Thursday, January 8, 2015

=== ආත්ම ගණනේ ඔබෙ පය පාමුල - මගෙ කඳුලින් සේදෙන්න ඇති.. == එදත් මගේ දුක් ආයාචනයට - අද මෙන් ඔබ හිනැහෙන්න ඇති.. ==


.
- අයියෙ
+ ඇයි
- කම්මැලියි !
+ හ්ම.. උඩ පනින්න
- බෑ..
+ ඇයි
- ඒකටත් කම්මැලියි ..!
+ එහෙනම් නටපන්
- බෑ.. මම සින්දුවක් කියන්නද ? ඔයාට ඇහෙන්න ?
+ එපා ෆොන් එක තියල ගෙදරටම ඇහෙන්න සින්දු කියන්න
- අනේ .. අනේ.. හොඳ අයියනෙ..
+ හ්ම්.. කියනවකො එහෙනම් එකක් බලන්න...
- ♪♪ ඔබ හින්ද දැයි මට මේ තරම් ඉවසන්න කල්පනා - හිත මාගේ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙන්ම නෑ දැන් නම් ඔබ මා වශී කලා - හිත මෙන්ම නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔයා මොකද කැරකීල මගේ හිත වටා ගියේ වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් වුනේ...♪♪
+ ෂහ් මරුනේ.. ඔයාට සුපර්ටා යන්න තිබුන අනේ.. නියමයි.
- අනේ විහිලු කරන්නෙපා හොදේ.. මම ආය කියන්නෙ නැ සින්දු හොදද. ඔයා කියපු නිසයි කිවුවෙ එකක්..ම්.. මම තව එකක් කියන්නමද ?
+ හ්ම් හා..
- ♪♪ දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ.. -දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ.. - ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... - මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
ආ. ම්..... හ්මහා ආ... ම්හා......
♪♪ කලබල නගරේ යද්දී මද්දහනේ.. - නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ.. - ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... ♪♪.. ඔයේ....
+ ෂහ් ඔයා ඒකත් ලස්නට කිවුවනෙ.... නියමයිනෙ ඔයා දක්සයිනෙ..
- සුදු අයියෙ මම තව එක් කියන්නම්ද ? අනේ අපේ ගෙදර කවුරුත් මම කියන සින්දු අහන්නෙ නැ අප්ප.. ඔයා වත් අහනවද ?
+ හා කියන්න මම අහන් ඉන්නම්... !
- ♪♪ මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ - එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
- මේ අනික් කෑල්ලෙ අදින කොට පොඩි සපෝට් එකක් දෙන්න ඈ.........
♪♪ එදා මට ඔබ සරා සඳ විය.. - කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්.. - උදාවිය ගිරි ශිඛර සිරසේ..
මගේ සඳ ඔබ මගේ.... ♪♪ .... කෝ අදින්න........................හ්මමේ...
+ ඇයි මොකෝ වුනේ..
- බැ අනේ ඔයා එක්ක ඔයා ඇද්දෙ නැනෙ. ටෙලි‍ෆොන් වලින් සින්දු කියන්න අමරුයි කියල දන්නෙ නැද්ද ගෙම්බො.. සපෝට් එක්ක දෙන්න.. ම්.. දැන් අපි යුග ගීයක් කියමුද ?
+ ම්... කොයි යුගේද ? 60- 70-80 වගේ
- නැ මැටිස්.. අපි දෙන්න ඩුවට් එකක් කියමු.. හා ද ඈ..
- ♪♪ සිකුරු තරුව රැයේ.. - සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
( ඔයා කියන්ඩෝ ) හඳට අහස හිමිවන පෝදා.. - ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..
♪♪ අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා..
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා..
( ඔයා කියන්ඩෝ ) අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ..
පිපිමල් පරමල් වෙනවා - ඒ මල් දුක සඟවනවා.. ♪♪
- බැ අනේ අයියෙ ඔයා එක්ක ඔයා ඔයාගෙ කොටස කියන්නෙ නෑනෙ...
+ මේ මම දන්නෙ නැ අනේ සින්දු කියන්න
- බැ අනේ එතකොට කෝමද මම මගේ වෙඩින් එකේ සින්දුවක් කියන්නෙ මම හිතන් ඉන්නෙ එහෙම එකක් කියන්න..අපෝ ... මේ එයා දන්නවද මගෙ ආසම සින්දුව ?
+ ආසම සින්දුව ? දැන් ඔයා ඒකත් කියන්නද යන්නෙ...
- නැතිව.. ආසම සින්දුව ප්‍රචාරය නොකර කෝමද අනේ. හා එපාද.. ? එපාද ?
+ හ්ම් කමක් නැ එකයිනෙ ආස ඒව දෙක තුනක් නැනේ.. කියන්න කියන්න මම අහන් ඉන්නම
- නොකිය ඉන්න හැදුවෙ .. ඔයා කියන්න කිවුව නිසා කියනව ඕං..
 ♪♪ සුවඳ දැනී දැනී දැනෙනවා.. -උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ.. - හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම් - සුවඳ දැනී දැනී..දැනෙනවා.  ♪♪
හම්මේ ඇති ඇති ..ඒකෙ අනික් ඒව අමාරුයි කියන්න අදින්න තියෙනව සැහෙන්ට..එත් මම ආසම ඒකට ඈ..
+ මේ දැන් ඉවරයි නේද ?
- හම්මේ ඔවු අනේ මගේ කටත් රිදෙනව . බලන්නකො රේඩියෝ එකකින් වත් මේ වගේ සින්දු දෙනවද නෑනෙ.
+ මම රේඩියෝ අහ්නනෙ නෑනෙ..
- හරි එහෙනම් මාගේ ගීත වැඩසටහන මෙතකින් නිමයි.! අසා සිටි ඔබට ස්තුතයි.. ටටා බායි.
+ මේ අනේ මේ තව එකක් කියල යන්නනො ප්ලීස්...ප්ලීස්..
- අනේ බෑ එක්කවත් බෑ. මට වතුර තිබහයි. මම යනව බායි
+ හා හොදයි එහෙනම් වොයිස් එක අප් කරන් එන්න .. ආදරෙන් ඉන්න සුදු නංගි..
===============
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..
-----
අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මදි
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..
------------------------
ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..
==========ටී. එම්. ජයරත්න - පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
--කුරුළු--
song

Wednesday, January 7, 2015

=== නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ. - වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ. =

.
- හෙලෝ මිස්ට කුරුළු

+ හෙලෝ.. මේ මට මිස්ට කියන්නෙපා හොඳද ?

- ඇයි..?
+ මිස්ට කිය්නනෙ අපරාධකාරයොන්ටනෙ

- මොකක් ? කවුද කිවුවෙ...

+ ඇයි අර චැනල් වල කියන්නෙ

- මේ එන්නෙපා හරිද ? හුහ්.. ඔයත් අපරාධකාරයෙක් තමා..

+ අනේ දෙයියනේ මම කරපු අපරාධෙ මොකක්ද ?

- ඇයි මගේ හිත හොරකම් කලේ ඒක හෙනම අපරාධයක්නෙ..

+ අනේ මම හොරකම් කලේ නැ මේ යන එනකොට බිම වැටිල අහුල ගත්තෙ..කරුමෙට මටම තියාගන්න වුනා.

- අනේ යනව යන්න.. මගේ ආදරේ එච්චර පාතයිද ඔයාට

+ හරි හරි දැන් කතා කලේ ඇයි කියනවකො !

- මේ සුදු අයියෙ ඔයාගෙ මනාපෙ කාටද ?

+ ඔයාට තමා ඉතින් වෙන කාටද අනේ.

- විහිළු නොකර කියනව අනේ - මේ පාර චන්දෙ කාටද දේනනෙ..

+ ඒක මොකටද ඔයාට ? දෙන කෙනාට මම දී ගන්නම්

- ආ ඒව කෝමද මම ඔයාගෙ වයිෆ් මම දැනගන්න ඕන ඔයා කරන්නෙ මොනවද කියල. කියනව බලන්න !

+ මේක ප්‍රතාතන්ත්‍රවාදය උල්ලන්ඝනය කිරීමක් මම නඩු දානව..

- මේ නඩු දානව 9 වෙනිදට මම බලාගන්නම් ඒක.. දැන් කියල ඉන්නව..

+ මම ඉතින් MR ට

- මොකා....ක්... ඔයාට ලජ්ජ නැද්ද අප්ප එයාටම දේනනෙ !

+ ඇයි ලජ්ජ වෙන්නෙ අපි.. එයානෙ අපේ ආඩ්මබර තාත්ත. ඉතින් තාත්ත වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න ලැජ්ජ වේනනෙ මොකෝ ..! ඇයි ඔයා මෛත්‍රීටද ?

- නැතිව ඉතින් .. අර හාමුදරුවන්ට දෙන්නයැ.. මෙමත්‍රිට තමා..

+ ඉතින් ඇයි ඔයා එයාට දේනනෙ.. හේතු කියන්න බලන්න.

- හේතු ! හේතු මොකටද ඇයි ටිවි පත්තර බලන්නෙ නැතිද ! මේක මේ පවුල් වාදයක්නෙ අධිරාජ්‍ය වාදයක්.. ! ඔයාල හද්නනෙ රට එක පවුලකට දෙන්නද ??

+ මේ මේ එතුමාට එහෙම කිය්නනෙපා එතුම තමා අපේ යුද්ධෙ ඉවර කලේ..

- ආ මහන්සි ඇති යුද්ධ කරල පාරට බැහැල.

+ හරි හරි අණ දුන්න ඉතින්..!

- ආ ඒකනෙ.. අපි මේක වෙනස් කරන්නෝන අපි ය්නනෝන සාම පාරක.. ඔන්න ඔහේ මම කියනවට ගිහන් මෛත්‍රීටම දෙන්න හොදද මගේ සුදු අයියනේ !

+ මේ බලහල්ලකො.. ඔයා කියන්නෙ ආයෙමත් මේ අපේ රට කොටින්ට දෙන්න කියලද ? ඔයාල හද්නනෙ ආපහු පිට රට අය එක්ක එකතු වෙලා කොටියට රට දෙන්න අපි ඒවට ඉඩ දෙන්නෙ නෑ හොදද ?

- කොටි ! පිස්සුද අයියෙ හැ හැ හැ ඔයාත් අර නයි ටි එන් බැලුවද ? කොහෙ ඉන්න කොටිද අනේ දැන්.. ! කොටි ඉන්නව නම් ඉන්නෙ MR ගාව ඇයි දැක්කෙ නැද්ද .. කොටින්ම කියනවනම් දෙහිවවල සත්තු වත්තෙ හිටිය කොටි ටිකත් උස්සන් ගියා ඔය හම්බන්තොට පැත්තෙද කොහෙද සත්තු වත්තක් හදනව කියල එහෙට.. දැන් මෙහෙ කොටි නෑ . ඉන්නෙ එහෙ...

+ හරි එක් හරි කියමුකෝ එත් බලනව මේ සංවර්ධනේ.. ඔයාල ඉස්සර පැත්තෙ යන්නෙ නැති දියත ! කවදාකවත් ගිහින් නැති ආකේඩ් එක - හයිවේ ! ඇ.. බලනව පාරවල් ටික කාපට් ..!

- ගොනෝ...! දන්නවද ඕවයින් ගහපු ගැහැලි.. රටක් කාලයත් එක්ක ඉදිරියට යනකොට කොයි ආණ්ඩු බලයේ හිටියත් එය වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න වෙනව ඒ ඒ කාලෙට හරියන්න.. මේ රටේ මීට කිලන් දේවල් හැදුනෙත් ඔහොමයි.. ආකේඩ් එකට ගිහිල්ල ඔයාටයි මටයි ආප්පයක් වත් කන්න බෑ... හයිවේ එකේ දුප්පත් මිනිහට යන්න බෑ.. අනික දන්නවද කඩුවෙල ඉදන් කොට්ටාවට කියල කලින් චන්දෙට ඕපන් කරපු ටිකේ එක පැත්තක් දැන් මාස ගනක් වහගෙන හදනව.. ඒව දන්නෙ නැද්ද.. ගංවතුරට ගහගෙන යන බම්බු කාපට් ඔයාලගේ. අල්ලල කවන්නෝන පෝලිමට තියල...
+ හෝවු හෝවු.. සුදු නංගි මෝකෝ මේ... මෛත්‍රී වේවා ! නිදුක් වේවා සුවපත් වේවා.. ! හුස්මක් අරන් ඉන්න.. හෙමීට කතා කරමු අනේ...ඔය බලන්න හුස්ම ගන්න හැටි... දැන් ඔයාගෙ මේ කීවෙනි චන්දෙ ද ?
- දෙක ?
+ ඒකනෙ මම ඊට වඩා චන්ද ගානක් දැකල තියෙනව..ඒ වගේම යුද්ධෙ තියෙන කාලෙ බැට කාල තියෙනව..

- එක්නෙ ඒකනෙ චන්ද වලට චන්දෙ දුන්නට වැඩක් නැ ගොන්ටො මේ පාරවත් වෙනසක් කරමු..

+ හොදයි දැන් බලන්න මම කරන්නෙ ඇඩ්වර්ටයිසින්..! මෙදා පාර MR මහත්තය ගහපු දැන්වීම් වලින් මම 
කීයක් හරි හම්බකර ගත්ත එත් මෛත්‍රී මහත්තය කිසිම දෙයක් කලේ නෑනෙ අපිට ගොඩ යන්න.

- අන්න දැක්කද දැක්කද ? ඔයාල වගේ කපටි ජාතියක් චන්දෙට ඕව ගැහුවට වැඩක් නැ අයියෝ.. ඊට පස්සෙ එයාලගෙ සමාගම් වලටයි දිනුවට පස්සෙ සේරොව වැඩ ටික ය්නනෙ..ඇයි ච්නදෙට මාස ගානකට කලින් ඔයාම නේද අඩ අඩ හිටියෙ එක වැඩක් වත් එන්නෙ නෑ සේරොම පිට පාරෙ යනව කියල..

+ ඒව එහෙම තමා ඉතින්.. මම හෙමීට මෙහෙමම ගිහින් ආණ්ඩුවට හේත්තු වෙනව.. ඊට ප්සසෙ මහ මැතිවරණේන් ගානක් හම්බ කර ගන්නව.. කෝමද ටිකිරි මො‍ලේ..!

- අපෝ රට ගැන හිතන කෙනෙක් නෙවේනෙ ඔයා අයියෙ..

+ ආ.. දැන් මට නිකං න් කන්න අදින්න කවුද දෙන්නෙ..! මේ ඔයා මාව බැන්දට පස්සෙ මටම තමා ඔයාටත් කන්න දෙන්න වේනනෙ මේක මගේ රස්සාවනෙ..

- හුහ් ඔවු ඔවු.. අපේ තාත්ත කියන විදියට MR ට චන්දෙ දෙන්නෙ නිකං ගෙදරට වෙලා ඉන්න උන් තමා. එක්කො ආණ්ඩුවට කඩේ ගිහි්න ජොබ් ගතතු උන් නැත්තං ගන්න බලන් ඉන්න උන්, නැත්තං ගෑනිව රට යනව කන උන්, එත් නැත්තං රස්සාවක් කරන්න තරං උගත් කමක් නැති උන්.. රෙස් පදින්න කරපු වියදම ? එතකොට මින්ස්සු ඇද්ද බස්.ඔයා මොනවද අනේ මේ ෆේස් බුක් එකේ රිංගං හිටියට ඕව දකින්නෙ නැද්ද.. අර බොරුවට ලමයෙක් පැහැරගෙන ඒකෙනුත් මඩ ගැහුව මාධ්‍ය සදාචාරයක් නැතිව චැනල් අල්ලගෙන වැදි බන කියන්න ගත්ත. ඔයා මතක තියාගන්න රට බේර ගත්තු සොරොම ටික ඉ්නනෙ මෙහෙ.. හොදයි MR එන්න කලින් ඔය කියන සහෝදරයො කොහද හිටියෙ කී දෙනෙක් ගැන ඔයා අහල තිබුනද ? පොදු විපක්සය එරෙහි වෙන්නෙ ආන්ඩුවට නෙවේ පවුල් පාලනේට ඔයාට එක් තේරෙන්නෙ නැතිද ? ඇයි ඔය සාකච්චා වල විපක්සෙන් නම් කිය කිය බනිද්දිත් වෙන වෙන ඇමති වරු එවල එ ්අය තිනයෙන් චැනල් වලට වෙලා පාලු ගෙයි වලං බිද්නනෙ - කල්පනා කරල බලනව ටිකක් ඔය කුරුලු මොලෙන්.. ඔය මටත් මෙයාව බදින්න කලින් දෙපාරක් හිතන්න වෙයි ව‍‍ගේ. .! තාත්තටත් කියන්න ඕන කුරුළු අයිය ගැන. !

+ හොවු හෝවු.. මේ.. මේ අහනවකො මැන්ටලේ.. දැන් මේ රටේම අය මේ දවස් ටිකෝම උඩ දාගෙන ටිවි බැලුවනෙ.. කෑ ගහගහ රන්ඩු කරගෙන..
- ඉතින්

+ හොදයි රදන් අද චන්දෙනෙ.. දැන් රන්ඩු වෙනව කියනවකො .. හවසටත් ගහ ගන්නව කියනවකො ..

- ඉතින්
+ ඉතින් නංගි 9 වෙනිද නැත්තං 10 වෙනිද වෙනකොට ඔය සේරොම ඉවරයි. චැනල් වල බලන්න දෙයක් නෑ.. ඉස්සර වගේම උදේට නැගිටල මිනිස්සු වැඩට යයි. ! එච්චරයි වෙනසකට තියේනනෙ මේ එකට ගමේ කඩේට ගිය එකාට ත්‍රී විල් පාක් එකේ හිටිය එකා එක්ක හිනා වෙලා කතා කරන්න බැරි වෙන එක මේ මගුල් චන්දයක් නිසා ගහගෙන..

- හ්ම්..
+ අපිට වැඩක් නැ නංගි අපි කැමති කෙනාට අපි චන්දෙ දුන්න. ගෙදර ආව වැඩ ටික කලා එච්චරයි.
ෆේස් බුක් එකෙත් ගොඩ දෙනෙක් ඇහුව මගෙන් චන්දෙ කාටද කියල.. මොකටද අපි කිය්නනෙ. එහෙම එයාලට කියන්න ඕන නම් රට චන්දයක් ඕන නෑනෙ..අච්චර අර පරිස්සං කරන් පෙට්ටියක් ඇතුලට ගිහන් කතිරෙ මොකට ගහනවද ?


- හ්ම.. හරි හරි එහෙනම් ඔයා කැමති එකකට දෙන්න හොදද.. මමත් යනව චන්දෙ දාන්න. අද රෑ බලමු චන්දෙ හොදේ.. මම නම් ඇහැරල ඉ්නනෙ..

+‍ මොකටද සුදු නංගි ඇහැරගෙන බල්නනෙ හෙට උදේට දැනගන්න පුලුවනි නෙ.. නිදා ගන්න හොදට 
 රෑට..අපි නැගිටල හිටය කියල ප්‍රතිපල වල වෙනසක් වෙන්නෙ නෑ..

- අයියො ්නැ අනේ. මට චන්දෙ වැඩක් නැ. මම මේ හින්දි ෆිල්ම් එකක් බලන්න හිතං ඉ්නනෙ..

+ ආහ් එහෙනම් කමක් නෑ.

- එහෙනං මං තියනව ඇ... මෛත්‍රී පාලනයක් වේවා !

+ හරි සුභ අනාගතයක් ..!
( මෙහි එන නම් ගම් සියල්ල මන:කල්පිත වන බව සලකන්න )
==============
බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...


රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...


======= විශාරද නන්දා මලිනිය.
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය -ගුණදාස කපුගේ.

---------------------------------කුරුළු----------------

Tuesday, December 30, 2014

==== සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න ==== ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න ===




.
+ සුදු නංගි..
- ඇයි මෝකෝ
+ මොකෝ ගහගන්න වගේ..
- කියන්න කියන්න ඉක්මනට කියන්න
+ ඇයි ඉක්මණක් . මට පාලුයි.. පොඩ්ඩක් අපි කතා කර කර ඉමුද ?
- බෑ .. මම වැඩක් . කරුණා කරල පස්සෙ ගන්නවද ?
+ අනේ ඇයි නංගි එහෙම කිය්නනෙ මම තනියෙන්නෙ
- ආ ඇත්තද ? මම තනියෙන් ඉන්න වෙලාවට මම ඔයාට කොච්චර කාල් කරනවද ? එතකොට ඔයත් කියන්නෙ එහෙම තමා..
+ හ්ම්.. හරි හරි මට තේරුනා.. කමක් නැ මම තියන්න්ම්..
- නැ නැ කතා කරන්න. එත් තේරුම් ගන්න අනික් කෙනාටත් රිදෙනව කියල එහෙම කතා කරනකොට. බලන්න මම කොච්චර අහිංසක මලක් වගේ දරුවෙක්ද - හරි ලස්සන, ඉක්මනට දුක හිතෙන පුංචි හිතක් තියෙන ළමයෙක්. එහෙම කෙනෙක්ට කොච්චර රිදෙනව ඇත්ද ?
+ ඉතින් මාත් එහෙමනෙ.
- කොහොමද ?
+ හරි ලස්සන , හුරතල් හිතක් තියෙන අහිංසක දරුවෙක්නෙ
- අපෝ මොකට කියනවද ඒ ගැන.. මම දැකපු නපුරුම නපුරු දුෂ්ටම දුෂ්ට ආඩම්බරම කොල්ල ඔයා.. ගණන් ගන්නෙ නැනෙ මාව වත්.. මම මෙච්චර පස්සෙන් ඇවිල්ලත්
+ අනේ එමෙ නැනෙ ඉතින්.. කමක් නැ ඔයා වැඩක් නෙ මම තියන්නම්.. පස්සෙ වෙලාවක ගන්නම්..
- නැ නැ අනේ කියන්න කියන්න.. මම මේ හැන්ඩ්ස් ‍ෆ්‍රී එක ගහගත්ත..මම මේ මහනව !
+ මොනවද ?
- ඇයි වදේ මම කිවුවෙ මම මහන පන්තියකට යනව කියල.. ඒකෙ වැඩක්.. බ්ලුවුස් එක් මහනව
+ ආහා මරුනෙ මෙයා දැන් මහණ කෙනෙක් වුනාද ?
- නැ මම ඇදුම් මහන කෙනෙක් වුනා
+ ඔයා නිකං මේ කතා කර කර මහල කරත් එක්කම මහල දාන්නෙපා හරිද ,..
- අපො හරි හරි ඒව මාක් කරල තියේනනෙ..
+ හ්ම් ඉතින් දැන් ඔයා ඕව කරල කවුරු වෙන්නද කල්පනාව
- මමත් ඔටාරා වගේ වෙනව..
+ ඒ කිවුවෙ තනියෙන් ඉනන්වද බල්ලො බදන් ..!
- නැ මැට්ටො මමත් මෙහෙම මහල මහල දියුන වෙනව..
+ ආහ් එහෙමද ? හොදයිනෙ
- මේ අහගන්නකො මගේ ප්ලෑන් එක..
මම ගන්නව මේ හංදියෙන් කඩයක් ඒකට මංම මහල පොඩි පොඩි ඇදුම් දානව.. අලුත් ස්ට්යිල්.. පොඩි ප්රින්ට් එකකුත් ගහනව.. අර බෙල්ලෙ තියේනනෙ .. ඊට ප්සසෙ පිට කාට හරි දීල ප්රින්ට් කරල අලුත් මගෙම ඩිසයින් දානව කඩේට..
+ පිට කිවුවෙ පිට පලුවද ?
- අනේ නැ අනේ පිරින්ටින් කරන වෙන කෙනෙක්ට දිල
+ ආහ් හරි හරි
- ඊට ප්සසෙ මම ඒකෙන් ලැබෙන සල්ලි වලින්.. ගන්නව කොළඹින් කඩයක්.ඒකෙ දි මම වගේ දියුනු වෙන අලුත් ලමයින්ගෙ ඇදුම් මම සල්ලි වලට අරන් එ ්අයටත් සේවයක් වෙන විදියට මගෙ කඩේ විකුනනව.. හැම වෙලෙ‍ේම කොලිටි එක බලනව.. එත් එක්කම වැඩටත් ගන්නව හොද ීකරු සේවකයො කිහිප දෙනෙක්..
+ මේ ඕකෙනම මොකක්ද ?
- ම් එක් තාම හිතුවෙ නැ.. මගේ නම දානවද නැතින්ම් අපි දාමු " කුරුළු ෆැෂන්ස් " වගේ නමක් !! එතකොට ඔයා කෝමත් ෆේමස්නෙ නැගලම යයි..
+ අම්මාම.. මෙයා දැන් මාව විකුණනන්ද හදන්නෙ...
- අයියෝ ඔය ඕන තරම් අය ඔයාගෙ නම විකුණනන්නෙ මාත් විකුනාම මොකෝ ඔයා මගේනෙ.. හරි එහෙමනම් මට ඔයා නම්ක් හදල දෙන්න..
+ හොදයි හොදයි ඊට ප්සසෙ..
- ඊට ප්සසෙ නෙවේ ඔයා තමා මගේ කඩේ ඇඩ්වර්ටයිස්න් පැත්තයි .. මාකටින් පැත්තයි සේ‍රොම බලන්න ඕන.. එකට පඩියක් ගෙවනව.. මට ඕනෙ ආයෙ නියමෙට ලස්නට වැඩේ වෙන්න ඔයාට ඉතින් අදහස් තියෙනවනෙ.. එල්ඊඩි ස්ක්‍රීන් එකක් හයි කරල ඇදුම් ඩිස්ප්ලේ කරමු.. ආ මේ අමක වුනා දැන් අර කඩේ විකුණල මම ලොකු තට්ටු 3කක 4ක බිල්ඩිමක් අරන් හොදදද ?
+ ආ එච්චර ලොකු එකක් ගත්තද ?
- ඔවු අනේ ලොකූ කාර් පාක් එකක් එක්ක අර හවුස් ඔෆ් ෆැෂන් එක වගේ හොදද.. එහෙම හිතා ගන්න දැනට ඊටත් වඩා ලොකු එකක්..
+ හ්ම හරි හරි
- ඒකෙ ඉස්සරහ ස්කයි ලයිට් එකක් ගහල අර බැට් මෑන් වගේ මගේ කඩේට එන පාර පේනන් ඕන මගේ ලෝගෝ එක අහසෙ තියේනනෝන.. තව... මට ඕන ස්ක්‍රීන් එකක් ..
+ එ ්කිවුවෙ..
- මෙහෙමයි කවුරු හරි ‍ඒ ස්ක්‍රීන් එ්ක ඉසස්රහ හිටගත්තාම ඒ කෙනා රාක්කෙකින් තොරපු ඇදුම එයාට ඩ්‍රෙස් වෙලා පෙන්න ඕන.. ඒක හරි නැතින්නම් එයාට ටච් සිස්ටම් එකින් අනික් ඇදුම මාරු කරල බලන්න පුලුවන්..
+ නියම අදහස ..
- එ විතරක් නෙවේ.. අැදුම් බැග් වල දාගෙන බිම දිගේ ඇදගෙන ට්‍රොලි වල දාන් යන්න ඕන නෑ.. එ්ඒ රැක් එක ලගදි එයාට මාක් කරන්න පුලුවන් බිල් කරන කවුන්ටරේ ලගට සේවකයො ඒ අදාල ඇදුම් ටික ලස්සනට පැක් කරල ලැබෙන්න සලස්වනව.. එතකොට මිනිස්සුන්ට පුලුවන් නිදහසේ බඩු ටික ගන්න..
+ ෂහ් මරු අදහස්නෙ සුදු නංගිට තියේනනෙ..
- අයියෝ ඒ විතරක් නෙවේ.. අපි දවසට තොරාගත්තු බිල් අංකයකට ඒ බිලේ ඇදුම් නොමිලෙ දෙනව.. එ් අංකෙ සිලෙක්ට් කරන්නෙ අපි.. ඒ විතරක් නෙවේ අපි ඔන් ලයින් අපේ රාක්ක ඒ විදියටම ඩිස්ප්ලේ කරනව ඕන කෙනේකට ඔන් ලයින් අපේ රාක්ක වල බඩු තෝරල මාක් කරල ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..
+ මරු මරු ඔයා නම් ඉහලටම යනව සුවර්.... එත් දැන් ඔහොම යනකොට නංගි සේවක ප්‍රශ්න එනව.. උද්ගෝෂන එනව වැඩ වර්ජන වෙනව ...ඒකට මොකෝ
- ඒහෙම වේනනෙ අපි එ ්අයට නොසැලකුවොත් .. ඒව බලාගන්න මගේ අයිය ඉන්නවනෙ මගේ අයියට මිනිස්සු ආදරෙයි.. අයිය එ ්අයව පාලනය කරන්න හිතට දැනෙන්න කතා කරන්න මිනිස්සු අයිය කතා කරන විදියට ආසයි.. අපි අසාධරණක් නොවනෙන් බලාගමු..
+ හ්් එතනත් මාව විකුනනව ගුටි කන්න වේනනෙත් මටනෙ..
- ආ නිකං නෙවේ හොදද එ් වෙනුවට අයියට මම තෑග්ගක් දෙනව ඒ තමා අයිය ආසම කාර් එක . බිඒම් ඩබ්ලිවු එකක්.. ! ඒ කාලෙදිතියෙන අලුත්ම එකක් අරන් දෙනව..
+ අන්න ඒකනම් හොද අදහස
- හැබැයි මම තමා ඒකෙ මුල්ම වටේ ය්නනෙ ඔයාවත් දාගෙන ඔයාගෙ ලො‍ොගා් එකත් ගහල.. බර්ම්.. පීක් පීක් ගාල හයියෙන් පාගනව ඇක්සලේටරේ මෙහෙම්බ්ර්ම්ත................ ටක්ස් පට්ස්
.............................................
+ හෙලෝ හෙලෝ සුදු නංගි මොකො වුනේ..
- ඉහි . ඉහි .. ඉහි..
+ ඇයි අඩන්නෙ
- ඉඳිකට්ට කැඩුනා
+ මොනව වෙලාද
- මම ඇක්සලරේටරේ කියල මැසින් එකේ බටන් එක පැගුවෙ වේගෙ වැඩි වෙලා කට්ට කැඩුනා..
+ හක හක හක හක හ ක හිකෑස්.. හොද වැටේ මොඩිට.. සිහියෙන් කරන්න එපැයි වැ‍ඩක් කරනකොට..
- අනේ යනව යන්න මී හරකා... ඔයා නිසා තමා.. දැන් මෙතැන පාලුයි කියල අඬ අඬ ඉදල හිනා වෙනව මට හුහ්. මට ඉඳ කට්ටක් ගෙනත් දෙනව.. මේ අන්තිම එක තිබුණු. උදේ ඉඳන් කටු පහක් කැඩුව.. අම්ම ත් බැනල ඉ්නනෙ..
+ පහක් ???? යකො ඒ මොකෝ
- එහෙම තමා තාම ඉගෙන ගන්නවනේ... දැන් ඉතින් මේක මහන්න වේනනෙ නැ හොට පන්තියෙදි බැනුම්..
+ අපෝ තාම ඇදුමක් මහගන්න බැ මහ ලොකු ෂොපින් මෝල් දාන්න කතාව..
- අනේ මේ යනව යන්න කට පියාගෙන දාල පෙන්වන්ම්කො ඔයැයිට.. හුහ්.. සුදු නංගි ගැන ද්නනෙ නැ හරිද ..එන්නෙපා විහිලු කරන්න...
+ හ්ම් හරි හරි.. දැන් අම්මගෙන් සල්ලි ඉල්ලන් තව එකක් ගෙන්න කෝම හරි මහ ගන්න... මම තියන්න්ම්..
- හා බුදු සරණයි..ආදරෙයි.. මේ එක නෙවේ මට උදවුකරන්න ඇ..
+ හහ් හහ් හහ් හ්හ හා... හොදයි හොදයි ආදරෙන් ඉන්න සුදු නංගි..
===========
නුග සෙවනක් සේ නුඹට සෙවන සදන්නම් ලදුනි
මඳ පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි
.
ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳවන්න
.
සඳ පහණකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම හැමකල් දිවි සයුරෙන් එතෙර වන්න
.
======== සෝමතිලක ජයමහ මහතා
----කුරුළු ----