Monday, January 12, 2015

== කෙදිනද කූඩු හදන්නට එන්නේ -කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ == සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ - කවදා තනිවන්නේ ===



.
- සුදු අයියේ ..!
+ ඔවු කියන්න..
- සුදු අයිය‍ේ.....
+ කියනව ඉතින්
- සුදු අයියේ... කෝ මේ සුදු අයියා..
+ කියනව වදේ නලවන්නෙ නැතිව
- හා හා කේන්ති ගන්නෙපා.. මෛත්‍රී වේවා මෛත්‍රි වේවා ..!
+ අනේ මේ යනව හලෝ යන්න..එනව මෙතන බයිට් කරන්න..
- නැ නැ බයිට් කරන්නෙ නැ අපි මෛත්‍රී කරන්නෙ
+ ආහා දැන් ඕකටද කතා කලේ..
- නැ නැ අ‍නේ අපි දෙන්නට මොකටද දේස පාලනේ නේද ? ඒවා ඒකලෙට අපි දෙන්න ගහ මරා ගමු පොඩ්ඩක් ජොලියට ත් එක්ක.. ඊට ප්සසෙ ඡන්දෙ දාල ඇවිල්ල නිවි සැනසිල්ලෙ ඡන්දෙ අහල.. ජොලියෙ ඉමු මෙයා..
+ හ්ම්
- පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඒන නෑනෙ අනේ මේ එක වහල යට ඉන්න හදන අපි දෙන්නට.. නැත්ද මං අහන්නෙ..
+ එක වහල යට ? හිතේ අති දැංම රිංගන්ට...
- ආහා හරි ඉතින් ඔයා එහෙනං මට සහයෝගෙ දෙන්ඩ කියල හරි ම‍ේග දෑත් ශක්තිමත් කරන්න කියල හරි අපේ ගෙදර බින්න බහින්ඩ කේස් එක ඉවරනේ සනා..!
+ සනා...! මේක දැන් බජාර් බාසාවත් ඉගෙන ගෙනනෙ කොහෙන්ද අප්ප ඕව ඉගෙන ගන්නෙ..
- එවුව රහස් හොදද ? මේ ඒක නෙවේ අයියෙ අපි ගෙයක් හදන්නෙ නැතිද ?
+ මම හදල තියේනනෙ පොඩි එකක් ඒකෙ තව වැඩ ටිකක් තියෙනව ඒ ඇතිනෙ අපි දෙන්නට ඉතින්.,

- හ්ම්.. දැන් මොනවද ඔය ගෙදර තියේනනෙ..
+ දැනට ඉිත්න එක කාමරයයි...
- එක කාමරක් ද තියේනනෙ එහෙනම් කිවුවෙ වැඩ ටිකයි කියල තියෙන්නෙ.. කියල තව
+ ඔවු අනේ පොඩ්ඩයි තව ඉතිරි . සාලෙ හදල වැරන්ඩා හදල, කාමර තව 4ක් තියෙනව එක් යි කුස්සියයි, තව බාත්රුම් එකකුයි , මැද මිදුලයි උඩ තට්ටුවයි විතරයි ඉතුරු ..
- මගේ දෙයියනේ..... එච්චර ද ඉතුරු !!! ඒක හොදයිනේ..
+ හොදයිනෙ නේද එකනෙ කොහොමද මගෙ ප්ලැන් එක !
- කියන්න බලන්න..දැන් සාලෙයි කිචන් එකයි වැ‍රන්ඩාවයි මැද මිදුලයි..ම් කාමර 4 යි බාත්රුම් දෙකයි ඇත ඇති..
+ එක්නෙ
- හැබැයි අයියෙ මට ආසයි උඩ තට්ටුවෙ පොඩි ටීවි රෑම් එකක් හදන්න ! එතකොට අපිට එකේ ටිවි බලන්න පුලුව්නනෙ සද්දෙට.. අයියට ඕන නම් පොඩි පුස්තකාලෙකුත් වෙනම හදමු පොත් කියවන්න.,!
+ නැ මම හිතන් ඉන්නෙ උඩ කොටසෙ පොඩි පිරමීඩ කාමරයක් හදන්න
- ඒ මොකටද
+ මට බාවනා කරන්න , ඒකෙ ඇතුලට වෙලා
- හ්ම් මම ආවට පස්සෙත් බාවනා කරනවද ඔයා.. කැමැත්තක් එහෙනම්.. මේ අපි පොඩියට චාමෙට හදමු.. බිමට සුදු ටයිල් අල්ලමු.. දුමුරු පාට බෝඩරක් එක්ක,,ම් නාන කාමරේට අපි උනු වතුර එකක් හයි කරමු.. මේ සුදු අයියෙ.,
+ ඇයි සුදු නංගි
- මට බාත් ටබ් එකකුත් හයි කරල දෙනවද ?
+ ඒ ඇයි..
- මට බැහැල නාන්නනෙ.. සුවිමිං පූල් වලට වියදංනෙ අප්ප.. පොඩි එක්ක හදල දැන්න ඈ..
+ අනේ මේ පල යන්න .. ඔන් නං වත්තෙ ලිදක් කපල දෙන්නං ඇදං නාන්න..
- ආ.. මේ ඔයාගෙ රෙදි හොදල දේනනෙ නැ හරිද මට ඕන දේවල් කලේ නැත්තං.ම් කිචන් එකට ලස්සන පැන්ට්‍රි කබඩ් සෙට් එකක් හදමු..ටීක් පාටට !! ලස්සනට හදපු කෑම කාමරේට අපි පොලවට ලෑලි අල්ලමු...ලී කැම මේසයක් තියමු..එතකොටයි ගති මම දැක්ක ටී වි එකේ..
+ පිස්සුද අනේ සල්ලි කොහෙන්ද ඔය ටිවි ඒකෙ යන බහු බූත කරන්න..
- ආ බූත නෙවේ ..සාලෙ තියේනනෙ සෙටි එක විතරයි ලස්නට නිදහස්ව තියන්න ඒන.. පින්තුරක් එල්ලල ඔයයි මායි ඉන්න හොදද? ආ.. නිදන කාමරේට කොම්පියුටර් තහනම් හොදේ ඒකකට වෙනම කාමරයක් හදන්න වෙනව..
+ මේං බලහල්ලකො මේකි.. යකො ්මට තව ඉඩමක් ගන්න වෙයි මේ විදියට හද්න්න.,
- මේ ඉතින් අහනවකො මැටිස් අපි දෙන්න අවුරුද්දට තීන්ත ගාමු ඇ මම ආසයි අනේ අපේ තාත්ත දෙන්නෙ නැනෙ.. ඔයාගෙ ගෙදර ආවම අපි දෙන්න එකතු වොල තීන්ත ගාමු හොදේ..
+ හ්ම් එහෙන්ම මාසෙකට විතර කිලන් පටන් ගන්න වෙයි.
- ඒ මොකෝ
+ මොකෝ අහන්නෙ ඊරියෙ ඔය කියන තරමම් ලොකු ගෙයක් හැදුවම කොච්චර තීන්ත ගාන්න වෙයිද ? දෙන්නෙක්ට ගාන්න මාසයක් වත් යයි
- හරි ඉතින් අපි චුට්ට චුට්ට ගාමු .. මොනවද ඩොන්ට් බි නෙගටිවු තින්ක් පොසිටිවු බබා..!
+ නැ නංගි මොනව කරන්නද ඒක අපේ ලේවලින් එන එකක් මගේ ලේ වර්ගෙ නෙගටිවුනෙ ..
- මේ අයියෙ ඒක නෙවේ අපි ඒ ගෙදර තව කාමරයක් හදමු !
+ ඒ කාටද
- ඔයාගෙ අම්මටයි අප්පච්චිටයි..
+ හානේ ඇත්තද ! අන්න අම්ම කතා කරනව තේ බොන්න යන්න .. අනේ මේ මම කිය්නනෙ නැ උඹට ..ඇඩ් දානව නේ මට
- අනේ නැ අප්ප ඇත්තමයි අම්ම කතා කලා මම යනව එහෙනම්..
+ හරි බුදු සරණයි එහෙනම්..ආදරෙන් ඉන්න හොදද !
- ආ මේ අයියෙ මේ මම කියපුව ලියල තියාගන්න ඇ
+ ඇයි ඒ..
- කවද හරි ගේ හදනකොට ඕන වෙයි.. හූ .. හූ..
+ පලයන් යන්න ගෙම්බි...
===========================
කෙදිනද කූඩු හදන්නට එන්නේ -කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ - කවදා තනිවන්නේ


බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි වනපෙත ඒකාලෝක කෙරේ මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය බිරිඳක වූ දා නේද අගේ මා හිස සිඹ දොඩනා කතන්දර රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට

සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ කවදා තනිවන්නේ

ගායනය - නිරංජලා සරෝජිනී
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
============
--- කුරුළු--
 
 ගී පැදුර බ්ලොගයට මගේ වි‍ශේෂ ස්තුතිය ( දැන් මම ගීත හොය්නනෙ ඒකෙ )
ගීතය මෙැතනින් අහන්න -
http://geepadura.blogspot.com/.../kedinada-koodu...
 

Thursday, January 8, 2015

=== ආත්ම ගණනේ ඔබෙ පය පාමුල - මගෙ කඳුලින් සේදෙන්න ඇති.. == එදත් මගේ දුක් ආයාචනයට - අද මෙන් ඔබ හිනැහෙන්න ඇති.. ==


.
- අයියෙ
+ ඇයි
- කම්මැලියි !
+ හ්ම.. උඩ පනින්න
- බෑ..
+ ඇයි
- ඒකටත් කම්මැලියි ..!
+ එහෙනම් නටපන්
- බෑ.. මම සින්දුවක් කියන්නද ? ඔයාට ඇහෙන්න ?
+ එපා ෆොන් එක තියල ගෙදරටම ඇහෙන්න සින්දු කියන්න
- අනේ .. අනේ.. හොඳ අයියනෙ..
+ හ්ම්.. කියනවකො එහෙනම් එකක් බලන්න...
- ♪♪ ඔබ හින්ද දැයි මට මේ තරම් ඉවසන්න කල්පනා - හිත මාගේ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙන්ම නෑ දැන් නම් ඔබ මා වශී කලා - හිත මෙන්ම නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔයා මොකද කැරකීල මගේ හිත වටා ගියේ වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් වුනේ...♪♪
+ ෂහ් මරුනේ.. ඔයාට සුපර්ටා යන්න තිබුන අනේ.. නියමයි.
- අනේ විහිලු කරන්නෙපා හොදේ.. මම ආය කියන්නෙ නැ සින්දු හොදද. ඔයා කියපු නිසයි කිවුවෙ එකක්..ම්.. මම තව එකක් කියන්නමද ?
+ හ්ම් හා..
- ♪♪ දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ.. -දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ.. - ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... - මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
ආ. ම්..... හ්මහා ආ... ම්හා......
♪♪ කලබල නගරේ යද්දී මද්දහනේ.. - නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ.. - ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... ♪♪.. ඔයේ....
+ ෂහ් ඔයා ඒකත් ලස්නට කිවුවනෙ.... නියමයිනෙ ඔයා දක්සයිනෙ..
- සුදු අයියෙ මම තව එක් කියන්නම්ද ? අනේ අපේ ගෙදර කවුරුත් මම කියන සින්දු අහන්නෙ නැ අප්ප.. ඔයා වත් අහනවද ?
+ හා කියන්න මම අහන් ඉන්නම්... !
- ♪♪ මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ - එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
- මේ අනික් කෑල්ලෙ අදින කොට පොඩි සපෝට් එකක් දෙන්න ඈ.........
♪♪ එදා මට ඔබ සරා සඳ විය.. - කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්.. - උදාවිය ගිරි ශිඛර සිරසේ..
මගේ සඳ ඔබ මගේ.... ♪♪ .... කෝ අදින්න........................හ්මමේ...
+ ඇයි මොකෝ වුනේ..
- බැ අනේ ඔයා එක්ක ඔයා ඇද්දෙ නැනෙ. ටෙලි‍ෆොන් වලින් සින්දු කියන්න අමරුයි කියල දන්නෙ නැද්ද ගෙම්බො.. සපෝට් එක්ක දෙන්න.. ම්.. දැන් අපි යුග ගීයක් කියමුද ?
+ ම්... කොයි යුගේද ? 60- 70-80 වගේ
- නැ මැටිස්.. අපි දෙන්න ඩුවට් එකක් කියමු.. හා ද ඈ..
- ♪♪ සිකුරු තරුව රැයේ.. - සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
( ඔයා කියන්ඩෝ ) හඳට අහස හිමිවන පෝදා.. - ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..
♪♪ අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා..
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා..
( ඔයා කියන්ඩෝ ) අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ..
පිපිමල් පරමල් වෙනවා - ඒ මල් දුක සඟවනවා.. ♪♪
- බැ අනේ අයියෙ ඔයා එක්ක ඔයා ඔයාගෙ කොටස කියන්නෙ නෑනෙ...
+ මේ මම දන්නෙ නැ අනේ සින්දු කියන්න
- බැ අනේ එතකොට කෝමද මම මගේ වෙඩින් එකේ සින්දුවක් කියන්නෙ මම හිතන් ඉන්නෙ එහෙම එකක් කියන්න..අපෝ ... මේ එයා දන්නවද මගෙ ආසම සින්දුව ?
+ ආසම සින්දුව ? දැන් ඔයා ඒකත් කියන්නද යන්නෙ...
- නැතිව.. ආසම සින්දුව ප්‍රචාරය නොකර කෝමද අනේ. හා එපාද.. ? එපාද ?
+ හ්ම් කමක් නැ එකයිනෙ ආස ඒව දෙක තුනක් නැනේ.. කියන්න කියන්න මම අහන් ඉන්නම
- නොකිය ඉන්න හැදුවෙ .. ඔයා කියන්න කිවුව නිසා කියනව ඕං..
 ♪♪ සුවඳ දැනී දැනී දැනෙනවා.. -උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ.. - හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම් - සුවඳ දැනී දැනී..දැනෙනවා.  ♪♪
හම්මේ ඇති ඇති ..ඒකෙ අනික් ඒව අමාරුයි කියන්න අදින්න තියෙනව සැහෙන්ට..එත් මම ආසම ඒකට ඈ..
+ මේ දැන් ඉවරයි නේද ?
- හම්මේ ඔවු අනේ මගේ කටත් රිදෙනව . බලන්නකො රේඩියෝ එකකින් වත් මේ වගේ සින්දු දෙනවද නෑනෙ.
+ මම රේඩියෝ අහ්නනෙ නෑනෙ..
- හරි එහෙනම් මාගේ ගීත වැඩසටහන මෙතකින් නිමයි.! අසා සිටි ඔබට ස්තුතයි.. ටටා බායි.
+ මේ අනේ මේ තව එකක් කියල යන්නනො ප්ලීස්...ප්ලීස්..
- අනේ බෑ එක්කවත් බෑ. මට වතුර තිබහයි. මම යනව බායි
+ හා හොදයි එහෙනම් වොයිස් එක අප් කරන් එන්න .. ආදරෙන් ඉන්න සුදු නංගි..
===============
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..
-----
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මදි
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..
------------------------
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..
==========ටී. එම්. ජයරත්න - පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
--කුරුළු--
song

Wednesday, January 7, 2015

=== නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ. - වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ. =

.
- හෙලෝ මිස්ට කුරුළු

+ හෙලෝ.. මේ මට මිස්ට කියන්නෙපා හොඳද ?

- ඇයි..?
+ මිස්ට කිය්නනෙ අපරාධකාරයොන්ටනෙ

- මොකක් ? කවුද කිවුවෙ...

+ ඇයි අර චැනල් වල කියන්නෙ

- මේ එන්නෙපා හරිද ? හුහ්.. ඔයත් අපරාධකාරයෙක් තමා..

+ අනේ දෙයියනේ මම කරපු අපරාධෙ මොකක්ද ?

- ඇයි මගේ හිත හොරකම් කලේ ඒක හෙනම අපරාධයක්නෙ..

+ අනේ මම හොරකම් කලේ නැ මේ යන එනකොට බිම වැටිල අහුල ගත්තෙ..කරුමෙට මටම තියාගන්න වුනා.

- අනේ යනව යන්න.. මගේ ආදරේ එච්චර පාතයිද ඔයාට

+ හරි හරි දැන් කතා කලේ ඇයි කියනවකො !

- මේ සුදු අයියෙ ඔයාගෙ මනාපෙ කාටද ?

+ ඔයාට තමා ඉතින් වෙන කාටද අනේ.

- විහිළු නොකර කියනව අනේ - මේ පාර චන්දෙ කාටද දේනනෙ..

+ ඒක මොකටද ඔයාට ? දෙන කෙනාට මම දී ගන්නම්

- ආ ඒව කෝමද මම ඔයාගෙ වයිෆ් මම දැනගන්න ඕන ඔයා කරන්නෙ මොනවද කියල. කියනව බලන්න !

+ මේක ප්‍රතාතන්ත්‍රවාදය උල්ලන්ඝනය කිරීමක් මම නඩු දානව..

- මේ නඩු දානව 9 වෙනිදට මම බලාගන්නම් ඒක.. දැන් කියල ඉන්නව..

+ මම ඉතින් MR ට

- මොකා....ක්... ඔයාට ලජ්ජ නැද්ද අප්ප එයාටම දේනනෙ !

+ ඇයි ලජ්ජ වෙන්නෙ අපි.. එයානෙ අපේ ආඩ්මබර තාත්ත. ඉතින් තාත්ත වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න ලැජ්ජ වේනනෙ මොකෝ ..! ඇයි ඔයා මෛත්‍රීටද ?

- නැතිව ඉතින් .. අර හාමුදරුවන්ට දෙන්නයැ.. මෙමත්‍රිට තමා..

+ ඉතින් ඇයි ඔයා එයාට දේනනෙ.. හේතු කියන්න බලන්න.

- හේතු ! හේතු මොකටද ඇයි ටිවි පත්තර බලන්නෙ නැතිද ! මේක මේ පවුල් වාදයක්නෙ අධිරාජ්‍ය වාදයක්.. ! ඔයාල හද්නනෙ රට එක පවුලකට දෙන්නද ??

+ මේ මේ එතුමාට එහෙම කිය්නනෙපා එතුම තමා අපේ යුද්ධෙ ඉවර කලේ..

- ආ මහන්සි ඇති යුද්ධ කරල පාරට බැහැල.

+ හරි හරි අණ දුන්න ඉතින්..!

- ආ ඒකනෙ.. අපි මේක වෙනස් කරන්නෝන අපි ය්නනෝන සාම පාරක.. ඔන්න ඔහේ මම කියනවට ගිහන් මෛත්‍රීටම දෙන්න හොදද මගේ සුදු අයියනේ !

+ මේ බලහල්ලකො.. ඔයා කියන්නෙ ආයෙමත් මේ අපේ රට කොටින්ට දෙන්න කියලද ? ඔයාල හද්නනෙ ආපහු පිට රට අය එක්ක එකතු වෙලා කොටියට රට දෙන්න අපි ඒවට ඉඩ දෙන්නෙ නෑ හොදද ?

- කොටි ! පිස්සුද අයියෙ හැ හැ හැ ඔයාත් අර නයි ටි එන් බැලුවද ? කොහෙ ඉන්න කොටිද අනේ දැන්.. ! කොටි ඉන්නව නම් ඉන්නෙ MR ගාව ඇයි දැක්කෙ නැද්ද .. කොටින්ම කියනවනම් දෙහිවවල සත්තු වත්තෙ හිටිය කොටි ටිකත් උස්සන් ගියා ඔය හම්බන්තොට පැත්තෙද කොහෙද සත්තු වත්තක් හදනව කියල එහෙට.. දැන් මෙහෙ කොටි නෑ . ඉන්නෙ එහෙ...

+ හරි එක් හරි කියමුකෝ එත් බලනව මේ සංවර්ධනේ.. ඔයාල ඉස්සර පැත්තෙ යන්නෙ නැති දියත ! කවදාකවත් ගිහින් නැති ආකේඩ් එක - හයිවේ ! ඇ.. බලනව පාරවල් ටික කාපට් ..!

- ගොනෝ...! දන්නවද ඕවයින් ගහපු ගැහැලි.. රටක් කාලයත් එක්ක ඉදිරියට යනකොට කොයි ආණ්ඩු බලයේ හිටියත් එය වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න වෙනව ඒ ඒ කාලෙට හරියන්න.. මේ රටේ මීට කිලන් දේවල් හැදුනෙත් ඔහොමයි.. ආකේඩ් එකට ගිහිල්ල ඔයාටයි මටයි ආප්පයක් වත් කන්න බෑ... හයිවේ එකේ දුප්පත් මිනිහට යන්න බෑ.. අනික දන්නවද කඩුවෙල ඉදන් කොට්ටාවට කියල කලින් චන්දෙට ඕපන් කරපු ටිකේ එක පැත්තක් දැන් මාස ගනක් වහගෙන හදනව.. ඒව දන්නෙ නැද්ද.. ගංවතුරට ගහගෙන යන බම්බු කාපට් ඔයාලගේ. අල්ලල කවන්නෝන පෝලිමට තියල...
+ හෝවු හෝවු.. සුදු නංගි මෝකෝ මේ... මෛත්‍රී වේවා ! නිදුක් වේවා සුවපත් වේවා.. ! හුස්මක් අරන් ඉන්න.. හෙමීට කතා කරමු අනේ...ඔය බලන්න හුස්ම ගන්න හැටි... දැන් ඔයාගෙ මේ කීවෙනි චන්දෙ ද ?
- දෙක ?
+ ඒකනෙ මම ඊට වඩා චන්ද ගානක් දැකල තියෙනව..ඒ වගේම යුද්ධෙ තියෙන කාලෙ බැට කාල තියෙනව..

- එක්නෙ ඒකනෙ චන්ද වලට චන්දෙ දුන්නට වැඩක් නැ ගොන්ටො මේ පාරවත් වෙනසක් කරමු..

+ හොදයි දැන් බලන්න මම කරන්නෙ ඇඩ්වර්ටයිසින්..! මෙදා පාර MR මහත්තය ගහපු දැන්වීම් වලින් මම 
කීයක් හරි හම්බකර ගත්ත එත් මෛත්‍රී මහත්තය කිසිම දෙයක් කලේ නෑනෙ අපිට ගොඩ යන්න.

- අන්න දැක්කද දැක්කද ? ඔයාල වගේ කපටි ජාතියක් චන්දෙට ඕව ගැහුවට වැඩක් නැ අයියෝ.. ඊට පස්සෙ එයාලගෙ සමාගම් වලටයි දිනුවට පස්සෙ සේරොව වැඩ ටික ය්නනෙ..ඇයි ච්නදෙට මාස ගානකට කලින් ඔයාම නේද අඩ අඩ හිටියෙ එක වැඩක් වත් එන්නෙ නෑ සේරොම පිට පාරෙ යනව කියල..

+ ඒව එහෙම තමා ඉතින්.. මම හෙමීට මෙහෙමම ගිහින් ආණ්ඩුවට හේත්තු වෙනව.. ඊට ප්සසෙ මහ මැතිවරණේන් ගානක් හම්බ කර ගන්නව.. කෝමද ටිකිරි මො‍ලේ..!

- අපෝ රට ගැන හිතන කෙනෙක් නෙවේනෙ ඔයා අයියෙ..

+ ආ.. දැන් මට නිකං න් කන්න අදින්න කවුද දෙන්නෙ..! මේ ඔයා මාව බැන්දට පස්සෙ මටම තමා ඔයාටත් කන්න දෙන්න වේනනෙ මේක මගේ රස්සාවනෙ..

- හුහ් ඔවු ඔවු.. අපේ තාත්ත කියන විදියට MR ට චන්දෙ දෙන්නෙ නිකං ගෙදරට වෙලා ඉන්න උන් තමා. එක්කො ආණ්ඩුවට කඩේ ගිහි්න ජොබ් ගතතු උන් නැත්තං ගන්න බලන් ඉන්න උන්, නැත්තං ගෑනිව රට යනව කන උන්, එත් නැත්තං රස්සාවක් කරන්න තරං උගත් කමක් නැති උන්.. රෙස් පදින්න කරපු වියදම ? එතකොට මින්ස්සු ඇද්ද බස්.ඔයා මොනවද අනේ මේ ෆේස් බුක් එකේ රිංගං හිටියට ඕව දකින්නෙ නැද්ද.. අර බොරුවට ලමයෙක් පැහැරගෙන ඒකෙනුත් මඩ ගැහුව මාධ්‍ය සදාචාරයක් නැතිව චැනල් අල්ලගෙන වැදි බන කියන්න ගත්ත. ඔයා මතක තියාගන්න රට බේර ගත්තු සොරොම ටික ඉ්නනෙ මෙහෙ.. හොදයි MR එන්න කලින් ඔය කියන සහෝදරයො කොහද හිටියෙ කී දෙනෙක් ගැන ඔයා අහල තිබුනද ? පොදු විපක්සය එරෙහි වෙන්නෙ ආන්ඩුවට නෙවේ පවුල් පාලනේට ඔයාට එක් තේරෙන්නෙ නැතිද ? ඇයි ඔය සාකච්චා වල විපක්සෙන් නම් කිය කිය බනිද්දිත් වෙන වෙන ඇමති වරු එවල එ ්අය තිනයෙන් චැනල් වලට වෙලා පාලු ගෙයි වලං බිද්නනෙ - කල්පනා කරල බලනව ටිකක් ඔය කුරුලු මොලෙන්.. ඔය මටත් මෙයාව බදින්න කලින් දෙපාරක් හිතන්න වෙයි ව‍‍ගේ. .! තාත්තටත් කියන්න ඕන කුරුළු අයිය ගැන. !

+ හොවු හෝවු.. මේ.. මේ අහනවකො මැන්ටලේ.. දැන් මේ රටේම අය මේ දවස් ටිකෝම උඩ දාගෙන ටිවි බැලුවනෙ.. කෑ ගහගහ රන්ඩු කරගෙන..
- ඉතින්

+ හොදයි රදන් අද චන්දෙනෙ.. දැන් රන්ඩු වෙනව කියනවකො .. හවසටත් ගහ ගන්නව කියනවකො ..

- ඉතින්
+ ඉතින් නංගි 9 වෙනිද නැත්තං 10 වෙනිද වෙනකොට ඔය සේරොම ඉවරයි. චැනල් වල බලන්න දෙයක් නෑ.. ඉස්සර වගේම උදේට නැගිටල මිනිස්සු වැඩට යයි. ! එච්චරයි වෙනසකට තියේනනෙ මේ එකට ගමේ කඩේට ගිය එකාට ත්‍රී විල් පාක් එකේ හිටිය එකා එක්ක හිනා වෙලා කතා කරන්න බැරි වෙන එක මේ මගුල් චන්දයක් නිසා ගහගෙන..

- හ්ම්..
+ අපිට වැඩක් නැ නංගි අපි කැමති කෙනාට අපි චන්දෙ දුන්න. ගෙදර ආව වැඩ ටික කලා එච්චරයි.
ෆේස් බුක් එකෙත් ගොඩ දෙනෙක් ඇහුව මගෙන් චන්දෙ කාටද කියල.. මොකටද අපි කිය්නනෙ. එහෙම එයාලට කියන්න ඕන නම් රට චන්දයක් ඕන නෑනෙ..අච්චර අර පරිස්සං කරන් පෙට්ටියක් ඇතුලට ගිහන් කතිරෙ මොකට ගහනවද ?


- හ්ම.. හරි හරි එහෙනම් ඔයා කැමති එකකට දෙන්න හොදද.. මමත් යනව චන්දෙ දාන්න. අද රෑ බලමු චන්දෙ හොදේ.. මම නම් ඇහැරල ඉ්නනෙ..

+‍ මොකටද සුදු නංගි ඇහැරගෙන බල්නනෙ හෙට උදේට දැනගන්න පුලුවනි නෙ.. නිදා ගන්න හොදට 
 රෑට..අපි නැගිටල හිටය කියල ප්‍රතිපල වල වෙනසක් වෙන්නෙ නෑ..

- අයියො ්නැ අනේ. මට චන්දෙ වැඩක් නැ. මම මේ හින්දි ෆිල්ම් එකක් බලන්න හිතං ඉ්නනෙ..

+ ආහ් එහෙනම් කමක් නෑ.

- එහෙනං මං තියනව ඇ... මෛත්‍රී පාලනයක් වේවා !

+ හරි සුභ අනාගතයක් ..!
( මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිත වන බව සලකන්න )
==============
බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...


රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...


======= විශාරද නන්දා මලිනිය.
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය -ගුණදාස කපුගේ.

---------------------------------කුරුළු----------------