Tuesday, December 17, 2013

දෙයියො.........





-චැහ් උඹ වගේ කරදරකාරයෙක්...
+ඇයි. ඇයි.. මනුස්සයො එහෙම කිය්නෙ.. මම මෙනවද උඹට කරල තියේනනෙ..
- එහම කියනනේ ?? නොකිය කෝමද ? උඹ මගේ මුලු ජීවිතේම කාලකණ්නි කරල දැම්මනේ..
+ මොනව ?? සමාවෙන්න ඒ කෝමද ??
- උඹලෑ අම්ම.. උඹව ලබාගන්න කොච්චර මට කරදර කලාද ?
ඊට ප්සසෙ උඹ බබට ආවාම මටට කොච්චර කරදර තිබුණද..
හ්ප්පෝ ඊට හපන් උඹ ලැබෙන්න ගිය වෙලාවෙ .. මමත් නොමැරී මැරුණ..!
අපි අමාරුවෙන් තමා උඹව බේර ගත්තෙ..
ඊට පස්සෙ කොන්ඩෙ කපනකොට - අකුරු කියවනකොට ආ තව සරම්ප පැපොල කම්මුල් ගාය වගේ ‍ලෙඩ වලදි? පොඩි කාලෙ විසබීජයක් ගිහිල්ල ...
හප්පා ඒවට කොච්චර මහන්සි වුනාද මම..!!
ඊට පස්සෙ උඹව ඉස්කෝලෙකට දාගන්න ඕන වුනාමත් මගේ ලගට ආව..
ඊට ප්සසෙ පහ වසරෙ විභාගෙ වෙලාවෙ උඹලෑ අම්මයි මායි කොච්චර දුක් වින්දද ?
+ මොනව මොනවද තමුසෙ මේ කිය්නනෙ.. එ.. එතකොට අපෙ තාත්ත !!
-හැහ් මිනිහට ගාණක් වත් නෑ බොල.. අම්ම කොච්චර මගේ ගැන කිවුවද ?
මිනිහ විස්වාස කලේ නෑ ම‍ගේ ගැන...
+ ඉතින්
- ඉතින් තමා එතැනින් නතර වුනේ නෑ ..
පහවසරෙන් පස්සෙ ඕලෙවල් විභාගෙ ඒ ලෙවෙල් කැම්පස් ඒ හැම එකකදිම මම උඹෙ පස්සෙන් හිටිය.. උඹට රස්සාවක් ලැබනෙකම්ම.....
මම හිතුව උඹට රස්සාවක් ලැබුනාම මට උඹලෑ අම්මගෙන් තිබුන කරදරේ ඉවරයි කියල..
මොන පිස්සුද .. මේ ගෑනි මට දැන් කියනව උමට හොද භාර්්‍යාවකුත් හොයල ගෙනල්ල
දෙන්නලු..
හා හොදයි මයෙ පුතේ උඹම කියපන් මම උමලෑ තාත්තත් නොවිච්චි
මට ලැබෙන අහවල් බම්බුවකුත් නොවිච්චි.. මම මොකෝ බං මේචචර මැරෙන්නෙ...
මට කියල වෙනම ජීවිතයක් නැද්ද මං අහන්නෙ..
පොඩ්ඩ ඇත්තං මට අඩගන්නෙපා බං...
+ මට ප්‍රස්නයක් මේක නම්.. කවුද ඔයාට අඩගැහුවෙ මට උදවු කරන්න කියල..
අනික ඔයා කවුද ?
- හනේ හනේ මම කවුද කියල උමට අදුරගන්න බෑනේ..
ඔන්න පේනවනේ උඹලට මේචචර උදවු කරල මාව අදුරගන්න බෑනේ..
+ බෑ තමා ..
- යකෝ ! මම උඹේ දෙයියො...!! අනේ මයෙ පුතේ පිං සිද්ධ වෙයි..
මම උඹේ අම්මගෙ අන්තිමට ඉල්ලපු දේත් ඉස්ට කොරල දෙන්නම්.. හැබයි ඊට ප්සසෙවත් මාව නිස්‍දහස් කරල දියංකො...
- ද්..දෙයියො........ දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ..
===කුරුළු=====

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව..




මා මෙය නුඹට නොකීමට සිතා සිටියෙමි..
එහෙත් මේ දැන් ඊට කාලය යැයි සිතමි..
එය මෙසේ දැන් නුඹට නොකිවුවවොත් කිසිදිනක ඊට අවස්ථාවක් නොලැබිය හැක..
මාගේ හිස වෙනදාටත් වඩා දැන් දැන් රිදුම් දීමට පටන් ගෙන ඇත..
කුඩා කල සිටම විවිධ අවස්ථාවන් වල
විවිධ හේතු නිසා රිදුම් දුන් හිස මෑතක සිට වඩාත් වැඩි වැඩියෙන්
නිතරම රිදුම් දෙන්නට පටන් ගෙන ඇත..
ඒ වැඩි වැඩියෙන් මා ලියන නිසාය.. වැඩි වැඩියෙන් කල්පනා කරන නිසාය...
මාගේ අසනීපය ගැන්නා නුඹ ..
- අයියෙ වැඩයි එක එක දේවල් කල්පනා කරන්නෙපා.. වැඩිය ලිය්නනෙපා..
යැය මට නිතර පවසයි..
එහෙත් මා ලියා තැබිය යුතුය..
මා දන්න කරුනක් වන්න‍ෙ
- හෙඳ මිනිස්සු වැඩි කල් ජීවත් නොවන බවයි..
මමද හොද මිනිහෙක් වීමට ආසාවක් ඇත..
එබැයින් මා කල යුතු සියල්ල ඉක්මනින්න කල යුතුව ඇත..
මා අවට සිටින්නන් මාගේ නිර්මාණ බලාපොරොත්තුවෙන් සිටිති. මා මාගේම පැරණි නිර්මාණ යලි යලිත් පල කරනව විට..
- පරණ ඒව ඇති බං අලුත් දෙයක් ලියපංකො .....
ඔවුහු ම බැනවදිති..
නංගි---------
ඉතින් මා ලිවිය යුතු නොවේද ?????
- ඔයා ඇරුනාම ඔය ඉන්නෙ ඕන තරම් අය ලියන්න...
ඒ කොතරම් හිටියත් ඔවුනට මාද අවැසිය...
******
මා සිතනා ආකාරයට මාගේ ශරීරයේ වැඩිපුරම වැඩකරන්නේ ඔලුවයි..
අනික් හැම අවයවයකටම වඩා එය නිතරම වෙසෙහට පත්වන්නකි..
ඒ නිසාම මට නිතරම අබාධවලට ලක්වීමට සිදුවේ..
ඒ හැම අවස්තාවකදීම මා රෝහල් ගත කරන්නේත් දුක් විදින්නේත්
මා දෙමවුපින් මිතුරන් සහ ඇයය..
මෙසේ මම ඇයට ස්තුතය පුද කරමි..
මා මනස පිලිවෙලකට තබාගනීම උදසා මා මගේ හදවත ඇය වෙත තැුවෙමි..
ඇය අදද ඒය නිසි ලෙස පරිස්සම් කරන්නීය..
මා දන්නා කරුන නම් ඇය මාගේ හදවත බලාගන්නා විලාසය නිසා මාගේ මේ මනස
මෙතෙක් කල් හෝ හොදින් ක්‍රියා කරන බව පමණි..
මාගේ වයසත් දැන සෑහෙනනය... ජීවිතයෙන් අඩක් පමණ ගෙවා දමා ඇතැයි සිතමි..
මා ඉපදෙන දවසෙ සිටම මා සතු වු මේ සියලු අවයව
තම තමාට අයත් කුදු සේවා සැපයීම් නොපිරිහෙලා ඉටු කලහ..
ඔවුන්ට හද පිරි ප්‍රණාමය..
එහෙත් දැන් එකින් එක විඩා නැගේ..
වැඩිපුරම රිදෙන්නෙ මා කලින් කීවාක් මෙන් හිසය..
හදවත නම් රිදෙන්නේම නැත ඒ ඇය ඒ ආරක්ෂා කරන බැවිනි..
ලගදී අතක් කකුලක් තුවාල විනි, ඇහැක් නිතරම දගලයි,
කණක් පැසවූ නිසා රොහල් ගත වූයෙමි, දත්ක් නිසා වින්ද වේදනා අපමණය..
යටි බඩේ කොරයක්ද ඇති වන්නෙ ගෑස් නිසා යැයි අම්මා පැවසූවත්
මේ එක තැන වාඩි වී හිදීම නිසායැයි මල්ලි දොස් නගයි..
මා ඉපදුන දවසෙ පටන් මිය යන්නෙමි... ඇග සේදිමේදි උඩු හම ගැලවී යයි.
කෙස් වැවී කපා දමමි, නියපොතුද එසේමැයි, දත්, රැවුල් දිනෙන් දින ගෙවේ වැටේ..
කෙස් අතරින් පතර මැරී සුදු පැහැ වී ඇත.., ඇග ඇතුලින්ද එසේමය..
අක්මාවේ වකුගඩු තුල සෛල දිනෙන් දින මැරේ...
එසේ බැලු කල තවම මනස නම් නොසීදි පවතී..
එහෙත් ඉඳ හිට හිස බලවත් රිදුම් දෙයි..
මා නුඹට මෙසේ කියමි...
නුඹට දුන් හදවත නුඹ නතර කලා නම්...
මා මිය ගොස් බොහෝ කල්ය......
දැන දැන් ඉඳ හිට රිදුම් දෙන ඇදුම් කන හිස කොයි වේලේ හෝ තම ක්‍රියාකාරීත්වය නතර කරනු ඇත...
එදාට සමාවන්න...
මට හැකි පමණ මම මේ ඇඟ කවා පොවා නහවා බලා ගතිමි..
මේ තරම් කල් හෝ කුදු සේවා සපයමින් මා හට සේවා කල මාගේ නිර්මාණ මොවුන් වෙත ගෙන ඒමට මට උදවු කල අවයව , නුඹලාට මගේ ප්‍රණාමය..
කොයි මොහොතක හෝ මේ කූඩුව අතැර යා යුතුව ඇති යැයි නිතර සිතේ..
අලුත් කූඩුවකින් මා නැවත නුඹලා හමුවට පැමිනෙන්නෙමි..
මට දුකක් නැත......
නුඹලාද දුක නොව්න්න...
මාගේ හදවත තවම ඇය සතුය.. මා ඒ ගෙන නොයමි...!!!
=======
මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය හීන් හඩින් මට කියාවි...
.
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
නන්නාදුනනා ඔබගේ ... අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
.
අඩ සඳ බැස ගෙන යන සඳ - සීතල අදුරු රැයක..
අඩ සඳ බැස ගෙන යන සඳ - රෑයි හඩන වැවු අතරින්
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..
===========
- කුරුළු--

Wednesday, December 11, 2013

======= මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ======= ======== ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න =======


.
- අප්පච්චි ...
+ මොකෝ..
- මට කියන්න දෙයක් තියෙනව....
+ කියන්න ඉතින් ඔයාට කියන්න දෙයක් නැතිනම් තමා පුදුමෙ....
- අප්පච්චි මගේ එක්ක ඉන්න පින්තුර දාන්නෙපා...
+ ඇයි?
- ඒක ප්‍රශ්නයක් අප්ච්චිටත් මටත් !
+ අපිට ඒක ප්‍රශන්යක් නම් අපි නොදා ඉමු.. ඒත වෙන අයගෙ හිත රිදෙයි වෙන අයට ප්‍රශ්නයක් කියලනම් නොදා ඉන්න එක හරි නෑ....
- තේරුම් ගන්නකො අපි වටේ ඉන්නඅය....
+ මේ මේ මේ.. වටේ ඉන්න අයගෙ චරිත සහතික උඩ මම ජීවත් වෙන්නෙ නෑ ඔයා දන්වනනෙ...
- බෑනෙ පොඩ්ඩ ඇත්තං තරහ ගන්නවනෙ කිසි දෙයක් තේරුම් ගන්න බෑනෙ...
+ බැරි නෑ.. ඔයා ගැන වෙන කෙනෙක්ගෙන් අහනවනම් මම වැරදි. මොකද එතකොට එයා කිය්නනෙ ඔයා එයත් එක්ක හිටිය විදිය.. මගේ ගැනත් එහෙමයි.. එත් අපි දෙන්නම එ ්අය එක්ක මේ වගේ ආදරෙන් ඉදල නෑනෙ.. අපිට ඒ අය එක්ක තියේනනෙ වෙන සම්බන්ධ... එ ්අය ඒ සම්බන්ධ කම් ගැන අපිව මැනල කතා කරාවි.. ඒකෙන් මට ඔයාවත් ඔයාට මාවත් මනින් බෑ.. අනික ඒ කියන දේවල් උඩ ඔයාව්ත මමවත් අපිව මනිනවනම් තීරණ ගන්නවන් ආදරයක් ඇත්තේත නෑ..
- අප්පෝ බෑනෙ මෙයා ... කාත කරනව කෝච්චිය වගේ ... මට කියන්න දෙන්නෙ ණෑනෙ.. ඒකනෙ අපෙ ්ගෙදර ආවම අම්මත් කිවුවෙ අප්පච්චිගෙ කතාව වැඩියි කියල...
+ කතා කලයුතු තැන ඒ දේ ගැන කතා කරමි- නොකල යුතු තැන නිස්සදව ඉදිමි...
- හා ඈ...
+ අනික මගේ මේ country lock කැඩුවෙ ලගදි.. එතකම් කතා කලේ නෑ.. දැන් බැරි ඒවත් එක්ක කතා කරන්නෙපැයි.. ඇයි යකො ්මම මගේ ගෑනි එක්ක කතා කරන්නෙ නැතිව මොනව කරන්නද..
- ආ ඇත්තද.... මේ කෝම වුනත් ලයික් එපා කොමෙන්ට් එපා ... දැක්කනෙ අද උදෙත් එක්කෙන්ක කමෙන්ටුවක් අයින ්කරල තිබුන...
+ මේ අහන්නකො.. මගේ ආදරේ ගැන මට ලයික් කොමෙන්ට් කරන්න බැරිනම් මට වැඩක් නෑනෙ.. අනික මම ආස නෑ කෙහෙවත් යන උන් ඔයාට පැටියො බබෝ කියල පැනි කමෙනට් දානවට... යාලුවොන්ව මම දන්නව ඒ යාලුකම නෙවේ....
- ඒක ඒ අයගෙ වැඩක්නෙ මහත්තයො- මගේ ඇගේ වදින්නෙ ණෑනෙ... ඇයි මට බනින්නෙ....
+බනිනව නෙවේ.. අම්මිම තමා මට කිවුවෙ මගේ අදරේ බෙදා ගන්න ඕන නෑ.. දුක්ගන්නාරාල වෙන්නෙපා කියල.. එතකොට ඔයා????? මමත් ආද නෑ ඔයාගෙ ආදරේ බෙදා ගන්න... අනික් කාරණාව තමා මම කෙනෙක්ට ආදරෙයි නම් ලොකෙට කෑ ගහල කියනව මම ආදරෙයි කියල හැංගි හොරා ලවු කරන මට ආස නෑ.. ඇයි ඔයාට කුරුලුගෙ කිරිල්ලි කියන්න ලජ්ජද ????
- පිස්සද අප්ච්චි මම කොච්චර ආදරේද ? ඒත් කලබල වෙලා ප්‍රස්න විසදන්න බෑනෙ... අප්ච්චි අපි නාන්න උණු වතුර රත් කලාම ඒක නිවාගන්න ක්‍රම 2 ක් තියෙනව.. එකක් ඇල් වතුර දාන්න පුලුවන් අනික හෙමීට නිවෙන්න දෙන්න පුලුවන්.... හැබයි වැදගත්වෙන්නනෙ නිවන්නෙ නැතිව ප්‍රෙයෝජනයට ගන්න බැරි එකයි... මෙතැනදි අපි ඇල් වතුර දාල නිවුවෝත වතුර නරක් වෙනව.. ඒ නිසා හෙමීට නිවෙන්න දෙමු...
+ නැ මට බය අපි නිවෙන්න තියල තියෙන කොට එක එක ඇවිල්ල ඒකෙන් කෝප්ප අරන් උන්ගෙ කෝප්ප හෝද ගන්න හදන එකට.... උන්ට තේරෙන්නෙ නැතිද ඒ වතුර අපේ කියල දැන් උන්ගෙ නෙවේ කියල...
-අපෝ මෙයා තරහ ගන්නවනෙ අප්ප බෑනෙ කතා කරල කියල දෙන්න..
+ හොදයි ඔයාම හිතන්න මට ඔය වගේ දෙයක් වුනාම ඔයා කෝමද හැසිරෙන්නෙ කියල එච්චරයි..... මම තියනව ෆොන් එක බායි...
- එපා එපා එපා අනේ ප්ලීස් තරහ ගිහින් ෆොන් එක තියෙන්නෙපා.. එතකොට මට දුකයි..
+ නෑ දන්නවනෙ අප්පච්චිගෙ හැටි සෝඩ බෝතලෙ ්වගේ.. හැබැයි දැන් තරහ ගිහින්... ම තව විනාඩි 5කින් ගන්නම්.. ඈ....ටටා...
- හ්ම් මම ආදරෙයි ඈ.. බායි ඈ... නුපුරු මොණරා........ ආදරේ මනින්න මිම්මක් නැ වගේම මං ලග ආදරේ ඔප්පු කරන්න සාක්ෂිත් නැ මං ලග සමාවෙන්න අප්පච්චි
+ සමාව ඉල්ලන්නෙ වැරදි කරන අය.. අම්මි වැරැද්දක් කරල නෑ.. හොදේ අප්ච්චිට ටික් තරහ ගියා එච්චරයි.. මමත් ආදරෙයි.. ටටා.....
============================
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
.
සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිගු පේලි සැදී නගති මධුර නාදේ
මල් ගොමු තුල නිල් පලු දල යහන් නිබඳ සෑහේ
.
ලවන් දොඩම තුඩ තබමින් බොත රස මදු පානෙ
සුරත් සහන් එරලි දැල්වේ දෙනුවන් මිනි පානෙ
ලඹදුන් සපු දුනු කේ මැද පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබලු වටෙන සිහිලැල් හඳ පානේ...
... (නන්දා මාලනිය)
=============================
------------කුරුළු---

Monday, December 9, 2013

- බලාපොරොත්තුව දෝත දාරා === මග බලා හිදි ඔබ එනතුරා..... - ආයෙ හෙට දවසක් තියේවී - අද වාගේ... ======= ජීවතේ සුන්දරද මෙතරම්... - සුවද දැනී දැනී දැනෙනවා...==


.
- ඒයි.. චන්ඩියා..
= කවුද යකො..
- අප්පච්චී............. මේ මම...
= දන්නව දන්ව නැතිව ඔය නොම්බරෙන් වෙන කවුරුත් කතා කරනවැයි...
- අන්න අම්ම එන්න කිවුව..!
= ආහ් එහෙනම් ගිහින් එන්න... මම තියන්නම්.. බායි..
- අයියෝ මට නෙවේ අනේ.. එයාට
= මට?
- ඔවු..
= ඒ මොකටද ?
- ඇයි ? මාව එපාද ?
= අම්මට සිරි ඔයාව දෙන්නද එන්න කිය්නනෙ..
- අපේ අම්මට ඔයාව බලන්නොනලු... කතා කරන්නොනලු...
= හුටා... ඇයි මම ඒ තරම් ප්‍රසිද්ධ වෙලාද ?
- මේ.. විහිලු නෙවේ හොදේ.. නැත්තං මම තියෙනව ..
= හරි හරි.. ඇයි ඇත්තට එන්න කිවුවෙ නංගි...
- දන්නැ.. ඔයාට එන්න කිවුව.. අපේ ගෙදර රෑ කෑමකට... ඔයාත්තෙක්ක කතා කරන්නනෝනලු...
= කවදද ?
- හෙට...
= හෙට? හදිසියෙද ?
- නෑ අනේ අපේ ආච්චිගෙ උපන්දිනේ හෙට ගෙදර අපි කපුටු දානයක් දෙනව ඔයාටත් එන්නලු... හූ ඈ...
= මම මොකටද ඔය ඉන්නෙ බකුසියක්...
- නෑ ඇත්තට .. අප්පච්චිටත් එන්න කියන් කිවුව අත්තම්මගෙ උපන්දිනෙට...
= හරි මම එන්නම්... හැබැයි මම වැඩිය ක්නනෙ නෑ නංගි... ඔයා මොනව හරි පෝඩ්ඩක් ඇති... ෆ්‍රයිඩ් රයිස් කන්නෙ නෑ.. බුරියානි එකක්... ඔය මොනවහරි හොදි ටිකක්... සෝස් ටිකක්.. සොජේ කරලක්..., ඩෙසට් එකට.. මම ආසම ෆෘට් සැලඩ් හදල අයිස්කරිම් දාල... කොමඩු කෑලල්කුත් හොදා.... අම්මට කියන්න එච්චර දේවල් හදල මහන්සි වෙනෙපා ඒ ඇති කියල
- ආහා ඇත්තද... ම කිය්නනම්කො... මැටි... **රා.. මේහ් එක් නෙවේ පිලිවෙලකට එනව ඈ.. අම්ම එදත් ඇහුව අර ලොකු මාල දාං මොකො ්කියල...
= ඇහ් ඇයි මම අපිලිවෙලයිද ? මේ එන්නෙපා ඈ...
- නෑ සුදූ අහන්නකො මට බයයි ඉතින් එයා අකමැති වුනෝත අපේ තාත්තිත් අකමැතියි තමා.. ප්ලීස් ...ප්ලීස්..
= ඇයි මම ගොනෙක් කියල හිතුවද පිස්සකේ වගේ එන්න මම හොද ඩිපොසිට් කොල්ලෙක්..!
- ඩිපොසිට් කිවුවෙ..
= තැන්පත් අනේ... මේ අම්ම මොනවද අහන්නෙ ... පේපර් එක කි්න පන්න ගන්න බැරිද.. කොමසාරිස්ට හොරෙන්..
- මුකුත් අහන්නෙ නෑ.. හැබැයි අපේ අත්තම්ම නම් ඔයා ගේට්ටුවෙන් ආව වෙලෛ් ඉදන් ඇහැගහන් ඉදියි.. එයා හරි ආදරෙයි පුතාලට.. ම්..... අම්ම ඔන නම් අහයි.. පවුලෙ විස්තර.. මේදවස්වල මොනවද කරන්නෙ.. රස්සාව ගැන.. එහෙම එ ්වගේ දේවල්..
= මගේ රස්සාව කෝමද කියන්නෙ.. අම්ම තේරුම ්ගනීද? මේ අම්ම හොයන්නෙ ඉංජිනේරුවරු දොස්තරවරු ලෝයර්ලද දන්නෙ නෑ..
- නෑ අනේ......
= අප්ප මගේ නමට ඉස්සරහින් වත් පස්සෙන් වත් ඉංගිරිසි අකුරු නැති වුනත් නංගි මගේ පිටිපස්සෙන් මිනිස්සු ටිකක් ඉන්නව හොඳ... මගේ ලගට මිනිස්සු එන්නෙ, හිතේ ලෙඩේට බෙහෙත් ගන්න.. ආදර නඩුව දිනන හැටි අහන්න..., හදවතේ මැෂින් එක පණ ගහගන්න... එත් ඒක මට ඔප්පු කරන්න විදියක් නෑ...
- හරි අයියෝ.. අම්මට නිකං කියන්න ඉතින්...
= හා හරි කොයි දේ වුනත් මම මේක නම් කියනව අම්මගෙ මූන බලාගෙන.....
“ අම්මෙ, මට අම්මල හිතන තරම් සැප දෙන්න නම් බැරි වේවි, ඒ මම ඒ මට්ටම දන්නෙ නැති නිසා.... හැබැයි අම්මෙ නංගිව මට දුන්නොත් අම්මල හිතන තරම් දුක් නොදී බලාගන්නව“ සත්තයි.....“
- හ්ම්.... අයිය ඉතින් හිත් දිනන්න දස්සයිනෙ... මේ ඒක නෙවේ හිස් අතින් එහෙම එනව නෙවෙයි ඈ...
= ඇයි? ආච්චිට තෑගිත් ඕනෙද...?
- ආච්චිට නෙවේ මට !
= ආහ් ඔයාට මොකො තෑගි.. ඔයාගෙ උපන්දිනේ යෑ...
- මගෙ වගේ තමා.. මගෙ සුදු කොට ආච්චියගෙනේ...
= හා මම ඔයාට බොරු දත් සැට් එකකුයි ආච්චිට ටෙඩිබෙයාර් කෙනෙකුයි ගේන්නම්කො...
- එහෙනම් වෙලාවට එන්න.. මම බලන් ඉන්නව ඈ...
======
සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එලියේ අලුත් ඉරක්දෝ මේ..
හිතට ගලවා හීත බිඳු බිඳු
හීන් පිණ් හුලගේ හිනස්සා හිත හැගුම්
සුවඳ දැනී දැනෙනවා....
.
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ
හෙමිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවා
ජීවතේ සුන්දරද මෙතරම්...
සුවද දැනී දැනී දැනෙනවා...
.
රෑන් රෑන් එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්චරම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දාරා
මග බලා හිදි ඔබ එනතුරා.....
ආයෙ හෙට දවසක් තියේවී - අද වාගේ...
ජීවතේ සුන්දරද මෙතරම්...
සුවද දැනී දැනී දැනෙනවා...
==
---කුරුළු---

Wednesday, December 4, 2013

=====මුහුන රතු වෙලා දෙනෙතින් කදුලු පනින තුරු එලියට ===== =====ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...=====


.
වේලාවකට හිතෙනවා මගේ ජිවිතේ හැමදාම මම කැමති දෙවල් මට ලැබිලා නැ
මට ලැබිච්ච දෙවල් වලින් මම සතුටු වෙලා විතරයි කියලා..
මට ලෝ කරන්න බැරි වුණා. මම කැමත්තෙන් හිටියේ කොළඹ යුනි යන්න මට බැරි වුණා. කොහෙද වන්නියක යන්න ලැබුනේ
මට ඩිග්‍රි එක කරන්න බැරි වුණා
මම හරි ආසවෙන් හිටිය කෝට් එකට තොප්පියට..  දැන් ඒ
කොට් එක තොප්පිය මුකුත් නැ
මම කැමති ජෝබ් එක ලැබුනේ නැ
මම ආසාවෙන් හිටිය පොතක් කරන්න... පොත ගහන්න ලැබුනේ නැ
බලද්දි මම විභාග පාස් වේලා
ජිවිතේ ෆෙල් වෙලා
දවසක් ඔයා මට එක හුස්මට කියාගෙන කියාගෙන ගියා මතකද නංගි...
මම සද්ද නැතිව අහගෙන හිටිය....
+ එතකොට ඔයාට අප්පච්චි ලැබීමත් ලද දෙයින් සතුටු වීමක්ද ? ඔයා බලාපොරොත්තු වුනේ අප්පච්චි වගේ කෙනෙක් නෙවේද ?
- මම බලාපොරොත්තු වුනත් නැතත් මට මේ ජීවිතේ ලැබුන මම ගොඩාක්ම ආදරේ කරන දේ මගේ අප්පච්චි .. මම මගේ අප්පච්චිට ආදරෙයි ගොඩක් .. මට මොන දේ නැතිවුනත් කමක් නෑ .. අප්පච්චි  මාව දාල යන්නෙපා එදාට මම මැරෙයි..
+ මගේ නංගි අහන්න...
" දෙවියො කවදාකවත් අපි ඉල්ලන හැමදේම අපිට දේනනෙ නෑ...
- අනේ ඇයි අප්පච්චි දෙවියො එහෙම කරන්නෙ...
+ " දෙවියො අපි ඉල්ලන හැම දේම දුන්නොත් මගෙ අම්මි අපිට දෙවියො ඉන්නව කියල අමතක වෙනව... "
-හ්ම්
+ අපිට මොනව හරි අඩුවක් වුනාම අපි දෙවියො මතක් කරනව... මතක තියාගන්න මගේ සුදු අම්මි දෙවියන්ගෙන් වුනත් ඉල්ලන්න ඕන අපිට දෙන්න නම්....
- හ්ම්..
+ අම්මි ඉන්න මාත් එක්ක මම බලාගන්නම්..
අපි ඩිග්රිය ගමු මම උදවු කරන්නම්... අනික‍ පොතක් කරන එක සුලු දෙයක් මම අදුරන අය ඉන්නව මම  උදවු අරන් දෙන්නම්... අපි ලස්සන පොතක් කරමු.. මටත් පොතක් කරන්‍නොන...
- හා මගේ අප්පච්චි ඔයා හොදයිනෙ ...
+ අපි හැමෝගෙම ජීවත වල අතහැරුන දේවල් තියෙනව අම්මි.. ඒව සමහර වෙලාවට අපි විසින්ම ගන්න තීරණ නොවුනත් අපේ ජීවත වල ඒ ඒ කාල වලදි ගන්න සිද්ධ වෙන තීරණ .. බාගදා ඒ වෙලාවල් වලදි අපි ඒ තීරණ නොගත්තනම් අද අපි මේ ඉන්න තැන නැතිව ඇති....
අනික අපිට මේ සිද්දවේනනෙ ලැබෙන්නෙ අපිට ලැබිය යුතුම සිද්ධ විය යුතම දේ ...
අපි දෙන්නගෙම දහම එකයි.. ඒකතේ තියෙනවනෙ නංගි පහසුවෙන් පොෂණය කල හැකි වීම - ලද දෙයින් සතුටු වීම හොඳ ලක්ෂණ කියල.. ඉතින් අපි  ඒ අනුව ඉමු...
බාගදා...
ඔයා ඩිග්රි කලානම්.. පොත් මුද්‍රණය කරල ජනප්‍රිය වුනානම් මට ඔයාව නොලැබෙන්න තිබුන..
- අනේ මට බෑ .. මට බෑ.. මම ආදරෙයි මගේ අප්පච්චිට.. මට ඔයාව නැති කරගන්න බෑ..
+ මමත් ආදරෙයි මම අර කිවුව වගේ මම ඔයාට උදවු කරන්නම්. ඔයා මගෙ ගැන විස්වාසෙ තියල මා ගාවට ආව නම් මම ඔයාව ඒ දෙවල් වලට එක්කන් යන්නම්...
- අප්පච්චි ඔයා මගේ දෙවියොද ?
+ ඒක මන් දන්නෙ නෑ... ඒත මගේ සුදු අම්මි..
" නොපෙනෙන දෙවියොන්ට පින් දෙනවට වඩා හොදයි , පෙන්න ඉන්න මිනිස්සුන්ට පවු නොදී ඉන්න එක... "
ඒක නිසා අපි ඒ ඒ කාලෙදි අපිත් එක්ක හිටි මිනිස්සුන්ට දොස් නොකිය ඉමු ...
දැන් බලන්න අම්මි අපේ රට... අපි කියනව මගේ රට තමා හොඳම රට කියල එතකොට මගේ රටට වඩා හොද රටවල් ලෝකෙ තියෙනව කියල දැනගෙනත් ඇයි අපි එහෙම කිය්නනෙ..
මගේ ජාතිය, මගේ අම්ම, මගේ පාසල... වගේ දේවල් අපි හොදම එක කියනව.. එත්  අපි ඇත්තටම දන්නව ඊට වඩා හොඳම දේවල් මේලොකෙ ඇති.. ඒත් අපි ඒක “ මගේ වෙන “ නිසා කියනව ඒව තමා හොඳම... එතකොට අම්මි ඒව මගේ වීම නිසාම හොඳම වෙනවද මගෙ අම්මි... නෑනෙ... එත් අපි ඒ දෙවල් වට ආදරෙ කරමු හොඳේ...
- ඔවු මගෙ අප්පච්චි.. මගෙ අප්ප්ච්චි තමා හොඳම..
+හැකිස්.. එය ඉතින් ඒකත් එහෙමයිනෙ...
- නෑ ඒත් මගේ තාත්තිටවත් භෑ ඔය දේවල් මේ තරම් සරළව මට කියා දෙන්න.. මගේ අප්පච්චි තරම් මේව කියල දෙන්න වෙන කාටවත් බෑ.. මම කාටවත් මගේ අප්පච්චිව දෙන්නෙ නෑ .. මට ලෝබයි.....
+හා...
===================
තුමුල නමුණුකුල ගිරි හිස - උදුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි..
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින් කදුලු පනින තුරු එලියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...
.
නුඹේ වත මඩල සගවා මුවා වෙන ලෙසින් අතුරන
සීත පිනි නිසා තිලකය පාලු වෙයි උමා
සීත මීදුමේ තිරපට වලලු ලූ අතින් ඉවතට
ඇත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා..
.
කන්ද උඩ රැවින් දිදුලන කන්දෙ කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවදෙ උමා...
--------------------------ගායනාව- සමන් ජයනාත් ජිනදාස
===============
--කුරුළු--