Friday, April 12, 2013
----සඳ කිඳුරට පෙර---
----සඳ කිඳුරට පෙර---
මා බොහෝවිට නිහඩව ජීවත් වන්නෙක්මි..
මහ හඬ නගා සිනාසේනනේද , මහ හඩින් හඩන්නේද නැත...
කිසිවක් කෙරෙහි වැඩි ඇල්මක් හෝ ද්වේෂයක් නූපදී..
දිනපතා පැය කිහිපයක් භාවනායෝගීද වෙමි..
එහෙත් මට ගැටලුවක් ඇත...
කිසිවකට ඇලුම් නොකරන මා නුඹට මෙතරම් ඇලුම් කිරීමය!
නුඹ හා එක්ව හුන් ඒ සොදුරු අතීතය මතක් කර මහ හඩින් සිනාසෙමි..
තවත් විටෙක ..
අතරමගදී අතහැරුණු නුඹ ගැන මතක අවදි කර බිළින්දෙකු මේන හඬන්නෙමි..
බොහෝ විට ඒ පිළිබඳ බිඳිනු සිතින් පසුවෙමි....
මා මුලදී සිතා සිටියේ මා සෝවාන ට ළඟ බවය..
එහෙත් ලෝකකෝත්තර සැප මා හට ඉතා දර බව දැන් දැන් දැනේ..
ලෞකික වූ නුඹගේ චිත්තයට මා බෝ සෙයින් ඇලුම් කරමි...
යසෝධරා.. මට සමාවන්න...
මා එකල සිදුහත් නොවෙමි.....
දැන් නුඹ ඇතැර මට යා නොහැක... ඒ මාගේ අදිටන අඩුවීම වත් වෙන යම් හේතු නිසාවත් නිසා නොව..
මා නුඹට ඇලී ඇති නිසාය...
එකල බුදුවරුන් ,
නොඇලෙන්න, අල්වා නොගන්න යැයි දේෂනා කොට ඇතත් ස්ත්‍රිය යනු ලෞකික සැප කෙරේ අප ඇද බැද තබා ගන්නා පූංඡයක් බවත් දේශනා ඇති බව උගන ඇත....
නමුත් මා කෙරේ උකටලී නොවන්න....
මේ මහත් ලෝවාසී වැස්සන්ට සසරින් එතෙර කර වීම සදහා සත්‍ය සොයා යෑමට කාලය නොවේ යැයි මට සිතේ....
මෙරමා ක්ෂාන්තිය උදෙසාම කැපවෙමියි සිතමි...
සමාවුව මැනව.... පියජුන්ටද දන්වන්න.....
ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම ලබන්නාවූ මතු භවයකදීම වේවා....
-- මම ! නුඹට එතරම් ප්‍රේම කරමි..-
ඒ භවයේදීත් මා සහායිකාව වී මා අසලම ඉපැදේවා...
---කුරුළු---
Thursday, April 11, 2013
---පෙර වදනක් නැති අපි පෙම් පුරාවතකට -මට කුමටද තව පසු වදනක් ! නුඹගෙන් !! --
---පෙර වදනක් නැති අපි පෙම් පුරාවතකට -මට
කුමටද තව පසු වදනක් ! නුඹගෙන් !! --
දැන් දැන් ඇයගෙන් ලැබෙන කෙටි පණිවිඩ බෝ
සෙයින් දිගු වේ..
ඒ හැම එකකම වාගේ ලියා ඇත්තෙ අප තුල වූ
අපට අහිමි වූ ආදරය ම දැයි මට වෙලාවකට
සිතේ.. එය අපි අහිමි කර ගත්තාද නොඑසේනම් අපට අහිමි කලාද යන්න මාද ! ඇයද ! තවම
නොදන්නා කරුණකි..
අප දැන හැදින මිතුරු වීමට , ආදරය කිරීමට පෙර මම මෙලෙස මාගල් මේන් දිගු -
කෙටි පණිවිඩ යැවූ හැටි හොදහැටි මතකය... ඒ ඇගේ ආදරය දිනා ගැනීමටය...
එය සාර්ථක විය..
එහෙත් දැන් !!!!
දැන් දැන් ඇය විසින් සිදු කරන්නේද එයම
බව ! හිතට තේරුම් කර දීමට පවා මම අපොහොසත් වීමි.. එසේ නොමැතිනම් එතරම් මා ඇය
වෙනුවෙන් කුරිරු වී හිඳිමි...
මා මින් පෙරත් දවසක නුඹටකීවා මතකඇති..
දෙදෙනෙක් එකට හිද බංකුවකින් නැගිට
දෙපසට යන්න යන්න දෙදෙනා පියවරෙන් පියවර ඈත් වන වා මිසක් ලංවීමක් නැත...
දැන් අප අපව නොපෙනෙන තරම් දුර ගොස්
ඇතිතැයි විටෙක මට හැගේ... තවම අප අතර ඇත්තේ මේ කෙටි පණිවුඩ පමණි.. එද නැවැත්වීම
සඳහා මාගේ සිම් පත අලුත් කර ගැනීමට සිතමි...
මින් පෙර මටත් වඩා මා පෙම් කල නුඹට මා
මෙතරම් වෙනස් කම් කරන්නේ කෙසේදැයි ? මට
වත් පිළිතුරු නැත...
බාගදා මාගේ කවි කම ඊට පිලිතරු සපයනු
ඇත... කොහෝ හො ඉද මා දෙස බලා ඉන්නා බව මම දනිමි... ඒ බලාපොරෝත්තුව ඇතිව මමද
ජීවිතයට මුහුණ දෙමි...
අපට අපි හිටි නැතත්.. ඒ අහිමි වීම තුලම
හිමි වීම ඇතැයි දැන් දැන් සිතේ...එබැවින් අප වෙන් කළ සියල්ලන්ටම තුති...
--කුරුළු--
Friday, November 23, 2012
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න - මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
මිහිරි මතකයන් තුල අමිහිරිව ජීවත් වීම කොයි තරම් මිහිරිදැයි දැනෙන්නේ - අදටත් මට ඉඳ හිට හෝ නුඹව සිහිවන,පෙනෙන විටකටය...
අවුරුදු 28ක තරම් දැනුම් තේරුම් ඇති වයසක පසුවූවත් - නුඹ දකින මා අයත් වන්නේ පෙරමෙන්ම පාසල් අවධියට යැයි මට ම සිතෙන්නේ මටම අවනත නැතිව හැටේ වේගෙන් දුවපු හිත - එකසිය ගාණට ගැස්සීම නිසාවෙනි..
බොළඳව ගැහෙන සිත කෙරෙහි අනුකම්පිත ලජ්ජාවකින් පසුවෙමි..
මම තවම නුඹේ ඒ නැවතුමක් නැති සිනහවට ප්‍රේම කරම
ි..
දෙකොපුල නැගෙන රැලි වලට ආසා කරමි.. නළලට නිතරම වැටෙන බොරුවට හෝ කරදරයක් බව පෙන්වමින් නැවත නැවත සකසන සිහින් කෙස් රොදට ප්‍රිය කරමි....
ඔබ කියූ දෑ බෝය.. මට මතක ඇති දෑ අල්පය... ඒ මා එවකට නුඹ දෙස බලා සිටියා මිස ඇහුම් කම් නොදුන් නිසාවෙනි...
දැන් ! නුඹ මට අයිති නැත.. එය සත්‍යකි..
එහෙත් මා , තුල තවම නුඹ සිටින බවට මා සිත ඉඟි කරයි..
නුඹ ! නුඹේ අව්‍යාජ සිනහව මා සිත මෙතරම් සොළවා තබාවී යැයි මා මේ වන තුරු නොදැන සිටියෙමි..
සැබැවින්ම මට අහිමිව ඇත්තේ නුඹව නොව - මා වය...
එබැවින් මෙය - නුඹ ඇස ගැටුනු දිනක කියවාවි යැයි සිතැතිව මෙසේ ලියා තබමි..
---“ මම නුඹට ( තවමත්) ආදරය කරමි “ ---
---මෙයට,
( ආදරයේ කෝඩුකාරයා - කුරුළු )
දෙකොපුල නැගෙන රැලි වලට ආසා කරමි.. නළලට නිතරම වැටෙන බොරුවට හෝ කරදරයක් බව පෙන්වමින් නැවත නැවත සකසන සිහින් කෙස් රොදට ප්‍රිය කරමි....
ඔබ කියූ දෑ බෝය.. මට මතක ඇති දෑ අල්පය... ඒ මා එවකට නුඹ දෙස බලා සිටියා මිස ඇහුම් කම් නොදුන් නිසාවෙනි...
දැන් ! නුඹ මට අයිති නැත.. එය සත්‍යකි..
එහෙත් මා , තුල තවම නුඹ සිටින බවට මා සිත ඉඟි කරයි..
නුඹ ! නුඹේ අව්‍යාජ සිනහව මා සිත මෙතරම් සොළවා තබාවී යැයි මා මේ වන තුරු නොදැන සිටියෙමි..
සැබැවින්ම මට අහිමිව ඇත්තේ නුඹව නොව - මා වය...
එබැවින් මෙය - නුඹ ඇස ගැටුනු දිනක කියවාවි යැයි සිතැතිව මෙසේ ලියා තබමි..
---“ මම නුඹට ( තවමත්) ආදරය කරමි “ ---
---මෙයට,
( ආදරයේ කෝඩුකාරයා - කුරුළු )
Tuesday, November 13, 2012
ආයෙමත් ආදරෙන්....
අපිට සමහර වෙලාවට (පොඩි කාලෙ ) අම්ම
තාත්ත එක්ක තරහ යනව..
අම්මගෙන් තාත්ගෙන් ළමයින්ට අඩුපාඩු කම් වෙනව ඇති..
වැරදීම්
වෙනව ඇති.... ඒ හැටි...
මට පුංචි කාලෙ මගෙ අම්ම “හැලිබොරේන්ජ් “
වතුර දාල හදන්නෙ නැතිව
නිකම්ම පොවල මම
ඉස්පිරිතාලෙ ඉදල තියෙනව..
අප්පච්චිට මාව බලාගන්න කියල අම්ම උයන්න
ගියාම
මම පුටුවෙ ඇන්දක් ඇතුලෙන් ඔලුව දාගෙන හිර කරල වටේම මිනිස්සු ඇවිල්ල
බේරගත්තෙ...
දවසක් සත 5ක් උගුරෙ හිරවෙලා... උලුවෙන් හිටවල තමා ඒක ගත්තෙ....
ඒ අපිට නොතේරෙන දවස් වල... අපිට තේරෙන
කාලවල් වලදිත් අම්ම තාත්ත එක්ක කේන්ති යනව.. ඉස්කෝල යන කාලෙ එහෙම...
යාලුවො එක්ක කොහේ හරි යන්න දෙන්නෙ නැති
වුණාම ?
අම්මට තේරෙන්නෙ නෑ.. අප්පච්චි දන්නෙ
නෑ.. මම අනන්තවත් කියල ඇති...
ඒත් මොනව කරන්නද ?
ඒයාල අම්ම - තාත්ත වුණේ මම ඉපැදුණ
දවසෙ..
අපි ෆෝන් එකක්, ටීවි එකක්,
රේඩියෝ, එකක් මොනම හරි බඩුවක් ගන්නකොට පාවිච්චි
කරන හැටි, හෝදන හැටි, අදාල සියලු විස්තර තියෙන පොතක්
ලැබෙනව....!!
ඒත් මම ඉපදුණ දවසෙ මගේ අම්මටයි
තාත්තටයි එහෙම මම ගැන ලියපු පොතක් දුන්නෙ නෑනෙ... එයාල අම්ම - තාත්ත වෙන්න ඉගෙන
ගත්තෙ මගෙන්. මට කැමති කෑම,
හොඳනැති කෑම, හැදෙන ලෙඩ හැම එකක්ම වගේ දැන ගත්තෙ ඒ දේවල් වුණාට පස්සෙ.....
ඒ නිසා කමක් නෑ.... ආයෙ මම මුකුත්
කියන්නෙ නෑ...
මොකද මටත් මගේ ළමය එක්ක ‘කැටලොග්“ එකක් ලැබෙන එකක් නෑ..
එදාට මට දුක හිතෙයි....
---කුරුළු--
Thursday, July 19, 2012
කුරුළු - තරහට හරි තුරුළු කර ගන්න...
අපි උපදින්නෙ ඇත්තටම, දෝමනස්සය නැමති තොටිල්ලෙ
ඊට පස්සෙ සමාජෙට ගියාම අවාසනාව කියන උකුලට වැටෙනව
ටික කාලකෙට පස්සෙ පීඩාව කියන නිවසෙ පදිංචියට යනව
කඳුලු - දුක එකතු කරන්න පටන්ගන්නව -
ඒකට කියනව විවාහ වෙනව කියල
බටහිර දාර්ශනිකයො සාම්ප්‍රදායික විවාහ නිර්වචනය කරන්න
මේවගේ උපමා යොදා ගත්ත
අපි හැම විටම කියන්නෙ පිරිමිය මහා පුරුෂයෙක් කියල
ඒකයි අපි රැකියාවක් නොකරන කාන්තාවක්
ගෙදර හිටියම කියන්නෙ
මොකක්ද ඇගේ රැකියාව ඇහුවාම
ඇය ගෙදර නිකං ඉන්වයි කියල
බිරින්දෑ වරු කරන්නෙ මහා පුරුෂයන්ට බිරිදක් වෙන එක
මා ඔබට යෝජනා කලොත් මහා පුරුෂයෙකුට බිරිදක් වෙනව වෙනුවට
පිරිමින්ට පුළුවන් නම් - මහා බිරිඳකට පුරුෂයෙක් වෙන්න
මොකද
මේ බොහෝ ආදර ගීත වල කතා කරන්නෙ ප්‍රේමය, ආදරය, මාතෘත්ත්වය
මනමාලියක් ගැන, ජීවිතය ගැන
මේ තරම් ආදරයේන් ආමන්ත්‍රණය කරන ප්‍රේමය
මොන තරම් ස්නේහයෙන් රැක බලා ගන්න ඕනද ?
***************************************************
මෙච්චර දවස් කියෙවුව සංකල්පනා ටිකක් පරණයි සමහරු ඒව කලින් කියවල ඇති... හොදයි එහෙනම් ලබන පාර ඉඳන් අලුතෙන් සංකල්පනා ලියනව.. වෙනස් විදියකට....
ඇත්තමයි ආයෙ ලියනව....
-කුරුළු-
Subscribe to:
Posts (Atom)




