ෆේස් බුක් ස්මයිලිස් වලට පට්ට විදිහට වෛර කරමි
ජරාය
සංකේත භාවිතය සහ ඒවාට හැගීම් දීම මම කිසි සේත්ම පිලිනොගනිමි.
නමුත් ඒ ඇති කර ඇත්තේ ඒඒ දේවල් වල පහසුව තකාය..
කෙනෙකුට හිනාවෙන බව පෙන්වීමට :D මූන යැවිය හැකි අතර
“ හක හක හක හක “ ලෙසද යැවිය හැක... ස්මයිලියට වඩා අර අකුරු ටික මට නම් දැනේ..
හැඩීමද එසේමය... මිනිසාගේ පහසුව තකා නිර්මාණය කර ඇතත් අප දැන් මේවා භාවතා කරනුයේ ඇත්තටම ඒ හැගීමෙන්දැයි නොදනිමි....
ඇත්තටම මම කොච්චර හිනා වෙවී
අඩන මූන යවල ඇත්ද
අඩ අඩ හිනා වෙන මූන ටයිප් කර ඇත්ද
මිනිස්සු මුලා කරන හැගීම් ප්‍රකාශනය
කෙනෙකුගෙන් පලා යෑමට හෝ වට් නොකර සිටීමට අවශ්‍ය වූ විට මම නිකන් මූනු ටයිප් කර කර යවමි.. ඒද තේරුම් නොගන්නා එහා පැත්තේ කෙනා තව තවත් මූණු මට එවයි....
දවසක් කෙනෙක් මට ගොඩාක් දුක්බර තමන්ගේ ආදර කතාව වැල් වටාරම් සේ ලියා එවුවේය..
මම කිසිවක් නොකියවාම හිනා මූණක් යැවීමි...
උඹට නම් හිනා.. එහා කොණිනන් අසයි..
මම නැවත අඩන මූන යැවීමි...
සංවාදය අවසන් විය... පසුව මට මහා කලකිරීමක් ඇති විය..
ඒ ඇත්තටම ඒ තැනැත්තාගේ කතාව කියැවූ වෙලේය..
එය නොකියවා මා ඉතා කුරුරු මූණක් යවා ඇත...
අපි කතා කරන අනික් කෙනොගෙ හිත බිංදුවක් වත් තේරුම් නොගෙන බොරුවට
තේරුම් ගන්නව වගේ යනව මේ මූණු වලට මාගේ නම් කිසිම කැමැත්ත්ක් නැත..
.
ගැහැනු ළමුන් මේවා බොහෝ සෙයින් පාවිච්චි කරති...
ඒ උන්ටද කිසිමම හැගීමක් නැති නිසාවෙනි..
මේ ගැන මාගේ මිතුරු විකි සමගද සංවාදයකට පැටලී මා යාන්තං
හිත් අමනාප කම් ඇති නොකරගෙන වැඩේ සේප් විය...
මා ඌට කියූ දෙය නුඹටම කියමි.. ගැහැනු දරුවෙකුට චැට් කරන විට..
:D , :P , :) , :* මූණු දිගින් දිගටම යවන්න ඉන්පසු ඇයද එවනු ඇත....
නිකමට මෙන් <3 :="" br="">එයට හේතුව අර කලින් මූනු වලට හැගීමක් නොදුන් ඈ මේ දෙක බැරෑරුම්ව හිතට අරන් නිසාවෙනි..
“ ඇයි ඔයා මට ඒක එවුවෙ” “ මට කොල්ලෙක් ඉන්නව “ “ මම හිතුව ඔයා හොද කෙනෙක් කියල “ “අපෝ මම ආයෙ චැට් කරන්නෙ නෑ “ “ මම කතා කලේ මම ආස අයිය කෙනේක නිසා “ වගේ වදන් නුඹටද ඇසිය හැක..
සැබැවින්ම නුඹ අදාරයක් හෝ සිපගැනීමක් ඉන් අදහස් නොකලද ස්මයිලීස් එසේය... පට්ට පජාතය...
ඔව් හැබෑවටම බොරුවකි
හැබැයි බලන් ඉන්න කෙනාට ඒක මාර ආතල්
ඒකයි අපිට ස්මයිලිස් ආවම
අපි බලල තනියෙං හිනා වෙන්නෙ
එත් දෙයියනේ අපි දන්නවං එහා පැත්තෙ එකා ඒක එවන්නෙ කිසි හැගීමක් නැතිව කියල..
--කුරුළු--
3>
Saturday, June 8, 2013
=== ජාතක කතා පොත == කථාංග 01
.
පෙර එක් භවයකදී අප මෙසේ වූහ.....
.
කන්ද උඩරට ගරා වැටුණු පන්සලක් විය.. එහි වෙසෙන වයෝවෘද්ධ හිමි නමකි.. වයස මුත් පෙනුමෙන් තරුන වූහ.. පින් වත්ය .. පින් බරය... මේ පන්සලට නිතර එක් රැස් වෙන පිරිසක් වූහ.. ඒ වික්‍රමආරච්චි මහතාය... රජයේ රාජකාරි අවසන් කොට විශාමික දිවියක් ගත කරන හෙතෙම නිතර නිතර පන්සල ආශ්‍රිතව ජීවත් වෙයි... තමාගේ අවසන් කාලයේදී පින් දහම් කිරීමටත් පන්සලේ වැඩ හිදින හාමුදුරුවන්ගේන් දහම් කරුණු අසා ගැනීමත් දෛනික ජීවතයේ කටයුතුය... වයසින් හාමුදුරුවන්ට මාස කිහිපයකින් අඩු වණත් උන්වහන්සේ වික්‍රමආරච්චි මහතාව හදුන්වන්නේ "අයියා " ලෙසිනි... වික්‍රමආරච්චි මහතාත් ඔහුගේ බිරිඳ ගෝතමීත් මේ පන්සල ගොඩ නැගීමට උර දුන්නෝ වෙති.. කරදඩු උස්මහත් වූ පස් ළමෝ දුර බැහැර පදිංචි වී ඇති නිසා.. කොළඹ ජීවිතය අතැර මේ දුෂ්කර පන්සල ආශ්‍රයට පැමිණ ඇත්තේ තරුණ වියේදී මේ හාමුදුරුවන් හා තිබුණු බැඳීම නිසාවෙනි.. එකලද මොවහු මෙහිමියන් සමඟ බොහෝ කල්‍යාණ මිත්‍රයන් ව විසූහ..
*******
තම තරුණ කාලයේදී රටින් පිට විදසේ රටක සේවය කල දීපිකා වලිසිංහ උපාසිකා මාතාවද මේ පන්සල ළඟම එහා පැත්තේ ජීවත් වන තවත් පිනැත්තියෙකි.. තරුණ වියේදීම තමන්ගේ හෙදියක ලෙස ලැබූ චිත්ත සන්තානය හා චිත්ත සමාධිය නිසාවෙන් ද මේ හාමුදුරුවන් කෙරෙහි උපන් දයානුකම්පාවෙන්ද ඇයද මෙසේ මේ විහාරස්ථානයට නිතරම යන එන තැනැත්තියකි... උපතින් ඇයද මේ හාමුදුරුවන්ගේම වයසේ වුණත් මඳක් බාලය... කාව්‍ය කරණයේ හා නිර්මාණකරණයේ තරණ වියේදී නියැලී සිටියද ලෞකික සැප ගැන එතරම් නොසිතන ඈ දැන් දැන් මේ සසර කෙටි කරන හැටි ගැන කරුණු හාමුදරුවන්ගේන් අසා වැඩි දියුණු කර පත්තරවලට ලියන්නීය... විමූ නම් මහතෙකු හා විවාව වූ අතර ඔහු ගැන නම් මා වැඩිමනත් විස්තර කීමට තවම නොදනිමි...
නිවාඩු හැම වේලාවේම පන්සලට පියනගන ඇය පන්සල සුද්ධ පවිත්‍ර කරන්නීය.. කාගෙන්වත් ඇසීමක් නැත.. තමන්ගේ වාගේ පිරිසිදු කරන්නීය.. දරුමල්ලන් සිටිතත් මැයටද ඇත්තේ කලින් කී වික්‍රමආරච්චි මහතාට ඇති හාමුදරුවන් කෙරෙහි ඇල්ම මය.... එනිසා ඕ ද මෙහිම රැදෙන්නීය
********
මේ පන්සලට නිතර එන අනෙක් තැනැත්තා වන්නේ ගමගේ මහතායි.. පිටරටක සේවය කරන තරුණ කාලයේදී මේ තිදෙන හා කුලුපගව මිතුරු වී ඇති මොහුද සාහත්‍ය හා රසවින්දනයෙන් ඉතා උසස් ගතිගුණ හෙබි අයෙකි.. වයසට ගියත් අතමිට සරු හෙතෙම හාමුදරුවන්ට නිතර පොත් පත් තෑගි කරයි ඒ පමණක් නොව ඒ ඒ කරුනු ගැන තරුණ කාලයේදී මෙන්ම තර්ක විතර්ක ඉදිරිපත් කරයි... කොණ්ඩයේ කලු පැහැ මඳක් හෝ ඉතිරිව ඇත්තේ මොහුගේ පමණි.. ගෞකික හා ලෝකෝත්තර ලෝක දෙ අතර සමව පවතින මොහු නිතර ජාතික ඇඳුම අදින්නට ප්‍රිය කරයි...
*********
හාමුදරුවන් ගැන නොකියාම බැරිය... උන්වහන්සේ මේ පුරුක් එකතු කරන දම්වැලය.. කව්‍ය නිර්මාණයේ හා ලේඛනයේ දස්කම් ඇත්තෙකි. මාද උන්වහන්සේගේ ලියමන් කිහිපයක්ම කියවා පැහැදුනෙමි.. තරුණ කාලෙයේ දී පවා නිහඩ චරිතයකි... තරුණ වියේදීම පිනට ලැදිය.. විවාහ වීමේ බලාපොරොත්තුව තරුණ වියේදීම අතහැර ධර්මය පිළිබඳ අවබෝධයකින්ම සසුන් ගත වූවෙකි... එදවස පටන්ම වැඩි මහත නැති සරීරයට හිටිකම් කී ඔහු එය නඩත්තු කිරීමට වඩා මනස නඩත්තුව ගැන වෙහෙසුනෙකි.. මේ ඇතිය
********
කතාව මෙසේය.. සසර බැඳීමිකි.. තරුණ වියේදී එකල බො සෙයින් ජනප්‍රිය වූ ෆේස්බුක් හි මොවුන් සිවු දෙන මිතුර වූහ.. නිතර නිතර කාතා බස් කලහ .. මූණු නොදැක්කත් සහෘද වූහ... කිසි දිනක අරේවක් ඇති කරගෙන නැත.. නිර්මාන රස විදීම හා නව නිර්මාණ උපැද්දවීම ගැනම කතා කරළහ.. සමාජයට හයපතක්ම උදා කරන අයුරු දිවැසින් මෙන් දුටුහ....
එකල හාමරුදුවන් සසුන් ගත වී නොසිටියත්.. බොහෝ විට දහම් කරුණු මේ අය සාක්ච්ඡා කලහ.. ඒද පෙර භවයේ බැඳිමකි....
*********
පුර පසලොස්වක පොහෝ දිනවල පන්සලට පැමිණෙන උවැසි උවැසියන්ට මෙම සිවුදෙනගේ සංවාදයක් අනාවාරයෙන්ම දැකිය හැක... පන්සල විහාර ගෙයි ඉදිරියේ කොරවක් ගල ලග ඉඳගන්නා හාමුරුදුවන් ට පහලින් පඩිපෙලවන් වල අනෙත් තිදෙන අසුන් ගැනීම ගමම ගනී... මේ තිදෙන හා දොඩමලු වෙන ගමන් අනික් ගමේ අය හා සිනා සී හෝ බැලීමටද හාමුදරුවන් අමතක නොකලේය.. ඒ උන්නාන්සේගේ හැටිය....
වික්‍රමආරච්චි මහතා තමා තරුණ කාලෙය් රජයේ සේවය ගැන කියන අතර ඒවායින් ලබා ගත් අත්දැකීම් විස්තර කරයි.. අනෙක් දෙදෙනාත් එසේමය.. වලිසංහ උපාසිකාව නම් කොහෙන් හෝ තමාට ලැබෙන නිර්මාණයක් ගෙන තවමත් ඒ ගැන විචාරන්නීය.. හාමුදරුවන් බොහෝ විට නිහඩව සොම්නමින් මොවුන් තිදෙන දෙස බලා සතුටු වෙයි...
**********
මේ සිවුදෙන බොහෝවිට දැන් කතා කරනුයේ නිර්මාණ ගැනවත් කවි ගැනවත් රජය ගැනවත් අනුන් ගැන නොව "තමා ගැනය".. ධර්මාවබෝධය ගැනය... මෙසේ බොහෝ කල් සසර එකට පැමිණ ඇති බව මොවන් අවබෝධ කර ඇත.. ලබන්නාවූ භවයේත් මෙසේම මේ සිවු දෙන එකට හිදිනු ඇත.. සිවු දෙනගෙන් කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කර ගත් දාට අනික් අයට නිවන් දොරටු හැර ගනු ඇත...
සත්ත්ය මේ සැබැවින්ම සසර බැඳීමකි....
**********
මෙකල වික්‍රමආරච්චි මහතා එකල Leelanath Wickrama Arachchi මෙකල දීපිකා වලිසිංහ උපාසිකාව එකල දිනිති දීපිකා මෙකල ගමගේ මහතා එකල Jayamal Shamintha ය... මෙකල හාමුරුදරුවෝ එකල Kurulu Niskalanka ය
==========================================
පළමු වෙළුම නිමි ...

Friday, June 7, 2013
== අනේ තවව ටිකකින් හිනා වෙලා කතා කරන්න -ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න ==
.
සීයා බොහෝ වේලාවට උන්නෙ තනිවමය.
කිසිදිනක සිගරට් උරා නැත.. කිසි දිනක මත් වතුර බී නැත කිසි දිනක විටක් කා නැත.. මා ආදරයට සීයා ලෙස නොව "අත්තා " යැයි ඔහුව හැඳින්නුවෙමි.. ඒ මගේ අම්මාගේ අප්පචීටත් වඩා වයසක පාටක් තිබුණු නිසාය..
අත්තා මා කුඩා කාලයේදී මා බැලීමට ආ ආකාරය මට හොදට මතකය..
එහෙත් ඔහු හා හුරතල් වූ ආකාරය නම් මතක නැත.
ආපසු යන විට ගේ ඉස්සරහ වූ බස් නැවතුම් පලේ ඔහුගේ ඇගිල්ලක එල්ලී සිටියා මතකය..
අත්තා එදත් අද වාගේම හැඩරුව විය.. කෙස් සුදුයි.. දෙකනේ මවිල්ය.. මා දන්නා ආකාරයට මාගේ මල්ලි "වෙෆයෙර්" (wayfarer glasses) පැළුවද ඒ මොස්තරය මා මුලින්ම දුටුනේ අත්තාගෙනි.. අවසන් මොහොත තෙක් ඔහු ඒ ජාතියම පාවිච්චි කලේය.
අත්තා කොතැනකදීවත් උඩු කය නිරුවත්ව දැක නැත්තෙමි ගෙදරට පවා මේස් බැනියමක් හැඳ උන්නේය.. ඒ මා මේනම ඔහුද කෙට්ටු නිසා වන්නට ඇති..
නැත්තම් ඒ පුරුද්දට වෙන්න ඇති..
අත්තා කිසි දිනක වැඩි කතා නැත.. නිතරම කල්පනාවේම පසුවුනි.. හාන්සිපුටුවට වී මොනවා කල්පනා කරනවාදැයි කිසි දිනක කා එක්කවත් කියා නැත..
තනිව සිතා තනිව ගිල ගනී..
අත්තාට ළමයි හතර දෙනෙකි.. ලොකු අප්පච්චි - මගෙ අප්පච්චි - ලොකු නැද්දි සහ පොඩි නැන්දීය.
හතර දෙනාම තමන්ට පුලුවන් විදිහට රැකබලා ගත්හ.
අවසාන වතාවේදී " පුතේ අත්තාට අමාරුයි " ඉස්පිරිතාලෙට අරන් යන්න වෙයි - අත්තම්මා ඉල්ලීමක් කලාය..
කඳු පල්ලමක ජීවත් වූ අත්තාව ඔසවාගෙන යාමට මට බැරි විණ.. එහෙත් එතැන් සිට අත්තාව රොහලේ නතර කර සියලු වැඩ කටයුතු අවසන් කරන තුරු මට සිටීමට හැකි විය...
ඊට දින දෙකකට පසුව අත්තා හුස්ම ගැනීම නතර කලේය...
මට ඒ එතරම් නොදැනුනේ මා කොළඹ හැදී වැඩුනු නිසාද ජීවිතය තේරුම් ගත් නිසාදැවි නොදන්නෙමි..
එහෙත් මා මෙය කියමි.. මට කරුණු කාරනා මතක කාලයේ සිටම අත්තා ලෙඩිනි.. එය කරුම ලෙඩක්මය.. ඒ අත්තා කල්පනා කිරීම නිසා හටගත් චර්ම රෝගයකි..
අත්තා කිසිවක් ලොකු අප්පච්චීටවත් - මගෙ අප්පච්චීටවත් පවසා නැත..
මට මා ගැන පුදුම සිතේ වෙලාවක සතුටු වෙමි මම කල්පනා කරන දේ මෙසේ ලියා තැබීම මනසට කොයි තරම් නිදහස්ද යැයි සිතේ...
අත්තාගේ අවසන් කාලෙය්ද මතක ශක්තිය නොසිඳී පැවතුනි.. ඒ ඔහු අසලට යන ඕනෑම කෙනෙකුන් හඳුනාගත් නිසාවෙනි..
මා අත්තාව ඇසුරු කර ඇත්තේ බොහොම ටික කාලයකි ඒ මම කොළඹ ජීවත් වුන නිසාවෙනි.. එහෙත් අත්තා මට පණ මෙන් ආදරය කලේය..
ඒ ඔහුගේ පරම්පරාවේ.." උරුමක්කායා " වැඩමල් මුණුබුරා මම වු බැවිනි.. අත්තාගේ අවසන් දවස් කිහිපයේදි මට හැකි අයුරින් ඔහු හා සිටියෙමි..
මාගේ දිනපතා භාවනාවේදී පවා නිරසුරු ඔහුට සුවයම පැතීමි...
එහෙත් මා කොතරම් සාධාරණදැයි මා දන්නේ නැත...
අත්තාගේ සත් දවසේ බණ ලබන සදුදාද දානය අගහරුවාදට යෙදී ඇත.. ඊටද සහභාගී විය යුත්තේය..
අත්තා මිය ගියත් ඔහු ගැන නොලියා බැරි නිසා මෙය ලීවෙමි..
අත්තාගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහු ගැන ගුණ කථනයක් කිරීමට මා හට පැවරීමට යෝජනා වූයෙ මා පරම්පරාවේ අයිත කරු බැවිනි...
එහේත මා ඊට සුදුසු නැත " මා අත්තාව නොහදුනන්නෙක්මි " ..
අදද දුක්වෙමි.. මම එතැනින් පැන දිවුවෙමි...
අත්තා ඉස්සර හාන්සි පුටුවේ වාඩි වී කල්පනා කල දේ වත් මට කිවුවානම් ????????
දැන් සියල්ල හමාරය.. කළයුත්ත කළ යුතුය...
--බොහෝ නෑයන් මළගෙදරදී පැවසූ පරිදි අත්තා පරම්පරාවට කියා දේපළ කිසිවක් ඉතරි කර පුතුන්ට හෝ මුණුබුරන්ට දී නැත--
ඒකට කමක් නැත..
අත්තා මට " හේරත් මුදියන්සේ " නම දී ඇත.... ඊටත් වඩා මට මගේ අප්පච්චීව දී ඇත.. ඒ හොඳටම ඇත... මට ඇත්තේ ඒ රැක ගැනීමයි සිතමි.. !!
--හේරත් මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩා ලෙස අවුරුදු 82 ක් පෙනී මගේ ම අත්තාණෙනි " නුඹ මට කලින් නිවන් අවබෝධ කර ගනිත්වා......---
--මුණුබුරා--
---කුරුළු නිස්කලංක ---

Monday, June 3, 2013
===මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී===
.
මේ අයිය ඇහුනද මම ආස නෑ ඔයා ලියන ඒවට...
(ඈ බොහෝ දිනවල බොහෝවිට මට චෝදනා කරන්නීය )
ඇයි ඒ.. ඔයා එහෙම කිය්නනෙ.. මොකෝ කෙල්ලො කැමති නිසාද !
අපෝ නෑ..
එහෙනං..
මම ආස ඔයා අර පුතෙක් හදන විදිහ කිවුවෙ !අන්න ඒකට..
ආහ් ඒමද.. හැබැයි මම ඒ කිවුවෙ ඔයාට නෙවේ..
ඔවු ඒක මං දන්නව අයිය ලිය්නනෙ මට නෙවේ වෙන අයට කියල.. ඒත් මම ආස අයිය ලියන සමහර ඒවට විතරයි... !
හ්ම්.... මම දන්නව නංගි.. ඉතින් ම මොකද කරන්න ඕන අනික්ව ලියන එක නවත්වන්නද නැතිනම් ඔයා කැමති ඒව විතරක් ලියන්නද.. ඉතින ්මම කෝමද දන්නෙ මම ලියන ඒවයින් ඔයා කැමති ඒව.. එතකොට මට හැම එකක්ම ඔයාට ඉස්සෙල්ල පෙන්නල ඉන්න වෙනව...
ඔන්න ඔන්න ඒකනෙ පණ්ඩිතයිනෙ මෙයා... ! එහෙම නෙවේ ඉතින්.. අනේ මන්ද.. මම කිවුවෙ මම ආස එක.... මට හිතුණ එක...
මෙහෙමනෙ සුදු නංගි... ඔයා දැකල තියෙනවද දේදුණු..
ඔවු.. මම හරි ආසයි..
ඉතින් ඔයා හිතන්න මේ අයියත් දේදුන්නක් කියල.. දේ දුන්නට පාට හතයි...
ඒව එකින් එකට බැඳල තියෙන්නෙ... ඒ පාට එකට තියෙන නිසා තමා දේදුන්න ලස්සන.. ඒ පාට වෙන වෙනමම තිබුනාම ඒක දේදුන්නක් වෙන්නෙත් නෑ මිනිස්සු ආසත් නෑ..
අයියත් දේදුන්නක් කියල හිතන්න නංගි... අයිය ගාවත් එක එක දේවල් තියෙනව.. එක එක විදිහෙ..
සමහර විට මිනිස්සු දේදුන්නෙ සමහර පාට වලට ආස නැතිව ඇති.. සමහරු පාට දෙකකට නැතිනම් තුනකට විතරක් කැමති ඇති.. ඒත මොනව කරන්නද දේදුන්න කිය්නනෙ පාට 7ක එකතුවක් නෙ නංගි... එක පාටක් වත් අයින් කරන්න බෑ..
මේ අයියත් එහෙමයි .. අයියගෙ අකමැති දේවල් ඇති ඔයා .. වගේම වෙන මිනිස්සුත්.. ඒ වගේම මට ඒ එ ්අකමැති දේවල් අයින කරන්නත් බෑ මොකද මහරු එුවට කැමතියි...
අපො හරි හරි හෙනම මෙවුවයි මෙයා දැන් පණ්ඩිතය...
අනික මම දන්නවනෙ ඔයාගෙ තේරීම් ගැන..
ඇයි ඇයි මොකෝ මම තෝරණ ඒව වැරදි ද !
අපි ඒ ගැන කතා නොකර ඉමු නේද මගේ නංගියො...
මේ එන්නෙපා හොදේ ..! ඔයත් මගේ තේරීමක් තමයි හරිද.. වැඩිය කෑ ගැහුවොත් පුම්බල උඩ අරිනව...
( පුම්බන්නේ කෙසේ දැයි ඇසීමට සිතක් පහල වූ වත් ඒ ගිල ගතිමි )
ආ ඇති ඇති.. ඔයා අකමැති මම ලියන ඒවට මිසක් මට නෙවේනෙ.. ඒකට කමක් නෑ..
අන්න අනන් ඒක හොද පොයින්ට් එකක් මට..
ඒ ඇයි..දැන් බලන්නකො ඔයා හැමදාම මේ ෆේස්බුක් එකේ කෙල්ලො ගැන මට කියවනව... ඒ අය ආස මගේ කවි වලට ! මගේ කතා වලට මිසක් ! මට නෙවේ.. ඔයා එහෙම නෑනෙ ඔයා කැමති මට....
ආ ඇත්තද.... ! එහෙනම් මොකෝ දන්නෑ එයාල ඔයාගෙ පින්තූර වලට ලයික් දාන්නෙ..
දාන්නෙ.. දානනෙ නේද.. ම්..... සමහර විට එයාලට මාව අර දෙමළ නළුව "ධනුෂ්" වගේ පේනවද දන්නෙ නෑ.. මොකද ඒ කවුරුවත් මාව ඇත්තට දැකල නෑනෙ...
අඩ්ඩඩ්...ඩා.... මේන් අයිය ගිය දුර.. හිතේ ඇති .. නලුවවගේ කියල හුහ්... කැලේ හිටිය වානරයව යංතං මනුස්සයෙක් කලේ මං.........
== කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමරි බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා==
........ හ්ම් ඒක ඇත්ත නංගි.. කැලේ වානරයෙක් වගේ ඔහේ හිටිය මාව මනුස්සයෙක් කලෙ ඔයා.. හැබැයි ඒ මනුස්සයව ඇයි දෙයියනේ මේ තරම් පිස්සෙක් කලේ ....!!!
-කුරුළු---
ඔබ යනවානම් යලි නොඑන ලෙසින් මල් නගන වසන්‍තයෙ යතුර අරන්
දෑස නිදි බරව පිය වුනත් නිදා ගැනීමට සිතක් නැත..
මෙවන් දිනයන් කොතෙකුත් තිබුණු බව මට හොඳට මතකය..
ඒ නුඹව දුටු විටය.. නුඹව දුටු දිනයන්හිදි ..
නින්ද නොයනවාටත් වඩා දෑස් පියා ගැනීමට මම මැලි වීමි..
ඒ නුඹ ගැන සිහි කර කර සිටීම තරම් මා හට ප්‍රිය මනාම වෙනත් දෙයක් නොවුන බැවිනි.. පස්සෙන් පහු මා නිදා ගැනීමට බෝසේ ප්‍රිය කලෙමි.
ඒ නුඹ සිහිනයෙන් මා හා සිනාසෙන බැවිනි..
නුඹද පින් කර ඇත මාද පින් කර ඇත..
නුඹ පින් කර ඇත්තේ කලාතුරකින් පමණක් මම දකින මාගේ සිහින වල පවා පෙනීසිටීමටය.
මා පින් කර ඇත්තේ කලාතුරකින් හෝ මම දකින සිහින වල "නුඹවම" පමණක් දැකීමට ය.
මා නුඹගෙන් හමනා ඒ සුවඳට ප්‍රිය කරන්නෙමි. ඒ එදා ද අදද එසේමය..
මා මුලින්ම සිතුවේ ඒ නුඹ ගල්වන කෘත්‍රීම සුවදක් ලෙසය එහෙත් මා වැරදිය නුඹ ලගින් හැමදාම එය හමනු මට දැනුනි..
මට මා අසා ඇති උත්පලවණ්නා කතා පුවත සිහි විණ..
පෙර පින් කල තැනැත්තියකි.. අදටත් නුඹ දකින විට පවා මාගේ නාස් පුඬු සොයන්නේ එම සුවඳය.. පෙර භවයක නුඹද සමන්පිච්ච මල් පුජා කර ඇතිවාට නිසැකය..
එදා නුඹ මල් සුවඳ පැතුවා වෙනුවට " මා " පැතුවේ නම් කොයි තරම් හොඳදැයි මට සිතේ..
සුවඳට මෙන්ම සිනාවටද ඇලුම් කරමි.. දැන්ද මැවී පෙනෙනවා වාගේය...
ආදරේ යනු ලෙඩක් නොව හැගීමක් යැයි මා කොතැම් පුරසාරම් දොඩා ඇතත් ආදරේ යනු ලෙඩක්මදැයි මට මෙවේලෙහි මා ගැනම සිතා, සිතෙයි!
එකින් එක කිවහැක.. ඇස්දෙක , කටහඩ, සිනහව, ඉසකේ, දෑත.. ඒ හැම එකකටම මා කැමතිය..
මා අකමැති කිසිදු දෙයක් නුඹ සතුව නැත.. මා නුඹට ඒ තරම් ප්‍රේම කරමි...
සිනහව ගැන නම් කිව යුතුමය.. ඒ මා සිත් ගත් නුඹගේ ප්‍රධානතම අංගයක් බැවිනි..
අපේ අම්මා කියනා විදිහට නුඹ මුරලිදරන් වාගේය..
බෝලයට හයක් ගැහුවත් සිනාසෙයි - විකට්ටුවක් දවා ගත්තත් සිනාසෙයි.. !
හැම දෙයම සම සිතින් සිනාවී දරාගනියි..
මා මෙතරම් නුඹ ගැනම හොඳ කියන්නෙ ඇයි දැයි මටම සිතාගත නොහැක..
ඒ වැරදි නැතිවා නොවේ .. එහෙත් ඒවා මට මතක නැත..
ඒ තරමට මම නුඹට කැමතිය...
" එහෙත් - නුඹ මට කැමති නැත "
ඒ - ඒ හැටිය... මාද මට කැමති සමහරුන්ට කැමති නැත.. මට ප්‍රේම කරන්නන් සියල්ලන්ටම පෙරළා ප්‍රේම නොකරමි...
නුඹද එසේ විය හැක... දෙක දෙපසටම හරිය... !
එහෙත් කෙදිනක හෝ නුඹ - " මම ආදරෙයි " කියනා තුරු මම මෙසේ නිහඬව බලා සිටිමි...
මතක හැටියට " මම තවවම නුඹට ආදරෙයි " යැයි මම ම කියා නැත..!
ඒ එයට තවම සුදුසු කාලය පැමිණ නැතයි මා සිතන නිසාවෙනි...
ඒ කෙසේ වෙතත් අදද මට නින්දක් නැත.. නුඹ හා බැඳී පවතින්නෙමි.. දැන් මම නිදා ගැන්මට බිය වෙමි.. ඒ මා දුටු නුඹ රුව, මාගේ කලු ඉංගිරියාවේ හිරකරගෙන ආ නුඹ රුව මැකී යාවි යැයි බියෙනි.. !
එනිසා.. බොහෝ පෙර දින වල මෙන්ම අදද..
නොනිදා පහන් කරමි...
" .සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම්
මේ උයන් බිමේ කිසිදාක ඉතින්
ඔබ යනවානම් යලි නොඑන ලෙසින්
මල් නගන වසන්‍තයෙ යතුර අරන්
ඔබ දනන්වනම් එක නෙලුම් මලක්
දිය යටට වෙලා දුක් විදින තරම්
උනු කදුලු වලින් රොන් සුනු තනමින්
ලය මඩලෙ තබා උනුස්ම් කරමින්
ඒ නෙලුම වුනත් සැගවේවි ඉතින්
කිසිදාක දියෙන් නොමැකෙයි රහසින්
මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
දුක ළයේ තබාගෙන හිටියා මං
මං නැතිව ගියත් යම් දිනක ඉතින්
ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
මට අයිති නොවෙයි ඒ ඔබට තරම් "
නුඹට සුභ රාත්‍රියක් !!!!
--කුරුළු--
Subscribe to:
Posts (Atom)