Wednesday, January 8, 2014

=== ලිහිණියනේ පියාඹන්න - ඈ ඇති තැන සොයා යන්න. == මා මිය යන බව පවසා - ඇය එවන්න මා බලන්න.. ==


.
දැන් ඇය නැතත් මට නිතරම ඇයව සිහිවෙයි...
ඒ මා සිත දැහැන් ගත වූ අවස්ථාවලදීය..
කවියක් කතාවක් ලිවීමට සිත එක්තැන් කර ගැනීම දැන් දැන් බොහෝ සෙයින්
අසීරු කටයුත්තක් වෙමින් පවතී....
ඇය නොමැතිව දැන් කාලයක් ගෙවී ගොස් ඇති.. ඇය ට නම් මාගේ මුහුණ වත් මතක ඇතැයි නොසිතමි... ඒ ඇය දැන් මට ආදරය නොකරන බැවිනි..
එහෙත් තවමත් මා පිරී පවතින්නේ.. ඒ ආදරයෙනි..
බොහෝ විට එක් තැන් වූ සිත පිරෙන්නේ ඇගේ මතකයන්ගෙනි..
එවිට උපද්නා සිතිවිලි ලියා කවි කොට නුඹලාට නැවත නැවත පුදමි..
මා විටෙක මෙසේද සිතමි..
ඇය නැතිව මේ ටික කායලට මා බොහෝ අත්දැකීම් වලට මුහුණ දුන්නෙමි..
විශේෂයෙන් වෙනත් ගැහැණු ළමුන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීමී..
බාගදා ඒ ඇයගෙන් මිදීමට පුළුවන...
දෙතුන් වරක් ආදරයද කලෙමි.. ඒහෙත් ඒ හැම තැනකදීම සිත් රිදවීම්ය..
ඇය ඒ දවස් වල මට එපා කියමින් වඳ වැටුනු දේවල් ඉදිරියේ අද මම නිරුත්තරය..
අද මම ඒ දේ නොකරමි.. එහෙත් මට මුණගැසෙන අනික් චරිත ඒ දේ එලෙසින්ම සිදුකරන්නෝය..
ඔවුන් දැන් සිටින්නෙ.. මා අතීතයේ සිටි චරිතය රගපාමිනි...
දැන් මම මෙසේ කියමි..  නුඹ එදා මාගෙන් විඳි වේදනාව.. අද මම මොවුන්ගෙන් විඳිමි..
ආදරයේදී සමාවක් ඉල්ලීම සුදුසු නැතත් මම එය ඉල්ලමි..
ඇත්ත මා විසින් බොහෝ කාලයකට පෙර ලියන ලද සංකල්පනා දැන දැන් සත්‍ය වශයෙන්ම මාගේ ජීවිතයට බලපාමින් පවතී...
ඇය ඕනෑම දෙයකට ඔට්ටු අල්ලන්නියකි..!
මම ඇයගේ ආදරය දින්නේද ඔට්ටුවකිනි..
ඒක නම් මහ පුදුම වැඩක්...
*******************************
- අයියා අපි ඔට්ටුවක් තියමු...
+ ඔට්ටු අනේ බෑ..
- අනේ අනේ තියමු හොදේ... ඔන්න ඔටුට්ව තමයි මේ අවුරුද්දෙ ඉස්සෙල්ලාම රෑ 12ට සුබ පතන කෙනාට අනික් කෙනා ඉල්ලන ඕන දෙයක් දෙන්නෝන...
+ අයියෝ සුලු දෙයක්.. හා....
- හා ඔට්ටුයි ඈ.......
+ ඔට්ටුයි...
ඒ ඔට්ටුව සිතු තරම් ලේසි නැත.. කිසි දිනක ජනවාරි31 වැනි දින රෑ කිසිවෙකුට කෝල කර පුරුද්දක් නෙතිබුන මා 11.58 සිට ඇය ඇමතීමට උත්සාහ කලත් සියලු සංඥා අවහරි වී තිබුණි... අවසන ද ීමම කෙටි පණිවුඩයක් යැවීමි.. එයද ඇයට ලැබුනේ පහුවදා දහවල්ය..
ඊට ප්‍රථම ඇය විසින් එවූව මට ලැබුනි.. මම පරාද වීමි.....
- හූ ඇ.. අයිය පරාදයි..
+ ඒක හරි අසාධාරණයිනෙ..
- ඒව අපිට කරන්න දෙයක් නෑ.. දැන් මම ඉල්ලන දේ දෙන්න...
+ හ්ම් හා..
- අයිය හැමදාම මගේ අයිය වගේ ඉ්නන.. මට අයියෙක් නෑනෙ...
ඇයට ඒ වන විටත් මා මුලු සිතින් ම ප්‍රේම කලෙමි.. ඇයගේ ඉල්ලීම දුනහොත් ඇය සදහටම අහිමි වනු ඇත... නොදුන්නොත් මා පොරොන්දු කඩකරන්නෙකු වන්නෙමි..
+හ්ම්.. හා මම එහෙම ඉන්නම් මොනව කරන්නද ඔයා මට ආදරේ නෑනෙ..
- හාද ?
+ හ්ම ්හා..
- අපෝ නරකයි ඔයා .. ම නෙවේ ඔයයි මට ආදරේ නැත්තෙ.. ඒකනෙ අයියෙක් වගේ ඉන්නම් කිවුවෙ..
+ !#%^&*(**&^%% දැන් ඔයානෙ එහෙම ඉන්න කිවුවෙ.
- කිවුවට ආදරේ නම් අයිය හා කිය්නනෙ නෑනෙ..
+ ඒ කිය්නනෙ ඔයා මට ආදරෙයිද ..
- නැතිව ඉතින්.. හ්ම්...
***************************
එදා මම ඇගේ ආදරේ දිනූව්ත ඔට්ටව පැරදීමි..
ඇත්ත..
අදටත් මම ආදරේ ඔට්ටුව පරදිමින් සිටින්නෙමි..
එහත් ඇය මෙන් කවුරුත් මට දිනුම දී පැත්තකට නොවන්නීය..
මට, ඇය අනෙකන්ගෙන් වෙනස් වන්නේ එතැනදීය..
මා නුඹට මෙසේ කියමි...
මා සිතේ නුඹ වෙනුවෙන් ඇති ආදරය...
දිය යට ගිල්වා තිබෙන රබර් බෝලයක් වැනිය
යාන්තම් එහෙ මෙහෙ වුවහොත් උඩට මතුවෙයි...
සුදු නංගී... !
“ රබර් බෝල සදහටම ගිල්වන ක්‍රමයක් සොයාගතිමි..
ඒ දෙතුන් පලකට ඇණ තුවාල කල පසු නැවත උඩ ඒමක් නැත..
මගේ සිත නුඹේ ආදරයෙන් පිරී පවතී....
එක්කෝ ආයෙ උඩ එන්න ඉඩ දෙන්න.. නැතිනම්
ළගට ඇවිල්ල හිල් කරල තුවාල කරල දාල යන්න... “
*******************************
මා මෙසේ ලියූවත් ඇය කිසි දිනක මෙය දකිතැයි නොසිතමි...
ඇයගේ මිතුරියක හෝ මිතුරෙකු වත් ඇයට මේ ගැන අකුරකුදු දැනුම් නොදෙනු ඇත..
එහෙත් මා නුඹට මෙසේ ලියා තබමි..
“ නුඹ තරම් මා හට පෙම් කල කිසිවෙක් මිහි පිට ඉපිද නැත.. ““.. !!
=================
කඳුලු දෙන්න මට හඩන්න සත් සමුදුර ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න..
.
හිත උපන්න ආලවන්ත - ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි - ඇය එවන්න මා බලන්න..
.
ලිහිණියනේ පියාඹන්න - ඈ ඇති තැන සොයා යන්න.
මා මිය යන බව පවසා  - ඇය එවන්න මා බලන්න..
........... සුනිල් එදිරිසංහ
===================
--- කුරුළු---

Monday, January 6, 2014

=== ජීවිතේ " සිහිනයක්ද " රත් මලී - වසන්තයක් කියා දෙයක් නැතී. === කාටවත් කියා .. පලක් නැතී.. ===


.
+ හෙලො..
- අප්පච්චී................ කියන්න මම මෙ ්ඔයාට මැසේජ් එකක් ටයිප් කර කර හිටියෙ අ‍නේ..
+ ‍අනේ පලයන් බොරු කාරි... මතකයක් වත් නැ උන්නද මලාද කියල..
- ඔය ඉතින් සත්තයි අනේ... මේ... ඒ... ෂ්...
+ මම යනව දැන් ටිකක් එලියට ඒක කියන්න කොල් කලේ..
- හා හොදයි අප්පච්චි පරිස්සමින් ගිහින් එන්න හොදේ...
+ හ්ම් .. හා ඒක නෙවේ මම අද බයිසිකලෙ යන්නෙ...
- ඇයි ඒ මොකෝ ඒ.. මැරෙනන්ද ???
+ මොකක්.. ??? යකො බයික් එකේ ගියාම මැරෙනවද ?.. මම කාර් එක ගන්න කලින් ගියේ බයික් එකේ තමා..
- ඒක වැඩක් නැ දැන් ඇයි.. කෝ කාර් එක ...
+ කාර් එකෙ යන්න පැට්රෝල නැ.. පැට්රෝල් වලට සල්ලි නෑ..
- අපෝ.. ඕක නම් කියන්නෙපා අපේ අම්මට ඇහෙන්නවත්.. ඉන්න හම්බෙන්නෙ නැ..
+ ඇයි ඒ..
- ඇයි අහන්නෙ තමන්ගෙ කාර් එකට පැට්රෝල ගහන්න වත් සල්ලි නැද්ද අහයි..
+ යකෝ එහෙම තමා.. ඉතින් කාර් එක ගත්තෙ මමනෙ..
- ඔවු අලිය ඉන්නව හෙන්ඩුව නෑ... මොකක්ද අයිය ඔය රස්සාව ඇත්තට.. නිකං මහන්සිය විතරයි.. පැට්රෝල ගහන්නවත් සල්ලි නෑනේද ? අපේ අම්මත් ඇත්තනෙ කියන්නෙ..
+ මේ මේ.. බයිල එපා.. මම මේ වෙනකම් හැම දේම කලේ මේ මගේ ජොබ් එකෙන්.. ඒක මට ඇති.. ඔයාලගෙ අම්ම එහෙම හිතනවනම් සොරි..
- සොරි ..! එයාට තමා සොරි.. මාව ලැබෙන එකක් නෑ..
+ අනේ මේ මගේ කාර් එක බලාගෙන නම් කොහොමත් එන්න එපා හොදද.. නංගියො මම ඕපපාතික දෙවි කෙනෙක් නෙවේ.. මම ඉපදුනේ අඹයකින්වත් නෙවේ.. මම උපදිනකොට එක එක ඒව අතේ තියාගෙන ආවෙ නෑ.. මගේ අප්ච්චිත් සාමාන්‍ය මනුස්සයෙක්.. කාර් වාහන තිබුනෙ නේ මම පොඩි කාලෙ..
මට මතක හැටියට මම මුලින්ම පැද්දෙ රිම් එකක්, ඊට පස්සෙ ටයර් එකක්, - රොද 3 ට්‍රයිසිකලයක්, ෆුට් බයික් එකක් ඊට පස්සෙ මදුරුවෙක් ඊට පස්සෙ මෝටර් යික් එකක් දැන් කාර් එකක්...
- අනේද කියන්නෙ... මුලින්ම ගිහින් තියෙන්නෙත් රිම් එකේ- දැනුත් රිම් එකේ..
+ මොන රෙද්දක් කියවනවද මන්ද.. මේ මෙ මම ඉන්න තැන ගැන මට සතුටුයි...
"මිනිහෙක් දුප්පත් වෙලා ඉපදෙන එක ඒ මිනිහගෙ වරදක් නෙවේ.. හැැයි දුප්පතෙක් විදියට මැරුනොත් ඒක ඒ මිනිහගෙ වරද "
තව දෙයක් තියෙනව..
" මම කැමති කවද හරි රෝද හතරක් තියෙන හර්ස් එකක අවසන් ගමන යන්න නෙවේ.. මිනිස්සුන්ගෙ කර උඩින් යන්න.. "

- ඔයා දැන් මැරෙන්න හදන්නෙ බයික් එකේ ගිහින්ද ??
+ අනේ මන්ද අප්ප බයික් එකට එයා අකමැති ඇයි කියල.. මම බයික් එකට ආසයි.. මට බයික් එකේ යනකොට මගේ පරණ දේවල් මතක් වෙනව.. හුළං පාර වදිනකොට අමුතු ගතියක් එනව.. මට අලුත් අදහස් එනව.. අනික එක එක කෝල් වලට ආන්සර් කරන්න නෑ. ට්‍රැෆික් වල වේලෙන්න ඒන නෑ.. පාකින් ඕන නෑ.. මාර නිදහස්..
- අනේ දෙයියනේ වැහැපං... මට නම් කවදාකවත් බයික් එකක යන්න දෙන්නෙ නැ අම්ම..
+ අනේ හරි පවු ඔයා .. එයා ඔයාගෙ ජීවතේ ඒ අත්දැකීම නැතිකරල දාල.. ඒක හරි පවු වැඩක්...
- කොහොම හරි කමක් න එහෙනම් පරිස්සමින් ගිහින් එන්න...
+ හොදයි.. බය වෙන්නෙපා මම දැන්ම මැරෙන්නෙ නෑ....
- මේ ඒ වුනාට ආයෙ රස්සාව ගැන ආයෙ හිතල බලන්න ඇත්තට.. නිකං මැරෙනව විතරයි නේ ලාබ අඩුයිනේ.. ජීවත් වෙන්න මැරිල වැඩක් නෑනෙ....
+ මම හම්බකරන්නෙ මිනිස්සු මිසක් සල්ලි ම නෙවේ...
" අනික සුදු නංගි.. මම ජීවත් වෙන්නෙ - මැරෙන්න නෙවේ.. මම ජීවත් වෙන්නෙ ඔයා වෙනුවෙන්..මේ මිනිස්සු වෙනුවෙන්.. අලුත් දේවල් කරන්න
හැබයි මම මේ මැරෙන්නෙ ජීවත් වෙන්න- ඒ අර කලින් කිවුව දෙක ඉෂ්ට කර ගන්න..

- තේරුනේ නෑ ඔයා පන්ඩිතයිනෙ කෝමත්.. හා දැන් යන්න මම ආදරෙයි ඈ.... ටටා...
===============
ජීවිතේ " සිහිනයක්ද " රත් මලී
වසන්තයක් කියා දෙයක් නැතී..
කාටවත් කියා .. පලක් නැතී.. //
.
මිටි බැදගෙන සහතික පාරේ දකුනෙන් යනකෙට
නලා පිභිනවා වාහන ඔච්චම් කර රක
අපි සතුට හොයන්නෙ....
අපි සතුට හොයන්නෙ මේ කඩ පිල් වල විතරද ...!!
.
දුර ඇවිදින් නැකතට ගණදෙවි නුවණත් අරගෙන
තාම හොයනවා මගතොට පැටලී වට පිට..
මට පාර වැරදුණේ..
මට පාර වැරදුනේ මම හොඳ මිනිහෙක් වෙනකොට..
...... ජානක වික්‍රමසිංහ
==================
----- කුරුළු------

Friday, January 3, 2014

=== මගේ කඳුලු ඔබට විහිලු - හිනාවෙන්න ඇති තරම් ===ඔබේ විහිලු මගේ කඳුළු - මා රිදවන්න ඇති තරම්===




.
- මොනවද අප්පච්චි ඔයා මේ කරන්නෙන
+ ඇයි.. මොකෝ ?
- ඔයා මේ ඔන දේවලුයි එපා දේවලුයි සේරොම දාලනෙ වොල් එකේ..
+ මොනවද ??
- මොජවජ තමා.. හුහ්.. ගෙම්බො. දැන් අරක බැලුවාම හිතයි අපේ අම්මල ඔයාට කැමති නැ කියල..
+ ඉතින් කැමති නැනේ...
- අනෙ මේ බොරු කියන්නෙපා.. හොදද . දැන් බලන්න ඕක දැම්මාම කෙල්ලො ලයික් කරයි කමෙන්ට් කරයි.. හුයියෝ.. පවු කුලුලු අයිය. පවු.... කිය කිය... ගර්.....
+ මොකෝ ගොරවන්නෙ.. කෝ එකෙක්වත් එහෙම කමෙන්ට් කරලද ?? නෑනෙ..
- ඔවු කමෙන්ට් නොකලට මැසේජ් එවල ඇතිනෙ.. අනික බලන්නකො දැන් මගේ තරහ කාරයොන්ට ඔය ටිකත් ඇතිනෙ..
+ ඇහ් ඔයාට තරහකාරයොත් ඉන්නවද ? මට නෑනෙ..
- වැඩක් නැ ඔයාට කියල.. මාව නැති වුන දවසක තේරෙයි හොදද..
+ මේ අහනවකො ඉබ්බි.. මම මෙ ලියන දේවල් වලින් මාව මනින්න එපා කියල මම ඔයාට කියල තියෙනව නේද ?
- ඔවු .. ඒත් මේ මිනිස්සු ඒවයින් මනිනවනෙ..
+ ඒ මිනිස්සුනෙ.. වෙන අය කොහොම හිතුවත් මට කමක් නැ.. ඔයා හිතන්නෙපා ප්ලීස් මට වදයක්..
- හම්... එත් මට දුක හිතෙනව.. මගේ යාලුවො මගෙන් අහනව සමහර දේවල් ඔයාගෙ සංකල්පනා බලල..
+ ඉතින මට හරි සතුටුයි.. ඒ කියන්නෙ මම දක්සයි.. දැන් බලන්නකො.. සංකල්පනයි අප්පච්චියි බැන්ද කියල මම ලිවුවොත් ඒක ඇත්ත වෙයිද ??
- හ්ම්.. ඔයාට ඉතින් කියන්න මෙනව හරි තියෙනව. ඔයා හෙන බක පන්ඩිතයිනෙ..
+ ඔවු මම රාජ කුමාරයෙක් නෙවේ ගෙඹි කුමාරයෙක්නෙ.. !!
- අනේ යනව යන්න.. ‍පිස්සු ***රා.. හූ ඇ...
+ ආ මේ මම තමුසෙට කියන්න හිටියෙ.. මම දැක්ක අර ගොම මුට්ටිය තාම ඔලුවෙ තියාගෙන ඉන්ව.. එකින් අයින් කරල අනික් එකේ තියන් ඉන්නව.. මම ආස නෑ.. කමක් නැ.. ඔයා ආස ඇති..
- තමුසෙ කිවූවා.............. තරහයි අප්පච්චිත් එක්ක..... මොනවද මොනවද මම තියන් ඉන්නෙ.. තේරුම් ගන්නකො අප්පච්චි ඒ මගේ යාලුවොනෙ..
+ මම ඔයාට එදත් කිවුවා අදත් කියනව -
" යාලුවො දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන් - හැබැයි ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවො වගේ ඉන්න බෑ.. " මොකද දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ ආදරේ තියෙන නිසා.. "
බුදු සරණයි මම තියනව ෆෝන් එක. පරිස්සමින් ඉන්න..
මගේ ආදරේ මදිනම් කියන්න.. වෙන තැන් වලින් අඩුව පුරව ගන්නෙ නැතිව.. කිරි වලට වතුර එකතු කරල කලේ පුරවන්න හදන්නෙපා.. කිරි ටික බාල වෙනව.. ඕන නම් කිරි ටික හලල වතුර පුරවගන්න.. ප්‍රස්නයක් නැ.. නැත්තං .ියෙන කිරි ටික තියන් ඉන්න...
- කිරි.. කරි.. කිරි.. පේරේතයිනෙ ඉතින් කොහොමත් කිරි වලට.. කිරි තමා මතක් වෙන්නෙ.. හුහ්.. කිරි.. කිරි.. කිරි.. ගගා ඉන්නෙපා තෙල් ටිකක් දාගන්නවකො.. හු හු..
+ මම තියනව බුදු සරණයි... ටටා..
=====================
මගේ කඳුලු ඔබට විහිලු - හිනාවෙන්න ඇති තරම්
ඔබේ විහිලු මගේ කඳුළු - මා රිදවන්න ඇති තරම්
.
විෂ මුසු හී සර වන් - ඔබගේ කුරිරු වදන්
නොතරම් නොවෙද ඔබේ දෙතොල් වලට නම්
මගෙ සිත කියවන්නට ඔබට නැත නුවන් //
.
දිලිසෙන කඩුතුඩු වන්- වපරුස් වහස් බැලුම්
කැලලක් වගෙයි ඔබේ දෑස් වලට නම්
මහදට කන් දෙන්නට ඔබට නැත සවන් //
.
මගේ කඳුලු ඔබට විහිලු - හිනාවෙන්න ඇති තරම්
ඔබේ විහිලු මගේ කඳුළු - මා රිදවන්න ඇති තරම්
...... කරුණාරත්න දිවුල්ගනේ..
=====
--- කුරුළු---

Thursday, January 2, 2014

=== උඹ එක්ක මං ආගිය හැම තැන් === === පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම.. ==


.
-අපේ අම්ම ඔයාට කැමති නෑලු..
+ ඇහ්....
( එකපාරටම එයා එහෙම කිවුවම මට කරන්ට් එක වැදුන වගේ දැනුන.. )
- ඔවු අප්පච්චි .. මම එයාට අද එන්න කිවුවෙත් ඒ ගැන කතා කරන්න..
+ හ්ම් ඒකත් එහෙමද ????
( ඒ සැඳෑවේ ගාලු මුවදොර අයිනෙ අප දෙදෙනාගේ සුපුරුද බංකුව මතදී ඈ කියු අරුයු මට අදටත් දෝං කාර දෙයි.... )
මා තවත් තදින් ඇගේ අත අල්ලා ගතිමි.. ඈ ද මාගේ උරහිසට හේත්තු වූවාය..
+ ඇයි අම්ම මොකද දැන් කිය්න්නෙ...
- ඉස්සර කියපු දේම තමයි අප්පච්චි...
+ මොකක්ද මම දුප්පත් කියලද ??
( ඇය මාගේ මුහුණ බැලුවාය.. ඇය හඩන්නීය.. නිසැකයෙන්ම කාරණාව එයම විය යුතුයි.. )
ඇයි මම දැන් මේ ඉන්න ප්‍රමාණය මදිද ????
- අනේ මන් දන්නෙ නෑ අප්පච්චි.. අම්මි හොයන්නෙ කොහොම කෙනේක්ද කියල ??
+ ඇයි ඔයා නෙවේද බදින්නෙ . මට ඔයාගෙ අම්මව එපා ඔයා හිටියම ඇති..
- ඒත අම්මි මට ආදරේ ඇති ඒකයි එහෙම කිය්නනෙ..
+ හ්ම්... මම දුප්පත්.. ඒක ඔයාලගෙ අම්මි මට කිවුවෙ සෑහෙන කාලකෙට කලින්.. මට තාම මතකයි..
එදා මට කිවුව.. “ගෙයක්  දොරක් වත් නැති එකෙක්ට අපි අපේ දුවව දෙන්නෙ නෑ කියල “
ඔයාට මතකද මම ගෙදර ඇවිල්ල ඔයාට කිවුව ?
දොරක් නම් හෙට වුනත් ගන්න පුලුවන් ගේ තමයි අවුල කියල ????
- හ්ම් ඉතින් අප්පච්චි ඔයාට දැන් ගෙයක් තියෙනවනෙ.. කාර් එකකුත් ගත්තනෙ එයා..
+ ඔවුනෙ එදා මම කට පියන් හිටයෙ එදා අම්ම කිවුවෙ ඇත්ත නිසා.. එදත් මගේ රස්සාව ගැන අම්මට විස්වාසයක් නෑ.. අදත් විස්වාස නෑ.. හැබයි අද මම නිකං ඉන්නෙත් නෑ..
- අනේ මන්ද අප්පච්චි මට තේරෙන්නෙ නෑ කොහොම මේක තේරුම් කරල දෙන්නද කියල අම්මිට..
+ මට දැනෙන විදියට නම් අම්මට ඕන කෙනාවයි එයාට බදින්න ඕන.. එයාට ඔයා ගැන උනන්දුවක් නැ.. එයා බන්නෙ එයාගෙ පහසුව... මම කියන්න ඕන නෑනෙ ඒ ගැන විස්තර..
- අනේ ම අසරණයි මම දෙපැත්තෙන් ම අසරණයි.. මම ඔයාටත් ආදරෙයි.. අම්මිටත් ආදරෙයි.. මට අම්මිගෙ හිත රිද්දන්නත් බෑ..
+ එයාලගෙ අම්මට මුලින්ම ප්‍රස්නෙ වුනේ කේන්දර ! ඉට ප්සසෙ අපේ අම්ම ( නැන්දම්මව ) ඊට පස්සෙ වන වෙන බොරු ප්‍රස්න ! දැන ්තව එකක්..
හ්ම් නොකෙරෙන දීගෙ හෙවනැල්ලත් ඇදයිලු... මට තේරෙනව ඔයා එන්න ිකවුවෙ ඒක කියල මට තේරුම් කරන්න වෙන්න ඇති
- ඔන්න එයාට තරහ ගිහින් වැරදියට හිතන්නෙපා අප්ච්චි..
+ ඒ කිය්නනෙ ආයෙ ඔයා එන එකක් නෑ .. ඔයාට මාව මුනගැහෙන්නෙ නෑ.. ආයෙ අපි කතා කරන එකක් නෑ... ඔයා යන්න යාවි...
- අනේ අප්ච්චි ප්ලීස් මාව තේරුම් ගන්න..
+ මට ඔයාව තේරුම් ගන්න පුලුවන් හැබැයි ඔයාගෙ අම්මව තේරුම් ගන්න බෑ....
- අපේ අම්මටත් ඒක තමා වෙලා ඇත්තෙ... එයා කියනව ඔයාට බැරිවෙයිලු මට කන්න දෙන්න වත්... !
+ මොකක් ???? එහෙනම් මගේ ගැන පොඩ්ඩක්වත් ද්නනෙ නැති කෙනෙක්නෙ එයා.. අපෝ මේ මාව දන්න කිසි කෙනෙක්ට ඇහෙන්න කියන්නවත් එපා පිස්සු කියල හිතයි..
- හ්ම් මම දන්නව අප්ච්චි අප්පච්චි ගැන..
+ සුදු නංගි.. මගේ කෑම එක කෙනෙක්ට දීල මම නොක ඉදිවි.. මගේ ඇදුම් වෙන කෙනෙක්ට දීල මම ගෙදරට වෙලා ඉදීවී... සමහර විට ජනවාරි පලවෙනිදාවකට වගේ අපට ඇදුම් ගන්න කැවිලි ගන්න තියෙන සල්ලි ටික අපිට වඩා දුප්පතෙකුට දීල “ නංගි අපි මේ පාර මුකුත් නැතිව ඉමු “ අපිට අවුරුදු ඕන නෑ එ මිනිස්සුට අවුරුදුනෙ.. ඒ ඇති මට.. කියල ඔයාට කියාවි...
ඒවගේ දේවල් නම් ඔයාට දරන්න වෙයි මා ඒක ඉන්නකොට.. මොකද ඒ මගේ හැටි.. ඒ හැරුනාම මම මට පුලුවන් උපරිම විදියට ඔයාව බලාගන්නව..
අන්තිමට කියනවනම් මම මට නැතත් ඔයාට කන්න බොන්න අදින්න දෙනව.. ඒක කවරුත් මට කියන්න ඕන නෑ...
- අනේ රත්තරන් අප්ච්චි මාව තව අඩවන්නපා...
+ සමහර විට ඔයා මගේ ගැන අම්මට හදුන්වල දීල තියෙනව වැරදි ඇති... ඔයාට බැරිවෙලා ඇති මම කවුද කියල ඒත්තු ගන්වන්න... හ්ම්...
- හ්ම් බලමු අප්පච්චි මම තවත් උත්සාහ කරන්නම්.. හැබැයි මට ඉස්සරහදි වැඩිය කතා කරන්න මුනගැහෙන්න බැරිවෙලා යයි.. අප්ච්චි මට ආදරේද..
+ මට ඔයාව එපා වෙන්නෙ නෑ.. ඔයාට එපා වුන දවසක කියන්න.... මම අම්මට ඕන විදියට රස්සාව නම් වෙනස් කරන්නෙ නෑ.. මට මගේ ගැන විස්වාසයි.. මම දැනුත් කිය්නනෙ ඔයාට ! එනවනම් එන්න මාත් එක්ක...
- හරි.. අප්ච්චි අම්ම ැදන් ඇවිල්ල ඇති කා පාර්ක් එකට මම යන්නම්...
.
තවත් තද කෙට එක් වරක් මා වැළද ගත් ඇය නැගිට පිටවගියාය...
එහිද අමුත්තක් මට දැනුනි.. ඇ මාගෙන් පෙරලා කිසිවක් කියන්න බලාපොරොත්තු නොවූවාය......
මා තනිව බංකුව මත හිඳගෙන සිටියෙමි..
එකින් එක පෙරලා එන රළ මට හිනාවෙයි... අයිස්ක්‍රීම් වෙළෙන්දාද නක්කලයට මෙන් උගේ අතේ ඇති රබර් බෝල නලාව මිරිකයි...
“ අන්න......සේ.......“ හැමදාම අන්නාසි කෑලි දෙක්ක මිලදි ගන්නා මුත් අද එක්ක ගත් නිසාදෝ මන්දා අමුතු“ අන්නා.....සේ... “ මාකටින් කෑගැසීමකි..
+ අම්මා මොනවා හිතුවත් කමක් නැත.. මම , මගේ ගැන දනිමි.. එක අතකට අම්මා ෆේස් බුක් එකේ නැති එකත් හරි අපරාධයකි.. කුරුළුට තියෙන ධනය මේ මිනිසුන් බව ඇ නොදන්නවා ඇත.... ඇය ඇගේ දුවව මාගේන් උදුරා ගැනීමට සැරසෙයි.. ඒ මාගේ නමේ ඉස්සරහින් වත් පිටිපසින් වත් එක එක ඉංගිරිසි අකුරු නැති නිසාවෙනි..
දැන් මාසයක් විර එක දිගට ඉරිදා පත්තරේ පලවෙන මගේ එකදු කවියක්හෝ මාවත් දැක නැත... ඇය ගැන කවර කතාද ?
නැගී සිටය යුතුය..... අදින් පසු ඇය නැතත් මම මෙනුවරට පැමිනෙමි.. හරියටම මෙතැන ම හිදිමි...
නුඹලා මාගේ ආදරයේ සාක්ෂිකාරයෝය.. මා පෙම් කල බව නුඹලා දනිති.. ඈ විඳින්නීය.. මට ඒ ඇති... අම්මාගෙන් වැඩක් නැත...
ඇයට ඇතිනම්... අම්මට............. මොකද ??
+ මා දුවගෙන ගොස් ඇගේ අතින් අල්ලවා ගතිමි.. සුදු නංගි මට ඔයාට, කන්න බොන්න දෙන්න පුලුවන්ද බැරිද කියල ඉස්සෙල්ල මට ඔයාව දීල බලන්න කියල අම්මට කියන්න...
**********
උඹ එක්ක මං ආගිය හැම තැන්
පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම..//
.
ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
රෑ සටහන් පපුවේ මැද මැවුනා
අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින්
ගනුදෙනුවක් කරගන්නට බැරුවා
.
උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය
කෙල්ලන් තව අය හා යනවා
කියා... ඇය සුද්දියකට හරවා..
උදුරාගත්තා...
** මා මිත්‍ර අමිල නිදහසගේ ගීයක්
====
අමිලගේ මේ සින්දුවට මෙච්චර ඉක්මනට මගේ අතින් සංකල්පනාවක් ලියන්න වේවි යැයි මම සිහිනයකිනුත් නොසිතුවෙමි.. -
--- කුරුළු--

Monday, December 30, 2013

=== ඉකි ගසා හඬන අතීතයක - කඳුලු එක්ක ගනුදෙනු කරනා == මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා... ==


.
ගොඩක් වෙලාවට අපි අතීතයේ කරපු දේවල් නිසා පසුතැවෙනව..
ඇත්තටම අපි අතීතෙ සෑහෙන්න මෝඩ තීරණ අරන් තියෙනව.
මෝඩ විදියට හැසිරිල තියෙනව..
සමහර වෙලාවට අපි ඒ දෙවල් ගැන හිතල කල්පනා කරල බලද්දි
අපිටම ලජ්ජයි..
මටම හිතෙනව අනෙ ‍මම මේ වගේ දේවලුත් කලානේ කියල...
ඇත්තටම හැම වෙලාවකම අතීතය බොළඳයි..
මේ ගෙවෙන හැම තත්පරයක්ම එහෙම වේවි...
සමහර වෙලාවට මම ම මේ දේවල් ගැන හෙට දුක්වේවි..
ඒ වගේම එයත්...
අපිට ජීවතේ හදා ගන්න බැරි තරම් වැරදි අපි කරනව..
ඒව නිසා අපිට සමහරුන්ට මූණ දෙන්න බැරි වෙනව..
අපිට සිද්ධ වෙනව ඒ අදාල මිනිස් සමූහයෙන්ම පැනල යන්න..
මතකද ?....
දවසක් ඇහුව ඇයි ඔයා ගොඩක් වෙලාවට මේකෙ ලිය්නනෙ කියල...
ඇත්තටම .. මට සතුටු වෙන්න පුලුවන් එකම දේවල මේ මගේ ලියවිලි..
එයා ගැන එයාගෙ ආදරේ ගැන ලියන එක තමා මට ඉතුරු..
මම හිතනව මේ මම ලියන දේවල් දැන් අපි දෙන්නට වැඩක් නැතත්
අපෙන් පස්සෙ එන එහෙමත් නැතිනම් කුරුළු වගේ ආදරේ කරන්න හදන අයට හයියක් වේවි...
ඇත්ත ම දන්නව "මේලෝකෙ ආදරේ කරපු පලවෙනි දෙන්නත් අපි නෙවේ "
" ආදරේ අහිමි කරගත්තු පලවෙනි දෙන්නත් අපි නෙවේ.."
එත් මම කැමති මගේ අත්දැකීම තියෙන එකම සහ අනිතමය මම වෙනව දකින්න...
අපි හැමෝටම පරණ සබඳ කම් තියෙනව...
අලුත් සබඳ කම් පටන් ගන්නකොට පරණ දේවල් අයින් කරන්නෝන...
ඒක මම එයාට මුලදිම කිවුව... නැත්තං ප්සසෙ ඒව තැන් තැන් වල ඇනෙනව..
හැබැයි ඒ අයින් කරන එක. එයා දැක්කෙ බොහොම සරළව...
හරියට ඒ නමින් තිබුනු ‍ෆෝල්ඩර් එකක් මකනව ‍වගේ මට පේන්න මකල දැම්ම...
හැබයි අමතක වුනා එක දෙයක්..
ඒ තමා බැකප් සහ ටෙම්පරි හදපු ෆයිල් තොගයක් ඒ හාඩ් එකේ ඉතිරි වෙලා තිබුන...
කාලයක් යනකොට ඒව උඩට මතු වෙන්න පටන් ගන්නව..
ඊට වඩා හොදයි හාඩ් එක ෆෝමැට් කලා නම් මුලදිම..
අපි කලින් කාපු පිගාන හෝදන්නෙ නැතිව හරි බාගෙට හෝදල හරි තිබුනොත් අපිට ඒකෙ ආයෙ කන්න බෑ.. අප්පිරියයි ඒ පිගාන අපිටම වෙන් වුන එකක් වුනත්...
ඒ නිසා කෑවනම් පිගාන හෝදන්න...
මම දවසක් මගේ මිත්‍රයා අමිලට කිවුව මෙහෙම කතාවක්...
"" අපි ෆෙරෙන්ඩ් රික්වෙස්ට් එන තරමට ඇතුලට දාගන්නව අනිත්මට ලිස්ට් එක පිරෙනව.. නැතිනම් අපිව තාවකාලිකව බ්ලොක් වෙනව.. ඊට පස්සෙ අපිට අවශ්‍යම ලෙංගතුම කෙනාව අ‍පේ ලගට ගන්න බැරි වෙනව.."
ඒ වෙලාවට කෑ ගහල අඩන්න හිතෙනව.. ඒත් පරක්කු වෙන්න පුලුවන් එතකොට
ඒ දේ අපේ ජීවිතේට වුනාම දරාගන්න අමාරුයි.. ආදරේ කරද්දි ඊටත් අමාරුයි..
මම අන්තිමට මෙහෙම කියන්නම්..
කාලෙකට කලින් ඔයාගෙ ඔලුවෙ ගොම පුරවපු රත්තරන් ගාපු හට්ටයක් ඔයාගෙ ඔලුව උඩින් තියාගෙන.. ඔයා ඒක පෙන්න පෙන්න ගිහින් හැමෝටම.. හේතුව හට්ටිය රත්තරන් නිසා.... දන්නෙම නැතිව ඔයාගෙ දැගලිල්ලට ඇගෙත් යන්තං හලාගෙන..
ඒත් මතක තියාගන්න ඔයා ඕක ඔලුවෙ තියන් ඉන්නකම් ඔයා යන යන තැන ගඳ ගහන විත්තිය.. ඉස්සෙල්ලම ඕක බිමින් තියන්න..
ඊට පස්සෙ අපි ඇගේ ගැවුන ඒව හෙමීට පිහිද ගමු.... !!!
මේක දයාබර ඇරයුමක්..... !!!!!
=====================
ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
හීනෙන් හිනැහි තුන් යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම.. යලි සොයනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
========================
-----------කුරුළු ----------------