Monday, February 3, 2014

= " නුඹ" එනවද සබඳ හෙට ! ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට.. =



ජීවිතෙ කොයි තරම් බරදැයි නුඹට මට
විමසන එවුන් හට කියලම ගෙවිල කට
යනකොට නිදහසේ අවුරුදු හයක් හැට
අපටත් නොදැණි බිම ඇණිලද අපගෙ හොට
.
නිදහස කොයි තරම් දැනුනද හිතට මට
ආපසු හැරිල බලමුද අපි පසුව " හෙට "
ඉඳහිට හන්දි වල තාමත්  කාසි කැට
හොළවන එකට හේතුව නුඹ කියන් මට
.
මොනවම වුණත් මේ පල්ලට ගියපු රට
අල්ලට සිඟන තරමට යා නොදී වැට
බඳිනට කවුද ? " නුඹ" එනවද සබඳ හෙට !
ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට..
--කුරුළු--

පින්තුරෙ නෙට් එකින්

Thursday, January 30, 2014

=== නුඹගෙ කඳුළැලි “අළු “ ද හිතවත ===



බොහෝ විට මගෙ
නිදන ඇඳ යට
පණ අදින දුම්වැටි
වැටී ඇත
මූණ රතු කරමින්
විටින් විට
හති ලමින් දුම්
වළලු නංවත
.
ෆිල්ටරේ දෙතොලත
තබාගෙන
උරා මුළු සාරයම
බිවුවද
දැවී දැවී අළු බවට
පත්වෙනු
මිසක් කෙඳිරිලි
හඬක්වත් නැත
.
ඇඟිලි කරුවට
බඩම හිර කර
මූන පුච්චා පස්ස
උර උර
මගෙ සුසුම් දුම්
බවට පත් කල
නුඹගෙ කඳුළැලි
“අළු “ ද හිතවත
.
පපුවෙ දුක් බර
තුනී කරවා
නේක විධ
වර්ණයන් තවරා
සියුම් අළු පැහැ
දුමට හරවා
ගන්න නුඹ හැර
කවුද මිතුරා..
--කුරුළු--

Tuesday, January 28, 2014

===== දෙවියනි ඔබත් මෙසේ නම් - මා කට මෙ දුක පවසන්දෝ ==== ඇය මට දුන් මේ කඳුලැල් - ඔබ ඇයිද නාඳුනන්නේ..===== .


- ෂ්.... මේ...ඒ.... කුළුලු අයියෙ....
+ ඇයි ඒ පාර මොකෝ..
- පුස්නයක් !
+ කියනව බලන්න..
- දෙයියො ඉන්නවද !
+ ඔවු ඉන්නව...කියන්න මම අහගෙන ඉන්නෙ..
- අයියෝ නෑ අප්ප..... මල කෝලම... දෙයියො ඉන්නවද කියල ඇහුවෙ මේ ලොකේ...
+ මේ ලොකෙ නෑ වෙන ලො‍්කෙක ඇති....
- නෑ අප්ප මට හරි ප්‍රස්නයක්නෙ ඒක....
+ මෙහෙමයි සුදු නංගි ඔයා දෙයක් එහෙමයි කියල විස්වාස කලොත් එහෙමයි නැත්තං එත් එහෙමයි... වෙනස තියෙන්නෙ ඔයාගෙ විස්වාසය මත පමනයි..
- එහෙම වෙන්න බෑනෙ අයියෙ එතකොට ඉස්සර කාලෙ ඉදන්ම දෙවියො ගැන කතා කල තියනෙවනෙ මිනිස්සු ඇදහිලි විස්වාස තියෙනවනෙ..
+ හ්ම් මම අපේ පන්සලේ හාමුදරුවන්ගෙන් ඇහුව..ඕකම නංගියො...
- මොකෝ කිවුවෙ...
+ දෙයියො ඉන්නවලු... හැබැයි අපි ඔය රෑප කායක් දීල තියෙන විදිහට නෙවේ වෙන්න ඇතිලු.. ඒක විස්වාසයක්.. මෙහෙම හිතමු.. අපි ජීවත් වෙලා ඉන්නකම් අපිට උදවුවට අපි කාටහරි දුක කියනව.. අම්මට අප්පච්චිට, යාලුවෙක්ට, නෑයෙක්ට... හරිද ඉතින ඒ වෙලාවට එයාඅපිට උදවු කරනව.. අපි උදවු ඉල්ලන්නෙත් එහෙම අයගෙන්නෙ ඒ කිය්නනෙ අපිට උදවු කරයි කියල හිතන අයගෙන්නෙ...
- ඔවු ඒක ඇත්තනෙ...
+ හොදයි හිතන්න‍ොක ඔය කට්ටිය මිය ගිහිල්ල අපි තනි වුන දවසකට.. අපි ‍මොකෝ කරන්නෙ.. ! අපි එත් කරන්නෙ අර මිය ගිය සොහොන ලගට ගිහිල්ල හරි එහෙමත් නැත්තං හරි පහනක් තියල හරි අර කෙනා මතක් කරල උදවු ඉල්ලනව... සමහර වෙලාවට දෙවියො එහෙම වෙන්න ඇති...
- හ්ම්...
+ සිංහල දෙවිවරු වෙනස්නෙ මහසෙන් දෙයියො- රංවල , බංඩර, වගේ එක එක දෙවිවරු විභිෂණත් හිටපු මනුස්සයෙක්නෙ.. ඒ වගේ ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සුන් උදවු කරපු අයගෙන් මිනිස්සු මැරුණාමත් බලාපොරොත්තු වෙනවනෙ...
- අනේ යන්න අනේ ඔය කියන දෙවියො නෑ බොරු.. මම කොච්චර දේවල් දෙයියොන්ගෙන් ඉල්ල තියෙනවද එකක්වත් දුන්නෙ නෑ....
+ ඉතින් ඔයා හරි කෙනාගෙන් ඉල්ල නැතිව ඇති.. දෙවියොන්ගෙත් අමාත්‍යංශ තියෙනවනෙ.. නුවණ - ගණපති , වාහන - කතරගම දෙවි , දරුවො - පත්තිනි අම්ම, අන වින - කාලි අම්ම, ශක්තිය ධෛර්ය - දැඩිමුණ්ඩ, කලාව - සරස්වතී, ධනය - ලක්ෂ්මි.. ඔන්න එය වගේ හරියන කෙනාට කියන්න අනේ එතකොට හරි..
- ඉතින් මම කෝමද තෝරගන්නෙ !
+ හ්ම් ඒක හොද ප්‍රස්නයක් අද කාලෙ ඉතින් " දෙයියෝ කැමති වුණත් පූසාරි අකමැතිනම් " මුකුත් කරන්න බෑනෙ....
- අයිය කාහොම කිවුවත් දෙයියෝ මම ඉල්ලන කිසි දෙයක් දීල නෑ....
+ දෙයියො අපි ඉල්ලන හැම දේම දෙන්නෙ නැ සුදු නංගි- එහෙම හැමදේම දුන්නොත්
අපිට "දෙයියො " න්ව අමතක වෙලා යනවා.. අනික අපි පන්සලේ පවුමක කරඩුවට මාලයක් දාල ඉල්න්නෙ කෝටියක් වටින දෙයක්නෙ.. දෙයියෝත එක්ක අපි කරන්නෙ ගනු දෙනුවක්.... ඒක වැරදියි.. දෙවියන් ඉන්නෙ අපේ හිත ඇතුලෙමයි.... ඒ දෙවියො ඔය අපි දකින රෑප වල ඉන්න අය නම් නෙවේ...
- ඉතින් දෙයියො අපි එක්ක ඉන්නෙ එයාලට පින් ගන්නනෙ.. හරි නරකයිනෙ ඒක.. බොරුවට අපිට උදවු කරල පින් අරගන්නව.. එහෙම බැලුවොත් පින් කරානම් හරිනේද ?..
+ දෙයියො කොහොම වුනත් පින් කරන එකනම් හොදයි.. එක අතකට ඒකත් හරි දෙවියො නෙවේ කවුරු වුනත් නංගි තමන්ට ලාබයක් නැතිනම් අපිට උදවු කරන්න පෙළබෙන්නෙ නෑ....
- හලි හලි එහෙමනම්.. අයිය අයියගෙ වැඩක් කරගන්නකො.. මට උත්තරේ හම්බුනා..
+ හරි අපි එහෙනම් ඊලග දවසෙ නවගමු පත්තිනි දේවාලෙ යමු එතැන ඉන්නව දෙවිවරු හැමෝම අපි කතා කරමු ඒ අය එක්ක...
- හෑ.. ඇයි එතැන ද ප්‍රාදේශීය කාර්යාල ටික...
+ ෂ්..... කට වරද්ද ගන්න එපා කෙල්ලෙ.. කොහොම වුනත්. මම එකක් කියන්නම්..
" නොපෙනෙන දෙයියොන්ට පින් දෙනවට වඩා හොදයි. පෙන්න ඉන්න මිනිස්සුන්ට පවු නොදී ඉන්න එක.. "
- හු හු.. පන්ඩිතයා.. ගුඩ්නයිට්.. කුළුලු.. පැට්ටෝ......
+ දෙයියන්ගෙම පිහිටයි.....

******* ඒ ඉස්සර.... ඔයා .. දැන් ???? දෙයින්ටවත් පේනනෙ නැතිව ඇති අපිව. බාගදා ඔයා දෙයියොන්ගෙන් ඉල්ලන්න ඇත්තේ මාව නෙවෙයි වෙන්න ඇති.. ඔයා හරි සුදු නංගි ..
දෙයියො අපි ඉල්ලන හැම දේම දෙන්නෙ නැ !!
=================
දෙවියනි ඔබත් මෙසේ නම් - මා කට මෙ දුක පවසන්දෝ
ඇයි මට දුන් මේ කඳුලැල් - ඔබ ඇයිද නාඳුනන්නේ..
.
මිනි කිකිණි පිපුණ පාදේ - වැහි බිංඳු ගීත ගැයුවා
සඳ වලා අප්සරාවෝ - අප වටා සෙමෙර සැලුවා
නිල් නිම්න විල් නෙලුම් මල් ඇගෙ දෑස පාට කෙරුවා
ඒ පාට දෑසගින් ඇ.. මට මන්දහාස නැගුවා...
.
දේවාති දේවතාවෝ පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැතිමුත් මට තාම මතක ඇතුවා
මුලු ලෝකයක් මැවූ ඈ හිරු සඳුත් තරුද නිවුවා
අවසන් වසන්තයේදී .. දෙවියන්ද අහක බැලුවා... !
--- කරුනාරත්න දිවුල්ගනේ මහතා..
===============
---කුරුළු---

thanks for pic - dandapani pictures

===== විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...====






නුඹේ දෙනෙතේ කාන්තියත්
සිනහවේ සුන්දරත්වයත්
මා ජීවත් කරවාවි..
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
නුඹෙන් ලැබුනු ආදරයට
ආදරේ කරපු වරදට
මම මටම වෛර කරන්නෙමි
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
නුඹේ ඔය සිනාවකට
හෙලන ඇහිපිල්ලමකටම
මම ආදරේ කරන්නෙමි...
නුඹ සමඟ එක්ක සිටි සෑම මොහොතක්ම
සිහිකරන්නෙමි..
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
අප, අපෙන් උදුරාගත්
ජීවතේ අතරමගදී අපට
ආදරේ අහිමි කල සියල්ලන්ටම
වෛර කරන්නෙමි
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
දවසක මා මියයාවි..
ඒ නුඹගේ ආදරය තුරුළුකරගෙන,
එදාටත්, නුඹ මා ලග නැති වේවි...
නුඹ වෙනුවෙන් මිය යන්නෙමි..
ජීවත් වන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
---කුරුළු---

Monday, January 27, 2014

===== ඔබ මා නොවන තුරු - මා ඔබ නොවන තුරු ======



+ ඇයි අයිය ඔයා මට ආදරේ නැත්තේ..!
- ඔයා ඇයි එහෙ අහන්නෙ... !
ගොඩක් වෙලාවට අපි කතාව පටන් ගත්තෙ ඔතැනින් එහෙමත් නැතිනම් ඉවර කලේ ඔතැනින්..!
.
හැබැයි ඒ ඇත්තටම එහෙම ඇහුවෙ අපි මැරීගෙන අපිටම ආදරේ කරන කාලෙ.. කරපු කාලේ..
මනිස්සුන්ට ඕනම දෙයක් ලග තියෙනකොට ඒක තමන් ලග තියෙනව කියල නොදැනෙන එක මහා පවක්.!
ඒක හරියට අලියෙක් තමන්ගෙ විශාලත්වය දකින්නෙ නෑ වගේ..
බුදු දහමෙ කියන විදිහට නිවන තියෙන්නෙ තමන් තුලමයිලු...එහෙම බලැවාම ලොකුම පව තමන් ඇතුලෙ තියෙන ඒ නිවන අවබෝධ නොවෙන එක..
ආදරෙත් එහෙමයි..
අපි නිවන හොයාගනෙ යනව වගේ ආදරෙත් හොයාගෙන යනව...
අපිට අපි ඇතුලෙ තියෙන ආදරේ අමතක වෙලා ඒ ගැන හොයන්න කතා කරන්න බලා ගන්න අපිට අමතක වෙනව..
සමහර වෙලාවට අපිට ආදරේ ලැබුනාම , අපිට ඒ ලැබුනෙ හොදම ආදරේද කියල අපිට විස්වාස නැ..
අපි වෙන වෙන ඊට වඩා වනස් ආදරේ හොයාගෙන යන්න පටන් ගන්නව...
පුංචි කාලෙ අපි හරි ආසයි තරුණ වෙනවට..
ඒත් අපිට අමතක වෙලා දවසින් දවස තරුණ වෙනව නෙවේ වයසට යනව කියල.. ජීවිතේ උපරිමත්වයට ආවට පස්සෙ අපිට දැනෙන් පටන් ගන්නව අනේ අපි දැන් වයසට යනව නේද කියල..!
හ්ම්.... ආදරෙත් ඒ වගේ... ළග තියෙනකම් අපි ආදරේ හොයව වෙන පැති වලින්.. එත් අපි ආදරෙ නැති වුනාට පස්සෙ අපි දුක් වෙන්න පටන් ගන්නව....
තවත් ගොඩක් වෙලාවට අපි හොදම කෙනා හොයන්න පටන් ගනන්ව....
.
යාලු වෙන්න කලින් ඔයත් මට කිවුව දෙයක් තමයි නංගි මට හරියන කෙනෙ ඔයා නෙවේ වෙන්න ඇති කියල..
ඔවු මම හොදම කෙනා නෙවේ මම එක් දන්නව.. ඒත් මම තමා ගැලපෙනම කෙනා කියල මම හිතනව.. මම හොදම කෙනො හොයන්න හිතුවෙ නෑ මම කල්පනා කලේ මම හොද වෙන්න..
.
ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි
ඉස්සර වගේ නෙවේ දැන් මගේ ආදරේ වෙනස් වෙලා , එයා වෙනස් වෙලා.. එයා ඉස්සර වගේ නෙවේ මට එපා වේගෙන එන්නෙ කියල...
ඒකට හේතුවක් තියෙනව.. බාගදා ඒක අපිටත් බලපාන්න ඇති සුදු නංගි..
.
අපි ආදරේ කරන්නෙ අපි මුලින්ම දකින කෙනොට . ඈතින් ඉදන් දකින කෙනොට. එයාගෙ ජීවතේට.. කෙන්ඩෙ පිරන විදිහට, හිනාවට, අදින විදිහට, කතා කරන විදිහට.. එයාගෙ නිදහසට අපි ආදරේ කරන්න පටන් ගන්නව..
හැබැයි බැරිවොලවත් එයත් අපිට ආදරේ කරන්න පටන් ගත්තාම..
ටික දවසක් යනකොට අපි අපිට ඕන ඒන විදිහට අපි ඒ කෙනාව වෙනස් කරනව..
ඒ කෙනාත් අපිට තියෙන ආදරේ නිසාම එහෙම වෙනස් වෙනව...
ඒත් කාලෙකින් අපි කියනව ඔයා ඉස්සර වගේ නෙවේ වෙනස් වෙලා කියල...
ඇත්ත..,
අපි ආදරේ කලේ අර ඒ දවස් වල අපි දැක්ක චරිතෙට. ඒත් අපි වෙනස් කලාට පස්සෙ ඉන්නෙ අපිට ඕන චරිතෙ..
කවුරු මොනව කිවුවත්...
අපි ඔය ආසයි කියල හිතන් ඉන්න සෙටින්ග්ස් වලට අපි ආසම නෑ... අපි අසම නැති විදිහ තමා ඒ අපි හිතේ තියන් ඉන්නෙ... ගොඩක් වෙලාවට අපි ජීවතේ තොර ගන්නෙ අපි කැමතියි කියන සෙටින්ග්ස් තියෙන කෙනාව නෙවේ...
හැබයි අපි ඒ සෙටින්ග්ස් අපිට ඕන විදිහට වෙස් කලාම අපිටම එපාවෙයි..!
.
මතක තියාගන්න....
නෙලුම් මල් කියන්නෙ..නෙලුම් මල් - රොස මල් කිය්නනෙ රෝස මල් - බුනීල මල් කිය්නනෙ බුනීල මල්... වද මල් කිය්නනෙ වද මල්... !
" නෙලුම් මලකට කියන්නෙපා කවමදාකවත් රෝස මලක්‍ වගේ වෙන්න... "
ඒක පට්ට අසාධාරණයි.... !!!
.
----පුළුවනිනම් මට සමාදෙන්න ...!!!

===================
සඳ සඳ වගෙයි - තරු තරු වගෙයි
මල් මල් වගෙයි - අපි අපි වගෙයි..
.
ඔබ මා නොවන තුරු - මා ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි - මම මම ම දැයි
සඳ සඳ වගෙයි - තරු තරු වගෙයි
මල් මල් වගෙයි - අපි අපි වගෙයි..

http://www.youtube.com/watch?v=Uv4fSTUKnpI
===================
--කුරුළු-