Monday, September 15, 2014

== නිදන නින්දද මුදාහරිමින් අවදි කොට මා තබනවා තබනවා =මං ආදරෙයි මං ආදරෙයි=


.
-ටොක් ටොක් ‍ටොක්...!
+ හෙලෝ...
-ටොක් ටොක් ‍ටොක්...! කවුද ගෙදර
+ හෙලෝ හෙලෝ..
- මොනවද අයියෝ.. ගෙදරට තට්ටු කලාම හෙලෝ කියනවද ?
+ මේ නිකං ඉන්නව විකාර කරන්නෙ නැතිව..
- අපෝ විහිලු දන්නෙත් නෑ මෙයා.. ටොක් ටොක් කිවුවාම කතා කරන්න අප්පා.. ඔන්න ඔන්න අපි අ‍ායෙ කරමු හොදද.. හොඳ අයියනෙ.
+ හාං කරමුකො වදේ
- -ටොක් ටොක් ‍ටොක්...! කවුද ගෙදර
+ ගෙදර කවුරුත් නෑ.. යන අතක යන්න
- එතකොට ඔය කතා කරන්නෙ ගෙදර උලුවහුද ?
+ අනේ මේ නංගි තරහ අවුස්සනේනෙ නැතිව කියනවද මොකෝ කියල..
- අපෝ හරි හරි ඉතින්.. කෝ දැං පොත !
+ මොන ?
- මට ගෙනාව කිවුව !
+ ආහ් ඒක තියෙනව..
- කෝ පෙන්වන්න පින්තුරයක් එවන්න බලන්න වට්ස්ඇප් වලට
+ බෑ දැන්එවන්න බැ
- නැ නැ ඔයා ගත්තු එක අරං එවන්නකො බලන් මට බලන්න
+ අනේ සුදු නංගි මට සමාවෙන්න මට ඔයා කිවුව පොත ගන්න බැරිවුනා..
- ආනේ ආනේ දැන් ඉස්සල ගත්ත කිවුවෙ ‍මොකක්ද ?
+ බොරුවට.
- ඇයි බොරු කිවුවෙ.. ගත්තෙ නැ කියන්න එපැයි.. මම දන්නවනෙ පුතයගෙ හැටි.. එකයි මම පින්තුරයක් එවන්න කිවුවෙ..
+ හා.. ඒ වුනාට මම වෙන එකක් ගෙනාව..
- මොකක්ද ?
+ එක් තමා ලංකාවෙ වැඩිම කොටස් ගාණක් පලවුන.. වැඩිම මුද්‍රනයක් කරපු වැඩිම ප්‍රමාණයක් කියවන පොත.. මේ අවුරුද්දෙ කොපිය ගෙනාවෙ..
- අනේ සෝයි සොයි උම්මා.. ම‍ගේ  හොද අයිය.. කෝ ඉතින් මොකක්ද ඒකෙ නම..
+ මහ බැංකු වාර්ථාව..
- මොකා...ක්.. අනේ මේ.. හිතුවද මං මී හරකියක් කියල
+ හිතන්න දෙයක් නැනෙ..
- අයිය මේ.. සද්ද එපා ඇ අපි චන්ඩි හරිද ?? දැන් එව මේව බෑ.. හෙට යමු මාත් එක්ක බුක්ෆෙයා.. අරන් දෙන්න මට පොතක්..
+ හෙට බෑ..
- ඇයි බැරි..
+ පෙට්රල් ගහන්න සල්ලි නෑ..
- අපෝ ලෝබය.. කුණා.. ඇහුවෝත රෑ දොලහටත් වැඩ වැඩ.. එත් අතේ ස්ලලි නෑ..ඔවු ඉතින් අපිව එක්කන් යන්න තමා පෙට්රෝල් නැත්ත‍ෙ. ඔය ‍නෙට් එකේ කෙල්ලෙක් කිවුවෝත ඕන රවුමක් යයි..
+ පවුනෙ ඉතින් ඒ අය..
- මොකක්ද කිවුවෙ.. මේ මාව අඩවන්නෙපා හොදේ..!
+ නැ නැ අනේ විහිලුවට කිවුවෙ. සුදු නංගි..
- මේ කරනවනං වැඩක් තියෙනව..
+ මොකක්ද ?
- හෙට අපි දෙන්න මගේ බයිසිකලේ යමු..
+ මොන?
- පුස් බයික් එකේ අනේ..ඔයා දන්නෙ නැනෙ මේ සුදු නංගි ගම වටේ රවුම ගහන්නෙ ඒ යන්තරෙන් තමා ආ..ආයෙ කිරි කිරි බයික් එක.. පෙට්රෝල ඕනෙම නෑ.. රාවණාගෙ දඩුමොනරෙ වගේ.. මොකෝ අයියා කියන්නෙ ආ..
+ ඔවු ඔවු මම නොදැන්නවයැ..අර චූං පාං කරත්ත්තෙ වගේනෙ..ගමේම පොඩි උන් අවුස්ස අවුස්ස බෙල් එක ගහ ගහ ගම වටේ යනව කියල අපි දන්නව..අපිටත් නිවුස් එනව ඔය තුම්මං හංදි වල ඩෝං ගාල බිම බඩගානකොට.. හු හූ...
- ඇ..ං..... කවුද යකෝ මං වැටුන එක මෙයාට කිවුවෙ.. නෑ අනේ මම ‍මේ පොඩ්ඩක් ඉස්සරහ රෝදෙ උස්සල වීල් කලා .. චුට්ටක් ලෙස්සුව.. අර ඉස්සරහ කූඩෙ බරයිනෙ අනේ.. මේ එක නෙවේ.. යංකො අයියෙ.. ඔයා මාව තියං පාගන්න.. මම ඉඳගෙන ඉන්නම්...
+ අපෝ බෑ මට පාගන්න එච්චර දුර..
- ඇයි අනේ කොල්ලෙක්නෙ..
+ පාගන එක නෙවේ අවුල..
- එහෙනං
+ එච්චර දුරක් යනකං ඔයා පොල්ල උඩ ඉන්නකොට මට රිදෙනවනෙ.. මම කෝමද ඉවසං ඉන්නෙ..
- ඒ කිවුවෙ... ඔයාට කෝමද රිදේනනෙ.. මම ඉ්නනෙ ඉස්සරහනෙ
+ ආ.. හරි හරි ඒක ඕන නෑ.. හෙට බලමු එහෙනං බායි බායි..
- බෑ..බෑ.. බෑතත ඔට්ටුනෑ.. කියනවකො මට මොනවද ඒකෙ තේරුම..
+ මම ඒ කිවුවෙ කුනුහරුපයක්..ඩබල් මිනිං කතාවක්...
- ඊයා.............. ඔයා නරකයි..චී.... මට නරක එවුව කිවුවා.. කතා කරන්නෙ නෑ මම ආය‍ෙ..බලන්නකො මම හිතුව ඒක හොද එකක් කියල..
+ ආ හරි හරි දැන් දගලන්නෙපා.. මම පොත ගෙනත් දෙන්නම්.. බුදු සරණයි.. ආදරෙන් ඉන්න මම තියනව...
------------------------- ට්රීං................
+ හෙලෝ ඇයි නංගි ආයෙ ගත්තෙ..
- දෙයක් කියන්න අමතක වුනා ඒකයි
+ ඔවු කියන්න සුද නංගි
- මේ සුදු නංගිගෙ එකේ පොල්ලක් නෑ.. මැද්දෙ කරුවක් තියෙන්නෙ.. අයිය කැමතිනම් කකුල් දෙක දෙපැත්තෙන් දාල පැදතැකි.. මම තියනෝ..හූ..හූ......
+ උඹට මම.......... යකෝ මේකි නරක් වෙලා තියෙන තරම.. අහුවෙයන් ඈ...
=============
නොකී රහසක් මතකයේ හිද තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ගණදුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි මං ආදරෙයි..
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
.
පැතුම් වෙරලක සිතුම් රළ පෙල ඇදෙනවා
සිතග කැළඹිලි නගනවා හැගෙනවා
නිදන නින්දද මුදාහරිමින් අවදි කොට මා තබනවා තබනවා
මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
.
දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා සොයනවා...
======== විශාරද එඩ්වඩ් ජයකොඩි
------ කුරුළු---------
song - https://www.youtube.com/watch?v=ULY9dyDLo1w

Saturday, September 13, 2014

== වදුලු සිරස පිපි මල් ගානෙ - විහඟ තුඩක කිචි බිචි ගානේ == සිඹින සිඹින මඳ නල ගානේ - ආදරෙයි මං ආදරෙයි.... ==

.
- ඒයි මේ ෂ්..
+ ඇයි..?
- යන්‍නෙ නැද්ද බුක් ෆෙයා.,!
+ නෑ..
- ඇයි..
+ සල්ලි නෑ..
- සල්ලි ඕන නෑ යන්න අනේ.. ඔයාගෙ අර නංගිල ටික අරන් දෙයිනෙ.. ඔයා පෝස්ටුවක් දාන්න පොත් ලිස්ට් එක.. ඔයාව බලන්න ඇවිල්ල ඉඳියි ‍පෝලිමේ..!
+ මොන මගුලක්ද ... මම මේ යන්න විදියක් නැතිව ඉන්නව.. මෙයා මේ බම්මබු කියෝනව..
- නෑ.. නෑ.. පොත් ගන්න ඕන නෑ.. ගිහින් එන්න නිකං රවුමක්.. අඳුරන කෙල්ලෝ ඇතිනෙ.. ගිහින් බුක් ෆෙයා ගියා කියල පින්තුර අරං දානව.. පවුනෙ ඒ අයත්...
+ මේ මොකෝ අද ඇ‍‍ෙඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටෙ.. නැත්තං අම්ම හරි තාත්ත හරි බැන්නද ?
- ඔවු...!
+ ඒ පාර මොකෝ වුණේ..
- මම ක්ලාස් එකේ යාලුවො එක්ක බුක් ෆෙයා බලන්න යන්න ඇහුව.. එපා කිවුව...
+ හ්ම්.. දැන් ඒකද මේ මගේ පිටින් යැවුවෙ බැන බැන..
- ඇයි වදේ මම වෙන කාට බනින්නද ?/ හැමෝම මට බනිනව.. මට ඉතින් බනින්න ඉන්නෙ ඔයා විතරයිනෙ.. ඇත්තටම ඔයා යන්නෙ නැද්ද?? ඔයාට සල්ලි නැද්ද ??
+ හ්ම්.. මේ පාර සල්ලි නෑ.. ඒ නිසා නොයා ඉන්න හිතුව..
- එපා අයියෙ.. මම ඔයාට සල්ලි දෙන්නම්.. ඔයා ගිහින් එන්න.. මටත් එක්ක පොත් ටිකක් ගේන්න තෝරල හොඳද.. ඔයා පොත් කියවන්න ආසයිනෙ ගොඩක්..
+ හැමෝම අද යනව කිවුව..මටත් එන්න කියල කීප දෙනෙක් කතා කලා... බලමු මමත් ගිහින් එන්නම්.. මට සල්ලි එපා.. මම බලල එන්නම් පොත්.. මේ සල්පිල ඉවර වුණාම අපි දෙන්නම ගිහින් කඩේකින් ගමු.. !
- හ්ම් හා.. ගියාට කමක් නෑ නීති ටිකක් තියෙනව..
+ ඒ මොනවද ඒ !
- මේ ඔය ගැනු ළමයි " කුරුළු අයියේ කියාගෙන එයි දුවගෙන".. ඒ අය එක්ක හිනා වෙලා කතා කලාට කමක්නෑ.. ඔරවන් ඉන්නෙ නැතිව නපුරු කමට.. හැබයි පොටෝ ගන්නෙපා.. හොදේ සුදු නංගි ආස නෑ ඒකට.. හා ද ??
+ මම කෝමත් පින්තුර ගන්නෙ නෑනෙ... ඔයා දන්නවනෙ දරුවො...
- එක නෙවේ අර පින්තුරෙ ඔයා දැම්මෙ අර නලුවෙක් එක්ක ? ඒකෙන් ඔයා කෝ අනේ මට අදුරන්න බෑනෙ.. දෙන්නම එක වගේ අයියෝ..!
+ අනේ මේ යනව යන්න නිකං ජෝක් කරන්නෙ මට.. ලජ්ජයි අනේ.,!
-අප්පද බොල බලහල්ලකො කොල්ලගෙ ලජ්ජාව.. හික්ස්.. හිතේ ඇති නලුව කියල..
+ හිතේ තියෙනව තමා ඇයි මොකෝ ආ...
- නෑ ඉතින් හොදයි.. මගෙනෙ.... එක නෙවේ අයියෙ ඔයා පත්තරේට ලියනවනේද ? මම හැම දාම බැලුව මට හොයාගන්න බෑනෙ..
+ ඇයි තාම බැලුවෙ නැද්ද දැන් කොච්චර කල්ද ?
- නෑ අනේ මම හැමදාම පත්තරේ පෙරල පෙරල බලනව ඒත ඔයාගෙ පිටුව නැනෙ.. අපේ ආච්චිලගෙ ගෙදර ප්තතරෙන් බලන්නෙ..
+ ඇහ්.. මවුබිම පත්තරේ බලන්න අනේ..
- ඒක තමා ඉතින් බල්නනෙ.. අර අතිරේකෙ නේද.. මම හොදට බැලුව දැන් සති ගාණක් ඒකෙ නෑන...
+ දැන් මැන්ටලේ කවද පත්තරේද බල්නනෙ...
- ඉරිද පත්තරේ ..අපේ ආච්චිලගෙ ගෙදරට ගන්නෙ ඉතිං ඉරිද එකනෙ..!
+ඊරියෙ මම ලිය්නනෙ අඟහරුවාද පත්තරේට.. ඉරිද බලල හරියනවද?? හනේ මෙහෙමත් ගෑනු.. මෙහෙම වුනටනෙ අපි ආදරේ කරන්නෙ.. දෙයියන්ගෙම පිහිටයි..
- අයියෝ.... වස ලජ්ජාව මම අම්මටත් කිය කිය හෙවුව අනේ මහ ලොකුවට... චැහ්.. හරි මම ඊලග පත්තරේ බලන්නම්...ආ මේ මට එක පොතක් ගේන්නවද ?
+ මොකක්ද ?
- මේ පාර සම්මාන දිනපු අර " කුරුළු හදවත" කියන පොත...
+ ඇයි සුදු නංගි.. ඒක මම ඔයාට දීල කොච්චර කල්ද ?? පරිස්සම් කරල තියාගන්න ‍හොඳද !!
- කෝ.. බොරු කිය්නනෙපා අනේ ඔයා මට දුන්නෙ නෑ ඒකට සම්මානෙ හම්බුනේ මේ පාර බොරු විතරක් කියන්න එපා....
+ චික් විතරක් මෙහෙමත් එවුන්.. මොලේ මැටිද මන්ද ..!!!
============
අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙල ගානේ
ආදරෙයි මං ආදරෙයි...!
.
වදුලු සිරස පිපි මල් ගානෙ
විහඟ තුඩක කිචි බිචි ගානේ//
සිඹින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි....
.
පිපෙන මියෙන හිරු සඳු ගානෙ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං.. ආදරෙයි..
===
--කුරුළු--

song - https://www.youtube.com/watch?v=NufjK_wB2Q4

Sunday, August 31, 2014

===රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ==


.
- දැන් හරිද ඉතින්..
+ මොනවද හරි..
- දැන් අර මම දීපු ටෙඩියො ටික පින්තුරෙ දාල දැන් හරිද හුහ්..
+ ඉතින් මම දැම්මනෙ මට ලැබුන ඒව කියල
- එත් අර දැක්කනෙ එක එක්කෙනා ඉල්ලලා දාල තිබුනෙ..
+ ආහ් ඒ ඉතින් ආසවටනෙ..
- අනේ යනව යන්න. දීල තිබුනොත්නෙ.. ඒ මදිවට අර මම ආසම මගේ තඩි බ්‍රවුනිවත් ඉල්ලල හුහ්.. මම ඒයාලව හූරල හූරල දානව.. කොනිත්තනව මම...
+ මාව නෙවෙයිනෙ එයාලවනෙ . එහෙනම් කමක් නැ
- ඔවු එයාලව අයියට මම ආදරෙයිනෙ. අයියට තුවාල වෙනවට මම ආස නැනෙ..
+ මේ ඔච්චර ආසයිනම් මම ඔයාට ඒ බ්‍රවුන් පාට එකාව දෙන්නම්..!
- හා............ං............දෙන්න දෙන්න...
+ හා එහෙනම් ඊලග දවසෙ එනකොට මම අරන් එන්නම්...
- එපා එපා මට එපා
+ ඒ පාර මොකෝ..
- මට ගේන්න වෙනින් එකෙක්..! චොක්කො එකකුත්..
+ ඇයි වෙන එකෙක්
- නැ ඉතින් මේ මෙහෙමයි මම දැන් ඔයාව බැන්දාම ඔයා ගාවට එනව එතකොට එයත් මගෙ බ්‍රවුනිත් මගෙ..
+ අම්මට සිරි නරකම නෑ මෙයත් නේද !!
- මේඅයියෙ දැන් මම ආවම ඔයාගෙ ගෙදර ඔයාට බිම තමා නිදියන්න වෙන්නෙ.. මම ටෙඩියල සේරෝම ටික තියාගෙන ඉ්නෙ ඇද වටේටම මට එයාල නැතිව නැ..
+ මොකක් ? අනේ මේ ඔය වලස්සු වගේද පණ තියෙන වලස්සු !‍
- අනේ මේ යනව යන්න එයාලට මුකුත් නොකියා..
මොකෝ ඒ පාර උඩ බලන්න හිනා වෙන්නෙ..
+ නැමට වෙන දෙයක් කල්පනා වුනා..
- කියන්නකො.. කිය්නනෙකො
+ නැ ඕන නැ මම පස්සෙ කියන්නම්..
- බැ බැ බැ බැ දැන ්කියන්න .. දැන්ම කියන්න හොදේ මම තරහ වෙනවා කියන්න කියන්න ඉතින්..
+ඉන්නව දගලන්නෙ නැතිව.. මට කල්පනා වුනේ ඉස්සර අපි පොඩි කලෙ කියමවක් තිබුණ ගැනු ලමයි පොඩි කාලෙ ආස බෝනික්කොන්ටලු.. පිරිමි ලමයි ආස වීරයොන්ටලු.. ඒත් ලොකු වෙනකොට ‍ඒ දෙක මාරු වෙලා ගැනු ලමයි වීරයෝනට ආදරේ කරනවලු පිරිමි ලමයි බෝනික්කොන්ට ආදරේ කරනවලු..
- හානේ හරී ෂෝක්.. ඉතින් ඇයි හිනා වුනේ.. මට හිනා ගියෙ නෑනෙ..
+ නැ දැන් කාලෙ ඒක වෙනස් නංගි... දැන් කාලෙ පොඩි ගැනු ලමයි ආස පාරෙවල් වල ඉන්න වලස් පැටවුන්ට.. පිරිමි ලමයි ආස කොම්පියුටර් ගේම් වලට.. අවාසනාවට දැන් ළමයි ලොකු වුණාට ඒව මාරු වෙන්නෙ නෑ... පිරිමි ළමයි ලොකු වෙලත් ආදරේ ගේම් වලටමයි.. එත් මම කල්පනා කලේ ඇයි ගෑනු ලමයි ලොකු වෙලත් මේ වලස්සුන්ව බදන් ඉන්නෙ කියල..
- හ්ම්.. මම නම් ඉතින් මගේ වලහව බදා ගන්නෙ මම ආදරේ නිසා..
( ඇය මාගේ දකුණත ඇගේ දෑතින්ම බදා උරහිසට හේත්තු වූවාය )
- අයියෙ ඔයාට ඉතින් මට ආදරෙයිද ?
+ ඔවු..
- හරිනෙ ඉතින් එහෙනම් ඔයා ආදරෙයි බොනික්කෙක්ට.. මේ මම බෝනික්කෙක්..හොදේ.. ඔයා ම‍ගේ වීරයා... හරිනෙ.. අපි පරණ කාලෙ විදියට ආදරේ කරමු..
+ අපෝ මේ බැ බැ.. මම ආස නැ බෝනික්කොන්ට..
- ඇයී උන් සෝයි. අනේ ජිල්බෝල වගේ ඇස්... නිල්ම නිල් පාටයි මටත් ඉන්නව බාබිඩෝල් ල ගොඩක් මම ආසයි උන්ගෙ ඇස් වලට.. උන් නටවනව ඒ ඇස්.. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම
+හැ හැ හැ හැ කොහොම කොහොමද ??
( ඇය මදක් ඈත් වී මා දෙස බලාගෙන ඇස් කරකවයි..)
- ඔන්න බලන්න ඈ.. මෙහෙම මෙහෙම.. මෙහෙම මෙහෙම..
( මට තනිව සිනාය. මා ආදරේ කරන්නේ මේ හුුරතලයටය.. මා සමඟ ජීවතයේ මහා බර පතල් දේවල් කතා කරන්නේ ඉතා කලාතුරකිනි.. ඒ ඈට තාම ඒවා හුරු නැතිවා හෝ.. මා සැහැල්ලුවෙන් තැබීමට ඈ උත්සාහ දරනීය..)
+ නංගි දන්නවද ඒ බෝනික්කන්ට බෝල ඇස් තියේනනෙ ඇයි කියල.. හරියට ඔයාට වගේ
- නෑනෙ ඇයි ඒ.. මේ මේ මගෙත් ඒව ගේ බෝලද ඈ..
+ ඔවු ... ඔවු.. බොනික්කො ඉස්සලම හැදු‍ෙ ජපානෙ.. ඒ අයගෙ ඇස් පුංචියි.. ලොකෙම මිනිස්සු හිනා වෙනව ජපන් අයගෙ ඇස් වලට.. ඒ නිසා ඒ අය බොනික්කො හැදුව ලොකු ඇස් දාල.. එතකොට පොඩි ලමයි කවදාකවත් දැකල නැති ඒ ලොකු බෝල ඇස් වලට ආදරේ කලා..
- හානේ හරී සෝක්..
+ඒත් මම ආස නැ බොනික්කොන් ඒ උන් ඔයා වගේ නිසා
- ඒ කිවුවෙ... මම ලස්සනයිද ?? මම රෝස පාටයිද.. හුරතල්ද .. කියනවකො...
+අපෝ නෑ.. උන් වයින් කරාම කනක් ඇහෙන්න නෑ.. සමහර උන් අඩනව ඉවරයක් නෑ.. හරියට ඔයා වගේමයි...
- අනේ යනව යන්න නපුරා..!
==================
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්..
.
තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලගාව ඉන්න රත්තන් මගේ
‍.
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ
========== ටී. එම් ජයරත්න මහතා
--කුරුළු--



Thursday, August 28, 2014

==== සාගරයක ආදර රැලි හිතට එබී - දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී.. ==




.
මා බොහෝ වේලාවට වැඩ රාජකාරී බහුල පුද්ගලයකි..
ඒ තියෙන වැඩ අතරතුර මුහුණු පොතේ පෝස්ටු දැමීමද මේ වන විට ජීවිතයේ තවත් එක් රාජකාරියක් වී හමාරය.. ඒ මා නොලියා හිටිය දිනයක.. එක් සහෘදයෙක්
* කුරුළු අද ලිය්නනෙ නැත්ද ?
+ නෑ බං..
* අපෝ කවියක් දාන්‍නකො අන්තිම කවිය දැම්මෙ මීට පැය පහ මාරකට කලින් !
+ මොකක් ඔයාල ඒවත් ගණිනවද ?
* නැතිව මම මේ බලන්නෙ නිදියන්න කලින් ඔයාගෙන් පෝස්ට් එකක් කියවන්න. ලියන ඒව අඩු කරන්නෙපා කුරුළු.. අපි බලන් ඉන්නෙ හිත හදා ගන්න.. දිගටම හැමදාම ලියන්න .. ඔයාට පිනක් ඒක..
---- පිනක් වෙන්න පුලුවන් හැබැයි මේ අන්තර්ජාලයේ බිල පියවාගැනීමටවත් සල්ලි නැත්තං මේ ලියවිලි නුඹලාට පෙන්වන්න වෙන්නේ නැත. ඉතින් මටත් වැඩ කිරීමට සිදුවේ..! හොඳයි මම දිගටම ලිය ලිය ඉන්නම්.. හැබැයි අපේ ගේ ඉස්සරහ පිං කැටයක් තියල... ! කවි බලන ඔයාල කතා කියවන ඔයාල කැමති නම් ඇවිල්ල ඒ කැටේට කීය කීය හරි දාල යනවනම් ම‍ේග වියදම් වලට ඔන්න මම දිගටම ලියන්නම්..!!
-----
ඒ මේ කෙසේ වෙතත් මට මේ ලියවිලි නිසා රාජකාරි නිසාත් අතපසු වෙන්නේ සුදු නංගීවමය..!!
---
- ආ මිස්ට කුළුලු ඉන්නවද ??
+ නැ මිස්ට නෑ තාම -තාම මාස්ටර් කුරුළු
- අනේ යනව යන්න..!
+ මේ කවුද මේ කතා කරන්නෙ ..
- අපිව දැන් අඳුරන්නත් බෑනේද !
+ ම්.. ඉන්න බලන්න.. මේ කමලා වතීද ??
- මොකක් ! නෑ නෑ .. මම දයා වතී..
+ ආං හරි කට නම් ඒ වගේමයි..
- අනේ මේ යනව යන්න පණ්ඩිතය... මේ එක නෙව් මීට පස්සෙ මට නම් දානවනම් දානව හොද ලස්සන නමක් හොදද.. ගොඩේ නම් නැතිව..! එහෙම නැත්තං මාත් දානව ඔයාට සිරිපාල කියල ..
+ සිරි පාල.. ?? ඒ අපේ මල්ලිගෙ ගාව හිටිය ෆයිටර් මාලුවගෙ නමනෙ..!
- අයියෝ අයියටයි මල්ලිටයි දෙන්නටම පිස්සු මාළුන්ට දානවද අනේ එහෙම නම්.
+ඇයි නැත්තෙ ඔය අපි දැම්මෙ !.. ඌ යස අගේට කැමතියි ඒ නමට..
- මේ ඒක නෙවේ.. දැන් දවස් හතරකින් කතා කලේ නැත්තෙ ඇයි මට !
+ මම ? දවස් හතරකින් ඔයාට.. ඇයි ඊයෙත් කතා කලේ !
- ඊයෙ ! ඔවු ඉතින් ඊයෙ කතා කරන්න ඇති වෙන  කෙල්ලෙක්ට? මට නම් කතා කලේ දවස් හතරකට කලින්..!
+ මලා.. මට අමතක වුනානෙ..!
- හනේ හනේ අපිම නිසා හොඳයි..! දවස් හතරක් වෙලත් මේ අසරණිව ඉන්නවද බලන්නෙ නෑ.. ඉන්නව තව ෆේස් බුක් එකට වෙලා ලිය ලිය..
+මම වැඩ අනේ මම ලිය්නනෙ පරණ ඒව.. දැන් ලියන්නවත් වෙලාවක් නැ..
- පරණ ඒව දාන්න එපා අනේ මට ඒව කට පාඩම්.. මම බලන් ඉන්නෙ.. ඒව වැඩක් නැ මට ඔයාට ගහන්නෝන !!
+ මොකක් ! ඒ ඇයි..
- මට කරපු දේට.. මට ආසයි ගහන්න.. ඔයාට.. චටාස් ගාල - කම්මුලට..
+ නංගි ඔයාත් වාරියපොලද ??
- අනේ..... බෑ.. බෑ.. මට ඕනෙමයි ගහන්න.. මට ඔයාට ගහන්න බැරිනම් වැඩක් නැනෙ..!
+ පිස්සද පාර හිටියොත් ..අනික මම කාගෙන්වත් ගුටිකාල නෑ.. කවුරුත් මට අත උස්සල නෑ මේ වෙනකම්..!
- එහෙම බැ.. මට ආසාවක් ආව.. නරක් වෙන්න බැ හොදේ.. හොද ලමය වගේ මගෙන් ගුටි කන්නකෝ.. හරි එහෙනම් මෙහම කරමු.. ඔයත් මට එකක් ගහන්න.. මට අයියල‍ නැනෙ කවුරුත් මට ගහලත් නෑ.. ඔයා ගහන්න මට චටාස් ගාල..
+ අපෝ බෑ ඔයාගෙ මූනෙ පාර හිටියි.. ඔයා සුදුයිනෙ..
- බෑ ඔට්ටුව එහෙම තමා... හරි ආයෙ කිසි කතාවක් නැ හරිද !
+ හරි එහෙනම් ආයෙ හමුබුනාම
-අනේ ඉතින් එහෙනම් කවදාකවත් වෙන්නෙ නෑ.. කණ කැස්බෑව අහස බලනව ව‍ගේ වැඩක් තමා..ඔයා ඉතින් වැඩ ගොඩක් කරන කෙනානෙ.. ඔයා නැත්තං මේ රට වැටිල අනේ...
+අනේ යනව යන්න.. මම ආසයි වැඩ කරන්න..
- කොච්චර වැඩ කලත් සල්ලිත් නෑනෙ අනේ ඔයා ගාව..
+හ්ම් වැඩ කිය්නනෙ සල්ලි නෙවේ සුදු නංගි! ආත්ම තෘප්තිය !
- අනේ මේ එහෙම නෙවේ අපි දෙන්න බිස්නස් එකක් පටන් ගමු මම එන්ම් උදවුවට.. හොද ලාබ තියෙන බිස්නස් එක්ක මට කල්පනා වුනා...අපි ඒක කරමු..
+ මොකක්ද ?
- නෑ.. අර කන්ටේනර් එක.. ඒක ගෙනාව කෙනාට දැන් විකුණ ගන්න බැරිවනෙ ඇත්තෙ.. මම කතා කරල එයාගෙන් බාගයක් ඉල්ල ගන්නම්..
+ කුඩු !
- ඔවු අනේ.. ඊට පස්සෙ අපි දෙන් එකතු වෙලා ඒව පැකට් කරපු අර පොලිතින් වල දාල පොඩියට සැෂේ විදියට.. ඔයා ප්‍රින්ටින් දන්නවනේ ඔයා ප්‍රින්නට් එකක් ගහන්න..
+ ඊට පස්සෙ..
- ඊට ප්සසෙ අපි දෙන්න ගෙයක් ගෙයක් ගානෙ ගිහ්න විකුනමු.. " කුඩු.. කුඩූ... කුඩු.. කුඩූ.." කියල..
+ ඉතින් නංගි දැන් අපි එහෙම ගියාම කවුරුත් ගනිවිද අපෙන්..ඒචච්ර ඔන නැනෙ..‍ෙ ගවල් ගානෙ යන්න..
-ගනී අනේ.. නැත්තං කන්ටේනරයක්ම මොකටද ?
+පිස්සි මෝඩ කතා කියන්නෙපා.. හිරේ යන්නද හදන්නෙ!!
- එහෙනම් දැන් ඔය අනික් අයත් යන්නෙපැයි.. පිස්සුද අනේ එහෙම කාවවත් හිරේ දානනේ නෑ.. අපි වෑන් එකේ ගහමු බෝඩ් එකක් අත්‍යාවශ්‍ය සේවා කියල..
+ ආපෝ මේ මේ තියපිය ෆෙ‍‍ෝන් එක.. මටත් එක්ක ගුටි ක්න්න වේනනෙ මේකිව බැඳ ගත්තොත්..
-හ්ම් තියනව එහෙනම් මැට්ට.. අපේ අදහස් තමා මෝඩ.. නපුරුම නපුරුයි.. ඔය ගෙනාව කනෙත් ගේන්න ඇත්තෙ එහෙම විකුණනන්න තමා.. නැත්තං කන්ටේනරයක්ම ගෙනෙයි යැ.. ගාබෙට අහුවෙන්න ඇති.. එහෙනම් ඒ ගෙනාව කෙනත් මෝඩයි මට වඩා.... මම තියනව... බුදු සරණයි.. කෝල කලේ නැති වුනාට කමක් නැ..මැසේජ් එකක් හරි දාන්න... වෙලාවට කන්න..
+ආදරෙන් ඉන්න නංගි....
-----
ටිලිං........ං....... ( මැසේජ් එකකි..)
- me mam mooda katha kiwata kamak ne oya FB eke dannepa hodey. modaya. ussan yaieta passe eakatat mata thami duka.mata be polici geane enna.
---
මා ආදරේ කරන්නේ හුරතලේටය.. මේ මෝඩ කතා වලටය..! මේ දහසකුත් එක්ක වැඩ අතර මා සිනහ පුබුදන එකම හේතුව ඇයමය..!! අවාසනවට ඇය ජීවත් වන්නෙ මා තුල පමණි.. ඇය මාගේ හිතලුවකි... !
====
අඳුර ඉකි බිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ලගයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමී
සුවඳ තවම හිත ලග නිති නැතිව හිඳී
.
පිවිතුරු පෙම් බිඳකට මුතු කඳුලු වැටී
දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
-- සාගරයක ආදර රැලි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී..
.
මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳි
මින්දදයින් මා බලන්න නිතර එතී
-- හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුනා දුක සසර බැමී..
=====අසංක ප්‍රියමන්ත සහ නිරෝෂා විරාජනී පීරිස් මහත්ම මහත්මින්
---කුරුළු----


Thursday, August 21, 2014

==== මාතෘකාවක් නැති ලියවිලි ! ====



මා සිටියේ ආනාපානා කුණ්ඩලීනියේ දෙවන චක්‍රයේය...
මුලින්ම මදුරු මැසි කරදරය. පසුව වෙනාදට නෑසෙන සියම් ශබ්ද පවා කරදර කරයි.. යම් යම් අදිසි ශබ්ද ඇසීමත් - පුලුටු දුර්ගන්ධයන් පැතිරීමත් සිත තුල සිතිවිලි වේගවත් වීමත් සිරුරට දහදිය දැමීමත් මෙහි හැටිය...
මේ යක්ෂ හා ප්‍රේත ලෝකයෙන් බලපෑමක් එල්ල කල හැකි අවසාන අවධියයි.. මෙම චක්‍රයෙන් එලියට පිනූහොත් කිසිදු බාධකයක් නැත...
දිගින් දිගටම ආස්වාස ප්‍රශ්වාසයේම පසුවීමි... ඒද භාවනා රටාවට අනුවමය...
මඳ වේලාවකින් සියල්ල නිසොල්මන් විය... සමන් මල් සුගන්ධයත් සියම් වූ සීනු නාදයක් පමණකුත් ඇසෙන්නට විය... මා අතෙහි වූ වජ්‍රාව වෙනදාටත් වඩා බරකින් යුක්ත විය.. යම් සෙලැවීමක්ද දැනුනි..
බොහෝ දෙනා සිතනාකාරයට භාවනා‍යෝගී විම යනු මේ පවත්නා ලෝකයෙන් මිදී වෙනත් ලොවකට යෑමක් වැනිය.. ඇස් කන් නාසා සිරුර සිත නැති හිස් කදක් පමණැකැයි සිතති .. නැත.. එවෙ‍ේලෙහිට වනුයේ එකත්පස්ව සිටීමකි.. එනම් ඉදුරන් පහම එකකට කැටි කොට සිත අවදි කිරීමය.. වෙනාදටත් වඩා අනේක් ඓන්ද්‍රයන් සංවේදී වීමය.. නැතහොත් බාවනාව යනු ඓන්ද්‍රයන් මරා දැමීමක් නොව... සියල්ල වැඩි දියුණ වීමක්ය....
‍‍‍..
මා එල්ලාගෙන සිටි රුද්‍රාවද වෙනදා මෙන් නොව එහෙ මෙහෙ පැද්දෙනු දැනින...
මා හිස මුදුනින් ඉතා වේගවත් කිරණ භමණය වනුද දැනින.. කෙසේ වෙතත් හිසට කිසි රුදාවක් නැත... සෞම්‍යයි.. සනීපයි...
.
මා සිටි‍ මාගේ නිදි යහනේම භාවනායෝගීවමය... එය පද්මාසනයයි.. දෑත දෙදණ මතය.. දඹරැගිල්ල හා මාපොටැගිල්ල නවා ස්පර්ෂකරගෙනය.. අතක වජ්‍රාවය...
බාහිර වටපිටාවේ වෙනසක් දැනුන හෙයින් අඩවන් දෑස හැරීමි...
.
මා ඉදිරිපිට කෙනෙකි‍‍.. ! මා මෙන්ම පද්මාසනයෙන්ම හිඳ දෑත දෙදණ මත තබාගෙන හිදියි...
.
බියක් නැත... තැතිගැන්මක් ඇත....
.
+නුඹ කවුද ! මා ඇසීමි
- මා නුඹයි !
+ එසේ කෙසේද ???
- හ්ම්.. ඒ කිය්නෙ නුඹට දැන් මාව ඇහෙනව.. පේනව..!
+ ඔවු මට දැන් නුඹව පේනව ඇහෙනව...
- මම විශ්ණු
+ විශ්ණු කිවුවෙ ! දෙවියොද !
- ඔවු ! නුඹලා කියන්නෙ නම් එහෙම
+ හොඳයි මෙතෙක් දවස් මම නුඹට කතා කලා ඇයි ආවෙ නැත්තෙ.
- මම ආව හැමදාම නුඹටයි නොපෙනුනේ..!
+ ඇයි ඒ
- නුඹ අදයි තෙවැනි චක්‍රයට එලැඹුනේ.. එවිටයි අපව සුසර වෙන්නෙ
+ ඒ කිය්නනෙ නුඹ හැමදාමත් ආවාද
- ඔවු මම හැමදාම ආවා.. මම හැමවෙලේම නුඹ එක්ක හිටියා..
+ එහෙනම් ඇයි මට නුඹව දැන්නෙ පෙනුනෙ ඇහුනෙ නැත්තෙ..
-දරුවා මම මෙහෙම කියන්නම්.. ගුවන්විදුලියක රූපවාහිනි නාලිකා පෙනෙන්නෙ නැ.. රූපවාහිනියක ගුවන්විදුලි නාලිකා ඇහෙන්නෙ නැ.. ඒ කට හේතුව මොකක්ද..
+ ඒ තරංග සංඛ්‍යාත වෙනස් නිසානෙ.. අනික ගුවන්විදුලියක් හදන්නෙ ඒ තරංග අල්ලා ගන්න.. එතකොට රූපවාහිනියක් හදන්නෙ එ් අදාල චැනල් අල්ල ගන්න..
- අන්න ඒක තමයි.. හොදයි මට කියන්න.. නුඹලාගේ ඔය දුරකථන සේවා සපයන සමාගම් වල ඇමතුම් නුඹලාට ඇහෙනවද ? එක ඇමතුමක් ලබාගන්නාවිට තවත් ඇමතුම් ඒ තුල ඇහෙනවද ?
+ අනේ නැ.. අපි කතා කරන කෙනාගෙ හඩ විතරයි..
- හොදයි ඒ වෙලාවෙ කොච්චර දුරකතන සංවාද වෙනවා ඇත්ද ..
+ හ්ම් .. මිලියන ගානක්..කෝටි ගානක්..
- එත් කවදාකවත් ඒවා එකිනෙක සම්බන්ධ වේනනෙ නෑ.. නුඹලයි අපිත් ඒ ව‍ේග .. නුඹලා දෙවියන්ය කියන කොටස - අපි - හැම වෙලේම ඉන්නව හැම තැනමත් ඉන්නව.. හැබැයි නුඹලාට අපිව ඇහෙන්නෙ පෙන්නෙ නෑ.. ඒකයි ස්වාභාවය..නුඹලා අපිට කතා කරනව අපිට ඒක ඇහෙනව..ඒත් අපි කතා කරන එක නුඹලට ඇහෙන්නෙ නෑ.. අපිට නුඹලව පෙනුනට නුඹලට අපිව පේනනෙ නෑ.. ඒක හරියට ගුවන් විදුලියයි රූපවාහිනියයි වගේ.. අන්ක එක කොච්චර නාලිකා තිබුණත් එකට පැටලැවෙන්නෙ නැ.. හරියටම හරියන තුරු ඉන්න වෙනව
+ ඉතින් මොකද ඒකට කරන්න ඕන..
- මේ දැන් වගේ සිත දියුණු කරගන්නෝන.. ඒ කිය්නනෙ දෙපාර්ශවයවම එකම මට්ටමකට එන්න ඕන.. හරියට සංඥා හොයාගෙන කඳුමුදුනකට නගිනව වගේ වැඩක්..!
+ හ්ම් ..හොදයි.. මම කෝමද නුඹ විශ්නු කියල පිලි ගන්නෙ..
- ඒක නුඹේ රාජකාරියක් දරුවා.. පිලිගන්නවනම් පිලිගන්න.. නැති නම් නිස්සද්ද වන්න.. ඒකෙන් අපි දෙදෙනාටම වෙන සෙතක් නැ..
+ නුඹ ට පුළුවනිද මට උදවු කරන්න..
- ඔවු මම උදවු අවශ්‍ය හැමෝටම උදවු කරනව.. හැම‍ෝගෙම ලගින් ඉන්නව.. මට අඩගහන මට උදවු කරන හැ‍මොටම මම උදවු කරනව.. මේක ගනුදෙනුවක් පුතා..
+ හොදයි නුඹ කෝමද මම කතා කරනභාශාව කතා කරන්නෙ.. මේ නුඹේ ඇදුම් පැලදුම් වෙනස්නෙ..
- හ...හ..හ..හ.. නුඹ සිතන්නේ මට කොච්චර වයසයි කියලද.. පුතා නුඹලා අපව සිතුවම් කරන්නෙ නුඹලා තුල තියෙන භක්තියට.. ඒත් අපිත් නුඹලා වගේම කාලයට අනුව වෙනස් වෙනව.. අනික අපට භාෂා ඥානය නිතැතින්ම ලැබෙනව.. ඒ කොහෙම වුනත් දැන් නුඹත් මාත් කතා කරනවා නෙවෙයි අපි සිටින්නේ අදහස් හුවමාරුවකයි....
හොදයි මා යා යුතුයි.. නුඹත් ‍තෘතීය චක්‍රය අවධිකර ගත්තා පමණයි.. නුඹ මේ අවස්ථාවේ සිත පවත්වාගත හැක්කේ සිමාන්තික කාලයකට පමණයි.. නුඹට හැකි නම්.. දිගටම යන්න.. මම උදවු කරන්නම්තත නුඹ පතනා.. තත්වයට සිත ගෙන යාමට.. මා නුඹ්ත සමගම සිටිනවා..
+ හොඳයි.. මා උත්සාහ කරන්නම්...
( මා ඉදිරියේ වූ රුව බොඳ වී යනු දුටුමි....... නැවත දෙනෙත් පියාගතිමි.... ක්‍රමයෙන් සිරුර ලිහිල් කරමින් ධ්‍යානයෙන් මිදුනෙමි.. ඒ හෙටත් ඔහුව මුණ ගැසීමේ අටියෙි.. )
---කුරුළු--