Monday, December 2, 2013

=== මල් මල් මල් මල් මල් මල් මල් මල් නෙලන්න එන්න== ==== වට්ටියක් ණයට අරන්....... === ද " සිහින" ===


.
නංගි ඔයාට මතකද මම ඉස්සෙල්ලාම ඔයාව බලන්න ආව දවස..
ඔයා උගන්වන දහම් පාසලට ??
එදා ඔයාලගෙ අම්මත් හිටිය...
මම ගොඩක් කැමති වුනා ඔයත් මම වගේම දහම්පාසලක උගන්වන එකට..
සමහර දවස් වලට ඔයා නිතරම මගේන හේතු ඇහුව..
- ඇයි අප්පච්චි ඔයා මට ආදරේ කරන්නෙ ????
+ නංගි ආදරේ කරනවට හේතු කියන්න මම දන්නෙ නෑ... හැබයි අපි දෙන්න තරහ වුනෝත ඔයාව දාල යන්න හේතු දාහක් වුනත් මම ඔයාට කියන්නම්..
- බැ බැ බැ එමෙ ඔට්ටු නෑ... මම ආදරේ අප්පච්චිගෙ හිනාවට.. අප්පච්චිගෙ කොණ්ඩෙට.. ම්... මේ කෙට්ටුවට ඉන්න එකට.. අනික අප්පච්චිගෙ හිතට.. පොඩ්ඩ ඇත්තං තරහ යන එකට.. මට උඹ කියල බනින එකට.. මගේ ලගින ්ඉන්නකෙට මම ඉන්නවද නැත්ද කියලවත් ගානක් නැතිව අහක බලන් ඉන්න එකට.. ආන් ඒවට මට ලෝබයි අප්පච්චි....
+ මලා.... මම හිනාවෙන්නෙ නෑනෙ හැමෝම කිය්නනෙ මම රවනව කියල...
- අප්පචිචි මොනලීස වගේ‍නෙ.. ඒ අය දන්නෙ නෑනෙ අප්පච්චි හිනා වෙන හැටි..
+ අනික මගෙ කොන්ඩේ කිසි පිලිවෙලක් නෑනෙ.. මේ ලගදි කෙල්ලෙක් කිවුව මට කොට්ටෝරුව වගේ කියල..
- ඉතින් එයාට මොකෝ.. මට ඕනෙ ඒ විදියටනෙ...
+ අනික මං කෙට්ටුයි කියල හැමෝම කියනවනේ... මහත් වෙන්නලු..
- අපෝ ඔය ඇති.. ඇති.. නැත්තං ඉතින් මට තමා බර උස්සන්න වෙන්නෙ..
+ අම්මට සිරි මෙයා හිතන දුර... අනික මට තරහ යනව පොඩ්ඩ ඇත්තං.. ඔයා කිවුව දේත් ඇත්ත මම ගනන් ගන්නෙ නෑනෙ ඔයා ලගින් ඉන්නකොට..
- ගන්න ගන්නෙ මොකො ලගින් ඉන්නකෙට? ඒත් මම ද්නනවනෙ අප්පච්චි මම ලග නැති වුනාම මාව කොච්චර හොයල බලනවද කියල.. එක තත්පරයක්වත් ඉන්න බෑනෙ මම නැතිව.. ලගින් ඉන්නකොට ඉතින් මම ලගනෙ... තරහ යන්නොන අප්පච්චි.. කොල්ලෙක්ට තරහ යන්නෙ නැතිනම් වැඩක් නෑ.... අප්පචිචී..........................
+ මෙකෝ ඒ පාර..
-අප්පච්චි මට ගහන්නකො ??????
+ මොකක් කොහෙටද ?
- කම්මුලට ගහන්න චටාස් ගාල...
+ඇයි ඒ... මම කාටවත් ගහන්නෙ නෑනෙ දරුවො..
- බෑ මට එක පාරක් ගහන්න .. මට කවුරුත් ගහල් නෑ අප්පච්චිගෙන් එක පාරක් කන්න ආසයි..
+ අම්මහ් දෙන්නම්කො එහෙනම් පැලෙන්න..
- හැබැයි මම අඩනව එතකොට මාව නලවන්නත් වෙයි ඈ....
+ ඒක සිම්පල්නෙ.. අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම්...
*හැමදාම කතාව දිග්ගැස්සෙන්නේ ඇය ගැන කියන්න ගත්තාමය... **
ඔයාට මතකද එදා පන්සලේදි ඔයාගෙ අම්ම මගේන් අහපු දේවල්....
= පුතාල කොහෙද ?
= පවුලෙ කීදෙනකේ ඉන්නවද ?
= පුතාගෙ ඉස්කෝලෙ මොකක්ද ?
= පුතා කරන රස්සාව ?
+ හැම එකටම උත්තර දෙන් පුලුවන් වුනත් මට අර අන්තිම ප්‍රස්නෙ ඉස්සරහ මම ගොලු වෙනව නංගි...
ඇත්ත මම දුප්පත් හැබැයි ඒ සල්ලි වලින්.... මට තියෙනව හොඳ හිතකුයි.. උපරිමේට වැඩ කරන ඔලුවකුයි.. අත් දෙකකුයි.. ඉතින් මට බය නැතිව ඔයාව බලාගන්න පුලුවන්.. ඒ ගැන අම්මට කිය්නන...
-අයිය ඔයා සල්ලි ඉතිරි කරල නැතිද ?
එයා දවසක් මගෙන් ඇහුව මම ගොලු වුනා....
+ නැ නංගි මම සල්ලි ඉිතරි කරල නෑ මේ වෙනකම්.. මම සල්ලි බෙදනව..
- ඒ මො‍කෝ එතකොට කෝ අපිට...
හ්ම් ඒකත් ඇත්ත... මම කල්පනා කලා.. ඒත් නංගි මගේ අප්පච්චි මට පොඩි කාලෙ ඉගැන්නුවෙ...
බෙදන්නයි අඩු කරන්නයි විතරයි .. එකතු කරන්නයි වැඩි කරන්නයි කියල දේනන අමතක කලා එයා....
මට සල්ලිනම් මහ ගොඩක් නෑ එත් අපිට ජීවත් වෙන්න තරම් ඇති....
මතක තියා ගන්න දරුවො....
ඔයා දැකල තියෙනවද ?
දෙල් ගසුයි කොස් ගසුයි...
දෙල් ගස්වල කොල මහ විසාලෙට පේන්න තිබුනට ගෙඩි හරි පොඩියි නංගි...
එත් කොස් ගස්වල කොල පොඩි වුනාට ගෙඩි මහ ලොකුයි.. ගොඩ දෙනෙක්ගෙ බඩ පිරෙනව..
මාත් කොස් ගහක් .. ලොකුවට කොළ පෙන්නන දෙල් ගහක් නෙවේ...
ඒ ගැන අම්මටත් කියන්න,,,,
**  මම එකතු කලේ සල්ලි නෙවේ මිනිස්සු...**
====
හීන පහක් ඉල්ලුවා රුපියල් පහට - බොරු දුසිමක් එක්ක
ගෙයි වහලෙත් හිල් කරන් - බොරුවක් පැලවීලා
මුදුන් ලීයෙ ඇඹරිලා - මලකුත් පිපිලා...
මල් මල් මල් මල් මල් මල් මල් මල් නෙලන්න එන්න
වට්ටියක් ණයට අරන්.......
ද " සිහින"
ටයිටැනික් නැවේ නැගල - සුපර් මාකට් යමුද
හත් දවසක් නොකා ඉදල - සාරි හතක් ගමුද
සින්ඩරෙල්ල ලගින් තියන් - ප්ලෙන්ටියක් බොමුද ?
ලෝන් එකක් හෙමින් දාල - රොකට් එක්ක ගමුද
ද " සිහින "
මල්ටි බැරල් කරේ තියන් - කැටපෝලෙන් විදිමු.
ලිමෝසින් හිතින් මවන් - පාපැදියට නගිමු..
ලැප්ටොප් එක ප්ලග් කරගෙන - කැෆේඑකට දුවමු
කොත්තු රොටියෙ තාලෙ අහන් - සල්ස හිපොප් නටමු...
ද " සිහින "
====
---කුරුළු-

Saturday, November 30, 2013

=====ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ- ලගම තබාගෙන මුතු අහුරක් ලෙස=== ==== මේ කුලකින් රිංගන තරු එලියක් ලෙස -මිහිර විඳින්නම් ලඳුනි දයාබර....===


.
ඇය සිනාසෙනු ඇසෙයි.. නවත්වන්නෙම නැත....
මම වහා මගේ මේසය උඩ තීබූ බඩු මුට්ටු සියල්ල පෙරලා දමා මෝබයිලය සොයාගතිමි..
ඇයගේ ඒ සිනාවට මා එතරම් ප්‍රේම කල නිසාමදෝ මන්දා මම ඇය සිනාසෙන විට එය පටිගත කරගෙන මාගේ ජංගමයේ නාදය ලෙස යොදා ගතිමි..
දැන් ඇය මා අමතන විට ඇය මා ළග සිටින්නාක් මෙන් දැනේ...
+ ඔවු කියන්න
- ඔය ඉතින් .. අප්පච්චිට මම කියල තියෙනව කියන්න කියල කියන්නෙපා කියල..
මම ආස නෑ..
+ හා එහෙනම් වදාරන්න..
-මාර සීන් එකනෙ අප්පච්චි.....
+ (ඇයගේ නෝක්කාඩු වලට මම බයමි) සීන් එක ? මේ මේ රස්තියාදු වචන බෑ හරි මාත් එක්ක.. කියනව බලන්න මොකක්ද මහ ලොකු සීන් එක..
- සීන් එක අහන්ඩකො අප්ප බනින්නෙ නැතිව මොනරො...
+ ඉතින් කියපං බං..
- මේකනෙ මම එදා ඩෙනිමක් ගත්තෙ... !
+ කොදා ද?
- අර එදා අනේ අර අම්මි එක්ක ගිහින්.. මම කිවුවෙ කොළ පාට එක..
+ ඔවු ඔවු ඉතින් මොකද ඒක දැන්.. කොළ පාට නිසා පාරෙ බැහැල යන්න බැරිද ?
- අනේ නෑ අප්පච්චි... ඒක හිරයි මට හ්ම්..
+ඇයි බලල නෙවේද ගත්තෙ..
-බලලගත්තෙ... මම අදින්නෙ 30 විතර ඒත ඒ පාටින් තිබුනෙ නෑ.. තිබුනෙ 28
+ ඉතින්.. ඔයා 28 ගත්තද ඊරියෙ....
- ඔවු අප්පච්චි මට ලොබ හිතුන දාල එන්න.. කොහොම හරි අදින්න කියල හිතුව..ඒත් බෑ හිරයි...
+ අනේ මන්දා අප්පා මෙහෙමත් ගෑනු... ගොන් බදින කණු..
- අනේ ඒ පාර අප්පච්චිත් මට බනිනවා.. මම දැන් අම්මිගෙනුත් බැනුම් අහල ඉන්නෙ..නපුරා
+ නොබැන්නොත් තමා පුදුමෙ.... දැන් ඕක මාරු කරන් බැරිද ?
- බෑනෙ මම හෙන මොඩයිනෙ... මම ටැග් සේරොම කැපුව..
+ හප්පා දැන් මොකෝ කරන්නෙ.. හ්ම්. හරි ඕක අපි කාට හරි දෙමු.. තෑග්ගකට..
- බෑ බෑ මේක මගේ.. කාටවත් දේනනෙ නෑ..
+ තෝ එහෙනම් ඕක තියාගෙන කාපං.... මොන එහෙකටද මට කොල් කරල කිවුවෙ..
- අපෝ මෙන් මෙයාට ඩෝං ගියා.. කුලු...ලු...... තරහා වෙන්නෙපා අප්පච්චි ඉතින් මම හිතුවනෙ මේක හදල ගතැකි කියල... කොහෙද ලොකුවට ගත්තනම් පොඩි කරන්න තිබුණ....
+ඒකනෙ මෝඩ කමනෙ ගන්න එක බලල ගන්නෙපැයි ගානට...
- අප්පච්චිට බැරිද ඒක ලොකු කරල දෙන්න..
+ මොකක් !!!! යකෝ අගල් දෙක්ක ලොකු කරන්නෙ කොමද මම..
- අපෝ අප්පච්චිට ඒ උදවුවත් කරන්න බෑ... ඔන්න මම අප්පච්චි ලොකුවට අරන් ආවෝත පොඩි කරල දෙන්නම්...
+ හැහ් හැහ් හැහ්... ඔවු එවු අප්පච්චිගෙ ලොකු එව්වු පොඩි කරන්නනෙ කොහොමත් උඹ ඉන්නෙ.. එනවකො එනවකො ඊලග දවසෙ ඔය පොඩි එකත් ලොකු කරල දෙන්න..
- මොකක්ද මොණරො කියවුවෙ...!
+ නෑ මුකුත් නෑ..
- නැත්තෙ නෑ මට ඇහුන හොදේ..අහුවෙන්නපා තටු කඩනව...
+ හරි දැන් ඕක කියන්නද ගත්තෙ මම දැන් මේ ආර්ට් වර්ක් එක්ක කරනව තියන්නද ?
- ඉන්නවකො ටිකක් හදිස්සිය මෙයාගෙ.. හුහ්.. වැඩේද ලොකු මාවද ?
+මෙවෙලෙ ලොකු වැඩේ...
- ආ ඒම්ත් එකක්ද ? නපුර මම තියනව එනවකො බලන්න ෂුඩු නංගී... කියාගෙන...
+ එවෙලෙට ලොකු ඔයාවනෙ... හිකිස්..
- හරි හරි අප්පච්චි මම තියන්නම් .. ප්සසෙ කතා කරමු ඈ.. මම ආදරෙයි.. උම්මා.. ඈ..
+ බුදු සරණයි සුදු නංගි... මම ආදරෙයි...
- අනේ අනේ කුලු..ලු... ආයෙත් කියන්නකො ඒ ටික මම ආ...සයි...
+ තියපිය ගල් ඉබ්බි ෆොන් එක....
=============================
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලගම තබාගෙන මුතු අහුරක් ලෙස
මේ කුලකින් රිංගන තරු එලියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර....
.
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උනු සුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉදන් ලිහිණියක..
.
සාගරය තුරුල්ලේ යාවී ගං දිය
විඩා නිවයි සිඳු රලින් හැගුම් බර
ස්නේහයක උපන් කවියක් කැටතලයක
ලියාතබමි නුඹ නමින් සදාතන..
.
--------කුරුළු------

Monday, November 25, 2013

=====අහස්ගැබේ තරු කැට ගානේ - පොලෝ තලේ වැලි කැට ගානේ==== ===== නිල් සයුරේ රළ පෙල ගානේ - ආදරෙයි මං ආදරෙයි.. ===


.
මා හුන්නේ කාරය පදවමිනි..
ඇය මා ඇමතුවාය...
මා එලියට යන බව ඇයට දන්වා පැමිනියෙන් මම එය විස්න්ධි කලෙමි..
නැවතත් ඇය ය... දිගින් දිගටම ඇයය ය...
කුමක් හෝ කරදරයක් විය යුතය.. නැතිනම් මෙසේ මා හට කිසි දිනක කරදර නොකරන්නීය...
+හෙලො සුදු නංගි..
- අප්පච්චී......
ඇය හඩා වැටෙයි මම වහා කාරය අයිනකට කර නැවැත්වීමි..
+ඇයි මගෙ නංගි
- අප්ච්චි මගෙ කකුල කැපුන..
+මොකක් .. ඒ මොනව කරන්න ගිහිල්ලද ??
- මම පඩිපෙලේ එනකොට පඩියක විදිල...
+සිහියෙන් නෙවේද ඇවිද්නනෙ....
- රිදෙනවා අප්පච්චි.. අනේ ලේ යනවා..
+ගෙදර කවුරුත් නැද්ද.. කාට හරි කතා කරන්න.. අයිස් කැටය්ක තියන්න..
- තිබ්බ නවතින්නනෙෑ..
+ හොස්පිටල් යන්න ඉක්මනට...
- අනේ අප්පච්චිට බැරිද නංගිව බලන් එන්න. මට බයයි ...
+ හා ඉන්න මං එන්නම්... අනේ මන්ද මේකිගෙ දැගලිල්ලනෙ.. උඩ පැන පැන යන්න ඇති පඩිපෙලෙත්...
- ඈ..එයා හිතුවද මම .. මෙහෙම මෙහෙම පැන පැන ඇවිදිනව කියල...
+ මෙහෙම මෙහෙම .. අන්න ඔවු ඔය දැන් කලේ ඒ විදියට තමා..
- හි හි හි හි හි අනේ යනව යන්න....
+ඉන්න මම එනන්ම් ටක් ගාල අපි ඉස්පිරිතාලෙකට යමු....
- ආ හොදට හිටියි.. අම්මල ඉන්නව ගේ...
+ ඒව මන්දන්නැ මම ගේ ගාවට එන්නම් විනාඩි 15ක් දෙන්න මම පාරෙන් එහා පැත්තෙ කඩේ ලග කාර් එක ඉන්නම් ඇවිල්ල ඔයාට කොල් එකක් දෙන්නම්... එතකම් ඉන්නව දගලන්නෙ උඩ පනින්නෙ නැතිව හොදේ..ඕක හොල්ලන එපා..
***************************************************
+හෙලෝ නංගි මම ඇවිල්ල ඉස්සරහ ඉන්නෙ..
- ආවද ? මෙච්චර ඉක්මනට.. කො ඉන්න බලන් මම උඩ තට්ටුවෙ කාමරෙන් එලියට එන්නම්....
+ මොන මගුලක් කරනවද එය බැල්කනියෙන් එනව පහලට ඉස්පිරිතාලෙ යන්න... පොඩ්ඩක් ඉන්නව පොඩ්ඩක් ඉන්නව.. කෝ ඔයාගෙ කකුලට මුකුත් වොල නෑනෙ..
- නෑ තමා...
+එහෙනම් කිවුවෙ ඇඩුවෙ...
- ආ ඒ නිකං බොලුවට...
+ මොකක්..... යකෝ ම වැඩකට යන ගම්න් හිටියෙ... එහොමත් විහිලු කරනවද ?
- අනේ සොරි අයියෙ මම ඉතින් බැලුවෙ ඔයා මට කොච්චර ආදරේද කියලනෙ...
+ මට දැන් තද වේගෙන එන්නෙ හොදේ..
- අපෝ කෝ එන්න හාද්දක් දෙන්න නලලට පොඩ්ඩක් මෙයාව බුරුල් කරන්න...
+ බලන්නකො මම මේ යකා වගේ ආවෙ පාරෙ..
- හරි හරි අනේ ඉිතන් කවද හරි ඔයා මාව බැන්දාම ඔයාට ඔහොම එන්න වෙයි ඉතින්.. එතකොට මට ඔයා විතරනෙ...
+ හ්ම් ඒ එතකොටනෙ... හරි මම යන්නද එහෙනම්...
- හා අයියෙ පරිස්සමින් යන්න හොදේ.. සොරි ඈ... වේගෙන් ය්න්නෙපා හොදේ.. මං ආදරෙයි...
+ හරි මමයනව පරිස්සමින් ඉන්නව දග කරන්නනෙ නැතිව ගෙදර....
- මේ මේ ඒකනෙවේ අයියො.. එයා කොහෙන් ආව කුලුල්ලෙක්ද අනේ මගේ ගාවට.. ?
+ හ්ම්... මම කොහෙන් කොහොම ආව කුරුල්ලෙක්ද දන්නෙ නම් නෑ.. එත් මම දන්නෙ එක දෙයයි.. ඒ මම ඇවිල්ල ඉන්නෙ නම් එයා වෙනුවෙන් කියන එක...
- අනේ අනේ මම කියල තියෙනව මට දරන්න බැරි දේවල් කියන්න එපා කියල.. එතකොට මට අයිය නැති වුනාම පාලුයි විනාඩියක් වුනත්...
+හොදයි නංගි මම යනව.. බුදු සරණයි...
- බුදු සරණයි මම ආදරෙයි මගෙ කුලුලු අයියෙ...
+ මාත් ආදරෙයි ......
කෙදිනක හෝ මේ ආදරයෙන් ම මා මිය යනු ඇත...
.
=== අහස්ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙල ගානේ
ආදරෙයි මං ආදරෙයි..
.
වදුලු සිරස පිපි මල් ගානෙ
විහග තුඩක කිචි බිචි ගානේ
සිඹින සිඹින මද නල ගනේ
ආදරෙයි මම ආදරෙයි..
.
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානෙ
සිහන ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මම ආදරෙයි...
========
--කුරුලු---

Monday, November 18, 2013

=====සියල්ල ඉදිරි ගරා වැටුන දා - ඇයතින් නොමැරුන ඇගේ මිනිස්කම==== ====දැන ගදුනාගත් තනිකම නුඹටත් - මා හැර යන්නට සිදුවෙයි නැවතත්..=====



.
වෙනදා මෙන් නොව දැන් දැන් මා හට කොළය සහ පෑන නුහුරුය..
ඒ වෙනුව යුතුරුපුවරුව හුරුව ඇත්තේ ඉතා පුදුම සහගත ලෙසිනි..
මොනවා හෝ ලියනවානම් හෝ සිතනවානම් ඒ මේ ඩිජිටල් අකුරතරය..
පෑනකින් සටහන් කරද්දි මේ මගේ අතකුරුදැයි මටම සිතේ..
සමහර වෙලාවට සිතන අකුර නොලියැවේ..
අකුරක් ලියන්න දෙවරක් සිතන වාරද ඇත...
මා හට දැන් ජංගමයෙන් කෙටි පණිවිඩ සටහන් කරනවාට වාඩා ඉක්මනට වෙනතක බලාගෙන වුවද යුතරු පුවරුව හැසිරවිය හැක..
.
පුරුදු පරිදි ඇයගෙන් ලැබීමට තිබුන ඇමතුම පමාවූයෙන් යතුරු පුවරුව ඉදිරිපිට හිඳගතිමි...
ලියන්නට කිසිත් කල්පනාවක් නොවෙයි..
මා කවියක් ලියුවත් එය ආදරය ගැනය.. කතාවක් ලීවද එසේමය..
ඒ වෙන කාගේවත් නොම මගේය - ඇගේය..
උනුන් ඒවා උන්ගේ කර ගනිති... ඒ නිසා මම උන්ට ආදරය කරමි
.
කාගේදෝ කවියක අදහසක් මතක් වෙයි...
- මට රුධිරය ඕනැ වුනාම නුඹ වරින් වර මට ලේ දුනි..
දැන් මගේ ඇගේ මගේ ලේ නැත..
ඇත්තේ නුඹේම රුධිරය පමණි..
- එනිසා නුඹට තරම් මා වෙන කාටත් අයිති නැත..
මා කෙරේද එසෙමය..
අප්පච්චි යන සුන්දර ආමන්ත්‍රණයෙන් අමතා මා දිනෙන් දින ඈ තව තවත් ආදරබර කරන්නීය..
එකල මා ආදරයක් නැති හිස් මිනිසෙකි..
ඈ දිනෙන් දින බිඳෙන් බිඳ ආදරය පිරවීය...
ඒ කලේ කෙසේදැයි මා නොදැනිමි මට නම් එය අදටත් බැරිය..
දැන් මා පිරී ඇත්තේ ඇගේ ආදරයෙනි..
මා දන්න තරමට මා සම්පූර්න වන්නෙ ආදරය පැත්තෙන් පමණි..
එහෙත්,
“අප්පච්චි නම් ආදරේ කරන්න දන්නෙම නෑ හරි නපුරුයි....“
ඈ නිතර පවසන්නීය..
ඇත්තය මට “ ඈ “ ට තරම් ආදරේ බැරිය..
.
සිතිවිලි දාමයන් ගොඩනගද්දි ෆේස්බුක් මිතුරන් ගෙන් එකිනෙකා මා අමතති..
ඔවුනගේ ප්‍රස්න විවිධාකාරය.. හැකි හෑම විටම පිලිතුරක් ලබා දිය යුතුවෙයි..
ඔවුන්ද බොහෝ විට විමසන්නේ ඇයවය...
මම නැවත ඇයව සිහිකරමි...
.
මාගේ කාරය ඇයට සෙල්ලම් ගෙයකි.. කුඩා දරුවෙකු වැනිය..එක විදිහකට හිදගෙන සිටීමට කොහොමටවත් බැරිය.. ඉන්දවූ පසුත් මා විසින්ම ආසනපටි පවා පැලදිවා දිය යුතුය.. දෑත් බැද බලා සිටිනනේ එය මාගේ රාජකාරියක් ලෙසය..
මා හටත් එය හුරු වී ඇත..
එහෙත් ඊලග මොහොතේ ඉදිරි පස අසුනෙ සිටම පිටිපස අසුන තෙක් ඇදෙන්නීය.. ඇගේ බෑගයේ නැති දෙයක් නැත... පැනඩෝල් පෙත්තේ සිට දිවා ආහාරය දක්වා සියලු කලමනා ඒ තුල වෙයි.. එකින් එක ගෙන මා හට විස්තර කිරීම ඇගේ ප්‍රියතම කාර්යයයි..
අලුත් භාන්ඩ වුවද පරණ විස්තර කල ඒවා වුවද ඇයට ගැටලුවක් නැත.. අවශ්‍ය වන්නේ එදින අලුතින් විස්තර කර දීමයි..
කලාතුරකින් එකක් හෝ මග හැරුනහොත් එය විමසීමට තරම් ඒ බඩු භාන්ඩ ගැන මමද දැනුවත්ය..
අත් දිග සෙල්ලම් බෝනික්කෙක් යෙදු කී ටැග් එක ඇගේ විස්තර කිරීමේ ප්‍රියතම අයිතමයයි..
පුදුමය නම් මට කිසි දිනක මේ ගැන තරහවක් හෝ එපා වීමක් නැති කමය..
මුල් දිනයකදී නම් මම ඇයට බැන වැදුනි.. ඒ..
බීමට ගත් පෙප්සි කෝප්පයේ බට එතුලට දමා උඩින් ඇගිල්ලකින් තද කර ඔසවා බටයට එන බීම ටික පමණක් ඔලුව උඩට හරවා කට ඇර තද කරගෙන සිටි ඇගිල්ල ලිහිල් කර බීම ටික කටට හලා ගත් අවස්ථාවේදීය..
“ පෙරේත වැඩ කරන්නෙපා අම්ම... ලස්සනට බොනවකො..“
මා කීවේ එපමණකි.. සත්තම සත්තය ඇගේ සියලු වැඩ සඳහා දොස් කී එකම අවස්ථාවය..
එහෙත් ඈ අදද ඒ මතක් කර මට බනින්නීය..
“ අප්පච්චි නරකයි නපුරුයි.. මට බැන්න එදා බීම බොනකොට..“
මේ සියල්ල මා විඳ ගන්නේ ඉතා සුන්දරවය..
ඇගේ සියල්ලටම මම ලෝබ කරමි... ආසා කරමි...
ඇය වාහනයේ හිද ගන්නෙද ඉදිරිය බලාගෙන නොව පැත්තට හැරී මා දෙස බලා ගෙනය.. මා වාහනය පදවන සෑම තත්පරයකම ඈ පැත්තකින් හිද මා දෙස බලාගෙන කියවයි..
ජීවිතය සුන්දරයි මටම සිතේ..
-- සඳ හොරෛන් හොරෙන් හොරෙන් බලා
වලා  රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා.. --

ඈ වෙනුවෙන්ම මා යොදා ඇති නාද රටාවයි....
.
මා මෙතෙක් බලා සිටි ඇමතුමයි.....
... =======
සියල්ල ඉදිරි ගරා වැටුන දා
ඇයතින් නොමැරුන ඇගේ මිනිස්කම
දැන ගදුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්..
.
ප්‍රේම තායෙන් පර මල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ
.
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා.....
=====
---කුරුළු--

Saturday, November 16, 2013

=== දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ ==== ==== තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ==== === දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ==== ====තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ====





-" හෙලෝ අප්පච්චි..... !
ඈ දැන් මට අමතන්නේ වෙනදාටත් වඩා ආදරයෙනි.. ඒ මා ද ප්‍රිය කරන වදනිකිනි.. " අප්පච්චි "... ඉදින් මම ඇයට "  අම්මි " යැයි ඇමතීමට සිතා ගත්තේ ඒ ඈටද ලෙංගතු බව දත් නිසාවෙනි...
+ ඔවු කියන්න අම්මි..
- මට පොඩි කරදරයක්..
+ ඒ ‍මොකක්ද ?
- අප්පච්චිට මුකුත් කියන්න බයයි කලබල වෙනවනෙ.. නොකියත් බෑ..
+ දැන් ඉතින් ගුටි.. නොකිවුවොත් තමා මම කලබල වෙන්නෙ...
- නෑ අප්පච්චි.. අපි නිස්සද්දව කොච්චර කාලයක් ආදරේ කලාද ? දැන් මේ අපි දෙන්න ආදරේ කරනව කියල කිවුව විතරයි මිනිස්සුන් හරි ප්‍රස්න..
+ මිනිස්සුන්ට කවදද අම්මි ප්‍රස්න නැත්තෙ.. මිනිස්සු කාටද හිනා නොවෙන්නෙ... දැන් ප්‍රස්නෙ කියන්නකො අම්මි...
- හ්ම.... මම අප්පච්චිට කිවුවෙ අර මගේ යාලුවෙක් ඉන්නව කියල.. පිරිමි ලමයෙක්..
+ ඔවු මතකයි..ඉතින්..
- එයා මට හරියට මැසේජ් කරනව අප්පච්චි. කෝල් කරනව .
+ ඉතින් ඔයා රිප්ලයි කරනවද ආන්සර් කරනවද ?
- නෑ මගෙ අප්පච්චි.. මම ඔයාට කියල තියෙනවනෙ.. ඉඳ....ල හිටල කතා කරනව.. කාලයක් නම් එක දිගට කතා කලා.. යාලුවෙක් නිසා.. දැන්  නම් කතා නොකරන තරම්...
+ හ්ම්.. ඒ ළමය මොනවද කියන්නෙ දැන්....
- මොනවද ඉතින්... දුකයිලු.. කවද හරි මා ලගට එන්නලු.. හරි ආදරෙයිලු.. ඔය එක එක දේවල් තමා..
+ ඉතින් ඔයා කිවුවෙ නැතිද මා ගැන..
- ඇයි නැත්තෙ අප්පච්චි.. එයාල එතකොට කියනව ඔයාව විස්වාස කරන්නෙපාලු.. කවි ලියන අය හොරුලු... ආදරේ කරන්න දන්නෙ නෑලු.. එක එක විකාර...ආ තව... දැනගෙන කරදරේ වැටෙනෙපාලු ම‍ට..
+ හ්ම් ඒකත් එහෙමද? ඔයා ‍මොකෝ කිවුවෙ?
- මම කිවුව මම අයියට ආදරෙයි.. ඒ නිසා ඔයාට කම්ක නෑනෙ මම කරදරේ වැටුනත් මම හිතලමයි එහෙම තීරණය කලෙ කියල.. ආ අනික් එක මට අයියනෙ කිවුවෙ ඉන්ටර්නෙට් එන්න එපා කියල ඒකත් හිතන් ඉන්නෙ එයා කිවුව නිසා මම එන්න‍ෙ නෑ කියල... අනේ මන්ද අප්ප...
+ අම්මි අපි සිම් එක මාරු කරමු... ?
- බෑ අප්පච්චි..
+ හේතුව... ?
- මට යාලුවො කතා කරන්නෙ මේකටනෙ.. අනික අර මනුස්සයටත් මම සලකන්නෙ මගේ යාලුවෙක්  වගේ.. ඒ ඇරෙන්න විසේසයක් නෑ..
+ හ්ම්.. අපිට ජීවිතේට යාලුවො ඕන හැබැයි ඔය වගේ යාලුවො කරදරයක් නෙවේද ?
- මම එයාලව කරදරයක් කරගන්නෙ නෑනෙ මගෙ අප්පච්චි.. ඒ නිසා මට ගාණක් නැ... මම ආදරේ අප්පච්චිටනෙ....
+ හ්ම් මට තේරෙනව.. මටත් යාලුවො ඉන්නවනෙ.. හැබැයි වෙනස්.. අපි බලමුකො.. කොහොම වුනත් ගාණකට... නිකං බලාපොරොත්තු ඇති වෙන විදියට වැඩ කරන්නෙපා.. දන්නවනෙ අපි ලගදි බඳිනව කියල..
- හරි මගෙ අප්පච්චි ... අපෝයි දන්නව දන්නව... මමත් මේ බලාගෙන ඉන්නෙ අප්පච්චි ගාවට එන්න.. අර කියන විදියට කරදරේ වැටෙන්න.. හ හ හ හා...
+ ආ ඇත්තද ? වරෙන්කො එහෙනම්...
- හා අප්පච්චි.. හු හු.. තරහ ගිහින් එක්කෙනෙක්ට...
+ හා අප්පච්චි නෙවේ බොල ඉබි අප්පච්චි.... අම්මි දන්නවනෙ ජීවතේ ලබාගන්න බැරි දේවල් වලට මිනිස්සු ලෝබයි සමහරු ඉරිසියයි.. අම්මට මම කියලත් ඇතිනෙ.. ටජ් මහල කියන්නෙ ආදරේ සංකේතයක්.. ඒක ඉස්සරහ ඉඳලවත් ඒක බදාගෙන වත් පින්තුර අරගත්තට ඒ ටජ් මහල කාටවත් අයිති වෙන්නෙ නෑනෙ...
- ඔවු මගෙ අප්පච්චි.. මේ අප්පච්චි.. මම මීට පස්සෙ මට එන මැසේජ් ඔයාට එවන්නම්ද ? කොල් කලෝත මම කතා කලෝත් කන්ෆරන්ස් දාන්නම්ද ?....
+ ඔයාගෙ කැමැත්තක්.. හැබැයි කවුරු වුනත් පිරිමියෙක්නෙ අම්මි.. ඒ නිසා මම ආස නෑ එහෙම ඇහුම් කන් දෙන්න... අම්මි ආන්සර් නොකර ඉන්නකො පුලුවන් තරම්... හොදේ..
- හැබැයි මාත් එක්ක ඉන්න වෙලාවට මගේ කණ මිරිකන්න බෑ හොදේ ඕව කිය කිය...
+ හා හා එහෙනම් වෙන කොහෙ හරි මිරිකන්නම්කො..
- අනේ මේ.. අප්පච්චි අපි නිදියමුද දැන් ?
+ හා.. නිදාගමු......
- කෝ එන්න මගෙ ලගට.. හැබැයි දඟ කරන්න බෑ... පිළිවෙලකට දොයියන්නෝන..
+ දඟ කරන්නෙ කවුද ? අප්පච්චිද අම්මිද ?
- හලී.. හලී... මෙන්න මෙහෙ එනව ඉතින්..... බායි බුදු සරණයි......
+ බුදු සරණයි......
ආදරය මොනතරම් සොදුරුදැයි හැගෙන්නෙ ඇයගෙ සමහර තෙරුම් ගැනීම් නිසාවෙනි... පාරේ යන විට ඇහුට දූවිලි යන බව ඇත්තය.. අපේ ගමනත් නොගෝස් බැරිය.. ආවරණයක් දමා ගත යුතුය.. ඈ ඒ ගැන බො සෙයින් දැනුවත් වීම ගැන සතුටු වෙමි....
"හෙට හම්බුනාම කෝකටත් අනින්නොන හොඳ ටොක්කක් !"
=====================
තාමත් මුණ ගැහුනෙ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
.
මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ...
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
.
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අ‍ෙඳෝනා..
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ...
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
.
----------------- කුරුළු------