Tuesday, September 30, 2014

= නමක් නැති ලිපි 02 =



භාවනාව හරි හැටි එක දිගට නොවන්නේද මගේම වැරැද්දෙනි..!
බාගදා ඒද මෙහි හැටිය.
සිත එකග කරගැනීම මේ තරම් අමාරු නැති නම් සිදුහත් ලෙහෙසියෙන්ම බුද්ධත්වයට පත් විය යුතුය.
තරමක හෝ ලබා සිටි නිස්සද්ද ඒකග්‍රතාවට ක්‍රමයෙන් ගිලිහෙන බව හැගී ගියේ යලිත් අසනීප වූ නිසාවෙනි.
දෙවියන් සමඟ ඇත්තේ ගනුදෙනුවකි. දෙයක් දී දෙයක් ගත යුතුය. දුන්නොත් ලැබේ ! පින් දිය යුතය. පහුගිය කාලයේම පින් කටයුතු වලින් ඈත් වුණේ ද නොසිතාමය.. !
වෙනදා පරිදම භාවනාවට ස්ථානය සකසා ගතිමි. අතික් වජ්‍රාවද අතකින් රුද්‍රා මාලාවද ගෙන යෝගී ආසනයක හිඳගතිමි..
කවුරුන් කෙසේ සිතුවත් පයිතරගස් ත්‍රිකෝණ මිතිය ලියා ඇත්තේද බුදුන් මුල මැද අග යනුවෙන් දේශනා කොට ඇත්තේද එකකි.. වෙනස ඇත්තේ පයිතගරස් තේරුම් ගැනීමට ගණිතය අවශ්‍යය බුදුන් තේරුම් ගැනීමට අවබෝධය හා අවදියෙන් සිටීම අවශ්‍ය වීම පමනි.. ඒ ගැන දිගුවක් පසුවට ලියමි.
හිඳ ගත යුත්තේ ත්‍රිකෝණාකාරව සිරුර පිහිටන පරිදිය හිසත් දෙදණත් යා වන ලෙස ඇත තැබීමි. එවිට දකුණතේ වජ්‍රාව හා වමතේ රුද්‍රාවත් හිසේ මුදුණත් යාවේ..! හරියටම මධ්‍ය පිහිටන්නෙ කුණ්ඩලිනි චක්‍රයේය. අවධි වීමට අවැසි ශක්තිය ලැබේ හිස සිට පහලට ලැබෙන රේ්‍ඛාවේ මැද ගෙල ලා සිටින රුද්‍රා දෙකකි ! එකක් මුහුණු පහකි ඒ ශිව දෙවියන් උදෙසා ය මිනිසුන්ගේ ඇති නරක ගති පහක් නැති කරන දුරවල කරන ශක්තිය ලබාදෙන එය බෙල්ලත් සිරුරත් සවි වෙන තැනින් ශක්තිය නිපදවයි..
අනෙක දුර්ලභ මුහුණු පහලොවක රුද්‍රාවයි. ජෙනරේටරයක් බඳුය. ඉහලින් ලබෙන ශක්තිය පැති පහලවකට බෙදා ‍දකුණත පිහිටි වජ්‍රාවත් අනේක් රුද්‍රා මාලයත් යා කරනු ලබයි... සියලු ශක්තීන් ලැබෙන්නෙ යටිබඩට මදක් පහලින් ලිංගයට ශක්තිය ගබඩා වී ඇති තැනටයි...
සියලුම වයර් ඇමුණු පසු ජෙනරේටරය පණ ගැන්විය යුතුයි.
- කලින් දැල්වු සුවඳ කූරෙන් කාමරයම සුවඳ ය.. යාන්තම් වැටෙන ආලෝකය හිත නිවා දමයි..
දෑස අඩවන් කර ගතිමි. බොහෝ කාලයක් දැස් පියා භාවනා කලෙමි.එහෙත් නිවැරදි වන්නේ අඩවන් කිරීම යැයි අවබෝධ කරගත්තෙතන් එය පිලි පැදීමි..
--- එකත් පස් වීමි.. ඓන්ද්‍රියන් පහම එක් ඓන්ද්‍රයකට ගොනු කලෙමි.භාවනාවකදී කන නාසය දිව සිරුර වසා දැමීමට නොහැක - කල හැක්කේ අඩපණව තබා ගැනීම පමනි. කන අවදියෙන් නිසාවෙන් අපට ශබ්ද ඇසේ. මදුරු මැසි උවදුර දැනෙනුයේ සිරුරෙනි, ඛේටය දැනෙනුයේ දිවටය. නාසයට ගඳ දැනීම නැවතීමට නොහැක එසේනම් අප දෑස් පියා ගන්නේ ඇයි ?? සිහියේ තබා ගන්න නුඹට පෙර කී රස - ගන්ද - ස්පර්ෂ සියලුම දේ තදින් දැනේනනේ නුඹ දෑස් පියා ගත් පසුයත ඒ ඇස යන ඓන්ද්‍රිය සම්පුර්ණයෙන් වැසු විටය. එය අඩවන් කර බලන්න. නැතහොත් නුඹ දැස් පියා ගත් වහාම සිත ඒ හා බැ‍ෙඳේ.
--
ආනාපානව ඇරඹීමි. කාලයක් සිදු නොකල නිසා උදරය හරහා පෙනහළු හරහා නාස් පුලු වලින් හිස මුදුනට සිත ගෙන ඒමට සිදු විය...
මඳ වෙලාවකින්.. සැහැල්ලුවකුත් . අහසේ පාවෙන්නකුත් දැනුනි..
වෙනදා මෙන් අදත් වජ්‍රාව බර වෙන සැටිත් පපුවේ රුද්‍රාවේ රස්නයකුත් දැනුනි..
-
කලු පැහැ සිත අතුරින් සුදු ආලෝකයක් ද ඉන් අනතුරුව ක්‍රමයෙන් හැඩයක්ද පෙනුනි.. !
-
-- බොහොම කාලයකින් නෙවේද ! මතකද මා නුඹට කීවා .. අවදි වුන පසු පවත්වාගැනීමයි අසීරු කියා. ඉතින් කෙසේද දරුවා නුඹට.
හුරු පුරුදු ආමන්ත්‍රණයකි... මුණ්ඩ මය !!!! දැඩි.
+ නුඹ සුවෙන්ද ? මා ඇසීමි....
--------------------------------------------------
කුරුළු

Friday, September 26, 2014

== මේ තරම් හිත පාරවන්නේ - මගෙන් වරදක් වුනිද මන්දා == .






- සුදු අයියා................. සුදු අයියා.............
+ අපෝ මොකෝ මේ උදේ පාන්දර කෑ ගහන්නෙ..
- ගුඩ් මෝනින් අප්පා..
+ මොනින්..
- කෝ ගුඩ් කෑල්ල.,!
+ ගුඩ් කෑල්ල ඔයානෙ ඉතින් මගෙ..!
- අනේ යනව යන්න. මේ ඔයා හෙන පේමස් නේද ඈ දැන් .. ඩිගිරි ඩිගාං
+ මම ෆේමස් අනේ නෑ දරුවො..
- නැත්තෙ මොකෝ ලයික් වැටෙනවනෙ හෝ ගාල කවි වලට පෝස්ට් වලට
+ අනේ සුදු නංගි මම කියල තියෙනවනෙ ලියික් වලින් ගුණාත්මක බව මනින්න බෑ කියල.
බලන්න මම කොච්චර කැත වුනත් මේ යාලුවො මගේ පින්තුර වලටත් ලයික් කරනවනෙ
- හ්ම මම දැක්ක ඈ.. ඉරිසියයි යකෝ.. උඹ ගැන..
+ යකෝ ? උඹ.. ?
- ආදරේට අනේ කිවුවෙ . එහෙම කිවුවෙ නැත්තං වැඩක් නෑනෙ...නේද මෙයා.. මටවත් එහෙම කිය්නන බැරි නං.
+ හ්ම්.. පුරුද්දකට ගන්නෙපා දෙනව පුරුක් ඇද වෙන්නම !
-ආ එක්කෙනකේ උදේ පාන්දරම චන්ඩි වෙලා.. මේ තාම නිදි යන් නේද ඉන්නෙ නැගිටිනව අන්න අරහෙ කොම්පැනියෙ මිනිස්සු ඇවිල්ල දොරට ගහනව..
+ හා හා මම බලා ගන්නම් ඒක.
- සුදු අයියෙ මට ඔයාට කියන්න දෙයක් තියෙනව.
+ කියන්න..
- හැබැයි තරහ ගන්න බෑ ‍හොදද ?
+ කියන්නකො බලන්න ඊට ප්සසෙ බලමු
- බැ බැ ඔයා තරහ අරන් දැන්මම
+ නැ අනේ කියන්නකො..
- තරහ ගන්න බෑ ප්‍රොමිස් !
+ යකෝ දැන් කිවුව නේද කියපිය වනන්නෙ නැතිව හුහ්..
- හු හු.. මෙයාට තරා ගිහින් උදේ පාන්දර තරහ ගන්නපො අයියො..
+ හා කියන්නකො.
- මම ඔයාට කොච්චර කිවුවද මට කවියක් ලියල දෙන්න කියල. ඔයා ලියල දුන්නෙ නෑනෙ
+ ඉතින්
- මගේ එකවුන්ට් එකේ ඉ්නන යාලුවෙක් මට ලියල දුන්න ලස්සන කවියක් මට හුහු
+ අහ්.. හොදයි එහෙනම් තියාගන්න.. පරිස්සම් කරල.. මට වෙලාවක් නෑ කෙල්ලොන්ට කවි ලිය ලිය දෙන්න.. පොදුවෙ ලියනව ඇරෙන්න මට දන්නෙ නෑ එක එකාට ලියල දෙන්න..
- එක එකාටයෑ මටනෙ.
+ සුදු නංගියො ඔයා වුණත් එහෙම කවියක් ලියන්න මට දන්නෙ නෑ..
- අපෝ හරි හරි ලෝබය. ඒ අයිය මට ලියල විතරක් නෙවේ ලස්සනට මගේ පින්තුරෙකුත් දාල ඒ කවියට මට එවල..
+ මොකක් ?? මොකක්ද කිවුවෙ ?
- ඔවු ම‍ගේ ප්‍රොෆයිල් පික් එක්ක අරන් එ්කට දාල එවල..
+ කරුණාකරල අයින් කරනව ඒක හොදද.. ඒ වගේම ඒ මහත්තයට කියන්න ආයෙ ඒ වැඩේ කරන්න එපා කියල.. ඔයා ඒ පින්තුරෙ රිපෝට් කරන්න..
- හරි වැඩක්නෙ අප්ප. ඒ අයිය කැමැත්තෙන්මයි ලියල තියේනනෙ..
+ මේ අහනව , කවි ලියන එක කමක් නෑ එත් පින්තුර දාන්නෙ අහවල් රෙද්දටද ? තමුසෙ දැකල තියෙනවද මම ඔය එකියකගෙවත් පින්තුර දානව මට දවසකට කීයක් එනවද එහෙම ඉල්ලගෙන..
අනික ඔච්චර කෙල්ලො ඉන්දැද්දි ඔයගෙ පින්තුරෙ මොකටද
- තමුසේ කිවුවා................මට.. අඩනව මං..
+ අඩන්න බැරි නං ඕන මගුලක්.. මම නැගිටින්න කලින් ඕක ඉවරයක් කරන්න හරිද ? යකො මුන්ට මාර අමාරුවනෙ තියේනනෙ.. කවියක් ලියනවනං ලියපිය . බොරුවට කෙල්ලෝන්ගෙ පින්තුර දාල පැණියො වෙන්නෙ.. ලිය්ක ගන්නද ! ඔයා හිතනවද ඕක ඔයාගෙ පින්තුරෙ විතරයි දාන්නෙ කියල . ඉන්න හැම එකාගෙම ඒව දානව. ඒ විතරක් නෙවේ ඒව හැම තැනම දානව. කවියට බැරි නම් පින්තුරෙට හරි ලයික් ගන්න.. නංගි සින්දු වලට රූප රචනා එන්න කලින් ගොඩක් හොද සින්දු තිබුණ.. එත් දැන් රූප රචනා විතරයි හොඳ සින්දු නිකං ම නිකං සින්දු.. කාත තුරකින් හරි හොඳ සින්දු එනවනං රූප රචනාව එන්නෙ දෙවෙනියට.
- පවු අනේ ඔයා තරම් බැරි වුනාට අලුතෙන් ලියන අයනෙ.
+ මම තරම් කියල දෙයක් නැ.. අනික එක එකාට සේල දාන්න තමුසෙ බ*** ක්ද ? කරුණා කරල දන්ම කතා කරල කියනව හොදද ?
- ඔයාට තරහ ගිහි්න මට බනිනව මම තරහයි...
+ ඕන මගුලක් කර ගන්නව එහෙනම්.. ඔයා උන් එක්ක. ආය‍ෙ මට කතා කරන්න ඕන නෑ. මම ආස නෑ නංගි කාගෙත් සුන්දරීලට.. ටටා බායි..!
********************* ටරීං ටරීං.. ට්රීං......
+ ඇයි මොකද ආයෙත්..
- තරහද අයිය බබෝ..
+ මම කිවුවනෙ කතා කරන්න එපා කියල. ඔයාට එහෙම උවමනාවක් තියෙනවනම්. මට දෙන්න බැ කියල හිතෙන ඒව දෙන්න කවුරු හරි ඉන්නවනම් මම අල්ලගෙන නෑ ඔයාව යන එකයි ඇත්තේ.
- තරා වෙන්න එපා ඉතින් සුදු නංගි. මම හොදයිනෙ.. මම බොරුවට කිවුවෙ..
+ මොකක් !!! $%^&*())
- ඔවු අයිය කෙනෙක් මගෙන් ඇහුව ඒහෙම කරන්නද කියල.. මම කිවුව එපා කුරුළු අයිය ලියන කවි ටික තියෙනව එයා ඒ සේරොම ලියන්නෙ මට ඔයා කරදර වෙන්න ඕන නෑ කියල..
+ මොන මගුලටද එහෙනම් මගේ ලේ පිච්චුවෙ..
- අ‍නේ මේ නැගිටින්න අනේ.. පුච්චන්න ලේ තියෙන කෙනානෙ... මම තියෙනව අම්ම තේ එක හදල කතා කලා මට. ටටා බායි බායි..
=================================
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුලු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
.
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්ඳා
එපා දුක ගෙන එන්න කැන්දා
.
ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරාගන්නට.
.
======= කරුණාරත්න දිවුල්ගනේ මහතා
---කුරුළු--


song -
https://www.youtube.com/watch?v=4ETZQ-qV-OA

දුක සහ දුකට හේතුව

 
 
 
 
බඳින දවසට
නිකං බොරුවට
තුනට හතරට - නැවි නැවී
.
‍පොටෝ හින්දම
වඳින දෙන්නෙක්
දුටුව මම  - හුණුපිටියෙදී
.
එකදු ගාථා
දහම් පදයක්
නොමුණනා යුවතී පතී
.
දෙස බලා
මදහස හෙලූ බුදු
හිමි තවම එතැනම ඇතී..
.

--කුරුළු--

Thursday, September 25, 2014

=== කුරුළු තුඩු අගින් ගිලිහෙන- මිහිරි මියුරු ගී පද වැල ==නුඹේ සිනාවා ==


.
- ඔයාට කියන් වැදගත් දෙයක් තියෙනව
+ හා එහෙනම් ඉක්මනට කියන්න මේකෙ බැට්රි ලෝ
- එහෙනම් කම්ක නැ පස්සෙ කියන්නම්
+ නැ වැදගත්නම් පස්සට දාන්න ඕන නෑ දැන් කියන්න
- ම්.. නැ නැ ඕනි නෑ..
+ කියන්න සුදු නංගියො මොක්කද වැදගත් කතාව
- මම ඔයාට ආදරෙයි !
+ හරි ඉතින් වැදගත් කතාව කියන්න
- මම ඔයාට ආදරෙයි !..අනේ
+ හරි ඉතින් වැදගත් එක කියනවකො ..
- එක් තමා ඉතින් වැදගත් එක හුම්....
+ මොකක්.. අහ් ඒක මට එච්චර වැදගත් නෑ..
- ඔවු ඔවු මෙයාට අපි කිවුවොත් තමා වැදගත් නැත්තෙ වෙන කවුරු හරි කිවුවෝත හප්පා..
+ඉතින් දෙයියනේ අනුන්ගෙ ගෑනු ආදරෙයි කියනකොටනෙ වැදගත් කමක් තියේනනෙ
- අනේ මේ යනව යන්න..යාට වැදගත් නැති වුනාට මට වැදගත්..
+ හි හි හි හි හි...
- එක නෙවේ සුදු අයියෙ මට වෙඩින් එකක් තියෙනවනෙ.
+ මට කිවුවෙත් නෑ... ඔයාගෙද ??
- මගේ ? මගේ නම් ඔයාත් දන්නවනෙ කාඩ් එකේ ඔයාගෙ නමත් ඇතිනෙ.. අපේ නැන්දගෙ අයියගෙ..!
+ මරුවට තියෙයි.. එහෙනම් කාව හරි අල්ලගන්නව ඒකෙදිවත්..!
- අනේ..... අපේ ආච්චිත් ඕක කිවුව.. මළ වදයක්නෙ වෙඩින් එකකට යන්න බෑ හැමෝම කියනව හොද කොල්ලෙක් ඉන්නවද බලන්න කියල... මොනවද අප්ප..
+ ඉතින් මටත් කියනවනෙ.. හොඳ කේලලෙක් ඉන්වද බලන්න කියල
- බලන්නෙ නෑ හොදේ ඇස් උගුල්ලනව මං..!
+ හරි හරි එහෙන්ම ලස්සනට ගිහින් එන්න ඈ..
- ඉතින් අහන්නකො අනේ මම මොනවද අදින්නෙ කියල?
+ මොනව හරි කම්ක නෑ අනේ ලස්සනට යනව!
- අනේ අහන්නකො අහ්න්න‍ොක සුදු අයියෙ..!
+ හ්ම්.. දැන් මොනවද සුදු නංගි අදින්නෙ වෙඩින් එකට..
- අන්න හලි... සුදු නංගිට සල්ලි නෑ අ‍නේ.. ගිය පාර ගත්තනෙ රතු පාට සාරියක්. මේ පාර ගත්තෙ ටිකක් තැඹිලි වගේ එකක්. කරාඹුතමා නැත්තෙ.. රතු පාට සෙට් එක තියේනනෙ.. මම හිතන් ඉන්නෙ ලිප්ස්ටික් හරි කියුටෙක්ස් හරි ගාල තැබිලි කර ගෙන යන්න..
+ මොනවද අනේ පෙරේත වැඩ කරන්නෙ . මම සල්ලි දෙන්නම් කරාඹු දෙකක් ගන්නවකො..
- නැ ඉතින් පොඩි වෙලාවටනෙ.. මේ සපත්තු දෙත් එතු. .ඒකට ගානන් තැඹිලි පාට ටික්ක ගේන්න බැරිද ? නැතින්ම මම ඒ පාටින් රෙදි කපල අලවනව වටේටම කැලි කැලි.අලුත් ඩිසයින් එකක් වෙන්න..
+යකඩො මාර වැඩකෑලිනෙ...!
- එක් නෙවේ අයිය දන්නවද මම අදින හැට්ටෙ.. හැට්ටෙ කෝමත් මහන්න එපැයි.
+ ආ ඒක අදිනව ලස්සනට හරිද නිකං පිට පේන්න එලියෙ දාගෙන යන්නෙ නැතිව
- ආ මෙන්න වැඩක් මම හිතන් ඉන්නෙ ලෙස් වලින් මහන්න.. පිටේ කතිර දාන්නෙ නැ ඒක ගිය පාර දැම්ම! ඒ නිසා මහන අක්කට කියල දෙන්නෝන අලුත් වැඩක්..!
+ මේ දැන් බැට්රිය බහි මේකෙ..! බොරුවට වැල් වටාරම් කියවනව වැදගත් කියල මාව රවට්ටල..
- ඉන්නකො අනේ වැදගත්ම එක කිවුවෙ නැනෙ
+ කියන්න එක් තාම කිවුවෙ නැද්ද
- සුදු අයියෙ... ඔයා මගේ හොද සුද අයියනෙ.. නංගි කැතට යනවට කැමතිත් නෑනෙ..
+ ඔවු ඉතින්..
- සුදු නංගිට තැඹිලි පාට පර්ස් එකක් නෑ අයියෙ අරන් යන්න.. එක්ක අරන් දෙන්නකෝ.!
+ මොකක්ද ? හෙලෝ හෙලෝ.. හෙලෝ.. මට ඇහේනනෙ නෑ.. මමම හිතන්නෙ බැට්රිය බැහැලද කොහෙද !
- අපෝ කුනා.. ලෝබය.... බැට්රි නෙවේ කණ සුද්ද කරගන්නව.. මම ඒකත් ඔය ආච්චිගෙන් හරි ඉල්ලන් යන්නම් පරණ එකක් මං තියනව හුහ්..!
+ ආ නංගි මේ ආච්චි ගාව ඇති අර හැඹිලි.. පන් වලින් එහෙම ගොතපුව එක්ක අරන් යන්න..
- අ‍නේ මේ.. එන්නෙපා විහිලු කරන්න.. ඇටකිච්ච වගේ ඉඳගෙන මට විහිලු කරනවත අහුවෙනවකො..
+ බැට්රි බැස්ස......
- එනවකො මං බැට්රිය බස්සන්න හුහ් බායි..
+ ආදරෙන් ඉන්න සුදු නංගියො...
==================
සුවඳ මල් රේනු පිස එන
හාදු දෙන සිහිල් මඳ නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
-
සීත පිණි වකුල සඳ වත
මෝදු වී නිශා නුබ
ගැබ අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු
දළ පෙති කොපුල් තලාවා
.
අරුනු දොරකඩින් නැග එන
උාදා හිරු කිරණ හදවත පුබුදු කරාවා
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා
======= ඉමාන් පෙරේරා
---කුරුළු--

song -
https://www.youtube.com/watch?v=_519xC2PWAI

Friday, September 19, 2014

==== ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි === .


- උසාවිය නිස්සද වන්න
+ මේ මොන විගඩමක්ද ?
- යුෂ්මතාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව.
+ ආහ් කවුද පැමිණිලි කරු.
- පැමිණිලි කාරියක් ඇත්තටම ඇගේ නම සුදු නංගි.
+ අහ් කියන්න බලන්න පැමිණිල්ල
- ඊයේ සවස සිට යුෂ්මතා ඇය ගැන සොයා බලා නෑ. කිසිම ආකාරයකින් අඩුම තරමේ මැ‍සේජ් එකක් කෝල එකක් තියා රින්ග් කට් එකක් වත් ලබා දීල නෑ.
+ ඉතින්
- ඉතින් ඇය මේ වන විට සිටි්නනේ ඉතා අසාධ්‍ය තත්වයක..ඇයි එහෙම කලේ හේුත දක්වන්න පුළුවන්ද ?
+ බෑ.
- ඇයි බැරි. හොදයි යුෂ්මතා මේ කාරණාව සම්බන්ධයෙන් වැරදි කරුද නිවැරදි කරුද ?
+ ස්වාමිනිි මම කිහිලි කරු.
- උසාවියට අපහාස කරන්නෙපා හරිද
+ සමාවෙන්න මම නිවැරිදි කරු ස්වාමිනි
- හොදයි හේතු දක්වන්න අවස්ථාක් දෙනවා
+ ස්වාමිනි ඊයෙ මම වැඩ අධිකව රාජකාරි වල යෙදිලයි හිටියෙ ඉතින් උදේ සහ දවල් කෑම වේල මගහැරුණා සවස් වන විට මට හිසේ කැක්කුමක් ඇති වුනා ඒ නිාස නිවසට පැමිණි වහා මම නිදා ගත්තා. එච්චරයි
- එහෙත් තමාට යුතුකමක් තියෙනවා නේද සුදු නංගි නම් තැනැත්තියට ඒ බව දැනුම් දෙන්න.
+ ඒ වෙලාවෙ මා හට ආසාධ්‍ය නිසා මට ඇයව අමතක වුනා
- මොකාක්.. සුදු නංගිව අමතක වුනා නුඹට. එයට කිසිදු සමාවක් නෑ.. මාස හයක සිර දඩුවමක් නියම කරමි.
+ අනේ අනේ ස්වාමීනි දඩුවම ලිහිල් කරන්නබරිද.
- හම්... සුදු නංගිගේ පාර්ෂවයෙන් මේ ගැන සලකා බලා දඩුවම ලිහිල් කරන්නම්..
+ ස්වාමිනි මම අවහ්‍යනම් සාක්ෂිකරු විදියට බෙහෙත් ගත්තු දොස්තර මහතාව කැදවන්නම්
- එපා.. අවශ්‍යතවයක් නැ.. දඩුවම ලිහිල කරන්න ජූරිය එකග වුනා. ඒ නිසා අද ඉදන් දවස් දහයක යනතුරු උ‍දේට ගුඩ් මෝනින්ද ? රෑට ගුඩ් නයිට් ලෙස මැසේජ් සහ ඊට අමතරව දවසට පැයක කාලයක් සුදු නංගි හා කතා කල යුතු බවට මම නියොග කරනව. යුෂ්මතා එයට එකඟයිද ?
+ එකඟයි. වෙන කරන්න දෙයක් න‍ැනෙ..
- හරි එහෙනම්.. ඩොං..ඩෙං..ඩෙං... නඩුව මෙැතනින් අවසානයි සියල්ලෝම විසිරි යත්වා..
+ අප්පහ්තත ඉවරද දැන් කෝලම !
- කෝළම හුහ්. අපිදැන්නැ මතකනෙ නඩු තීන්දුව ඉෂ්ට කරන එකයි ඇත්තෙ.. මේ අයියෙ මට හරි මහන්සියි අනේ නඩු අහල.
+මටත් මහන්සියි මේ " නඩුවක් බලවල "
- ඒ කිවුවෙ
+ඒ වචනෙ අනික් පැත්ත හරවල බලන්න..
-ම්..නඩුවක් බලවල.. බ...
 ඊයා.... ඌරා.. කිය්නනෙපා මට ඕව.. මිරිකනව කණ..
+ හරි එහෙන්ම දැන් හරිනෙ..
- හ්ම් දැන් සනීපද අයියෙ..
+ ඔවු දැන් අඩුයි
- මේ එහෙනම් ඔයාට දැන් මාත් ක්කරවුම් ගහන් වෙනව.. අපි යං රට වටේ.. හැම තැනම යුමු..
+ එක පාරටම මොකෝ
- ඇයි අනේ පැට්රෝල් අඩු කලානෙ.. අපි යුමු හැම තැනම . පොඩි කාලෙනෙ. ඡන්දනේ පස්ස‍ෙ ආයෙ වැඩි වෙනව. ඊට කලින් යමු..
+ හ්ම්.. රුපියල් 3නෙ
- මේ ඔයාගෙකාර් එක ලාම්පුතේල් වලින් ය්නනෙ නැතිද්
+ ම් නැ. එහෙම යන ජාතියක් තියෙනව.. අර නිල් පාට ස්ටිකර් එක්ක ගහල තියේනනෙ ඩිපිඑල් කියල
- ඇත්තද.... ඒව ලාම්පුතේල් වලින් යනවද ?
+ නැතිව. ඩි පි ල් කිය්නනෙ - ඩිසල් පැට්රල් ලාම්පුතෙල්.. තුනෙන්ම යනව
- අනේ යනව මැට්ටො යන්න.. අපි යනව බායි.. මේමතකනෙ නඩු තීන්දුව..
+ හරි හරි ආදරෙන් ඉන්න..!
================
මධු මල ලෙස මුදු ම‍ේග ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි
.
අපමණ සිතුවිලි බිහිවී තෙරපි එකිනකෙ පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
.හිත වෙවුලලනවා හදවත ගැස්සෙනවා
ලිපියේ කොලයට මුහුන යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
====== මිල්ටන් මල්ලවආරාච්චි
--කුරුළු--

song - https://www.youtube.com/watch?v=3DGW7LBcbmc