Sunday, January 26, 2014

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 02 කොටස

 --මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---



 ‘ ඔව් හෝම්ස් මහත්මයා මමත් ඒ සලකුණ දැක්කා.., ඒක නිසයි මට හිතුනෙ මේක මිනී මැරුමක් කියලා..’

එහි වූයේ සම මතුපිට වූ වියැලී ගිය කුඩා ලේ බි`දුවකි. එය යමක් එන්නත් කිරීමකදී ඇතිවූවක් බව මටද වැටහිණි.

‘මේ ගැන කාංචනා මහත්මිය මොනවද කියන්නෙ  ?’

‘මම ඇයට තවම මේ ගැන කිවුවෙ නැහැ.... මේ හිංදමයි මම ඔබට එන්න කිවුවෙත්..’
‘නොකියපු එකත් හො`දයි..’

පැවසූ හෝම්ස් නැවතත් පරීක්ෂා කරන්නට විණි. සමීර හිස තබාගෙන සිටි කොට්ටය පරීකෂාකල හෝම්ස් මඳවේලාවක් කල්පනාවේ යෙදී සිට අප වෙත පැමිණියේය.

‘ඉවරද..? මහත්මයා.... ’

‘ඔව් පරීක්ෂා කරල නම් ඉවරයි. දැං මෘත ශරීරාගාරයට මිනිය යවන්න පුළුවනි.
මොකක්ද ඔබට මේ ගැන හිතෙන්නෙ..? ’
‘ ඇත්තටම සංකිර්ණයි.... මලසිරුරෙ මුහුණෙනුයි ඇ`ද ඇතිරි වල අපිලිවෙලයි අනුව මරණයට
කලින් දැඩි වේදනාවක් වි`දල තියෙනව.. පෙනුමට නම් හදිසි හෘදයාබාධයක් වගෙයි.හැබැයි මුකුත් ශරීර ගතවෙලා නැතිනම්.... එහෙමත් නැතිනම්......’
අප සම`ග කථා කරමින් සිටි හෝම්ස් නැවත වහලයට නෙත් යොමා කල්පනා කරන්නට විය.
‘ ඔව්.. මටත් හිතුනෙ ඔය ටිකමයි.. ඒ සලකුණ පිලිබ`ද සැකය විතරයි මට තියෙන්නෙ..’ හෝම්ස්ගේ කල්පනා ලෝකය බි`දිමින් ගජධීර පැවසීය.
මො..මොකක්ද ..? ආහ්.. හරි මට සමාවෙන්න.., මම වෙන දෙයක්් ගැන සිතමින් හිටියේ..

‘ගජධීර මහත්මයා මේකට මොකද කරන්නෙ ..?  මලසිරුරේ තිබූ ඔරලෝසුව ආරක්ෂිත ඉටිබෑගයක දමාගෙන පැමිණි මෘතශරීරාගාර සේවකයෙකු ගජධීර මහතාගෙන් විමසීය.

‘ආහ් ..  ඕකද..? කෝ දෙන්න මම කාංචනා මහත්මියට දෙන්නම්.’
ගජධීර මහත්මයා කරුණාකරල මට ටිකකට  ඕක දෙන්න පුළුනිද ..? පරීක්ෂාවට..
ඒක නැවතිල නේද..? ’

‘ආහ්.. මෙන්න.. මෙන්න ඔබ මේක ගැන උනන්දුනම් අරගෙන ගිහිල්ල පරීක්ෂා කරල ගෙනත් දෙන්න..’


‘ඇත්තටම .. බොහොම ස්තූතියි.... මම කැමතියි කාංචනා මහත්මිය එක්කත් ටිකක් කථා කරන්න..’

‘හො`දමයි එන්න ..’

මේ ඉන්නෙ මැය තමයි කාංචනා සේනාරත්න. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්.

හඬමින් සිටි රූමත් තරුණියක් පෙන්වා ගජධීර මහත්මයා පැවසීය..

‘ ඇත්තටම මේ සිදුවීම ඔබට බලවත් කම්පනයක් ඇතිකර ඇතිවාට සැකයක් නෑ.. මට හරිම කණගාටුයි මහත්මිය ඒ පිළිබ`දව....’
‘අනේ බලන්න මහත්මයා අපි හීනෙන්වත් හිතපු දෙයක් ද මේ සිද්ධ වුණේ..?’

‘අපේ විවාහය සිදුවුණේ මීට මාස තුනකට උඩදි..................................
අපේ දෙමාපියන්ගෙ කැමැත්ත උඩ.., අපි පුංචි කාලෙ ඉ`දන්ම අ`දුනනවා.., එයා ව්‍යාපාරිකයෙක් වුණේ පරම්පරාවෙ ව්‍යාපාර නිසා.. අපි ගමේ ඉ`දලමෙහේ ආවෙත් මගේ වෘත්තිය නිසා.., අපි හරිම සතුටෙන් තමයි හිටියේ.., සමීරට මෙහේ යාළුවො නැහැ.., අකිල විතරයි හිටියේ.., එයා සමීරගෙ ඉස්කෝලෙ යාළුවෙක්..,
    ඔව්..ඔව්.. මමත් ඒ දවස් වල ඉඳලම අකිලව අඳුනනව.., අකිලත් ව්‍යාපාරිකයෙක්.., එයා සමහර දවස් වලට අපේ ගෙදර එනව.., ඒ ආපුවහම සමීරත් එක්ක ? වෙනකල් කථා කරකර ඉන්නවා.., ඊයෙත් ආව.., හවස හය හමාරට විතර ...ඔව් එයාගෙ කාර් එකේ තමයි...අර එලියෙ නවත්වල තියෙන ක‍්‍රීම් පාට එක. අකිල ආපු වෙලාවෙ ඉඳලම දෙන්නත් එක්ක ඔය කාමරේ කථා කර කර හිටිය.යාළුවො දෙන්න මුණ ගැහුණෙ හුඟ කාලෙුකින් නිසා මමත් ඔවුන්ට බාධා කරන්න ගියෙ නෑ...? අට හමාරට විතර මම සමීරට කථා කරල කිවුව මම නිදාගන්න යනව කියල.. එතකොට සමීර කිවුව එයා ඒ කාමරේම නිදාගන්නම්
කියල..මොකද අපි ඒ කාමරේත් ඇඳක් තියල තියෙනව අමුත්තෙකුට දෙන්න. ඉතිං මම සමීරල හිටපු කාමරේ දොර වහගෙනම ගිහින් නිදා ගත්ත...එතකොටත්  අකිල කාමරේ හිටිය. සමීර සාමාන්‍යයෙන් සෙනසුරාද ට කැලණි පන්සලට  යනව පාන්දරම වඳින්න. අද සෙනසුරාදා නිසා මම පාන්දර පහට එයාව ඇහැරවන්න ගියාම.......

ඉන් ඉදිරියට ඇගේ වචන වෙනුවට පිටවූයේ කදුළු පමණි... තම විවාහ දිවිය මාස තුනක් වැනි කෙටි කලෙකින් අවසන් වීම ඇයට තදින් දැනී තිබුණි...

කාංචනා මහත්මියට අකිලව සැකද ?


-------------------------------------------------------- කුරුළුය ------------------

දොස්තර බිරිඳ 03 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/03.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 01 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---
හෝමස් නම භාවිතා කරීම ගැන පාඨකයන්ගේන් සමාව අයැද සිටිමි. නුඹලාගෙ සිත් තුල සිටිනා හෝම්ස්ට පලුද්දක් වුයේ නම්!!. හොම්ස් සහ ලංකාව ගැලපීම එතරම් සාධාරණ නොවුවත් ! මා හට ඒ උදෙසාද කිවහැකි කතාවක් තිබේ.. ඒය පසුවට කියමි... !




” වොට්සන්.........වොට්සන්........”.  
”ඉක්මනට නැගිටින්න. අද උදේ පාන්දරින්ම අපට ගැටළුවක් ලැබිල තියෙනවා. මම කැමතියි එතැනට ඔබත් මා සම`ග එනවනම්”
අළුයම හයයි තිහට පමණ මා අවදිකරමින් හෝම්ස් පැවසීය.

‘හරි මං ඉක්මණට එන්නම්’. . . . යි පැවසූ මම විනාඩි දහයක් ඇතුලත මුහුණ කට සෝදා ඇ`දුමක් ඇ`ගලා ගතිමි.

මා පහත මාලයට පිවිසෙන විටත් ඔවුන් පිටත් වීමට ම`ගට බසිමින් සිටියහ.

‘ වොට්සන් අ`දුනනව ඇතිනේ, මේ කැලණි පොලිස් ස්ථානාධිපති ගජධීර මහත්මයාව’

‘ ඔව්. . . . ඔව්. . .  මොකද මං නොදන්නේ, මීට කලිනුත් අපි හමුවෙලා තියෙනවනේ් ’

හෝම්ස් ට එංගලන්ත ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසියේ මිතුරන් මෙන්ම ශ‍්‍රී ලංකා පොලීසියේද මිතුරන් වෙති. ගජධීර ඉන් එක් අයෙකි.  මොහුට විස`දා ගත නොහාකිව තිබූ පරීක්ෂණ තුනක් මේ වන විට හෝම්ස් විස`දා තිබුණි’

‘ ඔබටත් සුභ උදෑසනක් මහත්මයා ’ එහෙමනම් අපි පිටත් වෙමුද ?

හරි අපි අපේ මෝටර් සයිකලයෙන් එන්නම්.

හතර කණුව හංදියෙන් පිටත් වුණු අපි විනාඩි දහයක් ඇතුලත කැලණිය , පිලපිටිය , බරණැස් කන්ද පාරේ අංක 481 දරණ එම සිදුවීමට අදාල ස්ථානයට ගියෙමු. ම`දක් පැරණි තනි මහලේ නිවසක් වූ එහි ඒ වන විටත් පිරිස් රැුස්ව සිටියහ.

එම නිවසේ කාමර තුනක් විය. යකඩ දැල් දොරකින් ඉස්තෝප්පුවට පිවිසුණු පසු ඉදිරිපස දොර හමුවේ.කාමර තුනකින්, දෙකක් නිවස තුල විසිත්ත කාමරයට මුහුණලා පිහිටා තිබුණද, ඉන් එක් කාමරයක් හා ඇතුලතින් සම්බන්ධ වූ අනෙක් කාමරය ඉස්තෝප්පුවට මුහුණ ලා පිහිටා තිබුණි

මේ කාමර වලට සමීපව විසිත්ත කාමරයද, කෑම කාමරය, මුළුතැන් ගෙය හා නාන කාමරයද විය. පාඨක ඔබගේ පහසුව පිණිස මා විසින් පසුව සකසා ගත් දළ සටහනක් මෙසේයි.



‘ඔය තියෙන්නෙ හෝම්ස් මහත්මයා.... මරණ පරීක්ෂණය පවත්වන්න කියල මම කෙලින්ම ආවෙ ඔබව හමුවෙන්න.. මොකද මේකෙ සැකමුසු තැන් කීපයක්ම පෙනනවා.. මට හිතුණා මේ දේවල් වෙනස් නොකර තිබුණහම ඔබට පහසු වෙයි කියල.. ’
මැද ( ඊ ලෙස නම් කරන ලද * කාමරයේ තිබූ එම මලසිරුර පෙන්වා ගජධීර පැවසීය.

ඇත්තටම.... ඔබ බොහෙම ඥාණාන්විතව ක‍්‍රියා කරල තියෙනව මේ පිළිබ`දව ....
මලසිරුරයි කාමරයයි පරීක්ෂා කරන්න කලින් මං කැමතියි මේ ගැන විස්තර ටිකක් අහන්න.., ඒ වෙනතුරු මේවා මෙහෙමම තියන්න පුළුවනිනම් මම ඔබට කෘතඥ වෙනව..’

හො`දමයි....

‘මේ මිය ගිහිල්ලා ඉන්නේ සමීර පලිහවඩන....ව්‍යාපාරිකයෙක්.., ගම නුවර.. විවාහ වෙලා තවම මාස තුනයි.. බිරි`ද කාංචනා සේනාරත්න.. පලිහවඩන පරම්පරාවෙ එකම පුරුක නිසා සියළුම දේපල වල නීත්‍යානුකූල අයිතිය ඔහුට ලැබුණෙ පහුගිය සතියෙ.. බිරි`ද වෛද්‍යවරියක්.., ඇයගෙ රැුකියාව නිසාම තමයි මෙහේ පදිංචියට ඇවිල්ල තියෙන්නෙ.., දෙන්න අතරෙ කිසිම මත භේදයක් තිබිල නැහැ.., හො`දින් සාමකාමීව තමයි ඉ`දල තියෙන්නෙ.., සමීරට යාළු මිත‍්‍රයොත් වැඩිය නැහැ.., මෙයාලට ඉ`දපු එකම යාළුව තමයි අකිල ප‍්‍රභාසර..,ඔහුත් ව්‍යාපාරිකයෙක්.., මේ දෙන්නගෙම කුඩා කාලෙ ඉ`දලම යාළුවෙක්.., ඊයෙ හවසත් අකිල මෙහෙ ඇවිල්ල තියෙනව..,අද උදේ තමයි සමීර මිය ගිහිල්ල කියල දන්නෙ..,ඊයෙ ? අකිල පිටවලා ගිය වෙලාවක් කාංචනා දන්නෙ නැහැ..,අකිල කියන්නෙ ? එකොලහයි තිහට පිටවෙලා ගියා කියල. ඒ වුණාට ඒක ඔප්පු කරන්න අකිල ල`ග සාක්ෂියක්
 නැහැ.., ’
‘එතකොට අකිල කෝ දැන්..?’
‘අපි ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තා, මෙහෙදිම. ඔහු අද පාන්දරම ඇවිල්ල තියෙනව මේක ආරංචි වෙලා.. ’
ඔහුට දන්වල තියෙන්නෙද  ? ඔහුට දන්වල තිනේනෙ කාංචනා මහත්මිය මයි. අකිල හරිම පුදුමයට පත්වෙලා ඉන්නෙ ඔහුගෙ මිත‍්‍රයට අත්වුණු ඉරණම ගැන.

‘හො`දයි මට පුළුවනි දැන් සිරුර පරීක්ෂා කරන්න. අපි යමුද එතැනට ? ’
හෝම්ස් ඇසීය.

ඔව් එහෙමනම්,

මල සිරුර දෙසට නැමීගත් හෝම්ස් පලමුව තම පියවි ඇසින් පරීක්ෂාකර , ලෙන්සයෙන්ද පරීක්ෂාව ඇරඹීය.මුහුණ, ගෙල, පපුව, උරහිස්, පිලිවෙලට පරීක්ෂා කරමින් ගොස් දකුණතේ වැලමිට ඇතුල් පැත්ත බලා නැවතී ගජධීර මහත්මා දෙස බැලීය. . .

හෝම්ස්ගේ මුහුණේ ප‍්‍රශ්නාර්ථයක් විය..

---------------------------------- කුරුලුය -----------------------------------

දොස්තර බිරිඳ 02 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/02.html

Wednesday, January 22, 2014

=== හී ගඩු නංගවන ලස්සන රූ ඇති ස්නේහ ඇස් ඇති - ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති - අහංකාර නුඹ - හීන කුමාරි ==


.
ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි ජීවතේ සුන්දරම මොන කාලෙද කියල ඇහුවොත්?
ඒ මුලු ලෝකෙටම හොරෙන් ආදරේ කරපු කාලෙ කියල.. එහෙමත් නැතිනම්
ඒ ආදරේ කරන ගැනු ලමය විතරක් දන්න එත් එයත් අකමැති වෙලා හිටිය කාලෙ කියල..
ඒ කාලෙට ඇහෙන ගීත පවා තමන්ගෙ කර ගන්නව.. මොනව හරි හේතුවක් හදා ගන්නව තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් තමන්ගෙ ආදරේට ඈඳා ගන්න..
ෆිල්ම් එකක් බැලුවෝත ඒක තමන්ගෙ කතාව කර ගන්නව..
පොතක් කියෙවුවත් එහෙමයි...
වැඩිය ඕන නෑ..
කෙල්ල කිවුවාම - අනේ අයිය මම ඔයාට කැමති නෑ කියල !..
එහෙනම් නංගි අපි දෙන්න හැමදාම ටොම් ඇන්ඩ් ජෙරී වගේ ඉමු කියනව...
ඒත ඇතතටම ගල් බොරළුයි - ඩොටීයි වගේ ඉන්න...
අනේ එහෙම ආදරේ කොයි තරම් සුන්දරද !

ඒ කාලෙට කොල්ලො ඉස්සරහට එන ඕන බාධකයක් බිඳගෙන යනව..
එහෙම යන්න පුලුවන් පොඩි ගතියක් ඇගට බලෙන් ගන්නව..
කෙල්ල පස්සෙන් කවුරු හරි ආවොත් හෙන පොර වෙනව...

එත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒ කෙල්ලව ලැබුන දාට...
අපි බලාපොරොත්තු වන දේ අපිට ලැබුණාම අපි කලින් තරම් ආදරෙන් ඒ දේ රැක බලාගන්නවද කියන එක ප්‍රස්නයක්..
ඒ දේ මට කියල දුන්නෙත් ඔයා.. මතකද ඉස්සර අපි යාලුවෙන්න කලින් .
මම ඔයාගෙ පස්සෙන් එද්දි..
- මේකනෙ කුරුළු අයිය තේරුම් ගන්න... කොල්ලො ඔය බොරුවට පස්නේ එන්නෙ.. කොල්ලොන්ට නෙවේ කාට වුනත් තමන් ආදරේ කරන දේ ලැබුණට පස්සෙ වැඩක් නැති වෙනව..
+ ඇයි ඒ..
- ඇයි ඒ නෙවේ.. ඒක එහෙම තමා.. අපි දුරින් ඉන්නකම් ඔයා මගේ ලස්සන දකිවි මගේ හොද දකීවි ඒ ඔයා මාව දන්නෙ නැති නිසා.. ඒ වුනාට  මම නපුරුයි හිතුවක් කාරයි, දගයි ඉතින් මගේ ලගට ආවෝත එයාට මාව එපා වෙයි..
+ නැ එහෙම වෙන්නෙ නෑ.. ඔය ඕන තරම් කට්ටිය ආදරේ කරන්නෙ.. අපිත් කරමු..
- කරන්නං වගේ කරල වැඩක නෑ ගොන්ටො.. දැන් බලන්න.. මම හරි ආසාවෙන් හිටිය මගේ මේ අතේ තියෙන ෆොන් එක ගන්න .. ඒක රිලීස් වුන දවස් වල මම පින්තුර එකතු කලා ඒක ගැන තියෙන විඩියො බැලුව.. පිස්සු වැටිල හිටයෙ.. මගේ යාලුවෙක්ටත් එක්ක තිබුන මම එ ්ඉල්ලන් කොච්චර නම් ආසාවෙන් බැලුවද ! එත් මම අන්තිමට මේක ගත්ත.. දවස් දෙකයි.. එක්ත් සාමාන්‍ය ‍ෆෝන් එකක් වගේ මයිනේ අයියෙ..
+ අයියො ඒ ෆෝන් නේ... මිනිස්සු එහෙම නෑ...
- ඔයා කො‍හොමද කිය්නනෙ හැම පිරිමියම එකයි... හැම ගෑනිත් එක ඇති..
+ සුදු නංගි ! ඒක ඇත්ත... හැම පිරිමියටමයි ගැහැනියටමයි ඩිෆෝල්ට් ෆෝල්ඩර් එකක් එනව උපදිනකොටම.. ගැහැණියකට නම් මම දන්න විදියට - ‍ගොං කම, හුරතලේ, හිනාව වගේ පොදු දේවල් ටිකක් දෙවියො එවනව.. ගැහැණිය කොච්චර ලොකු වුන්ත් දොස්තර නිතිඥ නෙවේ ජනාධිපති වුනත් ඒ ටික අයින් කරන්න බෑ...
පිරිමි අපේත් එහෙමයි....
හැබැයි එහෙම කියල අපි එකා වගේම වේනනෙ නෑ.. ඒවට අපි අපේ හදවතේ හැගීම් එකතු කරල වෙනස් මිනිස්සු වෙනව..!
- හ්ම... දැන් ඔයා මොකක්ද මට කියන්න හදන්නෙ. අයියෝ අප්ප ඔයා එක්ක නම් බෑ..
ඔයා කැරකිල කැරකිල අන්තිමට එන්නෙ ආදරේ ගාවට..

+ ඉතිං දෙයියනේ කණුවක බැඳල තියෙන ගොනා එකම තැන කැරකෙනව මිසක් වෙන මොනව කරන්නද ??
- ඈ.... මෙන්න වැඩක් - කවුද ගොනා.. !!
+ මං !  ඔයා තමා කණුව... නිකං නෙවේ ගොං බඳින කණුවක් ඔයා නැතංත මේ වගේ කොල්ලෙක් කියද්දි තේරෙන්නෙ නැත්තෙ ‍මොකෝ...
- අයියෝ .... දැන් මට තරහ එනව හොදේ.. සිරාවට මම ආදරේ නෑ..
+ මාත් සිරාවට ආස නෑ ඒකෙ තියෙන්නෙ පරණ ලේ..  අපි ධමනියට ආදරේ කරපු ඒක හැමතිස්සෙම හදව‍තෙන් පිරිසිදු ලේ අපේ ඇග වටේ අරන් යනව..
- ගර්......................... අනේ බෑ අප්ප....
-------- ඇත්තට මම ඔයාට කොච්චර වද දුන්නද ආදරේ කිය කිය.. තාමත් එහෙමයි..
ආයෙ මම කැරකිල මුලට ඇවිල්ල නංගි ! ඔයා කිවුව හරි මිනිස්සු එක වගේ..!

--- මූණ වෙනස් වුනාට හැමෝගෙම පස්ස එකයි !!!!
.
*******************************
හී ගඩු නංගවන ලස්සන රූ ඇති ස්නේහ ඇස් ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ - හීන කුමාරි..
.
මුරණ්ඩු කම් ලග බොලඳයි කොලු හිත
කීකරු මගෙ හිත චංචල වී ඇත
ඔච්චම් කරමින් හි‍නැහෙන නුඹෙ නෙතු
කියා දියන් මට..
.
වතගොත ඇහුවට කියන්න දන්නැති
හිතමත ඇවිදින පියවර හුරු නැති
මා ලග නවතිනු කිවුවට ඉන්නැති
අහංකාර නුඹ...
.- චන්දන ලියනාරච්චි - රචනය - දිනිති දීපිකා..
********************************
--කුරුළු--

=හිනැහෙමු සොදුරිය අපහට රිදවන "හදවත් " හොඳටම දිරපුවා =



නුඹලට මතකද හඳ ගැන ඉස්සර දිගටම එක එක ලියපුවා
මටමම පුදුමයි කෝ දැන් ඒ කවි සඳටම හැමදම කියපුවා
කේලම අහලද මන්දා තරු කැට නිකමට, බොරුවට කියපුවා
ඕනම දවසක එනුමැන කුටියට තියෙනව " නුඹ " ගැන ලියපුවා..
.
ආදර සද වෙත ඉස්සර මතකයි හොරෙනුත් පෙම් පත් යවපුවා
කාටද අමතක මම සහ නුඹ ගැන - අපිටම අපි ගැන එවපුවා
කොතරම් කීවත් එක එක කවියන්, කවියෙන් අපි ගැන වවපුවා
මොකටද වෙන අය කියපුව බොරුවට ඒවා උන් උන් මවපුවා.
.
තාමත් නුඹ මට - මාවත් නුඹ හට දැනුනානම් ඇති කරපුවා
පිටවුන් මොනවත් කිවුවට මොකටද ඒවා හදවත් මරපුවා
හිනැහෙමු සොදුරිය අපහට රිදවන "හදවත් " හොඳටම දිරපුවා
හොඳටම මේ ඇති යන්නට " අහසට "අපි පෙම් පාරමි පුරපුවා
---කුරුළු---


Tuesday, January 21, 2014

*** චිත්‍ර විකුණන මහලු උන්දා මගේ මුළු යටි හිතම බින්ඳා! ***



පොඩි එකා 
ඇකයේ තියන් 
සිතුවම් එකින් එක
ගොඩ ගසා
.
හිතට නැගෙනා 
කඳුල තම කුස
ගින්නෙ පදමට
ගෙන අනා
.
හීන කලවම් 
කරපු සිත්තම්
පෙළින් පෙළ
එක එක තබා.
.
කලා බවනෙක 
ඉදිරිපිට හිඳ
හෙළයි සුසුමන්
සිත්තරා..
.
කලාතුරකින් 
ළගින් යන එන
පෙම්වතෙක්
පෙම්වති නිසා
.
මිලගණන්
අසමින් සිනාසෙයි
පෙම්වතිය
සනසනු නියා
.
ඉදිරි පිට ඇති 
ජෝන් සිල්වගෙ
නිහඬ ගල්
පිළිමය විනා
.
සිහින හඳුනන
කිසිවෙකුත් නැත
නිතර මෙතැනින්
යන එනා..
*****************************
සිහින ටික කැන්වසක අන්ඳා
දුක ඉරා ඉන් වැටට රන්දා
චිත්‍ර විකුණන මහලු උන්දා
මගේ මුළු යටි හිතම බින්ඳා!
--කුරුළු--

* පින්තුරෙ - අන්තර්ජාලයෙනි