Saturday, September 21, 2013
Wednesday, September 11, 2013
=== මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....===
අප දෙදෙනාට හමුවීමට ලැබුන ඉඩ කඩ ඉතා අල්පය..
.
ඒ දෙදෙනා - දෙදෙනාට බොහෝ සේ දුරින් වාසය කිරීම ම නොවේ...
දෙදෙනාගේම රැකියාවල ස්වාභවය නිසාවෙනි..
ඇය නිතර කාර්‍යිබහුල වුන අතර මා ඊටත් වඩා කාර්‍යබහුල වීමි...
දෙදෙනා දෙපැත්තකය. විටකෙ පුදුමත් සිතේ..
ඇය රජයේ රැකියාවක් කරන්නීය... මා පෞද්ගලික ව්‍යාපාරක නිරත වෙමි..
මා නිතරම මුහුනු පොත පරිහරණය කරන නුමුත් ඇයට එයට එබී බැලීමටවත් ඉඩ ලැබනේනේ සති අන්තයකදීය..
මා ඇසුරු කරන්නන් කියනා පරිදි මා කාව්‍යකරණයේ සහ ලේඛනයේ නිර්මානකරුවෙකු ලෙස පෙනී සිටියි..
ඇය ඒ කිසිවකට ඉසිඹුවක් නැත..
දෛවයේ සරමටදෝ මන්දා.. ඇයට මා ලියනා කිසිවක් බැලීමට කාලයක් ලැබෙන්නේද නැති..
ඇයද මාද මුණ ගැසුනේ ඉතා අහම්බයකිනි....
ඒ ගැන නුඹලාට කීම කාලය කා දමන්නැකැයි සිතා නොලියා ඉඳිමි..
කෙසේ වෙතත් මා අසා තිබෙනා අන්දමට ඒ “ මුරලිදරන් සහ මදිමලර් “ මුණ ගැසුනු අවස්ථාව හා ගැලපේ යැයි සිතේ...
ඔවුන් දෙදෙනා මුනගැසන විටත් ලෝක ප්‍රසිද්ධ මුරලිදරන් ගැන මදිමලර් එතරම් දැන සිටියේ නැත.. ඈ ඒ ගැන උනන්දුවක්ද නැත...
මා එතරම් ජනප්‍රිය චරිතයක් නොවූවත් තරමක් ප්‍රසිද්ධ චරිතයක් වන බව පහුගිය වසර කිහිපය තුල හැගී ගියේ මේ මූනු පොතින් එපිට මග තොට හමුවන මිනිසුන්ගේ කතා බහ නිසාවෙනි..
අවාසනාවට හෝ වාසනාවට - ඇය ! මා මුල්වරට කතා බහ කර හදුනා ගන්නා විට , ඇය මා කවුරුන්ද යැයි නොදැන සිටියාය.. මා නම් ඇ ගැන සියලු දේම පාහේ දැන සිටියත් නොදන්නා සේ පෙනී සිටියෙමි...
කෙසේවෙතත් දෙපැත්තක විසූවත් අප දෙදෙනාතුල තවමත් ඇතැම් සමානකම් ඇති බව අප දෙදෙනාම විස්වාස කරන්නෙමු..
ඒ නම් සහෘද වීමය.. අර ජයලාල් රෝහන ගුරුපියානන් පැවසුවාක් මෙන් දෙදෙනාම ඉතා හොද සාක්ෂරතාව ඇත්තෝ වූවෙමු.. එනම් ඇයට මාවත් - මට ඇයවත් “ දැනීමයි “ හැගීමයි “..
විෂයන් දෙකක අන්ත දෙකක කටයුතු කලත් අප දෙදෙනාට ඒවා පටලවා නොගෙන මෙතෙක් සිටීමට හැකි වූයේ එබැවින් බව විස්වාස කරමි..
ඇයගේ විෂය වුයේ කතා කිරීමයි - මාගේ විෂය වූයේ සිතිමයි..
“සිතිමේ අඩක් කියැවීමෙන් නසා දමයි“ යැයි මා අසා තිබුනත් අප දෙදෙනා සම්බන්ධව නම් එය මුසාවක් බව දැනුදු සිහිපත් වේ...
““ මම අයියට මම කරන දේ ගැන අපි හම්බුනාම කියන්නම්කො..““ බොහෝ විට ඈ පැවසුවාය...
ඇයට මා නොතරෙන අවස්ථාවන් වලදී මාද,
“ ඒක මම හම්බුවෙලා කියල දෙන්නම් මෙහෙම කිවුවට ඔයාට තේරෙන්නෙ නෑ... !““
පැවසූවත් .. අප මුණ ගැසී බොහෝ කල් ගෙවී ගියත් .. ඇයට එම කී දේවල් වත් මට මා ඒ කී දේවල් වත් පැහැදිලි කිරීමට තවම අවස්ථාවක් නොලැබිනි...
ඒ මා පෙර කීවාක් මෙන් අප දෙදෙනා සිටින දුරස්ථභාවය නිසාවේන මුන ගැසෙන වාර ගනන සහ එක්ව ගත කරන කාලය අඩු නිසාවෙන්.. කතා කිරීමට සහ තීරණ ගැනීමට පෙර කී දේවල් වලට වඩා දේවල් අප හමුවේ වූ බැවිනි....
අප දෙදෙනා බොහෝවිට අන් අය ගැන කතා කරනුයේ අඩුවෙනි.. අප - අප ගැනම අප අනාගතය ගැනම පමණක් කතා කරන්නෙමු.. එහෙත් අප හමුවූ පසුගිය දින අප ගෙවූ කාලයෙන් බොහෝ වේලාවක් කතා කලේ අනෙකෙකු ගැනය.. ඒ Chandana Ellewala ගැනය... මේ සංකල්පනාව මෙසේ ලියන්නේද ඒ වෙනුවෙනි...
“ අයිය.. ඔයා හරි නරකයි..!
- ඔවු ඔයා හරි හොදයිනෙ..
+ නැ නැ එහෙම නෙවෙයි... ඔයා මට අර “ දැලි පිහියෙන් කිරි කන“ කතාව කියන්නම් කියල එදා ෂේප් වුනා.. තාම කිවුවෙ නෑනෙ..
- ආ ඔවු ඒක එච්චර දෙයක් නෙවයි...
+ ඒච්චර දෙයක් නෙවෙන්නෙ කොහොමද ? හැමෝම කතා වෙනවනෙ ඒ ගැන..
- ඒක මේ පොතක් එලි දැක්වීමක්නෙ...
+ කාගෙද ?
- අර චන්දන අයියගෙ...
+ මොන?
- අර රෑ සදෑවෙ අනේ අර කලු .. කොන්ඩෙ ටිකක් ක්‍රේල් ලොකු බඩක් තියෙන්නෙ .. අර නිතරම හිනාවෙලා ඉන්නෙ... අර මං කියන්නෙ අනේ හැම තිස්සෙම....
+ ආ ඔවු ඔවු.. ඉතින් ඒ අයියගෙ පොතක් නම් ඒක සුලු දෙයක්ද ? මට කියන්න එපැයි..අ ැයි ඔයා විස්තර දන්නෙ නැද්ද..?
- දන්නව. සැප්තැම්බර් 22 වෙනිද.. දෙහිවල බීච් එකේ... තියෙන්නෙ..
+ ඉතින් ඔයා යන්නෙ නැද්ද ?
- යනව..
+ කෝ ඉතින් මට කිවුවෙ නෑනෙ....
- ඔයාට කිය කිය ඉන්න ඕනයැ මම යනව..
+ එහෙම බෑනෙ.. මම ඉන්නකොට මට කියල පර්මිෂන් අරගෙන යන්න ඕන..
- දැන් ඔයා හිතන්නෙ ඔයා පර්මිෂන් නොදුන්නොත් මම නොයා ඉදියි කියලද ?
+ හ්ම් ඒකත් ඇත්ත.. ඔයා කොහොමත් යනවනෙ යන්න එපැයි .. චන්දන අයිය යාලුවනෙ..
- ඒකනෙ ඒ නිසා පණ්ඩ්ත කම් නොකිය පැත්තකට වෙලා ඉන්නව.. මම යනකොට කියන්නම්..
+ දැන් මොනවද එය පොතේ තියේනනෙ... !
- බයිල...
+ බයිල ??? චන්දන අයිය බයිලද ලියන්නෙ..
- නෑ .. ඔයාට මගේ කවියක් වත් තෙරෙන්නෙ නැති කොට.. චන්දන අයිය ලියන ඒව බයිල තමා.. ඉතින් ඒව ඔයාට විස්තර කරනවට වැඩිය මට ලේසයි ඒව බයිල කියල ඔයාට කියන එක...
+ අපෝ ඔයා නම් හෙන නරකයි අයියෙ....
- ඉතින්.. මම නැ කිවුවයෑ.. මම ඒක දන්නව.. නිතරම කෙල්ලොත් කියනව..
+ කෙල්ලෝ? මොන කෙල්ලොද.. ෆේස්බුක් එකේ උන්ද...
- නැතිව...
+ ඒකනෙ ටිකක් හිනාවලො පොටෝ එකක්වත් දානවකො මෙතන හැම එකේම ඔරවගෙන බුම්මගෙන ඉන්නෙ නැතිව.. ඉන්නකො මම මල්ලිට කියන්න හොද පොටෝ ටිකක් අරන් දෙන්න කියල මෙයාට හිනාවෙලා ඉන්න.. ෆේස් බුක් එකට දාන්න කෙල්ලොන්ට පෙන්න..
- අන්න ඒක හොද අදහසක්...
+ අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙපා.. කෙල්ලොන්ට පේන්න හිනා වෙලා පොටෝ දාන්න.. හහ් හිතුව මදි.. ඔය ඉන්න විදිහ හොදයි.. නැත්තං මට මේකව බේර ගන්න වෙන්නෙ නෑ...
- ඇයි මාව බේරන්න මම පොඩි එකෙක්ද මේ බෙරිල ඉන්නෙ හොදට..
+ ඒක නෙවේ අයියෙ .. හොද අයියනෙ.. එදාට මාවත් එක්කන් යන්නකො... අයිය කවදාකවත් මාව එක්කගෙන යන්නෙ නෑනෙ.. එවු ඉිතන් ඔයාට එක්කගෙන ගියොත් පාඩුයිනෙ කෙල්ලොන්ගෙන්...
- අනේ මේ මගෙන් අහගන්නෙපා මුක්ත්... පන්ඩිත කතා නම් කියනව එනව එහෙනම් එදාට.. මම එක්කන් යන්නම්...
+ අනේ බෑනේ සුදු අයියෙ.. මට රෑවොල ගෙදර යන්න බෑනේ.. හ්ම්... අපි දෙන්න එකට ඉන්න දවසක අපි දෙන්නම එකට යමු හොදේ. එතකොට නම් මාව දාල යනව බොරු...
හා හොදයි සුදු නංගි අපි එහෙම දවසක එකට යමු...
*****
අනේ ඉක්මනට ඒ දවස එනවනම්.....
************************************
ඉකි ගසා හඩන අතීතයක - කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....
.
හීනෙන් හිනැහී තුන් යම මා රවටා..- මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා - සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
*************************************
---කුරුළු--
Wednesday, August 28, 2013
==හිතින් අදිනවා ආපසු යන්න නොදී.. - ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී. == ==යන්නම ඕනෑ වී නම් මගෙන් මිදි - “ කෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී....“ ==
පසුගිය දින කිහිපයේම මාගේ දුරකථනයද නිවා දැමුවෙමි....
මූණු පොතේ ගිණුමේද චැට් නිවා දැමුවෙමි... ඒ මම මගෙන්ම පැනයාමට දැරූ මෝඩ ප්‍රයත්නයක ප්‍රතිඵල ලෙසිනි...
කිසි දිනයක එසේ කල නොහැකි බව මට වැටහුනේ මා අවට සිටින මිතුරන්ගෙන් නොකඩවා ගලා ආ කෙටි පණිවිඩ නිසාවෙනි... එබැවින් මම “ මා “ විය යුතුමය.. දැන් මට ගැල වීමක් නැත..
=====
දෑස වසා සිටියා නුඹෙ රුව ඇයිදෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට ඇසුනේ...
.
දිවියට සැනසුම සෙනෙහස ගෙනදුන් ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට ඔබ වෙනුවෙන් ජීවත් වූයේ
.
බැදි සෙනෙහස අමතක වීලා නිහඬව ඔබ මට පිටු පෑවෙ
හදවත බැදි ආදරය නිසාමයි කිසිදින මා තරහා නොවුයේ..
=======
--- ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා.. සුදු හංස තටුවේ සැතපිලා .. පෙම් කරමු රහසේ සැඟවිලා.. ළබැඳියේ... මා සිතින් සිර කළා.... -
දුරකථනය නාද වෙයි... ඒ මා නුඹ වෙනුවෙන් දමා තිබුනු ගීතය ය... හරියටම සති 3කට පමණ පසු නුඹ මා අමතයි.........
- හෙලෝ....
=අයිය මම...
- ඔවු දන්නව , කියන්න.. !
= කියන්න කියල කියන්න එපා අනේ .. මම ආස නෑ ඒකට... ඔයා දන්වනෙ..
- හහ්.. අපොයි ඔයා ආස මොකටද කියලත් මම දන්නව දැන්..
= රණ්ඩු වෙන්න එපා මගෙ අයියෙ... ඔයා හොදින්ද..
- නෑ..
= ඇයි ඒ..
- හේතුවක් නෑ මම හොදින් නෙව්...
= එහෙම බෑනෙ සුදු අයියෙ... මම ඉන්නකොටනෙ ඔයා දුකින් හිටියෙ... ඒ නිසා මම ඈතට ගියා.. දැන් වත් සතුටින් ඉන්න...
- කවුද ඔයාට කිවුවෙ ඔයා හින්ද මම දුකින් හිටිය කියල... එහෙනම් ඔයාට වැරදිල..
= ඇයි ඔයාට ඔය මූනු පොතේ කෙල්ලො ඉන්නෙ ඕන තරම් ඒ අය එක්ක සතුටින් ඉන්න..
- ඔවු මම ඒ අය එක්ක සතුටින් ඉන්නව හැබැයි මම ආදරේ කරන්නෙ නෑ.. ඔයා ඒ වෙනස තේරුම් ගත්තෙ නෑනෙ නංගි.. මම හැමදාම ආදරේ කලේ ඔයාට විතරයි...
= හුහ් බොරු කාරය.. මම වෙන කෙනෙක් එක්ක යාලු වුනාම දුක හිතෙන , සංකල්පනාවක් “ දාල මෙතන.. ඊට පස්සෙ දැම්ම නේ තව එකක් අර අයිෂ් අක්කගෙ කඩේ ගැන.. කියනව.. කවුද ඒ “ බකුසු “ පෙන්ඩන්ට් එක ඉල්ලුව නංගි..
- එහෙම කවුරුත් නෑ..
= බොරු කිය්නනෙපා දැන් වත් මට ඇත්ත කියනවද ?
- ඕකනෙ කියන්නයො මෙච්චර මගේ ලගින් ඉදලත් ඔයාට මම ලියන ඒව තේරම් ගන්න බැරි වුනානෙ.. එක අයිෂ්ට උදවුවක් විදියට පල කරපු “ සංකල්පනාවක්“ ...
= හ්ම්... එහෙම කෙනෙක් ඉන්නවනම් මට කියන්න හොදේ... අයිය..
- නෑ නංගි .. මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ... මම අදාරේ කලෙත් - කරන්නෙත් ඔයාට විතරයි...
= බොරු... එහෙනම් ඇයි අන්තිම ටිකේ මා ගැන හොයල බැලුවෙ නැත්තෙ නිකං වත්..
- මෙහෙමයි නංගි අපි ආදරේ කරන කෙනාව විස්වාස කරනව.. අපි අතරෙ ප්‍රස්න මහ ගොඩක් තිබන.. ඒව මගෙත් වැරදි සහ ඔයාගෙත්.. හැබැයි මම කවදාකවත් ඔයාව අයින් කරල වෙන කෙනෙක් ගැන හිතුවෙ නෑ.. ඔයත් අන්තිම දවසෙත් මට වැඳල කිවුවෙ , කෙනෙක් ගැන මට ගෙදරින් බල කරනව ඒත මම ආදරේ අයියට විතරයි කියල.. ඉතින් දරුවො මම ඒක විස්වාස කලා... එච්චරයි..
= ඔවු අයිය - මම තාම ආදරේ ඔයාට විතරයි විතරමයි සත්තයි....
- බොරුනෙ නංගි.. එහෙනම් ඇයි මාව දාල වෙන කෙනෙක් ලගට ගියෙ... අවුරුදු 5ක් ඔයා පිටරට ඉදිද්දි පවා කොල් කරපු මැසේජ් කරපු මම වෙනුවෙන් මාස 8ක් මැසේජ් නොකර ඉ්නනෙ නැතිව ඇයි වෙන කෙනේ ලගට ිගයේ.. මට දුක ඒක නෙවේ.. ඔයා මට මැසේජ් කරල තිබුන. මගේ වගේම ආදරයක් ලැබනු කියල.. අන්න ඒකට... මට කියන්න මම ඔයත් එක්ක මේ අවුරුදු 5දි මොන දුකද වින්දෙ නැත්තෙ කියල එකට ඉදන්.....
=...................
- හෙලෝ.. සුදු නංගි ..?
= හ්ම්...
- ඇයි කතා නැත්තෙ....
= අනේ දෙයියනේ මට සමාවෙන්න මගේ රත්තරන් අයියෙ...
- අනේ ඔයා අඩනවනෙ.. මට සමාවෙන්න මම හිතේ තරහට ඔයාට කියාගෙන ගියා... සමාවෙන්න .. මම වැරදි දෙයක් කිවුවනම්....
= නෑ මගේ අයියෙ මමයි වැරදි.. මමයි වැරදි.. ඔයා ඕන දෙයක් කියන්න මම අහන් ඉන්නම්...
- ඔයා මට මෙච්චර ආදරේ නම් ඇයි ඔයා ගියේ..... ?
= ඔයාට රිද්දන්න.......
- මොකක්...? මට රිද්දන්න වෙන මිනිස්සු එක්ක යාලු වෙලා හරියනවද ? එතොකට එයාට ආදරේ කරන්නෙ නැද්ද.. නංගි ඒකත් කොල්ලෙක්නෙ...
= අන්තිමේදි මටයි රිදුනෙ අයියෙ....
- හ්ම්.. මටහිතුන නංගි .. මම දන්නව මේක ඔයාගෙ තීරණයක් නෙවේ කියල.. මම ඔයා එවපු මැසේජ් සොරොම කියෙවුව... ලියුම් සොරෙම කියෙවුව.. අන්තිම ලියුමෙත් තිබුනෙ ඔයා මැරෙනකල් මාත් එක්ක ඉන්නව කිවල...
= සමා වෙන්න අයියෙ මට සමාවෙන්න... මට ගෙදරින් බලපෑම් කලා.. ඒ වගේම මගේ යාලුවොත්.... එයාලට ඕන වුනේ මාව කොහොම හරි අරයට යාලු කරල දෙන්න....
- යාලුවො එහෙම තමා නංගි විශේෂයෙන් ගෑනු යාලවොයි ගෑනු වගේ ජීවත් වෙන පිරිමියි.. හැබැයි හොඳ උන් එහෙම නෑ... හැබැයි කවුරු මොනව කිවුවත් තීරණය ගන්න ඕන ඔයා... මම ඔයා ගැනත් දන්නවනෙ නංගි... ඔයා අනික් අයට බයේ හරි පවු කියල හරි තීරණ ගන්නව....
= ඔවු අයියෙ මට වැරදුනා ආයෙත්.... මට වැරදුනා දෙයියනේ....
- නැ නංගි ඔයාට වැරදිලා නෑ.. ඔයාට මතක ඇති මම සංකල්පනාවක ලියුව කවදාකවත් වැරදි බස් එකක නගින්න එපා ඒක අපිව ගෙනියන්නෙ අපිට යන්න ඕන තැනකට නෙවෙයි ඒ නිසා ඉක්මනට බැහැ ගන්න කියල// මම ඔයාට දැනුත් කියනව.. ඔයා තාම පරක්කු නැ...
= අනේ මන්ද අයියෙ.. දැන් ඒ ළමයත් පවු.. මාත් පවු ඔයත් පවු..
- ජීවතේ එහෙමයි නංගි.. වැරදි තීරණ ගත්තාම අපිට වරදිනව.. එක්ක මතක තියා ගන්න ඔය වටේ ඉන්න අය තමන්ට වුන දේවල් අපටත් වෙනවට කැමතියි.. ඒ නිසා ඒ අය ඔයාට හොදක් කරයි කියල හිත්නනෙපා.. මට වාඩා ඔයා ඒ අයගෙ ජීවිත ගැන දන්නව ඇතිනෙ..
= අයියෙ ... ඔයා මට සමාව දෙනව නේද...
- මම දන්නව නංගි ඔයා දැනුවත්ව මට වැරුද්දක් කලේ නෑ... අනික කවදාකව්ත මට බෑ ඔයාට වෛර කරන්න... මම තාමත් ඔයාට ආදරෙයි...
= මාත් ආදරෙයි... අයියට පුලුවනි නම් මට ඉදල හිටල කතා කරන්න.. මාත් කතා කරන්නම්..
- අපෝ බෑ එහෙම හොද නෑ දරුවො.... ඔයා දැන් වෙන කෙනෙක්ගෙන..
= අනේ ඇයි අයිය එහෙම හිත්නනෙපා.. ම හැමදාම ඔයාගෙ ඔයාට ආදරෙයි... මම ඔයාට කතා කරන්න අවසර අරන් තියෙන්න..
- මොකක්.. මොන හු**** ද?...
= කුණු හරුප කියන්නෙපා යකෝ..
- යකෝ !!!! මට යකකෙියන්නත් එනවද..?
= නැත්තං මට කුනුහරුප කියනවනම් මාත් කියනව ඈ.. සුදු නංගි වසයි හොදේ...
- අපො ්තාම එවුවනම් වෙනස් වෙලා නෑ...
= හරි අයිය මට කොල් එකක් එනව මම තියනව.. බුදු සරණයි.. මම ආදරෙයි...
- බුදු සරණයි....
-------------------------------------
වෙන කෙනක් කතා කරනවා යැයි කියා මාගේ දුරකථනය කිසිම දිනක නුඹ විසන්දි කරාවියැයි මෙතෙක් සිතා සිටියේ නැත... නුඹ කියපු ගැන තවම සිතමි... අප වටේ සිටින මිනිසුන් නිසා තීරණ ගැනීමට සිදුවෙන අවස්ථාද ඇත. ඒ ඔවුන්ගේ යහපත උදෙසා මිසක් අප උදෙසා නොවන තීරණයි...
නුඹත් මාත් අතර වූයේ අතීයේදි සිදුවූ ප්‍රස්න පමණි.. මෑත කාලයේදි අප කතා බහ නොකලත් බෝ සේ ආදරෙයන් සිටියෙමු... නමුත් අප පරණ මතක අවධි කර නුඹව වෙනස් කර ඇත්තේ අවට මිනිස්සුන්ය...
මම නුඹට කියමි.. තව ප්‍රමාද වීමට පෙර ගත යුතු තීරනය ගන්න..
“ තරහින් , දුකින් සිටින වෙලාවට තීරණ ගන්නෙපා - සතුටින් සිටන විට පොරොන්දු වෙන්න එපා “
නුඹට වැරදුන දිනයක ඔය අවට සිටින කිසිවෙකුත් උදවුවට නොපැමිනේ.. තවද නුඹ අප ආදරෙයට තුන්වැනියෙකුගේ සහය ලබා තිබුනේ මටත් හොරෙනි.. කිසිදිනක දෙදෙනක් මැද්දට තුන්වෙනියෙක් වැද්ද නොගන්න.. අනිවාරයෙන්ම තුන්වැනියා හොද චරිතයක් වනු ඇත... මා මේ ගැන මින් පෙරද නුඹට කියා ඇති..
එහෙත් ඒ තරමටම නුඹව අසරණ කර ඇති බවද මට හැගේ..
- මා නුඹට කියමි.. මාගේ මේ සංකල්පනා - “ එදත් අදත් හෙටත් නුඹ වෙනුවෙන්මයි “ නුඹ එදත් කියැවුයේ නැත, මෙයත් නොකිය වනු ඇති, හෙටත් එසේමැයි... එහෙත් කෙදිනක හෝ කියවාවියැයි මා මෙසේ ලියා තබමි...“...
---------- වාහනයක පසුපස කණ්නාඩියෙන් බලාගෙන ඉදිරියට වාහනය ධාවනය කල නොහැකි බව ම නුඹට කියමි --- අතීතය දෙස බලමින් අනාගතයට පියවර නොතබන්න... නුඹත් මාත් ඒ ගෙවුනු අතීතය තුල නැත.. දැන් වෙනස්ය.. නුඹ නුඹ වෙනුවෙන් පිළි ගැනීමට සුදානම් වුවත් - මා වෙනස් වුන බව නුඹ නොසිතයි....
-- මම ආදරෙයි තවමත් සත්තයි...!
.
=== හිතින් අදිනවා ආපසු යන්න නොදී..
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී.
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදි
“ කෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී....“
.
දුරක් දුකත් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ..
බිමින් තිබ්බ සිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ..
.
හදා ගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්
තරු සිදුරක් නෑ අහසට සඳ ඇවිදින්
“ මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක් “ ===
--කුරුළු--
Friday, August 23, 2013
== ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි සෙනෙහසින් කිරි වැදී - රන් වනින් කරල් බර වූ දිනේ.. ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි..... ==
.
පසුගිය දිනවලු තිබූ මහා කණස්සලු ගතිය මැද කළ යුතු වැඩය පමණක් කරමින් සිටියෙමි. දුරකථනය නාද විය.... ඇය.. ය.. !
හෙලෝ..
- හෙලෝ අයියෙ ඔයා වැඩක්ද ?
= අනේ නෑ මම මේ ඔයා කෝල් කරනකං හිටියෙ.. වැඩක නේන්නම් නංගි.. කියන්න..
- අපෝ ඔන්න තරහ ගියා එහෙනම් මම පස්සෙ කියන්නම්..
= පස්සෙ කියන්න පුලුවන් නම් ඇයි දැන් කතා කලේ වද දෙන්න මට.. ? මේ වැඩ අස්සේ... ( හිතේ තිබු කනස්සල්ල ඇගේ කර මතින් පැටවීමි )
- අනේ අයිය එහෙම කියන්නෙපා මට දුකයි මම වද දෙනවද ඔයාට! ඈ..
= අනේ මේ කියන්න ගත්තු දෙ කියනව ඉතින්..
- නෑ ඕන නෑ ඒක වැඩක් නෑ.... .තරහයි මං..
දඩස් ගා ඇය විසන්ධි කලාය... එක අතකට දුකත් සිතේ.. මා මෙතැන සිටිනා තත්වය ඇය දන්නේද නැත... ඇයට බැන වැදිය යුතු නැත... කෙසේ වෙතත් දැන් නැවත කොල් කල යුතු නැත.. එවිට එයත් ඇය " පුරුද්දට ගන්නවා විය හැක - එයද මට වදයකි ..
වැඩ නිමාවී ගෙදර ගියද .. හිත වෙනතක තිබූ නිසා කල්පනාවේ නිග්මනව සිටියා මිස ඇයගේ ගැන මට අමතකව තිබුනි.. ඒ දහවලින පසු කිසි විටෙක නැවත ඇය මා හට කථා නොකල නිසාවෙනි.. වෙනදා නම් වැඩ ඇරී ගෙදර එන වෙලාවට නොවරදාවම කතා කරන්නීය...
මට ඇයව මතක් වූයේ නිදා ගැනීමට පෙර දුරකථනය චාජ් කිරීම සඳහා ගැසූ අවස්ථාවේ එහි වූ පින්තූරය දැකීමෙනි.. එහි තබුනේ මගේ ම පින්තූරක් වුවත් එය ඩෙක්ස්ටොප් එකට දමන ලෙස ඉල්ලා සිටියේ ඇයය....
මම ඇයට කථා කලෙමි...
දෙතුන් වරක් නාද වුන පසු ඇය මා ඇමතුවාය...
- ඇයි..!
= ගහගන්න වගේ ඇයි අහන්නෙ මොකෝ මිනිහෙක් කෝල් කලාම..
- ආ.... ඇත්තද එහෙනම් ගහගන්න වගේ කතා කරන්නෙ මොකෝ කෙල්ලෙක් ඔයාට කෝල් කලාම...
= අයියෝ සොරි සොරි සුදු නංගියො .. මේ ඇයි දවල් ඔයා කෝල් කලේ..
-ඒක දැන් වැඩක් නෑ.. අයිය කාලද ඉන්නෙ.. පරිස්සමින් ගෙදර ආවද.. ඔයා බැන්න නිසා මම කතා කලේ නෑ.. ඒත් මට ගොඩාක මතක් වුනා...
=ඔවු ඔවු.. වැඩක් නැත්තෙ නෑ කියන්නකො ඉතින්... ඔය ගෑස් ටිකක් බස්සල..
- මේ අයියෙ ඔයා දන්නවද වැඩක්.. අර Ayesha Dilhani අක්ක...
= ඔවු මම එයාව දන්නව ඇයි මොකෝ වුනේ.. ඒකි බැන්නද උඹට අනේ සාදු හොද වැඩෙ...
- අනේ නෑ අනේ අහනවකො ටිකක්.. ඒ අක්ක හරි ෂෝයි...
= වෙන නැත්තං
- ඔවු ඉතින් වෙන නෑනෙ .. අහන්නකො මගෙ අයියෙ.. ඒ අක්ක පොඩි ෂොප් එකක් දාල.. ලේඩීස් කියල...
= ෂහ් මරුනෙ කොහෙද ?
- ඔන් ලයින් අනේ.... ලස්සන ලස්සන පෙපන්ඩන්ට් තියෙනව මුදු තියෙනව.. එක එක ඒවා මම දවසම කලේ ඩිසයින් බලපු එක.. එවෙලෙ තමා මම ඔයාට කෝල් කලේ..
=ආහ් .. ඉතින් ... ඇයි මට කෝල් කලේ
- කෝල් කලේ ! අනේ ලෝබය නොවී මටත් අරන් දෙනවකො අක්කගෙන් මොනව හරි...
= අපෝ ... මේ අපේ උන් අපටමනෙ කෙලින්නෙ.. මුන්ටත් වෙන බිස්නස් නැද්ද මන්ද කරන්න..
-මොනවද අනේ ඔයාගෙ යාලුවෙක් නේ...
= අපෝයි ඔවු හොද............ යාලුවෙක් මම කිවුවොත් නිකං වුණත් දෙයි... එත් එපා නේ අපි සල්ලි දීලම ගනිමු... හැ හැ හැ හැ හැ..
- අනේ මගේ හොද අයිය... එහෙනම් ඕං එකක් මට ඕනෙ ඈ..
= හරි හරි බලල කියන්නකො මොනවද ඕන කියල..
- තාම ෂ්ප්මන්ට් ඇවිල්ල නෑලු.. අදත් මම දැක්ක දාල තියෙනව...
= ආ... හරි හරි නැව තැපෑලෙන් එනව ඇත්තෙ ඒකයි...
- මේ ඒකෙ ඇත්තටම හරි ලස්සන දේවල් තියෙනව අප්ප....ලස්සන බකුසු පැටියෙකුත් හිටිය..
= අන්න ඒක ඔයාට හොදයි ඔයා ඒකක් ගන්න..
- ඇයි ඒ.. ම බකුසි වගේද..
= නැත්තං අයෙ.. අහන හැම එකටම " හ්ම් ' හ්ම් " කියනව විතරනෙ ඉස්සර...
- අනේ මේ එන්නෙපා හරිද අයියෙ.. මිරිකනව කන...
= හරි නංගි දැන් රෑ වුනානෙ අපි නිදියමු හෙට මට වැඩ ගොඩක් තියෙනව....
- අනේ මේ මේ.... මට තව දෙයක් දැන ගන්න ඕන..
= ඒ පාර මොකෝ..
- අර මේ දවස්වල හැමෝම කියන " දැලි පිහියෙන් කිරි කන " කතාව මොකක්ද...!
= අහ් මන්දන්නෙ නෑ..
- පචයා.. දන්නව මට කිය්නනෙ නෑ .. හෙන හොර ඔයාගෙ ඔට්ටු නෑ අනේ...
= හරි හරි මම ඒක ඔයාට හෙට කියන්නම් දැන් නිදියමු...
- මේ අයිය. එහෙනම් හෙට කියන්න... බුදු සරණයි හොදේ....
= බුදු සරණයි...
( අතේ තියෙන කීයටත් තට්ටු වෙන වැඩක් තමා මුන් කලොත් කරන්නෙ... දැන් ඉතින් අරං දියන්කො සුකුරුත්තං යකඩ කෑලි...අරං දුන්න වගේ යෑ ඒව මටම පෙන්න පෙන්න දඟලනකොට )
මම ආදරෙයි සුදු නංගි....තාමත්..
.
== ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
සෙනෙහසින් කිරි වැදී - රන් වනින් කරල් බර වූ දිනේ..
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි.....
.
දෙකන්නේ මුදු වදන් අතරුවා - නියන් ගිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී - නුඹේ හිත මට යමක් කියනවා...
.
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
.
රෑ පැලේ පැදුර තනි පංගලේ - සඳ මඩල පෙම් පරන සක්මනේ
අඦහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ - නුඹේ හිත මට නැකත් ගෙනෙනවා
.
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
.
--කුරුළු--
Friday, August 9, 2013
==== පෙම් බැඳන් ආ කින්නරාවී - මගෙ ළගින් හිඳ වෙන් වුනා ====
.
==== සොදුරිය... කාලය කොතරම් නපුරුද ?
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය....
.
පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වි නැලවුන යුගයක
හඳ ඇදි ඔබ රැව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය....
.
ලොවට හොරා වෙලිලා බිහිකර ගත්
වසන්‍තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය......
.
සොදුරිය... කාලය කොතරම් නපුරුද ? ====
.
බොහෝ විට ආදරයෙන් වෙන් වුනු තැන විරහ ව නිසා නිර්මාණකරුවන් බිහිවෙති. එහෙත් මා නිර්මාණකරණයට යොමු වුනේ ඇයගෙන මා ලද ආදරය නිසාවෙනි..
ඈ මා සමග සිටිනා තුරා ඇයට එය තේරුම් ගත නොහැකි වීම අප දෙදෙනාගේම අවසානාවක ලෙස දකිමි.....
විරහවට වඩා ඇයගෙන් මා ලද ප්‍රේමයත් ඒ ප්‍රේමයේ උත්කර්ෂවත් ප්‍රහර්ශයත් නුඹලා මෙතෙක් විඳින්නට ඇති...
ඇය මා තුල වැපිරූ ප්‍රේමය දිනනේ දින වැඩෙත්ම එහි වූ මල් ළුල විදීම කිසි දිනෙක ඇය නොවිඳාය.... ඇය සිදු කලා නම් කලේ තව තවත මා තුල ප්‍රේමය වැපිරීම පමණි...
නුඹලාම පමණක් ඒ ප්‍රේමාලිංගනයේ මල් වල සුවඳ වින්දෝය..
එබැවින් අප තුල වූ ප්‍රේමයට නුඹලාද සාක්ෂි කරුවන් යැයි සිතමි.. දනිමි....
ඒහෙත් දැන් " ඈ " නැත....!
ඇත්තේ විරහව පමණි...
මෙයින් මතු මා විරහව තුරුලු කර ගත යුතුය..
ඇයගෙන් ලද අදාරය නිසා උපන් ප්‍රේමනිය කවි සටහන් කලාට එලෙසම ඇය වෙනුවෙන් උපන් විරහව නිසා නුඹලාට කවි සටහන්කිරීමට සිත ඉඩ නොදෙයි.......
ඇයත් මාත් අතර සිදුවූ අවසන් කතා බහ නුඹලා හමුවේ තැබීමට තරම් මා සිත සවිමත් නැත...
ඒ කවර දාක හෝ නැවත මේ සටහන් බැලීමේදී වරින් වර හෝ මා සිතම තැලී පෙලෙන නිසාවෙනි.......
===== සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට.....!!!!!!
.
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට -
ඇයි දැයි දොස් පවරන සඳ සිත!
නුඹෙ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත
.
නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට
කෙලෙසට දොස් පවරමි නුඹ හට !
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට
.
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට.....!!!!!!===========
" අපි අල්ලා සිටින අත්තක් අත හැරිය යුත්තේ - ඊට වඩා සවිමක් අත්තක් අල්ලා ගත් පසුය "
නුඹ ඒ දේ කලේ නුඹ යහපත උදසාම යැයි මම නිරතුරුවම සිතමි....
නුඹ පැතූ ලෙසම යහපත නිතරම නුඹ සොයා පැමිනෙවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.
මෙයින් මතු මා අතින් කිසිදු ආදර සංකල්පනාවක් ලියැවෙතැයි නොසිතමි.. ලියූවත් මෙසේ එය පල නොකරමි.... එහෙත් මා සිත වුව විස්වාස නැත...
එ මා දැන් සිත් හදුනන්නෙකු නිසාය....
ඕනෑ දුකක් දැරීමට මා සමග සිටීමට සිටි නුඹ පවා වෙනස් වූ විට සිත ගැන කවර කතාද...
මේ කියවන්නන් උදෙසා මා මෙසේ ලියමි...
වෙනදා මෙන්ම මේ සංකල්පනාවද ඇය කෙරේ උපන් ස්නේහයෙන් පමණක්ම ලියමි....
කිසිදු වෛරී සිතක් නම් නැත්තේය.. හුදු ආත්මානුකම්පාවකින් පමණක් පෙලෙමි...
ආදරය යනු " තදින් දෙපැත්තට දෙදෙනෙකු විසින් ඇද අල්ලා සිටිනා රබර් පටියක් " වැනි යැයි කොහේ හෝ කියැවීමි.... කවුරුන් හෝ අතහැරිය හොත් රිදේනනේ අත් හැරිය කෙනාට නොව අල්ලාගෙන සිටින කෙනාටය......
දෙදෙනෙක් ජීවත සීසෝව සිනාවෙන් සමගිව පද්දමින් ඉද එක් වරම එක් අයෙක් ඉවත් වුනු පසු උඩ සිටින අනිකා බිම පහත් වන්නේ නොසිතන වේගයකිනි.... තැලෙන රිදෙනා අවයව සෑදිය හැකිය.. ඒහෙත්
" හිත "
.......
අපි වඩා සැලකිලිමත් විය යුත්තේ සබඳ කම් නතර කර ගැනීමේදී නොව සබඳ කම් ඇති කර ගැනීමේදීයැයි මා දැන් සිතමි......
.
මා මෙයින් නවතිමි.. මෙයින් පසු ආදර සංකල්පනා ලියවෙනු නැත... මා කුරුළු වෙස් ගත්තේ ඈ නිසාවෙනි ඉදින් මෙයින් මතු කුරුළු අවැසි නොවේ යැයි සිතමි....
---- සංකල්පනා ගිවිස ගෙන ඇත !!!!!! ------
.
==== මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න....
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න...
.
ඒ පුර හදකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මන් එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න // ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න.....
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න....
.
සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අපි ලගකයි
දැන් ඉතින් යන්න // අතැගිලි බැඳුනම බැරිවෙයි මුදු පළදවන්න..
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න....====
----කුරුළු---
Subscribe to:
Posts (Atom)




