Monday, March 24, 2014

=== අරා සිරි යහන් - නිදා වැතිරෙමින් - සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින් ==සුරා මල් පැණින් පොගා යුග ලවන් - පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්==

අනුත්තරා නැති හතරවෙනි දවස

.
ඔයාට මතකද අනුත්තරා දවසක් ඔයා මගෙන් ඇහුවා...
‘ඔයාව මට කොච්චර වටිනවද කියලා‘
‘මටත් වඩා ඔයාව වටිනව මං කිව්ව..‘
‘ඇයි එච්චර මාව වටින්නේ.‘
අනේ මංද සමහර විට ඒ ආදරේ නිසා වෙන්න ඇති, ‘මං හැමදාම කිව්වේ මම ඔයාට  ආදරෙයි කියල...

එත් ඔයා හැමදාම කිව්වේ..
‘මට තනියෙන් ඉන්න ඉඩදෙන්න , මම තනියෙන් ඉන්නවා මුලු ජීවිත කාලෙම‘
‘ඔයාට පුලුවන්නම් මට මොකද බැරි .,මමත් ඉන්නම් එතකොටවත් ඔයා පිළිගනී නේද මම ඔයාට ඇත්තටම ආදරෙයි කියලා‘ මමත් කිවුව
‘ඔයා තනිවෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද?‘කියල මම ඇහුවට ඔයා කිව්වේ..
‘නැහැ‘ කියල
ඒ වුනාට මං ඉරේෂගෙන් ඇහුවහම ඔයා කලින් යාලු වෙලා හිටපු කෙනා ඔයාට කරදර කරනවා කියල.මම එවෙලෙම කොල් කරල ඒක ඇත්තද කියල ඇහුවම ඔයා පිළිගත්ත.ඔයාම ඒක මගෙන් හැංගුව නිසා එදා මට ටිකක් දුක හිතුනා...මොකද මම ආදරේ කරන කෙල්ලගේ අතීතයෙන් මට වැඩක් නෑ.මොකද එයාගේ වර්තමානයයි අනාගතයයි දෙකම මම හින්ද..
එයා ඔයාගේ පින්තූරයක් තාත්තට පෙන්නනවා කිව්වම ඔයාට මතකද.
    මම එන්න හැදුවේ ඒ ප්‍රශනේ විසදන්න ඔයා ඉඩ දුන්නේ නැහැනේ..
මතකද....
    මම ආදරේ ගැන හැම පාරම ඔයා මට කිව්වේ....මම ඔයාගේ නංගි...මම අයියට වගේ ඔයාට ආදරෙයි කියලා...
මම හිනා වුනා ඒ දුකට, ඒත් ඔයා මට එහෙම හරි ආදරෙයිනේ කියල හිත හදාගත්ත...
අනුත්තරා ඔයාට මතකද...අපේ ඔට්ටුව...අළුත් අවුරුදු ලබපු ජනවාරි පළවෙනිදා...
ඔයාමයි ඔට්ටුව දැම්මේ මතකද?...ඉස්සර වෙලා අලුත් අවුරුද්දට සුභ පතන කෙනා ඉල්ලන දේ අනික් කෙනා දෙන්න ඔනේ...
මම එදා මුලු රෑම පන්සලේ ඉදලා හරියටම එකොලහයි පනස් පහට මගේ ඔරලෝසුව වෙලාව විනාඩි පහක් ඉස්සරහට  කරකවල එස්.එම්.එස්. කලා..
‘dan dolahai suba aluth awuruddak weawa’’’!’
කියලා...ඒත් මැසේජ් එක ඩිලිවර්ඩ් වුනේ පහුවදා , ඔයා මට එවපු එක එවෙලෙම මට ලැබුනා...‘
මතකද
මම හරියට දොලහට කෝල් කලා...ඔයා කිව්ව බාප්පත් එක්ක නිලා පත්තු කරනවා කියලා...මම එතකොටත් පන්සලේ...දින්නේ මම කිව්වට ඔයා පිළිගත්තෙම නෑ..මට ඕන වුනේ ඔට්ටුව දිනල ඔයාගෙන් ආදරය ඉල්ල ගන්න .කොහෙද  , ඔයා කිව්ව නේ දින්නේ ඔයා කියල , ඉතිං මං කට වහ ගත්ත...
    ඔයා දිනපු එකට තෑග්ග ඉල්ලුවේ හුගක් දවස් පහු වෙලා මතකද...ජනවාරි 9 වෙනිද....එදා ඔයා මගෙන් ඇහුව..
Aiya dinna nam monawada oney
...කියලා..ඔයා එතකොට.,
Mata one adare
කියලා..ඔයා එතකොට,
“Ne..ne.. adare nethiwa wena deyak illanna..”
මම - “ne..epa mata oyagen one adare withrai..denna berinam wena deawal epa..”
“oyata monada one ottuwa dinnata?”
ඔයා - “Hari  ayiya mama illana one deyak denawada?”
මම - “denawa..mama illanna kalin dena kenek misak dunnata passey illana kenek nemei…illanna ona deyak.”
ඒක අදටත් ඇත්ත නංගි
“ මම ඉල්ලන්න කලින් දෙන කෙනෙක් මිසක් !
 දුන්නට පස්සේ ආයෙ ඉල්ලන කෙනෙක් නෙමේ.. !

ඉල්ලන්න ඕන දෙයක්.. !
=====

පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්
හද සන්තනේ සදා සරණා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
.
නියාලුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොය එමි සිතින්
.
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින්
සුරා මල් පැණින් පොගා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්
.
==== http://www.youtube.com/watch?v=ecqqEzxVgjM
---- කුරුළු ---

Sunday, March 23, 2014

====== හිතන්නෙපා .. හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට ======මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට.. ========


-------අනුත්තරා නැති තුන්වෙනි දවස------
'
ඉරේෂා පුලුවන් හැම විදියටම මට උදව් කලා..
ඔයා දන්නවනේ,ඔයාගෙ හෑන්ඩ් ෆෝන් නම්බර් එක මට දුන්නෙත් එයා..දීල මට කිව්ව කතා කරන්න කියලා.....
මම කතා කලාට ඔයා උත්තර දුන්නේ නෑ..එස්.එම් .එස් කලා විතරයි.ඒ වුනාට ඔයා මට සැලකුවේ අයියා කෙනෙක්ට වගේ...මට ඊට එහා ආදරයක් ඔයාගෙන් ඕන වුනා...
දවසක් හිමාලි ඇවිත් ,
‘එයා ඔයාට කැමති නෑ.එයාට එක්කෙනෙක් ඉන්නවා..‘
කියල කිව්වහම මට දරාගන්න බැරි දුකක් ඇති වුනා.මම ඒක පෙන්නුවේ නැති වුනාට ඒක එහෙමයි...
දුකේදි හිනාවෙන්නේ, හිත ඇතුලෙන් අඩන මිනිස්සු කියල මේ ලෝකේ තාම තේරුම් අරන් නෑ..
ඒ වුනාට මම ගෙදර ඇවිත් ආපහු හිතුව..මම ෂාරුක් ඛාන් යැ..එක පාරටම කැමති වෙන්න පස්සේ හරියයි..කොල්ලෙක් ඉන්නව කියල කියන්න ඇත්තේ මගෙන් බේරෙන්න හිතාගෙන වෙන්න ඇති කියල මට හිතුනා..
ක්ලාස් එකේ අන්තිම දවස එයාට මතකද අනුත්තරා..අපේ කට්ටිය විභාගේ ඉවර වෙලා සින්දු කියන කොට ඔයා ඇවිත් මගේ ඉස්සරහම පුටුවක වාඩි වුනා..එදා සාරියක් ඇදල හරි ලස්සනට ඔයා හිටිය හරිම චාම්..මම ඒ චාම් ගතියට ආස කළා..
එදා ඔයාගේ සමරු පොතේ ලියන්න දීපු වෙලේ මම ලියන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි අනුත්තරා, සමරු ලියන්නේ වෙන්වෙන අයට.. මට ඔයාගෙන් එහෙම වෙන් වෙන්න බැරි නිසයි පොත ආපහු දුන්නේ..ඒත් ඒකට ඔයා තරහ වෙලා කියල ඉරේෂා කියපුවහම මම හොරෙන් අරන් නවි දෙකක් ලියල ආපහු දුන්නේ..මට සමාවෙන්න මම ඒ වෙලාවේ හිත රිද්දුව නම්..
අනුත්තරා ඹයාට මතකද ඒ කවි දෙක...
සදක් සේ ඔබ අහස් ගැබ මත
දෙනෙත් දල්වා සිටිනවා
පුංචි තරුවක් වී එදා මම සදට
ආදරේ කරනවා
ඔබේ දෙකොපුල සිඹිනවා...
සිහිනයක් වී ඇවිත් ඔබ මගෙ
දෙනෙත් අබියස මැවෙනවා
දරාගනු බැරි හදේ තනිකම
මොහොතකට හෝ නි‍වෙනවා
----------------
අද මගේ වෙලා මා ළග
නවතින්න සදවතී
මතකද එදා මං ඔයාගේ පස්සෙන් කතා කරන්න හිතාගෙන ගේට්ටුව ලගට ආව.ඔයා එතකොට කතා කරල කියපු දේ මට අද වගේ තාමත් මතකයි...
‘අයියා....මං ඔයාට ආදරෙයි..ඒත් මගේ අයියා කෙනෙක්ට වගේ ඔයාට මම සලකන්නේ..එතනින් එහාට මුකුත් නෑ ඔන්න...
මතකද...!!
ඔයා කියාගෙන කියාගෙන කියාගෙන ගියා...මම ඔහේ අහගෙන හිටියතමම එවෙලෙත් හයියෙන් හිනා වුනා.ඒ පස්සේ මහ හයියෙන් අඩන්න හිතාගෙන..
එහෙම කියල ඔයා ගියාට පස්සෙ මගෙ යාලුවො ඔක්කොම ටික මට විහිලු කලා...ඒත් මං ඔයාට, බනින්න නම් ඉඩ දුන්නේ නෑ..
කමක් නෑ අනුත්තරා...ඔයාට මාව ගැලපෙන්නේ නැතුව ඇති මට ....පිං නැතුව ඇති ඔයාව ලබා ගන්න ඒත් මං එස්.එම්.එස්. කරනවා ඒක නවත්තන්නේ නෑ..මං හිතා ගත්ත..
හිතන්නෙපා ..
===============
හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට..
.
මොන ගහේ පිපී තිබුණත් මල සුවඳයි නම් මට
එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට
ඇති අවසර තරමට...
.
උඹ කොහේ ඉඳන් පැතුවත් මගෙ උනුහුම බිඳකට
මද පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට..
සියොලඟ දැවටෙන්නට...!
==================
http://www.youtube.com/watch?v=zWZ8lhBAPA8
---කුරුළු---

Saturday, March 22, 2014

===== වියෝ වූ පසුවයි දැනේනේ ප්‍රේමයේ අභිමන් ===== හැඩු දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්....! ======

‘මේක මහ බොළද කතාවක් මම මේකට ආස නෑ.මම ආදරෙන් මට්ටු වුන කෙ‍නෙක්.ඒ නිසා මම ආදර කථාවලට කැමති නෑ‘
දෙහදක් ආදරෙන් කථාවේ තුන්වෙනි කොටසට ලැබුණ කමෙන්ට් එකක් ඒ...
ඇත්තටම ආදරේ බොළදයි ද? නැත් ද?
ඒක අපි එක එක්කෙනාට දැනෙන විදිහ...
‘ආදරේට කියන කථා බොළද වුනාට සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට“
නෑ ආදරේ බොළද නෑ අපි බොළදයි...ආදරේ කරන කොට අපි කවුරුත් බොළදයි...ඒක ඔයා පිළිගත්තත් නැතත් එකයි..
පුළුවනි නම් ආදරේ කරන දෙන්නෙක්ට හොරෙන් කිට්ටු වෙලා අහන් ඉන්න
මොනවද ඒ දෙන්න කථා කරන්නේ කියලා...නැත්නම් තමන් ආදරේ කරන විදිහ කරපු විදිහ ටිකක් මතක් කරලා බලන්න....බොළද නැද්ද....වයස ප්‍රශ්නයක් නෑ...තරුණ දෙන්නෙකුයි...ටිකක් වැඩිමල් ජොඩුවකුයි කතා වෙන දේවල් - ආදරේ කරන හැටි අහන්න...
වචන වෙනස් වෙයි...අදහස් වෙනස් වෙයි..මාතෘකා වෙනස් වෙයි...හැබැයි...කථාව බොළදයි...
නෑ කියනව නම් ඒ සම්බන්ධෙ මේ වෙන කොට නෑ...
මොකද අපි බොළද වුණේ නැත්නම් බොළද කථා කිය කිය කාලෙ කෑවෙ නැත්නම් දෙන්නටම ආදරේ එපා වෙනවා...එහෙම වෙලා ආදරෙන් හිත රිදුණාම...හිත හෙම්බත් වුනාම ඒ ආදරේට...ආදරේ කියන වචනෙට  - වෛර කරන්න පටන් ගන්නවා.....හේතුව තමන් බොළද නැති නිසා...ඒ නිසා ආදරේදි බොළද වෙන්න...කොහොම වුණත් කොයි විදහට හරි මේක කියවන එක මට සතුටුයි...
හැමෝටම ස්තුතියි !!
අදහස් වටිනවා...
සමාවෙන්න... බොළද වුනාට කථාව වෙනස් කරන්න බැහැ...මොකද මේක මම ගොඩක් කාලෙකට කලින් ලියපු ඇත්ත කතාවක්...මේ නම් - ගම් - ස්ථාන ඔක්කොම ඇත්ත...
සත්තයි....

 


අනුත්තරා නැති දෙවැනි දවස

.

ඔයාට මතකද අපි මුලින්ම මුණගැහුන දවස...
යූත් එකේ පන්තියේදි ඔයා නිල් පාට ටීෂර්ට් එකයි කලුපාට කලිසමයි ඇදන් හිටියෙ...
එදා ඔයාට දැක්කහම මට පුදුම ආදරයක් ඇති වුනේ.. ඒ කියන්නේ ...අනේ මන්ද..හරියට මං හොය හොය හිටපු කෙනා ලැබුණ වගෙ..මතකද..
මං හැමෝටම නැගිටලා තමන්ගේ විස්තර කියන්න කිව්වහම ඔයා වැරදි වැරදි, වෙවුල වෙවුල, ගොත ගගහ විස්තර කිව්ව...එදායින් පස්සෙ හැම සතියකම මං පන්තියට ආවෙ ඔයාව බලන්න....ඔයා ආවේ නැත්නම් මටත් පන්තියෙ ඉන්න බැරි වුනා...ඔලුවෙ ලොකු බරක් තේරුණා...මට තේරුන් නෑ ඒ ඇයි කියලා...
            මම හැමදාම ඔයාගෙ මූණ බලල හිනා වුනා.එත් ඔයා  එක දවසක්වත් මං දිහා බැලුවෙ නෑ...ඒ අහංකාරකමට මං ආස කලා..ඔයා පන්තියෙදි කතා කලේ එක වචනයයි නැත්නම් දෙකයි...
මම ඒ වචනෙට දෙකට හරියට ආදරේ කලා .මතකද දවසක් සදුන් මල්ලි ඔයාගේ කොණ්ඩෙන් ඇදලා කරදර කලා...
එදා මට කවදාවත් නැතුව කේන්ති ආව..හවස මම ඔයාගෙන් ඇහුව සදුන් කරදර කලාද කියලා..සමහර විට ඔයාට මතක ඇති ..ඔයා කිව්ව..
‘නෑ අයියේ එයා මගේ යාලුවෙක්‘ කියලා....ඒ වෙලාවේ මට හිතුනා, මට ඔයාගේ යාලුවෙක් වෙන්න බැරිද කියල...මං කොච්චර උත්සහ කලාද...මං හිතුව ඔයා ට්‍රිප් එක යන්න එයි කියලා.ආවනං...ආවනං..එදා මං ඔයාට කියනවා‘ මං ආදරෙයි‘ කියලා.ඒත් ඔයා එදා බැංකුවේ ඉන්ටවිව් එකකට ගියා කියලා මට උපුල් කිව්වා.එදා මං තනි වුනා..
ඊට පස්සේ මං පන්ති තිබුන හැම දවසකම ඔයා දිහා බලාගෙනම හිටියා..ඔයාගේ පුංචි වෙනස් වීමක් පවා මට දැනුනෙ ඒ හින්දා වෙන්න ඇති...දවසක් ඉරේෂා ඒක දැකල මගෙන් අහනවා,
‘මොකද දැහැමි අනුත්තරා දිහා බලාගෙන ඉන්නේ..කොල්ලට මොකක් හරි හිතිල වත්ද කෙල්ල ගැන..ඒව ඔට්ටු නෑ හරිද ..අනුත්තරා මගේ අයියට බන්දල දෙන්නේ..‘
            ඉරේෂා එහෙම කිව්වේ විහිලුවට වගේ වුනත් එදා මගේ මුලු හිතම කඩා වැටුන...මං ආදරෙයි කියල ඔයාට කොහොම හරි කියනවාතතමං හිතුව ඒකට  හොදම කෙනා ඉරේෂා ඊලග සතියෙ මං ඉරේෂට කිව්ව..‘
ජිවිතේ පලවෙනි පාරට මගෙ හිතේ අමුතු බයක් තිබුනා..මං හිත තද කරගෙන ගිහිං ඉරේෂට කිව්ව
‘මචං මං අනුත්තරාට ආදරේ කරනවා.පුලුවන් නම් එයාට කියන්න මාත් එක්ක ටිකක් කතා කරන්න කියල.එයා එක වචනයක් වත් කතා කරන්නේ නෑනේ බිම බලාගෙත්ත ගමන් මයි ඉන්නේ...කන්න ගියත් අර පුර්නිමා නංගිත් එක්ක විතරයි..අපිට කතා කරන්නෙවත් නෑ. අනේ ප්ලීස් ..මං මේ පලවෙනි වතාවටනේ මෙහෙම කිව්වේ‘...
‘ දැහැමි ...ඔයා ඇත්තටම මේ කියන්නේ‘
‘නැතුව මං උඹට බොරු කියල තියෙනවද? වෙන කෙල්ලො ගැන කියල තියනවද..?‘
මට විශ්වාස නෑ දැහැමි උඹ මෙච්චර දවස් කිව්වේ කෙල්ලෝ එපා කියලනේ?.
‘ඒත් දැන් ඔනේ ඒ අනුත්තරාව..නැත්තං එපා..‘
‘හරි මං ට්‍රයි කරල බලන්නම් කො...හැබැයි පුතේ කෙල්ලගෙ ටිකක් ගණං..‘
‘අපෝ..ඔව් මං දන්නවා මගේ දිහා නිකංවත් බලන්නෑනේ..හරි ආඩම්බරයි..‘
‘අනේ නෑ දැහැමි..අනුත්තරා හරිම අහිංසකයි.., මම සෙට්කරල දෙන්නම්.හැබැයි මට පොරොන්දුවක් වෙන්න ඕන..‘
‘මොකක්ද?..‘
‘නංගිත් එක්ක විහිලුනම් කරන්න එපා..ඒ කිව්වේ බොරුවට ආදරේ කියල ටික කාලෙකදි අත් හරින්නෙපා..පව් ඒ කෙල්ල හරි අහිංසකයි..මං උඔට කිව්වෙ, මගේ අයියට මං කතා කරන්න හිටියේ අනුත්තරාව..., මං අනුත්තරාට ඒත කිව්ව ...එකී මගෙ අයියව දැකලවත් නැතුව කැමති වුනා.මං හොද නිසා අයියත් හොද ඇතිලු හරිම අහිංසකයි..දැහැමි මං දන්නව මගෙ අයියට වඩා අනුත්තරාට හොද උඹ හැබැයි උඹ අර පොරොන්දුව මට වෙන්න ඕන..‘
‘ඉරේෂා උඹ තාම දැහැමිව තේරුම් අරන් නෑ...මට කිසිම දෙයක් කුලියට එපා.මං ගන්නව නම් ගන්නේ සින්නක්කරයට ඔප්පුත් එක්ක.නැත්නං එපා..‘
‘හරි අපි ට්‍රයි කරලා බලමුකො.‘
එල.... !!
==========
වියෝ වූ පසුවයි දැනේනේ ප්‍රේමයේ අභිමන්
හැඩු දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්....!
.
ඉවුරු දෑලේ ඉඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම බිහිසුණුයි චණ්ඩයි.. !
.
හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
......
========= 

Thursday, March 20, 2014

===== මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම් ===== හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්.. =====



අනුත්තරා නැති පළවෙනි දවස ..........



ඔයාට මතකද මම ඇක්සිඩන්ට් වුන දවස..
යූත් එකේ ඔක්කොම එක්ක ඔයා ආව මාව බලන්න... එදා මගේ ජිවිතේ ගැන දොස්තරලටත් විශ්වාසයක් තිබුනේ නෑ..
මතකද.... අනික් ළමයි ටික යනකං ඉදල මම ඔයාගේ අතින් අල්ලල මගේ ඇදෙන් වාඩිකර ගත්ත... ඒ ඔයාගෙන් ඈත්වෙලා හිටපු නිසා ලැබුණේ නැති උණුසුම ආදරය ආපහු මතක් කරගන්න...එවෙලෙ මං හරියට බයවෙලයි හිටියෙ...මම කවදාවත් කැමති වුනේ නෑ ඔයාට දුකක් දෙන්න.ඔයාට මතකද මම ඔයාගේ ඔලුව අතගාන ගමන් කියපුව...
‘අනුත්තරා ඔයා දන්නවනේ මේ ඔපරේෂන් එක සාර්ථක වුනොත් විතරයි මම ජිවත් වෙන්නේ...නැත්තං නෑ.. සමහර විට මගෙ එක පැත්තක පණ නැතුව යයි කියල ඩොක්ටර්ස්ලා කියනවා..‘
‘මට ඔයාට කියන්න දෙයක් තියනවා අනුත්තරා..‘
‘කියන්න ඉතිං.... නැත්නම් මං ගියහම හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව‘
‘අනුත්තරා බැරිවෙලා හරි දොස්තරවරු කියන විදියට මගේ පැත්තක් පණ නැතිවුනොත් ඔයා මොකද කරන්නේ.‘
‘මොනවා කරන්නද ඉතිං හිටිය වගේම එයත් එක්ක ඉන්නවා..ඇයි හිතුනද ඔයාව දාලා යයි කියලා.මේ කෙල්ල එහෙම නැ අයියේ..මට පුලුවං විදියට මම ඔයාව බලා ගන්නම්...‘
‘එපා අනුත්තරා මම එයා ඔහොම කියයිකියලා දැනගෙනමයි ඇහුවේ..එපා ..බැරි වෙලා හරි දොස්තරල කිව්ව දේ වුනොත් ඔයා ගෙදරින් ආව යොජනාවට කැමති වෙන්න..‘
‘අනේ අයියා ප්ලීස් ඕක නවත්තන්න....මාව අඩවන්නද හදන්නේ?
‘නෑ අනුත්තරා මං ඔයාට එන්න කිව්වේ මේක කියන්නමයි .සමහර විට මං මැරුණොත්...‘
‘එපා මං යනවා යන්න මෙතනින් ඔයා හරි නරකයි අයියා..‘
අඩාගෙන යන්න හදපු එයාව ආපහු ඇදලා ගත්තා ඔයාට මතකද...
බැරිවෙලා හරි මට මොනවා හරි වුනොත් මම කියපු විදිහට කරන්න මම දැන්ම ඔහොම කිව්වේ මට සමහර විට ආයෙ අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙයි.. මං කැමති නෑ අනුත්තරා ඔයා පණ නැති මිනිහෙක් බැදලා ජිවිතේ කාලකණ්නි කරගන්නවට.මං කැමති ඔයා සතුටෙන් ඉන්නවා දකින්නයි..මට හැමදාම ඔන වුනේ ඒක..මට පොරොන්දු වෙන්න මට මොනවා හරි වුනොත් ඔයා ගෙදරින් ගේන යොජනාවට කැමති වෙනවා කියලා..‘
‘අයියා එයා දුකින් ඉන්න කොට කොහොමද මම සතුටින් ඉන්නේ..අපි දෙන්නම සතුටින් ඉමු..හරි අයියා ඉස්සෙල්ල බලමුකො ඔපරේෂන් එකට මොකද වෙන්නේ කියලා.මට දුකයි ඔන්න අද ඔයා මාව  ඇඩෙව්වා...‘
එහෙම කියාගෙන ඔයා චුටි නංගි ගාවට ගිහින් හොදටෝම අඩනවා මං බලාගෙනයි අනුත්තරා..මට සමාවෙන්න ඒ වෙලාවේ මට කරන්න වෙන දෙයක් තිබුනේ නෑ මම එදාඑහෙම කිව්වෙ ඔයාට ආදරේ නිසා..!
මගේ ඔපරේෂන් එක සාර්ථක වෙලා මං ගෙදර ආව දවසේ වැඩියෙන්ම සතුටු වුනෙත් ඔයා කියල මම දන්නව මට ආයෙ වැඩකරන්න  පුලුවං වෙච්ච එකෙන් මං සතුටු වුනා..ඒ මොකද මම හිතාගෙන හිටියේ ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඔයාලගෙ ගෙදර එන්න...
            මට එහෙම ආදරෙන් හිටිය ඔයා කෙහොමද එහෙම එකපාරටම වෙනස් වුනේ..? එදා ඔය චුටි නංගිත් එක්ක ඇවිත් ඔයාගේ වෙඩින් කාඩ් එක මගෙ අතට දෙනකොට ඔයාට දුක හිතුනේ නැද්ද..?

“ මම ගලක් කියලද හිතුවෙ.එහෙම නැත්නම් ඔයා ගලක් වෙලාද ? ....අනුත්තරා.....
එහෙම නැතිනම් වටේ ඉන්න අයගෙ අත්වල තියෙන ගල් වලට බයෙන් ද ඔයා එහෙම කලේ !!
මට මේක හීනයක්  වගේ...සතියකින් ඔයාගේ වෙඩින් එක තිබුනා..ඒ කියන්නේ ඔයා බදිනවා ඔයාගෙම ආදරේ අයියව නැතුව වෙන කෙනෙක්ව...මට පිස්සු හැදෙයි අනුත්තරා ....මට ඔයත් එක්ක කතා කරන්න එකම එක අවස්තාවක් ලැබුනා නම්....
ගතින් ලෙඩ වුණාම ඕන තරම් මිනිස්සු අපි වටේ ඉන්නව.. බෙහෙත් කරනව.. අපිව බලාගන්නව .. අනුත්තරා.. ඒත් අපේ හිත ලෙඩ වුණාම !!!!
ඒක කවුරුත් දන්නෙත් නෑ.. ඒක සුව කරනන් බේතුත් නෑ.... !!!!

මට මතක් වුනේ මගේ සහෝදර තිලිණ ප්‍රියාලාල් ලියපු කවියක් !

එකට ඇවිලුණු
එකම ගින්දර,
හීන් නූලෙන්
අපට ලංවෙති. .

මගේ ඉරණම
අසා ඵල නැත,
සබඳ ඇය නම්
මල් වෙඩිල්ලකි. 


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගලෑ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...
.
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
.
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිලිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්..
====== 

--- කුරුළු ---

=== එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට ====අදයි අවසන් දවස ======ඇගෙන් මා - මගෙන් ඈ සමුගන්න.======



*** අනුත්තරා දකින අන්තිම දවස ****
.
මේ අනුත්තරා පිස්සුද ? ..අර සමීරත් බලං ඉන්නවා..මිනිස්සුත් බලං ඉන්නවා....මොනවද වෙලා තියෙන්නේ...ඇයි දරුවො මේ අඩන්නෙ ... ඔයා දැන් මගේ නොවෙයි..මං දැං ඔයාට ආදරේ නෑනේ..යන්න සමීර ලගට..‘
අනුත්තරා... හිස එසැවීය...!
‘ඒක ආපහු කියන්න අයියා...ආපහු කියන්න...ඔයා මට ආදරේ නෑ කියලා කියන්න...‘
එවර මගේ ඇස් මට චපල විය.කොහේ දෝ ඉතිරිව සැගවි තිබුණු කදුළු කැට දෙක තුනක් මගේ අවසරයක් නැතිවම ඇස් දෙකින් පිටව අනුත්තරාගේ මුහුණට වැටිණ..
‘මට බෑ අනුත්තරා මට බෑ බොරු කියන්න..ඒ වුනාට අනුත්තරා ඔයා නීතියෙන් මගේ නෙමේ ...සමීර මචං මේ අනුත්තරාව ගේ ඇතුලට එක්ක පලයං...මචං‘
පිරිමියෙක් විදිහට සමීරත් මේ වෙලේහි අසරණව සිටිනු මම දුටුමි.. එහෙත් මට කල හැක්කක් නැත. ඉතිරිව ඇත්තේ එතැනින් ඉවත්ව යෑම පමණි.
ඒද දැන් සුදුසු නැත...
‘අනේ අයියා..මං ඔයාට ආදරෙයි මම ඔයාගේ නපුරි නෙමෙයිද?..‘
‘මම දන්නවා අනුත්තරා..ඒත් ඒ අතීතය..වර්තමානය වෙනස් ඒක ඔයාට හිතන්න තිබුනේ කලින් දැන් පරක්කු වැඩියි..ඔයාට සුභ අනාගතයක්..‘
සමීර පැමිණ අනුත්තරාව ගේ අතුලට රැගෙන යද්දී මට තවත් එතැන රැදී සිටීමට නොහැකි විය..‘
‘මචං එහෙනං ඔක්කොමට කියන්නේ ...එදාට  ඔක්කොම එන්න ඕන..මට තවත් මෙතන ඉන්න බෑ මං යනවා..වෙනද මං කිව්වේ ගිහින් එන්නම් කියලා ඒත් අද මං ගියහම ආයේ එන්නේ නෑ..මං යනවා...මං යනවා..‘
අනේ දැහැමි අපි ඒක හිතලා කිව්වේ නෑ...අපි දන්නවා උඹ...‘
‘නෑ කමක් නෑ ..මං බලන් ඉන්නම්..මං යනවා..හැමෝම හිනා වෙලා ඉන්න ඔනේ ඉස්සර වගේ තේරුණාද ..එහෙනම් දැහැමි යනවා.. !
    එතැනට සමුදුන් මම නැවත වරක් අනුත්තරාගේ චුටි නංගි, ලොකු නංගි, දිනේෂ් මල්ලී, ලොකු නැන්දා, අමන්දා , අමන්දාගේ අම්මා මුන ගැසි ඔවුන්ටත් සමු දුන්නෙමි.මම ඔවුන්ට ආරාධනා පත් දෙන විට ඒ මගේ වෙඩින් කාඩ් යැයි සිතා දෝ සිනාවී භාරගත්හ.එහෙත් ඒ ආරාධනා පත වූයේ මාගේ සමුගැනීමේ සටහනයි !
ගෙදර ගේට්ටුව ළගට විත් හැරී බලා අත වැනීමට සැරසුනු මට ..චූටි නංගි ලියුම් කවරයෙන් කාඩ් එක ලෙන කියවා එතනම ඉද හඩනු මට පෙණුනි.එසවු අත වනාගත නොහැකිව යලි බිම දැමුවෙමු....අවුරුදු ගණනක් මා සමග සිට මා ආදරය කල අනුත්තරාගේ ලෝකයෙන් එලියට පලමු පියවර තබා නිවස බලා ඒමට පිටත් විමි...
    දැහැමිට තව ඉතිරිව ඇත්තේ ස්වල්ප දින ගණනකි....මාර්තු 31 පසු දැහැමිගේ චරිතය අවසන් වනු ඇත.වෙනත් නමක් වෙනත් ස්වරූපයක් ලැබේ.මා හට ඇති මේ දින කීපය තුල සියල්ල අමතක කළ හැකි වුවත් සියල්ලන්ම අමතක කළ නොහැක.
ඒ අනුත්තරාය...
මගේම අනුත්තරාය...මක් නිසාද යත් මම අනුත්තරාම වන බැවිනි..,කෙසේ හෝ ඇයට සමුදිය යුතුව ඇත.ඒ සදහා අප දෙදෙන තනිවූ තැන්, කතා කල තැන්, ඇවිද ගිය තැන්, වලට නැවත තනිවම යායුතු යැයි සිතේ. එවිට මා තනි බව මා සතුව ඇති පාළුව මට කියනු ඇත.ඒ ගමන හෙටම අරඹන්නෙමි.
    මුලින්ම විහාරමහා දේවී උද්‍යානය, ජාතික තරුණ සේවා සභාව, කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාව, ගාලු මුවදොර පිටිය, දෙහිවල සත්තු වත්ත, බියගම වෝටර් වර්ල්ඩ්, සෑම තැනකටම යා යුතුය.මා තනි බව මටම දැනෙන්නට හැරිය යුතුය.කෙසේ හෝ ඉදිරි දින හත තුල අනුත්තරාව අමතක කළ යුතුව ඇත...එය මට කළ හැකිද?...
ලෝකයේ කවදා හෝ පිරිමින්ටත් ආදරය කළ හැකි බව පිළිගනු ඇත.එදාට මගේ ආදරයට සාධාරණයක් ලැබෙනු ඇත..
එතුවක් දැහැමිලා නැවත බිහි නොවේවායි පතන්නෙමි..

මා අනුත්තරාට ආදරය කිරීමට සිතත්දී මෙතරම් දුරට නොසිතුවෙමි.. ඇත්ත..
“ ජීවිතේ කියල කියන්නෙ ආදරේ විතරක්ම නෙවේ වුණාට ...
ආදරේ කියල කිය්නනෙ මුළු ජීවිතේම. “
මා ආස කරන, නිතරම මුමුණන, ආරාධනා පත්‍රයේ ද මු ණය කළ කවිය මෙවෙලෙහිද සිතව නැගේ...
බටහිර අහසට රතු සිත්තම්     මැකුණාවේ
දෙනෙපත හඩන හිරියා මල්     පිපුනාවේ
මා ආදරය දුටු බව නොම     හැගුනාවේ
මා නැති කලෙක උන් සුවදක්     දැනුනාවේ
==================
එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා - මගෙන් ඈ සමුගන්න.......
.
සැදෑ තරු නොදිලෙන්න සරාසඳ නොනගින්න
වෙලී යුගඳුරු සතර අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී .....මිදී නැවතී ඉන්න...
.
ලිය මඩලු තුරු සිරස එපා මල් පළදින්න
වසන්තය නිමාවිය කොවුලනේ ගොලු වන්න
සොබාදම් නෑ සියනි සැලී..... සැලී කම්පා වන්න... !

http://www.youtube.com/watch?v=VIl9CJSQCPM
=====
----කුරුළු ---