Sunday, October 12, 2014

නිදි නැති සිත





ත්‍රිකෝණයකට හිඳ භාවනා කිරීම ගැන මම නුඹලාට දිනක් පැවසූවෙමි. සැබවින්ම එය පුදුම උපදවන සුළුය එය ත්‍රිකොණයට වඩා පිරමීඩ හැඩයකට සමාණය. පසුවට එය පින්තුර සහිතවම නුඹලාට ලියා දක්වන්නෙමි. එදා ඒ පැවසු අයුරින් හිඳ ගත් විට ශක්තිය ජනනය වන්නේ නම් ලම්භක රේඛාව දිගේමය..! හරියටම පිරමීඩයක් - චෛත්‍යක හැඩයකටමය ----
ඒ ලම්භක වීමත් සමගම විශව ශක්තියත් හා සම්බන්ධ වීමටත් යම් යම් විශ්ව ශක්ති දැනුම කරුණු නිර්මාණ සමග සහ සම්න්ධ වීමටත් නුඹට අවස්ථාව ලැබේ
.
අතීතය බො‍ොහ් දෙනෙක්ට විවිධාකාරයෙන් ගැටලු පැන නැගී ඇත. ඒ අතරින් බැලු වි පොදු ගැටලු ප්‍රමානයක්ද දැකිය හැක.
පිරඹීඩ තාක්ෂණය ගැන ගැටලුව තවම විසඳගැනීමට අප අපොහොසත්ව ඇත. එනම් ඒවා ඉදිකරන ලද තාක්ෂණය අදටත් අභිරහසක් වීමයි. එපමණක් නොව අතීතයේ සිදු කර ඇති ඇතැම් විශ්මිත නිර්මාණ ගැන තමත් හෙලි නොවූ රහස් අනන්ත අප්‍රමාණව අප ඉදිරියේ ඇත.
ලෝකයේ තැන් තැන් වල විවිධාකාර විෂයන් අනුවද මේ පුදුම දනවන දැනුම හා නිෂ්පාදන ඇතුලත් නිර්මාණ ඉදිවී ඇත.
ඒ අතුරින් අප රටේ සීගිරි ගලේ ජලය ඉහලට රැගෙන ගිය ආකාරයද ඉතා විශ්මය ජනක බවද ඒ තාක්ෂණය ගැන එතෙක් කිසිම සඳහනක් සොයාගෙන නොමැති බවද මම කුඩා කාලයේදි කියෙවුමෙි.
මේ ඇතුම් විට ඉදිකිරීමක් විය හැක. නැති නම් යම් විද්‍යාත්මක පරීක්ෂයක් විය හැක. නැත්නම් අතීතයේ තිබු විශ්මය උපදවන අද වන විට නැතිවි ඇති තාක්ෂණයක් විය හැක නැතිනම් අද්භුත සොයාගැනීමක් විය හැක.
මා සිතනා ආකාරයට මේවා කවුරුන් විසින් කෙසේ සිදු කරන ලද්දේදැයි තවමත් අප පර්යේෂණ කරමින් සිටින්නෙමු.
එහෙත් තව නොබෝ කලකින් අපට එ් සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත. එනම්. මේ ගමන් කරන්නවු විද්‍යාවේ ගමන් මග අනුව මිනිසා විසින් කාල තරණය සොයාගනු ඇත. කාලය හරහා ඉදිරියටත් පසුපසටත් ගමන් කිරිමේ ක්‍රමවේදයක් සොයා ගන්නවා ඇත.
මේ ගැන මා මීට පෙරත් ලිවෙමි.
ඒ ශරීරයක් ඇතිව හෝ නැතිව සිත පමණක් ගමන් කර වීමක් විය හැක. නැතහොත් ශරීරය සමගම ගමන් කරවීම විය හැක. එක්කෝ අධ්‍යාත්මික සමවැදීමක් මගින් අතීත වර්ථමාන අනාගත යන ස්ථාන 3 ම එකක් වන ඇත. ඒ අතීත - වර්ථමාන අනාගත ලෙස බෙදෙනේනෙ කාලය අපට ගණනයක් වන තුරු පමනි.
සත්‍ය හෝ අසත්‍යව නිර්න්තරයෙන් අතීතයේ පටන් ලෝකයේ තැන් තැන් වලින් කාල තරණයන් පිළිබඳව අපට කතාන්තර අසන්නට ලැබේ.
තවත් අවුරුදු සියයක් ඇතුලත කාලය තරණය කිරීම මිනිසා සොයාගත්තා යැයි අප නිකමට සිතමු. එසේ නම් අනිවාරයෙන්ම මිනිසුන් වන අප උත්සාහ කරන්නේ අනාගතයට වඩා අතීතයට ගමන් කර යම් යම් දෑ වෙනස් කිරීමටයි.
බොහෝ විට ,
මිසර තාක්ෂණයේ පටන් අපට මේ දැන් ලැබී ඇති තාක්ෂණය දක්වා පවා අනාගතයේ අප විසින්ම පැමිණ ලබා දුන් දැනුම විමට ඉඩ ඇත.
එනම් 2114 දී කෙනෙක්ට 2014 ට පැමිණ එදාට අදාල දේවල් නව නිර්මාණ කියාදී නව සොයාගැනීම් වලට යම් යම් දත්ත පමණක් සපයා නැවතත් යාමට පුලුවන.
එලෙසම එතැනින්න ආ පස්සටත් යාමට පුලුවන.
මා පෙර පැවසු පරිදි.
ශරීරයක් නොමැතිව චිත්තයක් හෝ නොපෙනන ශක්තියක් පමණක් ගමන් කලහොත් වත්මන ජීවත් වන අපට එ් දැනුම ලබා දිය හැකි වන්නේ යම් යම් සංඥා මගිනි. බාගදා අප ඒ අනාගතයෙන් එන අයව පිටසක්වලයන් ලෙස හෝ දෙවියන් ලෙස වුවද වරදවා වටහා ගැනීමටද පුලුවන.!!!
---------------------
---කුරුළු----

Tuesday, October 7, 2014

==== ළඟ දෙනෝදහක් හිටියත් මට තනිකමක් දැනේවි. ==


.
- හනේ හනේ මෙහෙමත් මිනිස්සු !
+ ඇයි !
- ඇයි අහන්නෙ ? දැන් කොච්චර කල් මට කතා කලේ නැද්ද
+ මතක නෑ..
- දැක්කද..... කියන හැටි විතරක් මතක ත් නෑ ලු.. ඔවු ඉතින් මතක තියෙන්නෙ කොහොමද සෑහෙන කාලයක්නෙ..
+ ඔවු වැඩ තිබුණ ..
- ඔයාට සේරොටම වෙලාව තියෙනව එත් මට එක මැසේජ් එකක් එවන්න තමයි වෙලාව නැත්තෙ..
+ ඔයාට විතරක් නෙවේ වෙන අයට මැසේජ් කරන්නත් වෙලාව නැ අප්ප..
- මොකක්ද කිවුවෙ.. කවුද වෙන අය.. ඔයා මට ඇයි මෙහෙම කරන්නෙ අයියා.. අයියා ඔයාගේ මේ වෙනස් කම් මට දරාගන්න බෑ අයියා. .මම දැන් මේ මිරිස් ගලෙන් ඔලුවට ගහගෙන මැරෙනවා අයියා.. සත්තයි අයියා..
+ මොකෝ.. පරණ චිත්‍රපටියක දෙබස්ද කියන්නෙ..මිරිස්ගල මොකෝ අතේ
- ඒ පොඩි වැඩක් අනේ.
+ ආ අම්මට උදවු කරනවද ඒක හොදයි නංගි !
- පිස්සුද අයියෝ.. මම මේ බර උස්සනව..
+ මොකක්ද ????? මිරිස් ගලෙන්..
- ඔවු අප්ප ඊට වඩා බර එක්ක මේ අහලකවත් නෑ ඉතින් මම මේ මිරිස් ගලේ අඹරන ගල තියේනනෙ අන්න ඒක උස්සනව
+ මොකෝ අලුත් පිස්සුවක්ද ?
- එක්නෙ.. එක්නෙ දන්නෙවත් නෑ.. පවු අප්ප මං.. මෙහෙමයි හරිද? දැන් මම අයියට කිවුව මහත් වෙන්න ටික්ක කියල..
+ ඔවු කිවුව තමා.
- ඉතින් ඔයා ගණකටවත් ගත්තෙ නෑ. තාම ඒ ගාණ මයි..
+ ඉතින්..
- ඉතින් මම මේ ගෙදරට වෙලා ඊරි වගේ කාල කාල නිකං මහත් වෙනව.
+ ඒක හරි !
- මොකක්ද ? මහත් වෙන එකද ?
+ නෑ ඊරි වගේ කිවුව එක..
- අනේ මේ ඔයානෙ ඌරා..ඉතින් මේ නංගි තීරණය කලා කෙට්ටු වෙන්න.. මම ඔයාට වඩා සයිස් වුනෝත බෑනෙ අප්ප ගාණට ඉන්නෙපැයි..මං ඉතින් එක්සයිස් කරනව දැන් හැමදාම..
+ මොනවද කරන්නෙ ?
- මම දුවනව වට 10ක්, මේ ගල උස්සනව, ම්.. නෙට් එකේ අර ප්ලාස්ටික් රවුම ඉන වටේ දාල කරකවනව..තව... බයිසිකල් පදිනව..බැඩ්මින්ටන් ගහනව.
+ දුවන්නෙ කොහෙද ඔයා..ගම වටේද ?
- අයියෝ නෑ අනේ. ගේ වටේ. අර ලිඳ ගාවින් නම් දුවන්න බෑ මම එතනින් ඇවිදන් යනව ඊට පස්සෙ දුවනව..
+ අර නෙට් එකේ රවුම මොකටද ?
- ඇයි අනේ ෂේප් එක ගන්න එපැයි..!
+ අනේ දරුවො ඉස්සර කාලෙ කලේ උකුලෙ තියන් ගිහින් ළදෙන් වතුර ඇඳන් නාල වුතර පුරවන් ගෙදර එන ටිකට ඔය එක්සයිස් ටික වෙනව නිකම්ම..
- මගේ අම්බෝ.. කලේ නම් අරන් යන්න බෑ.. රිදෙනවනෙ අප්ප ඉන..
+ එක් තමා.. කමක් නැ කැරකුවට කමක් නැ නෙට් එකේ රවුම කඩන්නෙපා රෑට ඉන්න වෙන්නෙ මදුරුවො එක්ක..! ඒක නෙවේ ඉතින් ඔයා කියන නිසාම මාත් ගියා ජිම් එකකට !
- ඇත්තමද...........උම්මා..ෂෝයි සුදු අයිය.. ඉතින් ඉතින්..
+ වැඩක් නැ දැන් මාස හතරක් විතර. බඩ විතරක් ආව අනේ එච්චරයි.
- අනේ ඒ මොකෝ අනේ..
+ මම ඇහුව ඉතින්.. ඉස්සෙල්ල බඩ එනවලු. පස්සෙ පපුවත් එයි කියල කිවුවෙ උන්.
- අනේ යනව යන්න මෙයාගෙ බොරු.. මේ ඔයා ඔයා යකඩ උස්සන්න ගිහින් නිකං ඇට කඩාගන්න ඕන නෑ.. හවසට ටිකක් දුවන්න. වෙලාවට කන්න. ඇග මහන්සි කරවන්න.
මට ඕන බොඩි බිල්ඩර් කෙනෙක් නෙවේ.මම කිවුවෙ ඔයා එකම තැන වාඩි වෙලා ඉන්න නිසයි.
+ හ්ම් හාකො.
- මේ සුදු අයියෙ මම තියෙනව දැන්.. එක අතකින් මේක උස්සල ඉවරයි අනික් දැන් මේ ෆොන් එක අල්ලන් ඉන්න අතින් උස්සන්න ඕන බායි ඈ..
+ ඉතින් ෆෝන එක අනික් අතට මාරු කරන්න..
- පිස්සු හැදෙයි එක් ඉස්සුවට ප්සසෙ ආයෙ ෆොන් එක තියා නිකං වත් අත උස්ස ගන්න බෑ මට බුදු අම්බෝ මම තියනව.ටටා.. කතා නොකලට කමක් නෑ ආදරෙයි හොදේ..
+හොදයි සුදු නංගි ආදරෙන් ඉන්නෙ..!
=====================
සඳ ඇවිත් මගේ මිදුලට සඳ එලිය අරන් සිහිලැල්
ඔබ ඉන්නවනම් මා ලඟ නොසලා ඇසිපිය නිලුපුල්
ඔබ ඉන්නවනම් මා ලඟ කොඳ මලින් සදා හසරැල්
.
දුර ඇත නිම්න කඳුවැටි සුදු මීදුමේ ගිලේවි
ළඟ දෙනෝදහක් හිටියත් මට තනිකමක් දැනේවි.
.
රෑ නින්ද බිඳී ඇහැරී පැණි කුරුල්ලන් හඬාවි
මගෙ සිහින හොරෙන් අරගෙන මේ සඳත් යන්න යාවි
.
================== අමරසිරි පීරිස් මහතා
--- කුරුළු---

Tuesday, September 30, 2014

= නමක් නැති ලිපි 02 =



භාවනාව හරි හැටි එක දිගට නොවන්නේද මගේම වැරැද්දෙනි..!
බාගදා ඒද මෙහි හැටිය.
සිත එකග කරගැනීම මේ තරම් අමාරු නැති නම් සිදුහත් ලෙහෙසියෙන්ම බුද්ධත්වයට පත් විය යුතුය.
තරමක හෝ ලබා සිටි නිස්සද්ද ඒකග්‍රතාවට ක්‍රමයෙන් ගිලිහෙන බව හැගී ගියේ යලිත් අසනීප වූ නිසාවෙනි.
දෙවියන් සමඟ ඇත්තේ ගනුදෙනුවකි. දෙයක් දී දෙයක් ගත යුතුය. දුන්නොත් ලැබේ ! පින් දිය යුතය. පහුගිය කාලයේම පින් කටයුතු වලින් ඈත් වුණේ ද නොසිතාමය.. !
වෙනදා පරිදම භාවනාවට ස්ථානය සකසා ගතිමි. අතික් වජ්‍රාවද අතකින් රුද්‍රා මාලාවද ගෙන යෝගී ආසනයක හිඳගතිමි..
කවුරුන් කෙසේ සිතුවත් පයිතරගස් ත්‍රිකෝණ මිතිය ලියා ඇත්තේද බුදුන් මුල මැද අග යනුවෙන් දේශනා කොට ඇත්තේද එකකි.. වෙනස ඇත්තේ පයිතගරස් තේරුම් ගැනීමට ගණිතය අවශ්‍යය බුදුන් තේරුම් ගැනීමට අවබෝධය හා අවදියෙන් සිටීම අවශ්‍ය වීම පමනි.. ඒ ගැන දිගුවක් පසුවට ලියමි.
හිඳ ගත යුත්තේ ත්‍රිකෝණාකාරව සිරුර පිහිටන පරිදිය හිසත් දෙදණත් යා වන ලෙස ඇත තැබීමි. එවිට දකුණතේ වජ්‍රාව හා වමතේ රුද්‍රාවත් හිසේ මුදුණත් යාවේ..! හරියටම මධ්‍ය පිහිටන්නෙ කුණ්ඩලිනි චක්‍රයේය. අවධි වීමට අවැසි ශක්තිය ලැබේ හිස සිට පහලට ලැබෙන රේ්‍ඛාවේ මැද ගෙල ලා සිටින රුද්‍රා දෙකකි ! එකක් මුහුණු පහකි ඒ ශිව දෙවියන් උදෙසා ය මිනිසුන්ගේ ඇති නරක ගති පහක් නැති කරන දුරවල කරන ශක්තිය ලබාදෙන එය බෙල්ලත් සිරුරත් සවි වෙන තැනින් ශක්තිය නිපදවයි..
අනෙක දුර්ලභ මුහුණු පහලොවක රුද්‍රාවයි. ජෙනරේටරයක් බඳුය. ඉහලින් ලබෙන ශක්තිය පැති පහලවකට බෙදා ‍දකුණත පිහිටි වජ්‍රාවත් අනේක් රුද්‍රා මාලයත් යා කරනු ලබයි... සියලු ශක්තීන් ලැබෙන්නෙ යටිබඩට මදක් පහලින් ලිංගයට ශක්තිය ගබඩා වී ඇති තැනටයි...
සියලුම වයර් ඇමුණු පසු ජෙනරේටරය පණ ගැන්විය යුතුයි.
- කලින් දැල්වු සුවඳ කූරෙන් කාමරයම සුවඳ ය.. යාන්තම් වැටෙන ආලෝකය හිත නිවා දමයි..
දෑස අඩවන් කර ගතිමි. බොහෝ කාලයක් දැස් පියා භාවනා කලෙමි.එහෙත් නිවැරදි වන්නේ අඩවන් කිරීම යැයි අවබෝධ කරගත්තෙතන් එය පිලි පැදීමි..
--- එකත් පස් වීමි.. ඓන්ද්‍රියන් පහම එක් ඓන්ද්‍රයකට ගොනු කලෙමි.භාවනාවකදී කන නාසය දිව සිරුර වසා දැමීමට නොහැක - කල හැක්කේ අඩපණව තබා ගැනීම පමනි. කන අවදියෙන් නිසාවෙන් අපට ශබ්ද ඇසේ. මදුරු මැසි උවදුර දැනෙනුයේ සිරුරෙනි, ඛේටය දැනෙනුයේ දිවටය. නාසයට ගඳ දැනීම නැවතීමට නොහැක එසේනම් අප දෑස් පියා ගන්නේ ඇයි ?? සිහියේ තබා ගන්න නුඹට පෙර කී රස - ගන්ද - ස්පර්ෂ සියලුම දේ තදින් දැනේනනේ නුඹ දෑස් පියා ගත් පසුයත ඒ ඇස යන ඓන්ද්‍රිය සම්පුර්ණයෙන් වැසු විටය. එය අඩවන් කර බලන්න. නැතහොත් නුඹ දැස් පියා ගත් වහාම සිත ඒ හා බැ‍ෙඳේ.
--
ආනාපානව ඇරඹීමි. කාලයක් සිදු නොකල නිසා උදරය හරහා පෙනහළු හරහා නාස් පුලු වලින් හිස මුදුනට සිත ගෙන ඒමට සිදු විය...
මඳ වෙලාවකින්.. සැහැල්ලුවකුත් . අහසේ පාවෙන්නකුත් දැනුනි..
වෙනදා මෙන් අදත් වජ්‍රාව බර වෙන සැටිත් පපුවේ රුද්‍රාවේ රස්නයකුත් දැනුනි..
-
කලු පැහැ සිත අතුරින් සුදු ආලෝකයක් ද ඉන් අනතුරුව ක්‍රමයෙන් හැඩයක්ද පෙනුනි.. !
-
-- බොහොම කාලයකින් නෙවේද ! මතකද මා නුඹට කීවා .. අවදි වුන පසු පවත්වාගැනීමයි අසීරු කියා. ඉතින් කෙසේද දරුවා නුඹට.
හුරු පුරුදු ආමන්ත්‍රණයකි... මුණ්ඩ මය !!!! දැඩි.
+ නුඹ සුවෙන්ද ? මා ඇසීමි....
--------------------------------------------------
කුරුළු

Friday, September 26, 2014

== මේ තරම් හිත පාරවන්නේ - මගෙන් වරදක් වුනිද මන්දා == .






- සුදු අයියා................. සුදු අයියා.............
+ අපෝ මොකෝ මේ උදේ පාන්දර කෑ ගහන්නෙ..
- ගුඩ් මෝනින් අප්පා..
+ මොනින්..
- කෝ ගුඩ් කෑල්ල.,!
+ ගුඩ් කෑල්ල ඔයානෙ ඉතින් මගෙ..!
- අනේ යනව යන්න. මේ ඔයා හෙන පේමස් නේද ඈ දැන් .. ඩිගිරි ඩිගාං
+ මම ෆේමස් අනේ නෑ දරුවො..
- නැත්තෙ මොකෝ ලයික් වැටෙනවනෙ හෝ ගාල කවි වලට පෝස්ට් වලට
+ අනේ සුදු නංගි මම කියල තියෙනවනෙ ලියික් වලින් ගුණාත්මක බව මනින්න බෑ කියල.
බලන්න මම කොච්චර කැත වුනත් මේ යාලුවො මගේ පින්තුර වලටත් ලයික් කරනවනෙ
- හ්ම මම දැක්ක ඈ.. ඉරිසියයි යකෝ.. උඹ ගැන..
+ යකෝ ? උඹ.. ?
- ආදරේට අනේ කිවුවෙ . එහෙම කිවුවෙ නැත්තං වැඩක් නෑනෙ...නේද මෙයා.. මටවත් එහෙම කිය්නන බැරි නං.
+ හ්ම්.. පුරුද්දකට ගන්නෙපා දෙනව පුරුක් ඇද වෙන්නම !
-ආ එක්කෙනකේ උදේ පාන්දරම චන්ඩි වෙලා.. මේ තාම නිදි යන් නේද ඉන්නෙ නැගිටිනව අන්න අරහෙ කොම්පැනියෙ මිනිස්සු ඇවිල්ල දොරට ගහනව..
+ හා හා මම බලා ගන්නම් ඒක.
- සුදු අයියෙ මට ඔයාට කියන්න දෙයක් තියෙනව.
+ කියන්න..
- හැබැයි තරහ ගන්න බෑ ‍හොදද ?
+ කියන්නකො බලන්න ඊට ප්සසෙ බලමු
- බැ බැ ඔයා තරහ අරන් දැන්මම
+ නැ අනේ කියන්නකො..
- තරහ ගන්න බෑ ප්‍රොමිස් !
+ යකෝ දැන් කිවුව නේද කියපිය වනන්නෙ නැතිව හුහ්..
- හු හු.. මෙයාට තරා ගිහින් උදේ පාන්දර තරහ ගන්නපො අයියො..
+ හා කියන්නකො.
- මම ඔයාට කොච්චර කිවුවද මට කවියක් ලියල දෙන්න කියල. ඔයා ලියල දුන්නෙ නෑනෙ
+ ඉතින්
- මගේ එකවුන්ට් එකේ ඉ්නන යාලුවෙක් මට ලියල දුන්න ලස්සන කවියක් මට හුහු
+ අහ්.. හොදයි එහෙනම් තියාගන්න.. පරිස්සම් කරල.. මට වෙලාවක් නෑ කෙල්ලොන්ට කවි ලිය ලිය දෙන්න.. පොදුවෙ ලියනව ඇරෙන්න මට දන්නෙ නෑ එක එකාට ලියල දෙන්න..
- එක එකාටයෑ මටනෙ.
+ සුදු නංගියො ඔයා වුණත් එහෙම කවියක් ලියන්න මට දන්නෙ නෑ..
- අපෝ හරි හරි ලෝබය. ඒ අයිය මට ලියල විතරක් නෙවේ ලස්සනට මගේ පින්තුරෙකුත් දාල ඒ කවියට මට එවල..
+ මොකක් ?? මොකක්ද කිවුවෙ ?
- ඔවු ම‍ගේ ප්‍රොෆයිල් පික් එක්ක අරන් එ්කට දාල එවල..
+ කරුණාකරල අයින් කරනව ඒක හොදද.. ඒ වගේම ඒ මහත්තයට කියන්න ආයෙ ඒ වැඩේ කරන්න එපා කියල.. ඔයා ඒ පින්තුරෙ රිපෝට් කරන්න..
- හරි වැඩක්නෙ අප්ප. ඒ අයිය කැමැත්තෙන්මයි ලියල තියේනනෙ..
+ මේ අහනව , කවි ලියන එක කමක් නෑ එත් පින්තුර දාන්නෙ අහවල් රෙද්දටද ? තමුසෙ දැකල තියෙනවද මම ඔය එකියකගෙවත් පින්තුර දානව මට දවසකට කීයක් එනවද එහෙම ඉල්ලගෙන..
අනික ඔච්චර කෙල්ලො ඉන්දැද්දි ඔයගෙ පින්තුරෙ මොකටද
- තමුසේ කිවුවා................මට.. අඩනව මං..
+ අඩන්න බැරි නං ඕන මගුලක්.. මම නැගිටින්න කලින් ඕක ඉවරයක් කරන්න හරිද ? යකො මුන්ට මාර අමාරුවනෙ තියේනනෙ.. කවියක් ලියනවනං ලියපිය . බොරුවට කෙල්ලෝන්ගෙ පින්තුර දාල පැණියො වෙන්නෙ.. ලිය්ක ගන්නද ! ඔයා හිතනවද ඕක ඔයාගෙ පින්තුරෙ විතරයි දාන්නෙ කියල . ඉන්න හැම එකාගෙම ඒව දානව. ඒ විතරක් නෙවේ ඒව හැම තැනම දානව. කවියට බැරි නම් පින්තුරෙට හරි ලයික් ගන්න.. නංගි සින්දු වලට රූප රචනා එන්න කලින් ගොඩක් හොද සින්දු තිබුණ.. එත් දැන් රූප රචනා විතරයි හොඳ සින්දු නිකං ම නිකං සින්දු.. කාත තුරකින් හරි හොඳ සින්දු එනවනං රූප රචනාව එන්නෙ දෙවෙනියට.
- පවු අනේ ඔයා තරම් බැරි වුනාට අලුතෙන් ලියන අයනෙ.
+ මම තරම් කියල දෙයක් නැ.. අනික එක එකාට සේල දාන්න තමුසෙ බ*** ක්ද ? කරුණා කරල දන්ම කතා කරල කියනව හොදද ?
- ඔයාට තරහ ගිහි්න මට බනිනව මම තරහයි...
+ ඕන මගුලක් කර ගන්නව එහෙනම්.. ඔයා උන් එක්ක. ආය‍ෙ මට කතා කරන්න ඕන නෑ. මම ආස නෑ නංගි කාගෙත් සුන්දරීලට.. ටටා බායි..!
********************* ටරීං ටරීං.. ට්රීං......
+ ඇයි මොකද ආයෙත්..
- තරහද අයිය බබෝ..
+ මම කිවුවනෙ කතා කරන්න එපා කියල. ඔයාට එහෙම උවමනාවක් තියෙනවනම්. මට දෙන්න බැ කියල හිතෙන ඒව දෙන්න කවුරු හරි ඉන්නවනම් මම අල්ලගෙන නෑ ඔයාව යන එකයි ඇත්තේ.
- තරා වෙන්න එපා ඉතින් සුදු නංගි. මම හොදයිනෙ.. මම බොරුවට කිවුවෙ..
+ මොකක් !!! $%^&*())
- ඔවු අයිය කෙනෙක් මගෙන් ඇහුව ඒහෙම කරන්නද කියල.. මම කිවුව එපා කුරුළු අයිය ලියන කවි ටික තියෙනව එයා ඒ සේරොම ලියන්නෙ මට ඔයා කරදර වෙන්න ඕන නෑ කියල..
+ මොන මගුලටද එහෙනම් මගේ ලේ පිච්චුවෙ..
- අ‍නේ මේ නැගිටින්න අනේ.. පුච්චන්න ලේ තියෙන කෙනානෙ... මම තියෙනව අම්ම තේ එක හදල කතා කලා මට. ටටා බායි බායි..
=================================
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුලු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
.
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්ඳා
එපා දුක ගෙන එන්න කැන්දා
.
ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරාගන්නට.
.
======= කරුණාරත්න දිවුල්ගනේ මහතා
---කුරුළු--


song -
https://www.youtube.com/watch?v=4ETZQ-qV-OA