Thursday, May 23, 2013

බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි !!



අයියා.. මට සනීප නෑ..
ඇය බොහෝ වේලාවල් වලදී මාගේ අවධානය දිනාගැනීම උදෙසා මෙසේ කියනා බව මම දනිමි..
හා ඇත්තද හොදයිනෙ..
හොදයි !!!
ඔයා අපෝ වැඩක් නෑ ඔයා නම් කෙනෙක්ට අසනීපයක් නම් හොදයි කියනවද..!
නැත්තං .. හොදයි තමා එතකොටනෙ අපි දන්නෙ ඒ මනුස්සය ඉස්සෙල්ල ඉදල තියෙන්නෙ හොදින් කියල.. එහෙම නැතතං දැන් එයාට පුලුවන් හොද වෙන්න. එහෙම නැතිනම් ඔය දෙයියොන්ගෙ ලෙඩ එහෙමනම් එක පාරක් හැදෙන එක තමා හොද !
හුහ්.. ! මදැයි මම මේ මිනිහට කිවුව අසනීප..
හරි හරි දැන් මොකක්ද අසනීපෙ කියන්න බලන්න..!
බෑ කිය්නනෙ නෑ.. ඔන නෑ..
එහෙනම් දැන් ඉස්සෙල්ල මැරෙන්න හැදුවෙ..
ඒ ඉස්සෙල්ල දැන වෙනස්.. කිය්නනෙම නෑ මං
ඒ මොකෝ කියන්නෙ නැත්තෙ
ඒ මට ඕන නිසා.. නැත්තං ඔයා ඕකත් ලියයි වොල් එකේ "සංකල්නා"වක් විදියට..
එතකොට කෙල්ලො ලයික් කරයි කොමෙන්ට් කරයි එපා එපා..
මොන බම්බුවක්ද මේ ! මට පිස්සු නෑ මේ ලෙඩ ගැන ලියන්න...
තමුසෙට කියන්න බැරිනම් නිකා ඉන්නව..මට බෑ මේ නාකි ගෑනු හුරතල් කරන්න..
හුහ් ඔවු ඔයාට මාව තමයි නාකි ගෑනු.. අර ෆේස්බුක් එකේ ඉන්න උන් හුරතල් කරන්න හොදයි !
මේ .......... මගෙන් අහගන්නෙපා හරිද...
අපෝ . අපෝ .. ඔන්න මගේ මහත්තයට තරහ ගියා.. ඒකනෙ මම ඔයාට ආදරේ..
ආදරේ.. යකෝ මාරු ආදරයක්නෙ මේක කෙන්ති ගස්සන එකද ආදරේ...
හරි හරි ඉතින් .. මට උණයි හෙම්බිරිස්සාවයි..
හෙම්බිරිස්සාව කෝමද ?
ඇයි මම කිවුවෙ මාව පරණ ඔෆිස් එකට මාරු කලා කියල .. ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක නෑ .. පවු මේ නංගි බස් එකේ යනව.. කොහෙද අපිව ඉතින් කාර් වල එක්කන් යනනේ නෑනෙ..
ආ...... මේ මම ඩ්‍රැයිවර් කියල හිතුවද ඔහෙව ඔෆිස් එක්කන් යන්න.. ඒකනෙ මම කිුවෙ මුලදිම ඔෆිස් වෑන් එකක යන්න කියල.....
මේ අයිය ඒක නෙවේ.... මට ඔයාට ආදරේ කරන්න ‍ඕන... ඔයාගෙන් ආදරේ ලබන්න නම් මොනවද කරන්න ඕන ඔයා හැමදාම මට බනිනවනේ මා එක් රන්ඩු වෙනවවනේ මගේ හොද අයියනේ මට ඔයාට ආදරේ කරන්න ඕන ආදරේ හිතෙන්නම...
හ්ම්..... එහෙනම් පෝලිට එකතු වෙන්න ගිහින්...
පෝලිම්... ??
ඔවු.. මට ආදරේ කරන්නත් මගෙන් ආදරේ ලබන්නත් පොලිමේ ඉන්නව.. යන්න ගිහින් පොලිමට එකතු වෙන්න..
ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඔයා හරී නරකයි.... මටත් පොලිමට එකතු වෙන්න කිවුවා..... මාව වටිනනෙ නැද්ද.. දුක නැතිද ඔයාට මේ නංගිව පෝලිම් වල තියන්න..
නෑ මගේ ආදරේ හරි ගණන්...
හුහ්... ඒකත් එහෙමද ??? බලා ගන්නව...ඊ....ර්ර්ර්..ර්.ගර්..ගර්..ගර්..
මොකෝ බොල ගොරවන්නෙ..
මට ඔයාව මරන්න ඕන...?
මරන්න..?
ඔවු මේ දැන් බෙල්ල මිරිකනව ලග හිටයනම්..
හා හා නංගි කලබල වෙන්න එපා ... ඒකටත් පොලිමක් තියෙනව.. ගිහින් ඒකට එකතු වෙන්න..
හි හි හි හි හි හි හරී.. ජෝක්ලු ඈ මගේ අයිය.... අනේ මේ... මෙයා දැන් ඔන්වට වඩා වැඩියි කෙල්ලො ගැන කියවනව අහුවෙනවකො..
ඇයි අහුවෙන්නෙ වැරදි කලොත්නෙ.. මම වැරදි කරනවනම් මෙලහකටත් ආරංචි වෙලානෙ..
නංගියො මම එකක් කියන්නම් මම මේච්චර ඔයාට ආදරෙයි කියල "කියලම තියෙදද්දි" ආයෙ ආයෙ ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ඒන්න එපා... මොකෝ මම වෙනස් වෙයි කියල හිතුවද මගේ ආදරේ වෙනස් වෙයි කියල හිතුනද ...!
මට බයයි අයිය..ඒකයි... හරි හරි අයිය වැඩ කරගන්න මම දොයියනව.. මේ මට උණ නෑ හොදේ.. හෙම්බි. විතරයි....
ආ.. එහෙමද... ලග හිටියනම් මිරිකව තොගෙ....
බෙල්ලද.. ?
නෑ.....ඒව වැඩක් නෑ. කොත්තම්ල්ලි ටිකක් බීල නිදියන්න සුදු නංගි..
මේ අයිය..තරහ නැතිව එක පාරක ්කියනවද " ආදරෙන් " මට ආදරෙයි කියල...!!
හ්ම්.. මම ආදරෙයි සුදු නංගි...... !!
-----කුරුළු---

Saturday, May 18, 2013

මට බොහෝ විට මෙසේ සිතේ.....






මට බොහෝ විට මෙසේ සිතේ......
අප යම් යම් කුඩා හෝ නිර්මාණ ඉදි කිරීමේ වෑයම යෙදී සිටින්නෙමු.. !
ඒ නිසාවෙන් හෝ මා, කවියෙක්, නිර්මාණකරුවෙක්, කලාකරුවෙක්,රචකයෙක්, සහෘදයෙක් ඔවුන්  මේ සමාජය විසින් හැදීන් වීමට අරඹා ඇත..
එහෙත් ඒ වචන පෙළ තුල ඇති අරුත මා විසින් කොතරම් සාධාරණි කරනය කරනවාදැයි මා නොදන්නෙමි... ම කවි ලියන්නෙ ඇයටය.. කතා ලියන්නනේ මටය... නමුත් මා කවියෙක් හා රචකයෙක් බව ඔවුන් කියනා නිසා පිළිගනිමි...
කලාකරුවෙකු වීම ලෙහෙසු පහසු නැත... මා සමග සිටින අනෙකුත් කලාකරු සහෘදයන් උදෙසා මෙසේ ලියා තබමි.....
කලුගල් කඩනවා මා දැක ඇත්තේ මා කුඩා කල මාමාගේ ගෙදර යන විට ගම්පොල - ගලත පාරේදීය. බොහෝ වෙලා ඒ දෙස බලා සිට ඇත්තෙමි... පවුලක සියලු දෙනා එතැන සිටිති කුඩා දරුවා පවා කලු ගල් කැබිලිති බවට පත් කරයි...
සුලු දෙයකි ඇත්තේ තවත් කලු ගලක් උඩින් තබා කුළු ගෙඩියකින් තැලීමය.. එවිට විසි වෙන කැබලි ප්‍රමාණය අනුව වෙන් කර ගනු ලබයි...
එහෙත් අපි - කලාකරුවන්ට එසේ කල නොහැක ..
කලාකරුවන් වනාහි කලු ගල් කඩන්නා වූ කොටසක් නොව..
ඔවුන් මැණික් කපන පිරිසකි.. මැනික් ඔපදමන්නෝය..
කිසිවෙකු විසින් තමා වඩා සිටින සහෘද කැල කලු ගල් යැයි සිතා තැලුවොහොතින් ඒ වැඩි කාලයකට නොවනු ඇත..
මැණික් කැපීම කලුගල් කැඩීම තරම් ලෙහෙසි නැත...
ඒ ඒ මැණික් අඳුනාගත යුතු වේ.. ඒ ඒ ගල කැපිය යුතු ඔප දැමිය යුතු ක්‍රමයක් රටාවක් ඇත...
එක‍දු හො පලුද්දක් වුවහොත් මැණිකේම වටිනාකම් නැත බොහෝ සීරුවට මාරුවට ඉටු කල යුතු කරුණයි... මේ සමාජයේ තැන් තැන් හිවැටී ගිලී ඇති මැණික් ‍සොයාගන්නෝ අපය - කලාකරුවෝය..
ඒ සියල්ලෝ එකතු කර ගෙන මහා මැණික් මුදලාලි කෙනෙකු වන්නේද අපමය..
එහෙත් ඒ සියල්ල එක ගොඩක තබා කුලුගෙඩි පහරක් දුන් විට සමාජය ඇද වෙනවා නිසැකය..
ඒ ඒ සීරුවට ඔප දමා නැවත සමාජය වෙත මුදා හල යුතු යැයි මගේ හැඟිමයි....
මම එසේ වන්නට තතනමි... එනම් කලුගෙඩි පහරක් දෙන්නෙකුට වඩා මැණික් ඔප දමන්නෙකු වීමටය...
" මා දකින අවාසනාවත්තම සිද්ධිදාමය නම් මට වඩා ඉතා උස් මේ රටේ කලාකරුවන් හෝ එසේ කියා ගන්නා අය ඒ ගැන නොසීතීමයි.."
ඉදින් මා සබඳ අප තවම දළු දමා ලියැලෙන පැළ වෙමු....
එන්න අපි පැහෙන්න පැහෙන්න පොළවටම බරවෙන වී කරල් මෙන් වෙමු... !!
ඔවුන් අප කපා මිරිකා සහල් පමණක් ගනු ඇත්තාහ.. පිදුරු නැවත පසට එකක්ර පොහොර කරනු ඇත... අපටයි කියා ගෙන යෑමට දෙයක් කලාවේ නොමැත ඇත්තේ දායාද කිරීම පමණි....
අප මෙතැන කවි රචනා නිර්මාණ කරන විට අනෙකුත් දෙනා ධනය එක් රැස් කරනු ඇත..
ඒ ධනය වියදම් කර ‍ජීවත කාලය පුරා දන් පින්ද කර සැප විදිනු ඇත.. ඒ කෙටි කාලයකටය නැතහොත් පරම්පරා එකකට හෝ දෙකකටය..
එහෙත් අප මේ සිදු කරන්නේ .. පුරාවෘත්ත ලීවීමය.. නිර්මාණ කරුවන්ට යුගයක් නැත.. ඔවුහු මහා පිරමීඩ මෙන් කාලයට අභියෝග කරමින් නැගී සිටිති....!
සන්නස්ගල සර්ව මතක් විය-
----මුතු පර පිරි වෙරළට >> මේ පාරෙන් එන්න ----
-කුරුළු--




ඇත්තටම ආදරයක් හිතට දැනුනාම‍ කොහොමද ?
මම හිතන් හිටියෙ මම ආදරෙ කරල ඉවරයි කියල.. මම ආදරේ කරපු කාලෙ ඉවරයි කියල...
මම හිතුව මට ආ‍දරේ දැනෙන්නෙ නැතිව ඇති කියල..
ඒත් එදා !! ජොන් ගෙ සත්තු වත්ත් බලපු දවසෙ ඉදන් මගෙ හිත තාම වෙවුලනව..
ඒ - ආදරෙන් !
ඒ ආදරේ කියල තේරුම් ගන්න මට එවේලෙ බැරි වුන එක ගැන මම මටම දොස් කියා ගත්ත..
ඔවු..! මේ කතාව පටන් ගත්තෙ කැලණිය විශ්ව විද්‍යාලයේ මැයි 16 පෙන්වපු ජෝන්ගෙ සත්තු වත්තේන් !!!
මම එහෙට ගියෙ ජෝන් මගේ හිතවතෙක් සහෘදයෙක් වගේම මල්ලි කෙනෙක් නිසා..
මම හදවතින්ම නාට්‍ය බැලුව වෙනද වගේම ඒ ගමනට මාත් එක්ක ආවෙ Dulan A Dalugama Tharindu Abesinghe Kasun M Anuradha Supun Jayasanka Anuradha සහෘදයො..
අපි නාට්‍ය බලල වෙනද වගේම ගියා ජෝන් එක්ක කතා කරන්න ..!
ආ කුරුළු අයිය කොහොමද ? ( සුපුරුදු ලෙන්ගතු කමින් ඌ මාව බදා ගත්ත)
මම මගේ අනික් මිතුරන්ව හදුන්වනකොට එතැනට ඇවිල්ල ඒ වැඩේට බාධා කලේ එයා..!
** හලෝ ජෝන්අයිය සුභ පැතුම් - හොඳට තිබුණ..
කොළ පාට ලස්සන පොඩි ගවුමක් ඇඳල කොණ්ඩෙ පස්සට තනි කරලට පීරල හිටය එයා..
මට එවෙලෙ වැඩි ගානක් නැති වුණත් මොකක්දෝ සංසාරෙ හුරු පුරුදු ගතියක් දැනුන..
එයා එතැනින් පිට වෙලා ගියත් මම ජොන් එක්ක කතා කලත් මගේ හිතේ හොල්මන් කරන්න එයාට පුලුවන් වුණා....
අවාසනාවට මම කිසි කෙනෙකුට එවේලේ කිවුවෙ නෑ.. ඇත්තටම මම මෝඩ වුනා...
අපි ගෙදර යන්න කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවෙන් එලියට බැස්ස විතරයි මගේ ඇස් දෙක හැම තැනම හෙවුවෙ එයාව.. ඒත වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ මොකද ඒ වෙනකොට මම මුලින් දැකල විනාඩි 20ක් විතර ගත වෙලා..!
දෙයියනේ... ! මෙන්න ආයෙමත් ඒ කටහඩ.. මම හොදට බැලුව.. දොරකඩ ඉස්සරහම තවත් කෙල්ලො ටිකක් එක්ක කතාව.. ! මෙයා හිටියෙ ඩෙස් එක උඩ නැගල.. මම එතැනදිත් මෝඩ් වුනාද මන්ද..
හොරුහින් බලන ගමන් මම හීන් සීරුවෙ පිටත් වෙලා ආව.. හැබැයි පිට්ටනිය පහු කරන්න කලින් මම මාත්තෙක්ක හිටි අයට එයා ගැන කියන්න පටන් ගත්ත....
අපරාදෙනෙ අයිය කලින් කිවුවනම් අ‍පි අහනවනෙ - එහෙම කිවුවෙ කසුන් මල්ලිය. (සුපුන්ද දන්නෙ නෑ උන් දෙන්නම එක වගේ )
මම බිම බලාගෙනම කාර් එක ලගට ආව.. ගේට්ටුව පහු කරනකොටත් ආයෙ හැරිල බැලුවෙ ඒ දිහා.. ඒ වෙනකොටත් හිත ආදරෙන් පිරෙන්න පටන් අරන්..
ඒ එන ගම්න් අපි ටිකක් කතා කලා..
කමක් නෑ අයිය ලැබීම තියෙනවනම් ආයෙ මුන ගැහෙයි..!
එහෙම හිතාගෙන මම ගෙදර ආව.... ආහ් මගදි ජෝන්ට කෝල එකක් ගත්ත විස්තර අහ්නන.. කොහෙද ! ඌ ආන්සර් කලොත් ඉතින් ලොවෙත් නෑ....!
මම ගෙදර ඇවිල්ල මම දන්න කිහිප දෙනෙක්ට කිවුව... අපි ට්‍රයි කරමු.. මම අන්තිමට එදා රෑම හොයාගත්ත මේ කවුද කියල.. රූපෙන් විතරක්.. මොකද ඒ එක පාරක් දැක්ක ඇස් දෙක මට අමතක වෙන්නෙනෑ ජීවිතේට...!
ඒ විසේකාරියෝ නාට්‍යයේ චරිතයක් රගපාන කෙනෙක්...
දැන් හරි අඩියක් ඉදිරියට....
17 වෙනිද උදේ ඉදන් අද වෙනකම් මම හිටයෙ කැලණි කැම්පස් එක අවට... මොකද මට කැම්පස් එකේ යාලුවො නැති නිසා අනික නම්ක නොදන්න මූන විතරක් දන්න කෙනේක ගැන  කොහොම හොයන්නද ?
විස්තර හෙවීමේ මෙහෙයුමක..
මටම පුදුමයි මෙච්චරට මේ කෙල්ලෙක් වෙනුවෙන් වෙහෙසෙන එක !
කවදාක වත් වෙලා නෑ... අන්තිමේදි එයා ආව..
මම ටිකක් පස්සෙන් ගියා.. ගිය පැත්ත නම් මම මෙතැන කිය්නනෙ නෑ....
ඇයි මචං මොකෝ මේ !!! - මගෙන් එහෙම ඇහුවෙ මා දිහා බලං හිටි කොල්ලෙක්...
මම ඇත්තම කිවුව ඌට..
අන්තිමට මට විස්තර ටික්ක ලැබුණ... ස්තුතියි යාලුවා..! උඹටත් ගිනි ගින්දර කෙල්ලෙක් සෙට් වෙය්න් ඈ..
එ ්ලැබුන විස්තර අස්සෙ මගේ හිත කීරී ගස්සන තැනක් තිබුණ.. හීනෙකින්වත් මමවත් නුඹලාවත් නොහිතන දෙයක්...
ඒ තමා එයාගෙ කාඩ් එක ( කැම්පස්) - ඒක BIRD .. මට ඒක දැක්කාම පුදුම හිතුණ..
මම මෙයොගෙ නම නම් කියනනෙ නෑ.. නාට්‍ය අංශයෙ .. අවසන් වසරෛ... මම එහෙම කියන්නම්.. වාසනාවට‍ද අවසනාවටදො මන්ද ඇය මූණු පොත පාවිච්චි කරන්නෙ නැහැලු..
එ ්නිසා කවදාකවත් බාගදා මේක දකින එකක් නෑ...
කුරුළු කියල කෙනෙක් එයා ගැන හෙවුව කියල දැන ගන්න එකකුත් නෑ !
හැබැයි ජෝන් ! උඹ නම් මාරයි.. මම උමේ නාට්ටිය බැලුවෙ දෙපාරයි.. පලවෙනි දවසෙ මාව පුටුවෙන් විස වුනේ උඹ ඒ නාට්ටියෙ ඉන්නව දැකල ! දෙවැනි එක මගේ හදවත තාම ඒ හෝල‍් එකේ නිසා !
ඇත්තටම John Dinesh Sandaruwan මට දැං හිතෙනව සම්බන්ධයක් හදාගන්න ! මෙ ගඳ ගහන දෙකට බෙදිච්ච කාරමරේ පින්තූර රාමු දෙක්ක එක්ක, ට්‍රන්ක පෙට්ටිය එක්ක, වට පිටේ උන් එක්ක හිර වෙලා හිටිය ඇති.. සම්බන්ධය පූසිපැටවු දෙන්නෙකුයි මාල ගිරවු දෙන්නෙකු ඉන්න තරම් ඒක දුර දිග ගෙනියන්න..... !!!
උඹ මට නාට්ටිය බලපු දෙපාරම " ජීවිතේ ගැන හිතන්න " අයෙම ජීවත් වෙන්න " හිතන්න සෙට් කලා බං - සත්තයි.....! !
---කුරුළු--
(BIRDට මේ වෙනකොටත් සම්බන්ධයක් ඇති එහෙම නෑ කියල හිතන්නතරම් ම මෝඩ නෑ.. හැබැයි මටත් ආදරෙ කරන්න අයිතියක් ඇති කියල හිතනව.. මේ ලෝ‍කෙ ආදරෙ කරන්න අවසර ඔන් නෑ..හැබැයි කරුණාකරල ඔයට සම්බන්ධයක් නැතිනම්.... ඔයා ගූගල් සර්ච් එකෙන් අහන්න කුරුළු ගැන... ! මම මෙතැන ඉන්නව !!!)

Tuesday, May 14, 2013

සිරි මහා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි !!






ඔයාට පුලුවන්ද මට පුතෙක් දෙන්න.. අඳ ගොලු බීරි කොර නැති හොද පුතෙක්..
මට ඕන ඔයාගෙ මොළෙයි මගෙ රූපෙයි තියෙන පුතෙක් නෙවේ !
මගේ මොළෙයි ඔයාගෙ රූපෙයි තියෙන පුතෙක් - අන්න ඒක මතක තියාගන්න !
අවුරුදු 3ක් වත් ඌට කිරි දේන්න ඕන .. කිසිම අඩුවක නොකර බලාගන්න ඕන ඔයා..
මොකද මමත් ගොඩක් කල් අම්මගෙන් කිරි බීපු නිසා...
ඌට මතක හිටන කල් කිරි පොවන්න.. කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න..
ඊට පස්සෙ මම බාර ගන්නම්.. හොද ‍මොන්ටිසෝරියකට දාමු..
ගෙදර වැඩ දෙන්නෙ නැති.. සෙල්ලම් කරන්න විතරක් දෙන.. අත්වැඩ විතරක් දෙන.. චිත්‍ර පොතක් විතරක් අරං එන්න කියන මොන්ටිසෝරියකට දාමු...
ටිකක් දැනුම් තේරුම් එනකොට හැම මාසෙම ගමේ ‍එක්කං යමු..
ආච්චි සීය අත්ත මුත්තව පෙන්වමු ඒ අය එක්ක දවසක් දෙකක් ඉන්න දෙමු..
සතියට පාරක් අර පල්ලෙහා වෙලේ බැහැල මාත් එක්ක පොඩි පිළිගද මාලු අල්ලපු දෙන්.. බය වෙන්නෙපා ජෑම් බෝතලයකට දාල හවස එනකොට ආයෙ ඇලට වීසි කරන්න මම උගන්වන්නම්..
ඉරිදට දහම් පාසල් යන්න ඒන මාත් එක්ක.. මම උගන්වන දිහා බලං හිටි දෙන් ! ඇත්ත මම උගන්වන්නෙ උසස් පෙල වුනාට ඔහෙ අහන් හිටි දෙන්... සරම අන්දනකොට ඉලාස්ටික් සරම් එපා ! ඇග වටේ ඔතන් හරි ගිය දෙන්.. හවස එනකොට කැඩිල තිබුණට බනින්නෙපා කිලුටු වුනාට බනින්නෙපා ! කිලුටු ඇදුම් හෝදන්න පුලුවනි...
පුතා මාත් එක්ක වෙසක් කූඩු හදන කොට ඔයා අපිට පාප්ප හදල දෙන්න - ගේ හැඩි වෙනව තමා ඒත් අස්කරමු අපි එකතු වෙලා පුතා නිදා ගත්තාම..
ඒ එකක්ම එහා ගෙදර අක්කලත් එක්ක පුතා පල්ලියට යවන්න.. ජේසුතුමාවත් බලල එන්න කියන්න..නත්තල් කාලෙට නත්තල් ගහ සරසවන්න බලෙන් හරි යවමු...
චීන වූෂු පන්තියකට හරි ජිම්නාස්ටික් පන්තියකට හරි යවන්න කියල නම් බල කරන්නෙපා-
පුතාව " අංගංපොර " උගන්වන තැනකට දාන්න ඕන මට..
පුතාට අපේ ඉතිහාසෙ රජවරු ගැන කියා දෙන්න අපි මාස තුනකට පාරක් ට්‍රිප් එකක් යමු !
සරුංගල් කාලෙට එයා හදා ගත්තාවෙ එයා අලෝපුවාවෙ.. බිම දිගේ ගියෝත රෝද හයි කරල දෙමු ! උඩ යන්නෙ නෑ කියල විහිලු කරන්නෙපා එයා ඉගෙන ගනිවි..
ගස් උඩ නගිනකොට - සැටියෙ ඔලුවෙන් හිට ගන්නකොට කොල්ලො එක්ක ගහගෙන ලේ පෙරා ගන්නකො‍ට කහට ජාති ගෙඩි ඇදුම් වල ගාගෙන එනකොට "එපා " කියන්නෙපා.. එයාට ඒව විදින්න ඉඩ දෙන්න.. !
හොද නරක පෙන්වන්න බල කරන්නෙපා ! එයා අපි දිහා බලල ඉගෙන ගනීවි...
වැස්සෙ තෙමෙන්න දෙන්න.. නටන හැටි සින්දු කියන හැටි චිත්‍ර අදින හැටි උගන්වන්නෙපා - එයාගෙ නිදහස් ක්‍රමයක් එහා හොයා ගත්තාවෙ... අපි පොත් - පැස්ටල්- බටනලාවක්-බෙරයක් අරන් දෙමු...
ක්‍රිකට් ගහන ගමන් එල්ලෙත් ගහන්න කියල දෙමු! ඒ වෙනකොට කවුරුත් එල්ලෙ ගැන දන්නෙ නැති වෙයි ඒක අලුත්ම දෙයක් වෙයි..!
ගේ ඇතුලෙ බාත් රෑම් එකෙ නෙවේ එලියෙ ටැප් එකෙන් ගමටම පෙන්න ඉර එලියෙ නාන්න පුරුදු කරන්න ! ඌ කොල්ලෙක් නිසා..
කලිසම් අන්දවන්නෙ නැතිව රෑට වත් සරමක් අන්දන්න.. උදේට ඒක හොයල දෙන්න යෙි සතියක් දෙකක්..
ඇති තරම් පැණි රහ කන්න දෙන්න - හැබැයි දත් මදින්න හුරු කරන්න..
ඇපල් - දොඩම් කනවට වඩා ගස් නැගල තැඹිලි -ගස්ලබු ජම්බු කඩල කන්න කියන්න..
වීඩියො ගේම් එකක් තෑගි කරනවට වඩා පුස් බයිසිකල් රිම් එකකුයි කෝට්ටකුය එයාට හොයල දෙන්න.. පැපොල් බට නලාව උණ බට තුවක්කුව රෑං පේත්ත හදන්න කියල දෙන්න..!
ඔයා කියනවනම් ඉන්ටනැෂනල් ඉස්කෝලෙකට දාමු... හැබැයි අපේ කිරි අම්මට කියල වැල්ලෙ අකුරු ලියල අකුරු කියවමු මුලින්ම..!
එයා ලොකු වෙලා කැමති ආගමක් තෝර ගත්තු දෙන්...බල කරන්නෙපා..
ඒ වෙනකොට Kelum Wijewardena Chinthaka Abeyratne Indranatha Thenuwara Chandana Ellewala Leelanath Wickrama Arachchi Jayamal Shamintha Akila Hewage Sanka Buddika Amarasinghe Akila Prasad Tharindu Abesinghe  වගේ මිනිස්සු  වයසට ගියත් එයාලා පුතාගෙ අප්පච්චගෙ යාලුවො බව කියන්න... මේ මිනිස්සු ලෝකෙ පය ගහල ඉන්න මිනිස්සු බව පුතාට කියන්න ... මේ අයගෙ  ළමයි මුනුපුරෝ හිටියොත් බය නැතිව මූණු පොතෙන් ඇඩ් කරගන්න කියන්න... පුතාට කවි ලියන්න "උගන්වන්නෙපා" - ඒක කාටවත් ලේසියෙන් කරන්න බැරි වැඩක්..! ඉන්දික අයියගෙ - රුවන් බන්ධුජීවගෙ - කැලුම්ගෙ - ...... කවි කියවන්න දනේන එයාට එයා ඉගනෙ ගනවී සමාජෙ.. ‍ඒ කවි වලින් ලෝකය දකීවි
නිදහස අත්විඳින්න ඉඩ දෙන්න.. මට එයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි..!
හොඳයි ඔයාට පුලුවන්ද මේ දේවල් කරන්න !
එහෙනම් මම කැමතියි ඔයාව බඳින්න..!
මොකද මට ඕන මගේ පුතාව මහත්තයෙක් කරන්න නෙවෙයි - මනුස්සයෙක් කරන්න මටත් වඩා !
--කුරුළු---

Sunday, April 28, 2013

මාලිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැන්දා -- වාසනාවන් ඒ සැඳෑවට මම ඇවිත් යනවා




අයිය මේ අහන්නකො......
-හ්ම්..
හ්ම් ‍නෙවේ අනේ මේ අහන්නකො...
-කියන්න ඉතින්...
මට අදාරේද ?...
-නෑ ...
නෑ... ඇත්තටමද...?
-ඔවු..
ඒ කිය්නනෙ මට ආදරේ නෑ...
-නෑ ආදරේ නෑ...
මම ඇත්තටමයි අහන්නෙ හොදේ ආයෙ අහන්නෙ නෑ..?
-මාත් ඇත්තටමයි කිය්නනෙ..
ඒ කිය්නනෙ ඇත්තටම නෑ...?
-දැන් අන්තිමට පස්සෙත් ඇහුව නේද ? අවුරුදු ගානක් එකම කියල මට එපා වෙලා අනේ.. කොච්චර කිවුවත් එකයි.. මම ආදරේ නැත්තං මෙච්චර කල් ඔයා එක්ක ඉඳිද... ආදරෙ ්නැතිනම් ඔයාව බලන්නමෙහමෙ එයි.. ඔයත් එක්ක ඇවිදියිද...

ඒ කිය්නනෙ ඔයා මට ආදරෙයි...!

(කෙසේ හෝ මා ඇවිටිලි කරවාගෙන මා තරහ අවුසසාගෙන මාගෙන් ආදරේදැයි අසාගන්නා ඇය මොහොතක් නිහඩව වාහනයේ අප පසුකර යන ගොඩනැගිලි දෙස බලා සිටියි... ඈ නිතරම ආදරේ දැයි අසා සිටින්නේ ඇයි දැයි මා නොදන්නා නමුත් ඈ ඒ බව ඇසීමට බොහෝ ප්‍රිය කරන බව දනිමි- එහෙත් ඒ මා හට වදයක් බවත් ඈ හොදහැටි දන්නීය.. ඒහෙත් වරින් වර අසන්නීය.. මමද හිතේ තියෙන නපුරු කම හින්දාම ද මන්දා ඇය අසනා සෑම වාරයකම ඇයවත් කේන්ති අවුස්සමි )

ඒක නෙවේ මට අයියට බඩ්ඩක් කියන්න දෙයක් තියෙනව...
(නැවතත් ඇය සුපුරුදු ලෙස නිහඩ තාවය බිදින්නීය)
--කියන්න ..
එහෙම කියන්න බෑ..
--එහෙනම් නිකා ඉන්නව ඉතින් මට මොකෝ..
එහෙම බෑ.. මට මොනව හරි දෙනවනම් කියන්නම්..
--ඒ ඇයි.. මට කිය්නන බැරි දේවල් මට බලෙන් අහන්න ඔන් නෑ පගාවල් දීල...
අනේ එහෙම බෑ.. මට ඒක කියන්නම ඕන...
--එහෙනම් ඉතින් කියනවකො ඇඹරෙන්නෙ...
මම අයියට ආදරෙයි ගොඩාක් ගොඩක් ගොඩාක්....
-හා...
ඇ... හා විතරද.. ඇයි මට ආදරේ නැද්ද..
--ඇයි මම ඉස්සෙල්ල කිවුව‍ෙ..
ඉස්සෙල්ලනෙ ඒ දැනුත් කියන්න ඉතින්..
--මොන වදයක්ද මේ...
අපෝ හරි හරි ඔන නෑ අපිටත් බලෙන් අහගන්න ඔන් නෑ හරිද ...ආ‍දරේ.. ආදරේ නෙවේ නපුරු කම නම් තියෙනව ඇග පුරාම... ආදරෙ කවි ලිවුවට මොකෝ...හුහ්.. ආ...
මේ මම අහන්න හිටියෙ.. හරි ජොලි ඇති නේද මෙයාට කවි වලට කෙල්ලො කොමෙන්ට් කරනකොට..
--මට..? ජොලි,? නෑනෙ.. කවදාකවත් දැනිල නෑ....
අනේ මේ.... ස්වීට් අයියෙ.. කූල් අයියෙ.. කුරුළු අයියෙ නියමායි.. කිය කිය කෙල්ලො දානකොට මෙයත් ඉතින් හෙන උඩ යනව ඇති... අහුවෙන්නෙපා හොදේ...
--අනේ මේ විකාර කියවන්නෙ නැතිව ඉන්නවද.....?
ආ... එතකොට මං විකාරයක් ...! ඒ කෙල්ලො හොදයි.... හුහ්.. ඕන එකක් කරගන්නවකො.. කෙල්ලො වට කරන් ඊට පස්සෙ නම කැත කරගන්නවකො.. මට කිය්නනෙ පා.. !
--අපො ්නෑ පිස්සුද ඔයාට කියන්නෙ නෑකෝමත්..
මේ එන්නෙපා හරදි බෙල්ල මිරිකනව මම..ගගගර්ර්ර්...
--දැන් එපා මම මේ කාර් එක අයින් කරල නවත්තන්නම් එතකොට මිරිකන්න ඕන තැනක්...
චිප් කුරුල්ල..... අයිය දන්න‍ෙ නෑ මේ නංගිගෙ හැටි පරිස්සමෙන් හොදේ...
--දැන් ඉතින් මගේන් අහගන්න තමයි හදන්නෙ ඈ... නවත්තවද නැද්ද !!

( නැවත ඈ මුනිවත රකින්නීය... එවර මුහුණ ‍බෙරි කරගෙනය.. කිසිදු හිනාවක් නැත... ආහ් නැත නැත.. ඇය මට නොපෙනෙන්නට එහා පැත්ට හැරී සිනා වෙනු පෙනේ.. මා කොතරම් තේරුම් බේරුම් කලත් ඇයි කිසිදා තේරුම් නොගන්නා එකම කරුණ නම් එයයි.. මම කිසිත් නොකියමි ඈ සැනසීමෙන් පලක් නැත.. ගැහැණුන්ගේ සැටිය.. හෙට සිට මා කවි නැවත්තුවහොත් ඈ මාගේ වෙනත් වරදක් සොයා ගනු ඇත... එය වරදක්මත් විය යුතු නැත... )

මේ ඒක නෙවේ අයියෙ... මට ඔයාගෙන් දෙයක් තියෙනව අහන්න - අහන්නද ???
@$$$%^&*()%$$@$^*&^%$@!ර්‍!@@$$%.........
--කුරුළු--