Saturday, November 16, 2013

== සත් මහලින් බැස එන්නම් - නුඹ මා පිලිගන්නවනම් - ආදරයේ පියගැට පෙල පාර කියාවී.... == මහ පොළවට පිලිගන්නම් -සිටු සැප හැර එනවානම් - ජීවිතයේ දූවිල්ලෙන් ඇස් බොඳ වේවි.==




.
-ඒ කුරුළු මොකක්ද බං මේ... !
+ඇයි විකි අයියෙ..
-ඇයි අහ්නනෙ උඹ රිලේෂන්ෂිප් දාල තියේනනෙ ????
+ඔවු අයියෙ ඊයෙ හිතුන අපි දෙන්න කතා වුනා දැම්ම...
- යකෝ අපිට කියන්න එපැයි.. දැන් මම මේච්චර කාලයක් උඹෙන් ඕක ගැන අහද්දි උඹ කිවුවෙ ඕක දාන්නෝන නෑ.. දෙන්න ආදරේ කරපුවාම ඇති කියල නේද ?
+ ඔවු මම හිතන් හිටියෙ එහෙම තමායි... ඒත් මට හිතුන දැන් සෑහෙන කාලයක් නිසාත්.. මේ කුරුලුගෙ සුදු නංගි කවි වල ඉන්න සුදු නංගි කවුද කියල මේ මිනිස්සුන්ට ප්‍රස්නයක් අයියෙ...
- හ්ම් ඒකත් එහෙමද ? හැබැයි බං උඹ කරපු දේට මම බයයි.. ඒ උඹව අපිට නැති වෙයි කියල...
+අඩේ ඒ ඇයි..
-නෑ බං බාගදා දැන් ඕක මුලු රටම දැන ගන්න.. එත එක්කම වටේ හිටි උන් කුලප්පු වෙනවනෙ බං..
+ ඒමොකද බං ඒ මගේ වටේ හිටිය උන් කුලප්පු වේනනෙ..?
- මල්ලි මේක ලංකාව මේක ෆේස් බුක් එක කවුද දන්නෙ බං මොන මොනවගේ මානසික මට්ටම් වල උන් මේකෙ ඉන්නවද කියල.... ? දැන් බලපන් උඹට කොච්චර ආදරෙන් ඉන්නවද මේ මිනිස්සු.. කී දෙනෙක් මේ නිසා වෙනස් වෙයිද? එතකොට ඒ කෙල්ලගෙ එකවුන්ට් එකෙත් ඇති එහෙම උන්.. උඹලට ආදරේ කරපු අය ඇති.. දැනටත් ආදරේ කරන අය ඇති.. බාගදා උඹල දෙන්නට ආදරෙයි කියල නොකිය ආදරේ කන අය ඇති.. බැරි වෙලාවත් උන් මේ නිසා කලකිරෙන්න පුලුවන්...
+ ඒක හරි වැඩක්නෙ අයියෙ.. අයිය කියන කතාව හරි තමා.. අපිට ආදරේ අය ඇති.. හැබැයි අපි දෙන්න ආදරේ කරන්නෙ අපි දේන්නට... ඒක නිසා කවුරු අපිට ආදරේ කලත් වෙනසක් නෑනෙ.. ඒ ළමය මට ආදරෙයි මම ඒ ළමයට ආදරෙයි.. අනික් එක අයියෙ මගේ යාලුවෝ ගැන නම් මම හිත්නනෙ නෑ මම ගෑනු ලමයෙක් එක්ක යාලු වුනා කියල එහෙම වෙනස් වෙයි කියල මොකද අයියෙ මට ඉන්න යාලුවො ගැන මම ගොඩක් දැනුවත්.. උන් මට සුබ පතාවි....
- එ උඹට... එතකොට අර දරුවට ?
+ හ්ම් එයාගෙ යාලුවො ගැනන නම් මම හොයල නෑ අයියෙ.. හැබැයි මට වුනත් එහෙම වෙනස් වෙන අය ඉන්නවනම් ඒක යාලු කමක් නෙවේ... අපිට  ආදරේ කරපු මිනිස්සුන්ට අපි නොලැබුනා කියල දුක වෙන්නවත් වෛර කරන්නවත් බෑ නේද අයියෙ.. මම නම් එහෙමයි... මම දකින විදිහට හොද යාලුවෝ ආදරෙයි නම් අපිට ඇත්තටම ආදරෙයි නම් දෙන්න හොදින් ඉන්නව දැකල සතුටු වෙන්නෝන...
-           හම් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව.. මල්ලි... හැබැයි උඹ ලියන එක අඩු කරයිද... උම නොලිය ඉඳිද ?
+ හ්ම් ඒ ගැන අපි කතා කලා අයියෙ.. එයාට ඒ ගැන ප්‍රස්නයක් නෑ.. මම මෙච්චර කලතක් ලිවුවෙ ඉතින් එයා ඉඳලනෙ අයියෙ. වෙනස උඹල දන්නෙ නැති එක විතරයි..ඉතින් අයියෙ මම ලිය්නනෙ එයා ගැනනෙ එයාට ප්‍රස්නයක් නෑ.. අනික අයියෙ එයා කැමති මට මිසක් මම ලියන ඒවට නෙවේ.. අන්න එතනයි අපි වෙනස් වෙන්නෙ... ඒකයි ම ම ආදරේ.. සමහර වෙලාවට මට ලියන්න අදහස් දෙන්නෙත් එයා..
- ඒත් මට බයයි බං.. උඹල දෙන්නම වෙනස් වෙයි කියල?...
+ මම දකින්නෙ අයියෙ මේක මේ විදියටයි... මේක හරියට ප්ලේන් එකක ගමනක් වගේ.... මම කෙනෙක්ට ආදරේ කරනව.. ම එයාවත් අරන් ඔයාලගෙ සුබපැතුම් මැද ප්ලෙන් එකට නගිනව.. ඒ වෙන දෙයකට නෙවේ අයියෙ.. උඩට යන්න උඩට ගියාම මට පල්ලෙහා හොට පෙන්වන්න පුලුවන් එයාට.. මට මගේ පොලොව මගේ මිනිස්සු හදුන්වල දෙන්න පුලුවන්.. ඒ නිසා ටික කාලෙකට මම ගුවන් ගත වෙනව.. හැබැයි ආයෙම පොලවට එනව.. මොකද මම අයිති පොලවට.. එයා අහසින් ආව තාරකාවක්.. එයාට පොලව ගැන තේරුමක් නෑ.. මම හිතන මම ඒ ගැන තේරුම් කරල දිය යුතුයි කියල.. මම ආයෙ පොලවට එන එක එනව අනිවාරයෙන් ඒ එන්නෙ උඹල ගාවට මම පොරොන්ද වෙනවබං...
-           හ්ම්.. මොන දේ වුනත් උඹ මාව ගනන් කරපන් මම උඹ පොලවෙ හිටියත් අහසෙ හිටියත් උඹල දෙන් න දිහා බලන් ඉන්නව කියල... මල්ලි උම පොලවෙ හිටියෙ එයා අහසෙ හිටියෙ.. උඹ අහසෙ වුන දේවල් දන්නෙ නෑ.. බැරි වෙලාවත් උඹල ඔය යන ප්ලෙන් එකට අහසින් අකුණක් එවුවොත් උඹේ තරුවට ආදරේ කරන කෙනක්...
+ මම ඒ ගැනත් කල්පනා කලා විකි අයියෙ.. මම අහස ගැනදන්නෙ නෑ තමා... අහසෙ මොන මොන දේවල් වුනාද කියල මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ.. මට වටින්නෙ එයා මම වෙනුවෙන් පොලවට ආව කාරණාව විතරයි.. මම දන්නව ඒ උල්කාවක් වගේ කඩන් වැටීමක් නෙවේ.. මා වෙනුවෙන්ම පොලවට ආව තාරුකාවක්...
අකුණු එයිනෙ අයියෙ... බාගදා කවුරු හරි පොලවෙන්ම ගුවන්යානා නාශක ගහන්නත් පුලුවන්.. මම ඒවට මුන දෙන්න බයයි නම් එයත් එක්ක මේ ප්ලේන් එකට නගින්නෙ නෑ අයියෙ.. අපි දෙන්න කොහොම හරි මේක බිමට ගේනව ආවෙ උඹල ගාවට.. බැරිම වුනොත් මම පනිනව පැරෂුට් එකකින් එයාවත් අරන්..ඒ උඹල වගේ උන්ව විස්වාස කරල.. මම හරි වේගෙන් පහලට ඒවි.. අල්ල ගනින් මම උමලව විස්වාස කරනව.... ...
මොකද කවරුත් හිතුවේ නෑ කුරුළුට - තරු දිහා බලාගෙන ඉගිලුනත් තරුවක ලං වෙන්න පුලුවන් කියල.. මම මට පුලුවන් දුර ගියා.. එයා ඉතුරු ටික පහතට ආව... දැන් අපි එකට... තව කාරණාවක් කිය්නනම ඕන විකියො..
ඒ ගෑනිගෙ වර්ථමානයත් අතීතයත් මම නම්.. මට ගෑණියෙක්ගෙ අතීතෙන් වැඩක් නෑ... එයත් එහෙමයි.. අපි හැමෝම අතීතෙදි යම් යම් සිද්ධින් වලට මූන දීල තියෙනව තනි තනිව අරන් බැලුවොත් කතා කරන්නත් ලජ්ජයි.. අපේ ජීවිත වලත් ඇති.. මම හොයන්නෙ නෑ අයියෙ මොකටද ???
මට වැදගත් අදයි හෙටවි මිසක් - ඊයෙ නෙවේ...!කවුරු හරි තම්න් අදාරේ කරන කෙනාට එයාගෙ අතීතය මතක් කර කර බනිනවනම් ඒක පෙන්න පෙන්න ලජ්ජාවට පත් කරනවන්ම් ඒක පිරිමි කම නෙවේයි.. උඹ නම හිතාගනින්...
- මල්ලි හරි මල්ලි- අපි හැමෝටම එහෙම දේවල් තියෙනව..උඹ දන්නවනෙ මට වුන දේවල්...
+ අපි ඒවයින් අත්දැකීම් ගන්නව එච්චරයි.. කොහොම වුනත් මම උඹලගෙ... උඹලවයි එයාවයි පටලවගන්නෙ නෑ.. උඹ අහපු නිසා මම කියනන්ම් . මේ රිලේෂන්ෂිප් දාපු එක මහ සුලු දෙයක්.. ඊට ගොඩක් කලින් අපි එකට ඉන්නව කියල උඹල දන්නවනෙ මම ලියන ඒවයින්... බාගදා හෙට වුනත් මම මේ මේ රිලේෂන්ෂිප් ලින්ක එක අයින් කරයි.. ඒත් උඹ හිතනවද ඒකෙන් අපි වෙන්වුනා කියල.. පිස්සුනෙ බං..
- හරි මල්ලි .. මම බය වුනෙ ්අපිට උඹව නැති වෙයි කියල උඹේ ලියවිලි අපිට වටිනව බං .. අපි ආදරේ ඒවට..
+ ඒව හැමදාම එහෙමමයි මම පොරොන්දු වෙනව.. මම කවද හරි මේ ෆේස්බුක් එකෙන් ගියත් .. වෙන මාර්ගයකින් හරි උඹල ගාවට එන්ව.. අපේ තියේනනෙ මේ ඉන්ටර්නෙට් ලවු නෙවේනෙ බං...
- හරි මල්ලි මම සුභ පතනව .. නංගිටත් කියපං මම සුබපැතුව කියල...
+ හරි අයියෙ ජය.....

ප.ලි...
සුදු නංගි වෙත ලියමි...
අප දෙදෙන ආදරෙය කරන්නෙ අද ඊයේ සිට නොවන බව දන්නෙ අප පමණකි. ඒ බව අපි කිසිකෙනෙකුට නොකිවුවෙමු. මෙලෙස දැන්වත් එය ගැන දැනුවත් කිරීම ගැන මම සතුටු වෙමි.. මම නුඹට නැවත කියමි..
නුඹ මාව හොදින් හදුනා ගන්න.. මමද නුඹව හදුනාගනිමින් සිටිමි...
මට නුඹගේ අතීතයෙන් වැඩක් නැත.. ඒ නුඹ ගේ අතීතයයි.. නුඹගේ වර්තමානය සහ අනාගතට මා හට බාර දුන් පසු මම ඒ ගැන වෙහෙසෙන්නෙමි...
එහෙත් මම නුඹට මෙසේද කියමි...,
මම දේදුන්නක් සුදු නංගි.. දේදුන්නෙ පාට හතක් තියෙනව..බාගදා ඔයා කැමති පාට එකකට හෝ දෙකකට වෙන්න පුලුවන්.. අනික් පාට වලට මගේ මේ මිතුරන් කැමති වේවි.. එහෙත් නුඹ අකමැතියි කියා ඒ පාට අයින් කරන්න යැය මට බල නොකරන්න.. එවිට දේදුන්නක් නැත.. දේදුන්නක් නම් පාට හතක එකතුවක් බවම මතක තබා ගන්න....මමද නුඹ වෙනුවෙන් එසේ සිතමි...
විස්වාස කරන්න.. මම ආදරෙයි..
සත්තයි... !!!
====== සත් මහලින් බැස එන්නම්
නුඹ මා පිලිගන්නවනම්
ආදරයේ පියගැට පෙල පාර කියාවී....
මහ පොළවට පිලිගන්නම්
සිටු සැප හැර එනවානම්
ජීවිතයේ දූවිල්ලෙන් ඇස් බොඳ වේවි...
.
සිරි යහනේ පොකුරු පිච්ච මල් තනි වේවි
දුකට කඳුලු අහස අසාවි
පන් පැදුරේ අලුත් පැතුම්  දළු ලියලාවි
ඒ පැදුරෙන් අප නොවැටේවී...
.
සත් මහලට පයු සඳ පැලටත් ඒවි
ඔබේ ලොවට එලිය වැටේවි
හඳ නාවත් මගේ පැලේ එලිය වැටේවී
නුඹට පුරා හඳ පරදීවී... =====
------කුරුළු----

Thursday, October 17, 2013

===ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා - පාලුවේ හැගුම් හදට දැනුනෙ දැන් තමා මවු බිමෙන් නුහුරු ජීවිතේ - පාලුවෙන් ගෙවන ජීවතේ ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කලා...=== .


ඈ මා දමා වෙනත් රටකට පියෑඹු දිනය අද වගේ තවමත් මා හට මතකය..
ඊට දිනන කීහිපයක සිට නොව ඇයි එසේ විදේශගත වන බව මා හට දැනුම් දුන් දවසේ සිටම අප අතර ගැටුම් ඇතිවිය....
- අයියෙ මම යනව..
+ කොහෙද ?
- රට.. අර මං කිවුවෙ මට යන්න වෙලා..
+ මොකක්? මේ පිස්සු කෙලින්නෙ නැතිව ඉන්නව හරිද ?
- පිස්සු නෙවේ අයියෙ ඇත්තමයි.. මම තාත්තට හා කවුව...
+ මොකක්ද දැන් ඔයා කියන්නෙ..?
- ඔවු අයියෙ මම රට යනව අවුරුදු දෙකකටනෙ.. මගෙ රත්තරන් අයිය ඉන්නවද මං වෙනුවෙන් බලාගෙන..
+ මට බෑ.. මගෙන් ඇහුවෙ නෑනෙ.. මම කැමති නෑ ඕන නම් මම ඔයාලගෙ ගෙදර අයටත් කියන්නම්..
- අනේ වඳින්නම් අයියෙ අපේ ගෙදර අයට කියන්නෙපා ප්‍රස්නෙ තවත් වැඩි වෙයි..
+ ප්‍රස්නයක් නෑනෙ මෙතන .. ඔයා යන්න බෑ කියන්න එච්චරයි..
- අනේ අයියෙ... සුදු අයියනෙ මගේ... බලන්නකො අයියටත් තාම ගෙයක් හදන්න අමාරුයි.. අයියත් ගෙයක් හදන්න සල්ලි ඉතුරු කරගන්න. මා් ගිහින් කීයක් හරි හොයාගෙන එන්නම්.. අපි දෙන්නම එකතු වෙලා පොඩි ගෙයක් හදා ගමු.. ඒකයි අපේ අම්මත් කිවුවෙ.. අපි අපිට පොඩි වාහනයකුත් ගමු.. අයියගෙ බිස්නස් වලට උදවු වෙයිනෙ.. මම ආපු ගමන් අයිය ගාවට එන්නම්... එතකොට අපිට සතුටෙන් ඉඳතැකිනෙ මගෙ අයියෙ...
+ ඇයි නංගි සල්ලි නෑ කියල දැන් අපි දෙන්න සතුටෙන් නෙවේද ඉන්නෙ ?
- එහෙම නෙවේ දරුවො අහන්නකො... අපි දැන් ඕන නැති වුනාට පස්සෙ සල්ලි ඔන් වෙනවනෙ.. එහෙම නැති වුනාම අයියට තනියෙම දුක් විදින්න වෙනවා.. ඒ නිසා මමත් කීයක් හරි හොයන් එන්නම්කො... අනේ මට යන්න කියල සුබ පතන්න මගෙ අයියෙ...
+ සුභ පතන්න ? සුදු නංගි.. ඔයාට නොයා ඉන්න බැරිද ?
- යන්න හේතුවක් තියෙනව නෙ අයියෙ.. ඉන්න හේතුවක් නෑනෙ.. !
+ ඇයි මම හේතුවක් නෙවේද නංගි ?
- අයිය ඉතින් කොහොමත් මගේනෙ .. ඒක වෙනස් වෙන්නෙ නෑනෙ...
+ නංගි අපි මෙහෙ වෙන රස්සාවක් කරමුකො.
- මම දැන් තාත්තට කැමැත්ත දීල ඉවරයිනෙ අයියෙ රට යන්න.. තව ටික දවසකින් මම යනවනෙ..
+ හ්ම් ඔයා මට නොකිය සේරොම ප්ලෑන් කරලනෙ දැන් කියන්නෙ.. ඉතින් මම මොනව කරන්නද බලන් ඉන්නව හැරෙන්න...
- අනේ සුදු අයියෙ ඔයා ඉන්නව නේද මේ නංගි එනකම් බලාගෙන.. මගේ හිත හැදේන්න මොනව හරි කියන්නකො අයියෙ... නැත්තං එහෙ ගියත් මං මැරුණ වගේ තමා...
+ හ්ම්.. එයා නැතිව මං මෙහේ මැරුණ වගේ තමා නංගි...
- අනේ දරුවො එහෙම කිය්නනෙපා .. මං කෙල් කරන්නම් හැමදාම... රත්තරං අයියෙ..
+ බලමුකො...
- බලමුකො නෙවේ.. අපි එහෙම කරමු මම අර කිවුව විදියට මම ආයෙ ආවව අපි එකට ඉමු...
+ හ්ම් හොදයි මම එන්න්ම්කො ඔයාලගෙ ගෙදර හෙට අනිද්ද...
- හා එන්න අයියෙ.. හැබැයි වෙන මුකුත් කියන්නෙපා හොදේ මට පොරොන්දු වෙන්න...
+ හ්ම්.....
**************************
ඇය එසේ පැවසූවේ ඇයි දැි මට අදටත් හිතා ගන නොහැකිය.. මගේ සිත තුල අදටත් ගැටලු ඉතිරිව ඇත...
ඇය එහේ විදේහ ගත වූවාය.. පැවසූ ලෙසටම අවුරුදු දෙක මුලුල්ලේම එය කෙසේ වෙතත් මම ඇයට ඇමතූවෙමි.... අවුරුදු දෙකාවසානයේදී ඇය පැමිණියාය...
ඒ එන කාලය වන විට මා වාහනයක්ද මිලදී ගතිමි.. කුඩා නිවසක්ද තනා ගැනීට සමත් වීමි.. ඒ සියල්ල මා ඉටු කලේ ඇය වෙනුවෙනි.. ඇය පැවසූ අන්දමට අප දෙදෙනාම එකතු වී කල යුතු යැයි කී සියලු දේ මම තනිව ඒ අවුරදු 2ට ඉටු කලෙමි.. එහෙත් ඇය පැමිනෙන විට ඇය බුන්වත්ය.. ඇය සතුව කිසිදු වත්කමක් නොතිබිනි.. ගෙවීගිය අවුරුදු දෙකක කාලය හා මගෙන් ඈත් වූ වා පමනි...
---
ඊයේද ! මහරගමින් ඇයගේ ගම්පලාතට යන බස් රථ යේ මගීන් පොලීමේ මා ඇය සෙවූවෙමි... මා මහරගම ඇවිදින සෑම වෙලාවකම කොතැනකදී හෝ ඇය දකීවියැයි මා සිත කියයි.. මම බලමි...
 ඒ ඇය නැවත පැමිනෙන තුරුය.. මා සිතනා ආකාරයට නම් විදෙස් ගත වූ මගේ ආදරය නැවත පැමිනියේ නැත...
--
මම තවමත් බලා සිටිමි..
--
======================
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා - පාලුවේ හැගුම් හදට දැනුනෙ දැන් තමා
මවු බිමෙන් නුහුරු ජීවිතේ - පාලුවෙන් ගෙවන ජීවතේ
ඔබ කෙරේ ආදරේ තව තවත් වැඩි කලා...
.
සේයා රූ දකින වාරේ - නෙත් මානේ කදුලු වෑහේ..
හැගුම් දවා දුකින් හඩා සුසුම් හෙලන්නනේ
නිරන්රේ ඔබේ දසුන් මැවී පෙනේනනේ
යලි දකින්නේ කවදදෝ ?
.
මේ ගින්නෙන් මැවෙන කතරේ - සීමාවෙන් මිදුනු දවසේ
ඉගිල්ලිලා ඉගිල්ලිලා සොයා ඇදෙන්නම්
සැපෙන් පිරී දුකින් තොර ලොවක් තනන්නම්
වෙහෙස වන්නේ ඒ නිසානෙ....
=====================
-----කුරුළු-----

Wednesday, October 16, 2013

අපෙ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ




තුන්වෙනි කාලපරිච්ජේදය අවසන් වී මා කාර්යාලය පැත්තට ගියේ වතුර උගුරක් බී උගුර තෙමා ගැනීමටය..උදේ සිට එක දිගට ළමුන්ට ආර්යඅෂ්ටාංගිම මාර්ගය හා ත්‍රිලක්ෂණය උගන්වා හොද හැටි හෙම්බත් වී සිටියෙමි..
කාර්යාලයට ඇතුලු වන විටම විදුහල්පති හිමියන් ඉදිරිපිටම චෝදනා එල්ල කරන පියෙකි..
දරුවා 5වසරේය..
-- වැඩක් නෑ හාමුදුරුවනේ කියල, කියන දෙයක් අහන්නෙවත් නෑ.. පාඩම් කරන්නෙත් නෑ.. සෙල්ලමමයි... කොයි වෙලෙත් සරුංගලයක් අරන් දුවනව කොල්ලෝත එක්ක වේල්ලට.. උදේට දහම් පාසලට වුණත් බලෙන් වගේ තමා ඇදගෙන එන්නෙ.....
** හරි මහත්තයො මමත් අවවාද කරන්නම් තාත්ත යන්න දැන් මේ දරුවවත් අරන්..
පොඩි එකා අඩනවාට වඩා බයෙන් ගුලි වී පැමිණ හාමුදුරුවන්ට වැන්දේය..
මේ දෙදෙනා උදෙසා යමක් කිව යුතු යැයි සිතුනෙන් හාමුදරුවන් විචාලෙමි..
++හාමුදරුවනේ මම මේ තාත්ත එකක් ටිකක් කතා කරන්නද ! කමක් නැද්ද
** හරි මයුර අයිය කතා කරන්න එහෙනම් පොඩ්ඩක් බලල ළමයටත් අවවාද කරන්‍නකො.
++හොදයි හාමුදරුවනේ .. තාත් එන්නකො එලියට අපි එලියෙ කතා කරමු...
පුතා ටිකක් එහායින් අර පන්තිය ළග ඉන්න මම තාත්ත එක්ක කතා කරනකම්..
(පොඩි එකා සෙමින් සෙමින් පන්ති බෑගය රැගෙන පිටවිය..
++තාත්තෙ වාඩි වෙන්න... මොකක්ද ප්‍රස්නෙ..
--වැඩක් නෑ සර් මේ ලමය කියන දෙයක් අහන්නෙවත් නෑ.. පාඩම් කරන්නෙත් නෑ..සරුංගලයක් අරන් දුවනව කොල්ලෝත් එක්ක
++තාත්ත සතුටු වෙන්න තාත්තෙ .. මමත් ඔහොමයි ඒ කාලෙ.. පාඩමක් කලේම නෑ දුවනව පනනිව විතරයි කලේ.. තාත්තගෙ දරුව හොද නිරෝගිව එහෙ මෙහෙ දුවන පනින එකට සතුටු වෙන්න... දරුවො දගයි තමා.. කවුද තාත්තට කිවුවෙ දරුවො කීකරුයි කියල....
තාත්ත දන්නව ඇති.. සිදුහත් කුමාරය. ඒයත් තාත්තට අකීකරු වුනා.. තාත්තට ඕන වුනේ සක්විති රජ කරන්න. ඒත් කුමාරය යන්න ගියා තාත්ත කියන දේ අහන්නෙ නැතිව.. බැරිවෙලා හරි සිදුහත් තාත්ත කියන දේ ඇහුවනම් අද අපිටඉගෙන ගන්න බුද්ධාගමක් නෑ.. යේසුස් තුමත් එහෙමයි.. හරි දගයි පොඩි කාලෙ.. තාත්ත කියන දේ අහ අහ හිටියෙ නෑ එයාටත් ඕන වුනේ නිදහස් හොයන්න...
--ඇත්තටම සර්, සර් කියනකම් කලපනා වුනෙ ්නෑනෙ.. සිදුහත් නවත්තන්න මොන තරම් දේවල් නම් කලාද තාත්ත...
++හැබැයි මෙහෙම දෙයක් තියෙනව... හොදයි මම තාත්ත සරුංගල් ගැන කිවුවව නිසා සරුංගල්ම උදාහරණෙට ගන්නම්.... මේ දරුවො සරුංගල් වගේ තාත්තෙ..
බට කපල රැහැල අපි තමා සංරුංගලේ හදන්නේ. අම්මයි තාත්තයි එකතු වෙලා තටු දෙක සමබර කරනව මොකද ඒක සමබර නැතිනම් සරුංගලේ උඩ යන්නෙ නැති නිසා.. ඊට ප්සසෙ ඒ දනේනයි ගුරුවරුයි එකුතු වෙලා සරුංගලේ හැඩ වැඩ දාල අලවනව මේ ‍සේරොම කරන්නෙ ගේ ඇතුලෙ තියන් ඉතින් සරුංගලේට කිසිම හානියක් නෑ පරිස්සං...
හැබැයි තාත්තෙ අපිට ගේ ඇතුලෙ සරුංගල් යවන්න බෑ... අපි ඒක එලියට අරන් යන්නම වෙනව. ඒ තමයි සමාජෙ. අපිට අපි හැඩ ැවඩ කරපු දරුවව සමාජෙට දාන්නම වෙනව.... ඒ වගේ ම තමා ඒ සමාජෙ වවුලො, කොම්බුවො, මොනරු, කවුඩො,ඉස්සො වගේ එක එක ජාතියෙ සරුංගලුත් තියෙනව එක වගේ ඒව තිබුනට ඒව එක එක විදිහට අලවලත් තියෙනව ඒ වගෙ ්තමා ලමයි.. ඒ ඒදෙමවු පියො කැමති විදියට ළමයින්ව හදනව.. හැබැයි හැමෝම උඩ යවන්න අරන් එන්නෙ එකම අහසකට...
ඉතින් තාත්තෙ එහෙම අපි දරුවව අතෑරල නිකන් ඉන්නෙ නෑනෙ තාත්ත දන්නවනෙ සරුංගල් යවන හැටි.. අනික් සරුංගල් එක්ක පැටලිලි නොවී අපි මුල ටික යවන්න ඕන... උඩ හුලගට ඇල්ලුවාට ප්සසෙ දරුවාට හොද නරක තේරෙයි එතකොට සරුංගලේ තව තවත් උඩ යන්න හදනව... තාත්තෙ අපිට තියෙන්නෙ නුල් දිදි බලන් ඉන්න විතරයි... අනික් සරුංගල් එක්ක පැටලෙන්න හදනවනම් හරි අපේ සරුංගලේ ඇදයක් නම් බිම බාල ඇදේ ඇරල හරි රැල් දෙක තුනක් කඩල හරි ආමෙ යවනව මිස්ක් අපි සරුංගලේ කඩන්නෙ නෑනෙ... ඒ වගේමයි පැටලුනොත් ඒ අදාල කෙනෙත් එක්ක කතා කරල පැටලුම බේරගන්නනෝන නැතිව කඩන් යන්න ඉඩ දෙන්න හොද නෑ.. හැබැයි..
තාත්ත කොයි වෙලාවෙ හරි සරුංගලේ අතෑරුනෝත උඩු හුලං පාරට සරුංගලේ කොහෙ යයිද දන්නෙ නෑ.. ළමයව සමාජෙන් අල්ලන් ඉන්න නූල තමා තාත්තයි අම්මයි අතේ. නූල අතාරියෝත හරි කැඩෙන්න දුන්නොත් දරුව නොමග යයි එතකොට තාත්තට ආයෙ ඒක හොයාගන්න බැරි තරම් දර ගිහින් අනුන්ගෙ වතු වලට වැටෙයි... එතකොටත් දුක අපිටමයි තාත්තෙ...
ඉතින් අවුරුදු 5ක් තාත්තයි අම්මයි දරුවව හදල දැන් සමාජෙට අතාරින කාලෙ.. ඔන්න ඔහෙ ගිය දෙන් ටිකක් සෙල්ලම් කරන්න වැඩිපුර.. හැබැයි තාත්තයි අම්මයි සෝදිසියෙන් ඉන්න ඒ බත් එයාට අඟවන්න ... ඒ ඇති.. හැබැයි නූල අතෑරුනා කියල එයා දැනගත්තොත් නොමග යයි.. ඒවගේමයි ඒන මහ හුලගට නූල කැඩෙන්න නොදී බලා ගන්නත් ඕන......
මට කියන්න තියේනනෙ එච්චරයි .. මට දැන් ඊලග පන්තියට යන්න ඕන...
---තේරුණා සර්.. ‍තේරුණා.. ඇත්තමයි මට හොදටම තේරුණා... ඔය වගේ තේරුම් කරන්න කාටවත් බැරිවුනානෙ මෙච්චර කල්....සර් උගන්වන්නෙ කීය පන්තියටද ?
+++ 10 සහ 11
--සර් මගේ පුතා ලොකු වෙලා සර්ගෙ පන්තියට එනකම් මේ දහම් පාසලේම ඉන්න ස්ර්ගෙ ගෝලයෙක් කරන්න ඕන පුතාව මට..
++ගරුවරු කිය්නනෙ තාත්තෙ අම්බලම් වල ජීවත් වෙන අය.. අපිට ස්ථිර නවාතැන් නෑ.. තැන් තැන් වල දැනුම බෙදීමයි අපේ රාජකාරිය...
--සර් සර්ගෙ නම?
++ මම මයුර (කුරුළු)....
--හරි සර්... ගොඩක් පින් මට කියල දුන්නට...
මාගේ අතකින් අල්ලාගෙන සිටි ඔහු මා සමගම දරුවා සිටින පැත්තට පියමං කලා..
--පුතේ සර්ට වදින්න පුතේ.. අපි ගිහින් එන්නම් කියන්න..
++හොදයි බුදු සරණයි...පුතේ හොදට ඉගෙන ගන්න ඕන හොදද තාත්ත කියන දේ අහල...
එහෙනම් තාත්තෙ මම යනව බුදු සරණයි !
--බුද සරණයි සර්..!!
-----------කුරුළු-------

Sunday, October 6, 2013

=== හිත ගාව හිර වෙච්ච ආදරේ කියාගන්න - තව කෝඩු කාරයි වගේ===


.
-හෙලෝ.........
+ ඔවු කියන්න.... හූ ස්පීකින්ග්..
- කියන්න.. ? මම කියල තියෙනව එහෙම කිය්නනෙපා කියල..
+ මිස් ට කාටද කතා කරන්නෝන කියල කියනවද ඉස්සෙල්ලම...
- ආ ...ං ඇත්තද ? මිස්ට කුරුළු ඉන්නවද ?
+ අනේ සොරි මිස් මිස්ට කුරුළු නෙවේ එයා තාම මාස්ට කුරුලු..
- ඇත්තට.. මං දැනං හිටියෙ නෑනෙ... කො ්ඉතින් ඉන්නවද ඔය මහ ලොකු කුරුල්ල...
+ අනේ මිස් කුරුළු නම් නෑ බාත් රෑම් එකට ගිහිල්ල.. මම පණිඩිඩේ කියන්නම් .. මිස් තව ටිකකින් ගන්නවද...
- ආ...නේ ඇත්තටම... එතකොට මේ කවුද...
+ මම කුරුලුගෙ යාලුවෙක්.. සෙක්‍රටරි කියල හිතා ගන්නකො.. හොදේ..
- ආ.. දැන් එහෙම අයත් ඉනනවද එයාට... මට හිතුන මේ කෙල්ලො තොගේ දැක්කාම කුරුලුට සෙක්‍රටරි කෙනෙක් ගන්ඩ වෙයි කියල..
+ අනේ සොරි මිස් මම නම් ඒව දන්නෙ නෑ තව ටිකකින් ගන්නවද කුරුළු ආවම ..
- අයියෝ...හ් එහෙම බෑනෙ..මිස්ට.. පොඩි හදිසියකට කතා කලේ..
+ හදිසියක් ?
- ඔවු අනේ..
+ මොකක්ද නොන හදිස්සිය..
- බලන්නකො මට කුරුළුට ගුඩ් මෝනින් කිස් එක දෙන්න බැරි වුනානෙ... අද? ඒක දෙන්නයි මේ කතා කලේ...
+ හයියෝ.... ඇත්තද මිස්.. දැන් එතකොට මේ මිස් කවුද ..?
- හානේ.. මම ද ? මම මේ කුරුළුගෙ වෙන්ඩ වයිෆ්නෙ.... ඇයි ඔයා දන්නෙ නැද්ද ?..
+ ඇ...හ්.. හරි පුදුමයිනෙ... දැන් මේ කතා කරපු තුන් වෙනි වෙන්ඩ වයිෆ්නෙ... මිස්ට කලින් දෙන්නෙක් කතා කලානෙ ගුඩ් මෝනින් කිස් එක දෙන්න....
- අඩෝ...........ව්.... අනේ අයියෙ මේ.. එන්නෙපා හොදේ ඕවට... ඔන්න මම ඇත්තට හිතනව හොදේ....
+ මෙහෙමයි මිස්... මිස් කැමතිනම් මට දෙන්න දැන් කිස් එක.. මම පස්සෙ කුරුලුට දෙන්නම්...
- මොකක් ?? අනේ අයියෙ මේ විහිලු ඇති අයියො.. උදේ පාන්දර.. මදැයි මම මේ මිනිහෙක්ට ඇහැරවන්න කොල් එකක් ගත්ත..
+ ඇහැරවන්න... ? බකුසියෙ දැන් 8යි මට ඇහැරවන්න කිවුවෙ 7ට...
- සොලි සොලි ඉතින් මට දොයිය ගියා... ඉතින් 8ට හරි ඇහැරුවානෙ...
+ ඉතින් මම ඇහැරල නෙ හිටියෙ...
- ඒක තමා මෙ ්මොකෝ අද උදේ..ම නැගිටල....
+ බුක් ෆෙයා යන්න....
- නරකා..........යි මට කිවුවෙ නෑ.... යන්නෙ නෑ අද...හුහ්..
+ අනේ නෑ සුදු නංගි අද මගේ යාලුවො එනව කියල එන්න කිවුව ඒ නිසයි යන්නෙ...
- නෑ ඕන නෑ මාත් එක්ක ගියාම ඇතිනෙ... කොහොම ගිය්ත එකම එකනෙ..
+ බෑනෙ දරුවො යාලුවො නෑනෙ...
- හුහ්.. යාලුවො..? ඔවු ඉතින් ඔයාට යාලුවො තමා වටින්නෙ... යාලුවොද වටින්නෙ ඔයාට මාවද ?
+ ඔන්න ඔන්න නංගි මේ.. මං කියල තියෙනව ඒ තරාදියට නම් මාව මනින්න එපා කියල ආ..
- හා හරි කියන්නොක ඉතින් කවුද වටින්නෙ කියල..
+ යාලුවො..!
- ආ.....නේ දැක්කද......... මෙච්චර ඉන්න මාව වටින්නෙ නෑ.. යාලුවො වටිනවලු මං අඩනව මට දුකයි..
+ යාලුවො මට හම්බුනේ ඔයාට කලින් දරුවො.. ඔයායි අපිට පස්සෙ එකතු වුන කෙනා.. එහෙම වුනා කියල යාලුවො කිසිම දවසක කියල නෑ ඔයාව අයින් කරන්න කියල... ඉතින් ඇයි මේ ඔයා යාලුවො අයින් කරන්න කියන්නෙ..
- ඕන නෑ... මං තරහයි....
+ උදේම මුස්පෙන්තුව දාන්න එපා බොල.. යන ගමන හරියන්නෙ නෑ..
- අනෙ ්පොත් ප්‍රදර්සනෙ වහලම තිබියන්.... ඔවු මෙයාට ගිහින් එක එක කෙල්ලො එක්ක ඉදල පොටෝ දාන්න නේ ... ලයික් වැටෙනවනෙ හෝ ගාල.. කමෙන්ට් වැටෙනවනෙ... මේ කවුද කුරුලු ? කෙල්ල දකුරුලු ? අරයද කුරුලු / ලස්සනයි කුරුලු .. කියල....
- මේ මේ මේ... මම කාත් එක්ක ද පින්තුර දැම්මෙ...
- ඇයි අර අකිල අයියගෙ වෙඩින් එක දවසෙ දාල තිබුනෙ එයාගෙ නංගිත් එක්ක එකක්... තොග පිටින් ඒකට ලයික් දාල කොමෙන්ටුත් දාල තිබුනෙ...
+ ආහ් ඒක විතරයිනෙ....
- දැක්කද ? දැක්ක? සේප් වෙනව.. ඔයාට ගානක්වත් නෑ මේ අසරණී පවු අයියො..
+ අනේ මේ දරුවො.. මම කොයි කාලෙ ඉදන්ද කිය්නනෙ අපි දෙන්නගෙ පින්තුරයක් දාමු කියල.. මම එහෙම ගෑනු ලමයි එක්කල ඉදල පින්තුරදානනෙ නෑ.. දැම්මත් ඒ මගේයාලුවො එක්ක විතරයි.. හොදයි බලන්නකො මම ඔය එලියට උත්සව වලට යන එක වෙලාවකවත් කෙල්ලෙක් එක්ක ඉන්නව පින්තුරෙක තියෙනවද ?
- නෑ..
+ ඉතින එකනෙ... මම එහෙම ඉන්නෙ නෑ.... සමහර වෙලාවට ඉතින් මගේ හොදම යාලුවො එක්ක පින්තුර ගන්නව... මට ඉතින් එහෙමත් බැරිනම් වැඩක්නෑනෙ.. අනික ඉතින් මම ඔයාට කියලනෙ තියෙන්නෙ අපෙ පින්තුර දාමු කියල ඔයානෙ ආස නැත්තෙ...
- අපෝ හරි හරි... මම තමා වැරදි...
+ ඔය ඉතින් වැරැද්දක් කිවුව නෙවෙයි දරුවො...
- හා හා ඉතින් කමක් නෑ... හරි දැන් අයියට පරක්කු වෙයි.. ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඉතින්.. යාලුවො බලන් ඇති... දුවන්න දුවන්න..
+ හහ් හහ් හහ් හහ්..හරි හරි එහෙනම් මම තිබ්බා.. බුදු සරණයි....
- බුදු සරණයි මගේ අයිය පරිස්සමින් ගිහ්න එන්න....
+ මේ අයිය... කෙල්ලො බල්නනෙපා හොදේ ..
- හා මං ඇස් පියන් යන්නම්... තියපීය........
===========================
සුදු පාට මල් වැටුන රතු පාට රැලි ගවුම
අපෙ බාලෙ සිහිවෙයි නගේ
ගැට පිච්ච මල් මාල ගෙල පලදවාලන්න.. මට තාම ආසයි නගේ..
හිත ගාව හිර වෙච්ච ආදරේ කියාගන්න
තව කෝඩු කාරයි වගේ
.
වැහි දාට කඩදාසි ඔරු හැදුවා මං
වැහි ලිහිනියො වැහි අරන්
දුර ඈත ගෙනහිල්ල දැන් මම ඉතින්
කඩදාසි ඔරු තනිවුනා... වැහි නැතීව මග තනි වුනා..
..
එන දාට ගම පැත්තෙ මට ලීවොතින්
මුතු අකුරින් පිටවක් පුරා
බඩ වැටිය  ලිඳ ගාව මම ඉන්නවා.. දැක ගන්න මගෙ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා.....
..
===============
-------කුරුළු-------

Monday, September 30, 2013

කැමති නමක් දා ගන්න.....!!


-හෙලෝ කුරුළු..
=ඔවු කියපන් මචං
-මට රස්සාවක් හම්බුනා ..
=ෂහ් මරුනෙ බං.. ඉතින් කොහෙද ?
- නුවර..
= අම්මට සිරි නුවරද ?
-නෑ බං මහ නුවර..
= ආ ඇත්තද.. මං හිතුව අම්මට සිරි නුවර කියල..
- ඒක නෙවේ.. උඹෙන් ලොකු උදවුවක් ඉල්ලන්නයි කෝල් කලේ..
= කියපං ඉතින් මොනවද ..
- උඹලෑ ගම නුවරනේ.. මට නුවර බෝඩිමක් හොයල දියන්කො ටවුම කිට්ටුව..
= යකෝ අපේ ගම නුවර වුනාට දැන් අවුරුදු විසි ගාණක් අපි මේ කොළඹ.. ගමේ එකෙක්වත් අපිව අදුරන්නෙවත් නෑ..
- අනේ එහෙම කියන්න එපා බං.. උඹලැ මාමට කියල බලහංකො .. නෑයෝ දන්නව ඇතිනෙ..
= හරි දැන් කොහොම එකක්ද ඕන..
- අඩේ වැඩි ගනන් එපා බං තාම ගෙදරින් දෙන දිරි දීමනාවෙන්නෙ බං දුවන්නෙ..
එලියෙන් දොරක් තියෙන එකක් නම් හොදයි.. දන්නෙ නැද්ද අපි ඉතින් කොහෙ ගියත් රවුමෙනෙ බං.. දොරවල් වැහුවාම ආයෙ අරින්න බෑනෙ ඒ මිනිස්සුන්ට..
= හ්ම්...
- තව ඉතින් මගේ ගැන කියල දාපං නැත්තං ඒ යක්කු මාව දැක්කාම බය වෙයි.. කෝන්ඩෙ රැවුල වවලනෙ ඉතින්..
= අඩේ ඉිතින් ඒකට ජොබ ලැබුන තැනින් මුකුත් කිවුවෙ නැතිද..
- තාම ගියෙ නෑනෙ ගියාම කියයි.. කිවුවෝත කපනව ඒත බං පට ගාල වැවෙනවනෙ..
= හරි තව මොනවද ? කෑම එහෙම..
- ම්...කෑම දෙන්න පුලුවන් නම් හොදයි බං.. මම කඩවල් වලින් කන්නෙ නෑනෙ.. අම්ම එක්ක රන්ඩු වෙවී හරි ගෙදර ඒව කනව බං ඒ තරං රහ නෑ බං වෙන කොහෙන් වත්..
= හරි මම බලල පනිවිඩයක් දෙන්නම්.....මම ලබන සතියෙ නුවර යනව මාලිගාවට ඒ ගමන් බලන්නම්.. සෙට් වුනෝත උඹත් යං විසිට් එකකට..
- තැන්කියු කොල්ල ඇහ්...
****************
- අඩේ මේ කොහෙද හම්බුනේ විස්තර ටිකක් කියපංකො බං...
= හරි බං කට වහන් ඉදහං දැන් යනවනෙ ගිහින්ම බලාගන්න බැරියැ..
- අඩෝ රහ කරන්නෙ නැතිව කියහන්කො..
= දිගන කිට්ටුව එච්චරවත් දුර නෑ...
- අඩෝ මම දන්න විදියට දිගන දුරයිනෙ බං
= පිස්සුද බං තනි බස් එක...
- අනේ පල කොළඹ ඉදලත් නුවරට තනි බස් එක තමා...
= පොඩි අවුලක් තියෙනව බං.. කෑම දෙන්න ගෙදරින් කැමති නෑ වගේ.. මාම නම් කිවුවෙ එහෙමයි..
- හ්ම් කමක් නෑ බං ඉතින් මොනව කරන්නද ?
----- මේ කියනා ස්ථානයට නුවර දිගන පාරේ කිලෝමීටර 3ක් ගිය පසු මහ පාරෙන් හැරී මද දුරක් පයින් යා යුතු විය (බසයේ යන විට) වෙල් යායක් මැදින් පාර වැටී තිබිනි ---
- අඩේ සිරා පැත්ත බං මට හොද සීනරි ටිකක් ෂුට් කරතැකි උදේට උදේට..
= ඔවු බං එහෙ කොයින්ද මේවා..
---- අපි නිවස ඉදිරි පිට වාහනය නැවැත්වීමු.. උණ බට කඩුල්ල පැන්නුවේද මා මිතුරාය.. ගෙදර සුදු වැලි මිදුලක් සහ වත්තේ මැද අඹගසක් තිබුනි.. පිළිවෙලකට තිබුන ගෙවත්ත පුරාම නොයෙකුත් මල් වර්ගය... ඉස්සරහට වෙන්න මයිනර් වර්ගයේ මෝටර් රථයක්ද පැත්තකට වෙන්න හොන්ඩා බෙන්ලි වර්ගයේ මෝටර් බයිසිකලයක්ද නවතා තිබිනි.. එ දෙකෙම ඉතා හොදින්නඩත්තු කරන බවක්ද පෙනුනි... නිවැසයන් තරමක් රදල පැලැන්තියේ බව දැනගැනීමට මේ සලකුනු කිහිපය අපිට ඇතිවිය...
* අහ් පුතාල රෑවෙයි කියල හිතුව අපි.. හොද වෙලාවට හවසම ආවෙ.
( අපව පිලිගත්තේ ගෙහිමි කාන්තාවයි.. පිළිවෙලකට රෙද්දය හැට්ටය ඇද සිටි ඇය දුටු මට පැරණි රජ කාලයේ ගම්වැසියන්ගේ පින්තුර සිහිපත් විනි )
= අනෙ ඔවු නැන්දෙ අපි උදෙන්ම ආවනෙ. මම ආයෙ කිරිබත් කුඹුරට යන්නෝන ලොකු අප්පච්චිලගෙ ගෙදරට අද රෑ එහෙ...
* අහ් ඒක හොදයි රෑ වුනාම පාරවල් හොයන්නත් බෑනෙ පුතාදට මේ නොදන්න පැති වල.. පාර හොයන්න අමාරු වුනාද ?
= නෑ නැන්දෙ ලොකු මාම කිවුව විදියටම ආව අමාරු වුනේ නෑ...
* කාටද බලන්නෙ මේ පුතාටද ?
= අනේ නෑ මගේ මේ යාලුවට එයාට අලුත් රස්සාව ලැබිල තියෙන්නෙ මෙහෙ..
* හා හොදයි එහෙනම් මේ තියෙන්නෙ කාමරේ මෙන්න යතුර පුතාල බලල එන්නකො..
( එය නිවසින් වෙනමම වත්තේ කොනක පිහිටා තිබුන කුඩා නිවසකි.. නාන කාමරයක්. වැසිකිසිලියක් . ද ඇතුලත්ව තනි පුද්ගලයෙකුට වාසය සදහා ඕනවට වඩා ඉඩකඩක්ද සහිත නිවසක් විය 0
- අඩෝ මේ ගෙයක්නෙ මාර ප්ලේස් එක බං... කීයක් වෙයිද දන්නැ පටට් ගානක් වෙයි..
= මාම කිවුව විදියට 3000යිලු කෑම නැති නිසා
- අඩේ හෙන ලාබයි බං මං කැමති කියපං.... කී මනි කීයක් ඉල්ලයිද ? නො කී මනී කියක් ඉල්ලයිද ?
= වරෙන්කො යන්න ඒව කතා කරගන්න..
( අපි කාමරය බලා එන විට ඒ කාන්තාව කහට තේ වේලක් පිලියෙල කර හමාරය..)
- අප්පහ් නැන්ද තේත් හදල ?
* අනෙ පුතේ තේ නෙවේ.. මේ කහට ටිකක් හැදුව...
= ෂහ් හකුරුත් එක්ක නේද නියමයි ..
* කොහොමද පුතේ බැලුවද හොදද ?
= කාමරෙ නම් බැලුව නැන්දෙ හොදයි යාලුවත් කැමතියි... නැන්දල කීමනී කියක් ඉල්ලනවද ?
* එවනම් දුවලගෙ අප්පච්චිගෙන් තමා කතා කරගන්න වෙන්නෙ ... මම එක කාත කරන්නම්කො අප්පච්චි එක්ක..
= හා හොදයි නැන්දෙ එහෙනම් අපි ගිහින් එන්නම්.. රෑ වුනෝත කරදරයි..
( ඉක්මනට ලොකු අප්පච්චිලගෙ ගෙදර යෑමට සිතා නැගිට්ටෙමි)
* පුතේ මට අහන්න දෙයක් තියෙනව...
= ඔවු නැන්දෙ ?
* මේ පුතා බැඳලද ?
- නෑ නැන්දෙ කොහෙ බදින්නද දැනුයි රස්සාවක් ලැබුනෙ .. කල් තියෙනව ඒවට... ඇයි නැන්දෙ එහෙම ඇහුවෙ..
* අනේ පුතේ මුකුත් හිතන්නෙපා.. අපි ඉති්න ගං වල මිනිස්සුනෙ.. අපෙ ගෙදරත් දුවෙක් ඉන්නවනෙ.. ඉතින් අපි තීරණය කරල තියෙන්න බැඳපු නැති අයට මේ ගෙදර දෙන්නෙ නෑ කියල.. අද ලෝකෙ හැටි පුතාල දන්නවනෙ... පුතාලගෙ මාම මට කිවුවම මම හිතුවෙ බැඳපු කෙනෙක්ය කියල... ඒ නිසා අපි කැමති නෑ..
( මා පුටුවේ යලිත් ඉන්දවුනේ .. දුකටත් වඩා කෙන්තියටය.. මෙහෙමත් ලෝකයක් මා මිතුරා අසරණව මා දෙස බලා සිටියි...  කිව හැකි දෙයකුත් කල්පනා නොවෙයි )
= හ්ම් කමක් නෑ එහෙනම් මොනව කරන්නද / මාම කිවුව නිසයි අපිත ආවෙ කලින් එ බව කිවුවනම් අපිත් දැනුම් දෙනව... කමක් නෑ නැන්දෙ අපි ගිහින් එන්නම්...
 ( මම එලියට බැස සෙරෙප්පු දෙක පයලා ගතිමි.. කාරය වටා වටයක් කැරකී... නැවත නැන්දා ඉදිරියේ නතර වුනෙමි.. මුකුත් නොකියා යෑම සුදුසු නැත. මිතුරා නම් කාරයේ වාඩි වී අවසන්ය )
* අනෙ මුකුත් හිත්නනෙපා පුතේ.. අර පුතුාටත් හිත රිදිලද ද්නනෙ නෑ
= කමක් නෑ නැන්දෙ.. අද රටේ හැටි ඔහොමයි.. නැන්දල ගමේ නිසා ඒක වැඩි පුර බලපානව.. මොනව කිනරන්ද වැරදි කරන්නෙත් අපේම මිනිස්සු... රස්සාවට ඉස්සුලු කරද්දිත් පලපුරුද්ද අහනව නැන්දෙ.. පල පුරුද්ද නැතිනම් රස්සාවක් නෑ.. පලපුරුද්ද දෙන්නෙ කෝමද අපි.. එහෙනම් අපිත් ඉස්කෝලෙ ය්නනෙ නැතිව රස්සාවක් කරන්න තිබ්බ.. අවුරුදු 5ක පල පුරුද්ද ඉල්ලනව.. නැන්ද හිත්න්න අවුරුදු 5ක පල පුරුද්ද තියෙනව කිය්නනෙ වයස 30කට කිට්ටු වේනනෝන... තනිකඩයව කවරුත් විස්වාස කරන්නෙ නෑ...නැන්දෙ.. වගකීම් දෙන්න බයයි... මට මතකයි මම පත්තරේ රස්සාවක් ඉල්ලන් ගියාම කිවුව මේ ලියන දේවල් අලුත් වැඩියි.. හොදට පරිනත වෙලා එන්න කියල.. ඉිතන් නැනදෙ අපිට අවස්ථාවක් දෙන්නෙ නැතිව කෝමද අපි ඉදිරියිට ය්නනෙ.. මේ සමාජයට ඔනෙ පිපුණු මල් මිසක් මල් පොහොට්ටු නෙවේ... මල් පොහෝට්ටු වලට අවස්ථාවක් නෑ.. පිපිනු මල් ඒ පෝහෝට්ටු මරල දාන්න හදනව... හ්ම්... කවුරු හරි ඒ පොහෝට්ටුව රැක බලා ගන්නවනම් එ ්මලත් කවදා හරි මලක් වෙලා සමාජෙ සුවඳ කරාවි.. මම නැන්ද දෝස ්කිය්නනෙෑ.. අපිට කාමරේ හම්බුනේ නැති වුනාට කම්ක නෑ.. නැන්දට කැමති නම්.. “ නංගිව තනිකඩයෙක්ට දෙන්නෙපා බඳපු කෙනෙක්ටම දෙන්න“ ගෙදර කාමරයක් තනිකඩයෙක්ට දේන බය ගමේ මිනිස්සු තම්න්ගෙ දුවව තනිකඩයෙක්ට දෙන්නෙ කෝහොමද ? මිනිස්සු මොනව නොකියයි ද ?
අපි ගිහිල්ල එන්නම්... බොහොම අමාරුවෙන් මගේ යාලුව රස්සාව ගත්තෙ.. ඉන්න තැනක් නැති නිසා ඒක නැති වෙන්න දෙන්නෙ නෑ මම... බඳින්න කලින් හැම කෙනොම තනිකඩයි නැන්දෙ.. මම ගිහින් එන්නම්...
*
( නැන්දා කිසිත් නොකියා බලා සිටියා පමණි..)
* පුතාගෙ නම මොකක්ද ? ( අවසානයේදි ඈ විමසුවාය )
= මම කුරුළු.. කුරුළු නිස්කලංක..
( කාරය හරවන ගමන් මම කීමි )
* හරි අපූරු නමක්නෙ ඒක ඇත්තම නමද පුතාගෙ...
= නැන්ද කැමති නම් විස්වාස කරන්න , නැතිනම් එපා.. මොකද ඒ දෙකින් කෝක වුනත් අපි දෙන්නට වෙනසක් වෙන්නෙ නෑ.. නම වැඩක් නෑ නැන්දෙ මිනිහෙක්ට.. මේ හිටපු ටික කාලෙන් මම නැන්දව දැනගත්ත නැන්ද මාව දැනගත්ත.. මම ගිහින් එන්නම් බුදු සරණයි..
( කාරය ඕනවටත් වඩා වේගයෙන් හරවා ගතිමි... මහ පාරට එනකම්ම කිසි කාතවක් නොකලේ මට දුකත් තරහත් වැඩි නිසාවෙනි )
- උමට පිස්සුද බං මොනවද අර ඇන්ටිට කිවුවෙ . වැඩක් නෑනබෙං එවුවඋන් කැමති නැතින්ම යන්නනෙ තිබුනෙ..
= එම් කෝමද ඇයි බං තිනකඩයො එච්චර පහත්ද ?
( පැය බාගයක් පමණ ගතවිනි - කොහොම හරි අපිට කිරිබත් කුඹුරට එන්නට ලැබුනෙ ්නැත... ජංගම දුරකථනය නාද වුනි )
= බලපං කවුද කියල මම ඩ්‍රයිව් කරනව පස්සෙ ගන්න කියහං..
- හෙලෝ... ආ..හ් පොඩ්ක් ඉන්න ----- මේ අර නැන්ද බං අර ගෙදර...
= ස්පිකර් දාහං බනීද දන්නෙ නෑ මිනිහත් එක්කම..
= හෙලෝ නැන්දෙ කියන්න.... ?
* මේ කුරුළු පුතාද ?
= ඔවු කියන්න නැන්දෙ ඩ්‍රයිව් කරන ගම්න්
* හා පුතේ එහෙනම් මම ඉක්මනට තියන්නම්.. මම මේ පණිවිඩය් දෙන්න ගත්තෙ.. පුතේ අපි කැමතියි අර පුතාට කාමරේ දෙන්න... කීමනී මුකුත් එපා කියල මාම කියන්න කිවුව...
= හා නැන්දෙ ගොඩක් ස්තුතයි...
* ආ මේ තව පුතේ... කෑම දෙන්නම් කියන්න මං.. සල්ලි එපා කෑම වලට.... එ ්පුතා එන දවසට කෝල ්එකක් දීල එන්න කියන්න... මම තියන්නම් බුදු සරණයි..
= හරි නැන්දෙ මම කිය්නනම්.. අනෙ නැන්ද තරහ වෙන්නෙපා මම කියපුවට..
* තරහ වෙන්න දෙයක් නෑ පුතේ .. ඇස් වල තියෙන කුණු රොඩු පිහදැම්මට පින්.. මේචචර කල් ඒ රොඩු අයින් කරන් බැරිව අපි ඇස් රිද රිදි හිටියෙ... දැන් තමා ඇස් රිදෙන එක නතර වුනේ...මම තියන්නම් පරිස්සමෙන් වාහනේ එලවන්න පුතේ..
= හරි නැන්දෙ බුදු සරණයි....
( මිතුරා මා දෙස බලා සිනා සුනා පමණි )
මම ද කිසිත් කතා වක් නොකරම දිගටම වාහනය පැදවීමි....
- ගොඩක් පින් මචං උඹට.....
( යාන්තමට මට ඇසින )
-------------------------කුරුළු----