Sunday, April 28, 2013
මාලිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැන්දා -- වාසනාවන් ඒ සැඳෑවට මම ඇවිත් යනවා
අයිය මේ අහන්නකො......
-හ්ම්..
හ්ම් නෙවේ අනේ මේ අහන්නකො...
-කියන්න ඉතින්...
මට අදාරේද ?...
-නෑ ...
නෑ... ඇත්තටමද...?
-ඔවු..
ඒ කිය්නනෙ මට ආදරේ නෑ...
-නෑ ආදරේ නෑ...
මම ඇත්තටමයි අහන්නෙ හොදේ ආයෙ අහන්නෙ නෑ..?
-මාත් ඇත්තටමයි කිය්නනෙ..
ඒ කිය්නනෙ ඇත්තටම නෑ...?
-දැන් අන්තිමට පස්සෙත් ඇහුව නේද ? අවුරුදු ගානක් එකම කියල මට එපා වෙලා අනේ.. කොච්චර කිවුවත් එකයි.. මම ආදරේ නැත්තං මෙච්චර කල් ඔයා එක්ක ඉඳිද... ආදරෙ ්නැතිනම් ඔයාව බලන්නමෙහමෙ එයි.. ඔයත් එක්ක ඇවිදියිද...
ඒ කිය්නනෙ ඔයා මට ආදරෙයි...!
(කෙසේ හෝ මා ඇවිටිලි කරවාගෙන මා තරහ අවුසසාගෙන මාගෙන් ආදරේදැයි අසාගන්නා ඇය මොහොතක් නිහඩව වාහනයේ අප පසුකර යන ගොඩනැගිලි දෙස බලා සිටියි... ඈ නිතරම ආදරේ දැයි අසා සිටින්නේ ඇයි දැයි මා නොදන්නා නමුත් ඈ ඒ බව ඇසීමට බොහෝ ප්‍රිය කරන බව දනිමි- එහෙත් ඒ මා හට වදයක් බවත් ඈ හොදහැටි දන්නීය.. ඒහෙත් වරින් වර අසන්නීය.. මමද හිතේ තියෙන නපුරු කම හින්දාම ද මන්දා ඇය අසනා සෑම වාරයකම ඇයවත් කේන්ති අවුස්සමි )
ඒක නෙවේ මට අයියට බඩ්ඩක් කියන්න දෙයක් තියෙනව...
(නැවතත් ඇය සුපුරුදු ලෙස නිහඩ තාවය බිදින්නීය)
--කියන්න ..
එහෙම කියන්න බෑ..
--එහෙනම් නිකා ඉන්නව ඉතින් මට මොකෝ..
එහෙම බෑ.. මට මොනව හරි දෙනවනම් කියන්නම්..
--ඒ ඇයි.. මට කිය්නන බැරි දේවල් මට බලෙන් අහන්න ඔන් නෑ පගාවල් දීල...
අනේ එහෙම බෑ.. මට ඒක කියන්නම ඕන...
--එහෙනම් ඉතින් කියනවකො ඇඹරෙන්නෙ...
මම අයියට ආදරෙයි ගොඩාක් ගොඩක් ගොඩාක්....
-හා...
ඇ... හා විතරද.. ඇයි මට ආදරේ නැද්ද..
--ඇයි මම ඉස්සෙල්ල කිවුවෙ..
ඉස්සෙල්ලනෙ ඒ දැනුත් කියන්න ඉතින්..
--මොන වදයක්ද මේ...
අපෝ හරි හරි ඔන නෑ අපිටත් බලෙන් අහගන්න ඔන් නෑ හරිද ...ආදරේ.. ආදරේ නෙවේ නපුරු කම නම් තියෙනව ඇග පුරාම... ආදරෙ කවි ලිවුවට මොකෝ...හුහ්.. ආ...
මේ මම අහන්න හිටියෙ.. හරි ජොලි ඇති නේද මෙයාට කවි වලට කෙල්ලො කොමෙන්ට් කරනකොට..
--මට..? ජොලි,? නෑනෙ.. කවදාකවත් දැනිල නෑ....
අනේ මේ.... ස්වීට් අයියෙ.. කූල් අයියෙ.. කුරුළු අයියෙ නියමායි.. කිය කිය කෙල්ලො දානකොට මෙයත් ඉතින් හෙන උඩ යනව ඇති... අහුවෙන්නෙපා හොදේ...
--අනේ මේ විකාර කියවන්නෙ නැතිව ඉන්නවද.....?
ආ... එතකොට මං විකාරයක් ...! ඒ කෙල්ලො හොදයි.... හුහ්.. ඕන එකක් කරගන්නවකො.. කෙල්ලො වට කරන් ඊට පස්සෙ නම කැත කරගන්නවකො.. මට කිය්නනෙ පා.. !
--අපො ්නෑ පිස්සුද ඔයාට කියන්නෙ නෑකෝමත්..
මේ එන්නෙපා හරදි බෙල්ල මිරිකනව මම..ගගගර්ර්ර්...
--දැන් එපා මම මේ කාර් එක අයින් කරල නවත්තන්නම් එතකොට මිරිකන්න ඕන තැනක්...
චිප් කුරුල්ල..... අයිය දන්නෙ නෑ මේ නංගිගෙ හැටි පරිස්සමෙන් හොදේ...
--දැන් ඉතින් මගේන් අහගන්න තමයි හදන්නෙ ඈ... නවත්තවද නැද්ද !!
( නැවත ඈ මුනිවත රකින්නීය... එවර මුහුණ බෙරි කරගෙනය.. කිසිදු හිනාවක් නැත... ආහ් නැත නැත.. ඇය මට නොපෙනෙන්නට එහා පැත්ට හැරී සිනා වෙනු පෙනේ.. මා කොතරම් තේරුම් බේරුම් කලත් ඇයි කිසිදා තේරුම් නොගන්නා එකම කරුණ නම් එයයි.. මම කිසිත් නොකියමි ඈ සැනසීමෙන් පලක් නැත.. ගැහැණුන්ගේ සැටිය.. හෙට සිට මා කවි නැවත්තුවහොත් ඈ මාගේ වෙනත් වරදක් සොයා ගනු ඇත... එය වරදක්මත් විය යුතු නැත... )
මේ ඒක නෙවේ අයියෙ... මට ඔයාගෙන් දෙයක් තියෙනව අහන්න - අහන්නද ???
@$$$%^&*()%$$@$^*&^%$@!ර්!@@$$%.........
--කුරුළු--
Friday, April 12, 2013
ඉර ත් හැරුණ දා
---ඉර ත් හැරුණ දා --
මා බොහෝ වේලාවක් ඇගේ හිස මත නිකට තබා ගෙන ඇයට මාගේ පපුව තුලට ගුලවී හඬන්නට ඉඩ හළෙමි..!
ඒ දුක තුනී කරන ආස්වාදය කඳුලම පමණක් බව මා ද හඳුනන නිසාවෙනි..
ඇගේ ඉකි බිඳුම මන්දගාමීවෙත්ම මා සුරතින් ඇගේ නිකට අල්වා මුහුණ ඔසවා
බැලීමී....
වසර ගණනක ප්‍රේමයේ අවසාන මොහොතක ගෙවන අප දෙදෙනගේ
ඒ ප්‍රේමයේ නටබුන් ඇගේ මුහුණ මත මනාව කැටයම්ව පත්තියම්ව වී තිබිණි...
ඇ එක්වරම මා, නිහඩ දෑස් දෙස බලා සිට...
------ඔයාටනම් ගාණක් වත් නෑ නේද අයියා ---- ? ඇසීය...
ලෝකයම තම දෙපාමුල කඩා වැටුණත් සමහර වෙලාවට පිරිමියාට හඬන්නට පවා අයිතියක් නැති වෙලා යනව..මේ ඒවන් අවස්ථාවක් දැයි මට හැගුණි..
මෙතෙක් වේලා මගේ ඇස් දාර දිගේ සෙල්ලම් කල වතුර බිඳුවක් ඇගේ ඉස සිප ගති...
වෙන කවරදාකවත් නොමැති තරම් වූ සෙනෙහසකින් මා නැවතත් ඇයව තුරුළු කර ගතිමි...
..
..
..
..
කොතරම් වේලා සිටියා දැයි සිහියක් නැත...
..
..
..
රතු පාටින් ගනි ගත් හිරු මුහුද ගිලගෙන අවසන් වී තිබිණි.. මින් පසු උදාවනුයේ රැයයි.. දිවා කල අපට හිමි වුණත් .. රුය අපිට අප අයිති නැත..
ඒ අප සම්මතයේ සිට ප්‍රේම කල නිසාබව දනිමි...
----- නංගි දැන් යමු-----!!
ඇය නින්දේන් මෙන් තිගැස්සි මා දෙස බැලුවාය...
-- අයිය ආයෙ කවදාකවත් මාව හම්බෙන්න එන්නෙ නැත්ද ?---
ඇයට දීමට මට වචන ගැලපී පවා කල නොහැක්කකි....
--- හ්ම් මට තේරුණා අයිය... කමක් නෑ.. අපිට දවසක් එයි කියල එයත් හිතනව නේද ආයෙ ඉස්සර වාගේ එකට ඉන්න ලැබෙන ?...
මම නිහඩව බලා සිටිමි ..
ගාලු මුවදොර හිඳ ඈතින් බලන්නෙකුට පුංචි කෙල්ලක් බංකුවක තබා ඇති ගල් පිළිමයක් එක්ව තනිව කතා කරනු සේ පෙනෙන්නට ඇත.....
-- නංගි !! ( අවසානයේදී හඩ අවදි කලෙමි... )
අර පායන හද පේනවද... ?
--ඔවු. !
මිනිස්සු කියනව ඒ හදත් ආදරේ වගේලු... දවසින් දවස වෙනස් වෙනවලු.. ඒකෙ උපරිමයට ආවම දිලිසෙන් පටන් ගන්නවලු රවුමට.. ඉට පස්සෙ ලෝෙ කිසි කෙනෙක්ට නොපෙන්නන අඩු වෙලාම යනවලු...ඒ කට ගතවෙන කාලය තීරණය කරන්නෙ ඒ හඳ කියන ආදරේ ඇති කරන දෙන්නලු...
( පුංචි ළදැරියක් සේ අබොඳ හසේ මන්දාරමේන් පේන සඳ දෙස බලා සිටි ඇය නැවත මා දිහා බැලුවාය)
-- හ්ම් ඒක ඇත්ත්ක් නේද අයියෙ... ඒ වුනාට හද බැහැල ගියාට ආයෙ එනවනෙ අපිත් අපේ ආදරේ ගැන එහෙම හිතමු....
---- හ්ම්... නංගි අපි යමු නේද දැන් රෑ වෙලා...
( සුපුරුදු පරිදි මම පළමුවෙන් නැගී සිටියමෙි)
-- මගේ නංගි ම එකක් කියන්නද... ( ඇගේ වමත මගේ දකුණින් ගන්නා ගමන් පැවසූවෙමි)
ඇ ඇවිදින ගමන් මට ළං වූවාය...
හඳ ආදරේ නම් !... හඳ කවදාක වත් වෙනස් වෙන්නෙ නෑ නංගි .. ඒක් ඒ මිනිස්සුන්ට පෙන් විදිහ විතරයි වෙනස් වෙන්නෙ එක එක කාලෙට එක එක විදිහට.. හැබැයි හඳ හැමදාම එක වගේ..සම්පූර්ණයි.. ඒක වෙනස් වෙන්නෙ නෑ ඒ මිනිස්සු මැරිල නැති වෙලා ගියත්.....
-හ්ම් ඒකත් ඇත්ත නේද අයියා !!!
------------කුරුළු----
----සඳ කිඳුරට පෙර---
----සඳ කිඳුරට පෙර---
මා බොහෝවිට නිහඩව ජීවත් වන්නෙක්මි..
මහ හඬ නගා සිනාසේනනේද , මහ හඩින් හඩන්නේද නැත...
කිසිවක් කෙරෙහි වැඩි ඇල්මක් හෝ ද්වේෂයක් නූපදී..
දිනපතා පැය කිහිපයක් භාවනායෝගීද වෙමි..
එහෙත් මට ගැටලුවක් ඇත...
කිසිවකට ඇලුම් නොකරන මා නුඹට මෙතරම් ඇලුම් කිරීමය!
නුඹ හා එක්ව හුන් ඒ සොදුරු අතීතය මතක් කර මහ හඩින් සිනාසෙමි..
තවත් විටෙක ..
අතරමගදී අතහැරුණු නුඹ ගැන මතක අවදි කර බිළින්දෙකු මේන හඬන්නෙමි..
බොහෝ විට ඒ පිළිබඳ බිඳිනු සිතින් පසුවෙමි....
මා මුලදී සිතා සිටියේ මා සෝවාන ට ළඟ බවය..
එහෙත් ලෝකකෝත්තර සැප මා හට ඉතා දර බව දැන් දැන් දැනේ..
ලෞකික වූ නුඹගේ චිත්තයට මා බෝ සෙයින් ඇලුම් කරමි...
යසෝධරා.. මට සමාවන්න...
මා එකල සිදුහත් නොවෙමි.....
දැන් නුඹ ඇතැර මට යා නොහැක... ඒ මාගේ අදිටන අඩුවීම වත් වෙන යම් හේතු නිසාවත් නිසා නොව..
මා නුඹට ඇලී ඇති නිසාය...
එකල බුදුවරුන් ,
නොඇලෙන්න, අල්වා නොගන්න යැයි දේෂනා කොට ඇතත් ස්ත්‍රිය යනු ලෞකික සැප කෙරේ අප ඇද බැද තබා ගන්නා පූංඡයක් බවත් දේශනා ඇති බව උගන ඇත....
නමුත් මා කෙරේ උකටලී නොවන්න....
මේ මහත් ලෝවාසී වැස්සන්ට සසරින් එතෙර කර වීම සදහා සත්‍ය සොයා යෑමට කාලය නොවේ යැයි මට සිතේ....
මෙරමා ක්ෂාන්තිය උදෙසාම කැපවෙමියි සිතමි...
සමාවුව මැනව.... පියජුන්ටද දන්වන්න.....
ඒ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම ලබන්නාවූ මතු භවයකදීම වේවා....
-- මම ! නුඹට එතරම් ප්‍රේම කරමි..-
ඒ භවයේදීත් මා සහායිකාව වී මා අසලම ඉපැදේවා...
---කුරුළු---
Thursday, April 11, 2013
---පෙර වදනක් නැති අපි පෙම් පුරාවතකට -මට කුමටද තව පසු වදනක් ! නුඹගෙන් !! --
---පෙර වදනක් නැති අපි පෙම් පුරාවතකට -මට
කුමටද තව පසු වදනක් ! නුඹගෙන් !! --
දැන් දැන් ඇයගෙන් ලැබෙන කෙටි පණිවිඩ බෝ
සෙයින් දිගු වේ..
ඒ හැම එකකම වාගේ ලියා ඇත්තෙ අප තුල වූ
අපට අහිමි වූ ආදරය ම දැයි මට වෙලාවකට
සිතේ.. එය අපි අහිමි කර ගත්තාද නොඑසේනම් අපට අහිමි කලාද යන්න මාද ! ඇයද ! තවම
නොදන්නා කරුණකි..
අප දැන හැදින මිතුරු වීමට , ආදරය කිරීමට පෙර මම මෙලෙස මාගල් මේන් දිගු -
කෙටි පණිවිඩ යැවූ හැටි හොදහැටි මතකය... ඒ ඇගේ ආදරය දිනා ගැනීමටය...
එය සාර්ථක විය..
එහෙත් දැන් !!!!
දැන් දැන් ඇය විසින් සිදු කරන්නේද එයම
බව ! හිතට තේරුම් කර දීමට පවා මම අපොහොසත් වීමි.. එසේ නොමැතිනම් එතරම් මා ඇය
වෙනුවෙන් කුරිරු වී හිඳිමි...
මා මින් පෙරත් දවසක නුඹටකීවා මතකඇති..
දෙදෙනෙක් එකට හිද බංකුවකින් නැගිට
දෙපසට යන්න යන්න දෙදෙනා පියවරෙන් පියවර ඈත් වන වා මිසක් ලංවීමක් නැත...
දැන් අප අපව නොපෙනෙන තරම් දුර ගොස්
ඇතිතැයි විටෙක මට හැගේ... තවම අප අතර ඇත්තේ මේ කෙටි පණිවුඩ පමණි.. එද නැවැත්වීම
සඳහා මාගේ සිම් පත අලුත් කර ගැනීමට සිතමි...
මින් පෙර මටත් වඩා මා පෙම් කල නුඹට මා
මෙතරම් වෙනස් කම් කරන්නේ කෙසේදැයි ? මට
වත් පිළිතුරු නැත...
බාගදා මාගේ කවි කම ඊට පිලිතරු සපයනු
ඇත... කොහෝ හො ඉද මා දෙස බලා ඉන්නා බව මම දනිමි... ඒ බලාපොරෝත්තුව ඇතිව මමද
ජීවිතයට මුහුණ දෙමි...
අපට අපි හිටි නැතත්.. ඒ අහිමි වීම තුලම
හිමි වීම ඇතැයි දැන් දැන් සිතේ...එබැවින් අප වෙන් කළ සියල්ලන්ටම තුති...
--කුරුළු--
Subscribe to:
Posts (Atom)