Friday, September 26, 2014
Thursday, September 25, 2014
=== කුරුළු තුඩු අගින් ගිලිහෙන- මිහිරි මියුරු ගී පද වැල ==නුඹේ සිනාවා ==
.
- ඔයාට කියන් වැදගත් දෙයක් තියෙනව
+ හා එහෙනම් ඉක්මනට කියන්න මේකෙ බැට්රි ලෝ
- එහෙනම් කම්ක නැ පස්සෙ කියන්නම්
+ නැ වැදගත්නම් පස්සට දාන්න ඕන නෑ දැන් කියන්න
- ම්.. නැ නැ ඕනි නෑ..
+ කියන්න සුදු නංගියො මොක්කද වැදගත් කතාව
- මම ඔයාට ආදරෙයි !
+ හරි ඉතින් වැදගත් කතාව කියන්න
- මම ඔයාට ආදරෙයි !..අනේ
+ හරි ඉතින් වැදගත් එක කියනවකො ..
- එක් තමා ඉතින් වැදගත් එක හුම්....
+ මොකක්.. අහ් ඒක මට එච්චර වැදගත් නෑ..
- ඔවු ඔවු මෙයාට අපි කිවුවොත් තමා වැදගත් නැත්තෙ වෙන කවුරු හරි කිවුවෝත හප්පා..
+ඉතින් දෙයියනේ අනුන්ගෙ ගෑනු ආදරෙයි කියනකොටනෙ වැදගත් කමක් තියේනනෙ
- අනේ මේ යනව යන්න..යාට වැදගත් නැති වුනාට මට වැදගත්..
+ හි හි හි හි හි...
- එක නෙවේ සුදු අයියෙ මට වෙඩින් එකක් තියෙනවනෙ.
+ මට කිවුවෙත් නෑ... ඔයාගෙද ??
- මගේ ? මගේ නම් ඔයාත් දන්නවනෙ කාඩ් එකේ ඔයාගෙ නමත් ඇතිනෙ.. අපේ නැන්දගෙ අයියගෙ..!
+ මරුවට තියෙයි.. එහෙනම් කාව හරි අල්ලගන්නව ඒකෙදිවත්..!
- අනේ..... අපේ ආච්චිත් ඕක කිවුව.. මළ වදයක්නෙ වෙඩින් එකකට යන්න බෑ හැමෝම කියනව හොද කොල්ලෙක් ඉන්නවද බලන්න කියල... මොනවද අප්ප..
+ ඉතින් මටත් කියනවනෙ.. හොඳ කේලලෙක් ඉන්වද බලන්න කියල
- බලන්නෙ නෑ හොදේ ඇස් උගුල්ලනව මං..!
+ හරි හරි එහෙන්ම ලස්සනට ගිහින් එන්න ඈ..
- ඉතින් අහන්නකො අනේ මම මොනවද අදින්නෙ කියල?
+ මොනව හරි කම්ක නෑ අනේ ලස්සනට යනව!
- අනේ අහන්නකො අහ්න්නොක සුදු අයියෙ..!
+ හ්ම්.. දැන් මොනවද සුදු නංගි අදින්නෙ වෙඩින් එකට..
- අන්න හලි... සුදු නංගිට සල්ලි නෑ අනේ.. ගිය පාර ගත්තනෙ රතු පාට සාරියක්. මේ පාර ගත්තෙ ටිකක් තැඹිලි වගේ එකක්. කරාඹුතමා නැත්තෙ.. රතු පාට සෙට් එක තියේනනෙ.. මම හිතන් ඉන්නෙ ලිප්ස්ටික් හරි කියුටෙක්ස් හරි ගාල තැබිලි කර ගෙන යන්න..
+ මොනවද අනේ පෙරේත වැඩ කරන්නෙ . මම සල්ලි දෙන්නම් කරාඹු දෙකක් ගන්නවකො..
- නැ ඉතින් පොඩි වෙලාවටනෙ.. මේ සපත්තු දෙත් එතු. .ඒකට ගානන් තැඹිලි පාට ටික්ක ගේන්න බැරිද ? නැතින්ම මම ඒ පාටින් රෙදි කපල අලවනව වටේටම කැලි කැලි.අලුත් ඩිසයින් එකක් වෙන්න..
+යකඩො මාර වැඩකෑලිනෙ...!
- එක් නෙවේ අයිය දන්නවද මම අදින හැට්ටෙ.. හැට්ටෙ කෝමත් මහන්න එපැයි.
+ ආ ඒක අදිනව ලස්සනට හරිද නිකං පිට පේන්න එලියෙ දාගෙන යන්නෙ නැතිව
- ආ මෙන්න වැඩක් මම හිතන් ඉන්නෙ ලෙස් වලින් මහන්න.. පිටේ කතිර දාන්නෙ නැ ඒක ගිය පාර දැම්ම! ඒ නිසා මහන අක්කට කියල දෙන්නෝන අලුත් වැඩක්..!
+ මේ දැන් බැට්රිය බහි මේකෙ..! බොරුවට වැල් වටාරම් කියවනව වැදගත් කියල මාව රවට්ටල..
- ඉන්නකො අනේ වැදගත්ම එක කිවුවෙ නැනෙ
+ කියන්න එක් තාම කිවුවෙ නැද්ද
- සුදු අයියෙ... ඔයා මගේ හොද සුද අයියනෙ.. නංගි කැතට යනවට කැමතිත් නෑනෙ..
+ ඔවු ඉතින්..
- සුදු නංගිට තැඹිලි පාට පර්ස් එකක් නෑ අයියෙ අරන් යන්න.. එක්ක අරන් දෙන්නකෝ.!
+ මොකක්ද ? හෙලෝ හෙලෝ.. හෙලෝ.. මට ඇහේනනෙ නෑ.. මමම හිතන්නෙ බැට්රිය බැහැලද කොහෙද !
- අපෝ කුනා.. ලෝබය.... බැට්රි නෙවේ කණ සුද්ද කරගන්නව.. මම ඒකත් ඔය ආච්චිගෙන් හරි ඉල්ලන් යන්නම් පරණ එකක් මං තියනව හුහ්..!
+ ආ නංගි මේ ආච්චි ගාව ඇති අර හැඹිලි.. පන් වලින් එහෙම ගොතපුව එක්ක අරන් යන්න..
- අනේ මේ.. එන්නෙපා විහිලු කරන්න.. ඇටකිච්ච වගේ ඉඳගෙන මට විහිලු කරනවත අහුවෙනවකො..
+ බැට්රි බැස්ස......
- එනවකො මං බැට්රිය බස්සන්න හුහ් බායි..
+ ආදරෙන් ඉන්න සුදු නංගියො...
==================
සුවඳ මල් රේනු පිස එන
හාදු දෙන සිහිල් මඳ නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
-
සීත පිණි වකුල සඳ වත
මෝදු වී නිශා නුබ
ගැබ අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු
දළ පෙති කොපුල් තලාවා
.
අරුනු දොරකඩින් නැග එන
උාදා හිරු කිරණ හදවත පුබුදු කරාවා
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා
======= ඉමාන් පෙරේරා
---කුරුළු--
song -
https://www.youtube.com/watch?v=_519xC2PWAI
Friday, September 19, 2014
==== ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි === .
+ මේ මොන විගඩමක්ද ?
- යුෂ්මතාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව.
+ ආහ් කවුද පැමිණිලි කරු.
- පැමිණිලි කාරියක් ඇත්තටම ඇගේ නම සුදු නංගි.
+ අහ් කියන්න බලන්න පැමිණිල්ල
- ඊයේ සවස සිට යුෂ්මතා ඇය ගැන සොයා බලා නෑ. කිසිම ආකාරයකින් අඩුම තරමේ මැසේජ් එකක් කෝල එකක් තියා රින්ග් කට් එකක් වත් ලබා දීල නෑ.
+ ඉතින්
- ඉතින් ඇය මේ වන විට සිටි්නනේ ඉතා අසාධ්‍ය තත්වයක..ඇයි එහෙම කලේ හේුත දක්වන්න පුළුවන්ද ?
+ බෑ.
- ඇයි බැරි. හොදයි යුෂ්මතා මේ කාරණාව සම්බන්ධයෙන් වැරදි කරුද නිවැරදි කරුද ?
+ ස්වාමිනිි මම කිහිලි කරු.
- උසාවියට අපහාස කරන්නෙපා හරිද
+ සමාවෙන්න මම නිවැරිදි කරු ස්වාමිනි
- හොදයි හේතු දක්වන්න අවස්ථාක් දෙනවා
+ ස්වාමිනි ඊයෙ මම වැඩ අධිකව රාජකාරි වල යෙදිලයි හිටියෙ ඉතින් උදේ සහ දවල් කෑම වේල මගහැරුණා සවස් වන විට මට හිසේ කැක්කුමක් ඇති වුනා ඒ නිාස නිවසට පැමිණි වහා මම නිදා ගත්තා. එච්චරයි
- එහෙත් තමාට යුතුකමක් තියෙනවා නේද සුදු නංගි නම් තැනැත්තියට ඒ බව දැනුම් දෙන්න.
+ ඒ වෙලාවෙ මා හට ආසාධ්‍ය නිසා මට ඇයව අමතක වුනා
- මොකාක්.. සුදු නංගිව අමතක වුනා නුඹට. එයට කිසිදු සමාවක් නෑ.. මාස හයක සිර දඩුවමක් නියම කරමි.
+ අනේ අනේ ස්වාමීනි දඩුවම ලිහිල් කරන්නබරිද.
- හම්... සුදු නංගිගේ පාර්ෂවයෙන් මේ ගැන සලකා බලා දඩුවම ලිහිල් කරන්නම්..
+ ස්වාමිනි මම අවහ්‍යනම් සාක්ෂිකරු විදියට බෙහෙත් ගත්තු දොස්තර මහතාව කැදවන්නම්
- එපා.. අවශ්‍යතවයක් නැ.. දඩුවම ලිහිල කරන්න ජූරිය එකග වුනා. ඒ නිසා අද ඉදන් දවස් දහයක යනතුරු උදේට ගුඩ් මෝනින්ද ? රෑට ගුඩ් නයිට් ලෙස මැසේජ් සහ ඊට අමතරව දවසට පැයක කාලයක් සුදු නංගි හා කතා කල යුතු බවට මම නියොග කරනව. යුෂ්මතා එයට එකඟයිද ?
+ එකඟයි. වෙන කරන්න දෙයක් නැනෙ..
- හරි එහෙනම්.. ඩොං..ඩෙං..ඩෙං... නඩුව මෙැතනින් අවසානයි සියල්ලෝම විසිරි යත්වා..
+ අප්පහ්තත ඉවරද දැන් කෝලම !
- කෝළම හුහ්. අපිදැන්නැ මතකනෙ නඩු තීන්දුව ඉෂ්ට කරන එකයි ඇත්තෙ.. මේ අයියෙ මට හරි මහන්සියි අනේ නඩු අහල.
+මටත් මහන්සියි මේ " නඩුවක් බලවල "
- ඒ කිවුවෙ
+ඒ වචනෙ අනික් පැත්ත හරවල බලන්න..
-ම්..නඩුවක් බලවල.. බ...
ඊයා.... ඌරා.. කිය්නනෙපා මට ඕව.. මිරිකනව කණ..
+ හරි එහෙන්ම දැන් හරිනෙ..
- හ්ම් දැන් සනීපද අයියෙ..
+ ඔවු දැන් අඩුයි
- මේ එහෙනම් ඔයාට දැන් මාත් ක්කරවුම් ගහන් වෙනව.. අපි යං රට වටේ.. හැම තැනම යුමු..
+ එක පාරටම මොකෝ
- ඇයි අනේ පැට්රෝල් අඩු කලානෙ.. අපි යුමු හැම තැනම . පොඩි කාලෙනෙ. ඡන්දනේ පස්සෙ ආයෙ වැඩි වෙනව. ඊට කලින් යමු..
+ හ්ම්.. රුපියල් 3නෙ
- මේ ඔයාගෙකාර් එක ලාම්පුතේල් වලින් ය්නනෙ නැතිද්
+ ම් නැ. එහෙම යන ජාතියක් තියෙනව.. අර නිල් පාට ස්ටිකර් එක්ක ගහල තියේනනෙ ඩිපිඑල් කියල
- ඇත්තද.... ඒව ලාම්පුතේල් වලින් යනවද ?
+ නැතිව. ඩි පි ල් කිය්නනෙ - ඩිසල් පැට්රල් ලාම්පුතෙල්.. තුනෙන්ම යනව
- අනේ යනව මැට්ටො යන්න.. අපි යනව බායි.. මේමතකනෙ නඩු තීන්දුව..
+ හරි හරි ආදරෙන් ඉන්න..!
================
මධු මල ලෙස මුදු මේග ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි
.
අපමණ සිතුවිලි බිහිවී තෙරපි එකිනකෙ පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
.හිත වෙවුලලනවා හදවත ගැස්සෙනවා
ලිපියේ කොලයට මුහුන යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
====== මිල්ටන් මල්ලවආරාච්චි
--කුරුළු--
song - https://www.youtube.com/watch?v=3DGW7LBcbmc
Monday, September 15, 2014
== නිදන නින්දද මුදාහරිමින් අවදි කොට මා තබනවා තබනවා =මං ආදරෙයි මං ආදරෙයි=
-ටොක් ටොක් ටොක්...!
+ හෙලෝ...
-ටොක් ටොක් ටොක්...! කවුද ගෙදර
+ හෙලෝ හෙලෝ..
- මොනවද අයියෝ.. ගෙදරට තට්ටු කලාම හෙලෝ කියනවද ?
+ මේ නිකං ඉන්නව විකාර කරන්නෙ නැතිව..
- අපෝ විහිලු දන්නෙත් නෑ මෙයා.. ටොක් ටොක් කිවුවාම කතා කරන්න අප්පා.. ඔන්න ඔන්න අපි අායෙ කරමු හොදද.. හොඳ අයියනෙ.
+ හාං කරමුකො වදේ
- -ටොක් ටොක් ටොක්...! කවුද ගෙදර
+ ගෙදර කවුරුත් නෑ.. යන අතක යන්න
- එතකොට ඔය කතා කරන්නෙ ගෙදර උලුවහුද ?
+ අනේ මේ නංගි තරහ අවුස්සනේනෙ නැතිව කියනවද මොකෝ කියල..
- අපෝ හරි හරි ඉතින්.. කෝ දැං පොත !
+ මොන ?
- මට ගෙනාව කිවුව !
+ ආහ් ඒක තියෙනව..
- කෝ පෙන්වන්න පින්තුරයක් එවන්න බලන්න වට්ස්ඇප් වලට
+ බෑ දැන්එවන්න බැ
- නැ නැ ඔයා ගත්තු එක අරං එවන්නකො බලන් මට බලන්න
+ අනේ සුදු නංගි මට සමාවෙන්න මට ඔයා කිවුව පොත ගන්න බැරිවුනා..
- ආනේ ආනේ දැන් ඉස්සල ගත්ත කිවුවෙ මොකක්ද ?
+ බොරුවට.
- ඇයි බොරු කිවුවෙ.. ගත්තෙ නැ කියන්න එපැයි.. මම දන්නවනෙ පුතයගෙ හැටි.. එකයි මම පින්තුරයක් එවන්න කිවුවෙ..
+ හා.. ඒ වුනාට මම වෙන එකක් ගෙනාව..
- මොකක්ද ?
+ එක් තමා ලංකාවෙ වැඩිම කොටස් ගාණක් පලවුන.. වැඩිම මුද්‍රනයක් කරපු වැඩිම ප්‍රමාණයක් කියවන පොත.. මේ අවුරුද්දෙ කොපිය ගෙනාවෙ..
- අනේ සෝයි සොයි උම්මා.. මගේ හොද අයිය.. කෝ ඉතින් මොකක්ද ඒකෙ නම..
+ මහ බැංකු වාර්ථාව..
- මොකා...ක්.. අනේ මේ.. හිතුවද මං මී හරකියක් කියල
+ හිතන්න දෙයක් නැනෙ..
- අයිය මේ.. සද්ද එපා ඇ අපි චන්ඩි හරිද ?? දැන් එව මේව බෑ.. හෙට යමු මාත් එක්ක බුක්ෆෙයා.. අරන් දෙන්න මට පොතක්..
+ හෙට බෑ..
- ඇයි බැරි..
+ පෙට්රල් ගහන්න සල්ලි නෑ..
- අපෝ ලෝබය.. කුණා.. ඇහුවෝත රෑ දොලහටත් වැඩ වැඩ.. එත් අතේ ස්ලලි නෑ..ඔවු ඉතින් අපිව එක්කන් යන්න තමා පෙට්රෝල් නැත්තෙ. ඔය නෙට් එකේ කෙල්ලෙක් කිවුවෝත ඕන රවුමක් යයි..
+ පවුනෙ ඉතින් ඒ අය..
- මොකක්ද කිවුවෙ.. මේ මාව අඩවන්නෙපා හොදේ..!
+ නැ නැ අනේ විහිලුවට කිවුවෙ. සුදු නංගි..
- මේ කරනවනං වැඩක් තියෙනව..
+ මොකක්ද ?
- හෙට අපි දෙන්න මගේ බයිසිකලේ යමු..
+ මොන?
- පුස් බයික් එකේ අනේ..ඔයා දන්නෙ නැනෙ මේ සුදු නංගි ගම වටේ රවුම ගහන්නෙ ඒ යන්තරෙන් තමා ආ..ආයෙ කිරි කිරි බයික් එක.. පෙට්රෝල ඕනෙම නෑ.. රාවණාගෙ දඩුමොනරෙ වගේ.. මොකෝ අයියා කියන්නෙ ආ..
+ ඔවු ඔවු මම නොදැන්නවයැ..අර චූං පාං කරත්ත්තෙ වගේනෙ..ගමේම පොඩි උන් අවුස්ස අවුස්ස බෙල් එක ගහ ගහ ගම වටේ යනව කියල අපි දන්නව..අපිටත් නිවුස් එනව ඔය තුම්මං හංදි වල ඩෝං ගාල බිම බඩගානකොට.. හු හූ...
- ඇ..ං..... කවුද යකෝ මං වැටුන එක මෙයාට කිවුවෙ.. නෑ අනේ මම මේ පොඩ්ඩක් ඉස්සරහ රෝදෙ උස්සල වීල් කලා .. චුට්ටක් ලෙස්සුව.. අර ඉස්සරහ කූඩෙ බරයිනෙ අනේ.. මේ එක නෙවේ.. යංකො අයියෙ.. ඔයා මාව තියං පාගන්න.. මම ඉඳගෙන ඉන්නම්...
+ අපෝ බෑ මට පාගන්න එච්චර දුර..
- ඇයි අනේ කොල්ලෙක්නෙ..
+ පාගන එක නෙවේ අවුල..
- එහෙනං
+ එච්චර දුරක් යනකං ඔයා පොල්ල උඩ ඉන්නකොට මට රිදෙනවනෙ.. මම කෝමද ඉවසං ඉන්නෙ..
- ඒ කිවුවෙ... ඔයාට කෝමද රිදේනනෙ.. මම ඉ්නනෙ ඉස්සරහනෙ
+ ආ.. හරි හරි ඒක ඕන නෑ.. හෙට බලමු එහෙනං බායි බායි..
- බෑ..බෑ.. බෑතත ඔට්ටුනෑ.. කියනවකො මට මොනවද ඒකෙ තේරුම..
+ මම ඒ කිවුවෙ කුනුහරුපයක්..ඩබල් මිනිං කතාවක්...
- ඊයා.............. ඔයා නරකයි..චී.... මට නරක එවුව කිවුවා.. කතා කරන්නෙ නෑ මම ආයෙ..බලන්නකො මම හිතුව ඒක හොද එකක් කියල..
+ ආ හරි හරි දැන් දගලන්නෙපා.. මම පොත ගෙනත් දෙන්නම්.. බුදු සරණයි.. ආදරෙන් ඉන්න මම තියනව...
------------------------- ට්රීං................
+ හෙලෝ ඇයි නංගි ආයෙ ගත්තෙ..
- දෙයක් කියන්න අමතක වුනා ඒකයි
+ ඔවු කියන්න සුද නංගි
- මේ සුදු නංගිගෙ එකේ පොල්ලක් නෑ.. මැද්දෙ කරුවක් තියෙන්නෙ.. අයිය කැමතිනම් කකුල් දෙක දෙපැත්තෙන් දාල පැදතැකි.. මම තියනෝ..හූ..හූ......
+ උඹට මම.......... යකෝ මේකි නරක් වෙලා තියෙන තරම.. අහුවෙයන් ඈ...
=============
නොකී රහසක් මතකයේ හිද තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ගණදුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි මං ආදරෙයි..
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
.
පැතුම් වෙරලක සිතුම් රළ පෙල ඇදෙනවා
සිතග කැළඹිලි නගනවා හැගෙනවා
නිදන නින්දද මුදාහරිමින් අවදි කොට මා තබනවා තබනවා
මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
.
දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
======== විශාරද එඩ්වඩ් ජයකොඩි
------ කුරුළු---------
song - https://www.youtube.com/watch?v=ULY9dyDLo1w
Saturday, September 13, 2014
== වදුලු සිරස පිපි මල් ගානෙ - විහඟ තුඩක කිචි බිචි ගානේ == සිඹින සිඹින මඳ නල ගානේ - ආදරෙයි මං ආදරෙයි.... ==
.
- ඒයි මේ ෂ්..
+ ඇයි..?
- යන්‍නෙ නැද්ද බුක් ෆෙයා.,!
+ නෑ..
- ඇයි..
+ සල්ලි නෑ..
- සල්ලි ඕන නෑ යන්න අනේ.. ඔයාගෙ අර නංගිල ටික අරන් දෙයිනෙ.. ඔයා පෝස්ටුවක් දාන්න පොත් ලිස්ට් එක.. ඔයාව බලන්න ඇවිල්ල ඉඳියි පෝලිමේ..!
+ මොන මගුලක්ද ... මම මේ යන්න විදියක් නැතිව ඉන්නව.. මෙයා මේ බම්මබු කියෝනව..
- නෑ.. නෑ.. පොත් ගන්න ඕන නෑ.. ගිහින් එන්න නිකං රවුමක්.. අඳුරන කෙල්ලෝ ඇතිනෙ.. ගිහින් බුක් ෆෙයා ගියා කියල පින්තුර අරං දානව.. පවුනෙ ඒ අයත්...
+ මේ මොකෝ අද ඇෙඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටෙ.. නැත්තං අම්ම හරි තාත්ත හරි බැන්නද ?
- ඔවු...!
+ ඒ පාර මොකෝ වුණේ..
- මම ක්ලාස් එකේ යාලුවො එක්ක බුක් ෆෙයා බලන්න යන්න ඇහුව.. එපා කිවුව...
+ හ්ම්.. දැන් ඒකද මේ මගේ පිටින් යැවුවෙ බැන බැන..
- ඇයි වදේ මම වෙන කාට බනින්නද ?/ හැමෝම මට බනිනව.. මට ඉතින් බනින්න ඉන්නෙ ඔයා විතරයිනෙ.. ඇත්තටම ඔයා යන්නෙ නැද්ද?? ඔයාට සල්ලි නැද්ද ??
+ හ්ම්.. මේ පාර සල්ලි නෑ.. ඒ නිසා නොයා ඉන්න හිතුව..
- එපා අයියෙ.. මම ඔයාට සල්ලි දෙන්නම්.. ඔයා ගිහින් එන්න.. මටත් එක්ක පොත් ටිකක් ගේන්න තෝරල හොඳද.. ඔයා පොත් කියවන්න ආසයිනෙ ගොඩක්..
+ හැමෝම අද යනව කිවුව..මටත් එන්න කියල කීප දෙනෙක් කතා කලා... බලමු මමත් ගිහින් එන්නම්.. මට සල්ලි එපා.. මම බලල එන්නම් පොත්.. මේ සල්පිල ඉවර වුණාම අපි දෙන්නම ගිහින් කඩේකින් ගමු.. !
- හ්ම් හා.. ගියාට කමක් නෑ නීති ටිකක් තියෙනව..
+ ඒ මොනවද ඒ !
- මේ ඔය ගැනු ළමයි " කුරුළු අයියේ කියාගෙන එයි දුවගෙන".. ඒ අය එක්ක හිනා වෙලා කතා කලාට කමක්නෑ.. ඔරවන් ඉන්නෙ නැතිව නපුරු කමට.. හැබයි පොටෝ ගන්නෙපා.. හොදේ සුදු නංගි ආස නෑ ඒකට.. හා ද ??
+ මම කෝමත් පින්තුර ගන්නෙ නෑනෙ... ඔයා දන්නවනෙ දරුවො...
- එක නෙවේ අර පින්තුරෙ ඔයා දැම්මෙ අර නලුවෙක් එක්ක ? ඒකෙන් ඔයා කෝ අනේ මට අදුරන්න බෑනෙ.. දෙන්නම එක වගේ අයියෝ..!
+ අනේ මේ යනව යන්න නිකං ජෝක් කරන්නෙ මට.. ලජ්ජයි අනේ.,!
-අප්පද බොල බලහල්ලකො කොල්ලගෙ ලජ්ජාව.. හික්ස්.. හිතේ ඇති නලුව කියල..
+ හිතේ තියෙනව තමා ඇයි මොකෝ ආ...
- නෑ ඉතින් හොදයි.. මගෙනෙ.... එක නෙවේ අයියෙ ඔයා පත්තරේට ලියනවනේද ? මම හැම දාම බැලුව මට හොයාගන්න බෑනෙ..
+ ඇයි තාම බැලුවෙ නැද්ද දැන් කොච්චර කල්ද ?
- නෑ අනේ මම හැමදාම පත්තරේ පෙරල පෙරල බලනව ඒත ඔයාගෙ පිටුව නැනෙ.. අපේ ආච්චිලගෙ ගෙදර ප්තතරෙන් බලන්නෙ..
+ ඇහ්.. මවුබිම පත්තරේ බලන්න අනේ..
- ඒක තමා ඉතින් බල්නනෙ.. අර අතිරේකෙ නේද.. මම හොදට බැලුව දැන් සති ගාණක් ඒකෙ නෑන...
+ දැන් මැන්ටලේ කවද පත්තරේද බල්නනෙ...
- ඉරිද පත්තරේ ..අපේ ආච්චිලගෙ ගෙදරට ගන්නෙ ඉතිං ඉරිද එකනෙ..!
+ඊරියෙ මම ලිය්නනෙ අඟහරුවාද පත්තරේට.. ඉරිද බලල හරියනවද?? හනේ මෙහෙමත් ගෑනු.. මෙහෙම වුනටනෙ අපි ආදරේ කරන්නෙ.. දෙයියන්ගෙම පිහිටයි..
- අයියෝ.... වස ලජ්ජාව මම අම්මටත් කිය කිය හෙවුව අනේ මහ ලොකුවට... චැහ්.. හරි මම ඊලග පත්තරේ බලන්නම්...ආ මේ මට එක පොතක් ගේන්නවද ?
+ මොකක්ද ?
- මේ පාර සම්මාන දිනපු අර " කුරුළු හදවත" කියන පොත...
+ ඇයි සුදු නංගි.. ඒක මම ඔයාට දීල කොච්චර කල්ද ?? පරිස්සම් කරල තියාගන්න හොඳද !!
- කෝ.. බොරු කිය්නනෙපා අනේ ඔයා මට දුන්නෙ නෑ ඒකට සම්මානෙ හම්බුනේ මේ පාර බොරු විතරක් කියන්න එපා....
+ චික් විතරක් මෙහෙමත් එවුන්.. මොලේ මැටිද මන්ද ..!!!
============
අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙල ගානේ
ආදරෙයි මං ආදරෙයි...!
.
වදුලු සිරස පිපි මල් ගානෙ
විහඟ තුඩක කිචි බිචි ගානේ//
සිඹින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි....
.
පිපෙන මියෙන හිරු සඳු ගානෙ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං.. ආදරෙයි..
===
--කුරුළු--
song - https://www.youtube.com/watch?v=NufjK_wB2Q4

Subscribe to:
Posts (Atom)