Friday, May 1, 2015

නමක් නැති ලිපි 05

- මොකෝ මේ ළමය තාත්ත එක්කන් ආවෙ නැත්තෙ

ඔහු කිසිත් නොකීවේය.. හැඳ සිටියේ ඉහළ පැලැන්තියේ ඇදුම්ය. පෙනුමෙන් නම් පොහොසත් වගේම වැදගත් පවුලක දරුවෙකි. කැරලි ගැසුනු අක්බමරු කොණ්ඩය පීරා තිබුනේද නැත. තද කලු පැහැ වීදුරු බෝල දෙකක් මෙන් දිලිසුනු දෑස බිමට හරවාගෙන පන්තියේ ගුරුතුමිය ඉදිරි පිට නොසැලී සිට ගෙන සිටියි. උරහිසට කිට්ටු වන තරමටම දිගු වූ කන් පෙති ඇත්තෙකි. සමෙහි පැහැයද මුහුණුද පින් පාටමය.. කිසිත්ම නොකීවෙන් ගුරුතුමියගේ ඉවසීමේ සීමාව කෙලවර වෙමින් තිබේ.

- ඇයි ළමයො කතා නැත්තෙ.. පුතාට තාත්තව එක්කන් එන්න කියල මම කොච්චර කියනවද? ඇයි පුතා තාත්තව එක්කන් ආවෙ නැත්තෙ..
පුංචි දෑසින් ගලා හැලුනු කඳුලු කැට දෙකක් කකුලේ මා පට ඇගිලි දෙකට මඳක් එහායින් පතිතවිය. 

+ අප්පච්චි නෑ.....

- පුතාගෙ අප්පච්චි නැත්ද ? එයා නැති වෙලාද ? 

නැ ටීචර් එයාගෙ තාත්ත එයාව දාල ගිහිල්ල... එයා ඉපදුන දවසෙම. අපෙ අම්මල කියල තියේනනෙ එයා එක්ක කතා කරන්නවත් එපා කියල....

ඔහු ගුරුතුමියගේ මේසය ලඟ දණ ගසාගත්තේය... කිසිත් නොකියා තම දෑතේ අත්ල ගුරුතුමිය වෙත පැවේය... දෑතේ අතගැලි සියල්ල එක සමානය. අසාමාන්‍ය පිහිටීමකි...

+ ඔවු ටීච මගේ අප්පච්චි මාව දාල ගිහින්. මම අප්පචිව දැකල නැ. මට අප්පච්චිව ගේන්න බෑ ඉස්කෝලෙට. ටීචත් මට දඩුවම් කරනවනම් කමක් නෑ....

- ඇයි එහෙනම් පුතාගෙ අම්මව එක්කගෙන ආවෙ නැත්තෙ..

+ අම්මත් නෑ..

- ඒ ඇයි අම්මත් පුතාව දාල ගියාද..

+ නෑ ලොකු සීය අම්මත් එක්ක තරහ නිසා අම්මව එයාගෙ ගෙදර යැවුව..අම්ම නිසාලු අප්පච්චි ගෙදරින් ගියේ..

- පුතා ඉන්නෙ කාත් එක්කද ?

+ මම ඉන්නෙ ලොකු සීයගෙ ගෙදර..

- මම පුතාට ගහන්නෙ නැ කෝ මෙහෙන් එන්න මගේ ලගට..

* චීටර් අපෝ එයාව ලගට ගන්නෙපා අපේ අම්මල දැන ගත්තොත් අපිව පන්තියට එවන එකකුත් නැ.. අපේ ගමට මෙහෙම වෙලා තියෙන්නෙ එයාගෙ අප්පච්චි ගම දාල ගිය නිසාලු. ඒ සේරොටම හේතු මෙයා ඉපදුන එක කියලයි අපිට කියල තියේනනෙ.. මෙයා යන යන තැන හරියන්නෙ නැ කියලයි අම්මල කියන්නෙ..

- කමක් නැ කෝ පුතා එන්න මෙහෙට..

වදනකුදු නොදෙඩූ ඔහු සෙමෙන් හිස ඔසවා ගුරුතුමිය දෙස බැලීය.. පුළුල් නලල් තලයත් එහි වූ දකුණට කැරකුනු කෙස් රොදත් දුටුවේ එවිටය..එවේලෙහිනම් ඔහුගේ මුවෙහි යන්තම් සිනා රැල්ලක් තිබුනි.. මේ නම් ඒකාන්තයෙන්ම ඔහු විය යුතුය.මේසය වටෙන් ගොස් ඔහු ගුරුතුමියගේ අතින් ඇල්ලා ගත්තාය..

+ ලොකු සීය අම්මට සමාව දෙයි නේද ටීචර්. අප්පච්චි ආයෙ එයි නේද ටීච අපිව බලන්න..අප්පච්චි ගියේ අපි හැමෝගෙම හොදටලු.. අම්ම මට කිවුව. අප්පච්චි එක්ක කවදාකවත් තරහ වෙන්න එපා කියල. අප්පච්චි ආයෙ එනව කියල ගිහින් තියෙන්නෙ.. අප්පච්චි ගිහින් තියෙන්නෙ මම ඉපදුනු දවසෙ තමා ටීචර්. ඒ මම ඉපදුන නිසා නෙවේලු. අප්ච්චි මම ඉපදෙනකම් ඉදල තියේනනෙ පිරිමි ළමයෙක්ද කියල බලන්න. මට අම්මව බලාගන්න පුලුවන්නෙ ඒ නිසා අපච්චි ගිහින් තියේනනෙ... එයා ආයෙ එයිද ටීච. 

- හ්ම්.. එයි මගෙ පුතේ.. අප්ච්චිත් එයි... ඔයාගෙ අම්මත් එයි.. මගෙ පුතාට මම ඉන්නවනෙ.හොඳද.. අපි හොඳට ඉගෙන ගමු පුතා අප්ච්චි එනකොට හොදට ඉගෙන තියේනනොන එයාට පෙන්න හොදද පුතේ..

+ හා ටීචර්.. අප්පච්චි ආවම මම යනව එයත් එක්ක ටීචර්.. මම අප්පච්චිට ආදරෙයි දැකල නැති වුනත්.. අම්ම නම් හැම වෙලේම කියන්නෙ මම, අප්පච්චි වගේමයි කියල...

- මගෙ පුතාගෙ නම මොකක්ද පුතේ.. !

+ රාහුල !!
==============
------- කුරුළු---

Tuesday, March 24, 2015

== හේවිසිය විතරක් නොවැයුවේ - ඇයි නුඹ නමින් මාමණ්ඩියේ.... ==


.
මාමා යැයි මා ඔහු ඇමතූවද මට ඔහුව දකින සෑම විටම පෙනෙන්නේ මගේ සීයාවමය.
රස්සාව කලේ පන්සලේය. ඒද පන්සලේ තේවාවව සඳහා බෙර වැයීමය.
කට වචනෙට රස්සාව යැයි කියූවත් ඔහුට එය රස්සාවක් නොවීය. පරම්පරා උරුමයකි. පවුලේම ළමයින් 7කි.
බාලයාගේ ඔලුව හොද නැත. ඔලුව හොද නැති යැයි කිය්නනෙ මන්ද බුද්ධික නොව නැන්දා පවසන ආකාරයට නම් මාමාට සතුරු වෙනත් නෑදැ පාර්ශවයක් විසින් කරන ලද ගුරුකමක් ගෙවී ඇත්තේ බාලයාගේ කර උඩිනි.
ඔහේ වාඩි ගත් අත බලා ඉඳී... තනිව සිනා සෙයි... තම්බා උයා දෙන එලවලු වර්ග නැවත උනු වතුරෙන් සොදා ආහාරයට ගනියි. රැවුල් ගස් අදිමින් ගලවා දමයි.. වතුර නාගන්නෙද සතියකට වතාවකි. ඒද නැන්දා උනුවතුර රත් කර දිය යුතුය.
මේ සියල්ල කරදරයක් වුවත් මාමාද ඉවසාගෙන සිටියි ඒ පවුලේ අනික් දරුවන් 6 දෙනාම විවාහ වු පසු වෙන වෙන ජීවත් වන නිසාත් තමන්ගේ උරුමය වන බෙර වැයිම යාන්තං හෝ ඉගෙන ගත්තා කම් ඒ මේ බාලයා වීමත් නිසාවෙනි.
පන්සලෙන් ලැබෙන අඳ කොටහකින් ජීවත් වෙයි. හාල් පොල් කලමනා සමගම මුදල්ද පන්සලේ හාමුදුරුවන්ගෙන් නිවසටම සැපයෙන්නෙ දැනට මාස හයක පමණ සිටය.
ඒ මාමා අසනිප වුනායින් පසුවය.
ලෙඩේ විෂබීජයකි. රැ පිංකමකට බෙර වාදනය කර නිවස බලා එන ගමනේදි කකුල තුවාල වී ඇත.. පස්සෙන් පහු එතැනින් විෂබීජයක් ශරීරගත වී ඇති බව දොස්තර මතයයි. කකුල බිම තැබීමටවත් අමාරු ලෙස ඉදිමී ඇත.
කොළඹින් පැමිනි ලොකු පුතාත් දුවත් ඉංග්‍රීසි බෙහෙත් සඳහා දොස්තරලා කැදවාගෙන ආවත් මාමාගේ මතය වන්නේ ගමේ වෙද සීයාගෙන් මොනවා හරි ඉල්ලාගෙන බෙහෙත් කීරිමය.
ළමයි ඒ අසන්නේ නැත. එකතු වු ළමයින් හය දෙනාගේ අවසන් තීරණය වූයේ මේ ඉඩම් විකුනා දමා ඔවුනට යෑමට ඒමට පහසු පළාතකින් සහ මේ දැන් තියෙන කටු මැටි නිවස වෙනුවට ටයිල් ඇල්ලු නිවසක් තනා දීමයි. අක්කර ගානක් තිබුනත් දැන් මාමාටවත් නැන්දාටවත් ඒ නඩත්තුව බැරිය ඒ නිසා පර්චස් පහක් හෝ පාරක් අයිනෙන් අරන් දැමිම ඔවුන්ගේ අදහස විය.
මේවා පන්සලේ ඉඩම්. අපිට වස් වදිවි මේ වා විකුනුවොත් මම කියන දේ තේරුම් ගනිල්ලා මාමා ලෙඩ විකාරෙන් හිටියත් ඒ ටික දොඩවන්නට විය.
සහෝදරයන්ගේ කැමැත්තට පිටින් ගිය එකම කෙනා දෙවැනි පුතා පමණකි. ඒ බාලයාගේ මන්දබදුධික තත්වය නිසා තමා බාලයා තනතුරට ඉබේ පත් විමෙන් මේ ඉඩ කඩම් රැක ගැනිම තමාගේ වගකිමක් ලෙස ඔහු සිතු නිසාවෙනි.
කල් ගත වත්ම දරුවන්ගේ බලවත් පෙරැත්තයත් දැන් තම්ට ඉස්සර වගේ බැරි බවත් තමාගේ ජීවිතය අවසන් බවත් මාමාට දැනුන නිසාදෝ ඔහුත දරුවන්ගේ තිරණයට කැමත්ත පල කලේය.
ඒ අනුව මාමාගේ ඉඩම වෙන්දේසි විය.
ඔප්පු පැවරුමට අත්සන් ලබාගෙන පිරිස පිටත්ව ගිය පසු මාමා නැන්දා ඇමතිය..
+ සීතා .. සිතා මාව පොඩ්ඩක් අල්ලගෙන ඇවිද්දවනවද ?
- හා අපේ මහත්තය
මාමා නැන්දාගේ වාරුවෙන් තමන්ට යා හැකි ප්‍රමාණයක් වත්ත වටේ ගොස් කටු මැටි බිත්තියට වාරු වී ඉඳ ගත්තේය..
+ මේ බිත්ති බැන්දෙ අපි දෙන්න සිතා . මතකද ! ලොකු දරුවා කිහිල්ලෙ ගහගෙන මැටි අනපු හැටි. මේ අපි ඉන්න තැන තමා අපේ ලොකු දරුවා ඉස්සෙල්ලාම ඇවිද්දෙ. හ්ම් දැන් කොච්චර කල්ද සීතා දරුවො 7ක් . අපි දැන් ජීවතේ ගොඩක් ගෙවුව බං. දැන් උන්ගෙ කාලෙ...
වැටෙන්නට ආ කඳුළු වත්තං කරගන්නට නැන්දා අහක බලාගති.
මාමා බිත්තියට වාරු දෙමින් නැගිට.. පෙර ලොකු පුතා ඇවිද්දා යැයි කියු තැන තදින් පාගන්නට විය... නැවත තම හඬ අවදි කලේය..
+ සීතා දැන් මේ ඉඩම් අපිට අයිති නැ සීතා... දරුවො කියන තැනකට යන්න ලෑස්ති වෙමු.
මාව එක්කං යන්න ඇතුලට..
----------------------------------------------
දෙදිනකට පසු නින්දෙන් අවදි වී මහ රෑ මාමා , නැන්දාට අමතන්ට විය.
+ සීතා.. නිදිද ?
- නැ අපේ මහත්තයා..
+ ලාම්පුව පත්තු කරල මට කහට එක්ක හදල දෙනවද සීතා
- හොදයි අපෙ මහත්තයා
නැන්දා , මාමා වැඩි පුරම ප්‍රිය කරන විදියට සීනි වැඩියෙන් දමා කහට තේ සෑදුවේය..
+ සීතා මගේ මේ කොට්ටෙ යට තියෙනව ෆයිල් ටිකක්. ඒ මේ ඉඩම් වල ලියවිලි. මම මුකුත් ඉතුරු කලේ නැ සීතා උඹලට. මට තිබුනෙ පන්සලේ බෙර ගහල ලැබෙන පින් විතරයි..
- ඒ පිනම ඇති අපේ මහත්තය. දැන් නිදියන්න..
+ සීතා.. හෙටින් පස්සෙ උඹයි පොඩි දරුවටයි ඉන්න තැනක් හොයා ගන්න වෙනව.. මට හිතනේනෙ ලොකු දරුවො ඒක ලෑස්ති කරල දෙයි. එහෙ දෙන්න එක්ක සතුටින් ඉන්න.
- එතකොට අපෙ මහත්තය !
+ මම දෙවැනි දරුවගෙ ගෙදර යනව සිතා.දෙවැනි දරුවා මාව එක්කන් යයි. උඹල පරිස්සමින් ඉඳපල්ල.
-----------------------------------------------
එදායින් පසු මාමා නැගිට්ටේම නැත. කකුලේ විසබීජය උඩු දුවා මොළයට හානි කර තිබුනි. ඉස්පිරිතාලයට ඇතුල් කලත් ප්‍රතිඵලයක් නැත. මාමා අවසන් ගමන් ගියේය.
දෙවැනි පුතා පැමින රොහල දෙවනත් කරන්නට විය.
ඒ ලොකු සහෝදරයින් විසින් අලුතෙන් මිලදී ගත් නිවසට තම පියාගේ කඳ රැගෙන යාමට තැත් කල අවස්තාවේදිය.
- නැ තාත්ත ඉන්නෝන මගේ ගෙදර අන්තිමට. උමල එකෙක් වත් එන්නෙපා අකමැතිනම් මම තාත්තව ගෙනියව. මට මහලොකු ගෙයක් නැති වෙන්න පුලුවන් ගේ කපරාරු නැති වෙන්න පුලුවන් ටයිල් නැති වෙන්න පුලුවන් උඹලට ලජ්ජනම් එන්නෙපා.. තාත්ත මගේ ලග හිටිය දෙන්..
එසේ පැවසු දෙවැනියා මාමාගේ කඳ එම්බාම් කිරීමට රථයට පැටපු ගමන් එහි ඇතුලතින් ඉඳ ග්තතේය.. ඔහු එයින් බැස්සේ තම නිවසට කඳ ගෙන ආ පසුය...
-----------------------------------------------
නොසිතු ලෙස පිරිසක් සහභාගී වුහ. පන්සලේ බෙර හඩ හුරු සැවොම මාමා බලා යෑමට පැමිනයහ..
බොහොම චාම් මලගෙයක් විය.
පන්සලේ හාමුරුදුරුවෝ බණට වැඩ පින් අනුමෝදනාවක යෙදුනි.
සවස හතර හමාරට පමණ අවමගුල් නිවසින් පෙර හැර පිටත් විය.
කන්ත්ත තිබුනේ කදුගැටය මුදුනේය. සුදු වතින් සැරසුනු පිරිස පේලියට කන්ද නගිනු පහල සිටි මට කලු පැහැයට පමණක් පෙනුනේ ඉරත් මලගම් යන්නේ ඒ කන්දේම එහා පැත්තෙන් නිසාවෙනි.. ගොප් කොල සෙල වුනත් මලගමට පැමිනි කිසියෙන් සෙලවුනේ නැත.. සෙමින් පියවර තබමින්ම ඉදරියට ඇදෙන්නට විය. කාට නැතත් පෙරහැරේ මුල මට වෙනසක් දැනුනි.
ඒ...
හේවිසි.. නාදයක් දැන් ගමේ නැත ..... !
=======================
පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයු මාමණ්ඩියේ
තක දොමිට සුරල් පද කෝ නුඹේ - නුඹ එක්ක නිදිද මාමණඩියේ....
.
ගොක් රැහැන් වේළුනු මං තලේ
නුඹ ඉන්නවා වාගේ පෙනේ
පැන් වඩන මල දොළ ගොම්මනේ
හේවිසි නැතිව වැලපෙනු ඇසේ.....
.
තුන් යම් දොරේ වෙහෙසුනු නුඹේ
මළගම් නොආ කවුරුද ගමේ
හේවිසිය විතරක් නොවැයුවේ
ඇයි නුඹ නමින් මාමණ්ඩියේ....
============== ගුණදාස කපුගේ
---- කුරුළු---
song -
https://www.youtube.com/watch?v=HpcscFc0vrE

Friday, February 20, 2015

== නුඹ කොතැන සිටියම මොකද, නුඹ ඉන්න බව මම දන්නවා... ==



.
- හෙලෝ හෙලෝ..
+ ඔවු සුදු නංගි
- පොඩි හදිසියක් ටක් ගාල මේකට කෝල් එකක් ගන්න..
+ චික්....
............................... ( ඇය ඇමතීමි )
+ ඔවු කියනව ඉතින් මොකක්ද හදිසිය
- නැ අනේ මගේ ෆෝන් එකේ සල්ලි නැ කෝල එකක් ගන්න ඒකයි කිවුවෙ.
+ අයියෝ ඒකද ?
- ඒකද තමා මේ. මට මතක් වුනේ නැතිනං නිකං වත් කෝල් එක්ක ගන්නෙපා හුහ්.
+ අන්න ඒකනෙ ඔයා එපා කියනව කියල දන්නවනෙ ඒ නිසයි ගත්තෙ නැත්තේ
- ආ... ඇත්තද... මේ ඔයා අසනීපෙන්ද
+ ඔවු !
- ඇයි මොනව වෙලාද ?
+ බෙල්ලෙ කට්ටක් ඇද වෙලාලු එක විදියටම ඉඳල, ඔලුවෙ සෙම හිර වෙලාලු. එම් ආර් අයි එකකුත් කලා.
- ඔවු ඉතින් අපිට කියන්නෙ නැනෙ. අපි කවුද අපිට කියන්න. ෆේස්බුක් එකේ අයට කිවුවාම හරිනේ නේද අපිත් ඒකෙන් තමා බලා ගන්නෝන.
+ නැ නැ ඉතින් ඔයා බය වෙයි කියල කිවුවෙ නැත්තෙ
- නැ නැ කියන්න ඕන නැ මීට පස්සෙ මමත් ඒකෙන් බලා ගන්නම්. ඇතිනෙ කෙල්ලො මෙයාට සැප දුක අහගෙන බලන්න එන ඕන නැ.. ඕන නැ .. නැ.. නැ.. නැ මයි..
+ ඔය ඉතින් තරහ ගන්නෙපා අනේ මගේ ලෙඩ තවත් වැඩි වෙයි. මට දොස්තර කිවුව ලස්සන නර්ස් කෙනෙක් නවත්ත ගන්න කියල ගෙදර එතකොට හරියයි කිවුව.
- ආ ඉතින්  මට කිය්නනෙ මොකෝ කියනව අර ඒෆ් බි එකේ කේලලෝනට පැනගෙන එයි .
+ හා මං කියල බලන්නම්.. එහෙම කෙනෙක් වත් ආවොත් හොදයි
- අනේ මේ .. මරණව හරිද..
+ අනේ ලොකු දෙයක් අප්ප එකපාර ඒක කරනවනං. මේ දැනුත් බේත් බැඳල තියේනනෙ බෙල්ලටයි උරහිසටයි හොලවන්න බැ..
- ආ ඇත්තද.. අමාරුද මගෙ අයියෙ ගොඩක්..
+ ටිකක්
- ඉතින් මොනවද දැන් කරන්නෙ .. ඇදටම වෙලා ඉන්න හොදද
+ නැ මම මේ නැගිටල තේ බොනව.
- කොහෙද ඉ්නනෙ කියනව..
+ ම්.... සාලෙ
- බොරු බොරු .. කම්පුයුටරේ ලග නේද ? යනව ඇඳට යකෝ ලෙඩ වෙලත් මේ මිනිහ කොම්පියුටරේ නේ.. අම්මට කිය්නනෝන කෙල්ලෙක් නේව් කොම්පියුටරයක් බන්දල දෙන්න කියල.
+ නැ නැ... මම කාමරේ අනේ..
- මේ බොරු කියන්නෙපා මට ඔන් ලයින් පෙන්ව හොයව.. මාත් තාම ඇඳේ... යනව ඇඳට නිදියනව ටිකක්.. නැත්තං එනව ඇඳට මාත් එක්ක නිදියන්න..
+ අනේ අම්මේ එහෙම කියන්නෙපැයි අනේ... පපුවත් මොකද වුනා අප්ප
- ආ හරි.. එන්නකො ඇඳට.. අපි සෙල්ලමක් කරමු ඇඳේ.. හා ද ?
+ ඇඳේ සෙල්ලම්.. ආ හරි හරි ඉන්න මං ටක් ගාල එන්නම්....
- හරි හරි.. ඉක්මනට එන්න.. කෝ ආවද !
+ ඔවු ඔවු මේ ඇඳේ ඉන්නෙ....
- හරි ඇස් පියාගෙන කරන සෙල්ලමද කරන්නෙ ඇස් ඇරගෙන කරන සෙල්ලමද ?
+ ඇස් පියාගෙන කරන එක හොදයි  අනේ..!
- හා හරි එහෙනං ඇස් පියාගෙන කරන එක කරමු ඇ වෙනස් කරන්න බැ
+ හරි හරි .. ඉක්මනට කියන්න..
- හරි ඇස් පියාගෙන ඇඳේ කරන සෙල්ලම තමා නිදා ගන්න එක. අපි දෙන්නම නිදා ගමු.. ගොඩාක් නිදා ගන්න කෙනා තමා දිනුම් හරිද..!
+ නෙද්දකින් විතරක් ඒකද සෙල්ලම.. අපෝ මදැයි මාත් ආව ඇඳට දුවල..
- හරි දැන් යන්න බෑ.. නිදියන්න හොද අයියනෙ.. හොද වුනාම කොම්පියුටරේ ලගට එන්න හොදද
+ හම් හා හරි...
- ආදරෙයි සුදු අයියෙ ගොඩාක්.. ආදරෙන් ඉන්න ....
==================================
මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගග දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මම දන්නවා...
.
විලේ ලස්සන තවත් විල් දියෙ මලුත් පිපුණොත් තමා
දොලේ ලස්සන තවත් දොල දියෙ පෙණත් නැගුණොත් තමා
සඳේ ලස්සන තවත් සඳදියෙ තරුත් දිලුණොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ මාත් සිටියොත් තමා
.
මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැලුවම මොකද
සඳ කොතැන දිලුනම මොකද
නුඹ කොතැන සිටියම මොකද.
.
මල කොතැන පිපුණම මොකද - පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද - ගලන වග ගග දන්නවා
සඳ කොතැන දිලුනම මොකද - දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද - නුඹ ඉන්න බව මම දන්නවා...
===================දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය
--- කුරුළු --
song -

Tuesday, February 17, 2015

== අලි ==



නුඹව අරගෙන ගියපු
අලි රෑන තව එනව
අපේ දුක අහන්නට
වගේ ගෙට හොඬ ලනව

උඹව සිහි කරවන්න
වළං ටික පොඩි කරල
පිල ගාව දණ ගහං
මහ හඩින් කෑ ගහල

හිස් බඩින් කැලයටම
දුවන විදියට වැනිල
සත්තමයි දුක හිතුන
උගෙ පැටිය ගැන හිතිල

අලි නොඑන දා රෑට
හංදියේ මුදලාලි
සතියකට ඇතිවෙන්න
බඩු අරං මෙහෙ එනව

හැමදාම නෙලුම් මල්
හොඬින් ගත් අලි පැටවු
වටේ කැරකෙන්නැතිව
මගෙ බඩට රිංගනව

නුඹෙ නොවන කැලෑ මල්
පිපෙන්නට කලින් මං
කෑ ගහං නැගිටිනව
පොඩි එකිත් අඩවගෙන

මගෙ ගැන කමක් නැ
කෙලී දැන් ලොකු වෙනව
කතාවක් හැදුනොතින්
උඹට පවු සිදුවෙනව

දුවේ ආයෙම ගමට
අලියො එනකොට රෑට
අපි දෙන්න පිල උඩට
වෙලා නිදියමු හොඳට
--කුරුළු-

Thursday, February 12, 2015

== කුරුළු වලප ==



මා සොඳුර මේ අසව
එහා නිවසෙහි සිටින
මගේ අයියා බලව

සතියකට වතාවක්
ගෙදර ආවත් මොකද
බව බෝග යස ඉසුරු
රැගෙන එන එක මදිද

අපල දුරු කරන්නට
ස්වෙච්ඡා සේවයට
මාල ගිරවුන් ගන්න
මිලි අක්කනුගේ යට

ඊයෙ හවසත් දැක්ක
දැන්වීම එල්ලනව
නොගියොතින් එහෙම මම
අපෙ පැටවු අල්ලනව

සොඳුර නුඹ නාඩන්න
හිතුනොතින් දැක ගන්න
නුගේ ලග අක්කාට
නොපෙනෙන්න නුඹ එන්න

පවුනෙ බං ඒ අයත්
අපිවගේමයි ගොඩක්
අක්කටත් තුන් දෙනෙක්
කිරි පාට කෙල්ලොන්ම

අපල දුරු කරන්නට
කවුරු හෝ පිංවතෙක්
අරං අත හැරිය පසු
එන්නංකො කැදැල්ලට

එතෙක් මාගේ බරට
හරියන්න වී කරල්
දුසිමක්ම හෙට හවස
ලැබෙයි නුඹගේ අතට

දෙයියන්ගෙ පිහිටෙකින්
සතියකින් ආවොතින්
ඉතුරු කරපං මටත්
උඹ කාපු ඩිංගකින්.... !!
-- කුරුළු---