Tuesday, June 25, 2013

====පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරිය=== ====ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ ===



==හෙලෝ .....
++ හෙලෝ
==හෙලො හෙලො.. ඇහෙන්නෙ නැද්ද !
++ ඇහෙනව වදේ මොකද හොලවන්නෙ නැතිව කියනවකො..
== ආ අයිය මම හිතුව ඇහෙන්නෙ නැති වෙයි කියල
++ මොකෝ නංගි අමාරුවකින් කතා කරන්නෙ ඇයි අසනීපයක්ද ?
== ආව් ආව් අයියට දැන් අපේ වොයිස් එකේ වෙනසකුත් දැනෙනව නේද ...
++ මේ කියනවද මගෙ යකා අවුස්සන්නෙ නැතිව...
== අයියෙ මාව සතෙක් කෑවනෙ...
++ සතෙක් !! ලොකු එකෙක්ද..
== නෑ පොඩියි.. සර්පයෙක්
++ නෑ. කොහෙදිද ? කොහෙද රවුන් ගැහුවෙ තමුසෙ..
== මෙ මට තමුසෙ කියන්නෙපා හරිද මට කිවුවොත් මාත් කියනව.,
++ හරි හරි දැන් කියනවද ? කාපු එකාව අදුරනවද ?
== අනේ මෝඩ අයියෙ අදුරනවනම් ඌ මාව කනවයැ..
++ පණ්ඩිතයිනෙ ඉතින්... මම ඇහුවෙ සතා මොකාද කියල දැක්කද..
== නෑ අයියෙ කලුයි ඉරි ඉරි තියෙනව..
++ ඇනකොන්ඩෙක් වෙන්න ඇති.. පවු ඌ මැරිලද දන්නෙ නෑ ඔයාගෙ විසට
== අනේ මේ එන්න එපා හොදේ ! මදැයි මගේ දුක කියන්න ගත්ත මිනිහෙක්ට ඒකට මාව විහිලු.. ඔන්නෑ මම ආයෙ කිය්නනෙ මුකුත්.. එනවකො නංග මැරුනාම අඩාගෙන ..
++ ආ සොරි සොරි... කිය්නනකො මොකෙක්ද කෑවෙ කියල..
== නෑ ඕන නෑ.. ඇයි මොකෝ බෙහෙත් කරන්නද ?..
++ ඔවු ඇයි.. මාත් හොද සර්ප වෙදෙක් තමා..
== අනේ මේ.. මම නොදනන් වෙදකම මෙයාගෙ..
++ ඇයි ද්නනෙ නැද්ද මම " හෘද රෝග විශේෂඥ -කුරුළු "
== අපෝයි මොකෝ මම නොදන්නෙ .. කෙල්ලොන්ගෙ ලවු කේස් වලට ඔයානෙ ඉන්නෙ ඉතින් දුක අහ අහ උත්තර දෙන්න...
++ හපෝයි ඔවු මොකට කියනවද මගෙන් බෙහෙත් ගත්තු කී දෙන්ක නම් දැන් සුව වෙලා තියෙනවද ?
== හෑ............................ මෙන්න වැඩක්... එහෙනම් කියන්න බලන්න මටත් බේතක්..
++ අපෝ එහෙම බෑ..
== ඒකනෙ මම ඉල්ලුවොත් බැහ් ! ඒත් කෙල්ලෙක් කිවුවොත් නම් පැනල අනෙ මගෙ කට..
++ එහෙම නෙවේ.. ඒව සුලු රෝග.. ටෙලිෆොන් එකෙන්ම බේත් කරතැකි..
හැබැයි ඔයාට එහෙම බෑ... දුරකථන මාර්ගයෙන් ඕවට බෙහෙත් කරන්න බෑ..
== එහෙනං..
++ ඒවට තැනක් දිනයක් වෙලාවක් යොදාගෙන මූණට හම්බුවෙලා කතා කරල ඔය කාපු තැන් රිදෙන තැන් පරීක්ෂා කරල එහෙම එපැයි බේත් දෙන්න...
== හා .. හා.. මේ ඒව ඔන් නෑ... මම දන්නෙ නෑනෙ මෙයා බබා.. මම බේත් ගත්ත..
++ විහිලු නෙවේ නංගි බේත් ගත්තද ඇත්තටම..
== ඔවු අයියෙ බෙත් විද්ද ආයෙ යන්නෝන..
++ පරිස්සමෙන් නංගි .. මට ඉන්නෙ ඔයා විතරයි... හොදද...
== හරි අයියෙ ! අයිය වැඩකද හිටියෙ මට අහන්නත් බැරි වුනා පනිවිඩේ කියන්න නගෙ ත්තෙ..
++ හුටා... තියපං යෝදියෙ අරහෙ ඇදුම මදිනන අයන් එක ගහල...
== හා හා සොරි සොරි ඔන්න එහෙනම් මම තිබ්බ මෙ ්.. මේ මේ.. තව දෙයක්.. ඔය කෙල්ලොන්ගෙ ආදර ලෙඩ වලට බෙහෙත් කිල දුන්නට කමක් නෑ .. උන්ට ආදරේ ලෙඩ හදවනව එහෙම නෙවේ... හොදද..
++
" පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරිය
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
.
දිය ඇල්ලක් වාගේ කඩා පනිනවා - ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා - ගල් අහුරක් වාගේ තරහ පුරනවා
.
සෙවනැල්ලක් වාගේ සනීප දෙනවා - සුලි සුලගක් වාගේ ඇතට යනවා
දින දෙක තුන ගානේ අහක බලනවා - උන් හැටියම වාගේ ආයෙත් එනවා
.
සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ - හඩා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
සන්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ- එහෙම නැතෝත් ලෝකේ මම තනිවෙනවානේ
.
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නෙ මොණරිය වාගේ ආඩම්බරිය
ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ "

--කුරුළු--

Wednesday, June 19, 2013

=== ගම්මානෙ පුරා කල එලි කරවා - මම හත් දා මගුල් කනවා=== ==========මේ පිං නුඹට පිහිටනවා.... ""========


.
ඒ මාගේ විවහ වන දිනය ලගම දිනයකි..
මගේ හොදම මිතුරා මෝටර් සයිලයක් මිලට ගත්තේ ඒ කාල වකවානුවේදීමය...
ඔහු ඍට පනමෙන් ආසා කලේය... ඔහුට පෙම්වතියක නොසිටියත් ඔහුගේ එකල පෙම්වතිය මෙම බයිසිකලයම විය..!
එය පුදුම බැඳීමකි...
එය එසේ වන්නටද බොමෝ හේතු කාරණා විය..
මගේ මිතුරන් සමූහය අතුරින් මුදල් අතින් දුප්පත්ම මිතුරා ඔහුය,
මේ බයිසිකලය වනාහි වසර කිහිපයක මහන්සියෙන් ඔහු උපයා රැක ගත් මුදලය..
ඒ දිනවලදී බයිසිකලය ගැනීමට මදි වී අතමාරුවක් ඉල්ලූවද මා හට එය ඉටු කර දීමට නොහැකි වුනේ මාගේ විවාහ දිනය ලග නිසාවෙනි..
මා මිතුරා බයිසියකලට පමණ මෙන් ආදරය කරනවා සේම මිතුරෙකුගේ ඕනෑම ගමණක් රැගෙන යාමට දෙවරක් සිත්නේ නැත..
"කොහෙද යන්න ඒන මචං .. යමු මම බයික් එක අරන් එන්නම් ඒකෙ යමු"
ඒ ඔහුගේ වදන්ය..
මා පෙර කීවා මෙන් මාගේ විවාහ දිනය ලංවී නිසා මා ද තරමක් මුදල් අග හිග තාවයකට මුහුන පෑවෙමි..
මා විසින් වෙන් කර ගන්නා ලද ශාලාවට ගෙවා නිම කිරීමට තවත් රුපියල් ලක්ෂ දෙක්ක පමණ මට අවශ්‍ය වී තිබුණි.. එය මාගේ හොදම මිතුරා වුන්ත් බයිසිකලය ගත් මිතුරාගෙන් ඉල්ලා පලක් නැත... ඒ ඔහු අත මේ වන විට තඹයක්වත් නැති බව මා දන්නා නිසාවෙනි...
අවසානයේදී මම තීරණය කලේ මුදල් යහමින් ඇති මාගේ වෙනත් පෝසත් මිතුරෙකුගෙන් අතමාරුවක් කර ගැනීමටය...
මම ඒ බව මගේ මිතුරාට පැවසූවෙමි..
" ඇයි බං උඹ මගෙන් ඉල්ලුවෙ නැත්තෙ ඔය එක එකාලග සල්ලි ඉල්ලගෙන යනවට මම ආස නෑ උඹ "
-- නෑ බං උඹ බයික් එක ගත්තු නිසා උඹේ අතේ නෑනෙ මේ වෙලාවෙ ( මම සමාව අයදිමින් කියා සිටියෙමි..)
== හරි කවදද යන්නෝන මම බයික් එකේ එන්නම් දෙන්නම යමු..
****************************************************
නියමිත දිනයේ ඔහු මාවත් පටවාගෙව පෙර කී මිතුරා මුණගැසීමට ගියේය..
පොහොසත් මිතුරා හමුවී මම පැමිනි කාරණය කියා සිටියෙමි..
** හ්ම් උඹට කීයක්ද ඕන...
-- මට ලක්ෂ දෙක්ක බං ඕන..
** මේ වෙලේ මගේ අතේ නම් සල්ලි නෑ බං හරි අමාරුයි බිස්නස්..
-- එහෙමද .. මම මේ කල්පනා කරල කරල කරන්නම දෙයක් නැති තැනයි ආවෙ..
** උඹ ඉතින් තියපු විස්වාසෙ කඩන්නත් බෑනෙ හරි මම දෙන්නම් ලක්ෂ දෙකක් හැබැයි පොලියට.. මගේ අතේ සල්ලි නෑ මම වෙන කෙනෙක්ගෙන් ඉල්ල දෙන්නම්..
සයිකල් මිතුරා ඊට හරස් විය...
මා පොලියට මුදල් ලබා ගන්නවාට ඔහු කිසි සේත්ම කැමති නැත..
ඊටත් මගුලෙන් පසු ඒ පොලිය ගෙවන්නට සිදු වන විට ඇති වන දුෂ්කරතාද මට පහදා දුන්නේය...
කල්පනා කර බැලූවිට ඒක ඇත්තය.. එතරම් පොලියක් ගෙවීමට මාහට නොහැකිය..
පෝසත් මිතුරාට ස්තූතිකර නැවත නිවසට පැමිනියෙමු...
-- මගේ ඔලුව රිදෙනවා වගේ බං මේ ප්‍රශ්නත් එක්ක මම ටිකක් නිදියනව.. ( නිවසට පැමිණි ගමන් මම මිතුරාට කීවෙමි)
== අයියෝ එච්චර හිත්නෙපා බං ප්‍රස්න ගැන ඕව ප්‍රස්නද..
-- එත් බං මම කෝමද හෝටලේට බදින්නෙ.. කාටවත් කියන්නත්  බෑ කල් දාන්නත් බෑ.. අනේ මංද බං...
== හරි හරි උඹ අඩන්නෙ නැතිව නිදාගනින් .. මමත් යනව එහෙනම්.. පරක්කු වුනා පොඩි වැඩ වගයක් තියෙනව කරන්න..
****************************************************
ඒ ඔලුවෙ කැක්කුම පසුදින දහවල් වන තුරුත් සුව නොවිනි.. පැනඩෝල පෙති ගිලමින් මම නිදි ඇදේම පසුවිනි...
== ඒයි අඩෝ නැගිටපන් මේ.... මො‍කෝ තවම හොද නැද්ද
-- ආ කියහන් බං ... මේ ටිකක් එක දිගට ඇල්ලුවා..
== හරි හරි කතා කර කර ඉන්න විදියක් නෑ බං මට පරකකු වෙනව වැඩට යන්න මම උඹට මේක දීල යන්න ආවෙ..
-- මට ? මොනවද ..
== ආ මෙන්න උඹ හොයපු ලක්ෂ දෙක.. මේකෙන් වැඩේ කර ගනින්...
-- මොනව උමට කොහෙන්ද බං සල්ලි උම මට ගන්න එපා කියල පොලියට ග්ත්තද මොඩයිනෙ බං..
=== ඒව වැඩක් නෑනෙ බං... මේ අම්මට කියපං තේ හදන්නෙපා කියල මම යනව පරක්කු වෙනව... දැන් බස් එකට වෙලාව හරි
-- ඉදහංකො බං දුව්නනෙ උඹ නං දෙයියෙක් බං මේ වෙලාවෙ මට කලේ ලොකු උදවුවක්..
== අපෝ හරි හරි බං යාලුවො ඉන්නෙ ඕකනෙ බං.. හරි අපි ගියා නැත්තං බස් එක මිස්වුනොත් ඉවරයි..
-- බස් එක ඇයි බයික් එක... මො‍කෝ අවුලක්ද.. ගැරේජ් ද ?
== ඒක වැඩක් නෑ අපි ගියා..
( ඔහු ඉදගෙන සිටි ඇදෙන් නැගිට දොර රෙද්ද ඈත් කර කාමරයෙන් එලියට යන්නට සැරසුනි )
-- මචං මෙ තව උදවුවක් ඕනි
== කියපන්
-- හවසට ආවම බයික් එක අරන් එනවද මේ පැත්තෙ.. හෝටලේට සල්ලි බදින්න යන්න..
== අනේ පුතේ ඒකනම් කරන්න බෑ...
-- ඇයි උඹ වැඩක්ද බං එහෙනම් අවුලක් නෑ
== අයියො නෑ බං බයික් එක නෑ...
-- ඇයි බයික් එකට මොකෝ වුනේ..
== මම හන්දියෙ මුදලාලිට බයික් එක උකස් තිබ්බ බං.. ඒ සල්ලි තමා ඔය දුන්නෙ..
-- උ..උඹ..උඹට පිස්සද බං...
== නෑ බං .. මට බයික් එකක් නං ආයෙ ගතෑකි ඒත් උඹට ආයෙ බඳින්න බෑනෙ..මම හෙමීට මාසෙ ගානෙ ගෙවල ඒක බේර ගන්නම්.. උඹ උඹේ වැඩේ කර ගනින් හවසට ත්‍රීවීල් එකක ගිහින්.. මම යනව මට ලේට්..
දොර රෙද්ද පසුකර ඔහු කියාගෙන ගියේය...
මම නිරුත්තර වීමි... ඇ‍‍දේ හිටි වනම හිට්ටේය... ඔලුව කැරකෙනවා සේ දැනුනනි..
පවු ඌ - ඌ කොච්චර ආදරෙ කාලද බයික් එකට... මම මටම කියාගතිමි... !!!
වැඩි වේලාවක් මට සෙනෙහස සිර කර ගත නොහැකි විය.. මම හඩන්නට වීමි...
මතක හැටියට මම ‍ඒ හවස් වරුමව ඔහු වෙනුවෙන් ඔහුගේ බයිසිකලය වෙනුවෙන් හැඩුවෙමි.... අදද හඩමි.....

"" දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා..
දෙකනේ ලෙලෙනා ‍රන් මිනි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණසේම රැක ගන්නා

සමනොල මලුවේ රන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා සුබ හෝරාව ලංවෙනවා
යමු රජුනේ පමා වෙනවා..
හදයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා...

ගොම මැටි ඇතිරෑ තනිකඩ ගෙ‍පැලේ සිරිලිය සේම ඈ හිදුවා
ගම්මානෙ පුරා කල එලි කරවා මම හත්දා මගුල් කනවා
මේ පිං නුඹට පිහිටනවා.... ""

මම බියක් සැකක් නැතිව කියමි...
" ඔහු මා සතු පොහොසත්ම මිතුරාය !!!! "
---කුරුළු---

Tuesday, June 18, 2013

==ගිම්න් හරින දියඹ දිගේ සුසුම් හරින වෙරල දිගේ-බැස යන හිරු අඩැසි සදට, ==රහස් කියනවා---සද ආද‍රයෙන් අහස පුරා රටා මවනවා...===


.
මා කොතරම් මාගේ රාජකාරී කටයුතු පිළිබඳව අවධානයෙන් සිටින්නේද යත් පෙරදී බොහෝට විට මට ඈ පවා අමතක වී යයි..
එය බොහෝ විට " පිරිමි " ගතියක් ලෙස සිතා සිටියත් එය එසේ නොවන බව මා හට පැවසුවේද කෙල්ලක්මය..
" අපෝ ඔයා එහෙම වුනාට මගේ මහත්තය එහෙම නෑ එයාට කොහේ ගියත් මට මතකයි .. කොහෙ ගියත් මට කියල යන්නෙ..මොනව කලත් කියනව... "
ෂික්.. මට බැරිම වැඩෙත් ඒකය... එළියට බැස්සාම යන තැන දන්නේ නැත.. මට හිතනො හැම තැනම යන්නෙමි.. සමහර වෙලාවට එල්ෆින්ස්ටන් එකේ නාට්‍යක් තිබුණහොත් කාටවත් නොකියාම එයද නරඹා පැමිනෙන්නෙමි ... ඇතැම් දින වල ගාලු මුවදොර වෙරළ අයිනක වාහනය නවතා බංකුවක වාඩි වී කල්පනා කරන්නෙමි...
ඒ වෙලාලවට පමණක් මා ජීවත් වනේනේ යැයි හිතට දැනේ... අනෙක් වෙලාවට යන්ත්‍රයක් සේමය....
එසේ නිහඩව පසුවන අවස්ථාවන් වලදීත් මගේ දැහැන බිඳින්නේ ඇයමය..
මා අකමැතිම අවස්ථාව වනුයේ එසේ මා නිහඩවම ජීවිතය විදින විට මෝබයිලය නාද වීමය..
මුලින් මුලින් ඇයට මම කරුණු පහදා දීමට උත්සාහ කලත් එය සාර්ථක නොවිනි...
ගැහැණියක් වූ ඇයටත් සජහයෙන්ම " ඉව " පිහිටා තිබුනි..
මා කුමක් හෝ ඇයට නොකියා කරන හැම විටම ඇයට එය දැනේ.. එවේලේම මෝබයිලය අමතන ඈ ඒ ගැන ප්‍රස්න කරන්නීය..
මා ගොලු වුවහොත් ඈ මාගේ හොර වැඩේ ගැන දැනගන්නීය..
සැබැවින්ම මා සිදු කල හොර වැඩකුත් නැත..
කළා නම් කලේ ඉහත කීවාක් මෙන් නිහඩව පසුවීමය...
අන්න ඒසේ සිටින හැම මොහොතකම මට ඈව අමතක වී යයි.. ඈව පමණක් නොව ලෝකයම අමතක වී යයි... ජීවතයේ විඳ ඇති සුභ සිද්ධින් මාගේ මනස පුරවා ඇත ඒවා එකින් එක ගෙන පිරික්සා බලමි.. අවාසනාවකට හෝ වාසනාවකට ඇය ඒ සුභ සිද්ධි තුල නැතිවුනේ ඇයි දැයි මම මගේන්ම තවමත් අසමි... මට හිතනා ආකාරයට
ආදරය එකකි - ජීවිතය තවකකි..!
ඇයට නොදන්වා එහෙ මෙහෙ යෑ‍මේ ආදීනව විදින්නේ රාත්‍රියට සුභ පැතීමට කතා කරන විටය.. ම‍ගේ ගොන් කමටද මන්දා මම දවල් මගහැරුනු සියලු දෑ ඇයට කියන්නෙ රෑටය... ඉදින් නින්ද පවා අවුල් වුනු අවස්ථා සුලභය..
ඒ මාගේ හැටි බව ඇයට කිසි දිනක නොතේරුණි...
මාගේ රැකියාව අනුව මට යන තැන හෝ කරන වැඩය පිලිබදව අපිඩේට් දීමට නොහැකි බව ඇ තේරුම් ගත යුතුව තිබුනි...
--ඔයාට තමා බැරි අර බලන්න අරයගෙ කෙනානම් යන හැම තැනම කියල යනව...
== අනේ නංගි මට එක් නම් කරන්න බෑ මොකද මම යන තැන් කොහෙ කියල කියන්නද ! එහෙනම් ඔයා ඒ වගේ කෙනෙක් හොයා ගන්න.. ( මා එසේ පැවසුවේ සත්තකින්මය..)
බොහෝ විට වුනේ අප අතර නෝක්කාඩු වීම් ඇති වීමය..!
-- ඔයා හරි නපුරුයි අයියෙ..ර්‍!
== නපුරුයි ! මම !
- ඔවු..
= අනේ නෑ නංගි මම නපුරු නෑ අහන්නකො මේ මගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ..
( මා නපුරු යැයි කියනවාට මා කැමති නැත.. මා කැතයි කීවාට කමක්නැත එ ්මා දන්නා බැවිනි එහෙත් මා නපුරුයි කියනවාට කොහෙත්ම කැමති නැත)
-- වටේ ඉන්න අය.. කවුද එෆ් බී එකේ කෙල්ලොන්ගෙන්ද? අපෝයි ඔවු ඔයා උන්ට නම් හොඳ ඇති.. හුරතල් කරනව ඇති.. මට තමා නපුරු කම් කරන්නෙ නපුරා.
== අනේ නෑ.. එෆ් බී එකතේ 10ක් විතර මට නපුර කියනව කෙල්ලො.. හැබැයි මම ඒ අයට කරපු වැරුද්දකුත් නෑ.අ නේ මන්ද.. ඇත්තටම මට ඒක ප්‍රස්නයක් !
-- මොකක් ! 10ක් විතර.. කවුද ඒ.. යකො ්මම දන්නෙ නෑනෙ මෙයාට දහක් විතර කෙල්ලො ඉන්නව කියල...කවුද කියනව...
(එක පාරටම නම් ලැයිස්තුවක් ඔලුවට නොඑන නිසා යමෙකුගේ නමක් පවසමි )
-- මට පාස්වර්ඩ් එක ඕන ඔයාගෙ..
== මොකක් !
-- ඔවු මට දැන්ම ඕන මට ඔන් ඔයා චැට් කරන ඒවා බලන්න...
== බෑ සමාවෙන්න මම එක්නම් දෙන්නෙ නෑ... මොකද ඒ අය විස්වාසෙ තියල මා එක්ක ඉන්නෙ ඔයාට පාස්වර්ඩ් එක දෙන්න බෑ.. අපි ඒ ගැන මුලදිම කතා වුනා වගේ මතකයි අපි තීරණයක් ගත්තනෙ නංගි... අනික අහන්න තියෙන දෙයක් කෙලින් අහන්න...
-- බෑ බෑ ඕනෙ මයි.. ම‍ගේ පාසවර්ඩ් එක ඔයාගාව තියෙනවනෙ..ඔයාගෙ එකත් ඕන..
== මම ඉල්ලුවෙ නෑනෙ ඔයානෙ දුන්නෙ මම නිකංවත් ලොග් වුනේ නෑ මම ආස නෑ අනුන්ගෙ ඒව බලන්න..
-- අනුන්ගෙ ඒව ! අන්න එහෙමද මට කිය්නනෙ.. බෑ ඉල්ලුවෙ නැතත් මම දුන්නනෙ මට ඕන..
== ඔන්න ඔයා බැනුම් අහන්න යන්නෙ නංගි...
-- හ්හු හා හරි කමක් නෑ තියාගන්නවකො ... මම කරන්ම්කො හොද වැඩක්..
==‍මොකක්ද ඒ පාර ?
-- මම හදනව ගෲප් එකක්.. ගෑනු අපි වගේ අයට වෙන අසාධාරනය වෙනුවෙන්...
== හක හක හක හක  හික්ස... හදල කොරයි මට !
-- ඇයි එහෙනම් අර ඔයත් ඉන්නෙ " ලයිට් බිල ගැනත් ගෲප් එකක " - ‍අර සේනා ගෲප් එකකුත් තියේනනෙ ඕන තරම් රටේ ප්‍රස්න විසදන්න දැන් ගෲප් තියෙනව මාත් හදනව එක්ක කාන්තා අයිතිය වෙනුවෙන්..
== ඒ ගෲප් තියෙන්නෙ රටේ ප්‍රස්න වෙනුවෙන්..
-- ඇයි මේක රටේ ප්‍රස්නයක් නෙවේද !!!
== හරි එහෙනම් හදපු දවසක මටත් කියනවකො මම ෆ්‍රි පබ්ලිසිටිය දෙන්නම් !
************************
ඒ කාලයේ සැබවින්ම සුන්දර විනි.. රන්ඩු වීමට පවා බොහෝ දේවල් තිබුනි..
දැන් දැන් මා තනි වී ජීවිතය විඳිනා අවස්ථාවල මට සිහිවන්නේ නුඹ හා නුඹ කියූ දෑය..
පුදුම වෙමි !
නුඹ මා ලග සිටිනා දිනවල නුඹ ගැන කිසි දිනක සිහි වී නැතත් අද ඒ ඒ තැන් වල මා තනි වූ විට මා සිතුවිලි වල සැරි සරන්නේ නුඹම පමණී....
මම මගෙන්ම අසමි...
=== මියැදෙන්නට බලා හිදපු ආදරයද මේ...... !!!!!
=== නුඹ රහසේ කියාදුන්න අදරයද මේ.... !!
.
ගිම්න් හරින දියඹ දිගේ සුසුම් හරින වෙරල දිගේ
බැස යන හිරු අඩැසි සදට, රහස් කියනවා
සද ආද‍රයෙන් අහස පුරා රටා මවනවා...
.
හිත් දැහැනේ වෙලී තිබුනු තෙන් දහනේ ගලා හැලුන
මියැදෙන්නට බලා හිදපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ
.
නිල් කටරොලු නිල නැහැ‍වුන
මල් දර මුදු සුව රඳවුන
තොල් පෙති කල් හන දාලන ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්න අදරයද මේ.....
-----කුරුළු---

Monday, June 17, 2013

=== සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන===



ඒයි කම්මැලිය නැගිටිනවා... තාම නිදිද... මොකද මෙච්චරල නිදි.. රෑ කීය වෙනකම් කෙල්ලො එක්ක චැට් කලාද?
උදේ නැගිටින කොට මිස්කෝල් 8යි මැසේජ් 5යි... අදත් ඉවරයි !
.................
හෙලෝ.... ! ගුඩ් මොනින්.. මේ ඔබ අමතන්නෙ කුරුළු ප්‍රචාරක අංශයයි.. කුරුළු නිස්කලංක මහතා සුව නින්දකින් පසුව සුවසේ අවදි වු බව දන්වා සිටිමි.. පණිවුඩයක් ඇත‍තොත් කරුණාකර 'බීප්' නාදයෙන් පසුව කතා කරන්න...... බීප් ..!
-- හුහ්.. බිප් ..බිප් ගාන්නෙ මොකෝ.. අමතන්න තමා හිටියෙ හොඳවයන් දෙකක් මෙයාට උද‍ේ පාන්දර.. මොකෝ මේ පස්සට එලිය වැටෙන කම් නිදා ගන්නෙ ඈ...
==නිදමත නිසානෙ
-- එච්චර කොහෙද නිදිමත ? මා එක්කමනෙ ඊයෙ  නිදාගන්න ගියෙ !
== ඔවු ඉතින්..
-- මෙයා බොරුවට මාව නිදිකරවල ගුඩ් නයිට් මැසේජ් එවල.. හොදට කෙල්ලො එක්ක එෆ්බී එකේ චැට් කර කර ඉන්න ඇති...
== අනේ පිස්සුද අනේ මම එහෙම කරනවද ඔයාට. මට වෙන වැදගත් වැඩක් තිබුණ..
-- වැඩක් හුහ්. මහ රෑ 10න් පස්සෙ මොනවද වැදගත් වැඩ..?
== ඒවා ඔයාට තේරෙන්නෙ නෑ අනේ... උදේ පාන්දර කෑගහන්නෙ නැතිව ඉන්නවකො...
-- කෑගහන්නෙ නැතිව කොමද හුහ්... රෑට නිදියන්නෙත් මේකෙ.. උදේ කිරි එක බිබි රිංගන්නෙත් මේකෙ. ඔයාට නම් අයියෙ කියල වැඩක් නෑ..ෆොටෝ වලට ලයික් ද දා. කවි දදා වෙන වැඩක් ඇත්තෙම නෑ... ඔයාට පඩි ගෙවනවද මෙකේ..
== ඇයි නංගි ඔයා මගේ රස්සාව දන්නෙ නෑ වගේ කතා කරන්නෙ.. මම මේකෙ හිටියට මම වැඩ..
-- අපෝයි ඔවු.. තව දවස් දෙක තුනකට ඔයාව හොල්ල වෙන්නෙ නෑ අර අර Aravinda Bhoomi Nilupul Rangana දෙන්න ඔයා‍ගෙ ලස්සන පොටෝ අරන්නෙ දැන ්ඉතින් ඇස් ඔබන් බලන් ඉදි කෙල්ලො ඒවට ලයික් දානකම්...
== අපේ නෑ නංගි ඔයා දන්නෙ නෑනෙ නිලුපුල් අයිය කිවුව දේ මගේ පින්තූර 20ක් අරන් 1යිලු දාන්නෙ ඉතින් ඒ තරං මම කැතයි.. ඔයාට තේරෙන්නෙ නෑ..
-- ඔවු ඔවු අපිව දාල තනියෙන් ට්‍රිප් ගිහිල්ල මෙතැන .. කැත වැඩ ඈ.. හුහ්..
== ට්‍රිප් නෙවේ යෝදියෙ Aruna Niranjan අයියගෙ උපන්දිනේ.. ලොකු අයියගෙ උපන්දිනේට නොගිහින් කොමද...
-- නොගිහින් කොමද නේද කෙල්ලොත් එනවනෙ...
== අපෝ කියල වැඩක් නෑ ආවෙ එකම එක කෙල්ලයි හැමදාම එන කෙල්ල අර මං ඔයාට කිවුවෙ Gayani Dikkumbura අර හැමෝගෙම අම්ම , අක්ක වගේ ඉන්නෙ අන්න එයා..
-- වෙන්නම ඇති මේක අරාබිය කියලනෙ ඔයා ඉතින් කයන්නෙ ඔයා යන තැන් වලට කෙල්ලො එන්නෙ නෑනෙ අනේ මේ..!
== ‍මේ මේ මම එතැන නටන්න ගියේ නෑනෙ.. Chandana Ellewala අයිය එන්න කිවුව ම ගියා..
-- එහෙම එන්න කිවුව පලියට දුවල යනවද ?
== ඔවු නංගි මේ මිනිස්සු මැරෙන්න එන්න කිවුවත් මම යනව. මොකද මේ නිකං කට්ටියක් නෙවේ මේ "රූ සහෘදයො " .. මගේ ජීවතේ දැනට හම්බුන හොද මිනිස්සුන්ගෙන් හැදුන එකමුතුවක්..
-- අනේ මටත් ආසයි ඒ අයව හම්බවෙන්න...
== අපෝ අපෝ ඔයාට ඒ අය කියන ඒව තේරෙන්නෙ නෑ..
-- ඇයි එ ්අය අමුතු දෙවල්ද කතා කරන්නෙ
== හැහැ හැ හැ නැත්තං අර Ravi Maduranga අයිය වෙනමම ලොකෙක Chinthaka Abeyratne අයිය වෙනමම දේවල් කියන්නෙ රැඩිකල් කවියා කියන දේවල් හැදුවාම අපිට සරම් ඇදන් ඔලුවෙන් හිට ගන්න හිතෙනව අපේ ජීවිතේ ගැනම හිතල... ඔයාට ඒව තේරෙන එකක් නෑ..
-- ඒ පණ්ඩිත කම් වැඩක් නෑනෙ.. අයිය මාව එක්කන් යන්නකො .. ඔයාට නොතේරෙන ඒව සමහර විට මට තේරෙන්න පුලුවන්.. එහෙම නැත්තං මට තේරෙන ඒව කියන කවුරු හරිත් ඉදිනෙ..
==Iresha Samarasekara අක්කයි Hasika Kulatunga මල්ලියි කියන ඒවනම් තෙරෙයි.. ඒ අයත් මම වගේම ඒ ආව කට්ටියට ආදරෙයි ගොඩක්..
-- ඉතින් ඔයාල මොනවද එහෙ කලේ... නැටුවද !
== හැහ් අපි එහෙ නොකලෙ මොනවද අහන්ඩ අප්පා.. සහෘද මිනිස්සු එකතු වුනාම කරන හැම දෙයක්ම කලා.. ඒකටනම් අරුන අයියට පින් මේ වගේ අත්දැකීම් ලැබෙන්නෙ ඉදල හිටල... එතන කැලේ යන්නොන කිලෝමීටර් 3ක් හතරක් ඇත්ලෙ තියෙනව මාර ගෙයක්.. පොඩි වැවක් වැව මැදට පොඩි පාලමක් එක්කම පාවෙන ලොකු ඔරුවක්... අන්න නංගි තැන.. කවි ලිවුවැකි දාහක්... බන්ධුජීවයි , විකියයි, ගමයයි, දිනිතියි, ත් හිටියනම් කියල මට හිතුනෙ එවෙලෙ.... අපි නාන්න ගියේ දැදුරු ඔයේ.. ඒකත් පට්ට තැනක් ඈ....
-- නාන්න ! මම කිවුව නේද නාන්න යන්න එපා කියල..
== නෑ මම නෑවෙ නෑ මම ඇග සේදුව විතරයි .. ඒත් එතැන වුන කතා බහ ජීවිතේට අමතක වේනනෙ නෑ...
-- ඒක නෙවේ අයියා අර ඇහැ විදපු කනො ආවෙ නැද්ද...
== කවුද රිද්මයද ? ඌ නැතිව කොමද ඉන්නවකො ගිය අයගෙ පිනතූර දාල ඇති හෙමීට බලන්නකො...
-- අනේ අයිය හොද අයිය වගේ ආයෙ මොනව හරි දෙයක් තිබුනොත් මාවත් එක්කන් යනවද.. නැත්තං මට ඔයා ගැන ඉරිසියා හිතෙයි...
== අපෝ ඔයාට විතරක් නෙවේ නංගි ගොඩ දෙනෙක්ට ඉරිසියයි... හර ිමම එක්කම් යන්නම්කො.. එහෙනම් මම තියන්නම්ද !
-- තියන්න තියන්න දැන් ගිහින් මූණ හොදල කිරි බීල වැඩ කරන්න ලෑස්ති වෙන්න.. ඉන්නවකෙ මගේ ලගට ආවම දවල් වෙනකම් නිදා ගත්තොත් " කම්මැලියා ගොං අලියා කියල" බෝඩ් එකක් එල්ලල ෆොටෝ එකක් අරන් දානම මේකෙ..!
== හරි එහෙනම් බුදුසරණයි නංගි..
-- බුදු සරණයි මම ආදරෙයි අයියෙ... !
**************************************
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන -
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැන් නොවෙමු වනය අවුලා දැවෙන
මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
"" සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන ""
(රූ සහෘදයන්ට පින් සිද්ධ වෙන්න අදත් බැනුම් වලින් බේරුනි.. ! රූ එකට ස්තුතියි වේවා )
---කුරුළු--

Tuesday, June 11, 2013

== අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ== == එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ ==



( කරුණාකර හැකිනම් කියැවීමට පෙර කපුගේ මහතාගේ මේ ගීතයට සවන් දනේන )
.
---"ඒ වීරෙ ඇතත්ද බං උඹලගෙ අයිය එනව කියන්නෙ අවුරුද්දට ......"
( සුනිමල් ඇසුවේ පීල්ල ලගදීය. අයියලා අවුරුද්දට ගමේ එන බව පැතිරී හමාරය... මිට වසර 5කට පමණ පෙර අප්පච්චි එක්කලා තරහ වී ගෙදරින් ගිය අයියා ටවුමේදීම විවාහ වී දැන් පොඩි උන් දෙ‍න්නෙක්ගේම තාත්තෙකි.. කිසි දිනක උන් දැක නැතත් මා උන්ගේ පොඩි අප්පච්චීය... ඒ ගැන සිතනා විටත් දැනෙනුයේ පුදුමාකාර සතුටකි...
අයියාට අප්පච්චි ලියා දුන් ඉඩම් කෑල්ල විකුණා දැමීම නසා ඇති වූ ආරවුලක් දුරදිග යෑම අයියාගෙ පිටමං වීමට හේතු විය..
එක අතකට අප්පච්චීත් හරිය... මේවා පරම්පරා ඉඩම්ය.. දුන්නේ කවදා හෝ දරුමල්ලන් සමග පදිංචි වීමටය.. නැතිනම් දරුවෙකුට දීමටය.. සල්ලි වියදම් කර ඉගැනුනවේ අයියාටය.. ඒ දවස් වල සිටම අප්පච්චි ආදරේ අයියාටය.. අයියට වුව මනා කලේ මේවා විකිුනා ටවුමේ පදිංචියට යෑමටය .. හොද හොද බිස්නස් කිරීමටය.. අප්පච්චගේ කුඹුරු අ‍‍දේටවත් වැපිරීමට කැමති නොවුනි...
සිද්ධ වුනේ නරකකි.. අයියා හොරෙන්ම විකුනා දමා ටවුමේ පදිංචියට ගියේය.. අප්පච්චිගේ මරණයටවත් ගමට ආවේ නැත.. ගමේ උන් මොනවා කියූවත් මම අයියාට එවේලේද නොබැන්නෙමි.. ඒ මා ආදරය බැවිනි...
අනිත් අතට අයියා ද හරිය - ගමේ ඉඩම් අක්කර ගනන් තියාගෙන කන්ඩද ? මේවා තිබුන කියල නඩත්තුව විතරයි.. පරම්පාව කියල මොනවද අපිට තියේනනෙ මේ ඉඩම් ඇරුනාම.. ඉඩම් ඉඩම් කියනව අඩුගානෙ මේ කැලේ නැතිව ටවුමෙන් පර්චසයක් වත් තිබුනනම් මේ අක්කර 30ට වඩා ‍කොච්චර වටිනවද ? -- ඒ ඒ දවස්වල අයියාගේ තර්කය..
තාත්තා නිතරම පැවසුවේ පරම්පරාවෙන් එන දේ රැකිය යුතු බවය..  පරම්පරා නීතියක් තිබේ .. ඒ නම්..
" පලමු පරම්පරාව මහන්සි වී උපයා ගනී - දෙවැනි පරම්පරාව එය භුක්ති විදිති - තෙවැනි පරම්පරාව සියලු දේ නැති කර දමති "
ඉන් අනතුරුව නැවත මේ ක්‍රියාවලිය ඇරඹේ...
අප්පච්චි නිතරම කිවුවේ අයියාද මාද මේ තුන්වෙනි පරපුර බවය. අයියා සියල්ල විකුනා දමා ගියේය.. මම පාසල් නොගියෙමි...මම නම් කලේ කට්ටි පැන්න එකමය.. අප්පචචි මා ගස් බැද දිමි ගොටු ඇග පුරා නාවා ඇත්තේය... කෝටු කැඩෙන කම් ගැහුවත් මගේ කැලේපැනිල්ල නතර නොවුනි... මම ආසා කලේ අප්පච්චි එක්ක කුඹරු වැඩටමය.. මඩ මට සුවඳය...  අලුත් හාලේ බත උයා පන්සලට දානේ අරන් එලුවේ තියන් යන එක තරම් මගේ ජීවිතේ  වැදගත් එකදු රාජකාරියක් වත් ‍නොවුනි.. අප්පච්චි මෙන් බුලත් කෑමට ප්‍රිය කලෙමි.. අදටත් දත් කහ පැහැ ඇත.. අයියාමෙන් කමිසය කලිසමට වඩා සරමයි අමුඩයටයි ආසා කලෙමි... මා සතු මහා ධනයක් නැත.. කමීස ඇදිල්ල නම් පෙන්න බැරිය.. මේ මගේ ගමය මෙ ්මගේ ලොකයය.. සරම දෙකට නවා කැහැපොට ගහගන්නා මා වක් පිහිය පිට මැදට වෙන්න ඉ‍නේ රුවා ගනිමි.. දැන් කිසිවෙකුට බය නැත... ගෙයින් එලියට බැසි වේලේ පටන් මූනට මුන ගැහෙන දාස්පෙතියා අටපෙතියා අන්දර වැට වල් වැනි ගස් මල් පවා මා හදුනති... ආ අයියා.. ආ මල්ලි.. පුතේ.. මාමා.. යනුවෙන් කරන්නාවු ආමන්ත්‍රණ නතර වන්නේ හවසට ගෙට ගොඩ වූ පසුවය... මට මුදල් වැදගත් නැත.. තම්බා ගැනීමට ඕනෑ තරම් දේ වත්තේ ඇත.. මා සහේට ගෙනා ඇත්තීත් මට ඒ ගැන කරදර නොකරන්නීය.. මා හොදින් හදුනා ගත් ඈ මා එන විට මා ප්‍රියතම ආහාර වට්ටෝරුවක් වත්තෙන්ම සොයා තම්බා තියන්නීය.... දවල් වේලට හිතුනු ගෙයකට ගෙයකට ගොඩවන්නෙමි.. කොහේ ගියත් අසන්නේ "මල්ලි කාලද ආවේ නැතිනම් බත් ඩිංගක් කමු " කියාය....
මට වේලාවකට දුකත් සිතේ ... අයියා බැන්නෙ මේ ගමටය... විකිණුවේ මේ ගමේ කොටසක්ය... )
--- ආහ් ඔවු බං අයියයි පොඩි උනුයි අක්කයි එනවලු අනිද්දට...
**එහෙනම් උඹට ජය වෙයි ඈ... අපිට ආරංචි විදියට අයියට ජයයලු එහෙ..
---ජය යි ජයයි.. මගෙන් ඇහුව බන් මොනවද ගේනන්නෙ කියල... මට ඉතින් මොනවද බං එහෙන් ගන්න තියෙන්නෙ... අයියම කිවුව මට ෆොන් එකකුයි.. සපත්තු දෙකකුයි.. ඇදුම් ටිකකුයි ගෙන්නම් කියල... අනේ මන්ද බං..
**අම්මට සිරි ෆෝන් එකක් .. මරු බං ඈ... නියමෙට තියෙයි අයිය ඉතින් සල්ලි කාරයනෙ ඔය චයිනීස් කෑලි උසස්න් එන එකක් නෑ... අපිට නෑනෙ බං එහෙම අයියල.....
( වෙලාවක මට සතුටු හිතෙයි ගමේ උන්ට ඉරිසියාවය.. ඇත්තටම අයියා මට ෆොන් එකක ගේනවා යැයි කීවේය.. මම අයියාගේ මල්ලිය .. හොද එකක් ගෙනෙනු ඇත.. කාලෙකට පස්ස‍ෙ එන නිසා අම්මා නම් දැනටමත් අයියලාව පිලිගැනීමට වැඩකටයුතු සූදානම් කර ඇත )
***********************************************************
අයියා පිටත් කිරීමට වෙල ගොඩ වී කාරය ලගට බඩු මලු ඔසවාගෙන ගිය මම දරුවන්ගේ මුහුන නැවත සිඹිමි..
==පොඩි අප්පච්චිට අපි ආදරෙයි ඈ..උම්මා...
පොඩි කෙල්ල මා බදාගෙන කියන්න විය... වෙනදා නොදැනුන ආරයක් දැනෙන්ට වුනේ මේ සමුගන්නා විටදීය..
" එහෙමනම් මල්ලි අපි ගහින් එන්නම් ඈ..
-- හොදයි අක්කෙ බුදු සරණයි ආයෙ එන්න....
( ඔවුන්ව පිටත් කර නැවත නිවස බලා හැරුනේ වංගුවෙන් නොපෙනී ගිය පසුය.. ඒ එන අතර මග මට නොදැනිම හිරුද සේවය අවසන් කර පල්ලම් බසිමින් තිබුනේය.. නා ගත්තානම් හොදයැයි සිතුනේන පීල්ල පැත්තට ඇදුනෙමි... පීල්ල ලග කවුරුත් නැත.. උඩහ ගල වුඩ වාඩි වූ මම කල්පනා කරන්නට වීමි...
අයියා අවිත් ගියේය... මා කොතරම් සතුටින් හිටිවත් ඒ මහා බරක් මේන් දැනුනයි.. අයියා පැමිණ තිබුනේ තාත්තා මට නොදී අම්මාට ලියා ඇති ඉඩමේ කොටසක් ඉල්ලා ගැනීමටය.. ඒ ද විකුණා මුදල් කර ගැනීමටය.. දැන් ගෙදර ගිය පසු අම්මා, මා ගෙන් ඒ ගැන අසනු ඇත.. තවම අම්මාට දීමට මා ලග පිලිතුරක් නැත..ඒ අයියාහෝවේවා මේ ගම කොටස් කර විකුනනවාට මම අකමැති නිසාවෙනි.. මං මැරුණට පස්සෙනම් ඕන දෙයක් " ඒ දවස්වල මගේ අප්පච්චි කියූ දේම මටත් කීමට කල්පනා වෙයි.. මේ කිසිවක් ගෙනියන්නේ නැති බව ඇත්තය.. එහෙත් ඉන්නා තුරු මේවාට සැලකයි යුතුය..
"මම මහ පොලවට කවන්නෙමි පොවන්නෙමි බෙහෙත් කරන්නෙමි.... ඈ මට පෙරලා ධන ධාන්‍ය තෑගි කරනනීය මා ඒවා ආහාරය කොට ගෙන ජීවත් වන්නෙමි.." මීට වඩා සරළ වීමක් නැත.
එහෙත් අම්මටද කුමක් හො කිව යුතුය.. අම්මා නම් මාරය... ඒ කියද්දීත්..
ගෙදර තිබුනු එලවලු ටිකයි වී මලු දෙකකුයි පලා මිටි කිහිපයකුයි ගෝනියකට දමා බැද අයියාට දුන්නාය... ගහේ ඉදුනු අඹ සේරෝම කඩා ගැටගසා පොඩි දෙන්නාට දුනි..
==පොඩි අප්පචීචට නෑනෙ අත්තම්මි මේ ඔක්කොම අපිට දුන්නාම....
++ ආ ඌ කෝමත් ගස් ගෙඩි කඩන් කන එකානෙ ඌට ඒන තරම් තියෙනව උඹල අරං පලයල්ලකො....
( අම්මා එසේ කියද්දි මා බිරින්දෑ මා දෙස බලා සිනා සුනාය.. මාලගට විත් වාඩි වී සිටි මගේ උරහිසට අතක් තියා තද කලේ " කට වහන් ඉමු අපිට තියනවනේ " යන්න සලකුණු කිරීමට බව සිතා කරබාගතිමි....)
** ආ විමලෙ මොකෝ මේ කල්පනාවෙ නාන්නෙ නැද්ද...(සුනිමල්ය)
--- අහ් සුනිමල් නාන්න කියල ආවෙ පොඩ්ක්ක මේ හිටිය..
** අයියල ගියාද බං.. මම දැක්ක කාරෙකක් යනව ...
-- ඔවු අද ගියා...
** ඉතින් ඉතින්.. අයිය උඹට ෆොන් , ඇදුම් සපත්තු ඔරලෝසු ගෙනල්ලද ?
-- නෑ බං ... අයියල හදිසියෙනෙ බං ඇවිල්ල තියෙන්න... මුකුත් ගෙන්න ‍බැරි වෙලා..
** යකෝ සති දෙකකට කලින් කියල ඉවර වෙලා තියෙන හදිසිය මොකක්ද...
--- නෑ බං මේ වෙන හදිසියක් නිසා.... කෝම හරි කමක් නෑනෙ අයියව දැක්කනෙ මට ඒ ඇ... පවු බං කෙට්ටු වෙලා.. කරදර ඇති....
( සරම එතැනම ගලවා දැමූ මම අමුඩය පිටින් පීල්ල යටට පැන්නේ ගත මෙන්නම සිතත් සෝදා ගැනීමටය )
" අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ
.
අම්මා එක්ක දබරව පැන ගිය වැස්සේ - ළැම දා ගියා බත හිර වුනි කුසගින්නේ
දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට ඇයි නුඹ විරසක වේනනේ
.
ඉරට සැපක් ‍දෝ නියගය දළු ලෑම-  සඳට සැපක්දො ගනදුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනි කර යෑම - මහ පොලවකට නඩු හබ ඇයි ගතු කීම
-------------------------
--කුරුළු---