Sunday, July 15, 2012

හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට - මං එහෙම කිවුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට......





ඒ දවස් වල මට ඒලාම් ඔරලෝසුවක්
 ඕන වුණේ නෑ...........

ඔයා හිටියනේ
මගේ ඒලාම් ඔරලෝසුවට

මම කොහේ හරි ගිහින් ටිකක් ? වුණොත්...... ගාණට වෙලාව මතක් කරල දෙනව
මම 9 ට එනව කියල ගියොත් හරියට 9ට කොල් කරනව.....
පාන්දරට කොහෙ හරි යන්න තියෙනව කිවුවොත් හරියට වෙලාවට ඇහරවනව.....

මතක් වෙන කොට නම් හිනා යනව....

මමත් හරියට අර අසිත තවුස වගේ වෙලා.....

හිනා වෙනවයි ඒ එක්කම අඬනවයි ඉවරයක් නෑ...

මෙච්චර වෙලා කණ්නාඩිය ඉස්සරහට වෙලා
ඔයාව මත්ක කරපු මම ආපහු හැරුණෙ ඔයාව ඒ මතකය ටිකක් හරි අඩුකරන්න හිතාගෙන....

ඒත් ..................
ටී ෂර්ට් එක ගලවනකොට ආයෙත් මට ඔයාව මතක් වුණා....
ඒ මගේම අත දැකල....
ඔයාට මතකද නංගි ඒක....
ඔයාගෙ නම ටැටූ කරපු මගේ දකුණු අත ?

හ්ම්..................................
ඒකත් ලොකු කතාවක් නේද ?

මම ටැටූ එකක් කරගන්නද කියල ඔයා ගෙන් කොච්චර බල කර කර ඇහුවද ?
කීපාරක් ද?

ඔයා කිවුවෙ රස්තියාදු කාරයොත් එක්ක ඉන්න බෑ කියල ?

හිතන්න අයිය කවද හරි අපිට ලමයි ඉන්නකොට ළමයිත් ඕවට පුරුදු වෙයි රස්තියාදුකාරයො වගේ මම ආස නෑ......

එහෙම කියපු ඔයා දවසක්
අයිය දැක්කද අමල්ගෙ අතේ තියෙන ටැටූ එක
ලස්සනයි නේද ?

මට ආව කේන්තියට..........

අනික් උන් කරන කොට ලස්සනයි මම තමයි රස්තියාදු කරය වැද්ද ඔක්කොම.....
එන්න එපා මට කියන්න අරක කරන්න මේක කරන්න කියන්න මම කියනව ද?
ඔයාට අයිෂ් වගේ කොණ්ඩෙ වවන්න, ප‍්‍රීති සින්ටා වගේ හිනා වනේඩ, කිය කිය....
මම බැනගෙන බැනගෙන ගියා......

අහසෙ දිලිසෙන පුංචි නිල් එලි
අතරමැද  තාරුකා දහසින්
එකක් හෝ දෙක තුනක් තවමත්
ආදරේ යැයි කියයි රහසින්
සත්තකයි මම මැරෙයි, නුඹගෙන්
වැදී, නික්මෙණ කිරණ පහසින්
දිනක එන්නට, හැකිද පොලවට
මිදී රැඳවී ඉන්න අහසින්

------------කුරුළු-----------------------

Sunday, July 8, 2012

මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න....







අපි හුඟක් දෙනෙක් ටයිටැනික් බලල තියෙනව...

ඒකෙ jack සහ Rose ඉස්සෙල්ලාම මුණ ගැහෙණ තැන මතකද ඔයාලට....

අමතක නම් ආයෙ බලන්න...මතකනම් කල්පනා කරන්න.... පිස්සු හැදෙයි...

'තමන් අකමැති පිරිමියෙක් එක්ක විවාහ වෙන්න කරන බල කිරීමට විරුද්ධ වෙන Rose ඒ මහා නැවෙන් මහ මුහුදට පනින්න හදනවා..

ඒ වේලේ කොහේ දෝ ඉඳන් ආපු දුප්පත් තරුණයෙක් Rose ට කිට්ටු වෙනව, පස්සෙ ඒ දෙන්න අතරෙ සංවාදයක් ගොඩ නැගෙනව...

ජීවිතේ මීට කලින් කිසි දිනක මුණ නොගැසුණු දෙන්නෙක් ඒ වෙලේ මුණ ගැසෙනව...

jack තමන්ට පුළුවන් තරම් දේවල් කියනව Rose ව ඇතුලට ගන්න... ඒත් Rose පනින්න අන්තිම අඩියත් තියනව...

අන්න එතනදි තමයි මම කියන හදවතේ පිපිරීම සිද්ද වෙන්නෙ,
ඔයාලට මතක නම් ඒ වෙලේ jack ගෙ දෙබස..

" ok , when you jump, then i jump."


Rose නතර වෙනව... ඒ නතර වෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි..

ජීවිතේ කිසිදාක කලින් කොදැක්ක , මුණනොගැසුණු කෙනෙක්, තත්පර කිහිපයක් හඳුනාගත්තු කෙනෙක් ?

තමන් වෙනුවෙන් මුහුදට පනින්න සූදානම් වෙලා,

ඔයා පැන්නොත් මාත් පනිනවා’..
මොකක්ද දෙන්නගේ ඒ වෙලේ වෙනකොට තියෙන හැඳුනුම් කම.......?

ආදරේ මහ පුදුම දෙයක්.... අන්තිමට ඒ දෙන්නා
අසීමිතව ආදරේ කරනව....

විතරක් නෙවෙයි චිත‍්‍රපටියෙ අන්තිමට අසීමිතව ආදරේ කරන 
දුප්පත් කොල්ලෙක් ආදරේ වෙනුවෙන් මිය යනව... 
ඒවගේම දුප්පතෙකට ආදරේ කරන පෝසත් කෙල්ලෙක් තමන්ගෙ ඉතිරි මුළු ජීවිත කාලෙම ගෙවනව තමන්ගෙ ආදරවත්තයා සිහිකරමින්....

"ආදරේදි කවදාකවත් සල්ලි ඉස්සර කර ගන්නත් එපා
කවදාකවත් සල්ලි පස්සෙ යන්නත් එපා"

ඒත් ඇත්තටම ඒ දෙන්න ආදරේ කළේ කොච්චර කාලයක් ද?...

ඕව වෙන්නෙ ෆිල්ම් වල විතරක් නෙමෙයි....

ඔයාට මම කියන දේ තේරෙනව ඇති....

නුඹට ලියන කවි පද මගෙ පෙනෙනවද?
Like නොදා එක එක නුඹ බලනවද?
තාම මගේ කවි වල රහ දැනෙනවාද?
තරහ නොවී මට request කරනවද?


--------------කුරුළු-----------------------

Wednesday, July 4, 2012

ඒ දුක නිමක් නැති..එනමුදු කමක් නැති - යලි හිත හදා ගමී - සදහට පතා එමී- හඹා එමී.. සදා ඔබව පතමී....




නංගි

ඔයා තරුවක්ද?

හ්ම්.................................

ඔව් ඔයා තරුවක්.....මට ගොඩාක් ඈතින්.....
ගොඩක් දෙනෙක් ආස කරන කාටවත්ම
 ලංවෙන් බැරි තරුවක්...
තරුවල හැටි එහෙමයි කියල අපේ අප්පච්චි මට කිවුව......
තරු වලට ගොඩ දෙනෙක් ආස කලාට කාටවත් ලැබෙන්නෙ නැතිලූ...
 
ඔයත් එහෙමද නංගි.....

මතකදඉස්සර අපි ගෝල්ෆේස් එකේ ඉන් ගෙදර එනකොට
ඔයා තරු දිහා බලාගෙන මගේ අතිකින් අල්ලගෙන දිගටම දිගටම එන හැටි....

අයියෙ අයියෙ දක්කද අර අර...

කෝ කෝ.. මොකක්ද... පිස්සුද ළමයො කෑ ගහන්නෙ මෙතන මිනිස්සු බලයි පිස්සුදකියල
?

අර අර .... අර ඈත තියෙන තරුව කවුද දන්නවද
?
 
නෑ

ඒ මම නේ.. බලන්නඒකෙ ලස්සන....

අර ඊට එහා පැත්තෙන් ඉන්නෙ කවුද දන්නවද
?

ඔයාලගෙ බොස් වෙන්න ඇති,
මිනිහගෙ මේසෙ ළඟමනෙ ඔයාගෙ මේසේත්...


අනේ මේ යන්න....

ඒ තමා ඔයා......


බලන්න ඒ තරුදෙක ලගින් තියෙන ලස්සන
හැමදාමත් ඔයත් ඒ වගේ මගේ ලගින් ඉන්න
ඕන හොෙ`ද්.....
හා......


මේ එක නෙමේ අයිය ඒ තරු රණ්ඩු වෙන්නෙ නැතිද දන්නෑ නේද
?
නැතුව ඇති නංගි, මොකද ඔයාට වගේ කටක් නෑනේ... අනේ ඒ තරුව නම් බේරිල ඇති
අනේ මේ.. ඔන්න මං රණ්ඩු වෙනවා......

.............................................
, ඒ දවස්වල ඒත් දැං...
ඒව මත්ක වෙනකොටත් නිකං පිස්සු වගේ,
වගේ නෙමෙයි පිස්සුම තමා....

යූත් එකේ ඉඳන් ගෙදර එනකොට පුරුද්දට වගේ
ගෝල් ෆේස් එකට ගියා... එතැනින් එනකොට
නිකමට වගේ අහස දිහා බැලූනම

ඔයා හිටිය.. ඔයා ගෙ තරුව........
අනිත් තරුවත් ඒ ලඟින්ම එදා වගේමයි...
ඒත් අපි..........

මම ඔයාගෙ තරුව දිහා බලාගෙනම පයින්ම
පිට කොටුව පැත්තට ආව...
.ඒ තරුවත් මම යන යන
තැනට ආව පස්සෙන්ම.....
හරියට මගේ ලගින්ම....
මම කොහේ ඉ
`දන් බැලූවත් ඒ තරුව ඒ තැනට මාත් එක්ක ඇවිත් තිබුණ.......
අන්තිමට මම බස්එකට නැගල ජනේලෙන්
බැලූව.....
මම දන්නව
මම ගෙදර ගිහින් බැලූවත් මේ තරුව මගේ පස්සෙන්ම එයි.....
ඒක තියෙන්නෙ මගේ හිතේ විතරයි....
ඔයත් එහෙමද?
මගේ හිතේ විතරද?

අර තරු දෙක ලඟින් තියෙන විදිහට අපිත් ඉමුයි කියන කථාව
තේරුණේ මට දැනුයි නංගි...

ඒ තරු ලගින් තියෙන විදියහට
අපිට පේනව විතරයි
ඇත්තටම ඒ තරු දෙක තියෙන්නෙ ගොඩාක් දුරින්....
අපිට හිතා ගන්න බැරි තරම් දුරින්..එත් අපිට පේන්නෙ ලගින් වගේ.


දැන්නම් ඒ තරුත් හරියටම අපි වගේමයි.........
නංගි...

අපේ ජීවිත ඔක්කොම
" බොනිකරම තරුවක් " නංගි


සොදුරු හිත කොයිතරම්
ආදරෙන් පිරෙනවද?
ආදරෙන් පිරෙන හිත
මගෙයි එය, පෙනෙනවද?
සොඳුර තව නුඹට, මම
ආදරෙයි දැනෙනවද ?
" ආදරෙයි කුරුලු, මම"
එක වරක් කියනවද?
-------කුරුළු-----


Monday, July 2, 2012

මැනිකෙ මම අයෙ ගෙදර එනවා - මට හරි කේන්ති යනවා...




පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?
දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහුවෙ 
අහම්බෙන් වගේ.....
ඔව් මාත් උත්තර දුන්න....
ඇත්තද ඒක ? පළමු දැකීමෙන්ම ආදරයක් ඇති වෙනවද ?

එකට ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියන්න පුළුවන්....
ඒ කිව්වෙ,එක්කෙනෙක් කියයි...,

නෑ කුරුළු එහෙම වෙන්නෙ නෑ .. 
එහෙම වුණත් ඒක හරි ආදරයක් වෙන්න බෑ...

ඇයි ?’

ඒ කෙල්ලව හරි කොල්ලව හරි දැක්ක ගමන් කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...
එයා කොහොම කෙනෙක්ද? එයා දැනටමත් යාළු වෙලාද ? එයා අපිට ගැලපෙනවද?
එයා මට කැමති වෙයිද?

ඔන්න ඔහොම ගත්තම තව ගොඩාක් ප‍්‍රශ්න තියෙනව කුරුළු,
තව කෙනෙක් කියනව,

"වෙනව කුරුළු... දැක්ක ගමන් ආදරයක් ඇති වෙනව..
ඒක නෑයි කියනවනම් බොරු? ඕනම ආදරේකට වටින්නෙ පළමු දැකීම...
එතෙන්දි කෙල්ල හරි කොල්ල හරි දකින විදිහට තමයි පස්සෙ ආදරේ ඇති වෙන්නෙ....
අනික බං ඔය හතර කේන්දරේ බල බල ලව් කරන්න බෑ බං "

කියල බලපං... පස්සෙනුත් පලයන්...
ට‍්‍රයි පාරක් දාපංකෝ.... පස්සෙ බැරියෑ අනික්වා බලන්න...

ඇත්තටම හරි මොකක්ද?

ඇයි මෙහෙම වෙන්න බැරිද?

පළමු දැකීම වැදගත් ම ද?

දකින්නෙ නැතිව දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද ?

පුළුවනි.. පිටරට දි පෑනේ මිතුරො පෑනේ මිතුරියො විවාහ ගිවිස ගන්නව...
රූපෙ කවදාකවත් දැකල නැති කෙනෙක්ට ආදරේ 
කරන එක / ජීවිතේ කවදාකවත්ම දැකල නැති කෙනෙක් එක්ක 
විවාහ ගිවිස ගන්න එක හරි පුදුමයි... 
ඒත් ඒ දේවල් මේ අපි ඉන්න ලෝකෙම සිද්ධ වෙන දේවල්....

ඔයාල හිතයි නෑ බොරු කියල..
ඒත් දන්නෝ දනිති...

අදහස් වලින් ගැලපෙන නිසයි එහෙම වෙන්නෙ... (මං හිතන්නෙ)

ඉතින් ඉස්සෙලම දැක්ක ගමන් ආදරේ හිතෙන එකත් ,  
ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන් එකත් විහිළුවක් ද ?

ආදරේ, දිග - පළල - ඝනකම මන්නන ඕන නෑ ආදරේ අදුන ගන්න ඒ ඇති...

අපි දන්න ඇත්තක් තියෙනව... පළමු දැක්මෙන් ආදරේ ඇති වෙනව වුණත්,

හිතන්න, කීයෙන් කී දෙනෙක් ගැනද අපිට එහෙම හිතෙන්නෙ කියල,
මගතොටේදී, පන්තියෙදි, ඔෆිස් එකේදී, පන්සලේදී, පල්ලියේදි, බස් හෝල්ට් එකේදී
කී දෙනෙක් නම් අපිට දවසකට හම්බු වෙනවද?

එතැනින් ආදර් කියාගෙන, ආදරේ කරගෙන අපේ පස්සෙන් එන්නෙ කීයෙන් කී දෙනාද ?
ඇයි හිතන්නෙ නැත්තෙ.....

ඒ එන කෙනාටත් අපි බනින්නෙ ඇයි, අඩුතරමෙ හිනා නොවෙන්නෙ ඇයි,
මොනව කරන්නද?  

නංගි,

ආදරේ කියන්නෙ ලෙඩක් නෙමයි...,
හැගීමක්
සිපගන්න බයයි හිත
වේගයෙන් ගැහෙනවා
ආදරෙන් පතන දේ අපි
අහිමි වීම ම විඳිනවා..

නොපෙනනා දුරක හිඳ
විඳ ගන්න හිතනවා
නොකියාම නුඹ ඇවිත්
මගෙ හිතට එබෙනවා

රිදෙන විට හැ‍ඩෙන බව
නුඹ හොඳට දන්නවා
අපි අපේ නොවන බව
මුළු ලොවම  දන්නවා
-කුරුළු-