොක් කරලම තියාගන්න. ඔන් නැ මම කතා කරන්නෙ නැ ආයෙ. එහෙම සැරින් සැරේ වෙනස් වන මිනිස්සු මට එපා. මම තියනව බායි.
+ මේ අහනවකො ඉතින්. මම හිටියෙ මීටිමක. ඔයා කෝල් කලොත් ඇහෙන නිසා සයිලනට් කලා.
- ඉතින්
+ ඉතින ්කිය්නනෙ ඔයා කෝල් 5ක් අරන් තිබුන ඒ පාර මම ඕෆ් කලා..
- ඉතින්
+ ඕෆ් කරලත් තියන්න බැනෙ වැදගත් කොල්ස් එනවනෙ.
- ඇත්තද
+ ඉතින් මම ආයෙ ඔන් කරල ඔයාව බ්ලොක් කරලම දැම්ම. සිම්පල් ප්ලැන් එකක් නේහ්.
- අනේ මම අඩනව හොදද.. ඒ කියන්නෙ මගේ කෝල් එක ඔයාට වැදගත් නෑ නේද අයියේ හ්ම්.
+ අනේ මේ දැන් එල්ල ගන්න හදන්නෙපා. මම හවසට කෝමත් කතා කරනවනෙ. අනික හදිසියක් නං ඔයාට තිබුනනනෙ මැසේජ් එකක් දාන්න.
- මම දවල්ට කැවෙත් නැ බලන් හිටිය ඔයා කොල් කරනකං මම හිතුවෙ ඔයාට කරදරයක් වෙලා ඇති කියල
+ කරදරයක් වුනා තමා කොල් කරපු වෙලාවෙ එක දිගට
- යකෝ.. මම කිවුවෙ මාව නෙවේ.. තොට අසනීප වෙලා ඇති කියල හිතුවෙ..
+ මොකක් ? යකෝ ! තොට ! දෙන්නෙ කට තැලෙන්න. කොහෙන්ද රස්තියාදු වචන ඉගෙන ගත්තෙ
- ඇයි ඇයි මොකෝ ඔයා . ඔයා නපුරු නං මාත් එහෙමයි. මම මේ අහංසක වෙන්න වෙන්න මෙයා එනව මාව යටත් කර ගන්න. ඉන්නවකො මාත් ඉන්න කැත්තට පොල්ල වගේ.
+ ආයෙ කියල තිබුනොත් බලාගමු හරිද ? මට ඔය වගේ වචන කිවුවොත් මේ සම්බන්ධෙ ඉවරයි.
- ආ ඇත්තද මේක කොහොමත් මෙතැනදිම ඉවරයි. ආයෙ කියන්නෙ නැ ඒ නිසයි කියල දැම්මෙ.
+ ආ එහෙමද අම්මණ්ඩි. එහෙනං මම තියන්නම්
- තියන්නොපා අහගන්නව මේ ටික හොඳට !
+ මොනවද නැ ඔන නැ මම තියන්නං..
- නෑ අහගන්නව. මේ සෙනසුරාදා ඒ කියන්නෙ 12 හවස 3 ඉඳන් Yashodha Sammanimani​අක්කගෙ පොත එලිදක්වනව..
+ ඉතින්. මම දැක්ක මේ දවස්වල වොල් එකේ අඩියක් අඩියක් ගානෙ ඒක ගැනමයි පෝස්ට්.
- එහෙම තමා ලස්සනට වැඩක් කරනකොට. හොදට පබ්ලිසිටයක් තියෙන්න එපැයි
+ එහෙමද ? මම හිතං හිටියෙ විකිණෙන අඩු බඩු වලටයි ඇඩ් දාන්නෙ කියල.
- ඊරිසියාව මිස්ට කුරුළු ඕක ඉරිසියාව දන්නවද .. අනේ පවු ඔයා..
+ හරි දැන් මොකටද මේ කෙකර ගාන්නෙ මෙයා ..
- ඉතින් මට ඒකට යන්න වෙන්නෙ නැනෙ. මම ඒ අක්කගෙ කවි වලට ආසයි
+ කවි ! එයා ලියනවද ? හා ඉතිං
- ඔවු ලියනව ඔයා වගේ සීනිබෝල ඒව නෙවේ.. මේ ඉන්න කෙල්ලො බුරුතු පිටින් ඔයාගෙ කවි වලට මැරෙන්න හැදුවට මම ආස බස්සි අක්කගෙ කවි වලට.
+ අහ්. එහෙමද ? දැනගත්තු එක හොදයි.. ඇන්ටිල එහෙම තමා කොහොමත්.කෙල්ලො වගේ නෙවේ.ඉතින් කියන්නකො සුදු
- මරනව ඇ... දැන් ඔය මට නොකිය කට්ටි පැන පැන හිටියට එදාට “ මහවැලි කෙන්ද්‍රයට“ යනවනෙ නේද ?
+ හ්ම්. නොයා බැනෙ.. මගේ කොලිටිය තියාගන්නත් එපැයි.
- අපෝයි එතැනත් තමන්ගෙ වාසිය. මෙහෙමත් මනුස්සයෙක්ටනෙ මමත් ආදරේ කරන්නෙ. කමක් නැ කොහොම හරි ලෝබ නොවී තමුන්නාන්සෙ මට එයාගෙ කවි පොතක් අරන් එන්න. “ ඉතා කෙටි කලබල සිහින “
+ බුවුහ් හහ් හහ් හ්හහ හහ්
- ඇයි ?
+ මොකක් යකෝ ඒ නම ?
- ඒක තමා පොතේ නම. ඒක තමා තේරුම ලස්සනයි නේද !
+ වෙන්න ඇති. ඉතා කෙටි කොහෙද . එයා ලියන ඒවා මාගල් වගේ දිගයි අඩුම ගානෙ කවි තුනක් හතරකින් එහා.. කලබල සිහින කොහෙද ? මේක හොදට ප්ලැන් කරල කරපු වැඩක්නෙ. මම දැක්ක බුක් මාර්ක් එහෙමත් ගහල පිලිවෙලට වැඩේ යනව.
- මේ සුදු අයියෙ.
+ ඇයි සුදු නංගි
- මට ඔයාගෙ පැත්තෙන් සද්දයක් ආව.
+ මෙහෙන් ?.. ඉතින්
- පොඩ්ඩක් බිම බල්න්නකො ඉරි තලලද කියල.
+ බිම.! නැහැ ඇයි !
- අහ් නැද්ද ? නැ ඉතින් ඔය ඉරිසියාවෙ හැටියට මම හිතුව පොළොව වත් පැළිල ඇති කියල.
+ අනේ මේ. තියනව ෆොන් එක එනව මෙතන උදවු ඉල්ලන්න ඒකත් මටම කියව කියව. ගේනනෙ නැ පොත. ඉල්ල ගන්න ව එයාගෙන්..
- අනේ අනේ අනේ අන් පීස් මෙයා.. ගේන්නකො. මේ හොද අයියනෙ.. ඒත් එක්කම කාලෙකින් කවියක් දැම්මෙ නැ ඔයා වොල් එකට. අද මං ගැන කවියක් දාන්න හොද්ද .
+ කවි.. නැ මං කවි ලියන්නෙ නැ. ගිහින් ඉල්ල ගන්නව අර බස්සිගෙන්. මගෙන් ඉල්ලන්නෙ.
- අයියෝ මෙයා ඔයාට පොඩ්ඩ ඇත්තං තරහයනවනෙ. ඔයා ඔයගෙ සිට්ටම් එක යූස් කරන්න මෙතැනදි කලබල නොවී
+ මොකක්ද මගේ සිස්ටම් එක
- ඇයි අනේ ඔයා එතන ගිහින් කියන්න “ අවුලක් නැ මේ පොත සම්බන්ධව වැඩියෙන්ම සතුටු වෙන පුද්ගලයා මම ඒ කාරණා දෙකක් නිසා.
1. මගේ සුදු නංගි ආසාවෙන් කියවනව මේ කවි
2. බස්සි කියන්නෙත් එක්කතරා කුරුලු වර්ගක් නිසා මට මහත් ආඩම්බරයක් දැනෙනව,
දැන් හැමෝම කුරුල්ලො කියල. වැඩේ සේප්.. හූ හූ...හූ.. හූ..
+ දුවපිය යන්ඩ මැටි හරකි..
==========================
" පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
.
දිය ඇල්ලක් වාගේ කඩා පනිනවා - ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා - ගල් අහුරක් වාගේ තරහ පුරනවා
.
සෙවනැල්ලක් වාගේ සනීප දෙනවා - සුලි සුලගක් වාගේ ඇතට යනවා
දින දෙක තුන ගානේ අහක බලනවා - උන් හැටියම වාගේ ආයෙත් එනවා
.
සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ - හඩා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
සන්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ- එහෙම නැතෝත් ලෝකේ මම තනිවෙනවානේ
.
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ "
=================== එම්. එස් ප්‍රනාන්දු මහතා
--කුරුළු--

Friday, December 4, 2015

== තකදොං කවියො ඉන්නවා ===

මචං මගේ ෆස්ට් ලවු එක
නැති වුන දුක කියාගන්න
පුළුවන් නං තරහ නැතිව
කවියක් මට ලියල දෙන්න..
.
අනේ අයියෙ එයා මගේ
අතර මගදි දාල ගියා
එයාට මගෙ දුක කියන්න
පද හතරක් ලියල දෙන්න

.
බැඳපු කෙනා ඉන්නෙ රටයි
මමයි පුතයි කන්නෙ කටයි
අපෙ මේ දුක කියාගන්න
කවියක් මට ලියල දෙන්න

.
අනේ යාලු කෙල්ල මගේ
සල්ලි හොයං පැනල ගියේ
අද වගේම අවුරුද්දේ
හීතල වැහි දවසකනේ

.
වෙනදට වැඩියෙන් එයාගෙ
උනුහුම වැහි දාට අගේ
පුලුවන් වෙයි නේද මගේ
දුක ලියන්න හිතෙන් නුඹේ

.
දැන් ඉස්සර වගේ නෙවෙයි
අපි දෙන්නා ඩිවොස් වෙලා
නිවාඩුවට මං ආවම
ඉමුද අපිත් තුරුල් වෙලා

.
අනේ පුතේ අපේ දුවට
ඉස්කෝලේ තරගයකට
පෙන්නන්ට කවි දෙනවද
නිකං නෙවෙයි සල්ලි වලට

.
අනේ කුරුළු අපෙ අම්මා
ඊයේ රෑ මැරිල ගියා
එ් දුක ගැන ලියපු සිරා
කවියක් මට දියං බබා

.
සුදු අයියේ මගෙ කතාව
හෙමි හෙමීට මං දෙන්නං
කවියෙන් ඒ ගැන ලිවුවොත්
මගේ හිතම මං දෙන්නං

.
හරි නරකයි අපෙ බූලා
ඊයෙත් ගිරවෙක් හපලා
ඒ සිද්ධිය රහ කරලා 
කවියෙන් කියමුද ගොතලා

.
මේ ඔයාට බැරිද ඉතින්
මං ගැන කවි ලියල දෙන්න
ඒ වෙනුවට උම්ම ගොඩක්
දෙන්නං කම්මුල පිරෙන්න

.
අය වැය ගැන - කැම්පස් ගැන
සවුදියෙ ගල් ගහනෙක ගැන
දුක් විදිනා සේවක නඩ
ගැන නොලියන උඹ මොකටද

.
අහ් එහෙනං උඹට බැරිද
තියාගනින් උඹෙ ගණකං
හරි අපි වෙන එකෙක් හොයං
අපෙ කවි ටික ලියවන්නං

.
දන්නවාද ඕන තරං 
පට්ට කවියො ගෝනි ගනං
සත ගාණට යන්නෙ මචං
උඹට ඉන්න වෙන්නෙ බලං

.
අනේ ඔයා හරිම ෂෝක්
ලියන ඒව ඊට ෂෝක්
හම්බුනාම සෙල්ෆියකුත් - ගහමු කියනවා

.
අදත් හෙටත් හැම තැනකම
ඕන දෙයක් ලියාගන්න 
මොනව වුනත් කෙලින් ඉන්න - කවියො ඉන්නවා 

.
දුක කියන්න දුක ලියන්න
තනි වුනාම හිස තියන්න
සැප විදින්න උරහිස දෙන - කවියො ඉන්නවා 
යාලු කවියො ඉන්නවා
------------------------------
--කුරුළු---

Thursday, November 19, 2015

සෙල්වා

මා ත්‍රිකුණාමලේ වැඩ බාරගනිත්තී කාර්යාලයේ කිසිවෙකුත්ම හදුනන්නේ නැත. යාන්තං දැන හඳුනාගත්තානං ඒ නිතරම මගේ කාමරයට එබිකම් කල සෙල්වා පමණි.
ඔහු මගේ අප්පච්චී වගේ වයස වුනත් වැඩ කලේ කඩි වේගයකිනි.
මා රැකියාවට පැමිනි අලුත මුලු ත්‍රිකුණාමලයම මට පෙන්වීම සෙල්වාගේ ලොකුම ආසාවක් විය. ඒ අනුව මගේ රැකියාවට අදාල පාසල්, ගුරු නේවාසිකාගාර පමණක් නොව කඩ පිල් ළමුන්ගේ නිවෙස්ද ඒ අතර විය.
සෙල්වාගේ වැඩිම කැමැත්තක් තිබුනේ ඔහුගේ නිවසට මා කරඳවාගෙන යාමටයි. දෙමළ ජාතිකයින් වෙසෙන ලැයිම් ගෙවල් අතර ඔහුගේ කුඩා නිවස පිහිටා තිබුනි. සෙල්වාත් ඔහුගේ බිරිඳත් එහි වූහ.
මා එහි රැගෙන යාමේ අවශ්‍යතාව හොඳින් වැටහුනේ එහි ගිය පසුය. ඒ අවුරුදු 35ක වැඩි සෙල්වාගේ මේ අධ්‍යාපන කන්තෝරු සේවා කාලය තුල තිරිකුනාමලයට පත්ව ආ කිසිම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ඔවුන් ගේ නිසට නොපැමිණි නිසාවෙනි.
කාර්යාලයේදී සියළුම නිලධාරීන්ගේ කාර්යාල කාර්ය සහය කටයුතු ඔහු අතින් සිදු කෙරුණත් කිසි දිනක මා ගැන සොය බැලීම අමතක නොකලේය.
දිනක් ඔහු මාගේ කාමරයේ දොර ළග නතර වී මොනවාදෝ මුමණනු ඇසෙයි.
+ මොකෝ සෙල්වා කාටද බැන බැන ඉන්නෙ. ( දන්නා දෙමලින් ඇසීමි)
- නැ කියල වැඩක් නැ සර්ලට, දැන කීයද වෙලාව? වැඩ වැඩ වැඩ ඉවරයක් නැ. උදේ ආව වෙලාවෙ ඉදන්. උදේ බැඳන් ආව බත් එක නේද? දැන් සීතල වෙලා ඇති . කාල ඉන්න අප්පා. නිකං ලෙඩ හදාගන්න හදන්නෙ. ඉට පස්සෙ අපිට තමා කරදරේ. මහන්සි වෙලා වැඩ කරල සල්ලි හොයල වැඩක් නැනේ බෙහෙත් ගන්න ඒ සල්ලි වියදම් කරනවනම්. ඔය වැඩ පැත්තක දාල කාල ඉන්න මහත්තයා.
--- ඔහු බැන ඇත්තේ මටය. තානාන්තර අමතක කොට මා ඔහුගේම දරුවෙකු මෙන් සලකා මා ගැන සොයා බැලීම ඔහුගේ දවසේ රාජකාරිවන් එකක් වු බව මට හැගුනේ ටික කලක් ගත වෙද්දීය.
ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම ආදරෙන් සැලකුවාය. තම නිවසේ පිළියල කරන මොන ආහාරයක් හෝ වේවා ඒ සෙල්වා අතේ මා හට එවන්නීය.
- ඔය කඩවල් වල ජරාවල් කන්නෙඩා අපේ වික්‍රම මහත්තයා මේවා කාල බලන්ඩ ගෙදර හදපුවා.
දෙන්න පිගාන මම හොදන්නං ආයෙ ඕක මොකක්ද ?
--- මට කිසි දිනක ඔහුව තේරුම් ගැනීමටත් බැරි විය. දරුවකුත් නැත. බාගදා ඔහුගේ දරුවෙකුට මෙන් මට ආදරේ කරනවා විය හැකිය.
මා විවාහ වු දවසේ ඔහුටත් ආරාධනා කලෙමි..
- ආඩවනේ අපේ වික්‍රම මහත්තයා අපිටත් එන්ඩ කියල. කොච්චර දෙයක්ද අප්පා.
මම ගෞරවයක් වන්නට ආරාධනා කලත් සෙල්වා එදාත් මගුල් ගෙදර සියලු වැඩකටයුතු ගැන අකුරටම සොයා බලා හැකි පමණ උදවු කලේය. බිරිඳ ඉවුම් පිහුම් කටයුතු වලට උදවු කරනු දුටිමි.
-----
තව නොබෝ දිනකින් මා  නුවරඑළිය සහකාර මැතිවරණ උසස් වීම ලැබ කොමසාරිස් ලෙස පත්වී යායුතුය. එය මාගෙත් ගෝතමියගේත් එක සිහිනයකි. එක අතකට රජයේ සේවය යනු අම්බලම්වල ජීවත්වන්නන් වැනිය. යන අතකට යා යුතුය. මේ ත්‍රිරිකුණාමලය දැන් මට උපන් ගම සේ දැනෙයි. නිවාඩුවකට ගෙදර ගියත් ගොතමිගේ ගමේ ගියත් දුවගෙන ආවේ මේ දූවිලි පොළව සිඹින්නටය. මුදු පිළි ගද ගහන සුළග විඳිමටය. ඒ සියල්ලට මා හුරු කලේ සෙල්වාය. මාගේ මාරු වීම කාට නැතත් ඔහුට දැනුම් දිය යුතු යැයි සිතුවත් එය මෙතරම් පමා කලේ එය ඔහුට කීමට තරම් හිතේ හයියක් මටත්, එය දරාගැනීමට තරම් හයියක් ඔහුටත් නැති බව දන්නා නිසාවෙනි.
එහෙත් නොකියාම ගොස් වැරදිකරුවකු වීමට අකමැති නිසා සෙල්වා හමුවීමට ගියෙමි.
+ සෙල්වා පොඩ්ඩක් ආවනං.
- අප්පා අපේ වික්‍රම මහත්තයානෙ . නොකියාම ඇවිල්ලා ගෙදර. එන්ඩ වාඩි වෙන්න.
+ නැ මට හිදිසියි මම යන්න ඕන.
- වික්‍රම මහත්තයා ආවේ !
+ සෙල්වාට පණිවිඩයක් දෙන්න තියෙනව.
- මොකක්ද අප්පේ ... අපේ මහත්තය අප්පච්චි කෙනෙක් වෙන්න යනවද ?
+ ඉතිං එක් මම සෙල්වට කිවුවනෙ. මේක වෙන එකක්.
- ම්..
+ සෙල්වා. මම මෙහෙන් යනවා. නුවරඑලියට.
- ඇත්තමද අපේ මහත්තයා.
( සෙල්වාගේ දෑස් ලොකු වී රතු පැහැ විය )
+ ඔවු සෙල්වා. ගොත්මිත් කැමතියි එහෙ යන්න.අනික දරුවෙක් ලැබුනාම එතැන එයාලත් එක්කම ඉන්න එක හොදයිනෙ.
- දරුවයි නොන්ටයි මෙහෙ එන්න බැරිද මහත්තයා.
+ මෙහෙ අමාරුයි පොඩි එකෙක්ට. අපිට නං ගානක් නැ
- ඔය ඕන තරං පොඩි උන් ඉන්නෙ මෙහෙ මහත්තයා.මොන අමාරුවක්ද ?
+ සෙල්වා අයෙත් මට බනිනවද ?
* සෙල්වා, මහත්තයාට යන්න දෙන්න..සුභ පතන්න. දරුවා නිසානෙ යන්නෙ. දැන් අපේ කාලෙ ඉවරයිනෙ සෙල්වා.
( මෙතෙක් වේලා කාමරයේ දොර රෙද්දෙන් මුහුණ පමණක් ඔබා බලා සිටි සෙල්වාගේ බිරිඳය ඒ )
- හ්ම් මහත්තයගේ කැමැත්තක්. එත් මට දුකයි.
+ මටත් දුකයි සෙල්වා මේක දාලා යන්න . යන්නම වෙනව.
* මහත්තයා පොඩි පොරාන්දුවක් වෙන්න.
( සෙල්වාගේ බිරිඳ මා ළගට විත් ඉල්ලිමක් කලාය )
+ මොකක්ද අම්මා !
( මම කිසිදිනක ඇයව ආමන්ත්‍රණය නොකත් අම්මා යැයි කථාකලෙමි. )
එක් වරම ඈ හඩා වැටුනාය. ඇය මෙතෙක් වේලා පිටුපසට කර හංගාගෙන සිටි පින්තුරයක් මා අත තැබීය. එහි සිටයේ කුඩාකල වූ මා ය.
* මාහත්තයා. ඔය ඉන්නෙ මගේ පුතා. එයා නැතිවුනා අවුරුදු විසිපහේදි විතර. ඕක මහත්තය අරං යන්න. මහත්තයට පුළුවන්නං අපිට මාසෙකට පාරක් හරි ලියුමක් එව්න්න මහත්තයගෙ දුක සැප ලියල. ඒ ඇති.
+ මොකක්. ඒ මොනව වෙලාද ? සෙල්වා. !
- අපි දුප්පත් මිනිස්සු මහත්තයා. පුතා කොල්ල කාලෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. නොකා නොබී වොලවට කෑමක් නොගෙන. කොල්ලට ඕන වුනේ අපිව සතුටෙන් තියන්න. ඒත් වික්‍රම මහත්තයා කොල්ලට ලෙඩක් ආව හොඳ කරන්න බැරි බඩවැල් පුපුරල කොල්ල නැති වුනා. මහත්තව පලවෙනි දවසෙ දැක්කාම මට මතක් වුනේ පුතාව. මම ඒක ගෙදර ඇවිල්ලද කිවුව. අපිට අපේ නැති වුන පුතා ආයෙත් ලැබුන කියල අපි සතුටෙන් මහත්තය දිහා බලන් හිටිය.
+ ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තේ ?
- මහත්තයට එතකොට අපිව වදයක් වෙනව මහත්තය. කමක් නැ මහත්තයට හොඳක් වෙනවනං මෙහෙන් ගියාට. එත් පුලුවන් නං අපිට ලියමක් වත් එවන්න බලල හිත හදා ගන්න.
+ හොඳමයි මම ඒක කරන්නං සෙල්වා.මටත් දුකයි පුතා ගැන. මම ගිහිල්ල එන්නං සෙල්වා.
- හොදමයි අපේ මහත්තයා.
තව දුරටත් එතැන කඳුළු හිර කර ගත නොහැකි නිසා ඉක්මනින් පිටත් වූයෙමි.
සෙල්වා මෙතුවක් කල් වේලාවට කන්න යැයි මට බැණ වැදී ඇත්තමෛ් නිසාවෙනි. සෙල්වාට සමු දී ගෙයින් එලියට අවුත් කඩුල්ල පැණීමි.
- මහත්තයා . මහත්තයා...
සෙල්වා දුව විත් මා නැවතීය..
+ ඇයි !
- මහත්තයා. වික්‍රම මහත්තයට මට දෙන්න දෙයක් නෑ. කොහේ හිටියත් රත්තරං මහත්තය පරිස්සමින් ඉන්න. මහත්තය යන දවසට මට කියන්න මම එනන්ං බඩු පටවන්න. එහෙට ගිහින් බාන්නත් මම එන්නං. මේ දුප්පත් මට කරන්න පුලුවන් එච්චරයි මහත්තයා. තව මොනව හරි කෙරෙන්න තියෙනවනං කියන්න.
+ නැ සෙල්වා ඕන නැ.. කට්ටිය ඉන්නවනෙ. සෙල්වා එදාට එන්නකො.
- තව එකක් මහත්තයා.
+ එදාට මම ආවාම. එදාට මහත්තය කන්තොරුවෙ වික්‍රම මහත්තය නෙවෙයිනෙ. මහත්තය යන්න කලින් එක පාරක් මට පුතා කියන්න දෙනවද ?
පිළිතුරක් ගලපා ගත නොහැකි තැන මා ඔහු බදාගෙන හැඬුවෙමි..... !

-------------- කුරුළු-----------

Wednesday, October 14, 2015

== විළඳ කොයිද කාසි නැතිව - නාඬන් සැළලිහිණි ==



.
- අපේ මහත්තය !
+ හ්ම්
- අපි මොකෝ දැන් කරන්නෙ ?
+ ඒ කිවුවෙ ?
- මම හිතුවෙ නැ අපේ මහත්තයට මෙහෙම කරයි කියල
+ කොහොමද
- මහත්තය දන්න සේරොම දේවල් රවට්ටල අහගත්තලු නේද ඒ මිනිස්සු.
+ හ්ම්
- ලොකු එකා එපා කියනකොටවත් මහත්තයට ටිකක් ඉවසන්න තිබුණ. ඔය සාස්තරේ අපිට නොතේරුණාට උන්ට වටිනව නේද? පරම්පරාවෙන් එන එකක් නේද මහත්තය..
+ එහෙමයි.
- හ්ම්. දැන් ඉතින් පරපුරේ උන්ගෙනුත් දොස් එන්නෙ මහත්තයට තමයි.
+ කමක් නැ මැණිකෙ
- එහෙම කියල කොහොමද ?
+ ඒ චිත්‍ර හරි ලස්සනයි තමා. ඒක හරි වටිනවත් තමා..
- ඒකනෙ.. මම හරි ආසයි ඉස්සර මගෙ මහතත්ය අදින ඒ චිත්තර දිහා බලන් ඉන්න. ඒවගෙ තිබුනෙ පුදුම ලස්සනක්.
+ ඒක මට මගේ අප්පච්චිගෙන් ලැබුන දෙයක් නේ.
- හුහ්. මම කිවුව ඕකා අපේ ගෙට රිංගනකොට මහත්තයට විස්වාස කරන්න එපා කියල. ඇහුවෙ නැනෙ ඉතින්.
+ මිනිස්සුනේ මැණිකෙ හැමෝම
- මහත්තයගෙ චිත්‍ර කුණු කොල්ලෙට අරං ගිහිං මේ රටේ තැන් තැන් වල එල්ලල ගිණි ගනං වලට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය.
+ හ්ම්
- ඒකා පිට රට ඒවා පිට රට සුද්දොන්ට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය. මහත්තයගෙන් රුපියල් 100කට ගත්තු අර කොක්කු දෙන්න ඉන්න පින්තුරෙ ඒ මනුස්සය අර ඉන්දියන් කාරයාට විකුණල තිබුනෙ රුපියල් ලක්සෙකටනෙ. ඒක දැනගත්තු වෙලාවෙත් මහත්තය කරබාගෙන හිනා වුනා විතරයි.
+ හ්ම් මිනිස්සුනෙ ... කොකා පෙන්නල විකුණල. ඒ මිනිහා කොහොමත් බිස්නස් වලට දක්සය.
- මිනිස්සුනෙ තමා ..අපේ මහත්තයනං වෙස්සන්තර ද මංද?
එක්කො ඒ දවස්වලම කීයක් හරි වැඩිපුර ඉල්ලන්න එපැයි. ඒ ඇරත් ඒ චිත්‍ර අදින රහස් විදිහ අහගෙන රිගනකොට මහත්තය කට පියන් ඉන්න එපැයි.
+ මගෙන් ඇහුව මම කිවුව ..
- ඉතින් ඇයි පොඩ්ඩක් වත් සැක හිතුනෙ නැද්ද?
+ ඇයි මැණිකෙ මං මිනිස්සුන්ව සැක කරන්නෙ?
- හුහ්.. අනේ මගේ කට ඉතිං.. ළග තීන්ත කලවං කරපු එකාවත් අරංනෙ ගිහින් තියේනනෙ.. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා ඇදල විකුනයි. අඩු ගානෙ අපේ ජාතියෙ එකෙක් නං කමක් නැ. ඕනවට වඩා දැංවත් විස්වාස කරන්න එපා මිනිස්සුන්ව..
+ ජාතියනං මොක වුනත් මොකද මැණිකෙ ! මිනිස්සුනෙ.. මම ඕනවට වඩා විස්වාස කලේ නෑ ඒ අය විස්වාසය කඩ කලා එච්චරයි ..
- දැන් ඉතින් අර මහත්තයගෙ චිත්‍ර විකුනපු කඩ වලට මහතත්යම චිත්‍ර අරං යනවද විකුණන්න ? නැත්තං මහත්තය කඩයක් දානවද ?
+ හ්ම්.. අපි වෙන මොනව හරි කරමු මැණිකෙ. චිත්‍ර අදින එක මගේ වැඩක් වුනාට ඒවා විකුණං කන්න මං ලැහැස්සති නැ
- එහෙනං අර මිනිහ කලේ
+ මැණිකෙට මතකද ඒ මනුස්සය අපේ ගෙදර ආව දවස්. පවු! හරියට කැමක් බිමක් වත් තිබුනෙ නැ ඒ දවස් වල ඒ ගොල්ලන්ගෙ ගම් වල හරි කරදර. ඉතින් මම වෙන කාටවත් නොදීපු මගේ සාස්තරේ ඒ මනුස්සයට දුන්නෙ පවු කියල. කමක් නැ ඒ මනුස්සයට හොදයි නං හැදිච්ච දෙං. හැම දාම මම සතුටු වුනේ ඒ මනුස්සය දියුණු වෙනව දැකල. ඒ පවුල හොදින් ඉන්නව දැකල.
- මහතත්ය.. එතකොට අපේ උන් දෙන්නට..
+ හ්ම............... මැණිකෙ අර මනුස්සය අරංගියේ මගේ සාස්තරයක් විතරයි. මගේ ඔලුවයි අත් දෙකයි තාම තියෙනවනේ.. අනික මගේ උන් දෙන්න ගැන මම දන්නව. උන්ට අප්පච්චිගෙ දේ ඕන නැ.. උන් උන්ගෙ ගමන ගියාවෙ..
- එහෙම බැහැනෙ මහත්තය මම ගහනව පොල් මෝදර දේවාලෙ ගිහින් .....
+ මැණිකෙ.. ඒ මිනිස්සු දන්නෙ නැ සල්ලි කියන දේ අපේ හිත් වලට කොච්චර කරදර දෙනවද කියල. යස ඉසුරු මිල මුදල් කියන්නෙ නිතරම කරදර දෙන දේවල්. අපට මේ මදැ.. ඒ මින්ස්සු දැං යාන්තං හොදින් ඔලුව උස්සන් ඉන්නව. එත් ඒ අයට කොච්චර වද දෙනව ඇතිද මට කරපු දේ..
- හිත හොද වැඩි ඔයාගෙ
+ මැණිකෙට පුලුවන්නං ඒ පොල් ගෙඩියත් ඒ මිනිස්සුන්ට ගිහින් දෙන්න මොකද ඒකත් ප්‍රෙයා්ජන වේවි..! මට මැණිකෙ ඉන්නව, කොල්ලො දෙන්නෙක් ඉන්නව මට ඒ ඇති ! පවු ඒ මනුස්සයට මුකුත් නැ ... තමන්ගෙ කියල දරුවෙක්වත් නැහැ දායාද දෙන්න. එහෙවු එකේ ගොඩ ගහල මොකටද මැණිකෙ.. මැණිකෙ හිතනවද ඔය මනුස්සය වටේ ඉන්න අය ඔය මනුස්සය අසරණ වුනාම උදවු කරාවි කියල..
- හ්ම්..
+ ගිය දේ ගියාවෙ.. මේ ලෝකෙම මිනිස්සු මගේ චිත්‍ර දැකල තියෙන ඒකේ මම ආයෙ අමුතුවෙන් ඒක පෙන්වන්න ඕන නැ. අපි දැන් ලෝකෙට අලුත් දෙයක් පෙන්නමු...මැණිකෙට පුළුවන්ද අපි ආදරේ කරපු කාලෙ වගේ මාව විස්වාස කරල තාමත් ඉන්න.. අවුරුදු 30කට ප්සසෙත් ... එහෙම පුලුවන් නං මට ලොකු හයියක් ..
- හ්ම් .. පුලුවං
+ තේ එකක් බොමුද මැණිකෙට පුලුවන්නං..
- කිරි නැ ! පිටි ඉවරයි මහත්තය.. අන්තිම ටික පොඩි එකාට පන්ති යන්න උදේට තියන්න ඕන..
+ කහට එකක් බොමු. මේ වැස්ස වෙලාවට කියාපු දේ...
- හාං.. අනේ මන්ද !!!
===================
විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණි
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතිං කුමට අඬනවාද
නාඬන් සැළලිහිණි...

කුරහන් මල් හිනා නොවී
කිරි දත් ටික හැලුනී
වැව හිඳිලා සාගතයට
ගොයම් යාය මැරුණී
දුප්පත් කම හංගන්නද
නාඬන් සැළලිහිණි...

අඳුන් තෙලින් සරසන්නට
නැත අත මිට ගිහිනී
ගම් බිම් නැති අප අසරණ
නොවේද සැළලිහිනී
ඉගිල්ලිලා යන්න ඉතිං
කූඩුවෙ දොර අරිමී....
ගායනය - එඩ්වඩ් ජයකොඩි
=====================