.
මාමා යැයි මා ඔහු ඇමතූවද මට ඔහුව දකින
සෑම විටම පෙනෙන්නේ මගේ සීයාවමය.
රස්සාව කලේ පන්සලේය. ඒද පන්සලේ තේවාවව
සඳහා බෙර වැයීමය.
කට වචනෙට රස්සාව යැයි කියූවත් ඔහුට එය
රස්සාවක් නොවීය. පරම්පරා උරුමයකි. පවුලේම ළමයින් 7කි.
බාලයාගේ ඔලුව හොද නැත. ඔලුව හොද නැති
යැයි කිය්නනෙ මන්ද බුද්ධික නොව නැන්දා පවසන ආකාරයට නම් මාමාට සතුරු වෙනත් නෑදැ
පාර්ශවයක් විසින් කරන ලද ගුරුකමක් ගෙවී ඇත්තේ බාලයාගේ කර උඩිනි.
ඔහේ වාඩි ගත් අත බලා ඉඳී... තනිව සිනා
සෙයි... තම්බා උයා දෙන එලවලු වර්ග නැවත උනු වතුරෙන් සොදා ආහාරයට ගනියි. රැවුල් ගස්
අදිමින් ගලවා දමයි.. වතුර නාගන්නෙද සතියකට වතාවකි. ඒද නැන්දා උනුවතුර රත් කර දිය
යුතුය.
මේ සියල්ල කරදරයක් වුවත් මාමාද ඉවසාගෙන
සිටියි ඒ පවුලේ අනික් දරුවන් 6 දෙනාම විවාහ වු පසු වෙන වෙන ජීවත් වන නිසාත් තමන්ගේ
උරුමය වන බෙර වැයිම යාන්තං හෝ ඉගෙන ගත්තා කම් ඒ මේ බාලයා වීමත් නිසාවෙනි.
පන්සලෙන් ලැබෙන අඳ කොටහකින් ජීවත්
වෙයි. හාල් පොල් කලමනා සමගම මුදල්ද පන්සලේ හාමුදුරුවන්ගෙන් නිවසටම සැපයෙන්නෙ දැනට
මාස හයක පමණ සිටය.
ඒ මාමා අසනිප වුනායින් පසුවය.
ලෙඩේ විෂබීජයකි. රැ පිංකමකට බෙර වාදනය
කර නිවස බලා එන ගමනේදි කකුල තුවාල වී ඇත.. පස්සෙන් පහු එතැනින් විෂබීජයක් ශරීරගත
වී ඇති බව දොස්තර මතයයි. කකුල බිම තැබීමටවත් අමාරු ලෙස ඉදිමී ඇත.
කොළඹින් පැමිනි ලොකු පුතාත් දුවත් ඉංග්‍රීසි
බෙහෙත් සඳහා දොස්තරලා කැදවාගෙන ආවත් මාමාගේ මතය වන්නේ ගමේ වෙද සීයාගෙන් මොනවා හරි
ඉල්ලාගෙන බෙහෙත් කීරිමය.
ළමයි ඒ අසන්නේ නැත. එකතු වු ළමයින් හය
දෙනාගේ අවසන් තීරණය වූයේ මේ ඉඩම් විකුනා දමා ඔවුනට යෑමට ඒමට පහසු පළාතකින් සහ මේ
දැන් තියෙන කටු මැටි නිවස වෙනුවට ටයිල් ඇල්ලු නිවසක් තනා දීමයි. අක්කර ගානක්
තිබුනත් දැන් මාමාටවත් නැන්දාටවත් ඒ නඩත්තුව බැරිය ඒ නිසා පර්චස් පහක් හෝ පාරක්
අයිනෙන් අරන් දැමිම ඔවුන්ගේ අදහස විය.
“ මේවා පන්සලේ ඉඩම්. අපිට වස් වදිවි මේ වා
විකුනුවොත් මම කියන දේ තේරුම් ගනිල්ලා “ මාමා ලෙඩ විකාරෙන් හිටියත් ඒ ටික
දොඩවන්නට විය.
සහෝදරයන්ගේ කැමැත්තට පිටින් ගිය එකම
කෙනා දෙවැනි පුතා පමණකි. ඒ බාලයාගේ මන්දබදුධික තත්වය නිසා තමා බාලයා තනතුරට ඉබේ
පත් විමෙන් මේ ඉඩ කඩම් රැක ගැනිම තමාගේ වගකිමක් ලෙස ඔහු සිතු නිසාවෙනි.
කල් ගත වත්ම දරුවන්ගේ බලවත් පෙරැත්තයත්
දැන් තම්ට ඉස්සර වගේ බැරි බවත් තමාගේ ජීවිතය අවසන් බවත් මාමාට දැනුන නිසාදෝ ඔහුත
දරුවන්ගේ තිරණයට කැමත්ත පල කලේය.
ඒ අනුව මාමාගේ ඉඩම වෙන්දේසි විය.
ඔප්පු පැවරුමට අත්සන් ලබාගෙන පිරිස
පිටත්ව ගිය පසු මාමා නැන්දා ඇමතිය..
+ සීතා .. සිතා මාව පොඩ්ඩක් අල්ලගෙන
ඇවිද්දවනවද ?
- හා අපේ මහත්තය
මාමා නැන්දාගේ වාරුවෙන් තමන්ට යා හැකි
ප්‍රමාණයක් වත්ත වටේ ගොස් කටු මැටි බිත්තියට වාරු වී ඉඳ ගත්තේය..
+ මේ බිත්ති බැන්දෙ අපි දෙන්න සිතා .
මතකද ! ලොකු දරුවා කිහිල්ලෙ ගහගෙන මැටි අනපු හැටි. මේ අපි ඉන්න තැන තමා අපේ ලොකු
දරුවා ඉස්සෙල්ලාම ඇවිද්දෙ. හ්ම් දැන් කොච්චර කල්ද සීතා දරුවො 7ක් . අපි දැන් ජීවතේ
ගොඩක් ගෙවුව බං. දැන් උන්ගෙ කාලෙ...
වැටෙන්නට ආ කඳුළු වත්තං කරගන්නට නැන්දා
අහක බලාගති.
මාමා බිත්තියට වාරු දෙමින් නැගිට.. පෙර
ලොකු පුතා ඇවිද්දා යැයි කියු තැන තදින් පාගන්නට විය... නැවත තම හඬ අවදි කලේය..
+ සීතා දැන් මේ ඉඩම් අපිට අයිති නැ
සීතා... දරුවො කියන තැනකට යන්න ලෑස්ති වෙමු.
මාව එක්කං යන්න ඇතුලට..
----------------------------------------------
දෙදිනකට පසු නින්දෙන් අවදි වී මහ රෑ
මාමා , නැන්දාට අමතන්ට විය.
+ සීතා.. නිදිද ?
- නැ අපේ මහත්තයා..
+ ලාම්පුව පත්තු කරල මට කහට එක්ක හදල
දෙනවද සීතා
- හොදයි අපෙ මහත්තයා
නැන්දා , මාමා වැඩි පුරම ප්‍රිය කරන විදියට සීනි
වැඩියෙන් දමා කහට තේ සෑදුවේය..
+ සීතා මගේ මේ කොට්ටෙ යට තියෙනව ෆයිල්
ටිකක්. ඒ මේ ඉඩම් වල ලියවිලි. මම මුකුත් ඉතුරු කලේ නැ සීතා උඹලට. මට තිබුනෙ පන්සලේ
බෙර ගහල ලැබෙන පින් විතරයි..
- ඒ පිනම ඇති අපේ මහත්තය. දැන්
නිදියන්න..
+ සීතා.. හෙටින් පස්සෙ උඹයි පොඩි
දරුවටයි ඉන්න තැනක් හොයා ගන්න වෙනව.. මට හිතනේනෙ ලොකු දරුවො ඒක ලෑස්ති කරල දෙයි.
එහෙ දෙන්න එක්ක සතුටින් ඉන්න.
- එතකොට අපෙ මහත්තය !
+ මම දෙවැනි දරුවගෙ ගෙදර යනව
සිතා.දෙවැනි දරුවා මාව එක්කන් යයි. උඹල පරිස්සමින් ඉඳපල්ල.
-----------------------------------------------
එදායින් පසු මාමා නැගිට්ටේම නැත. කකුලේ
විසබීජය උඩු දුවා මොළයට හානි කර තිබුනි. ඉස්පිරිතාලයට ඇතුල් කලත් ප්‍රතිඵලයක් නැත.
මාමා අවසන් ගමන් ගියේය.
දෙවැනි පුතා පැමින රොහල දෙවනත් කරන්නට
විය.
ඒ ලොකු සහෝදරයින් විසින් අලුතෙන් මිලදී
ගත් නිවසට තම පියාගේ කඳ රැගෙන යාමට තැත් කල අවස්තාවේදිය.
- “ නැ තාත්ත ඉන්නෝන මගේ ගෙදර අන්තිමට. උමල
එකෙක් වත් එන්නෙපා අකමැතිනම් මම තාත්තව ගෙනියව. මට මහලොකු ගෙයක් නැති වෙන්න
පුලුවන් ගේ කපරාරු නැති වෙන්න පුලුවන් ටයිල් නැති වෙන්න පුලුවන් උඹලට ලජ්ජනම්
එන්නෙපා.. තාත්ත මගේ ලග හිටිය දෙන්.. “
එසේ පැවසු දෙවැනියා මාමාගේ කඳ එම්බාම්
කිරීමට රථයට පැටපු ගමන් එහි ඇතුලතින් ඉඳ ග්තතේය.. ඔහු එයින් බැස්සේ තම නිවසට කඳ
ගෙන ආ පසුය...
-----------------------------------------------
නොසිතු ලෙස පිරිසක් සහභාගී වුහ. පන්සලේ
බෙර හඩ හුරු සැවොම මාමා බලා යෑමට පැමිනයහ..
බොහොම චාම් මලගෙයක් විය.
පන්සලේ හාමුරුදුරුවෝ බණට වැඩ පින්
අනුමෝදනාවක යෙදුනි.
සවස හතර හමාරට පමණ අවමගුල් නිවසින් පෙර
හැර පිටත් විය.
කන්ත්ත තිබුනේ කදුගැටය මුදුනේය. සුදු
වතින් සැරසුනු පිරිස පේලියට කන්ද නගිනු පහල සිටි මට කලු පැහැයට පමණක් පෙනුනේ ඉරත්
මලගම් යන්නේ ඒ කන්දේම එහා පැත්තෙන් නිසාවෙනි.. ගොප් කොල සෙල වුනත් මලගමට පැමිනි
කිසියෙන් සෙලවුනේ නැත.. සෙමින් පියවර තබමින්ම ඉදරියට ඇදෙන්නට විය. කාට නැතත්
පෙරහැරේ මුල මට වෙනසක් දැනුනි.
ඒ...
හේවිසි.. නාදයක් දැන් ගමේ නැත ..... !
=======================
පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයු මාමණ්ඩියේ
තක දොමිට සුරල් පද කෝ නුඹේ - නුඹ එක්ක
නිදිද මාමණඩියේ....
.
ගොක් රැහැන් වේළුනු මං තලේ
නුඹ ඉන්නවා වාගේ පෙනේ
පැන් වඩන මල දොළ ගොම්මනේ
හේවිසි නැතිව වැලපෙනු ඇසේ.....
.
තුන් යම් දොරේ වෙහෙසුනු නුඹේ
මළගම් නොආ කවුරුද ගමේ
හේවිසිය විතරක් නොවැයුවේ
ඇයි නුඹ නමින් මාමණ්ඩියේ....
============== ගුණදාස කපුගේ
---- කුරුළු---
song -
https://www.youtube.com/watch?v=HpcscFc0vrE
song -
https://www.youtube.com/watch?v=HpcscFc0vrE